නවතම පුවත්

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සහ ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසුකරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගිය සඳුදා ස්ථාපනය කළ “COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට” වගකීම් රැසක් පැවරී තිබේ.

අරමුදල ආරම්භ කරමින් ජනාධිපතිතුමා ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන 100ක් ඊට ප්‍රදානය කළේය. ඒ සදහා ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ වෙනම විශේෂ ගිණුමක් විවෘත කෙරිණ.
ගිණුම් අංකය 85737373 වේ.

සමාජ සංරක්ෂණ අරමුදලේ අරමුණු මෙසේය,
1- COVID-19 හා සම්බන්ධ ඖෂධ, පරීක්ෂණ උපකරණ සහ ධාරිතා වියදම් ඇතුළු සියලු වියදම් පියවීම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවශ්‍ය අරමුදල් වහා සම්පාදනය කිරීම

2- අත්‍යාවශ්‍ය මහජන සේවා සැපයීමේ නිරත සෞඛ්‍ය අංශයේ සේවක සේවිකාවන්ගේ සහ පහසුකම් සලසන්නන්ගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව උදෙසා අවශ්‍ය සියලු වියදම් සපුරාලීම

3- ළමයින්, කාන්තාවන්, අඩු ආදායම්ලාභී පවුල්, වයස්ගත වූවන්, ආබාධ සහිත සහ අවදානමට ලක් වූ කණ්ඩායම් සඳහා මූලික අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සම්පාදනය

4- ග්‍රාමීය සහ දුර බැහැර ප්‍රදේශවල බෙහෙත් ශාලා, පරීක්ෂණ සහ ප්‍රතිකාර ස්ථාන, පවුල් සෞඛ්‍ය සේවා ඇතුළු මහජන සෞඛ්‍ය සේවා පද්ධති දියුණු කරමින් බෝ වෙන රෝග අවදානම අඩුකිරීම සඳහා ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරනු පිණිස අවශ්‍ය අරමුදල් සපයා ගැනීම

5- දේශීය වෛද්‍ය ක්‍රමය සහ සනීපාරක්ෂක භාණ්ඩ නිෂ්පාදනය සහ බෙදාහැරීම වැඩිදියුණු කිරීම සහ දේශීය අමුද්‍රව්‍ය, සම්පත්, දැනුම හා නිපුණතා භාවිතයෙන් සෞඛ්‍ය හා සනීපාරක්ෂක නවෝත්පාදන නිෂ්පාදනය අරමුණු කරගත් පර්යේෂණ ප්‍රවර්ධනය

6- ගෝලීය වෙළෙඳ පොළ සඳහා ආරක්ෂිත ඇඳුම් හා සනීපාරක්ෂක නිෂ්පාදන සංවර්ධනය අත්හදා බැලීම සහ ශ්‍රී ලංකාවේ වෛද්‍ය හා විද්‍යාත්මක දැනුම භාවිතයෙන් නවෝත්පාදන සඳහා පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම

7- සාම්ප්‍රදායික එහෙත් සමෘද්ධිමත් දිවි පෙවෙතක් අගයන, කාබනික ආහාර පරිභෝජනයෙන් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රවර්ධනයට ජනමාධ්‍ය සහ අධ්‍යාපනික වැඩසටහන් සම්පාදනය

8- සම්පත් ප්‍රතිපාදනය, විධිමත් ජාතික ප්‍රසම්පාදන ක්‍රම සහ පාලන චර්යා පිළිබඳ ප්‍රශස්තම මූලධර්ම මත පදනම්ව ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකාවට සංවර්ධන ආධාර සපයන ප්‍රධාන හවුල්කරුවන් සමග එක්ව අරමුදල් රැස් කිරීම

පරිපාලන, මූල්‍ය සහ බැංකු ක්ෂේත්‍රයේ ඉහළම නිපුණතාවක් සහිත වෘත්තිකයන්ගෙන් සමන්විත මණ්ඩලයක් විසින් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල කළමනාකරණය කෙරේ.

නිරෝධායන මධ්‍යස්ථාන වලින් පුද්ගලයින් 144 දෙනකු නිරෝධායන ක්‍රියාවලිය අවසානයේ මුදා හැරීමට කටයුතු කළ බව යුද්ධ හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා (25) ප්‍රකාශ කර සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ) COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

සෞඛ්‍ය අංශ වල උපදෙස් අනුව එම පිරිසට මෙසේ නිවෙස් කර යාමට කටයුතු කළ බවත්, මෙසේ නිරෝධායන මධ්‍යස්ථාන 46 ක 3,086 දෙනකු නිරෝධායනයට ලක් වන බවත්, අද (26) දිනයේ දී ද දින 14 අවසන් වූ බවට හඳුනාගත් පුද්ගලයින් 163 දෙනකු මුදවා හැරීමට කටයුතු සම්පාදනය කර ඇති බවත් එහි දී යුධ හමුදාපතිවරයා නිවේදනය කර සිටියේය.

මාර්තු 01 සිට මාර්තු 15 දක්වා පැමිණි කණ්ඩායම් අතුරින් සහ මෙසේ ආසාදනයට ලක් වූ අය මඟින් හඳුනාගත් ජනතාව අතරින් 20,000 ට ආසන්න පිරිසක් සිටින බවත්, නමුත් 25 දිනයේ සිට මාර්තු 05 වන දා දක්වා කණ්ඩායම් මිට ඇතුළත් නොවිය හැකි නමුත් කෙසේවුවත් 7,500 ට වැඩි පිරිසක් මෙම කණ්ඩායම් අතුරින් මෙම අවස්ථාවේ දී වැදගත් වන කණ්ඩායමක් ලෙස තෝරාගෙන තවදුරටත් ස්වයං නිරෝධායනයට කටයුතු කරවනු ලබන බව ද ප්‍රකාශ කර සිටියේය. එහෙත්, තවදුරටත් නිවෙස් වලට වී ශාරීරික දුරස්ථභාවය රඳවා තබා ගැනීමට කටයුතු කරන ලෙස ද යුධ හමුදාපතිවරයා විසින් ජනතාවට දැනුම් දී සිටි.

මෙම කාලය තුළ විවිධ රෝගී පුද්ගලයින් සඳහා ප්‍රතිකාර ගැනීම හා ගෘහාශ්‍රිත අනතුරු වළක්වාගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ පත්‍රිකා පළ කිරීමට පියවර ගන්නවා - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

ඇඳිරිනීතිය පනවා ඇති මෙම කාලය තුළ විවිධ රෝගී පුද්ගලයින් සඳහා ප්‍රතිකාර ගැනීම හා ගෘහාශ්‍රිත අනතුරු වළක්වාගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ පත්‍රිකා වෙබ් අඩවි වල සහ ජනතාවගේ ඇස ගැටෙන ස්ථාන වල පළ කිරීමට නුදුරේ දී ම පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා (25) COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේය.

එහි දී බෝ නොවන රෝග ඇති රෝගීන්, මානසික රෝග සඳහා ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට මෙන්ම, නිවෙස් තුළ අනතුරු වළක්වා ගැනීමට ද මෙසේ පත්‍රිකා පළ කිරීම මඟින් උපදෙස් ලබා දීමට කටයුතු කරනු ලබන බවත්, මෙම කාලය තුළ වෙනත් රෝගීන් එම රෝගීන් තුළ පවතින රෝග තවදුරටත් උත්සන්න වීම වළක්වා ගැනීම උදෙසා ජනතාව දැනුවත් කිරීමට මූලික හේතුව වන බව ද අනිල් ජාසිංහ මහතා මෙහි දී ප්‍රකාශ කර සිටියේය.

එමෙන්ම, තවදුරටත් සමාජ සහ පුද්ගල දුරස්ථභාවය ඇතිව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන බව පවසා සිටි ඒ මහතා අද වන විට තෝරාගත් රෝහල් වල COVID – 19 ලෙස සැක කරන රෝගීන් 255 ක් සිටින බවත්, නිරෝධායන මධ්‍යස්ථාන වල සිටින පුද්ගලයින්ට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පෙර සිටම ගුවන් තොටුපල මඟින් පැමිණි පුද්ගලයින්ව දින 14 ක පසුවිපරම් කරනු ලබන බවත්, 1,600 ට පමණ පිරිසකට දින 14 සම්පුර්ණ කර නොමැති බැවින් එසේ පසු විපරම් කිරීම මේ අවස්ථාව වන විටත් සිදු කරනු ලබන බවත් කියා සිටියේය.


අවදානම් දිස්ත්‍රික්ක අතුරින් කළුතර දිස්ත්‍රික්කයේ රෝගීන් 13 ක් වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් සැළකිය යුතු පිරිස සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ අයවළුන් සහ වෙනත් රටවලින් පැමිණි උදවිය බවත්, එම දිස්ත්‍රිකක්යේ 900 ට අසන්න විදේශිකයින් පිරිසක් හෝටල් වල දැනටමත් සිටින බවත්, වඩා සුදුසු වන්නේ ඔවුන්ගේ ස්ථාන වෙනස් කිරීමට වඩා ඔවුන් දැනට සිටිනා ස්ථානයේම රඳවා ගැනීම බවත් අනිල් ජාසිංහ මහතා මෙහි දී විශේෂයෙන් කියා සිටියේය.

රට තුළ කොරෝනා වෛරසය (COVID- 19) පැතිර යාම වැළැක්වීමට ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණයක් ස්ථාපනය කෙරේ. සමූපකාර සහ සුපිරි වෙළෙඳසැල් ඒකාබද්ධව ප්‍රාදේශීය යාන්ත්‍රණය මගින් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දී ජන ජීවිතය යථා තත්ත්වයෙන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ සේවාවන් අඛණ්ඩව සැපයීම, මෙහෙයවීම සම්බන්ධීකරණය සහ පසුවිපරම පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

සමස්ත ක්‍රියාදාමය කොරෝනා මර්දනයට සෞඛ්‍ය ක්ෂේත්‍ර ගෙනයන වැඩපිළිවෙළට යටත්ව විය යුතුය. ජන ජීවිතය බිඳ නොවැටෙන ආකාරයෙන් අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම ද අවශ්‍යතාවකි.

ගොවියා සහ දේශීය ආර්ථිකය සුරැකෙන පරිදි රට තුළ නිෂ්පාදනය කෙරෙන ආහාර ද්‍රව්‍ය ජනතාව වෙත බෙදා හැරීමට සැලසුම් කෙරේ.

ජනාධිපති කාර්යාලයේ දී සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, බැංකු ප්‍රධානීන්, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්පාදනයට සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන් සමග පැවති විශේෂ සාකච්ඡාවේ දී තීරණ රැසකට එළැඹෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

සහල්, පොල්, එළවළු, බිත්තර, කුකුළු මස් හිඟයකින් තොරව සැපයීමේ හැකියාව පවතී. මේවා ගොවීන්ගෙන් සහ නිෂ්පාදකයන්ගෙන් නිසි පරිදි මිලදී ගෙන සමූපකාර සහ සුපිරිද වෙළෙඳසැල් ඒකාබද්ධව අත්‍යාවශ්‍ය ආහාර මල්ලක් සකස් කර ප්‍රදේශීය යාන්ත්‍රණය මගින් විධිමත්ව බෙදාහැරිය හැකි බව බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

ඒවා ඒ ඒ ජන කොටස් අපේක්ෂා කරන පරිදි විවිධ මිල ගණන් යටතේ සකස් කර ලබා දිය හැකිය. ක්‍රියාදාමය මෙහෙයවීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ද සහය ලබා තිබේ.

රජයේ රෝහල්වල ලියාපදිංචිව අඛණ්ඩව ඖෂධ මිලදීගන්නා රෝගීන්ට අදාළ බෙහෙත් වට්ටේරුවලට අනුව නිවසටම ඖෂධ බෙදාහැරීමටතීරණය කෙරිණ. ප්‍රාදේශීය ලේකම්, මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ ආරක්ෂක අංශ ද මීට දායක කර ගැනේ.

වෙළෙඳ සහ අත්‍යාවශ්‍යා කටයුතුවලට දායක වන අයුරින් වාණිජ බැංකු විවෘතව තැබීමට පියවර ගන්නා ලෙස ද, ඒවායේ ප්‍රධානීන්ට දැනුම් දෙනු ලැබීය. දුරකතන ඇණවුම් මගින් නිවෙස් වෙතම ගෑස් බෙදාහැරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස ද බැසිල් රාජපක්ෂ මහතා එම ආයතනවලින් ඉල්ලා සිටියේය.

සමස්ත ව්‍යාපෘතියේ අරමුණ ජනතාව ඒකරාශිවීම වළක්වා කොරෝනා වෛරසය මර්දනයට සෞඛ්‍ය අංශ ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමයි.

බෙදාහැරීමේ කාර්යයට ප්‍රාදේශීය ලේකම්, ග්‍රාමසේවා නිලධාරීන්, කෘෂි පර්යේෂණ නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහභාගී කර ගැනේ. මේ වන විට රටවල් රැසක් පූර්ණ වශයෙන් ආනයන, අපනයන ක්‍රියාවලිය නවතා ඇත. උද්ගත තත්ත්වය කෙරෙහි වැඩි අවදානයක් යොමු කර ස්ථාවර නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ගොඩනැඟීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

වගා සහ ධීවර කටයුතු බාධාවකින් තොරව පවත්වාගන යාමට අවශ්‍ය පහසුකම් සැලසීමට තීරණය කෙරිණ.

එළවළු මෙන්ම වී, බඩ ඉරිඟු, උඳු, මුං, කවුපී, කුරක්කන් වගා සඳහා ගොවීන් දිරිමත් කරන ලෙස ද උපදෙස් දෙනු ලැබිණ.චමල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද යන අමාත්‍යවරු, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්. ආටිගල යන මහත්වරු මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

රට තුළ කොරෝනා වෛරසය (COVID- 19) පැතිර යාම වැළැක්වීමට ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණයක් ස්ථාපනය කෙරේ. සමූපකාර සහ සුපිරි වෙළෙඳසැල් ඒකාබද්ධව ප්‍රාදේශීය යාන්ත්‍රණය මගින් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දී ජන ජීවිතය යථා තත්ත්වයෙන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ සේවාවන් අඛණ්ඩව සැපයීම, මෙහෙයවීම සම්බන්ධීකරණය සහ පසුවිපරම පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

සමස්ථ ක්‍රියාදාමය කොරෝනා මර්දනයට සෞඛ්‍ය ක්ෂේත්‍රය ගෙනයන වැඩපිළිවෙළට යටත්ව විය යුතුය. ජන ජීවිතය බිඳ නොවැටෙන ආකාරයෙන් අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම ද  අවශ්‍යතාවකි.ගොවියා සහ දේශීය ආර්ථිකය  සුරැකෙන පරිදි රට තුළ නිෂ්පාදනය කෙරෙන ආහාර ද්‍රව්‍ය ජනතාව වෙත බෙදා හැරීමට සැලසුම් කෙරේ.

අද (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, බැංකු ප්‍රධානීන්, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්පාදනයට සම්බන්ධ  රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රධානීන් සහ  නිලධාරීන් සමග පැවති විශේෂ සාකච්ඡාවේ දී තීරණ රැසකට එළැඹෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

සහල්, පොල්, එළවළු, බිත්තර, කුකුළු මස් හිඟයකින් තොරව සැපයීමේ හැකියාව පවතී. මේවා ගොවීන්ගෙන් සහ නිෂ්පාදකයන්ගෙන් නිසි පරිදි මිලදී ගෙන සමූපකාර සහ සුපිරිද වෙළෙඳසැල් ඒකාබද්ධව අත්‍යාවශ්‍ය ආහාර මල්ලක් සකස් කර ප්‍රාදේශීය යාන්ත්‍රණය මගින් විධිමත්ව බෙදාහැරිය හැකි බව බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. ඒවා ඒ ඒ ජන කොටස් අපේක්ෂා කරන පරිදි විවිධ මිල ගණන් යටතේ සකස් කර ලබා දිය හැකිය. ක්‍රියාදාමය මෙහෙයවීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ද සහය ලබා ගැනේ.

රජයේ රෝහල්වල ලියාපදිංචිව  අඛණ්ඩව ඖෂධ මිලදීගන්නා රෝගීන්ට අදාළ බෙහෙත් වට්ටේරුවලට අනුව නිවසටම ඖෂධ බෙදාහැරීමටතීරණය කෙරිණ. ප්‍රාදේශීය ලේකම්, මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ ආරක්ෂක අංශ ද මීට දායක කර ගැනේ.

පෞද්ගලික ෆාමසිවලින් ඖෂධ මිලට ගන්නා රෝගීන්ට ප්‍රාදේශීයව තෝරාගත් ෆාමසි කිහිපයක් නම් කර නිවසටම බෙදාහැරීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ද සාකච්ඡා කෙරිණ.

වෙළෙඳ සහ අත්‍යාවශ්‍ය කටයුතුවලට දායක වන අයුරින් වාණිජ බැංකු විවෘතව තැබීමට පියවර ගන්නා ලෙස ද, ඒවායේ ප්‍රධානීන්ට දැනුම් දෙනු ලැබීය.

දුරකථන ඇණවුම් මගින් නිවෙස් වෙතම ගෑස් බෙදාහැරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස ද බැසිල් රාජපක්ෂ මහතා එම ආයතනවලින් ඉල්ලා සිටියේය.

සමස්ත ව්‍යාපෘතියේ අරමුණ ජනතාව ඒකරාශිවීම වළක්වා කොරෝනා වෛරසය මර්දනයට සෞඛ්‍ය අංශ ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමයි.

බෙදාහැරීමේ කාර්යයට ප්‍රාදේශීය ලේකම්, ග්‍රාමසේවා නිලධාරීන්, කෘෂි පර්යේෂණ නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහභාගී කර ගැනේ. මේ වන විට රටවල් රැසක් පූර්ණ වශයෙන් ආනයන, අපනයන ක්‍රියාවලිය නවතා ඇත. උද්ගත තත්ත්වය කෙරෙහි වැඩි අවදානයක් යොමු කර ස්ථාවර නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ගොඩනැඟීම පිළිබඳව  දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

වගා සහ ධීවර කටයුතු බාධාවකින් තොරව පවත්වාගන යාමට අවශ්‍ය පහසුකම් සැලසීමට තීරණය කෙරිණ.

එළවළු මෙන්ම වී, බඩ ඉරිඟු, උඳු, මුං, කවුපී, කුරක්කන් වගා සඳහා ගොවීන් දිරිමත් කරන ලෙස ද උපදෙස් දෙනු ලැබිණ.

චමල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද යන අමාත්‍යවරු, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්. ආටිගල යන මහත්වරු මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

අත්‍යාවශ්‍ය සේවා හෝ අවශ්‍යතා හැර නිවසෙන් බැහැරව නොයන ලෙසත් එසේ නිවසෙන් බැහැරව ගිය හොත් වරෙන්තුවක් නොමැතිව වුවද අත් අඩංගුවට ගැනීමට සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඒ මහතා අද (25) මේ බව පැවසීය.

ගෙවුණු පැය 24 තුළ පනවා ඇති ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයන් 420ක් අත් අඩංගුවට ගැනීමට පොලීසියට සිදු වූ බවත් වාහන 97ක් පොලීසිය භාරයට ගැනීමට සිදු වූ බවත් සේනාරත්න මහතා සඳහන් කළේ ය.

මේ වනවිට ඇදිරි නීතිය කඩකළ සමස්ත පුද්ගලයන් සංඛ්‍යව 2682ක් බවත් වාහන 706ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. මෙය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් බවත් සුළු පිරිසක් මෙලෙස කටයුතු කිරීමෙන් රටේ සෞඛ්‍ය අවධානමක් ඇති කරන බවත් සේනාරත්න මහතා පැවසීය.

කොවිඩ්-19 තර්ජනය හමුවේ ණය ගෙවීමට සහන කාලයක් දෙන්නැයි ජනපති ලෝක මූල්‍ය ආයතනවලින් ඉල්ලයි.

කොරෝනා හෙවත් කොවිඩ්-19 තර්ජනයට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති දියුණු වෙමින් පවතින රාජ්‍යයන් අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය ආපසු ගෙවීමට සහන කාලයක් හෝ ණය කල් දැමීමේ පහසුකම් ප්‍රදානය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉල්ලා සිටී.

බහුපාර්ශවීය හා ද්විපාර්ශවීය ආධාර නියෝජිත ආයතනවලට මේ ඉල්ලීම ඉදිරිපත් කරන මෙන් ජනාධිපතිතුමා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

සංවර්ධනය වෙමින් පවතින රටවලට කොවිඩි- 19 සමාජ දුරස්ථතා, මහජන සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ පද්ධති කළමනාකරණය සඳහා මේ සහනය උපකාරී වනු ඇතැයි ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

ඇඳිරි නීතිය පිළිබඳ නිවේදනය.

දිවයින පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉවත් කිරිම සහ නැවත පැනවීම පහත පරිදි සිදු කෙරේ.

1- කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු බලපැවැත් වේ.

2- පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චි, මුලතිව් සහ යාපනය දිස්‍ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නිතිය මාර්තු 27 සිකුරාදා පෙ.ව 6.00ට ඉවත් කෙරෙන අතර, එදිනම දහවල් 12.00ට නැවත පනවනු ලැබේ.

3- සෙසු දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නිතිය හෙට (26) බ්‍රහස්පතින්දා පෙ.ව 6.00ට ඉවත් කෙරෙන අතර, එදිනම දහවල් 12.00ට නැවත පනවනු ලැබේ.

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන් ම තහනම් කර ඇත. එසේම විදේශීය සංචාරකයන් තැනින් තැනට ගෙන යාම ද සම්පූර්ණයෙන් තහනම් වෙයි.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුව ද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේ වතු හා අපනයන බෝග නිෂ්පාදන ක්‍රියාවලියෙහි නිරත ජනතාවට එකී වැඩ කිරීමට අවසර ඇත. මාධ්‍ය සේවා සඳහා මෙන්ම සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හා එළවළු ප්‍රවාහනයට ඉඩ දෙනු ලැබේ. ගුවන් මගීන් සඳහා ගුවන් තොටුපළ හා වරාය සේවා පවත්වාගෙන යාමට ද අවසර ඇත.
කෘෂිකර්ම සහ වෙළෙඳ විෂයය භාර අමාත්‍යවරයා මේ කාර්යයන් විධිමත් ව පාලනය කළ යුතු බව රජය දැනුම් දෙයි.

කොරෝනා හෙවත් කොවිඩ්-19 තර්ජනයට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති දියුණු වෙමින් පවතින රාජ්‍යයන්අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය ආපසු ගෙවීමට සහන කාලයක් හෝ ණය කල් දැමීමේ පහසුකම් ප්‍රදානය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉල්ලා සිටී.

බහුපාර්ශවීය හා ද්විපාර්ශවීය ආධාර නියෝජිත ආයතනවලට මේ ඉල්ලීම ඉදිරිපත් කරන මෙන් ජනාධිපතිතුමා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

සංවර්ධනය වෙමින් පවතින රටවලට කොවිඩි- 19 සමාජ දුරස්ථතා, මහජන සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ පද්ධති කළමනාකරණය සඳහා මේ සහනය උපකාරී වනු ඇතැයි  ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

In order to prevent uncontrolled gathering of people at market places amidst effort to combat COVID – 19, a special mechanism has been established to deliver essential food items to homes. This will be implemented through a local system in collaboration with Cooperative Societies and super market chains, Head of the Presidential Task on Continuous Supply, Operation and Coordination of Services that are essential to maintain the day to day life in the battle against COVID- 19, Basil Rajapaksa said.

The entire process should be in line with the Corona control initiatives carried out by the health sector. It is imperative to maintain the day to day life of the public. Steps have been taken to distribute food items while protecting domestic farmers and the national economy.

Mr. Basil Rajapaksa made these observations during a meeting held today (25) at the Presidential Secretariat with all District Secretaries, Heads of banks and State and private entities tasked with the supply of essential food items.

There is no shortage of rice, coconut, vegetables, eggs and chicken. Mr. Rajapaksa pointed out the possibility of distributing these items through a combined effort between Cooperative outlets and super markets after purchasing from domestic farmers. These items can be packed according to the need. Assistance of the Center for Disaster Management will be obtained for this operation.

A decision was taken to deliver medicines to the homes of regular patients who have registered at hospitals with the support of Divisional Secretaries, Public Health Officers and the security forces.

It was also discussed to implement a system to distribute medicines thorough few locally selected pharmacies to patients who purchase medicines from private pharmacies.

Heads of the banks were also advised to take action to keep the commercial banks open to facilitate trade and other essential activities.

Mr. Basil Rajapaksa requested the authorities to implement a programme to supply domestic gas at consumer’s doorstep responding to the telephone orders.

The objective of the entire project is to prevent the public from gathering at market places so that the health sector’s efforts to combat the coronavirus could be a success.

Divisional Secretaries, Grama Seva Niladharis, Agricultural Research Officers and Samurdhi Development Officers will assist this distribution process. At present, several countries have completely stopped the import and export activities.

It was discussed at length about building a stable production economy in the country while paying greater attention to the prevailing situation.

It was decided to facilitate the cultivation and fisheries activities without any interruption.

The relevant officials were advised to encourage the farmers to cultivate vegetables as well as paddy, maize, undu, green gram, cowpea and kurakkan.

Ministers Chamal Rajapaksa, Bandula Gunawardena and Douglas Devananda, Secretary to the President, Dr. P.B. Jayasundara, Secretary to the Treasury, Mr. Attygalle and Secretary, Defence, Major General Kamal Gunaratne participated in this discussion.

කොරෝනා ආසාදනය වැළැක්වීමට පියවරක් ලෙස ක්‍රියාත්මක කළ නිරෝධයන මධ්‍යස්ථානවලින් අද දින පුද්ගලයන් 208 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් නිදහස් කිරීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී (24) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් යුධ හමුදාපතිවරයා මේ බව කියා සිටී.

ශ්‍රී ලංකා යුද හමුදාව , ගුවන් හමුදාව හා නාවික හමුදාව විසින් සිදු කරන නිරෝධායන මධ්‍යස්ථාන අතරින් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන කන්දකාඩු හා පුනානි කඳවුරු වල නිරෝධායනය වු 311 දෙනෙකු අද (24) දිනයේ මුදා හැරි බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී අද (24) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් යුධ හමුදාපතිවරයා මේ බව කියා සිටී.

නිරෝධායන මධ්‍යස්ථන 46ක් තුළ 3224ක් තවදුරටත් නිරෝධයනය වෙමින් පවතින බවත් මෙලෙස දෙවැනි කණ්ඩායම ලෙස නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් නිදහස් කිරීමට බලාපොරොත්තු වන බව කී හමුදපතිවරයා, කන්දකාඩු කඳවුරෙන් 108 දෙනෙකුද පුනානි කඳවුරෙන් 203 දෙනෙකු බස් රථ 11කින් අදාළ විවිධ ප්‍රදේශවලට ඊයේ ඔවුන් යොමු කළ බවද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

එම පිරිස් පිටව යාමට පෙර වෛද්‍යවරුන් ගෙන්වා ඔවුන් නිවෙස් තුළ කෙසේ නිරෝධායනය විය යුතුද යන්න උපදෙස් මාලාවක් ලබාදුන් බවත් යුදහමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ යුධහමුදාපතිවරයා පැවසුවේ, පසුගිය දිනවල යාපනයේ සංචාරය කළ ස්විට්ස්ලන්ත ජාතික දේවගැතිවරයා ඇසුරු කළ පුද්ගලයන් 17 දෙනෙකු හඳුනාගෙන ඇති අතර යාපනය දිස්ත්‍රික්කයේ ඉදි කළ නව නිරෝධායන මධ්‍යස්ථානයක ඔවුන් නිරෝධායනය සඳහා යොමුකළ බවයි.

රජයේ උපදෙස් පරිදි කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් මේ වන විට ක්‍රියාත්මක Covid-19 වෛරසය (කොරෝනා) ව්‍යාප්තවීම වැළැක්වීමේ  වැඩපිළිවෙලට පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ නායකයින් හා නි යෝජිතයින් ගේ සහය ගැනීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මෙම තීරණය ගනු ලැබුවේ පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ නායකයින් හා නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් අද (24) අරලිය ගහ මන්දිරයේ පැවැති හමුවේදීය.

එම හමුවේදී පක්ෂ නායකයින්ගෙන් ඉදිරිපත් වුනු අදහස් සළකා බලා මෙම තීරණයට එළැඹිණි.

ඒ අනුව ඉදිරියේදී පක්ෂ නායකයින් හමුවෙමින්, කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් යෝජනා ලබා ගනිමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය. කොරෝනා මර්දනයට රජය ගෙන යන ක්‍රියාමාර්ග අගය කළ පක්ෂ නායකයින් ඉදිරියේදී කෝවිඞ් 19 වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ගවලට සහාය දක්වන බව ද
පැවසූහ.

පක්ෂ නායක රැස්වීම ආරම්භයේදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් රටේ වත්මන් තත්ත්වය පිළිබදව දීර්ඝ කරුණු දැක්වීමක් සිදුකළේය.

වෛරස තත්ත්වය හේතුවෙන් ආර්ථිකයට සිදුවන හානිය සම්බන්ධවත් මෙහිදී සාකච්ඡවට ලක්වූ අතර ඉදිරියේදී ආර්ථික හානිය අවම කර ගැනීම පිළිබඳවත් පක්ෂ නායකයින් සාකච්ඡ කළහ.

අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සම්බන්ධයෙන් දැනට රජය ක්‍රියාත්මක කරන ක්‍රමවේදය ඉදිරියටත් ක්‍රියාත්මක කරන ලෙසත් තේ කර්මාන්තයට අදාළව තේ දළු නෙලීම, කර්මාන්ත ශාලා  පවත්වා ගෙන යාම මෙන්ම තොග වෙළෙද සැල් විවෘත කිරීම මගින් ජනතාවට සහන දැක්වීම සම්බන්ධවවත් සාකච්ඡවට ලක්විය.

එහිදී අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ සතොස හා සමුපකාරය මගින් අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමේ පහසුකම් සළසා ඇති අතර ඉදිරියේදී එම යාන්ත්‍රණය තව දුරටත් විධිමත් කිරීමට  අවශ්‍ය පියවර ගන්නා බවයි.

කොරෝනා ව්‍යසනය පාලනය කිරීමට අදාල ක්‍රියාමාර්ග ගන්නා අතරේ රටේ ආර්ථිකට සිදුවූ හානිය කෙරෙහිත් මේ වන විටත් මාගේ අවධානය යොමු කර ඇති බවත් මෙහිදී අග්‍රමාත්‍යවරයා  සදහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද කොරෝනා වෛරසය මර්ධනය කිරීමට රජය ගෙන යන සෞඛ්‍ය වැඩපිළිවෙල අගය කරමින් සදහන් කළේ, එම වැඩපිළිවෙල තව දුරටත්  ඉදිරියට ගෙන යා යුතුව ඇති බවත් ජනතාව ඒකරාශී වීම වැළැක්වීමට ඇදිරි නිතිය තවදුරටත් ක්‍රියාත්මක කරන අතරේ අත්‍යාවශ්‍ය නොවන රජයේ සේවකයින්ගේ නිවාඩු තව දුරටත් දීර්ඝ කරන  ලෙස තමන් යෝජනා කරන බවත්ය.

හිටපු කතානායක කරූ ජයසූරිය මහතාද රජයේ වැඩපිළිවෙල අගයමින් ආර්ථීකයට වන හානිය අවම කරගනිමින් පාරිභෝගික ජනතාවට අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ලබා ගැනීමේ පහසුකම්  පුළුල් කරන ලෙස ඉල්ලා සිටියේය.

ඇදිරි නීතිය සමයේ ධීවරයින්ගේ මත්ස්‍ය නිෂ්පාදන අලෙවිය හා ප්‍රවාහනය සඳහා අවසර නොදීම හේතුවෙන් පැන නැග ඇති තත්ත්වය සම්බන්ධයෙන්ද මෙහිදී පක්ෂ නායකයින් පෙන්වා දුන්  අතර  ඒ අවස්ථාවේදීම නියෝජ්‍ය වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දෙමින් සියලූ පොලිස් ස්ථාන දැනුම්වත් කරමින් ගැටලූ විසදිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පැවසීය.

මේ අවස්ථාවේදී පක්ෂ නායකයින් කිහිප දෙනෙක්ම නැවත පාර්ලිමේන්තුව රැස්කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කළ නමුත් බහුතරයේ අදහස වූයේ පාර්ලිමේන්තුව ජනතාවට ආදර්ශය  සපයමින් පාර්ලිමේන්තුව රැස්වෙනවා වෙනුවට පක්ෂ නායකයින් සහ නියෝජිතයින් ඇතුළත් වන පරිදි කොරෝනා මර්දනයට ජාතික වැඩපිළිවෙලක් වෙනුවෙන් දායක වීම වඩාත් සුදුසු බවයි.

මෙම අවස්ථාවට රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීරීපාල සිරිසේන, බැසිල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, පවිත්‍රා වන්නිආරච්චි, කරු ජයසූරිය, රවුෆ් හකීම්, පී. දිගම්බරන්, මහින්ද අමරවීර,  මනෝ ගනේෂන්, අතුරලියේ රතන හිමි, ඩග්ලස් දේවානන්ද, සජිත් ප්‍රේමදාස, දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන, සෙන්දිල්  තොණ්ඩමන්, එස්. සුමන්දිරන්, රිෂාඞ් බදුර්දින්, විජිත හේරත්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා, ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් භද්‍රානි  ජයවර්ධන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, වැඩ බලන පොලිස්පති ඒ. වික්‍රමරත්න, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.

 

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter