නවතම පුවත්

ශ්‍රී ලංකාවේ දැනට වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 61 දක්වා දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (21) කියා සිටියේය.

ඒ මහතා අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවතී කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගේ සේවය විශ්‍රාම ගැන්වීමේ වයස වූ වයස අවුරුදු 60 සිට අවුරුදු 61 දක්වා දීර්ඝ කිරීම වෙනුවෙන් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ඉදිරිපත් කරන විශේෂ යෝජනාවට ද කැබිනට් අනුමැතිය හිමි වූ බව සදහන් කරමිනි.

ලංකාවේ තාක්ෂණික සේවාවන් අතුරින් විශේෂිත අවශ්‍යතාවයක් සහිත ව ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස ගත් විට මෙරට වෛද්‍යවරුන්ගේ විශාල අඩුවක් තිබෙන නිසා එමඟින් සිදු වන පාඩුව පියවා ගැනීම උදෙසා දැනට සේවය කරනු ලබාන වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ කාලය මෙලෙස දීර්ඝ කිරීමට හේතුව වන බවත් ඒ මහතා කරුණු පැහැදිලි කරමින් කියා සිටියේය.

එත් සමඟ වෛද්‍යවරුන්ගේ පමණක් නොව අනිකුත් සියලුම තාක්ෂණික ක්‍ෂේත්‍රයන් ආවරණය වන පරිදි සේවා අවශ්‍යතාවයන් පරිදි සේවය කිරීමේ සහ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 61 දක්වා සැම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි පුළුල් අභ්‍යාසයකින් පසුව තීන්දු ගැනීම පිණිස කමිටුවක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීන්දු කොට ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම නැගෙනහිර කොළඹ මූලික රෝහල - මුල්ලේරියාව මූලික රෝහලේ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් බාහිර රෝගී අංශය, ළදරු සත්කාර ඒකකය සහ දැඩිසත්කාර ඒකකය වෙනුවෙන් රුපියල් බිලියන 1.8 ක මුදලක් වෙන් කිරීමටත්, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඉදිකිරීමට යෝජිත හෘද උරස් ශල්‍ය ඒකකයේ විෂය පථය වෙනස් කිරීම වෙනුවෙනුත් එනම්, දැනට තට්ටු 10 කට යෝජිත ව පවතින එම වාට්ටු සංකීර්ණය තට්ටු 12 ක් දක්වා වැඩි කිරීමටත්, එම අංශයේ හි අස්ථි කාටිලේජ බද්ධ කිරීම ඇතුළු අංශ ඇතුළත් කොට සියලුම අංශ ආවරණය වන පරිදි විෂය පථය වෙනස් කිරීම සඳහාත් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සඳහා ද කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.

එමෙන්ම ලංකාවේ සියලුම වෛද්‍ය හෙද අංශ වල සේවය කරන සියලුම කාර්යය මණ්ඩල සේවය කරන්නන්ට නේවාසිකව නවාතැන් සැපයීම පිණිස නිල නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහා රාජ්‍ය සහ පෞද්ගලික කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බවත්, ලංකාවේ සියලුම රෝහල් වල සෞඛ්‍ය කාර්යය මණ්ඩල වලට අවශ්‍ය නිල නිවාස පහසුකම් සැලසීම සඳහා ඉදිරි කාලයේ දී කටයුතු කරන බවත්, මෙරට COVID – 19 වෛරසය ලංකාවේ සාර්ථකව මර්දනය කළ ද ගෝලීයව බලන කල්හි වෛරසය මුළුමනින්ම ලොව තුළින් තුරන් කරන තෙක් ඒ සමඟ මිනිසුන්ට ජිවත් වීමට සිදු වන බැවින් එකී තත්ත්වය වෙනුවෙන් වර්තමානයේ මෙරට සහ ගෝලීයව පවතින වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් රෝහල් මට්ටමින් පහසුකම් සැලසීම උදෙසා ලංකාවේ සැම රෝහලකම උණ රෝගීන් සදහා විශේෂ වාට්ටු සංකීර්ණ ඉදි කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු ව ඇති බවත්, රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග “ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ” ශේෂය රුපියල් මිලියන 1136 ඉක්මවා තිබේ.

Canowin Hotel @ SPAS (Pvt) Ltd ආයතනය රුපියල් මිලියනයක් පරිත්‍යාග කළ අතර ඊට අදාළ චෙක්පත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අද (21) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙන ලදී.

Mascons (Pvt) Ltd ආයතනය රුපියල් මිලියනයක්, Built Element Ltd ආයතනය රුපියල් මිලියන තුනක්, සිරිල් සමරජීව මහතා රුපියල් 250,000 ක්, Exim House Distributors (Pvt) Ltd රුපියල් 250,000ක්, Exim House (Pvt) Ltd රුපියල් 250,000ක් ටවර් හෝල් රඟහල පදනමේ කාර්ය මණ්ඩලය රුපියල් 90,637.69ක් ද, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය  රුපියල් මිලියන තුනක් සහ ජේ.පී. දයානන්ද ද සිල්වා මහතා  රුපියල් 100,000ක් අරමුදලට පරිත්‍යාග කර තිබේ.

දැන් ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,136,968,139.71 කි.

දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල්, බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207#අමතා අරමුදලට දායකවිය හැකිය.

දුරකථන අංක 0760700700/ 0112320880/ 011,2354340/ 0112424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, ලාභ ලබන ප්‍රමුඛ පෙළේ ආයතනයක් බවට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යෝජනා මාලාවක් ඉදිරිපත් කරයි.

භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කරනු වෙනුවට භාණ්ඩාගාරයට මුදල් ලබාදිය හැකි රාජ්‍ය ආයතනයක් බවට ලංගම පත්කිරීමට හැකි බව ද ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

ලංකා ගමන ගමන මණ්ඩලයේ වත්මන් තත්ත්වය විමර්ශනය සඳහා අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

සතියේ දිනවල පෙරවරුවේ සහ පස්වරුවේ දැඩි මාර්ග තදබදයක් පවතී. එය සමනය කරනු පිණිස සිය මෝටර් රථයෙන් කාර්යාලවලට යන පිරිස් පොදු ප්‍රවාහන සේවයට එක් කර ගැනීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ඊට පිළියමක් ලෙස  තෝරාගත් ස්ථානයක මෝටර් රථය නවතා සේවා ස්ථානයට බස් රථයෙන් ගමන් කිරීමට අවශ්‍ය ක්‍රමවේදයක්  (Park and Drive) කඩිනමින් හඳුන්වා දෙන්නැයි ජනාධිපතිතුමා යෝජනා කළේය. උපරිම පහසුකම් සහිත බස් රථ ඊට එක්කළයුතු බව ද එතුමා කීය.

පාසල් සිසුන් සඳහාම ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් පාසල් බස් සේවය ප්‍රවර්ධනය කළයුතු ඇතැයි ද රාජපක්ෂ මැතිතුමා පැවසිය. පාසල් බස් රථ කහ පාට ගන්වා මහා මාර්ගයේ දී ප්‍රමුඛත්වයක් ලැබෙන ආකාරයෙන් ධාවනය කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණ.

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ සහ පෞද්ගලික බස් රථ වර්ණ දෙකක් යටතේ ධාවනයට යෙදවීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

සේවක දිරිගැන්වීම, අලුත් ක්‍රම හඳුන්වාදීම, නාස්තිය අවම කිරීම සහ හොරකමට තිත තැබීම සඳහා විධිමත් පියවර අනුගමනය කිරීම ගැන ද සාකච්ඡාවට ලක් විය. ආයතනය දියුණු කිරීම පිණිස නිරන්තර පර්යේෂණ සහ සමීක්ෂණ සිදු කළයුතුව ඇතැයි ද ජනාධිපතිතුමා පැවසීය.

4500 ක පමණ දක්ෂ කාර්මික නිලධාරීන් කණ්ඩායමක් ලංකා ගමනා ගමන මණ්ඩලයේ සිටිති. ඔවුන්ගෙන් උපරිම ප්‍රයෝජන ගෙන ආයතනයෙන් පිටත නඩත්තු කිරීම් සඳහා ඇණවුම් භාරගැනීමෙන් මුදල් ඉපැයිය හැකි බව ජනාධිපතිතුමා සඳහන් කළේය. ප්‍රයෝජනයට නොගත් විශාල භූමි ප්‍රමාණයක් ලංගම සතු වේ. එම ඉඩම් නිසි කළමනාකරණයෙන් ද මුදල් ඉපැයිය හැකිය.

ග්‍රාමීය ප්‍රදේශවල සිට නගරයට කෘෂි අස්වනු ප්‍රවාහනයෙන් ගොවියාට මෙන්ම පාරිභෝගිකයාට ද සහන සැලසීමේ හැකියාව ලංගම සතුව ඇති බව ජනාධිපතිතුමා පැවසීය. පුහුණු පාසල් තවදුරටත් දියුණු කර සේවක දැනුම පුළුල් කිරීමේ  වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. කෙටි, මධ්‍ය හා දිගු කාලීන සැලැස්මකට අනුව සමස්ථ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට ද  ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක, ප්‍රධාන විධායක සාගර හේමන්ත වඩුගේ, අධ්‍යක්ෂ ජනරාල් (පොදු ව්‍යවසාය) අතුල කුමාර මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

11 වන රණවිරු සැමරුම් උළෙල අමතා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කළ සම්පූර්ණ කතාව

(බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස -2020-05-19)

මැයි 19 ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සුවිශේෂි දිනයක්. මීට වසර 11 කට පෙර 2009 මැයි මස 19 දා,  අපි  වසර 30 කට ආසන්න කාලයක් මේ රටට සාපයක්ව තිබූ බෙදුම්වාදී ත්‍රස්තවාදය සහමුලින්ම පරාජය කලා. 

සේනාධිනායක ලෙස ඒ සඳහා නායකත්වය සැපයූවේ  මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසිනුයි. ත්‍රස්තවාදය අවසන් කිරීම මගින් ජනතාවට බියෙන් සහ සැකයෙන් තොරව ජීවත් වීමටත්,  තම මානව අයිතිවාසිකම් නිදහසේ  භුක්ති විදිමටත් හැකි වාතාවරණයක් ඇති කර දෙනු ලැබුවා.   


වසර 30 ක් වැනි කාලයකට පසු  නිදහස් ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් ඇති කර,  ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනු ලැබුවා. මේ රටේ ඕනෑම පුරවැසියෙකුට බාධාවකින් තොරව,  රටේ ඕනෑම තැනක නිදහසේ සැරිසරන්නට හැකි වාතාවරණයක් යලි උදාකර දුන්නා. භීෂණයෙන් වෙලී තිබූ  රටට සාමය උදා කිරීම සඳහා  අපේ රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්  විශාල කැපකිරීමක්, පරිත්‍යාගයක් කලා.

යුද්ධය රෝස මල් යහනාවක් නොවෙයි.  විශේෂයෙන්ම නීතිය පිලිනොගන්නා ලෝකයේ බිහිසුනුම  ත්‍රස්තවාදීන් කණ්ඩායමක් සමඟ සටන් කිරීමේදී  රණවිරුවන්ට විවිධ කටුක අත්දැකීම් වලට හා දුෂ්කරතාවන්ට  මුහුණ දෙන්නට සිදුවෙනවා.  

ඒ අවුරුදු 30 ඇතුලත, එක් ප්‍රදේශයක නෙමේ, රටේ සෑමතැනකම අසරණ සිවිල් මිනිසුන් මියගියා. මරාගෙන මැරෙන බෝම්බකරුවන්, බස් බෝම්බ, දුම්රිය බෝම්බ, ගොඩනැගිලිවලට බෝම්බ ගැසීම් ආදිය නිසා, මේ රට තුළ විශාල ජීවිත සහ දේපළ  විනාශයක් ඇති වුනා.  මානුෂිය මෙහෙයුමේ අවසාන අරමුණ වුනේ රටට දීර්ඝ කාලීන සාමය උදාකර දීමයි. රණවිරුවන් කල ඒ සුවිශේෂී කැපකිරීම නිසා අද අපට ඒකීය රටක් තුළ නිදහසේ සහ සාමකාමීව ජීවත්වීම සඳහා අවස්ථාව ලැබී තියෙනවා.
බුදු දහමින් පෝෂණය වූ  අපේ රටේ තිබෙන්නේ  සියලූම ආගමිකයන්ට, සියලුම ජාතීන්ට ක්ෂේම භූමියක් වූ පාලන තන්ත්‍රයක්. ඉතිහාසය පුරා මේ රට තුල  සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, මැලේ, බර්ගර් ආදී  සෑම ජනකොටසකටම සමානව ජීවත්වීමේ අයිතිය තිබුනා.  
අන්තවාදීන්ට අවශ්‍ය වන්නේ  අපව බෙදා වෙන් කරන්නටයි. ඔවුන්ගේ අරමුණ ඉටුවුනානම් අපේ ඉතිහාසය වෙනස් වෙනවා. ජනතාව එකිනෙකාට වෛර කරන,  දේශ සීමාවන් සඳහා නිරන්තරයෙන් සටන් කරන, යුධ බිය ජන ජීවිතයේ  කොටසක් බවට වූ, තවත් එක් අවාසනාවන්ත, බෙදුන රටක් බවට ලංකාව පත් වෙනවා.ඒ ව්‍යසනයෙන් රට මුදවාගැනීමේ ගෞරවය, දීර්ඝ කාලයක් මුලුල්ලේ අපේ රටේ සාමය වෙනුවෙන් සටන් කල සියලූම වීරෝධාර රණ විරුවනට ලබා දිය යුතුයි.

දශක 3 ක කාලයක් පුරා මේ ජයග්‍රහණය වෙනුවෙන්  ජීවිත  පරිත්‍යාගයෙන් සටන් කල ජෙනරාල් කොබ්බෑකඩුව, ජෙනරාල් විජය විමලරත්න  ඇතුලු සියලු රණවිරුවන්ව  අප මේ අවස්ථාවේදී ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා. 
යුධ හමුදාවේ අවුරුදු 20 ක් සක්‍රීය සේවයේ යෙදුන නිලධාරියෙකු ලෙසත්, පසුව දස වසරක් ආරක්ෂක ලේකම්වරයා ලෙසත්, පුරවැසියෙකු ලෙසත්  අපේ රණවිරුවන් කල කැප කිරීම පිලිබඳව මට ඉතා හොඳ අවබෝධයක් තිබෙනවා. යුද්ධයේ වේදනාව මම හොඳින් හඳුනනවා.  ඒ නිසා විශාල පරිත්‍යාගයක් කොට සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට සාමය උදා කොට දුන් අපේ රණවිරුවන්ට  හිමි තැන හා ගෞරවය නැතිකිරීමට ගන්නා උත්සාහයන්ට මම කිසිදු ඉඩක් ලබා දෙන්නෙ නෑ.මගේ රජය යටතේ මේ රටේ වීරෝධාර රණවිරුවන්ගේ ගරුත්වය හැම විටම ආරක්ෂා කරන බව මම ඔබට සහතික වෙනවා. 

ඔවුන්ගේ අයිතිවාසිකම් හැමවිටම සුරැකීම ජාතික වගකීමක්. ලෝකයේ බලවත් යයි හඳුන්වන රටවල නායකයින් පවා පැහැදිලිවම තමන්ගේ රටේ රණවිරුවන්ට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ ලබා නොදෙන බව ප්‍රකාශ කර තිබෙන  අවස්ථාවක අපි වගේ කුඩා රටක මේ තරම් කැපකිරීම් කල රණවිරුවන් අනවශ්‍ය පරිදි පීඩනයකට පත් කරන්න මා කිසිවිටකත් ඉඩ දෙන්නෙ නෑ. 

ඒ අනුව අපේ රටට අසාධාරණයක් වන  ආකාරයට යම් කිසි ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරනවානම්  එම ආයතන‍යේ හෝ සංවිධානවල සාමජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීමට මා කිසිවිටකත් පසුබට වන්නේ නෑ.
Even leaders of powerful countries have emphatically stated that they would not allow any action against their war heroes. As such, in a small country like ours where our war heroes have sacrificed so much, I will not allow anyone or organization to exert undue pressure on them and harass them. If any international body or organization continuously target our country and our war heroes, using baseless allegations, I will also not hesitate to withdraw Sri Lanka from such bodies or organizations."

දශක 3 ක් පුරා බෙදුම්වාදයට එරෙහි සටනට දායකත්වය සැපයු සියලූම රණ විරුවන්ට හා ඔවුන්ගේ පවුල්වලට  අපි මේ අවස්ථාවේ ජාතියේ ප්‍රණාමය පුදකරනවා. රණ විරුවන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් රැක ගත් මේ රට සියලු පුරවැසියන්ට සාමයෙන් සතුටින් හා අභිමානයෙන් ජීවත්විය හැකි සෞභාග්‍යමත් දේශයක් බවට පත් කිරීම  ඔවුන්ට කල හැකි ඉහලම ගෞරවයයි. ඒ  සඳහා ඔබේ උපරිම දායකත්වය ලබාදෙන ලෙස සියලූම දේශ මාමක පුරවැසියන්ගෙන් මේ රණ විරු ස්මාරකය අභියසදී මම ඉල්ලා සිටිනවා.

ඔබ සැමට ස්තූතියි
තෙරුවන් සරණයි

ගෝඨාභය ජනාධිපති නොවුණා නම් මේ ජයග්‍රහණ කිසිවක් නෑ

අගමැතිගෙන් නිවේදනයක්

කොරෝනා රෝගය පාලනය කර ගැනීමට ජනතාවගෙන් සෞඛ්‍ය අංශවලට හා ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් ලැබුණු සහයෝගය රට සාමාන්‍ය තත්ත්වයට පත්කිරීම වෙනුවෙනුත් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

“කොවිඩ් -19 අලුත් රෝගයක් ලෙස ලෝක අවධානයට යොමු වූයේ මේ අවුරුද්ද මුල දීය. ලෝක සෞඛ්‍ය සංවිධානය මුල සිටම ඉතා අවංකව පවසා සිටියේ මෙය සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් බවත් ඔවුනුත් මේ රෝගය ගැන තවමත් ඉගෙනගනිමින් සිටින බවත්ය. 2020 පෙබරවාරි 29 වැනිදා වනතුරුත් ලෝක සෞඛ්‍යය සංවිධානය සිටියේ ජාත්‍යන්තර ගමනාගමනය තහනම් නොකළ යුතුය යන ස්ථාවරයේය. සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යෑමට අපහසු නම්, මුඛ ආවරණයක් පාවිච්චි කළ යුතුය යන නිර්දේශය ඔවුන් නිකුත් කළේ අප්‍රේල් 06 වෙනිදාය. මේ රෝගය ගැන හැම රටක්ම ඉගෙන ගත්තේ අත්දැකීම්වලින්මය.

“මේ උවදුරට ලංකාව කල්තියාම සූදානම් විය. ජනාධිපතිතුමා විසින් ජාතික කොරෝනා මර්දන කාර්යසාධක කමිටුව පිහිටුවනු ලැබුවේ ජනවාරි 26 වැනිදාය. මාර්තු 4 වැනිදා ලංකාවේ එකම කොරෝනා රෝගියකු නැතුව වුවද හැඳල ප්‍රදේශයේ පළමු නිරෝධායන මධ්‍යස්ථානය ප්‍රකාශයට පත් කරනු ලැබීය. ලංකාවේ පළමු කොරෝනා රෝගියා සොයා ගනු ලැබුවේ මාර්තු 10 වැනිදා රාත්‍රියේය. ඊට පහුවදාම මාර්තු 11 වැනිදා සිට කොරෝනා රෝගය වැඩි වශයෙන් පැතිරෙන රටවල්වලින් ලංකාවට එන අය නිරෝධායනයට යොමු කිරීම සිදු විය. මුල් අවස්ථාවේ සිටම රෝගීන් ඇසුරු කළ පුද්ගලයන් සොයා ගොස් ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ඔවුන්ව නිරෝධායනයට ලක් කිරීම නිසා මේ රෝගය සතුටුදායක මට්ටමකට පාලනය වී ඇත.

“කොරෝනා රෝගය යම් පාලනයකට යටත් කිරීමත් සමඟම ඇඳිරි නීතිය ලිහිල් කිරීමට දැන් පටන්ගෙන ඇත. ඔබ කවුරුත් දන්නා පරිදි ඇඳිරි නීතිය ප්‍රකාශ කොට රට ‘ලොක් ඩවුන්’ කරන බවක් කීවද ලෝකයේ මොනම රටක්වත් සම්පූර්ණයෙන්ම ‘ලොක් ඩවුන්’ කළ නොහැක. ජනතාවගෙන් වැඩි පිරිස ගෙවල්වල සිටින අතර තවත් මිලියන ගණනක් ජනතාවට වැඩ කිරීමට සිදුවේ. රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම යනුවෙන් අදහස් වෙන්නේ මුල සිටම පැවැති ඒ තත්ත්වය ටිකෙන් ටික ව්‍යාප්ත කිරීමේ ක්‍රියාදාමයකටය.

“රාජ්‍ය අංශයෙත් පුද්ගලික අංශයෙත් මුලින් සේවකයන් සුළු පිරිසක් වැඩපොළට ගෙන්වා, බස් රථවල, දුම්රිය මැදිරිවල එකවර ගමන් කළ හැකි මගීන් ගණන සීමා කොට, පාසල්, උපකාරක පන්ති තවදුරටත් වසා තබා, හැකි තරම් සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යන ගමන් රටේ සාමාන්‍ය වැඩ කටයුතු ආරම්භ කිරීමේ වැඩපිළිවෙළක් ඉදිරි දිනවල දී ක්‍රියාත්මක වීමට නියමිතය. මීට කළින් ඇතැම් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පැය ගණනකට ඉවත් කළ මුල් අවස්ථාවේ ජනතාව සමාජ දුරස්ථභාවය නොතකා කටයුතු කළ ආකාරය අපි දුටුවෙමු. නමුත් කාලයකට පසු ජනතාව ඊට වඩා කල්පනාකාරීව කටයුතු කරන ආකාරය අපි දුටුවෙමු.

ඇඳිරි නීතිය ලිහිල් කළාට පසුවද එවන් කල්පනාකාරී හැසිරීමක් අත්‍යවශ්‍ය වනු ඇත. කොරෝනා වෛරස් අවදානම පාලනයකට යටත් කොට ඇතත් සම්පූර්ණයෙන්ම නැති වී නැති බව අපි කවුරුත් මතක තබා ගත යුතුය. රෝගීන් සෙවීම සඳහා ජනතාව අතර නියැදි පරීක්‍ෂණ දිගටම සිදු වෙනු ඇත. නිරෝධායන මධ්‍යස්ථාන ද දිගටම පවත්වාගෙන යනු ඇත. ඉදිරියේ දීත් කොරෝනා වෛරස් රෝගීන් හමුවිය හැකිය. නමුත් එවැනි තත්ත්වයන් පාලනය කිරීමේ ක්‍රමවේදයන් අපේ සෞඛ්‍ය අංශ මේ වන විට ප්‍රගුණ කර තිබෙන බව මම විශ්වාස කරමි. ඉදිරියටද අවශ්‍ය වුවහොත් කලින් මෙන්ම යම් ප්‍රදේශ හුදකලා කිරීම, පොලිස් බලප්‍රදේශ තුළ ඇඳිරි නීතිය පැනවීම යනාදිය අවශ්‍ය වීමට ඉඩ ඇත. රෝගය පැතිරීම පාලනය කිරීමත්, හැකි හැම තැනකම සාමාන්‍ය ජන ජීවිතය නැවත ආරම්භ කිරීමත් සමබරව පවත්වාගෙන යෑම සිදු කළ යුතුය.

“කොරෝනා රෝගය පාලනය කර ගැනීමට ජනතාවගෙන් සෞඛ්‍ය අංශවලට හා ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් ලැබුණු ආකාරයේම සහයෝගයක් රට සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමේ ක්‍රියාවලියටත් ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

කොරෝනා රෝගය පලනය කර ගැනීමට ජනතාවගෙන් සෞඛ්‍ය  අංශවලට හා ත්‍රිවිධ හමුදාවටත්,පොලීසියටත් ලැබුණු ආකාරයේ ම සහයෝගයක් රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියටත් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

 pm1

pm2

pm3

හොරණ, ගෝනපොල ඔලබොඩුව ඓතිහාසික රාජමහා විහාරස්ථානයේ දී ජාතික වෙසක් උත්සවය නිමිත්තෙන්  ඊයේ (07) පැවති සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ද සහභාගී විය.

විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය උඩුවේ හේමාලෝක හිමියන් බැහැ දැක කෙටි පිළිසඳරක නිතර විය.

අනතුරුව ආගමික වතාවත්හි නිරත වූ රාජපක්ෂ මැතිතුමා සහ මැතිණිය සර්වඥ ධාතුන් වහන්සේ වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්හ.

රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපතිතුමා විශේෂ සමරු සටහනක් ද තැබීය.

සාධාතුක කරඬුවවැඩම කරවීම සහ චාරිත්‍රාණුකූලව සර්ව රාත්‍රික ධර්ම දේශනයට  ආරාධනා කිරීම ජනාධිපතිතුමා විසින් සිදු කෙරිණ.

කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ආචාර්ය පූජ්‍ය දිවියගහ යසස්සි ස්වාමින් වහන්සේ, ඉතාලියේ මිලානෝ නුවර ලංකාරාමාධිපති පූජ්‍ය ඔලබොඩුවේ ධම්මික ස්වාමින් වහන්සේ ප්‍රධාන දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වැඩම කළ මහ සංඝරත්නය ඊට එක්ව සිටියහ.

 
 

ශ්‍රී ලංකා විදේශ සේවා නිලධාරීන්ගේ සංගමය රුපියල් මිලියන 2.8ක පරිත්‍යාගයක් COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පසුගියදා පිළිගැන්වීය. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද ඊට එක් විය.

සබරගමුව පළාත් සභා අරමුදල රුපියල් මිලියනයක්, රත්නපුරයේ ජානක රණවක මහතා රුපියල් ලක්ෂයක් සහ රත්නපුර දිස්ත්‍රීක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රුපියල් එක් ලක්ෂ පනස් පන්දහසක් ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර තිබූ අතර ඊට අදාළ චෙක්පත් පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාමික නිලධාරීන්ගේ සංගමය  රුපියල් ලක්ෂ 05ක් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් බෞද්ධ සංගමය රුපියල් ලක්ෂ 03ක් අරමුදලට පරිත්‍යාග කර තිබේ.

ලංකා සීනි පෞද්ගලික සමාගම ඝෘජුව තැන්පත් කළ රුපියල් මිලියන 3.5ක් සමඟ COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 900 ඉක්මවා ඇත.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ  අංක 85737373 දරණ  විශේෂ ගිණුමට  පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට  හැක

ශ්‍රී ලංකා විදේශ සේවා නිලධාරීන්ගේ සංගමය රුපියල් මිලියන 2.8ක පරිත්‍යාගයක් COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පසුගියදා පිළිගැන්වීය. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද ඊට එක් විය.

සබරගමුව පළාත් සභා අරමුදල රුපියල් මිලියනයක්, රත්නපුරයේ ජානක රණවක මහතා රුපියල් ලක්ෂයක් සහ රත්නපුර දිස්ත්‍රීක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රුපියල් එක් ලක්ෂ පනස් පන්දහසක් ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර තිබූ අතර ඊට අදාළ චෙක්පත් පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාමික නිලධාරීන්ගේ සංගමය  රුපියල් ලක්ෂ 05ක් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් බෞද්ධ සංගමය රුපියල් ලක්ෂ 03ක් අරමුදලට පරිත්‍යාග කර තිබේ.

ලංකා සීනි පෞද්ගලික සමාගම ඝෘජුව තැන්පත් කළ රුපියල් මිලියන 3.5ක් සමඟ COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 900 ඉක්මවා ඇත.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ  අංක 85737373 දරණ  විශේෂ ගිණුමට  පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට  හැක

COVID 19 වසංගතය නිසා අඩාල වූ ආර්ථිකය යළි ගොඩනැගීමට හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

ඒ සඳහා නව ආර්ථික මාදිලියක් සැකසීමේ වගකීම ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරේ. කාර්ය සාධක බලකාය විෂය ක්ෂේත්‍ර අනුව කොටස් වශයෙන් බෙදී ඉලක්කගත නව ආර්ථික සැලසුම් සකස් කර ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපතිතුමා කියා සිටී.

මැයි 11 දා සිට යළි යථා තත්වයට පත් කෙරෙන ජන ජිවිතයත් සමග ආර්ථිකය ද නගා සිටුවීමේ අරමුණින් ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ප්‍රථම සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය. මෙරට ආර්ථිකයට විශාල ශක්තියක් වූ ඇඟලුම් සහ සංචාරක කර්මාන්ත නව මුහුණුවරකින් ඇරඹිය යුතු බව රාජපක්ෂ මැතිතුමා පැවසීය.

COVID 19 වෛරසය මර්දනය කර නැගී සිටින රටවල් ඉලක්ක කර ගනිමින් සංචාරකයන් ගෙන්වා ගැනීමේ හැකියාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

COVID 19 මර්දනයට ශ්‍රී ලංකාව ගත් විධිමත් ක්‍රියාමාර්ග සෙසු රටවලට පෙන්වා දෙමින් දේශීය සහ බටහිර වෛද්‍ය ප්‍රතිකාර සඳහා (medical tourism) සංචාරකයන් ආකර්ශණය කර ගැනීමට පිළිවන.

අන්තර්ජාතිකව පිළිගත් සෞඛ්‍ය සහතිකයක් සමග වීසා නිකුත් කර වැඩියෙන් වියදම් කිරීමේ හැකියාව ඇති සංචාරකයන් ගෙන්වා ගැනීමට සැලසුම් කළයුතුය.

ඇතැම් රටවල සංචාරකයෝ ශීත සෘතුවේ දී දිගුකාලයක් සඳහා වෙනත් රටවලට යති. එවැනි සංචාරකයන් ඉලක්ක කර දිගුකාලීන සංචාරකයන්(long term Tourists)   ගෙන්වා ගනිමින් සංචාරක කර්මාන්තය කඩිනමින් නගා සිටුවිය හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

දේශීය සංචාරක ව්‍යාපාරය (domestic tourism) ප්‍රවර්ධනයට වැඩි අවධානයක් යොමු කිරීමෙන් හෝටල් කර්මාන්තය ආරක්ෂා කර ගැනීමේ හැකියාව ද කෙරෙහි ද අවධානය යොමු විය.

වරාය නගරය සහ හම්බන්තොට කර්මාන්ත කලාපය කේන්ද්‍ර කර ගනිමින් විදේශීය ආයෝජකයන් ගෙන්වා ගැනීමට ඇති හැකියාව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

විදේශ ණය වෙනුවට ආයෝජන ඉඩ ප්‍රස්ථා සැලසුම් කිරීමේ වගකීම අමාත්‍යාංශ ලේකම්වරුන්ට පවරනු ලැබීය.

ගත වූ සති කිහිපය තුළ නව නිර්මාණ රැසක් මෙරටින් බිහිව තිබේ. ඒවා ලෝක වෙළෙඳපොළට හඳුන්වාදෙමින් නව නිපැයුම් අපනයන ආර්ථිකයට දායක කර ගැනීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

ජනාධිපතිතුමාගේ අරමුණු ඉටුකර ගැනීමට නව දැක්මක් මත කටයුතු කිරීමට තම ජනාධිපති කාර්ය සාධක බලකායට ශක්තිය ඇති බව  සභාපති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

නව ව්‍යාපාර ආරම්භ කිරීමට සහ දැනට පවත්වාගෙන යන  මහා, මධ්‍ය, සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට රජයේ සහාය පූර්ණව ලබාදීමට තම බලකාය මැදිහත්වන බව කාර්ය සාධන බලකායේ ප්‍රධානියා කීය.

මැයි 11 දා සිට පෞද්ගලික ආයතනවල කාර්යාල පෙ.ව 10.00 ට ආරම්භ කරන ලෙස දැනුම් දී තිබුණ ද කර්මාන්ත කටයුතු සිය අවශ්‍යතාව මත පවත්වාගෙන යා හැකිය.

රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ සේවයේ නිරත කිසිදු අයෙකුට රැකිය අවස්ථා අහිමි නොවී රට ඉදිරියට ගෙන යාමට ගත යුතු ක්‍රියාමාර්ගද  බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

උසස් අධ්‍යාපනය සඳහා සිසුන් විශාල පිරිසක් ලෝකයේ බොහෝ රටවලට ගොස් ඇති බව මෙරටට පැමිණීමට කර ඇති ඉල්ලීම් මගින් අනාවරණය වී තිබේ. ඉන් රටින් පිටව ගිය විනිමය සංචිත අතිවිශාලය. උසස් අධ්‍යාපන ආයතන සදහා ආයෝජන අවස්ථා පුළුල් කර එම මුදල් මෙරට රඳවා ගැනීමට ඇති හැකියාව මෙන්ම විදේශ රටවල සිසුන් ද මෙරටට ගෙන්වා ගැනීමෙන් විශාල විදේශ විනිමයක් ඉපැයිය හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

වසරකට ඖෂධ ගෙන්වීමට විශාල විනිමයක් වැය කෙරේ. ඉන් බොහොමයක් ඖෂධ මෙරටදී නිෂ්පාදනය කළ හැකිය.  ඊට අවශ්‍ය පසුබිම කඩිනමින් සැකසීමේ වගකිම ද ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරේ.

කෘෂිකර්මාන්තයට අවශ්‍ය බීජ වර්ග රැසක් මෙරටදීම නිෂ්පාදනය කිරීම කෙරෙහි ද අවධානය යොමු කෙරිණ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, අග්‍රමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර කිහිපයක හිමිකරුවෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

රාජ්‍ය වෙසක් උළෙල- අෂ්ඨ ලෝක ධර්මය හමුවේ කම්පා නොවන බෞද්ධ ජනතාව කොවිඩ්19 වසංගතයත් ධර්මය තේරුම් ගැනීමට, ලෝක ස්භාවය තේරුම් ගැනීමට පිටුවහලක් කරගන්න- අග්‍රාමාත්‍ය

we4

we3

we2

we1

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය ප්‍රකාශයට පත්කිරීම සහ ඒ සම්බන්ධයෙන් රජය විසින් ගෙන ඇති විශේෂ පියවරයන්, ප්‍රචාරක කටයුතු පිළිබඳ මාධ්‍ය ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක්, ගරු තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඩබ්.ඒ්. චූලානන්ද පෙරේරා, බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් එම්.කේ. බන්දුල හරිස්චන්ද්‍ර සහ බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් 2020.05.04 (සඳුදා) දින තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පැවැත්විණ.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය සාහිත්‍යසූරී රාජකීය පණ්ඩිත අති පූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නායක ස්වාමීන් වහන්සේ, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ මහා නායක ශ්‍රී ධර්මරක්ෂිත වංශාලංකාර රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ප්‍රඥාසිංහ ධර්මකීර්ති ශ්‍රී අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මහා නායක ස්වාමීන් වහන්සේ, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ, පුජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නායක ස්වාමීන් වහන්සේ, පුජ්‍ය මහාචාර්ය ඉ‍දුරාගාරේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ, පූජ්‍ය මහාචාර්ය මාගම්මන පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ, බෙල්ලන්විල රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ, කොළඹ 02  හුනුපිටිය ගංගාරාම විහාරාධිකාරි පුජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි  නායක ස්වාමීන් වහන්සේ, ශාස්ත්‍රවේදී පූජ්‍ය අග්‍රහැරේ කස්සප ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේ සහභාගිවූහ.

 

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter