නවතම පුවත්

 2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඊයේ (05) සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

2019 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා ද, ඒ සේවා කාර්යය සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැර හෝ ණය ලබාගැනීමට බලය දීම සඳහා ද, ඒ මුදල් වර්ෂය තුළ ආණ්ඩුවේ ඇතැම් කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන සැපයීම සඳහා ද, එම කටයුතු වෙනුවෙන් ඒ මුදල් වර්ෂය තුළ වියදම් සඳහා අවශ්‍ය වන මුදල් ඒකාබද්ධ අරමුදලින් හෝ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සුදුස්සක් කළ හැකි වෙනත් යම් අරමුදලකින් හෝ මුදල්වලින් හෝ අත්තිකාරම් වශයෙන් ගෙවීමට ඉඩ සැලසීම සඳහා ද, ඒකාබද්ධ අරමුදලට ඒ මුදල් ආපසු ගෙවීමට විධිවිධාන සැලසීම සහ ඉහත කී කරුණු හා සම්බන්ධ හෝ එයට ආනුෂංගික කරුණු සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහා ද වූ පනත් කෙටුම්පතකි.

 

 71 වන ජාතික දින සැමරුම වෙනුවෙන් බ්‍රිතාන්‍ය දෙවැනි එළිසබෙත් මහ රැජිණ ඇතුළු ලොව රාජ්‍ය නායකයන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය සුබපැතුම් පිළිගන්වා ඇත.

බ්‍රීතාන්‍ය දෙවැනි එළිසබෙත් මහ රැජිණ ජනාධිපතිතුමා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් 71 වන ජාතික දිනය සමරන සියලු ශ්‍රී ලාංකිකයන්ට වාසනාව, සතුට සහ සෞභාග්‍ය ප්‍රාර්ථනා කර තිබේ.
එමෙන් ම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු ශ්‍රී ලාංකික ජනතාවට සුබපැතුම් පළ කිරීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව ද මහ රැජිණ සිය බලවත් සතුට පළ කරයි.
රුසියානු ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් මහතා ද 71 වන ජාතික දින සැමරුම වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කර තිබේ.
රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා අන්‍යෝන්‍ය ගෞරවය සහ හෘදයාංගම මිත්‍රශීලීබව ඉදිරියටත් නොසැලී පවතින බව සඳහන් කරන වැලැඩ්මිර් පුටින් මහතා ජනතා අභිලාෂයන් මල් පල ගැන්වීම වෙනුවෙන් දෙරට අතර ගොඩනගාගෙන තිබෙන ද්විපාර්ශ්වික සහයෝගීතාවය ඉදිරියේ දී තවදුරටත් වර්ධනය වන බවට ද විශ්වාසය පළ කර ඇත.
මේ අතර ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා ද ජනාධිපතිතුමා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කර තිබේ.
71 වන ජාතික දිනය සමරන සියලු සහෝදර ශ්‍රී ලාංකික ජනතාවට සුබපැතුම් පළ කරන ඉන්දීය ජනාධිපතිවරයා සිය ආදරණීය රටවැසියන්ගේ යහපත වෙනුවෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගෙන යන ජනතාවාදී වැඩපිළිවෙළට ද සුබපැතුම් එක් කර ඇත.
අසල්වාසී සහෝදර රාජ්‍යයන් ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින්නේ ඓතිහාසික නොබිඳෙන සබඳතාවයකි. සමීප සහෝදර රාජ්‍යයන් ලෙස දෙරට අතර පවතින සබඳතා ඉදිරියේ දී අන්‍යෝන්‍ය වශයෙන් වඩා ප්‍රතිඵලදායක ලෙස ශක්තිමත්ව වර්ධනය වනු ඇති බව ද ඉන්දීය ජනාධිපති රාම් නාද් කෝව්න් මහතා සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 2019 වර්ෂය සදහා ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් හදුන්වාදීමේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 02 වැනිදා කොළඹ, අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අභ්‍යන්තර, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, නගර සැලසුම් ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම් යන මහත්වරුන් ප්‍රමුඛ මැති ඇමැතිවරුන්, පළාත් සභා නගර සභා හා ප්‍රාදේශීය සභාවල මහජන නියෝජිතයින් සහ දේශපාලනඥයන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වී සිටියහ.
ගම්පෙරළිය හා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් වර්තමාන ජයග්‍රහණයේ ප්‍රතිඵලයක් බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එය අනාගත ජයග්‍රහණයේද පෙරනිමිත්තක් බව අරලියගහ මන්දිරයේදී පැවැති උත්සවයේදී පැවසීය.
ජනතාවට ප්‍රතිලාභ ලබාදීම සඳහා යළි ආරම්භ කළ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට තම අමාත්‍යංශයත්, මුදල්, ස්වදේශ කටයුතු සහ පළාත් පාලන, මහා මාර්ග යන අමාත්‍යංශ යොදා ගන්නා බවත් ගම්පෙරළිය වැඩසටහනේ සම්බන්ධීකරණය සඳහා අලූතින් සමෘද්ධි ව්‍යාපාරයට බඳවා ගන්නා නිලධාරීන් 750 ක් යොදවන බවත් පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් 2019 වර්ෂය සඳහා හඳුන්වාදෙමින් අරලියගහ මන්දිරයේදී ඊයේ පැවැති උත්සවය අමතමිනි.
රජයේ මැති ඇමැතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින්, දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූ මෙම උත්සවය අමතමින්

 මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහීම් මොහොමඩ් සෝලි (HE. Ibrahim Mohamed Solih) මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් 04 අරලියගහ මන්දිරයේදී සිදු විය.


මෙම අවස්ථාවට මාලදිවයන් ජනාධිපති ආර්යා ෆස්නා අහමඩ් (Fazna Ahmed) මහත්මිය සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සහභාගි වූහ.

 

 ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ මෙහයවීමෙන් ක්‍රියාත්මක ''මතින් නිදහස් රටක්'' මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ මාතර දිස්ත්‍රික් සමුළුව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) මාතර සනත් ජයසූරිය ක්‍රිඩාංගණයේ දී පැවැත්විණි.

දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් කැපවූ රාජ්‍ය නිලධාරින් ඇගැයීම, පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ නියමුවන්ට නිල ලාංඡන පැළදවීම, ක්‍රියාකාරී ග්‍රාමීය මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු 04 ක් සදහා සහ ක්‍රියාකාරි පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු 03ක් සදහා ඇගැයිම් සහතික පත් ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

මීට අමතරව තාරුණ්‍ය මත්ද්‍රව්‍ය උවදුරෙන් නිදහස් කර ගැනීමට විශ්වවිද්‍යාලවල දායකත්වයෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිඛෙන අතර, ඒ යටතේ රුහුණු විශ්ව විද්‍යාලයේ මත්ද්‍රව්‍ය නිවාරණ පර්යේෂණ ඒකකයේ කටයුතු සදහා මූල්‍ය පරිත්‍යාගයක් පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය. මහාචාර්ය සමන් චන්දන එදිරිවීර මහතා ඊට අදාළ චෙක්පත ජනාධිපතිතුමා අතින් ලබා ගත්තේ ය.

දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක හා මාතර ඉසිපතනාරාමාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය තලහගම ඥානරතන ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකවරුන් ද, අමාත්‍ය මංගල සමරවීර, නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර, පළාත් අමාත්‍යවරුන් වන චන්දිමා රාසපුත්‍ර, මනෝජ් සිරිසේන යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් රැසක් ද, මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

d3

 

d5 

d4

 

d1

d2

drug

{jathumbnail off}

 මුදල් කොමිෂන් සභාවේ 2017 වර්ෂයට අදාළ වාර්තාව ඊයේ (29) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය.

එහි සභාපති යූ.එච්. පලිහක්කාර මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර ලේකම් ඒ.ටී.එම්.යූ.ඩී.බී. තෙන්නකෝන් මහතා ඇතුථ කොමිෂන් සභාවේ සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 ග්‍රාමීය මට්ටමින් සිටින පාරම්පරික කලාකරුවන්ගේ දැනුම සහ කුසලතාවයන් ඔවුන්ගේ ජීවන ගමන නිමා වීමත් සමග අවසන් වීමට ඉඩ නොතබා මතු පරපුර වෙත දායාද කිරීමේ වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපතිතුමා පවසයි.

ඒ පිළිබඳ අමාත්‍යාංශ මට්ටමින් අවධානය යොමුවීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ඊයේ (29) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ අමතමිනි.
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටු කළ කලා ශිල්පි ශිල්පිනියන් දෙසීය දෙනෙකු පමණ මෙහිදී ඇගැයීමට ලක් කෙරුණු අතර විශිෂ්ටතා සම්මාන පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සංවිධාන කරනු ලබන මෙම සම්මාන උලෙළ මෙවර සංවිධානය කරන ලද්දේ 34 වන වරටයි.
මානව දයාවෙන් පිරි සමාජයක් බිහිකිරීමට කලාකරුවා ඉටුකරන මෙහෙවර මෙහිදී ඇගැයිමට ලක් කළ ජනාධිපතිතුමා මෙවන් සම්මාන උලෙළවල් සංවිධානය කිරීම තුළින් අවදි වන්නේ කලාකරුවන් ජාතිය වෙනුවෙන් ඉටුකරන එම විශිෂ්ට මෙහෙවර බව ද ප්‍රකාශ කළේය.
දේශීය සිනමාව, වේදිකාව හා ටෙලිනාට්‍ය කලාව මෙන්ම ලේඛන කලාව රැක ගනිමින් ප්‍රබුද්ධ ජන මතයක් ගොඩනැගීම වෙනුවෙන් එදා මෙදා තුර යුග මෙහෙවරක් ඉටුකළ සියලු කලාකරුවන් වෙත මෙහිදී ජනාධිපතිතුමා සිය ප්‍රණාමය පුද කර සිටියේ ය.
හේමා ප්‍රේමදාස මැතිණිය ද, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මොහොමඩ්, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂා ගෝකුල, මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, සරත්චන්ද්‍ර එදිරිසිංහ යන මහත්වරුන් සහ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් ඇතුළු සම්භාවනීය ආරාධිතයෝ රැසක් මීට එක්ව සිටියහ.

03

04

05

09

{jathumbnail off}

 මඩ සෝදාගත් කළ ගොවියා රජකමටත් සුදුසු යැයි ප්‍රචලිතව තිබුණ ද ගොවියා රජ කරවීමේ සැබෑ වැඩපිළිවෙළ ආරම්භ කළේ වත්මන් රජය බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ගොවි ජනතාව පමණක් නොව ක්ෂේත්‍ර රැසක පිරිසක් වෙත ව්‍යවසායකත්වය කරා පිවිසීමේ අවස්ථාව උදාකර දී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ගොවි සහන ණය යෝජනා ක්‍රමය ආරම්භ කිරීමේ උත්සවයට එක් වෙමිනි. දඹුල්ල පිරිවෙන වැව භූමියේ දී මෙම උත්සවය ඊයේ (28) දා පැවැත්විණි.
අමාත්‍යවරයා එහි දී මෙසේ ද පැවැසීය.
ව්‍යවසායකත්ය යනු ශ්‍රී ලාංකිකයන්ට අලුතෙන් කියා දීමට අවශ්‍ය දෙයක් නොවේ. අතීතයේ සිටම ශ්‍රී ලාංකිකයෝ දක්ෂ ව්‍යවසායකයෝ ය. දිවයිනේ විවිධ ප්‍රදේශවල කර ඇති කැණීම්වලින් හමුව ඇති චීන, ඊජිප්තු, පර්සියන් කාසි වර්ග ඊට උදාහරණ දක්වයි. වත්මන් රජය එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කළේ ඒ අතීතය යළිත් ලක් දෙරණ මත යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණිනි. අද අප මේ අරම්භ කරන්නට වූ ගොවි සහන ණය යෝජනා ක්‍රම මගින් ලක්ෂ 7500 දක්වා විවිධ මට්ටමේ ණය ලබා දෙනු ලබයි. පොලිය සාමාන්‍ය පොලී අනුපාතයෙන් අඩකි. උපාධිධාරීන්ට ණය ලබා දෙනු ලබන්නේ පොලිය අය කිරීමකින් තොරව ය.
2019 වසර ආරම්භ වන්නේ පැවැති එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය තවත් පුළුල් කරමිනි. මීට පෙර ක්‍රියාත්මක වූ ණය යෝජනා ක්‍රමවලට අමතරව නව ණය වර්ග කිහිපයක් ම අලුතින් හඳුන්වා දී ඇත.
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේ ම නිවාසක් සාදා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 100ක උපරිම ණය මුදලක් ලබා දීම එක් නව ණය යෝජනා ක්‍රමයකි. පවතින් පොලී අනුපාතයෙන් 50%ක පොලී අනුපාතිකයක් යටතේ අදාළ ණය මුදල ලබා දෙනු ලබන්නේ ණය ගෙවීම සඳහා වසරක සහන කාලයක් ද සමගිනි.
මීට අමතරව පෞද්ගලික අංශයට සුඛෝපභෝගී බස් රථ ආනයනය සඳහා සේම ත්‍රීරෝද රථවලින් කුඩා මෝටර් රථවලට මාරුවන පිරිසකට සහන ලබා දීම සඳහා ද ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක ය.
අනපේක්ෂිත මොහොතක වූ දේශපාලන අර්බුදය හේතුවෙන් යම් පසුබෑමකට ලක් වුව ද එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යළි ආරම්භ කරමින් වඩාත් කාර්යයක්ෂමව ඉදිරියට රැගෙන යාම දැන් ආරම්භ වී ඇත. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සහ ගැටළු විසඳීම සඳහා ක්‍රියාත්මක කර තිබූ 1925 ගාස්තු රහිත ඍජු දුරකතන අංකය පෙබරවාරි මස 01 දා සිට නැවත ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.
මෙහි දී ගොවි ජනතාව වෙත සංඛේතවත්ව සහන ණය ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.
මෙම අවස්ථාවට පී. හැරිසන්, ඉරාන් වික්‍රමරත්න, වසන්ත අළුවිහාරේ, රෝහිණී කවිරත්න යන මැති ඇමැතිවරු පිරිසක් එක්ව සිටියහ. භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.ආර්.දේශප්‍රිය ඇතුළු මුදල් අමාත්‍යාංශ නියෝජිත පිරිසක් සහ ගොවි ජනතාව ගොවි ජනතාව විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක් වූහ.

 යෝජිත ව්‍යාපෘතියේ සංවර්ධන අරමුණ වන්නේ "රට තුළ තෝරාගත් ප්‍රාදේශයන්හි අධි අවදානම් සහිත ජනගහණ කාණ්ඩවල බෝ නොවන රෝග හඳුනාගෙන ඒවා පාලනය කිරීම සඳහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා භාවිතය හා ගුණාත්මකභාවය ඉහළ නැංවීම" ය.

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ප්‍රතිසංවිධානය හා ශක්තිමත් කිරීම සඳහා මෙම ව්‍යාපෘතින් අරමුණවේ. අරමුණ සපුරා ඇත. විශේෂයෙන්, මෙම ව්‍යාපෘතිය මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති හා ප්‍රමිතීන් සංවර්ධනය කිරීම සහ විවිධාකාර උපකාරක පද්ධතීන් ශක්තිමත් කිරීම සිදුවේ. මෙම ව්‍යාපෘතිය වඩාත් සංකීර්ණ, සම්බන්ධිකාරක හා මහජන කේන්ද්‍රගත සෞඛ්‍ය සේවා පද්ධතියක් සඳහා පදනම් වනු ඇත.
ව්‍යාපෘතියේ මූලික ප්‍රතිලාභීන් වනුයේ තෝරාගත් ප්‍රජාවන්හි පොදු ප්‍රාථමික සෞඛ්‍යය මධ්‍යස්ථාන භාවිතා කරන්නන් වන අතර, මෙම ජනතාව ජනගහනයේ අඩු ආදායම්ලාභී කොටස් වේ. ව්‍යාපෘතිය මගින් ආධාර සපයන ප්‍රජාවන් තුළ බරපතල හෝ විනාශකාරී නොවන බෝ නොවන රෝග ඇතිවීම හෝ වැඩි දියුණු වීමේ අවදානමක් ඇති අය මෙම ව්‍යාපෘතියේ මූලික ඉලක්කය වනු ඇත. ව්‍යාපෘතියේ යෙදවීම් මධ්‍යම හා පළාත් මට්ටමින් සෞඛ්‍ය අංශයේ සේවකයින්ට ද ප්‍රයෝජනවත් වනු ඇත. ඔවුන්ගේ හැකියාවන් ශක්තිමත් කිරීම හා සම්පත් දායකත්වය සැපයීම සඳහා උපාය මාර්ග සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා සම්පත් ලබා දීම මෙම ව්‍යාපෘතිය මගින් සිදුවේ.
මෙම ව්‍යාපෘතිය පහත සඳහන් සංරචක වලින් සමන්විත වේ:
• ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ප්‍රතිසංවිධානය හා ශක්තිමත් කිරීමේ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම
• ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ සහ නවෝත්පාදක ප්‍රදාන
• අනිවාර්ය හදිසි ප්‍රතිචාර සංඝටකය
මේ සඳහා ව්‍යාපෘති කළමනාකරණ කමිටුවක් පිහිටුවා ඇති අතර, සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සහ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ ලේකම්වරු එහි සම සභාපතිත්වයට පත් කෙරේ. අතිරේක සාමාජිකයින් ලෙස මුදල් කොමිෂන් සභාවේ ලේකම්, පළාත් ප්‍රධාන ලේකම්වරු 9 ක් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාශයේ සහ පළාත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නියෝජිතයින්ගෙන් පත්කරු ලබන ඇත.
ඉහත ව්‍යාපෘතියේ මුල්‍ය ගිවිසුම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග සහ ලෝක බැංකුව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින සඳහා වන ලෝක බැංකුවේ අධ්‍යක්ෂ Ms. Idah Pswarayi – Riddihough, යන මහත්ම මහත්මීන් විසින් 2019 ජනවාරි මස 23 වන දින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී අත්සන් කරන ලදී.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter