උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකතට පැළයක් සිටුවා පරිසර සංරක්ෂණය වෙනුවෙන් පුරවැසි වගකීම ඉටුකිරීමට එක්වන ලෙස ජනාධිපතිතුමා සමස්ත ශී‍්‍ර ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටි.
පරිසර සංරක්ෂණයේ වටිනාකම අද අප රට පමණක් නොව මුළු ලෝකයම හඳුනාගෙන තිබෙන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ අද (12) පෙරවරුවේ මඩකලපුව වේබර් ක්‍රිඩාංගණයේ පැවති ,රට වෙනුවෙන් එකට සිටිමු, ජාතික සංවර්ධන වැඩසටහනේ සමාප්ති උත්සවය අමතමිනි.
ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් හා මඟපෙන්වීම පරිදි ජනාධිපති කාර්යාලය මෙහෙයවන ජාතික සංවර්ධන ව්‍යාපෘති සහ විවිධ අමාත්‍යාංශ විසින් කි‍්‍රයාත්මක කර තිබෙන ජාතික සංවර්ධන වැඩසටහන් හා සමාජ සුබසාධන වැඩසටහන් කාර්යක්ෂමව හා ඵලදායී ව කි‍්‍රයාත්මක කරමින් ග්‍රාමීය මට්ටමේ සිට දිස්ති‍්‍රක් මට්ටම දක්වා ජනතාවට උපරිම මහජන සේවාවන් හා ප්රතිලාභ අත්කරදීම ,රට වෙනුවෙන් එකට සිටිමු, වැඩසටහනේ අරමුණයි. රාජ්‍ය ආයතනවලින් විස`දාගත යුතු මහජන ගැටලු හඳුනාගෙන රාජ්‍ය යාන්ත්‍රණය ඔස්සේ උපරිම කාර්යක්ෂමතාවයෙන් එම ගැටලු විසඳීමට කටයුතු කිරීම ද මෙම වැඩසටහන මඟින් සිදු කෙරේ.
“රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහනේ දෙවන අදියර පසුගිය අපේ‍්‍රල් 08 වන දා මඩකලපුව දිස්ති‍්‍රක්කය කේන්ද්‍රකර ගනිමින් ආරම්භ කෙරුණු අතර දිස්ති‍්‍රක්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14ම ආවරණය කරමින් විවිධ වැඩසටහන් ඒ යටතේ කි‍්‍රයාත්මක කෙරිණි. එම වැඩසටහන් සඳහා විශාල මහජන සහභාගිත්වයක් දක්නට ලැබීම ද විශේෂත්වයකි.
අද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සමාප්ති උත්සවයේ දී ද වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක කෙරුණු අතර දිස්ති‍්‍රක්කයේ ජනතාවට පොල්පැළ පන්දහසක් සහ කජු පැළ පන්දහසක් බෙදාදීම, තෝරාගත් පවුල් සඳහා ස්වයං රැකියා ණය ප්රදානය, රණවිරුවන් සඳහා නිවාස ආධාර ප්රදානය, තිරසර පාසල් සංවර්ධන වැඩසටහන යටතේ පාසල් උපකරණ ප්රදානය, ගොවි විශ්‍රාම වැටුප් ප්රදානය, ආගමික ස්ථාන සඳහා මුල්‍යාධාර ප්රදානය, රෝහල් සංවර්ධනය සඳහා උපකරණ ප්රදානය, පානීය ජල පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් සම්පාදනය සහ ,දරුවන් සුරකිමු, ජාතික වැඩසටහන යටතේ පරිවාස භාරයේ සිටි දරුවන් දෙදෙනෙකු සිය පවුල් වෙත භාරකිරීම ඇතුළු වැඩසටහන් කි‍්‍රයාත්මක කෙරිණි.
මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ නීති විරෝධි මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් රටට පැමිණෙන්නේ නැගෙනහිර පළාතෙන් බව මේ වන විට හඳුනාගෙන තිබෙන අතර වැටලීම් ශක්තිමත් කිරිම සේම එම තත්ත්වය වළක්වාලීමට ප්‍රදේශයේ ජනතාවගේ සහය ද රජය අපේක්ෂා කරන බව යි.
උතුරු නැගෙනහිර සංවර්ධනය සඳහා ස්ථාපනය කරන ලද විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායේ මෙහෙයවීමෙන් මේ වන විට එම පළාත්වල සංවර්ධනය වඩා ශක්තිමත් සහ කාර්යක්ෂමව ඉදිරියට කි‍්‍රයාත්මක වීම පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහි දී සතුට පළ කළේය.
අමාත්‍ය ගයන්ත කරුණාතිලක, රාජ්‍ය අමාත්‍ය අමීර් අලී, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන එස්. විලයේන්ද්‍රන්. ජී.බී. ශ්‍රීනේෂන්, එස්. යෝගේෂ්වරන් යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ මඩකලපුව දිස්ති‍්‍රක් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරින් ද, පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ ති‍්‍රවිධ හමුදා නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර තාරුණ්‍යයේ අනාගත දොරටු විවෘත කෙරෙන ,ස්මාර්ට් ශී‍්‍ර ලංකා, වෘත්තීය මාර්ගෝපදේශන ආයතන ජාලයේ මඩකලපුව දිස්ති‍්‍රක් වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානය අද විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.
සමරු ඵලකය නිරාවරණය කර වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ අධ්යක්ෂ ජනරාල් එරික් වීරවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ලෝකය හා සමාජය වෙනස් කිරීම මෙන්ම මිනිසාගේ සිත් සතන් වෙනස් කිරීමේ පුළුල් කාර්ය භාරය ඉටු කරන්නේ ජනමාධ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
උසස් මාධ්‍ය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීම උදෙසා මාධ්‍යවේදීන් විසින් සිදු කරනු ලබන මෙහෙවර සහ ඔවුන්ගේ නිර්මාණශීලි දායකත්වය ඇගයීම සඳහා පැවැත්වෙන ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහභාගීත්වයෙන් අද දින එනම් 10 (බදාදා) ප.ව. 4.00 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වේ.
සමාජ වගකීමෙන් යුත් මාධ්‍ය කලාවක් බිහි කිරීම සඳහා ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා, හැකියාවන් හා සුවිශේෂී නිපුණතා ඇගයීම මෙම සම්මාන උළෙලේ මුඛ්‍ය පරමාර්ථය වන අතර මෙය වාර්ෂිකව පැවැත්වීමට රජය විසින් තීරණය කර ඇත.
මෙම උළෙලේදී පුවත්පත්, රේඩියෝ, ටෙලිවිෂන් සහ වෙබ් යන ක්ෂේත්‍ර හතර නියෝජනය කරමින් භාෂාත්‍රයෙන්ම සම්මාන 47ක් සහ ජූරියේ විශේෂ සම්මාන 4ක් සමඟින් සම්මාන 51ක් පිරිනැමේ.
මාධ්‍ය ක්ෂේත්රයේ සුවිශේෂී මෙහෙවරක් සිදුකළ ප්ර්රවීණයන් සඳහා, දිවියේ එක් වරක් පමණක් පිදෙන “ජුරියේ විශේෂ සම්මාන” හා මුදල් ත්‍යාග පුවත්පත් ක්ෂේත්රය සඳහා කලාකීර්ති ආචාර්ය එඞ්වින් ආරියදාස මහතාට ද, ගුවන් විදුලි ක්ෂේත්රය සදඟා කරුණාරත්න අමරසිංහ මහතාට ද, රූපවාහිනී ක්ෂේත්රය සඳහා ලූෂන් බුලත්සිංහල මහතාට සහ වෙබ් ක්ෂේත්රය සඳහා ලක්ෂ්මන් ජයවර්ධන මහතාට ද පිරිනැමීමටද නියමිතය.
ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමාගේ අධීක්ෂණය යටතේ අමාත්‍යංශ ලේකම් සුනිල් සමරවීර මහතාගේ මඟ පෙන්වීම යටතේ ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් මෙම උළෙලේ සියළු කටයුතු සංවිධානය කර ඇත.
රජයේ මැති ඇමතිවරුන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන්, රජයේ උසස් නිලධාරීන් සහ මාධ්‍යවේදීන් විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගී වීමට නියමිතය.
ඒ හා සමගාමී ව ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ අද දින වැඩසටහන් රැසක්
“රට වෙනුවෙන් එකට සිටිමු“ ජාතික සංවර්ධන වැඩසටහනේ දෙවන අදියර මඩකලපුව දිස්ති‍්‍රක්කය කේන්ද්‍රකර ගනිමින් ඊයේ (08) ආරම්භ කෙරිණි.
ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් හා මඟපෙන්වීම පරිදි ජනාධිපති කාර්යාලය මෙහයවන ජාතික සංවර්ධන ව්‍යාපෘති වන දිළිඳුකම පිටුදැකීමේ ග්රාමශක්ති වැඩසටහන, මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන, දරුවන් සුරකිමු ජාතික වැඩසටහන, වකුගඩු රෝග නිවාරණ වැඩසටහන, ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන පරිසර සංරක්ෂණ වැඩසටහන් ඇතුළු විශේෂ ව්‍යාපෘති සහ විවිධ අමාත්‍යාංශ විසින් කි‍්‍රයාත්මක කර තිබෙන ජාතික සංවර්ධන වැඩසටහන් හා සමාජ සුබසාධන වැඩසටහන් කාර්යක්ෂම හා ඵලදායීව කි‍්‍රයාත්මක කරමින් ග්‍රාමීය මට්ටමේ සිට දිස්ති‍්‍රක් මට්ටම දක්වා ජනතාවට උපරිම මහජන සේවාවන් හා ප්රතිලාභ අත්කරදීම ,රට වෙනුවෙන් එකට සිටිමු, වැඩසටහනේ අරමුණයි.
රාජ්‍ය ආයතනවලින් විසඳාගත යුතු මහජන ගැටලු හඳුනාගෙන රාජ්‍ය යාන්ත්‍රණය ඔස්සේ උපරිම කාර්යක්ෂමතාවයෙන් එම ගැටලු විසඳීමට කටයුතු කිරීම ද මෙම වැඩසටහන හරහා සිදු කෙරේ.
එහි පළමු වැඩසටහන පසුගිය දා පුත්තලම දිස්ති‍්‍රක්කය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වුණු අතර ඉදිරියේ දී දීප ව්‍යාප්ත ව දිස්ති‍්‍රක් මට්ටමින් වැඩසටහන කි‍්‍රයාත්මක කිරීමට නියමිත ය.
මඩකලපුව දිස්ති‍්‍රක්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14ම ආවරණය කරමින් අපේ‍්‍රල් 12 වන දා දක්වා එහි දෙවන අදියර කි‍්‍රයාත්මක ය.
ඒ හා සමගාමීව ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ කි‍්‍රයාත්මක කළ වැඩසටහන් කිහිපයක් අද දිනය පුරා දිස්ති‍්‍රක්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක දී කි‍්‍රයාත්මක කෙරිණි.
එහි පළමු වැඩසටහන මන්මුනෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තන්තමෙලෙයි ප්‍රදේශයේ දී පැවැත්වුණු අතර අතිරේක ආහාර බෝග බීජ බෙදාදීම, ගොවීන් දැනුවත් කිරීම ඇතුළු වැඩසටහන් එහි දි කි‍්‍රයාත්මක විය.
මන්මුනෙයි කොක්කඩිචෝලෙයි ප්‍රදේශයේ දී TOM EJC අඹ පැළ බෙදාදීම, වතුර මෝටර් බෙදා දීම, රටකජු බීජ බෙදා දීම සහ ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහන් කි‍්‍රයාත්මක කෙරිණි.
එමෙන්ම මන්මුනෙයි පත්තු, කිරන්කුලම් මධ්‍යම ප්‍රදේශයේ දී ද, කෝරළෙයි පත්තු මධ්‍යම තියවට්ටවන් ප්‍රදේශයේ දී ද, එරාවුර් පත්තු, මාවලයාරු ප්‍රදේශයේ දී ද අතිරේක ආහාර බෝග බීජ බෙදාදීම, ගොවි ජනතාව දැනුවත් කිරීම ඇතුළු වැඩසටහන් සංවිධානය කර තිබුණි.
හෙළයේ මහා ගොවි පිළිවෙත 52 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්විණි.
සාම්ප්‍රදායිකව වාර්ෂික මාස් කන්නයේ නෙළාගත් අස්වැන්නේ නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ උත්කර්ෂවත් මංගල්‍යය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව එක්ව සංවිධාන කර තිබුණි.
ජය ශ්‍රී මහා බෝ සමිඳු ලක්දිවට වැඩමවීමත් සමඟ ඇරඹුණ බවට සැලකෙන අලුත් සහල් මංගල්‍යය පෙරහැර හෙළ චාරිත්‍රානුකූලව මගුල් බෙර, හේවිසි නද හා හෙළ සංස්කෘතිකාංග මධ්‍යයේ නැගෙනහිර වාහල්කඩින් ඇතුළු වී ශ්‍රී මහා බෝ සමිඳුන් පැදකුණු කොට පැමිණ වැලි මළුවේ උඩු වියනකින් හා පාවඩින් සරසන ලද විශේෂ පීඨිකාවේ තැන්පත් කර ඇති රන් ආලේපිත පාත්‍රයට සහල් පිරවීම ආරම්භ කෙරිණි. ප්‍රථම සහල් මිට අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ හා කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා ඇතුළු මැති ඇමතිවරුන් හා ප්‍රධාන ගොවි මහත්වරුන් විසින් පාත්‍රයට එක් කරන ලදී.
සෙත් පිරිත් සජ්ජායනා මැද පාත්‍රය පිරෙන තුරු සහල් පිරවීම දිවයිනේ සතර දෙසින් පැමිණි ගොවි ගෙවිලියෝ සිදු කළහ. අනතුරුව අලුත් සහල් මංගල්‍යයට සහභාගී වූ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්රමුඛ ආරාධිතයන් පාත්‍රය සහලින් පිරවීමට එක් වූහ.
පෙර රජ දවස සිට පැවත එන මෙම චාරිත්‍රය සඳහා රට පුරා ගොවීන් රැසක් එක්ව සිටී අතර කලට වැසි වසිත්වා – කෙත්වතු සාරවත් වේවායි ප්‍රාර්ථනා කිරීමත්, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වී සමෘද්ධිමත් ආර්ථිකයක් ඇති වේවා යැයි පතමින් රටට ජාතියට සෙත් පැතීමත් මෙහි දී සිදු කෙරිණි.
සාම්ප්‍රදායිකව ජය ශ්‍රී මහ බෝ සමිඳුන් වෙත පූජා කරන මී පැණි බඳුන ආදිවාසි නායක වන්නිල ඇත්තන් විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී.
දිවයිනේ පළාත් නවය ආවරණය වන පරිදි එම ප්‍රදේශවලට ආවේණික වූ දේශීය සහල් වී වර්ග ගොවීන් වෙත බෙදාදීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද, අමාත්‍ය පී.හැරිසන්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක, වීරකුමාර දිසානායක යන මහත්වරුන් ද ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර අලුත් සහල් කිරි ආහාර පූජාව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(07) පෙරවරුවේ ඓතිහාසික රුවන්වැලී සෑ රදුන් අභියස දී පැවැත්විණි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවැලි එච් කලාපයට අයත් තඹුත්තේගම, ගල්නෑව, නොච්චියාගම, මීගලෑව, තලාව, මහඉලුප්පල්ලම යන ප්‍රදේශවල අක්කර හැට පන්දහසක භූමියෙන් නෙළන ලද අස්වැන්නේ නැවුම් කොටස රුවන්වැලි සෑ රඳුන් වෙත පූජා කිරීම මෙහිදී සිදු විය.
අස්වනු නෙළාගත් පසු එහි ප්‍රථම කොටස සම්මා සම්බුදු රජාණන් වහන්සේ වෙත බැති සිතින් පූජාකර ඊළග කන්නයේ අස්වනු සරු වේවායි ගොවි ජනතාව ප්‍රාර්ථනා කරති. ගොවි ජනතාව සමඟ එම අවස්ථාවට එක් වූ ජනාධිපතිතුමා ඓතිහාසික රුවන්වැලි සෑ රඳුන් වෙත කිරි ආහාර පූජා කරමින් ආගමික වතාවත් වල නිතර විය.
රුවන්වැලී සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමින් වහන්සේ මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළහ.
කොළඹදී පැවැති ආසියා -යුරෝපා දේශපාලන සංසදයේ තුන්වැනි රැස්වීම ( AEPF) සහ ආසියානු දේශපාලන පක්ෂවල ජත්‍යන්තර සමුළුව (ICAPP) 2019 අදින් (7) අවසන් වෙයි.
මෙම සමුළුව අප්‍රේල් 05 සිට ආරම්භ විය. මෙම අන්තර්ජාතික සමුළුවට ආසියාවේ සහ යුරෝපයේ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් නියෝජිතයන් අනූ (90) දෙනෙකු සහභාගි විය.
මෙම සමුළුවේ තේමාව වන්නේ ඉහළ යමින් පවතින වැඩිහිටි ජනගහනයේ සමාජ ආරක්ෂණය සහ සේවා නියුක්තිය සම්බන්ධයෙන් මතුවන අභියෝග මෙන්ම ආසියානු කලාපය මුහුණපාන හදිසි ගැටලු දේශපාලන පක්ෂවලට හසුරුවාගත හැක්කේ කෙසේ ද යන්නයි.
ලංකාවේ ඉහළ යන වැඩිහිටි ජනගහන අභියෝගයට මුහුණපාමින් සිටී. මේ සමුළුවේ තේමාවට අදාළ කරුණු සම්බන්යෙන් ලෝකයේ සෙසු රටවල් හා සාකච්ඡා කිරීමට අදහස් හුවමාරු කරගැනීම අත්දැකීම් බෙදාගැනීමට සහ මේ සමුළු මගින් ලංකාවට අවස්ථාව සැළසෙයි.
අයවැය 2019 තෙවැනිවර කියවීමේ විවාදය වැඩි ඡන්දයෙන් සම්මත විය.
අයවැය සම්මත වූ බව කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කළේ ය.
ඊයේ (5) දින මුදල් අමාත්‍යාංශයේ වැයශීර්ෂය විවාදයට ගැනුණු අතර එය සංශෝධන සහිතව සම්මත විය. තෙවැනිවර කියවීමට ඡන්දය විමසන ලදී. අයවැයට පක්ෂව ඡන්ද119 ලැබුණු අතර විපක්ෂව74 ඡන්ද ලැබුණි.
මුදල් ඇමති මංගල සමරවීර මහතා විසින් පසුගිය මාර්තු පස්වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙරට 73 වන අයවැය ලේඛණය මෙය වන අතර අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමෙන් පසුව අයවැය දෙවන වර කියැවිමේ විවාදය මාර්තු හයවැනිදා ආරම්භ විය. ඒ අනුව 2019 වසර සඳහා වන අයවැය පිළිබඳ දෙවනවර කියැවීමේ විවාදය පුරා දින හයක් පැවැත්වීමෙන් පසුව මාර්තු 12 වැනිදා පස්වරුවේ ඡන්ද විමසීම සිදු කෙරිණ.
අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 119 ක්ද විපක්ෂව ඡන්ද 76 ක්ද ලැබුණු අතර අයවැය සඳහා වැඩි ඡන්ද 43ක් හිමිවිය.
අයවැයෙන් එක් එක් අමාත්‍යාංශ සඳහා වෙන්කර ඇති වැය ශීර්ෂ පිළිබඳ සාකච්ඡා කරන අයවැය පිළිබඳ තෙවන වර කියැවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය මාර්තු (13) සිට අප්‍රේල් පස්වැනිදා දක්වා පුරා දින 19ක් පැවැති අතර අයවැය තෙවනවර කියැවීමේ විවාදයෙන් පසුව ඡන්ද විමසීම සිදු කෙරිණි.
අයවැය තෙවනවර කියැවීමේ විවාදය ආරම්භ වූ (13) දිනයේදී ජනාධිපති, අගමැති කාර්යාලය,උපරිමාධිකරණ විනිශ්චයකාරවරු, අමාත්‍ය මණ්ඩල කාර්යාල, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව , පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය, අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කාර්යාලය, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය, මැතිවරණ කොමිෂන් සභාව, ජාතික විගණන කාර්යාලය, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලය, විගණන සේවා කොමිෂන් සභාව , ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව, සීමා නීර්ණ කොමිෂන් සභාව ඇතුළු විෂයයන් විසිපහක් පිළිබඳ විවාදය පැවැත්විණ.
ඉන් පසුව අනෙකුත් අමාත්‍යාංශ , ආයතන පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැති අතර ඊයේ (05) දවස පුරා මුදල් අමාත්‍යාංශය පිළිබඳව විවාදය පැවැත්විණි.
උසස් මාධ්‍ය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීම උදෙසා මාධ්‍යවේදීන් විසින් සිදු කරනු ලබන මෙහෙවර සහ ඔවුන්ගේ නිර්මාණශීලි දායකත්වය ඇගයීම සඳහා පැවැත්වෙන ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් 2019.04.10 දින (බදාදා) ප.ව. 4.00 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වේ.
සමාජ වගකීමෙන් යුත් මාධ්‍ය කලාවක් බිහි කිරීම සඳහා ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා, හැකියාවන් හා සුවිශේෂී නිපුණතා ඇගයීම මෙම සම්මාන උළෙලේ මුඛ්‍ය පරමාර්ථය වන අතර මෙය වාර්ෂිකව පැවැත්වීමට රජය විසින් තීරණය කර ඇත.
ජනමාධ්‍යවේදීන්ගේ විවිධ දක්ෂතා, කුසලතා, හැකියාවන් හා සුවිශේෂී නිපුණතා හඳුනාගනිමින් ඒවා ඇගයීමට ලක්කිරීම, වෘත්තීය මට්ටමේ මාධ්‍යවේදීන් බිහිකිරීම සඳහා පසුබිම නිර්මාණය කරනුවස් නිසි මඟපෙන්වීම් ලබාදීම හා අභිපේ‍්‍රරණය කිරීම, සමස්ත ජනමාධ්‍ය ක්ෂේත්රය, හොඳින් දැනුම්වත් වූ සිවිල් සමාජයක් ගොඩනැගීම සඳහා සවිබල ගැන්වීම, ජනමාධ්‍යවේදීන් විසින් සමස්ත සමාජය වෙනුවෙන් හිතකරවූ ද, නිදහස්වූ ද, සංවර්ධනාත්මක දෘෂ්ටි කෝණයකින් යුතුවූ ද මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීම සඳහා පෙළඹවීම් කිරීම සහ සමස්ත ජනමාධ්‍ය ක්ෂේත්රය ආවරණය වන පරිදි කරනු ලබන කාර්ය සාධන ඇගයීම තුළින් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ජනමාධ්‍යවේදීන්ට ලබාදීම මෙම උළෙලේ ප්‍රධාන අරමුණු වේ.
සම්මාන සඳහා ඉදිරිපත් කළ අයදුම්පත් ස්වතන්ත්‍ර නිර්මාණ විය යුතු වූ අතර හැකිතාක් දුරට ආයතන ප්‍රධානීන් මඟින් එවීමට කටයුතු කළ යුතු බව දන්වන ලදී. ස්වාධීනව තමාම සහතික කර වුවද අයදුම්පත් එවීමට හැකිවීම විශේෂ කරුණක් විය. ඒ අනුව, සම්මාන සඳහා සලකා බලනු ලැබූවේ 2017.01.01 දින සිට 2017.12.31 දක්වා නිර්මාණ පමණි. ස්වතන්ත්‍ර නිර්මාණ වීම, විදේශීය රටවල නිර්මාණයන් නොවීම, ලාංකේය පේ්රක්ෂකයාට යෝග්‍ය ලෙස සකසන ලද නිර්මාණ වීම සම්මාන සඳහා සලකා බැලීමට සුදුසුකම් ලෙස සලකන ලදී.
මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ නිර්දේශ සහිතව අමාත්‍යංශය මඟින් පත්කරන ලද සුදුසුකම් සහිත සහ වෘත්තීය වශයෙන් ප්ර්ර්රවීණ පුද්ගලයන්ගෙන් සමන්විත අනුකමිටු මඟින් සම්මාන සඳහා නිර්දේශ කරනු ලබන නාමලේඛන ප්‍රධාන කමිටුවට ඉදිරිපත් කෙරුණු අතර එම කමිටුවේ තීරණය අවසන් තීරණය විය.
2018.07.13 දින පුවත්පත් දැන්වීම් පළ කරන ලද අතර, අගෝස්තු 31 දින වන විට අයඳුම්පත්‍ර භාරගැනීම අවසන් කරනු ලැබිණි. ඒ අනුව අයඳුම්පත් 1674 ක් ලැබිණි. සම්මාන පිරිනැමීම භාෂාත්‍රයෙන්ම රූපවාහිනි, ගුවන්විදුලි, පුවත්පත් හා වෙබ් මාධ්‍ය යන ක්ෂේත්‍ර සදහා සිදුකෙරේ. ඒ අනුව ජුරියේ විශේෂ සම්මාන හතර සමඟින් සම්මාන 51ක් පිරිනැමීමට නියමිතය.
මාධ්‍ය ක්ෂේත්රයේ සුවිශේෂී මෙහෙවරක් සිදුකළ ප්ර්රවීණයන් සඳහා, දිවියේ එක් වරක් පමණක් පිදෙන “ජුරියේ විශේෂ සම්මාන” හා මුදල් ත්‍යාග පුවත්පත් ක්ෂේත්රය සඳහා කලාකීර්ති ආචාර්ය එඞ්වින් ආරියදාස මහතාට ද, ගුවන් විදුලි ක්ෂේත්රය සදඟා කරුණාරත්න අමරසිංහ මහතාට ද, රූපවාහිනී ක්ෂේත්රය සඳහා ලූෂන් බුලත්සිංහල මහතාට සහ වෙබ් ක්ෂේත්රය සඳහා ලක්ෂ්මන් ජයවර්ධන මහතාට ද පිරිනැමීමට තීරණය කර ඇත.
මෙම ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල ගරු ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීර මහතාගේ අධීක්ෂණය යටතේ සහ ජනමාධ්‍ය අමාත්‍යංශය මඟින් සියළු කටයුතු සංවිධානය කර ඇත.
ශ්‍රී ලංකාවේ මහා සංස්කෘතික මංගල්‍යය වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද මෙවර සෙනසුරාදා හා ඉරිදා දිනවල යෙදී ඇති බැවින් ශ්‍රී ලාංකීය ජනතාවට අලුත් අවුරුදු සැමරීම සඳහා අප්‍රේල් 15 වැනි දිනය ද රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කිරීමට ඊයේ (02) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබේ.
සූර්ය වන්දනාව මූළික කරගනිමින් සංස්කෘතික මංගල්‍යයක් බවට පත්ව ඇති සිංහල හින්දු අලුත් අවුරුද්ද චාරිත්‍ර හා සිරිත් විරිත් රැසකින් සමන්විත වෙයි. රටවැසි සියලු ජනතාව තම නිවෙස් පවා පිරිසිදු කරමින් සියල්ල අලුත් කරමින් සමරනු ලබන මෙම අවරූදු මංගල්‍යයේ පරණ අවුරුද්ද සහ අලුත් අවුරුද්ද යන වැදගත්ම දින දෙක සති අන්තයේ සෙනසුරාදා හා ඉරිදා දිනවල යෙදී තිබීම හේතුවෙන් රැකියාවන්හි නිරතවූ ජනතාවට තම ඥාති හිතමිතුරන් සමග අවුරුදු සැමරීමට ඇති කාලය සීමා සහිත වෙයි. මේ ගැන සළකා බලා රජය විසින් අමතර නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කරන ලදී.
ශ්‍රී ලංකාවාසී සියලු ජනතාවට අලුත් අවුරුදු උත්සවය වඩාත් සාමකාමීව හා ප්‍රීතිමත්ව සැමරීමටත් තම ඥාති හිතමිත්‍රාදීන් සමග අලුත් අවුරුදු සමරා විවේකීව රාජකාරී රැකියා සඳහා පිවිසීමටත් හැකිවන පරිදි ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ස්වදේශ කටයුතු විෂය භාර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුව මෙලෙස නිවාඩු දිනය ප්‍රකාශයට පත්කෙරිණි. ඒ අනුව අප්‍රේල් 15 වැනි දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලබයි.
තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගනිමින් දියුණු සමාජ ආර්ථික සංවර්ධනයක් ශ්‍රී ලංකාවට උදාකර ගැනීමේ ප්රයත්නයෙහි ඉතා වැදගත් අභිමතාර්ථයක් ලෙස “මතින් නිදහස් රටක්” නමින් කි‍්‍රයාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ ''බක්මහ දිවුරුම'' ජාතික වැඩසටහන අද (03) පෙ.ව 8.30 ට කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරූ ජයසුරිය යන මහත්වරුන් ප්රමුඛ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
මෙම ''බක්මහ දිවුරුම'' ජාතික වැඩසටහනට සමගාමීව ජනමාධ්‍ය අමාත්‍යංශයේ සියළු නිලධාරීන්ද එම කාර්යාල පරිශ්‍රයේදී අමාත්‍යංශ ලේකම් සුනිල් සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් බක්මහ දිවුරුමට එක්වූහ.
මේ සදහා අමාත්‍යංශයේ අතිරේක ලේකම්(පාලන) රමණි ගුණවර්ධන මහත්මිය ඇතුළු අමාත්‍යංශයේ සියළුම මාණ්ඩලික නිලධාරීන් සහ අමාත්‍යංශ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහභාගී විය.