නවතම පුවත්

ශ්‍රී ලංකාව සමඟ ඉදිරියේදී  වැඩි සබඳතාවක් ඇති කරගැනීමට ප්‍රංශය උනන්දු වන බව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු මහතා ප්‍රකාශ කර තිබේ.
ඒ දෙරට අතර අධ්‍යාපන ශිෂ්‍යත්ව සහ හුවමාරු වැඩසටහන් වලිනි.
 
රාජ්‍ය අංශයේ සේවකයින් ගණනාවක් දැනටමත් ප්‍රංශ උසස් අධ්‍යාපන ආයතනවල උසස් අධ්‍යාපනය හදාරමින් සිටින බවත්, දෙරට අතර තවත් ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් සඳහා සහයෝගයෙන් කටයුතු කළ හැකි බවත් තානාපතිවරයා පෙන්වා දෙයි.
 
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ තානාපති එරික් ලැවර්ටු මහතා සමග අරලියගහ මන්දිරයේදී ඊයේ (04) සාකච්ඡාවක් පැවැත්වුණි. එහිදී මෙම අදහස් පළවී තිබුණි.

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවත් තාවකාලිකව වසා දැමුණු බව තැපැල්පතිවරයා පවසයි.

ඒ සිදු කළPCR පරීක්‍ෂණ වලදී එහි දීවකයින් දෙදෙනෙකු කොවිඩ් වෛරස් ආසාදිතන් බව හඳුනා ගැනීමෙන් පසුවය.

අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ මාලදිවයින, නේපාලය සහ ශ්රී ලංකාවේ ලෝක බැංකු අධ්යක්ෂ ෆාරිස් හදද්-සර්වෝස් මහතා අතර හමුවක් අද 2020.11.03 දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
 
මෙහිදී කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ශ්රී ලංකාව කටයුතු කරන ආකාරය පිළිබඳව ශ්රී ලංකා රජයට ෆාරිස් හදද්-සර්වෝස් මහතා ප්රශංසා කළේය.
 
ශ්රී ලංකාව සහ ලෝක බැංකුව අතර ඇති “සම්බන්ධතාවයට කෘතඥතාව” පළ කරමින් හදද්-සර්වෝස් මහතා අග්රමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට පසුගිය මැතිවරණය ජයග්රහණයට පමණක් නොව, ශ්රී ලංකාව කොවිඩ්-19 වසංගතය පාලනය කරන ආකාරය ගැන ද සුබ පැතුම් එක් කළේය.
කොවිඩ්-19 වසංගත තත්වයෙන් ඉක්මණින් ශ්රී ලංකාවෙන් පහව යාමට ප්රාර්ථනා කරන බව ෆාරිස් හදද්-සර්වෝස් මහතා එහිදී පැවසීය.
හදද්-සර්වෝස් මහතා සමඟ මාලදිවයිනේ සහ ශ්රී ලංකාවේ ලෝක බැංකු කළමණාකරු චියෝ-කන්ඩා මහත්මිය ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියේය.
 
වසර ගණනාවක් පුරා ලෝක බැංකුව ශ්රී ලංකාව සමඟ පවත්නා සමීප සහයෝගීතාවයට ස්තූතිය පුද කළ ශ්රී ලංකා නියෝජිතයෝ නව රජය එම සම්බන්ධතාවය අඛණ්ඩව පවත්වාගෙන යන බවට ද සහතික වූහ.
කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ ලෝක බැංකුව ශ්රී ලංකාවට විවිධ ආධාර වැඩසටහන් ඔස්සේ ලබාදුන් දායකත්වය අගය කිරීම ද එහිදී සිදු විය. මෙම වසර මුලදී වසංගතය ප්රථම වරට ව්යාප්ත වී ගිය අවස්ථාවේ ආධාර ලබා දීමට ඉදිරිපත් වූ පළමු ආධාර දෙන ආයතනය ලෝක බැංකුවයි.
 
ශ්රී ලංකාවට සහයෝගය දැක්විය හැකි හොඳම ආකාරයට සහය පළ කරමින් “මෙම අර්බුදය යහපත වෙනුවෙන් පරිවර්තනය කරගන්නේ කෙසේදැයි අපි බලමු” යැයි මාලදිවයින, නේපාලය සහ ශ්රී ලංකාවේ ලෝක බැංකු අධ්යක්ෂ ෆාරිස් හදද්-සර්වෝස් මහතා පැවසීය.
ශ්රී ලංකාවේ ප්රමුඛතා පිළිබඳව මාලදිවයින, නේපාලය සහ ශ්රී ලංකාවේ ලෝක බැංකු අධ්යක්ෂ ෆාරිස් හදද්-සර්වෝස් මහතා විමසා සිටි අතර එහිදී අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්රකාශ කර සිටියේ කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කර ගැනීම සහ ඉන් පසුව ආර්ථික සංවර්ධනය, මං මාවත්, පානීය ජලය, සනීපාරක්ෂාව සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්රයට රජය ප්රමුඛතා ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි.
කෘෂිකාර්මික ක්ෂේත්රය පිළිබඳව ද අග්රාමාත්යතුමා හා ලෝක බැංකු අධ්යක්ෂතුමා සාකච්ඡා කළ අතර, කෘෂිකර්මාන්තයේ නියැලෙන ගෝවීන් සඳහා අගය එකතු කළ, ශ්රී ලාංකේය සන්නාමය සහිත නිෂ්පාදන ජාත්යන්තර වෙළදපොළට හඳුන්වාදීමේ හැකියාව සහ ඊට සහය පළ කිරීම ගැනද මෙහිදී නියෝජිත පිරිස සාකච්ඡා කළහ.
 
ශ්රි ලංකාවේ ආයුර්වේද නිෂ්පාදන සඳහා ජාත්යන්තර වශයෙන් විශාල ඉල්ලුමක් පවතින බව ලෝක බැංකු අධ්යක්ෂ ෆාරිස් හදද්-සර්වෝස් මහතා හෙළි කළේය.
 
සාකච්ඡාවට භාජනය වූ තවත් අංශයක් වූයේ චිත්රපට සංචාරක ව්යාපාරයයි. ඉතා දියුණු සංචාරක කර්මාන්තයක් පවතින ශ්රී ලංකාවට සංචාරක කර්මාන්තයේ මීළග පියවර ජයගැනීමට ලොව පුරා විනෝදාස්වාද කර්මාන්තය සහ ඒ ආශ්රිත නිෂ්පාදන ආකර්ශනය කර ගැනීමට හැකියාව ඇති බව ලෝක බැංකු අධ්යක්ෂ ෆාරිස් හදද්-සර්වෝස් මහතා කියා සිටියේය.
 
චිත්රපටයක හෝ රූපවාහිනී වැඩසටහනක රූගත ස්ථානයක් දැකීමට සැලැස්වීමෙන් එම ස්ථානයට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්යාවට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බව අධ්යයනවලින් හෙළි වී තිබේ. නවසීලන්තයේ පිහිටි ලෝඩ් ඔෆ් ද රින්ග්ස් සිනමා පටයේ රූගත ස්ථානය ඊට ප්රධානතම උදාහරණය බව මෙහිදී සාකච්ඡා විය.
 
රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය තමන් ජනාධිපතිධූරය දැරූ කාලයේදී සිනමා සංචාරක ව්යාපාරය මනසේ තබා ගනිමින් ආරම්භ කළ බව පැවැසූ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගිය වසර කිහිපය තුළ එය නිසි ලෙස භාවිතයට නොගත් බව කියා සිටියේය.
 
ශ්රී ලංකාවේ රූගත කරන ලද ජනප්රිය චිත්රපට උදාහරණය වන - ද බ්රිජ් ඔන් ද රිවර් ක්වායි, ඉන්දියානා ජෝන්ස්, ද ටෙම්පල් ඔෆ් ඩූම් සහ වෝටර් (The Bridge on the River Kwai, Indiana Jones and the Temple of Doom and Water) වැනි චිත්රපට දර්ශන තල සඳහා විශාල ඉල්ලුමක් ඇති බව මෙහිදී දෙපිරිසේ නියෝජිතයෝ කියා සිටියේය. චිත්රපට සංචාරක ව්යාපාරය වැඩි දියුණු කිරීමට ලෝක බැංකුව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට උනන්දුවක් දක්වන බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙහිදී අවධාරණය කළේය.
 
මෙම අවස්ථාව සඳහා මුදල් රාජ්ය අමාත්ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා හා අග්රාමාත්ය කාර්යය මණ්ඩල ප්රධානී යෝෂිත රාජපක්ෂ මහතා ද එක්ව සිටියහ.

රුපියල් මිලියන 4000 ක වියදමින් ඉදිවන මාලිගාවත්ත, ඇපල්වත්ත නිවාස සංකීර්ණයේ 2 වැනි අදියර ජනපතිගේ හා අගමැතිගේ උපදෙස් පරිදි ඊයේ (03) ආරම්භ කෙරිණි..

අඩු පහසුකම් ජනාවාසවල ජීවත්වන අසරණ පවුල් වෙනුවෙන් සෞභාග්‍යයේ ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව මෙම නිවාස ලබා දීමට නියමිත අතර ඉදිකෙරෙන නව නිවාස ගණන 700 කි.

නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අැමැති ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් නිවාස ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණි.

එක් නිවෙසක් වර්ග අඩි 550 ක් වන සේ නිවාස ඒකක 700 ක් මෙම මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීමට නියමිතයි.

වසර 2 1/2 ක් ඇතුළත මෙම නිවාස ඉදිකර ජනතා අයිතියට පත් කිරීමට නියමිතව ඇත.

අක්කර 12 ක භූමි භාගයක මෙම මහල් නිවාස ඉදිකෙරෙන අතර එහි පළවෙනි අදියර “මෙත්සඳ සෙවන නිවාස ව්‍යාපෘතිය” ඉදිකර ජනතාව අතට පත්කර ඇත. එය නිවාස ඒකක 472 කින් සමන්විත වේ.

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ණය ආධාර මත මෙරට නිවාස 5,500 ක් සෑදීමේ ව්‍යාපෘතිය යටතේ මෙම ඇපල්වත්ත මහල් නිවාස සංකීර්ණයේ 02 වන අදියරෙහි ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ.

මෙම අවස්ථාවට එක්වූ නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අැමැති ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කළේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කරන අවස්ථාවේදී කොළඹ අසරණ පැල්පත්වාසී ජනතාව වෙනුවෙන් මෙම නිවාස සංකල්පය ආරම්භ කළ බවයි.

“ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙම නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ධූරය දරපු අවස්ථාවේදී එතුමා ආරම්භ කරපු ව්‍යාපෘතියක් තමයි මේ කොළඹ නගරයේ තියෙන දුගී දුප්පත් පැල්පත්වාසීන්ට නිවාස සාදා දෙන ව්‍යාපෘතිය. ඒ වේලාවේ එතුමා සංගනනයක් කරලා හොයාගත්තා නිවාස 60,000 ක් පමණ ගොඩෙනැඟීමේ අවශ්‍යතාව තියෙනවා කියලා. ඉතින් ඒ අනුව එතුමා ව්‍යාපෘති 20 ක් යටතේ මේ නිවාස ගොඩනැඟීම ආරම්භ කළා. 2014 අවසන් වන විට ඉන් සෑහෙන ප්‍රමාණයක වැඩ ආරම්භ වෙලා තිබුණා. එතුමා පටන් ගත්ත ව්‍යාපෘතිවල ප්‍රතිඵලයක් වශයෙන් මේ වනවිට නිවාස 18,000 ක් පමණ හදලා තියෙනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් පසුගිය අවුරුදු 5 ක කාලය පුරා ආරම්භ වෙලා අවසන් කළේ නිවාස 450 ක් වගේ සුළු ප්‍රමාණයක් පමණයි. දැනට ඉදිවන නිවාස සියල්ලම වගේ එතුමාගේ කාලේ ආරම්භ වෙච්ච දේවල් නමුත් මේ පහුගිය අවුරුදු 5 ක කාලය තිස්සේ මන්දගාමී වෙච්ච මේ ව්‍යාපෘති දැන් වර්තමාන නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ වේගවත් කරන්න අපි තීරණය කරලා තියෙනවා. ඉන් එක ව්‍යාපෘතියක් තමයි අද මේ ඇපල්වත්ත ව්‍යාපෘතිය පටන් ගන්න නිවාස 700 ගොඩනැංවීමේ වැඩසටහනග මේක චීන රජයෙන් ලැබෙන ආධාරයක් මත නිවාස 5500 ක් හදන්න බලාපොරොත්තු වෙනවා. ඉන් එක කොටසක් වශයෙන් මෙය ක්‍රියාත්මක වෙනවා. තව ව්‍යාපෘති රාශියක් මේ සමඟම සමාන්තරවම අපි පටන් ගන්නවා. සියල්ලම කඩිනමින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ඉලක්කය වෙලා තියෙන්නේ කොළඹ නගරයේ පුරාම පැතිරිලා තියෙන සියලුම පැල්පත්වාසීන්ට මේ ආණ්ඩුව යටතේ නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නයි. අපේ බලාපොරොත්තුව තියෙන්නේ මේ කොළඹ නගරය එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලයේ වගේ ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වෙන නගරය වශයෙන් පවත්වාගෙන යන්න. අපි එහිදි සම්මානයකට පවා පාත්‍ර වුණා” යනුවෙන් ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

දහම් පාසල් ගුරුවරියන්ගේ නිල ඇඳුම් ලෙස දේශීය නිෂ්පාදිත සාරි බෙදාදීමට අග්‍රාමාත්‍ය හා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

2020 වර්ෂය සඳහා බෞද්ධ දහම් පාසල් ගුරුවරියන් හට නිල ඇඳුම් ලෙස, දේශීය නිෂ්පාදකයන් විසින් නිෂ්පාදනය කරනු ලබන සාරි 76000ක ප්‍රමාණයක් බෙදා දීමට විෂය භාර අමාත්‍යරයා ලෙස අග්‍රාමාත්‍යවයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට පෙරේදා (02) දින රැස්වූ කැබිනට් මණ්ඩලය මෙලෙස අනුමැතිය ලබා දී තිබේ. මේ සඳහා වැය වන මුදල රුපියල් මිලියන 182.4 කි.

මේ වන විට ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක බෞද්ධ දහම් පාසල් 11000කට අධික සංඛාවක ගුරුවරියන් 76000ක් පමණ සේවය කරනු ලබන අතර දිවයින පුරා ක්‍රියාත්මක බෞද්ධ දහම් පාසල්වල සේවයේ නියුතු ගුරුවරියන්ට නිල ඇඳුම් ප්‍රදානය කිරීම 2004 වර්ෂයේ සිට මේ දක්වා ක්‍රියාත්මක කෙරේ.

 
 

එම වැඩපිළිවෙළ තවත් පුළුල් කරමින් දේශීය ආර්ථිකය නගා සිටුවීමේ නව රජයේ දැක්ම යටතේ මෙසේ දේශීය නිෂ්පාදිත සාරි දහම් පාසල් ගුරුවරියන්ට ලබාදීමට මේ අනුව යෝජනා වී තිබේ.

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1693 ඉක්මවා තිබේ.

Seylan Bank PLC රුපියල් 5,000,000ක් සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය රුපියල් 15,136,647.99ක් අරමුදලට පරිත්‍යාග කර තිබේ. අදාළ චෙක්පත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්විණ.

Finlays Colombo Limited රුපියල් 10,000,000ක් අරමුදලට පරිත්‍යාග කළ අතර අදාළ චෙක්පත ගිහාන් එස්. ජයසිංහ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙනු ලැබීය.

ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ අගය දැන් රුපියල් 1,693,475,780.01 කි.

දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති. චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# අමතා අරමුදලට දායකවිය හැකිය. දුරකථන අංක 076 – 0700700 / 011 – 2320880 / 011 – 2354340 / 011 – 2424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන.

කොවිඩ් මර්දනයට සහායවීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ මගපෙන්වීමෙන් සැකසුණු “සුවෙන් සිටිමු” (Stay Safe)  ඩිජිටල් ව්‍යාපෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හඳුන්වා දෙයි.

කොවිඩ් ආසාදිතයන්ගේ සබඳතා සොයා ගැනීම හා වාහකයන්ගේ සංචරණය කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ප්‍රධාන අභියෝග වේ. “සුවෙන් සිටිමු” (Stay Safe)  ඩිජිටල් ව්‍යාපෘතිය මේ ගැටළු දෙකටම එකවර විසඳුම් දෙයි.

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය අද (04) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ දී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ සභාපති ජයන්ත ද සිල්වා මහතා විසින් නව ව්‍යාපෘතිය හඳුන්වාදෙනු ලැබීය.

“සුවෙන් සිටිමු” (Stay Safe)  QR කේතයක් මත පදනම් වේ. කොවිඩ් 19 වැළැක්වීමේ නිරත සියලු පාර්ශ්වයන්ට, වාණිජ හා රාජ්‍ය අංශයේ ආයතනවලට සහ සියලුම ජනතාවට පහසුවෙන් භාවිත කළ හැකි සරල ක්‍රමවේදයකින් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.

Staysafe.gov.lk වෙත පිවිසීමෙන් සෑම ආයතනයකටම අනන්‍ය QR කේතය ගත හැකිය. ලබන සෙනසුරාදා (07) සිට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

ස්මාට් ජංගම දුරකථනයක් භාවිතයෙන් ඕනෑම ආයතනයක නම, ලිපිනය, හිමිකරුගේ නම සහ දුරකථන අංකය වැනි තොරතුරු කිහිපයක් දීමෙන් ඉතා පහසුවෙන් QR කේතය ගත හැකිය. එම කේතය මුද්‍රණය කර ආයතනයේ දොරටුවේ ප්‍රදර්ශනය කිරීමට පිළිවන.

ස්මාට් ජංගම දුරකථනයක් ඇති හෝ නැති හෝ සියලුදෙනා ලියාපදිංචි කර ඔවුන් යන එන ස්ථාන හඳුනා ගනු ලැබේ. මේ පිළිබඳව සියලු මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කිරීමට තොරතුරු හා සන්නිවේදන නියෝජිතායනය පියවර ගනු ඇත.

කොවිඩ් කාර්ය සාධක බලකාය බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශවල කොරෝනා ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය ජනාධිපතිතුමාට පැහැදිළි කළේය.

ජනතාව වගකීමෙන්  ක්‍රියාකිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය. ඇඳිරි නීතිය පැනවීමෙන් පමණක් ජනතාව හැසිරවීම අඛණ්ඩව කළ නොහැකිය. ජන ජිවිතය, රටේ ආර්ථිකය සහ අන් සියලු පැතිකඩ සමබරව සැලකිල්ලට ගෙන අවබෝධයෙන් යුතුව තීරණ ගත යුතු බව ජනාධිපතිතුමා පැවසීය.

වෛරසය මර්දනයට පිළියමක් සොයා ගන්නා තෙක් රට වසා තැබිය නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිතුමා සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සියලු දෙනා දෛනික කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සූදානම් විය යුතු බව ද පැවසීය.  වෛරසය පාලනය සඳහා ඇඳිරි නීතිය තදින් ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිතුමා පොලීසියට උපදෙස් දුන්නේය.

ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු සහ කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

ඇඳිරි නීතිය පනවා ඇති ප්රදේශවල ඇඳිරි නීති බලපත්ර වෙනුවට සේවා හැඳුනුම්පත යොදාගත හැකි ආයතන වැඩබලන පොලිස්පතිවරයා විසින් ප්රකාශයට පත් කර තිබේ.

2020.11.03 මාධ්ය නිවේදනය page 002

2020.11.03 මාධ්ය නිවේදනය page 003

2020.11.03 මාධ්ය නිවේදනය page 004

 

රටක ජාතික ව්‍යවසන හමුවේ බොහෝ මාධ්‍යවේදීන් තම ජීවිත පවා පරදුවට තබා ඉටුකරනු ලබන කාර්ය අති විශාල යැයිද මෑත කාලීනව බොහෝ අවස්ථාවල මෙරට මුහුණදුන් ව්‍යවසන හමුවේ ශ්‍රී ලාංකීය ජනමාධ්‍යවේදීන් ඉටුකරනු ලැබුවේ වෘත්තීමය භාවය පසෙකලා සුවිශේෂී වූ ජාතික කාර්යභාරයක් යැයිද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

වත්මන් කොවිඩි -19 ව්‍යසනය හමුවේ මෙරට මාධ්‍යවේදීන් ඉටුකරනු ලබන සේවාව ඇගයීමට ලක් කරමින් අමාත්‍ය රඹුක්වැල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.
එම නිවේදනයේ මෙසේද සදහන් වේ.

" ඇතැම් ව්‍යසන අවස්ථාවල විවිධාකාරවූ දුෂ්කරතා හමුවේ එය අභියෝගයක් කරගනිමින් වෘත්තියට එහා ගොස් ජනතා සේවාවක් ලෙසින් එම ව්‍යවසන පරාජය කිරීමට ඔවුන් දැක්වූ ඉහළ දායකත්වය වත්මන් ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස මාගේ දැඩි පැසසුමට ලක්වේ.

ඉකුත් වසරේ අගභාගයේ සමස්ත ලෝකයම වෙලාගත් ඉතා දරුණුතම මෙන්ම වේදනාකාරී ඛේදවාචකය වන වත්මනෙහි ලොවටම මහත් තර්ජනයක් වී ඇති කොවිඩ් 19 ව්‍යවසනය මේ වසරේ මුල් කාර්තුවේ මෙරටද වෙලා ගනු ලැබීය. එහෙත් සමස්ත ලෝකයටම ආදර්ශයක් දෙමින් එය පරාජය කිරීමට රටක් ලෙස අපට හැකිවිණි.
මෙහිදී බොහෝ ජනමාධ්‍යවේදීන් ඒ වෙනුවෙන් ඉටුකරනු ලැබූ කාර්යභාරය අපරිමිතය. ඇතැම් මාධ්‍යවේදීහු මෙය පරාජය කිරීමට ජනතාවට ලබාදුන් දැනුම,අවබෝධය සහිත තොරතුරු මෙන්ම පණිවුඩය වඩාත් ප්‍රබල විය.

බොහෝ මාධ්‍ය ආයතන ඒකාබද්ධව මේ වෙනුවෙන් පෙළගැසී ජනතාව දැනුවත් කරනු ලැබීය.
වර්තමානයේද අප එවැනිම අභියෝගයකට මුහුණදී සිටින අතර ඒ වෙනුවෙන් අදද බොහෝ මාධ්‍යවේදීහු විවිධාකාර දුෂ්කරතා මධ්‍යයේ වුවද මෙය පරාජය කිරීමට ගන්නා උත්සාහය ඉමහත්ය. .විශේෂයෙන් රට පුරා ප්‍රාදේශීය මාධ්‍යවේදීහු මේ වෙනුවෙන් ඉතාම දුෂ්කරතා මධ්‍යයේ කටයුතු කරනු ලබයි. ජාතික කාර්යභාරයක් ලෙසින් මෙලෙස මෙම ව්‍යවසනය පරාජය කිරිමට සෑම තරාතිරමක ම මාධ්‍යවේදීහු ඉටු කරනු ලබන සේවාවට මාගේ ප්‍රණාමය පුදකරමි.

ඔබ ඉටු කරනු ලබන මෙම කාර්යභාරය වෙනුවෙන් ඉදිරියේදී නිසි ඇගයීම ලබාදීමටත් ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමටත් අප අමාත්‍යාංශය කටයුතු කරන්නෙමු."

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මඟපෙන්වීම යටයේ බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාතයාංශයේ මාර්ගෝපදේශ ප්‍රකාරව හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් කොරෝනා වෛරසයේ බලපෑමෙන් ශ්රී ලංකාවේ වෙසෙන ජනතාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා දිවයින පුරා හින්දු කෝවිල්වල විශේෂ පූජාවක් පවත්වන ලෙස ඉල්ලීමක් කර ඇත.
 
විශේෂයෙන් කෝවිල්වල සෞඛ්ය ආරක්ෂාව අනුගමනය කරමින් විශේෂ පූජාවක් සහ හෝමය පවත්වන ලෙස ඉල්ලා ඇත.
 
දිවයිනපුරා සෑම දිස්ත්රික්කයකම පැවැත්වීමට නියමිත මෙම විශේෂ පූජාව දිනපතා පෙ.ව 6.30 ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දෙමළ සේවයේ ‘කෝවිල් දර්ශම්’ වැඩසටහනේ විකාශනය කිරීමට සංවිධානය කර ඇත.
 - අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ රටට හා රටවැසියාට ආරක්ෂාව පතා දිවයිනේ සෑම විහාරස්ථානයකම රතන සූත්‍රය සජ්ඣායනා කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා මහා සංඝරත්නයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටියි.

මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ දිවයිනේ සියලුම විහාරස්ථානවල සෑම දිනකම රතන සූත්‍ර සජ්්ඣායනා කරමින් රටටත්, ලෝකවාසී සියලු ජනයාටත් ආශිර්වාදය හා ආරක්ෂාව ප්‍රාර්ථනා කරන ලෙස හෙතෙම වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව පමණක් නොව මුළු මහත් ලෝකයම දැඩි අර්බුදකාරී අවස්ථාවකට මුහුණ දී තිබෙන අතර එවන් පසුබිමක් තුළ කොරෝනා වයිරසයෙන් සියලු ලෝකවාසී ජනතාව ආරක්ෂා වේවායි සෙත් ප්‍රාර්ථනා කරමින්, දිවයිනේ වෙහෙර විහාරස්ථාන රැසක් කේන්ද්‍ර කර ගනිමින් මේ වන විටත් රතන සූත්‍රය සඡ්ඣායනා කිරීම සිදුකෙරේ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter