නවතම පුවත්

සියලු ක්ෂේත්‍රවල වැඩ පහළම තැන සිට ආරම්භ කර ඇති නිසා දැන් අවශ්‍ය වන්නේ ජනතාවට කඩිනම් ප්‍රතිඵල අත් කරදීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට කියා සිටී.

ජනතා අභිවෘද්ධියට සහ රටේ ආර්ථික සංවර්ධනයට ප්‍රමුඛතාව දෙමින් රාජ්‍ය අමාත්‍යාංශ නිර්මාණය කර තිබේ. ඉලක්ක ළගාකර ගැනීමේදී ලේකම්වරුන්ට විශාල වගකීමක් හා කාර්ය භාරයක් පැවරී ඇත. ජනතාව අතරට ගොස් ගැටලු විසඳමින් අභියෝගය ජය ගැනීමට ක්‍රියා කරන්නැයි ජනාධිපතිතුමා නව රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කරමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.

අද පත්වීම් ලද රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාම ලේඛනය :

01-ඩී. පී. ජී. කුමාරසිරි මහතා

වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය

02- එස්. ඩී. ඒ. බී. බොරලැස්ස මහතා
ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

03-කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා
සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය

04-එම්. එන්. රණසිංහ මහතා
පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශය

05-එස්. ටී. කොඩිකාර මහතා
ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය

06-එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා
නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය

07-එච්. කේ. ඩී. ඩබ්ලිව්. එම්. එන්. බී. හපුහින්න මහතා
සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

08-තිස්ස හේවාවිතාන මහතා
පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය

09-එම්. දේවසුරෙන්ද්‍ර මහතා
ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

10-එම්. ඒ. බී. වී. බණ්ඩාරනායක මහතා
වේවැල්. පිත්තල, මැටි, ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

11-එස්. එච්. හරිස්චන්ද්‍ර මහතා
දහම් පාසැල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශය

12-එස්. අරුමෛනායගම් මහතා
විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යාංශය

13-එස්. ජී. විජයබන්දු මහතා
ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

14-එස්. සේනානායක මහතා
පශු සම්පත්, ගොවිපොල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය

15-ඒ. සේනානායක මහතා
තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

16-ජී. සී. කරුණාරත්න මහත්මිය
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය

17-කේ. එච්. ඩී. කේ. සමරකෝන් මහතා
සූර්ය බල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

18-ඩී. ඩී. මාතරආරච්චි මහතා
ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

19-මහාචාර්ය රංජිත් දිසානායක මහතා
ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය

20-ඒ. කේ. ඩබ්ලිව්. ඩබ්ලිව්. එම්. එන්. කේ.වීරසේකර මහත්මිය
දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය

21-ආර්. සුනේත්‍රා ගුණවර්ධන මහත්මිය
බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය

22-කේ. එම්. එස්. ඩී. ජයසේකර මහත්මිය
කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල්යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය

23-ඩබ්ලිව්. බී. පළුගස්වැව මහතා
මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

24-ඩී. එල්. පී. ආර්. අභයරත්න මහතා
උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලිභෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

25-කේ. ආර්. උඩුවාවල මහතා
ඖෂධ නිෂ්පාදනය, සෑපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය

26-ජේ. එම්. තිලකරත්න බණ්ඩා මහතා
සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත භෝග වගා, තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන     ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

27-එල්. එල්. ඒ. විජේසිරි මහතා
වි හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ළූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය

28-ආර්. එම්. ඒ. රත්නායක මහතා
මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය

29-ඩී. ඩී. ආරියරත්න මහතා
ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

30-කීර්ති රංජිත් අබේසිරිවර්ධන මහතා
ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

31- එස්. එම්. ඩී. එල්. ඩී.  අල්විස් මහතා
වාහන නියාමනය, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය

32-ආචාර්ය එම්. උපාලි සේදර මහතා
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

33- මේජර් ජනරාල් (විශ්‍රාමික) ඩබ්ලිව්. පී. පී. ප්‍රනාන්දු මහතා
වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම
හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

34- ජයන්ත චන්ද්‍රසෝම මහතා
විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන,බහුදින ධීවර කටයුතු හා
මත්ස්‍ය  අපනයන රාජ්‍ය අමාත්‍යාංශය

35-රවීන්ද්‍ර සමරවික්‍රම මහතා
ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

 
 

ශක්තිමත් දේශීය ආර්ථිකයක් ගොඩනගනු පිණිස කෘෂි අස්වනු වැඩි කිරීමට කාලය එළැඹ ඇතැයි පෙන්වා දෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ සඳහා යෝජනා රැසක් ඉදිරිපත් කරයි.

කොවිඩ් වසංගතය නිසා බිඳ වැටෙමින් පවතින සෙසු රටවල ආර්ථිකයන් නිරීක්ෂණය කොට දේශීය කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කරයි.

බීජ සහ පැළ නිෂ්පාදනය, පොහොර භාවිතය, කෘෂි නවෝත්පාදන පර්යේෂණ, ගබඩාකරණය සහ ප්‍රවාහනය යන සියලු ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමුකරමින් ඉදිරි දෙවසරේදී අභියෝගගත ඉලක්ක සපුරාගත යුතු බව රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

වී හා ධාන්‍ය, කාබනික පොහොර, එළවළු, පළතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

මෙරට වාර්ෂික අර්තාපල් අස්වැන්න ටොන් 80,000කි. පාරිභෝගික අවශ්‍යතාව ටොන් 2,50,000ක් වේ. අර්තාපල් ආනයනය නොකර දේශීයව  අවශ්‍යතාව සපුරා ගැනීමට ගොවීන් දිරිමත් කළයුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ඉහළ තාක්ෂණයක් යටතේ දෙමුහුන් බීජ සහ පැළ, ගොවීන්ට බෙදාදී ඉලක්කකය ජය ගැනීමටත්, වෙනත් ආදේශක අල වර්ග  පාරිභෝජනයට දිරි ගැන්වීමෙන් අර්තාපල් ආනයනය සීමා කිරීමටත් හැකි බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා  පෙන්වා දුන්නේය. ලබන වසරේදී බඩඉරිඟු නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත තත්වය අත්කර ගැනීමට  හැකියාව ඇතැයිද බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

බීජ සහ පැළ නිෂ්පාදනයට නූතන තාක්ෂණය උපයෝගි කරගත යුතු අතර, ඊට අවශ්‍ය පර්යේෂණ සිදු කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ.

ගබඩාකරණයේදී සහ ප්‍රවාහනයේදී වන හානිය මගහරවා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

වසර 08ක කාලයක සිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට බඳවාගැනීම්  කර නැත. පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කර ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඉහළ ප්‍රමිතියෙන් යුත් පොහොර සුදුසු පරිදි භාවිතයටත්, සෞඛ්‍ය සම්පන්න සහ ඵලදායී පරපුරක් බිහි කිරීමට කාබනික පොහොර භාවිතයට යොමුවීම ගැනත් ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹීමේ වැදගත්කමත් ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබීය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශයට අයත් නිලධාරීහූ සහ ගොවි සංගම් සහ කෘෂි ව්‍යාපාර ආයතන  නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

තැපැල් සේවා හා ජනමාධ්යවේදී වෘත්තීය සංවර්ධන රාජ්ය අමාත්යංශයේ ලේකම් A.සේනාරත්න මහතා පසුගියදා සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේය.

පසුගිය 19 වනදා රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් අදාළ පත්කිරීම් සඳහා අනුමැතිය ලබා දී ඇති බව සදහන් වේ.
  
ආර්. එම්. ඒ. රත්නායක මහතා- මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය
 
එච්. කේ. ඩී. ඩබ්ලිව්. එම්. එන්. බී. හපුහින්න මහතා – සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
 
එස්. ටී. කොඩිකාර මහතා- ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
 
කීර්ති රංජිත් අබේසිරිවර්ධන මහතා- ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
 
ඩී. පී. ජී. කුමාරසිරි මහතා- වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය
 
ජී. සී. කරුණාරත්න මහත්මිය-බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය
 
කේ. එම්. එස්. ඩී. ජයසේකර මහත්මිය- කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල්යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය
 
ආචාර්ය එම්. උපාලි සේදර මහතා- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
 
එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා- නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය
 
එස්. එච්. හරිස්චන්ද්‍ර මහතා- දහම් පාසැල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශය
 
කේ. ආර්. උඩුවාවල මහතා- ඖෂධ නිෂ්පාදනය, සෑපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය
 
ඒ. කේ. ඩබ්ලිව්. ඩබ්ලිව්. එම්. එන්. කේ.- දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජාවීරසේකර මහත්මියසෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය
 
එස්. අරුමෛනායගම් මහතා- විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යාංශය
 
ඩබ්ලිව්. පී. පී. ප්‍රනාන්දු මහතා- වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිතවැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
 
එල්. එල්. ඒ. විජේසිරි මහතා- වි හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ළුෑනු හා අර්තාපල්වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය
 
එම්. එන්. රණසිංහ මහතා-පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශකභාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශය
 
එස්. සේනානායක මහතා-පශු සම්පත්, ගොවිපොල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්තරාජ්‍ය අමාත්‍යාංශය
 
ඩබ්ලිව්. බී. පළුස්වැව මහතා- මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම්සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
 
ඩී. ඩී. ආරියරත්න මහතා-ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
 
එස්. ඩී. ඒ. බී. බොරලැස්ස මහතා- ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධනරාජ්‍ය අමාත්‍යාංශය
 
ජයන්ත චන්ද්‍රසෝම මහතා- විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන,බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශය
 
ජේ. එම්. තිලකරත්න බණ්ඩා මහතා- සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත භෝග වගා, තේකර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
 
තිස්ස හේවාවිතාන මහතා- පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩනිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය
 
ඩී. එල්. පී. ආර්. අභයරත්න මහතා- උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලිභෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
 
එස්. ජී. විජයබන්දු මහතා- ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
 
කේ. එච්. ඩී. කේ. සමරකෝන් මහතා- සූර්ය බල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
 
ඩී. ඩී. මාතරආරච්චි මහතා-ගුදම් පහසුකම්, බහා ̈ම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හානැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
 
මහාචාර්ය රංජිත් දිසානායක මහතා- ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම රාජ්‍ය අමාත්‍යාංශය
 
එස්. එම්. ඩී. එල්. කේ. ද අල්විස් මහතා- වාහන නියාමනය, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථකර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය
 
කේ. එච්. රවීන්ද්‍ර සමරවික්‍රම මහතා- ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
 
එම්. දේවසුරෙන්ද්‍ර මහතා- ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
 
කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා- සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍යඅමාත්‍යාංශය
 
ආර්. සුනේත්‍රා ගුණවර්ධන මහත්මිය- බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය
 
එම්. ඒ. බී. වී. බණ්ඩාරනායක මහතා- වේවැල්. පිත්තල, මැටි, ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
 
ඒ. සේනානායක මහතා- තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

රට හදන සෞභාග්‍යයේ දැක්ම ජාතික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ඇතුළත් වන ජනමාධ්‍ය ප‍්‍රතිපත්තියට අනුව ජනමාධ්‍යවේදීන්ට සහන සැලසීම සඳහා දිවයින පුරා විසිරී සිටින සියලූම ජනමාධ්‍යවේදීන්ගේ තොරතුරු රැස්කිරීම ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් සිදුකරමින් පවතී. මෙම ව්‍යාපෘතිය යටතේ මේ වනවිටත් මාධ්‍යවේදීන් රැසක් ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත තොරතුරු ලබාදී ඇත.

එහෙත්, මේ වනතෙක් තොරතුරු ලබාදීමට නොහැකි වූ ජනමාධ්‍යවේදීන්හට තම තොරතුරු ලබාදීමට හැකි කාලය 2020.09.15 දින දක්වා දීර්ඝ කර තිබේ.

ඒ සඳහා සකස්කරන ලද අයදුම් පත‍්‍රය ජනමාධ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියෙන් (www.media.gov.lk) බාගත කරගැනීමට (Download) හෝ අමාත්‍යංශයට පැමිණ ලබාගත හැකි අතර, සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2020 සැප්තැම්බර් මස 15 වන දිනට පෙර අධ්‍යක්ෂ (මාධ්‍ය), ජනමාධ්‍ය අමාත්‍යංශය, අංක 163, ‘‘ඇසි දිසි මැඳුර’’, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05 යන ලිපිනයට යොමුකළ යුතු වේ.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් 2019 වසරේ හෝ 2020 වර්ෂයේ නිකුත් කරන ලද මාධ්‍යවේදී හැඳුනුම්පත ලබාගෙන ඇති ජනමාධ්‍යවේදීන්ගෙන් පමණක් මෙම තොරතුරු ලබාගැනීමට අපේක්ෂා කෙරේ.

අයදුම් පත‍් URL: https://sinhala.media.gov.lk/images/pdf_word/2020/2508sin.pdf

මේ පිළිබ`ද වැඩිදුර විස්තර 0112 513645 දුරකථන අංකය අමතා ලබාගත හැකිය.

සමෘද්ධි සහනාධාරය රටට බරක් වීමට ඉඩ නොතබා එය අඩු ආදායම්ලාභී ජනතාව බලගැන්වෙන වැඩසටහනක් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙයි.

දුගීකම සහ සමාජ අසමානතාව අවම කළ හැක්කේ අඩු ආදායම්ලාභීන්ට නව ආදායම් මාර්ග විවෘත කර ඔවුන් වැඩි ආදායම්ලාභීන් කිරීමෙනි. එම නිසා දරිද්‍රතාව තුරන් කිරීමට ප්‍රමුඛතාව දෙමින් සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

සෑම පවුලකම ආදායම වැඩි කිරීම, ග්‍රාමීය ආර්ථිකයේ දියුණුව, ජනතා කේන්ද්‍රීය ආර්ථිකය සවිමත් කිරීම යන කරුණු ඊට පාදක කරගත යුතු යැයි  ද ජනාධිපතිතුමා පැවසීය.

සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබදව අද (24) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

සමෘද්ධි ප්‍රතිලාභ සදහා වාර්ෂිකව වැය කෙරෙන මුදල  රුපියල් මිලියන 50,000කි. එම මුදල රටට ආයෝජනයක් විය යුතුය. සමෘද්ධිලාභී සහනාධාර මානසිකත්වයෙන් මුදාගෙන ක්ෂුද්‍ර ව්‍යවසායකයෙක් බවට පත් කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් සැලසුම් කළයුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. එහිදී නිසි පසුවිපරමක අවශ්‍යතාව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

සවිබල ගැන්වූ සමෘද්ධි ප්‍රතිලාභියා සමෘද්ධි වැඩසටහන හා තබා ගනිමින් රටට ප්‍රතිලාභ හිමිවන වැඩපිළිවෙළක් සැකසිය යුතුය. ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමවලින් ප්‍රතිලාභ දීමට නම් නියාමනය අනිවාර්ය වේ. මූල්‍ය සාක්ෂරතාව අවබෝධකර ගැනීම ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල වැදගත් කාර්ය භාරයකි. සමාජ වෙනසකට ජනතාව තුළ උද්යෝගයක් ඇතිව තිබෙන පසුබිම ගෘහ ආර්ථිකය දියුණු කිරීමට පාදක කර ගැනීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

කොවිඩ් 19 වැනි අභියෝගකාරි තත්වයකට මුහුණදුන් ජනතාවට සිය ආර්ථිකය නංවා ගැනීම වෙනුවෙන් බැංකු විසින් සහනදායී වැඩසටහන් හදුන්වාදීමේ වැදගත්කම  පැහැදිළි කළ ජනාධිපතිතුමා ජනතාවට මෙන්ම රටටද යහපත් ආර්ථිකයක් උදාකර ගත හැක්කේ එවිට බව කියා සිටියේය.

“සමෘද්ධිය” සැබවින්ම හිමිවිය යුතු කණ්ඩායම් හඳුනා ගැනීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ. ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටළුවක් බවට පත්ව ඇති බවත්, ණය නියාමන අධිකාරී පනතක් හෝ වෙනත් පනතක් මගින් එය නියාමනය කළයුතුයැයි ද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

ජනාධිපතිතුමාගේ මූලික අපේක්ෂාවක් වන ජනතාවට ඉඩම් අයිතිය නිරවුල් කර දීම වහාම ඇරඹිය යුතුව ඇතැයි ද බැසිල් රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය.

පොල්, අඹ, කොස් වැනි බෝග වගාව අරඹා ගෘහ ආර්ථිකය දියුණු කිරීම ආරම්භ කළ යුතු බව  ජනාධිපතිතුමා පැවසීය. වනජීවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති ඉඩම් නැවත ප්‍රාදේශීය ලේකම් කාර්යාල යටතට පවරා ජනතාවට නිසි අයිතිය ලබාදීම කඩිනමින් කළයුතු බව ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, බැසිල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්.ආටිගල යන මහත්වරු, රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීහු සහ බැංකු ක්ෂේත්‍රය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මීට එක්ව සිටියහ.

 
 

මහා සංඝරත්නයේ ඉල්ලීම මත ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි.

විශ්වවිද්‍යාල දෙක විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට පත් කිරීමේ හැකියාව සොයා බැලීමට ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය. ඒවායේ අනන්‍යතාව සුරැකෙන පරිදි   අධීක්ෂණ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා යටතේ විධිමත්ව සිදුකරන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ 05 වැනි සභා වාරයේ දී ජනාධිපතිතුමා විසින් මේ තීරණය ගනු ලැබීය.

ජනාධිපති උපදේශක සභා වාර 04කදී මහා සංඝරත්නය  කළ යෝජනා සහ අනුශාසනා සම්බන්ධයෙන් රජය ගත් ක්‍රියාමාර්ග සහ ඒවායේ ප්‍රගතිය ඉදිරි සභාවේදි ඉදිරිපත් කරන බව ජනාධිපතිතුමා පැවසීය.

රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස්  කිරීමේදී බෞද්ධ උපදේශන සභාවේ අනුශාසනා පාදක කරගත් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී ඉදිරියටත් මහා සංඝරත්නයේ මගපෙන්වීම තමා අපේක්ෂා කරන්නේයැයි  කීය. දහම්පාසල්, භික්ෂු අධ්‍යාපනය, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල ඒවායේ උන්නතිය උදෙසා එක් රාජ්‍ය අමාත්‍යාංශයක ඝෘජු අධීක්ෂණයට පත් කළ බව රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ වර්තමාන පිරිවෙන් අධ්‍යාපනයේ ගැටළු නිරාකරණයට හා දහම් පාසල් අධ්‍යාපනය ක්‍රමවත් වැඩපිළිවෙළක්  සහ  නියාමනය තුළින් ගුණාත්මක තත්ත්වයට පත් කිරීමට ජනාධිපතිතුමා ගන්නා උත්සාහයට මහා සංඝරත්නය  ප්‍රසාදය පළ කළහ.

මෙවර පාර්ලිමේන්තුවට විපක්ෂ නායක ඇතුළු තනතුරුවලට තෝරාගැනීමේදී අනුගමනය කළ පිළිවෙත රටටම ආදර්ශයක් බව මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නා හිමියෝ සඳහන් කළහ. පසුගිය රජය සමයේ එම තනතුරුවලට පත්කළ ආකාරය ජනතාව පිළිකුල් සහගතව බලා සිටී බව  උන්වහන්සේ පෙන්වා දුන්හ.

අමාත්‍යාංශ සිමා කිරීමට ගත් තීරණය මහජන මුදල් ඉතිරිකිරීමට ඉවහල් වන බව  අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියෝ කීහ.

“යහපත් සිහිය” ජීවිතයට ඉතා වැදගත්වන බව පෙන්වා දුන් මිතිරිගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය උඩුඊරියගම ධම්මජීව හිමියෝ එය පාසල් පංතිකාමරයට හඳුන්වාදීමේ වැදගත්කම පෙන්වා දුන්හ.

ගුරු භික්ෂුන් වහන්සේට, දෙමව්පියන්ට සහ සහෝදර සහෝදරියන්ට රෝහල්ගතව ප්‍රතිකාර  ගැනීමට අග්‍රහාර රක්ෂණ ක්‍රමයට සමාන රක්ෂණයක් හඳුන්වාදීමේ අවශ්‍යතාව මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන ස්වාමින් වහන්සේ යෝජනා කළහ.

රජයේ රැකියාදීමේදී දහම්පාසල් අවසාන සහ ධර්මාචාර්ය සහතික පත්‍රයට ලකුණු දීමේ ක්‍රමයක වැදගත්කම පූජ්‍ය දිවියගහ යසස්සි හිමියෝ පෙන්වා දුන්හ.

භික්ෂු අධ්‍යාපනය හා බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ කතිකාවතක් හෝ ථෙරවාද බුදු දහම පිළිබඳ සංඝායනාවක් අවශ්‍ය බව මාහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ යෝජනා කළහ.

බෞද්ධ උපදේශක සභාව නියෝජනය කරන මහා සංඝරත්නය සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම යන මහත්වරු ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

 
 

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අභිනව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (21) පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමකින් තොරව සම්මත වෙයි.

අද (21) උදෑසන සිට නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවදය ආරම්භ විය. මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක මහතා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කර තිබුණි. ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේ දී සම්මත වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේ ය.

09 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකළ කතාව පහතින්,
 
අගෝස්තු 5 දා පැවැත්වූයේ ලංකාවේ පෙරළියක් සිදුවූ මැතිවරණයක්. ඉතිහාසයේ ප්‍රථම වතාට සමානුපාතික ක්‍රමය යටතේ පැවැති මැතිවරණයකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හා මිත්‍ර කණ්ඩායම්වල ලබාදුන් දේශ ප්‍රේමී ජනතාවට ස්තූතිය ප්‍රකාශ කරනවා.
 
සර්ව ජන ඡන්ද බලය අපගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ඡන්දය භාවිත කළ සියලු දෙනාට ස්තූතියි. ජනපතිවරණයේ ලක්ෂ 69ක් මට ඡන්දය දුන්නේ මා ගැන විශ්වාසයෙන්.
 
එය කඩකර නොමැති බවට මම මේ දක්වා ඔප්පු කර තිබෙනවා. අපි භාර ගත්තේ කඩා වැටුණු ආර්ථිකයක්. අපිට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව අප කටයුතු කළා.
 
අප කොවිඩ් 19 ව්‍යවසනය සමග කටයුතු කළා. අපි එම අභියෝගයට සාර්ථකව මුහුණ දුන්නා. මෙහිදි අප කටයුතු කළ ආකාරය ගැන විදේශ රටවල් පවා ප්‍රසාදයට ලක්කළා.
 
මේ මාස 9ක කාලය තුළ අප කටයුතු කළ ආකාරය පැහැදිලි බව අප ලැබූ ජයග්‍රහණයෙන් ඔප්පු වුණා. දේශපානයේ සිදුවන වෙනස ජනතාව අපේක්ෂා කරමින් ඉන්නවා.
 
ජනතා පරමාධිපත්‍ය සුරකින්නට පුළුවන් වන්නේ එවිටයි. අපේ ව්‍යවස්ථාවට අනුව මගේ ධුර කාලය තුළ ඒකීය භාවය ආරක්ෂා කර බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කරනවා.
 
රාජ්‍ය පාලනයට උපදෙස් ලබාගැනීමට ප්‍රධාන පෙළේ බෞද්ධ ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් යුතු උපදේශක සභාවක් පත්කර තිබෙනවා.
 
බුද්ධාගමට ප්‍රමුඛස්ථාව සලසන අතරේම මේ රටේ ඕනෑම ආගමක් ඇදහිය හැකි බවට ජනතාවට දැන් ඒත්තු ගැන්වී තිබෙනවා.
 
ග්‍රාමීය කලා ශිල්ප ආරක්ෂා කිරීමට රජය කටයුතු කරනවා. පාස්කු ප්‍රහාරය නිසා ජනතාව අතර ආරක්ෂාව ගැන විශ්වාසය බිඳ වැටී තිබුණා.
 
අපි ආරක්ෂක හා බුද්ධි අංශ ප්‍රතිව්‍යුහගත කර සුරක්ෂතතාව ඇතිකර තිබෙනවා. ඕනෑම පුරවැසියෙකුට තමන්ගේ ආරක්ෂාව ගැන බිය නොවී කටයුතු කිරීමේ අවස්ථාව අපි ගොඩ නගා තිබෙනවා.ප
 
පාතාලය හා මත්ද්‍රව්‍ය උවදුරෙන් ජනතාව ගලවා ගැනීමට වැඩපිළිවෙළක් තිබීම ගැන ජනතා විශ්වාසය ගෙඩ නැගී තිබේනවා.
 
ගුණගරුක, විනය ගරුක සමාජයක් ගොඩ නැගෙනමින් තිබෙනවා. යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩ නැගෙමින් තිබෙනවා.
 
රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත්කිරීමට කමිටුවක් පත්කර තිබෙනවා. මෙහිදී පළපුරුදු කණ්ඩායමක් අපි පත්කළා. මේ ප්‍රතිපත්තිය අපි ඉදිරියට ගෙනියනවා.
 
අපි නිශ්පාදන ආර්ථිකයක් ගොඩනගමින් තිබෙනවා. ආනයන සීමා කළා. මෙරට වගා කළ හැකි බෝග ආනයනය සම්පූර්ණයෙන් නවතා දේශීය ගොවිය ආරක්ෂා කළා.
 
පොහොර නොමිලයේ ලබාදුන්නා. අතහැර තිබූ වගා ඉඩම් නැවත අස්වද්දනට ජනතාව උනන්දු කළා. කෘෂිකර්මානත්යට නව පනක් දුන්නා.
 
දේශීය ව්‍යාපාරිකායට බදු සහන දුන්නා. ව්‍යාපාරිකයා දිරිමත් කිරීමට පොලී අනුපාත අඩුකළා. අපි ජනතා විශ්වාසය තහවුරු වන ආකාරයට ජනතාවට සේවය කරනවා.
 
ජනවරම නිවරදිව අර්ථකතනය කිරීම වැදගත් වෙනවා. මා කෙරෙහි , අගමැතිතුමා කෙරෙහි දැක්වූ විශ්වාසයට අපි ස්තුතිය ප්‍රකාශ කරනවා.
 
මෙවැනි ජනවරමක් දුන්නේ කුමන අභිලාෂයක් නිසාද යන්න අපි දන්නවා. ඒ අභිලාෂයන් බිඳ වට්ටන්නේ නෑ. මහජන සේවකයෙකුගේ වගකීම ජනතා සේවයයි.
 
මේ සියලු තනතරු වරප්‍රසාද නොව වගකීම් බව මතක තබාගෙන වගකීම් ඉටකළ යුතුයි. මම රට පුරා සංචාරය කළා.
 
මේ සංචාරවලදී ජනතා අතරට ගොස් සෘජුවම ඔවන්ගේ ගැටලුවට සවන් දන්නා. මෙයින් බහුතරව පොදු ඉල්ලීම්. නිදහසින් පසුවත් ඒවා ඉටු වී නෑ.
 
වසර ගණනාවක් පුරා ඉඩම් නොමැති ජනතාව ඉන්නවා. ඔවුන්ට අපි ඔප්පු දෙනවා. පරම්පාරාවෙන් එන ඉඩම් වලින් හා වගා බිම් වලින් ඔවුන් ඉවත් කරන්නේ නෑ. අලි මිනිස් ගැටුම විසඳීමට කමිටුවක් පත්කර තිබෙනව.
 
බොහෝ පිරිසක් පානිය ජලය නොමැතිව පීඩා විදිනවා. ජාතික ප්‍රතිපත්තියක් ලෙස ඉදිරි වසර කිහිපය තුළ රටේ සෑම ප්‍ර දේශයකටම පානීය ජලය ලබාදීමට කටයුතු කරනවා.
 
දෙමාපියන ඉල්ලා සිටින්නේ සුදුසු පාසලක්. ප්‍රමාණවත් තරම් ජාතික පාසල් නෑ. පාසල්වල අඩුපාඩුකම් තිබෙන බව පේනවා.
 
විද්‍යා හා තාක්ෂණික විශයන් හදාරණ ලෙස දරුවන්ට කිව්වත් ඒ සඳහා පහසුකම් නෑ. දැරුවන්ගේ නිපුණතා වර්ධනයට උපකාර කිරීමට රජය දරණ වියදම අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක්.
 
ග්‍රාමීය රෝහල් වල සම්පත් හා පහසුකම් අඩුයි. ඖෂධ ආනයනය කරනවා වෙනුවට ඖෂධ ලංකාවේ නිපදවීමට කටයුතු කරනවා.
 
ඖෂධ ආනයනයේදී සිදුවෙන අක්‍රමිකතා නැති කිරීමට කටයුතු කරනවා. ජනතාවගෙන් විශාල පිරිසක් ජීවත් වන්නේ ස්වයං රැකියාවෙන්
 
ගොවි ජනතාව ඉල්ලා සිටිනනේ පොහොර හා ජලයයි. මේ ගැටලු අපි විසඳනවා. රැකියා ගැටලුව විසඳීමට කෙටි කාලීන හා දිගු කාලීන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.
 
දිළිඳු පවුල් ලක්ෂයකට රැකියා ලබාදෙනවා. උපාධිධාරීන් 60000කට රැකියා ලබාදෙනවා. රජයේ රැකියා ලබාදීමේදී දුප්පත්ම පවුල්වලට ප්‍රමුඛතාව දෙනවා.
 
රජයේ රැකියා ලබාදීමේදී සෑම පළාතකමට සමානව බෙදා දෙනවා. කිසිය ආයතනයට අනව්‍යශ ලෙස කර්ය මණ්ඩල බඳවා ගන්නේ නෑ.
 
සෑම අමාත්‍යාංශයක්ම ඒ ඒ ක්ෂේත්‍රය තුළ පෞද්ගලික අංශය සමග එක්ව රැකියා බිහි කරනවා. අපෙග් යුතුකම වන්නේ රැකියා බෙදාදීම නොව රැකියා උත්පාදනයයි.
 
ආර්ථික පුනර්ජීවනය වෙනුවෙන් අපි වෙනස්ව සිතිය යුතුයි.මෙවර අමාත්‍යාංශ වෙන් කළේ එම අරමුණු පෙරදැරිවයි.
 
ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක වැදගත්මක අපි තේරුම් ගෙන තිබෙනවා. දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම මෙන්ම අපනයන ආදායම වැඩි කර ගැනීමත් අපේ මූලික ඉලක්කයක්.
 
තේ පොල් රබර් වලින් ලැබෙන ආදයම ගැන සතුටු විය නොහැකියි. තේ වගාව දියුණු කළ යුතුයි. වැසී ගිය තේ කර්මාන්ත ශාලා යළි විවෘ තරනවා.
 
ලංකාවේ තේ නාමයට තිබුණ පිළැගිනීම ශක්තිමත් කරනවා. පොල් අලුත් වගාවට දිරි දෙනවා. මෙරට රබර් භාවිත කිරීමට රබර් කර්මාන්ත කරුවන් දිරිමත් කරනවා. කටුපොල් වගාව නවත්වනවා.
 
අමාත්‍යාංශවලට වගකීම් පැවැරීමේදී යටිතල පහසුකම් සැපයීමට හා නිවාස ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට අදහස් කළා. විවිධ ක්ෂේත්‍රවලට රාජ්‍ය අමාත්‍යවරුන් පත්කළා.
 
අමාත්‍යාංශ නම් කිරීමේදී අධ්‍යාපන විශය එක් අමාත්‍යාංශයක් යටතට ගෙනවා. අපේ අනාගත ඉලක්ක සපුරා ගැනීමේදී තාක්ෂණික අධ්‍යාපනයට විශාල අවධානයක් යොමු විය යුතුයි.
 
උසස් පෙළ සිසුන්ට විශ්ව විද්‍යාල අවස්ථා වැඩිවන පරිදි පහසුකම් දිරිමත් කරනවා. පුනර්ජනනීය බලශක්ති මාර්ග ප්‍රවර්ධනයට වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් ස්ථාපිත කළා.
 
ව්‍යාපාරිකයන්ට වෙළදපොළවල් සොයා ගැනීමට අමාත්‍යාංශ උපකාර කළ යුතුයි. ස්වාභාවික සම්පත් අපට තිබුණත් අගය එකතු කිරීමක් සිදුවන්නේ නෑ. ඒවා අපනයනය කිරීමේදී අගය එකතු කිරීමට කටයුතු කරනවා.
 
පාරම්පරික කර්මාන්ත නිසියාකාරව ගොඩ නැංවීමෙන් රැකිය අවස්ථා වැඩි කිරිමටත් අපනයන වැඩි කිරීමටත් කටයුතු කරනවා.
 
ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවිය යුතුයි. ඒ සඳහා තාක්ෂණයෙන් යුත් නව ප්‍ර වේශයක් අවශ්‍යව තිබෙනවා.
 
ඉහළ ප්‍රමිතියෙන් යුත් බීජ දේශීය නිශ්පාදන කර ගොවීන්ට ලබාදෙනවා. අස්වනු නාස්තිය අවම කිරීමට කටයුතු කරනවා.
 
කිරි හා බිත්තර නිශ්පාදනය දිරිමත් කරනවා. ගොවිතැන කාබනික ගොවිතැනක් කරා යොමුකරනවා.
 
ධීවර කර්මාන්තය දියුණු කළ යුතුයි. මුහුදෙන් වටවූ රටක් ලෙස අප මාලු ආනයනය නතර කළ යුතුයි. අලුතෙන් වරායවල් ඉදිකරනවා.විදේශ යාත්‍රා වලින් ලංකාවේ මාලු අස්වැන්න සූරා කෑම අපි නතර කරනවා.
 
සෑම අමාත්‍යාංශයකටම විෂය පථය වෙන්කර තිබෙනවා. එහි කාර්ක්ෂමතාව අධීක්ෂණය කරනවා.
 
රාජ්‍ය සේවයෙන් තමන් බලාපොරොත්තු වන සේවය කාර්යක්ෂමව නොලැබෙන බවට ජනතාව කියනවා. ජනතාවට ලබාදෙන සේවාවන් කඩිනමින් ලබාදෙන ලෙස අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.
 
ජනතාවට සේවාවන් ලබාදිමේදී අනුගමනය කරන සාම්ප්‍රදායික ක්‍රියා වලින් වෙනුවට ජනතාවට කඩිනමින් සේවය කිරීමට නව ක්‍රම වේදනයන් හඳුනා ගත යුතුයි.
 
මේ සඳහා හැකි තාක් දුරට නව තාක්ෂණික විසඳුම් සොයා ගත යුතුයි. නාස්තිය හා දූෂණය පිටුදකින බවට අපි පොරොන්දු වුණා.
 
සියලු අමාත්‍යාංශ වල නාස්තිය හා දූෂණය නවතා දමනවා.ඒවට සම්බන්ධ පුද්ගලයිනට තරා තිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා.
 
ඉලක්ක සපුරා ගැනීමේ ප්‍රගතිය නිරන්තරයෙන් පසු විපරම් කරනවා. අවශ්‍ය වෙනසම් කිරීමට මා කිසිවිටෙකත් පසුබට වන්නේ නෑ.
 
ජනතා නියෝජිතයන් බලය ලබාගැනීමෙන් පසුව ජනතාව අතරට යනනේ නෑ. අමාත්‍යවරුන් මන්ත්‍රීවරුන් නිරන්තරයෙන් ජනතාව අතරට ගොස් ඔවුන්ගේ ගැටලු විසඳිය යුතුයි.
 
19 වතාවක් සංශෝධනය වි ඇති අපගෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා ගැටලු රැසක් තිබෙනවා. අපගේ පළමු කාර්යයක් ලෙස අපි ජනතාවට පොරොන්දු වූ පරිදි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරනවා.
 
ඉන් පසුව රටට ගැලපෙන නව ව්‍යවස්ථාවක් ගෙන එනවා. එක රටක් එක නීතියක් යන සංකල්පයට මූලිකත්වය දෙනවා.
 
අන්තවාදයට යට වන අස්ථාවර පාර්ලිමේන්තුවක් රටට සුදුසු නෑ. නව ව්‍යවස්ථාවක් සකස් කිරිමේදී මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතු වෙනවා.
 
මම මගේ රටට ආදරය කරනවා.
 
මම මගේ රට ගැන ආඩම්බර වෙනවා.
 
මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා.
 
අපේ අරමුණ ගුණ ගරුක දේශයක් ගෙඩ නැගීමට කටයුතු කරනවා
 
අපි ඉතිහාසයේ වැදගත් සංධිෂ්ඨානයකට පැමිණ තිබෙනවා. ජනතාව විශාල ජනවරමක් ලබාදී තිබෙනවා. කිසිම බලවේගයට යට නොවී සෞභාග්‍ය කරා ගෙන යෑමට අපි කටයුතු කළ යුතුයි.
 
අනාගත පරපුර වෙනුවෙන් වත්මන් පරපුරේ වගකීම් ඉටු කළ යුතුයි. අපි සියලු දෙනාම රට වෙනුවෙන් එකතු විය යුතුයි. ඒ සඳහා සියලු දෙනාමට ආරාධනා කරනවා.

රැකියා විරහිත උපාධිධාරීන් රැකියා නියුක්ත කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හඳුන්වාදුන් වැඩසටහන යටතේ තවත් උපාධිධාරීන් දස දහසකට රැකියා ප්‍රදානය කිරීමට අද (19) කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබිණ.

මහ මැතිවරණය නිසා නතර කෙරුණු උපාධිධාරී රැකියා සම්පාදන ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීම පසුගිය සිකුරාදා ආරම්භ කරනු ලැබීය. ඒ යටතේ උපාධිධාරීන් 50,000කට පත්වීම් ප්‍රදානය කෙරිණ. අද තීරණය අනුව තවත් දස දහසක් ඔවුනට එක් වෙති.

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අද ජනාධිපති කාර්යාලය අසළ විරෝධතාවක නිරතව සිටියහ. කැබිනට් මණ්ඩල රැස්වීම නිමවා යමින් සිටි ජනාධිපතිතුමා ඔවුන් අසළ සිය වාහනය නතර කොට සියලු උපාධිධාරීන්ට රැකියා ප්‍රදානය කරන බව පැවසීය.

“දැන් ගෙදර යන්න. තවත් දස දහසකට රැකියා දෙන්න අද අනුමත කළා” ජනාධිපතිතුමා ඔවුනට කීය.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් ප්‍රකාශක ලෙස පත් කර තිබේ.
එසේම සම කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සහ වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරු පත්කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද(19) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම පත්වීම සිදුකර තිබේ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter