නවතම පුවත්

පොළොන්නරු ඵෙතිහාසික සොළොස්මස්ථාන පූජා භූමිය ප්‍රකාශයට පත් කිරීමේ සන්නස් පත්‍ර ප්‍රදාන පුණ්‍ය මහෝත්සවය බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(20)ගල්ගේ විහාරය, උත්තරාරාමයේදී සිදු විය.
 
ප්‍රථමයෙන් ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යතුමා විසින් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති මහනුවර අස්ගිරි පාර්ශවයේ ගෙඩිගේ රජමහා විහාරාධිපති අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක හිමිපාණන් වෙත සන්නස් පත්‍රය ප්‍රදානය ක‍රන ලදී.
 
අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් මෙහිදී අග්‍රාමාත්‍යතුමා ඇතුලු ආරාධිත මැති ඇමතිවරුන්ට ආශිර්වාද පිරිත් දේශනාවක් පැවැත්වූහ.
 
වත්මන් රජයේ සෞභාග්‍යයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තිය අරුත් ගන්වමින්, බුදු දහම ප්‍රමුඛත්වයෙහි ලා සලකමින්, ආධ්‍යාත්මික වශයෙන් පිරිපුන් ගුණගරුක ජන සමාජයක් බිහි කිරීම හා ශ්‍රී ලාංකේය ඵෙතිහාසික උරුමයන් අනාගත පරපුර වෙත සුරක්ෂිත කොට දායාද කිරීමේ අරමුණින් පොළොන්නරු ඵෙතිහාසික සොළොස්මස්ථාන රජමහා විහාරස්ථානය අංක 2201/2 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
 
එහිදී සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති මහනුවර අස්ගිරි පාර්ශවයේ ගෙඩිගේ රජමහා විහාරාධිපති අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක හිමිපාණන් වහන්සේ හා  රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යතුමා, අග්‍රාමාත්‍යතුමාට සමරු සිහිවටන ප්‍රදානය කළහ.
 
මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන්වන රොෂාන් රණසිංහ, සිරිපාල ගම්ලත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අමරකීර්ති අතුකෝරල, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන ඇතුලු මහත්වරු රැසක් එක්ව සිටියහ.
පොළොන්නරු ඵෙතිහාසික සොළොස්මස්ථාන පූජා භූමිය ප්‍රකාශයට පත් කිරීමේ සන්නස් පත්‍ර ප්‍රදාන පුණ්‍ය මහෝත්සවය බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(20)ගල්ගේ විහාරය, උත්තරාරාමයේදී සිදු විය.
 
ප්‍රථමයෙන් ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යතුමා විසින් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති මහනුවර අස්ගිරි පාර්ශවයේ ගෙඩිගේ රජමහා විහාරාධිපති අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක හිමිපාණන් වෙත සන්නස් පත්‍රය ප්‍රදානය ක‍රන ලදී.
 
අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් මෙහිදී අග්‍රාමාත්‍යතුමා ඇතුලු ආරාධිත මැති ඇමතිවරුන්ට ආශිර්වාද පිරිත් දේශනාවක් පැවැත්වූහ.
 
වත්මන් රජයේ සෞභාග්‍යයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තිය අරුත් ගන්වමින්, බුදු දහම ප්‍රමුඛත්වයෙහි ලා සලකමින්, ආධ්‍යාත්මික වශයෙන් පිරිපුන් ගුණගරුක ජන සමාජයක් බිහි කිරීම හා ශ්‍රී ලාංකේය ඵෙතිහාසික උරුමයන් අනාගත පරපුර වෙත සුරක්ෂිත කොට දායාද කිරීමේ අරමුණින් පොළොන්නරු ඵෙතිහාසික සොළොස්මස්ථාන රජමහා විහාරස්ථානය අංක 2201/2 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
 
එහිදී සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති මහනුවර අස්ගිරි පාර්ශවයේ ගෙඩිගේ රජමහා විහාරාධිපති අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක හිමිපාණන් වහන්සේ හා  රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යතුමා, අග්‍රාමාත්‍යතුමාට සමරු සිහිවටන ප්‍රදානය කළහ.
 
මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන්වන රොෂාන් රණසිංහ, සිරිපාල ගම්ලත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අමරකීර්ති අතුකෝරල, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන ඇතුලු මහත්වරු රැසක් එක්ව සිටියහ.

2020 “ඇසිදිසි” ජනමාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදාන උත්සවයේ සංකේතාත්මකව ශිෂ්‍යත්ව පිරිනැමීම ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතාගේ සහභාගීත්වයෙන් හෙට (22) අඟහරුවාදා උදේ 10.30ට ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

මෙවර ශිෂ්‍යයත්වයට අයදුම්කළ ජනමාධ්‍යවේදීන් අතරින් සුදුසුකම් සම්පූර්ණකළ ජනමාධ්‍යවේදීන් 85ක් සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට නියමිතයි.

පිළිගත් විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනයක වසර තුනක සේවා කාලයක් සපුරා ඇති පූර්ණකාලීන හෝ අර්ධ කාලීන පදනම මත සේවයේ නියැළී සිටින වයස අවුරුදු 18-55 ත් අතර විය යුතුයි.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ජනමාධ්‍යවේදීන් සඳහා නිකුත් කරන මාධ්‍යවේදී හැඳුනුම්පත ඇති මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ වෙබ් මාධ්‍යවේදීන්ට ආපසු නොගෙවන පදනම යටතේ මේ ශිෂ්‍යත්ව ලබා දෙනු ඇත.

උපාධි, පශ්චාත් උපාධි පාඨමාලා සඳහා රුපියල් ලක්ෂ දෙකක (200,000.00) මුදලක් හෝ කෙටි කාලීන හෝ දිගු කාලීන සහතිකපත්‍ර පාඨමාලා, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා පාඨමාලා සඳහා රුපියල් ලක්ෂයක (100,000.00) උපරිමයකට යටත්ව මේ ශිෂ්‍යත්ව මුදල ලබාදේ. ශිෂ්‍යත්වලාභීන්ට පිළිගත් විශ්ව විද්‍යාලයක, උසස් අධ්‍යාපනික පුහුණු ආයතන මඟින් පවත්වනු ලබන මාධ්‍ය ක්ෂේත්‍රයට අදාළව පාඨමාලා හැදෑරිය හැකිය.

කිසිදු මුදලක් අය නොකර නොමිලේ ලබාදෙන මේ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය මඟින් මාධ්‍යවේදීන්ට දෙවරක් ප්‍රතිලාභ ලබාගැනීමට අවස්ථාව සැලසෙන අතර, පළමු අවස්ථාවේ සුදුසුකම් ලබා වසර 5ක් ඉක්ම ගිය පසු මුල් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ ජනමාධ්‍යවේදීන්ට දෙවන අවස්ථාව සඳහා අයදුම් කළ හැකිය.

ශිෂ්‍යත්වය සඳහා හිමිකම් ලබන මාධ්‍යවේදීන්ට පාඨමාලාව සඳහා වන ගාස්තුවෙන් සියයට50 ක් පාඨමාලාව ආරම්භයේදී පළවෙනි වාරිකය ලෙසත්, ඉතිරි සියයට 50න් සියයට 25ක් පාඨමාලාවේ දෙවෙනි වාරිකය ලෙසත්, ඉතිරි සියයට 25 පාඨමාලාව සම්පූර්ණකර සහතික ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගෙවීම සිදු කෙරේ.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විසින් පත් කරනු ලබන තේරීම් කමිටුවක් විසින් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට භාජනය කර ප්‍රතිලාභීන් තෝරාගනු ලැබේ.

වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත කිරීම උදෙසා සියලු ජනමාධ්‍යවේදීන් දැනුමෙන්, කුසලතාවයෙන් හා ආකල්පමය වශයෙන් සන්නද්ධ කිරීමේ අරමුණින් ජනමාධ්‍ය අමාත්‍යංශය මඟින් ජනමාධ්‍යවේදීන් සඳහා “ඇසිදිසි” ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබයි.

මාධ්‍යවේදීන්ට පුහුණු පාඨමාලා මඟින් තම වෘත්තීය කුසලතා වර්ධනය කරගැනීමට ඉඩ ප්‍රස්ථා සලසාදීම හා උනන්දු කරවීම මේ ව්‍යාපෘතියේ අරමුණයි.

මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් සීගිරිය පුරාවිද්‍යා පරිශ්‍රයේ ඉදිකරන ලද මහාචාර්ය සේනක බණ්ඩාරනායක පුරාවිද්‍යා ක්ෂේත්‍ර පුහුණු පාසල, අග්‍රාමාත්‍ය, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අද (20) ජනතා අයිතියට පත්විණි.
 
රුපියල් මිලියන 50 ක වියදමකින් ඉදිකරන ලද මෙම පුහුණු පාසල ඔස්සේ නවක පුරාවිද්‍යාඥයින් සඳහා නේවාසික පහසුකම් සහිතව ප්‍රායෝගික හා න්‍යායික අධ්‍යයන කටයුතු සිදුකිරීමට අවස්ථාව සැලසේ.
 
කුසලතා සහ ආකල්ප වලින් සපිරි ක්ෂේත්‍ර පුරාවිද්‍යාඥයින් බිහිකිරීමේ අභිලාෂයෙන් මෙම පුරාවිද්‍යා ක්ෂේත්‍ර පුහුණු පාසල මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරිය ව්‍යාපෘතිය තුළ ස්ථාපිතය.
 
ශ්‍රී ලංකාවේ ඵෙතිහාසික පුරාවිද්‍යාත්මක සංදර්භය ශුද්ධ විද්‍යාත්මක විෂය ධාරාවන් සමඟින් අධ්‍යයනය කර, කාලය හා අවකාශය තුළ විද්‍යාත්මකව ස්ථානගත කිරීමේ විෂයානුකූල කාර්යය සඳහා අවැසි දැනුම ලබාදීමත්, විනයානුකූල පුරාවිද්‍යාඥයින් බිහිකිරීමේ අපේක්ෂාවත් පෙර දැරිව මෙම පුරාවිද්‍යා ක්ෂේත්‍ර පාසල ආරම්භ වේ.
 
දෙස් විදෙස් පුරාවිද්‍යා පර්යේෂකයින්ට ද සිය පුරාවිද්‍යා කටයුතු සඳහා මෙම පුහුණු පාසල විවෘත ය.
 
මහාචාර්ය සේනක බණ්ඩාරනායක වියතාණන් පුරාවිද්‍යා විෂය ධාරාවේ පාරිසරික පුරාවිද්‍යාව, ජනාවාස පුරාවිද්‍යාව, මානව වංශ පුරාවිද්‍යාව ආදී ක්ෂේත්‍ර පුරාවිද්‍යාවන්හි පුරෝගාමියෙකි. සීගිරිය ව්‍යාපෘතියේ ආරම්භක පුරාවිද්‍යා අධ්‍යක්ෂකවරයා වූයේ මෙතුමාය.
 
විදේශීය විශ්වවිද්‍යාල හා සම්බන්ධ වෙමින් බහු විෂයාත්මක පදනමකින් පුරාවිද්‍යාත්මක පර්යේෂණ ආරම්භ කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් සීගිරියේ රාජකීය නාගරික අංග හඳුනා ගැනීමටත්, තදාශ්‍රිතය සහ නිෂ්පාදනාගාර හඳුනාගැනීමටත්, එහි ජීවත් වූ ජනතාවගේ ජනාවාස රටාව හඳුනා ගැනීමටත්, එමඟින් තාක්ෂණික විශේෂඥතාවය අධ්‍යයනය කිරීමටත් හැකියාව ලැබුණි.
 
මහාචාර්ය සේනක බණ්ඩාරනායක පුරාවිද්‍යා ක්ෂේත්‍ර පුහුණු පාසල දේශන ශාලා, පර්යේෂණාගාර හා නේවාසික පහසුකම්වලින්ද සමන්විතය.
 
මෙම අවස්ථාව සඳහා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, රෝහන කුමාර දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ, දඹුල්ල මහ නගරාධිපති ජාලිය ඕපාත, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන ඇතුලු මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.

මධ්‍යම අධිවේගී මාර්ගය අනිවාර්යෙන් දඹුල්ල දක්වා දිගු කර දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (19) පැවසීය.
 
රට හදන සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තියට සමඟාමීව රන්බිම ඔප්පු දස ලක්ෂයක් දිවයින පුරා ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනේ වයඹ පළාත් ඔප්පු ප්‍රදානය කුරුණෑගල රන්සර උත්සව ශාලාවේදී පැවැති අවස්ථාවේ අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේය.
 
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ක්‍රියාත්මක කරන මෙම ඔප්පු ප්‍රදානය යටතේ හිමිකම් නොමැති ඉඩම් සඳහා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් නීත්‍යනුකූල ඔප්පු 400 ක් බෙදාදුන්නේය.
 
ආණ්ඩුව නරක වැඩ කළොත් විවේචනයට ලක්විය යුතුයි. නමුත් හොඳ වැඩක් කළාම ඒක අගය කරන්න විරුද්ධවාදීන්ට පුලුවන්කමක් නොමැතිවීම කණගාටුවට කරුණක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.
 
අපේ ආණ්ඩු ආවම වැඩ කරනවා. වැඩකරගෙන යනකොට ජනතාව ඊ ළඟට අනිත් ආණ්ඩුවකට, යූ ඇන් පී ආණ්ඩුවකට බලය දෙනවා. බලය දුන්නයින් පස්සේ ඔවුන් අපි කරපු වැඩ සම්පූර්ණයෙන්ම නතර කරනවා. ඒවා වෙනත් විදිහට කරන්න උත්සහ කරනවා. ඒක තුළදී ඇති වෙන්නේ අපිට නැවත බලය ඇවිල්ලා. හැබැයි අපි කරගෙන ආපු වැඩ කොටස එහෙමම තියලා තමයි ඒ කට්ටිය යන්නේ. අපිට ඒක මුල ඉදලා කරගෙන යන්න වෙනවා. නැත්නම් දඹුල්ලට අධිවේගී මාර්ගය හැදෙන්නේ හුගක් ඉස්සර යැයි ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.
 
රන්බිම ඔප්පු ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනේ වයඹ පළාත් ඔප්පු ප්‍රදානයට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය.
 
අද මෙම ඔප්පු ලබාදීමේ උත්සවයට සම්බන්ධ වෙන්න ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. විශේෂයෙන්ම කුරුණෑගල ප්‍රදේශයේ ජනතාවට එය ලබා දෙන්න පුළුවන්වීම ගැන මම ඇත්ත වශයෙන්ම සතුටු වෙනවා. ඇමතිතුමාට වගේම සභාපතිතුමා ඇතුළු නිලධාරීන්ට මා ඒ සඳහා ස්තූතිය පුද කරන්න ඹ්නි. මට මතකයි මේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ආරම්භ කරපු කාලේ, එදා අපේ ආණ්ඩුවේ,  70 ගණන් වල අපේ ආණ්ඩුව තුළ මේ ප්‍රතිසංස්කරණ ඉඩම් ලබා ගැනීමේදී ඒ පනතට ඡන්දය පාවිච්චි කළ මන්ත්‍රීවරයෙකු වශයෙන් අද පාර්ලිමේන්තුවේ ඉන්නෙ මමත් වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමත් පමණයි.
 
එහෙම ආරම්භ කරපු මේ වැඩපිළිවළෙන් රජයට පවරා ගත්තා ඉඩම් ටික. ඒක බෙදාදීමේ කටයුත්ත ඉටු කරන්න එදා ඉදලම අපේ බලාපොරොත්තුව තිබුණෙ. අද ඒ කොමිෂන් සභාව තමන්ට පවරා ගත්ත ඉඩම්, ඉඩම් නැති ජනතාවට ලබාදීමේ කටයුත්ත කරගෙන යෑම ගැන අපි සතුටු වෙනවා. ඒ ඉඩම්වල පදිංචි උදවියට තමයි ඔප්පු ලබා දෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඉඩම් නැති ජනතාවත් තෝරාගෙන මේ ඉඩම් ලබාදීමේ කටයුත්ත ඉටු කරන්න පියවර ගන්න. බොහෝ ඉඩම්වලට ඔප්පු නෑ. ඒවට රජයෙන් ඔප්පු ලබා ගන්න නොලැබීම නිසා ඔවුන්ට ණයක් ගන්න ගියාම තමයි මේ ගැටලුවලට මුහුණ පාන්න වෙන්නේ. චන්ද්‍රසේන ඇමතිතුමාගේ වැඩ සමඟ යළි ගමට වැඩසටහන ගැන අපි සතුටු වෙනවා. ඇමතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඹ්නි ඒ වැඩපිළිවෙළ තුළින් ඉඩම් ඔප්පු ලබාදීමේදී මේ කටයුත්ත කරන්න මැදිහත්වීම සම්බන්ධයෙන්.
 
මා විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ජනතාව අද රටේ තියෙන තත්ත්වය අනුව ජනතාවට මේ ඉඩම් ලබාදීලා ස්ථීර වැඩපිළිවෙළකට යන්න කටයුතු කරන්න අපේ කොමිෂන් සභාවට හැකිවේවි කියලා. මෙය මුලු දිවයිනටම බලපාන විදිහට මුලු රටේම මේ ප්‍රශ්නය තියෙනවා. ඒ නිසා මුලු රටේම මේ කටයුත්ත ඉටු කිරීම වැදගත්. ඒ නිසා කොමිෂන් සභාවේ සභාපතිතුමා පිළිබඳව අපි විශ්වාසය තියලා තියෙනවා මේ කටයුතු ඉටු කරන්න හැකියාව ලැබෙයි කියලා.
 
අද කුරුණෑගලට ඇවිල්ල නුවරට යන අධිවේගී මාර්ගය ආරම්භ කරන්න පියවර තැබුවා. ඒ අධිවේගී මාර්ගය දඹුල්ල දක්වා දික් කිරීමට එස්.එම්.චන්ද්‍රසේන ඇමතිතුමා ඉල්ලීමක් කරනවා, අපේ ජොන්ස්ටන් ඇමතිතුමා එවිට කිව්වා ඒක ලැබෙනවා කියලා. අපි ඒ්ක අනිවාර්යෙන්ම ඉටු කරලා දෙනවා කියලා ඔබ තමුන්නාන්සේලාට මතක් කරලා දෙන්න ඹ්නි.
 
විශේෂයෙන් මේ ආණ්ඩුව ආපුවාම අපේ ආණ්ඩු වැඩ කරනවා. වැඩකරගෙන යනකොට ජනතාව ඊ ළඟට අනිත් ආණ්ඩුවකට, යූ ඇන් පී ආණ්ඩුවකට බලය දෙනවා. බලය දුන්නයින් පස්සේ ඔවුන් අපි කරපු වැඩ සම්පූර්ණයෙන්ම නතර කරනවා. ඒවා වෙනත් විදිහට කරන්න උත්සහ කරනවා. ඒක තුළදී ඇති වෙන්නේ අපිට නැවත බලය ඇවිල්ල අපි කරගෙන ආපු වැඩ කොටස එහෙමම තියලා තමයි ඒ කට්ටිය යන්නේ. අපිට ඒක මුල ඉදලා කරගෙන යන්න වෙනවා. නැත්නම් දඹුල්ලට අධිවේගී මාර්ගය හැදෙන්නේ හුගක් ඉස්සර. ඒ තත්ත්වය තමයි ඇති වෙන්න තිබුණේ. අපි තමුන්නාන්සේලා මතක තියා ගන්න ඹ්නි අපි කරන හැම ක්‍රියාවලියකටම විරුද්ධවාදීන් විවේචනය කරනවා. අපි හොඳ වැඩක් කරත් විවේචනය කරනවා. අපි නරක වැඩක් කළත් විවේචනය කරනවා. ඒක හොඳයි. නරක වැඩ කළොත් විවේචනයට ලක්විය යුතුයි. නමුත් හොඳ වැඩක් කළාම ඒක අගය කරන්න ඔවුන්ට පුලුවන්කමක් නැහැ. ඒකයි කණගාටුව.
 
ඒ නිසා අද ඒ තත්ත්වය වෙනස් වෙන්න ඹ්නි. අපිට කරන්න පුලුවන් සියලු කටයුතු අපි ආණ්ඩුවක් ලෙස ඉටු කරන්න කටයුතු කරනවා. ජනාධිපතිතුමා හැම ප්‍රශ්නයක් ගැනම සොයා බලලා ගමට ගිහින් ගමේ ප්‍රශ්න හඳුනාගෙන කටයුතු කරන්න පියවර අරන් තියෙනවා. ඒ නිසා අපිටත් පහසුයි. ජනතාවටත් පහසුයි. නිලධාරීන්ටත් පහසු වෙනවා ඒ වැඩකටයුතු ඉක්මන් කරලා ඉටු කරන්න. මම විශේෂයෙන්ම අද ඉඩම් ලබාදීම පිළිබඳව අමාත්‍යතුමා, සභාපතිතුමා ඇතුලු සියලු දෙනාට ස්තූතිය පුද කරමින් ඔබ සියලු දෙනාට සුබ අනාගතයක් පතනවා.
 
යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.
 
මෙහිදී කුරුණෑගල රොහලේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම පරිදි, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතාගේ විමධ්‍යගත අරමුදලින් රුපියල් ලක්ෂ 54ක් වටිනා පීසීආර් (PCR) යන්ත්‍රයක් කුරුණෑගල රෝහල වෙත පරිත්‍යාග කිරීම ද අග්‍රාමාත්‍යතුමා අතින් සිදු විය.
 
මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන එස්.එම්.චන්ද්‍රසේන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යවරුන් වන අරුන්දික ප්‍රනාන්දු, ලොහාන් රත්වත්තේ, ඩී.බී. හේරත්, ප්‍රියංකර ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අසංග නවරත්න, මංජුලා දිසානායක, සුමිත් උඩුකුඹුර, චරිත හේරත්, ගුණපාල රත්නසේකර, ජයරත්න හේරත්, ශාන්ත බණ්ඩාර, ඉඩම් අමාත්‍යාංශ ලේකම් ආර්.ඒ.ඒ.කේ රණවක, ඉඩම් කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිලන්ත විජේසිංහ ඇතුලු මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිර්මාතෘ ආචාර්ය රෝලන්ඩ් සිල්වා වියතානන්ට උපහාර පිණිස ඉදි කරන ලද දඹුල්ල ආචාර්ය රෝලන්ඩ් සිල්වා බිතුසිතුවම් සංරක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානය බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අද(20) විවෘත විය.
 
මෙම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති ප්‍රථම නවීන තාක්ෂණානුකූල බිතුසිතුවම් පර්යේෂණ හා තොරතුරු මධ්‍යස්ථානය වේ.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන වැය කරමින් ඉදි කළ මෙම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ පැරණි බිතුසිතුවම් පිටපත් කර සංරක්ෂණය කර ආරක්ෂා කර ගැනීමේ විද්‍යාත්මක පර්යේෂණාගාරයක් ලෙස ස්ථාපිත කර ඇත.
ආචාර්ය රෝලන්ඩ් සිල්වා වියතානන්, ශ්‍රී ලාංකේය පුරාවිද්‍යා වංශකතාවේ නව පිටුවක් පෙරළමින් යුනෙස්කෝවේ මග පෙන්වීමෙන් සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය පිහිටුවීමෙහි ලා පුරෝගාමී මෙහෙවරක යෙදුණු එහි ප්‍රථම අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ නිර්මාතෘවරයා ය.
 
පුරාවිද්‍යාව සහ වාස්තුවිද්‍යාව යන විෂය ක්ෂේත්‍රයන් හි විශාල දියුණුවක් ඇති වූයේ සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය ආරම්භවීමත් සමඟිනි. ශ්‍රී ලංකා පුරාවිද්‍යා ස්මාරක ලෝක උරුමයන් ලෙසින් ලොව පුරා ප්‍රචලිත කිරීම විදේශීය සංචාරක කර්මාන්තයෙහි ප්‍රගමනය හේතුවිය. ඒ ඔස්සේ අරමුදල් රැස් කර ගැනීමේ ක්‍රියාවලිය මඟින් ස්මාරක නඩත්තු සහ උරුම කළමනාකරණයට මහඟු පිටුබලයක් ලැබිණි.
 
මෙවැනි උදාර සංකල්ප ක්‍රියාවට නැංවූ ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතාට උපහාර පිණිස රංගිරි දඹුලු රජමහා විහාරයට යාබදව ඉදි කරන ලද මෙම පර්යේෂණ හා සංරක්ෂණ මධ්‍යස්ථානය මඟින් ශ්‍රී ලාංකේය බිතුසිතුවම් කලාවේ ප්‍රාග් ඵෙතිහාසික යුගයේ සිට නූතන යුගය දක්වා අදින ලද සිතුවම් පිටපත් කිරීම, සංරක්ෂණය, නඩත්තුව සහ විද්‍යාත්මක ගබඩා කිරීම සිදු වේ.
 
දෙස් විදෙස් උපන් නූපන් කලාකරුවන්, සංරක්ෂකයින්, පර්යේෂකයින් සහ විද්‍යාඥයින් උදෙසා මෙම මධ්‍යස්ථානය පිහිටුවීම ශ්‍රී ලංකාව ලැබූ විශිෂ්ට ජයග්‍රහණයකි.
 
මෙම මධ්‍යස්ථානය තුළ දේශනාගාර, ශ්‍රවනාගාර පහසුකම්, ඩිජිටල් ලේඛනාගාරයක්, ද්විමාන සහ ත්‍රිමාණ සංරක්ෂණාගාරයක්, හදිසි බිතුසිතුවම් සංරක්ෂණ ප්‍රතිකාර ඒකකයක් සහ පර්යේෂකයින් සඳහා නේවාසික සහ අනෙකුත් පහසුකම් ද ස්ථාපිතය.
 
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය අනුව, පුරාවිද්‍යාත්මක හා සංස්කෘතික පුනරුදය උදෙසා ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රමුඛ දායකත්වයක් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීම යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් දරනු ලබයි.
මෙම අවස්ථාව සඳහා රංගිරි දඹුලු රජ මහා විහාරාධිපති උඩුගම මංගල නාහිමි ඇතුලු මහා සංඝරත්නය වැඩම කළ වදාළහ.
 
අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාලක කෝට්ටේගොඩ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආචාර්ය සුරේන් රාගවන්, රෝහන කුමාර දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ, දඹුල්ල මහ නගරාධිපති ජාලිය ඕපාත, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යේෂ්ඨ පුරාවිද්‍යා මහාචාර්ය ගාමිණී අධිකාරී  ඇතුලු මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.

අපේ රටේ කතෝලික ජනතාව ඉතාම  දුෂ්කර අවස්ථාවල මනුෂ්‍යයා කෙරෙහි දක්වන ප්‍රේමයේ පණිවිඩය රැකගත් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(19) කුරුණෑගල රදගුරු පදවිය මුල් කරගෙන, ශුද්ධ වූ ෆාතිමා දේවමාතා දේවස්ථානයේ පැවති රාජ්‍ය නත්තල් උත්සවය අමතමින් පෙන්වා දුන්නේය.
 
භක්තියේ ප්‍රේමයේ විශ්වාසයේ හැඟීම රටට වැදගත් වන්නේ මෙවන් දුෂ්කර කාල වකවානු වල බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යතුමා, ආගම දහමට අනුව ජීවත් වන සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට රජය පසුබට නොවන බව අවධාරණය කළේය.
 
මෙහිදී, සමස්ත ලංකා කතෝලික දහම් පාසල් අතර පැවති චිත්‍ර තරගයෙන් ජයග්‍රහණය කළ දරුවන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍යතුමා හා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අතින් සිදු විය.
 
අග්‍රාමාත්‍යතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය,
 
මීට පෙර අපි නත්තල් රාජ්‍ය උත්සවය පැවැත් වූයේ යාපනය, කොළඹ, ත්‍රිකුණාමලය, මන්නාරම වාගේ නගර මුල්කරගෙන. නමුත් නත්තල් රාජ්‍ය උත්සවය මෙවර අපි පවත්වන්නේ කුරුණෑගල.
 
කුරුණෑගල රාජ්‍ය නත්තල් උත්සවය පවත්වන්න අවසර දීම ගැන මුලින්ම රදගුරු සම්මේලනයට මගේ ගෞරවනීය ස්තූතිය මුලින්ම හිමිකර දෙන්න ඕනේ. ඒ වාගේම මම පාර්ලිමේන්තුවට තෝරාපත් කළ දිස්ත්‍රික්කයේ කතෝලික ජනතාවට මෙබඳු අවස්ථාවක් ලැබීම ගැනත් මම ඉතාම සතුටු වෙනවා. ඊටත් වඩා ලොකු සතුටක් මට ඇතිවෙනවා, කතෝලික ජනතාව වගේම ක්‍රිස්තියානි ජනතාවත් එක්ක එකතුවෙලා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මේ වගේ නත්තල් රාජ්‍ය උත්සවයක් පවත්වන්නට ලැබීම ගැන. අපි සියලුදෙනාම මේ කරන්නේ සාමයේ පණිවිඩය ලොවට කියනඑක. මේ ආකාරයට අපි එකතුවෙලා නත්තල් උත්සවය පැවැත්වීමෙන් අපි ලෝකයට ආදර්ශයකුත් ලබාදීලා තියෙනවා.
 
කතෝලික වගේම ක්‍රිස්තියානි ජනතාවට මේ නත්තල් උත්සවය සමරන්න වෙලා තියෙන්නේ වෙනදා පුරුදු විදිහට නෙමෙයි.
 
වෙනදා නත්තල් දින දේව මෙහෙයට ඉතා විශාල පිරිසක් සහභාගී වෙනවා. ඒ වගේම ඥාති හිතවතුන් එක්ක සාමයේ, මිත්‍රත්වයේ හැඟීම් හුවමාරු කරගනිමින් ඔවුන්ට සංග්‍රහ කරන්න ඉඩප්‍රස්ථාව ලැබිලා තිබුණා. නමුත් අද එහෙම කරන්න බෑ. අද මුවවැසුම් නිසා ඔබේ අසල්වැසියාට සිනහවකින් සංග්‍රහ කරන්නවත් ඉඩක් ලැබෙන්නේ නෑ. ඒ බාහිර දේවල් නැතිවුණත්, මොන බාධාව තිබුණත්, කරදර තිබුණත් අසල්වැසියාට ඔබගේ හදවත තුළ තිබෙන ප්‍රේමයේ වෙනසක් නෑ කියලා මම දන්නවා. කතෝලික ඔබ තුළ තිබෙන භක්තියේ, ප්‍රේමයේ, විශ්වාසයේ හැඟීම රටට වැදගත් වෙන්නේ මේ වගේ දුෂ්කර කාල වකවානුවල.
 
අද අපිට විතරක් නෙවෙයි ලෝකයේ සියලුම රටවලට සෞඛ්‍ය නියමයන්ට මුල්තැන දීලයි වැඩකටයුතු කරන්න වෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් හා නිර්දේශයන්ට අනුව ශ්‍රී ලාංකික කතෝලික ජනතාව සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව කටයුතු කිරීම ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා. කතෝලික කිතුණු ජනතාව ඉතාමත් බුද්ධිමත්, දුරදිග බලන ජනතාවක්. තමන්ගේ ආගමේ සිරිත් විරිත්, තමන්ගේ ආගමේ චාරිත්‍ර වාරිත්‍රවලට වඩා පොදු මනුෂ්‍ය වර්ගයා පිළිබඳව මේ විපත්තිකර අවස්ථාවේ හිතන්න කතෝලික ජනතාව පෙළඹෙන බව මම දන්නවා. කතෝලික ජනතාව මුළු ලෝකයටම දෙන වැදගත්ම නත්තල් පණිවිඩය තමයි මේ පොදු මනුෂ්‍යයා පිළිබඳ හැඟීම.
 
අපේ රටේ කතෝලික ජනතාව ඉතාම දුෂ්කර අවස්ථාවල මනුෂ්‍යයා කෙරෙහි දක්වන ප්‍රේමයේ පණිවිඩය රැකගත්තා. මට මතකයි පසුගිය වසරේ, ඒ කියන්නේ 2019 අප්‍රේල් 21 වැනිදා, තමුන්නාන්සේලාගේ වැදගත් දේවස්ථාන ගණනාවක් වගේම කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනකටත් එල්ලවුණු මරාගෙන මැරෙන ප්‍රහාර හේතුවෙන් 250කට අධික ජීවිත ප්‍රමාණයක් අහිමි වුණා. 500කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. මියගිය සහ තුවාලවුණු පිරිසෙන් බහුතරයක් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උට්ඨානය සමරන්න පල්ලිවලට රැස්වෙලා හිටපු බැතිමතුන්. මේක ආසියාවේ විතරක් නොවෙයි, ලෝක මට්ටමෙනුත් සිවිල් වැසියන් ඉලක්ක කරගෙන සිදුකළ දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරය.  නමුත් කතෝලික ජනතාව කිසිදු ලේ බිඳුවක් සෙලවෙන්නේ නැති විදියට ඒ මොහොතේ කටයුතු කළා. අග-රද-ගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේගේ ඉල්ලීමට අනුව සියලු දෙනා සාමකාමීව කටයුතු කරලා ලෝක ජන ප්‍රසාදය දිනාගත්තා.
 
බුදුහාමුදුරුවෝ කිව්වේ වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියලා. එක කම්මුලකට ගැහුවොත් අනිත් කම්මුලත් හරවන්න කියලා තමයි ජේසු ස්වාමිදරුවාණන් කිව්වේ.  ඒ වගේ දර්ශනයක් අදහන ජනතාව මේ වගේ  සාමකාමී වීම අප රට ලැබූ භාග්‍යයක්. ඒ නිසා අපි පසුගිය පාස්කු ප්‍රහාරයෙන් හානියට පත්වුණ සියලු ජනතාවට මුළුමනින්ම රජය විසින් කළයුතු යුතුකම් ඉටුකොට අවසාන කරන්න කියලා මම උපදෙස් දුන්නා. ඒ වගේම ප්‍රහාරයට ලක්වූ දේවස්ථානවල සංවර්ධන කටයුතු කඩිනම් කරන්නත් අපි තීරණය කළා.
 
පසුගිය සතියේ (2020.12.16) අග-රද-ගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමඟ පැවැති සාකච්ඡාවේ දී තමයි මම මේ තීන්දු ගත්තේ.
 
ආදරණීය කිතුණු බැතිමතුනි,
 
මේ රාජ්‍ය නත්තල් උත්සවයට සමගාමීව මේ ප්‍රදේශයේ දේවස්ථාන වාගේම දහම්පාසල් සංවර්ධනය කරන්න කටයුතු කරන බව මේ වෙලාවේ මම කියන්න ඕනේ. අපේ රටේ සියලු ආගමික සිද්ධස්ථාන වැඩිදියුණු කිරීම වගේම සමස්ත සමාජයම සාරධර්ම හා ආගමික ගුණවගාවෙන් පෝෂණය කිරීම තමයි අපගේ වගකීම හා යුතුකම. අපිට ඕනෑ කරන්නේ අනාගමික රටක් නෙවෙයි. එහෙම ආගම් එපා කියන අයට හොඳ උත්තරයක් පසුගිය කාලේ ලැබුණා. අපිට ඕනෑ ආගමට දහමට අනුව ජීවත් වෙන සමාජයක්. එහෙම සමාජයක් හදන්න පුළුවන් වෙන්නේ ආගම දහම අනුව කටයුතු කළොත් විතරයි.  ඒ වෙනුවෙන් ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට
 
අපගේ රජය පසුබට නොවන බවත් මේ වෙලාවේ ඔබට සිහිපත් කරන්න කැමතියි. වගකිව යුතු රජයක් ලෙස අපගේ මූලික පරමාර්ථය වන්නේ මේ රටේ ජනතාව පල්ලියට, පන්සලට, කෝවිලට වඩාත් සමීප කිරීම තුළින් සාරධර්මවලින් සපිරුණු ජන සමාජයක් ගොඩනැංවීමයි.
 
ඔබ සැමට නිරෝගිමත් සුබ නත්තලක්! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.
 
මෙම අවස්ථාව සඳහා අස්ගිරි පාර්ශවයේ වයඹ පළාත් ප්‍රධාන සංඝනායක මහාචාර්ය තුඹුල්ලේ ශීලක්ඛන්ද නාහිමි,  කුරුණෑගල පදවියේ රදගුරු අති උතුම් දේවධර්මාචාර්ය හැරල්ඩ් ඇන්තනී පෙරේරා හිමිපාණන්, ලංකා සභාවේ රදගුරු කීර්ති සිරි ප්‍රනාන්දු, අනුනායක පියල් ජානක ඇතුලු පියතුමන්ලා හා අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, ඉන්දික අනුරුද්ධ, ලොහාන් රත්වත්තේ, නිමල් ලන්සා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී.බී. හේරත්, අසංග නවරත්න, ගුණපාල රත්නසේකර, වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ, ඇතුලු මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.

මධ්‍යම අධිවේගී මාර්ග කඩිකම් කිරීමේ ව්‍යාපෘතියේ තෙවන අදියර යටතේ පොතුහැර සිට ගලගෙදර දක්වා අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  අද(19) ආරම්භ විය.
 
කුරුණෑගල, වදාකඩ - පොතුහැර මාර්ගයේ ලිහිණිගිරිය අසල පැවති මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවැනි අදියරේ සමාරම්භක අවස්ථාවට එක් වූ අග්‍රාමාත්‍යතුමා මෙලෙස අදහස් පළ කළේය,
 
මම ඉතාම සතුටු වෙනවා අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කරන්න ලැබීම පිළිබඳව. මේක හුගක් කල් ඉදන් අපේ තිබ්බ සිහිනයක් කියලා කිව්වොත් මම නිවැරදියි. කන්ද උඩරට ගියාම සියලු දේශපාලඥයෝ මගෙන් අහන්නේ කවදද අපිට අධිවේගී මාර්ගයක් දෙන්නේ කියලා. ඉතිං ඒ අධිවේගී මාර්ගයේ අපිට දැන් බලාපොරොත්තු තියා ගන්න පුලුවන්. අදින් ආරම්භ වෙන අධිවේගී මාර්ගයේ ඉතිරි වැඩ කොටස තව අවුරුදු කිහිපයකින් අපිට ඉටු කරන්න පුලුවන්කම ලැබේවි. 
 
මම වැඩියෙන්ම සතුටු වෙනවා ජොන්ස්ටන් ඇමතිතුමත්, ලේකම්තුමත් ඒ ගැන වැඩි අවධානයක් යොමු කරලා සමාගම්වලට දෙන්නේ නැතුව, මග නැඟුම වැඩපිවෙළ ක්‍රියාත්මක  කිරීම තුළින් මහා මාර්ග අමාත්‍යංශය ඒ වැඩපිළිවෙළ කරන්න තමයි බලාපොරොත්තුව. එහි සම්පූර්ණ වගකීම අරගෙන පාර රජයෙන් හදන්න කටයුතු කරලා තියෙනවා. මේක ඉතා වැදගත් අවස්ථාවක්. මොකද මේක භාරදූර කාර්යයක්. සාමාන්‍යයෙන් අපි කළේ පිටරටකට කොන්ත්‍රාත් එකක් දීලා මේ වැඩේ කරන එක. පිටරට කොන්ත්‍රාත්කරුවන්, එහෙම නැත්නම් ලාංකික කොන්ත්‍රාත්කරුවන්. දැන් රජය විසින්ම අධිවේගී මාර්ගය හැදීමේ වැඩපිළිවෙළ කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒක ලොකු දෙයක්. 
 
තමුන්නාන්සේලා දන්නවා අප බලයට පත්වූ පසුගිය කාලය තුළදී,මේ රටේ විශාල වෙනසක් ඇති කළා. අවුරුදු ගණනාවක් තිබ්බ යුද්ධය අපි අවසන් කළා. රටේ සංවර්ධනය අපි ආරම්භ කළා. හැම අංශෙකින්ම. මහා මාර්ග විතරක් නෙමෙයි සෞඛ්‍ය ගත්තත්, යාපනය ගත්තත්, හැම පැත්තකින්ම රටේ සංවර්ධනය අපි ඇති කළා.  පසුගිය අවුරුදු පහ අපිව පැත්තකට කරලා, පරාජය කරලා තිබ්බා. ඒ අවුරුදු පහ රට ආපස්සට ගියා. ආපස්සට ගිය ඒ අවුරුදු පහ එක්ක තමයි අපිට වැඩ කරන්න වෙලා තියෙන්නේ. ඒ හින්දා 2015 ඉදන් 2019 වෙනකන් පස් අවුරුද්දක් පස්සට ගිය සංවර්ධනයට කර තියලා, අපිට ආපහු එතැන් සිට  ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමාලට, මේ ඉන්න ඇමතිවරුන්ට, හැම පළාතකම හැම අමාත්‍යංශයකම වැඩ කරන්න වෙන්නේ. මහා මාර්ග වේවා, නිවාස වැඩපිළිවෙළ වේවා, අධ්‍යාපන වේවා, අවුරුදු පහක් ආපස්සට ගිය ගමන අපි ඉදිරියට යන්න ඕනි. ඒක තමයි අපිට දැන් තියෙන කාර්යය. මේ තත්ත්වය තුළ අපට සියලු දෙනාගේ සහය  අවශයයි. රටේ ජනතාවගේ සහය අපිට අවශ්‍යයි. මොකද ජනතාව මේ වැඩපිළිවෙළත් එක්ක ඉන්නවා. මේ ඉඩකඩම් සමහර වෙලාවට අපිට ගන්න වෙනවා. ඒවා ගන්න ගියාම ප්‍රමාද කරන්න නඩු පවරන වැඩපිළිවෙළවල් තියෙනවා. මට මතකයි දකුණු අධිවේගී මාර්ගය පටන් අරගෙන ඉදිරියට යනකොට සංවිධානාත්මකව නඩු පැවරීම් කළා. සාකච්ඡා කරලා තමයි අපි ඒවා විසඳා ගත්තේ. 
 
දැන් අපිට ඒ බාධා නැහැ. ඒ නිසා ජනතාව අද සංවර්ධනය පිළිබඳව අවබෝධයක් ඇතුව කටයුතු කිරීම අපි‌ට සතුටට කරුණක්. වැදගත්. ඒ නිසා ජාතියක් වශයෙන් රටක් දියුණු කරන්න යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතුයි. අපිට කළ හැකි සියලු කටයුතු අපි සිදු කරමින් යනවා.  විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් තිබෙන ප්‍රදේශ සංවර්ධනය කිරීම, නිවාස වැඩපිළිවෙළ, අලි මිනිස් ගැටුම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර විශේෂ වැඩපිළවෙළක් සකස් කිරීමට අපි කටයුතු කරනවා. ජනාධිපතිවරයා ඒ සඳහා උපදෙස් දීලා තියෙනවා.  තිබෙන ප්‍රශ්න හා ගැටලු හඳුනාගෙන අපි අපේ වැඩ  කරනවා. ඒ සඳහා මහා සංඝ රත්නයේ වගේම ජනතාවගේ සහය අපිට අවශ්‍යයි.
 
අපි පත්වෙලා තාම මාස තුනක වගේ කාලයක් වෙන්නේ. ජනාධිපතිතුමාට පමණයි වසරක කාලයක් වෙන්නේ. මාස තුන තුළ අපි කරපු වැඩ ප්‍රමාණය අති විශාලයි. ජනතාව අපි වෙනුවෙන් තබපු විශ්වාසය අපි තියලා තියෙනවා. ඒ විශ්වාසය කඩ නොකර රැක ගැනීමට ඉදිරියටත් කටයුතු කරන බව ප්‍රකාශ කරමින් ඔබ සැමට සුභ අනාගාතයක් ප්‍රාර්ථනා කරනවා යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.
 
මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අදියර  පොතුහැර සිට ආරම්භ වී රඹුක්කන හරහා ගලගෙදර දක්වා කි.මි.31.7 ක ප්‍රමාණයක ඉදි කිරීම් කටයුතු ආරම්භ කිරීම අද දිනයේ සිදුවිය. මෙම අදියර මංතීරු හතරකින් සමන්විත වේ.
 
මෙම කොටසේ ඉදිකිරීමේ කටයුතු, ඉදිකිරීම් අධීක්ෂණය සහ සැලසුම් නිර්මාණ කටයුතු මහා මාර්ග අමාත්‍යංශයේ සෘජු මඟ පෙන්වීම හා උපදෙස් පරිදි මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කරනු ලබයි.
 
මාස 42 ක් තුළ ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂිත මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු සඳහා ඇස්තමේන්තුගත ඉදිකිරීම් පිරිවැය රුපියල් බිලියන 142.5 කි.
 
තෙවන අදියරේ ඉදිකිරීම් සඳහා ඉඩම් අත්පත් කර ගැනීමට බිලියන 5ක මුදලක් වැය කර ඇති අතර, තවත් කෝටි 100 ක මුදලක් වැය කිරීමට නියමිතය.
 
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු හා දෙවන අදියරෙහි ඉදිකිරීම් කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.
 
පළමු අදියර යටතේ කඩවත සිට මීරිගම දක්වා කි.මි.37 ක ප්‍රමාණයක් හා දෙවන අදියර යටතේ මීරිගම සිට කුරුණෑගල දක්වා කි.මි.41 ක ප්‍රමාණයක ඉදිකිරීම් කටයුතු සිදු වන අතර එම ඉදි කිරීම් කටයුතු අවසන් වූ පසු අධිවේගී මාර්ග ජාලය කුරුණෑගල දක්වා සම්බන්ධ වේ.
 
එසේම, කඩිනමින් මධ්‍යම අධිවේගී මාර්ගයේ සිව්වන අදියරේ වැඩ කටයුතු ආරම්භ කිරීමට ද රජය මේ වන විටත් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කටයුතු සිදු කරමින් පවතී.
 
උපරිම ආර්ථික ඵලදායිතාවයකින් යුතු අධිවේගී මාර්ග පද්ධතියක් ඉදි කිරීම, කොළඹ - නුවර හා අඹේපුස්ස - කුරුණෑගල -ත්‍රිකුණාමලය  මාර්ගයේ පවතින මාර්ග තදබදය අවම කිරීම, ආර්ථික-සමාජීය සංවර්ධනය හා සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම,දේශීය ව්‍යාපාරික ප්‍රජාවගේ හා අපනයන කෘෂි කර්මාන්තයේ ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කිරීම, උතුරු නැගෙනහිර හා කන්ද උඩරට ප්‍රදේශ සංවර්ධනය සඳහා මාර්ග ජාලය පුළුල් කිරීම, ආයෝජකයින්ට ආයෝජන අවස්ථා සඳහා අධිවේගී මාර්ගය තුළින් ඉඩ ප්‍රස්ථා සැලසීම මේ මඟින් අපේක්ෂිතය.
 
මෙම අවස්ථාව සඳහා දෙමටලුව, දික්වැහැර උභය විහාරාධිපති වයඹ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක රැකව ශ්‍රී ජිනරතන නාහිමි ඇතුළු මහා සංඝරත්නය වැඩම කළ වදාළහ.
 
අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, කෙහෙලිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍යවරුන් වන දිලුම් අමුණුගම, පියල් නිශාන්ත, ඉන්දික අනුරුද්ධ, ලොහාන් රත්වත්තේ, නිමල් ලන්සා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී.බී. හේරත්, අසංග නවරත්න, ගුණපාල රත්නසේකර, ජයරත්න හේරත්, ශාන්ත බණ්ඩාර, චරිත හේරත්, සුමිත් උඩුකුඹුර, මංජුලා දිසානායක, වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ, වයඹ පළාත් සභවේ සභාපති ටිකිරි අධිකාරී, මහා මාර්ග අමාත්‍යංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.ප්‍රේමසිරි ඇතුලු මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.

ජනාධිපතිතුමා සහභාගී වූ “ගම සමග පිළිසඳර” තෙවන වැඩසටහන මෙයයි. පළමුවැන්න සැප්තැම්බර් මාසයේ, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ දෙවැන්න ඔක්තෝබර් මාසයේ දී මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිතව පැවැත්විණ.
 
ග්‍රාමීය ජනතාවගේ දීර්ඝ කාලයක සිට නොවිසඳී ඇති ගැටළු පිළිබඳව ඔවුන් සමග කථා බහ කර, ඒවා නිලධාරීන්ට ඉදිරිපත් කර කඩිනම් විසඳුම් දීම ජනාධිපතිතුමාගේ අපේක්ෂාව වේ. දිවයිනේ අති දුෂ්කර ගම්මානවල වෙසෙන ජනතාව මුණ ගැසී ඔවුන්ගේ ගැටළු නිවැරදිව හඳුනා ගැනීම තවත් අරමුණකි.
 
අද (18) පිළිසඳර රාවණාකන්ද ග්‍රාමයේ, තෝරවෙල්කන්ද විද්‍යාලයීය ක්‍රීඩා භූමියේ දී පැවැත්විණ. රත්නපුර දිස්ත්‍රික්කයේ එක් කෙළවරක, නුවරඑළිය දිස්ත්‍රික්කයට මායිම්ව බලංගොඩ, ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් රාවණාකන්ද ග්‍රාමය පිහිටා තිබේ.
 
රාවණාකන්ද ග්‍රාමයට ආසන්න කට්ටඩිකන්ද, ගල්ලෙනකන්ද සහ තෝරවෙල් කන්ද ඇතුළු අවට ප්‍රදේශ ගණනාවක ගම්මු ජනාධිපතිතුමා හමු වී දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමට තෝරවෙල් කන්ද විද්‍යාලයට පැමිණ සිටියහ.
 
බලංගොඩ, හැටන් මාර්ගයට පිවිසෙන පුදුකාඩුව හන්දියේ සිට කි.මි 6ක් වූ වලේගොඩ මාර්ගය, රාවණාකන්ද සිට ගල්ලෙන්කන්ද මාර්ගය, තෝරවෙල්කන්ද - වතුකාරකන්ද මාර්ගය සහ එගොඩවලේබොඩ - වතුකාරකන්ද යන මාර්ග ඇතුළු ගම්මාන රැසකට පිවිසෙන අතුරු මාර්ග හඳුනාගෙන කඩිනමින් සංවර්ධනය කරන ලෙස ජනාධිපතිතුමා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
 
මේ මාර්ගවලදී හමුවන ඌරාඔය සහ ඉමෝඔය හරහා පාලම් ඉදිකිරීම ද ඊට සමගාමීව සිදු කෙරේ. මාර්ග ඉදිකිරීම් සමග කුඩා තේ වතු කර්මාන්තකරුවන් රැසකට තේ දළු ප්‍රවාහනය කිරීමට පහසුකම් සැලසේ.
 
කිතුල් මැදීමේදී බලපාන ගැටළු පිළිබඳව ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කළහ. කිතුල් මැදීම බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ දෙන්නැයි ජනාධිපතිතුමා පොලීසියට, වන සංරක්ෂණ සහ වනජීවි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
 
කිතුල් මැදීම, තේ දළු නෙළීම ඇතුළු එදිනෙදා ජීවනෝපාය සඳහා වන සංරක්ෂණ හා වනජීවි භූමිවලට ඇතුල්වන ගම්මුන්ට අත්තනෝමතික ලෙස නඩු පැවරීම නතර කරන්නැයි ද ජනාධිපතිතුමා නියෝග කළේය. ඔවුන්ගේ පාරම්පරික ජීවන රටාවන්ගෙන් පරිසරයට හානියක් නොවන බව අවස්ථා ගණනාවකදීම පැහැදිළි වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එම කටයුතුවලට සහය වන ලෙස ද නිලධාරීන්ට පැවසීය.
 
ප්‍රදේශයේ තේ වගාකරුවන්ට අඩුවක්ව පවතින තේ සැකසුම් මධ්‍යස්ථානයක් ඉදි කර දීම කෙරෙහි ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය. තේ දළු ප්‍රවාහනයේ දී සිදුවන ප්‍රමාදයන් වළක්වා ගැනීමට පහසුකම් සැලසීමට මැදිහත්වන්නැයි පළාත් දේශපාලනඥයින්ට ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.
 
දීර්ඝකාලයක සිට ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාවට මුහුණදීමට සිදුව තිබෙන ඉඩම් ගැටළු හඳුනාගෙන කඩිනම් විසඳුම් දෙන්නැයි ජනාධිපතිතුමා අදාළ අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දුන්නේය.
 
කරගස්තලාව විද්‍යාලය, සුමන විද්‍යාලය, බලංගොඩ කනගනායගම් දෙමළ විද්‍යාලය, වලේබොඩ දෙමළ විද්‍යාලය, උඩගම විද්‍යාලය, පින්නවල දෙමළ මහා විද්‍යාලය, බලංගොඩ බුද්ධ ජයන්ති විද්‍යාලය, තෝරවෙල් කන්ද විද්‍යාලය ඇතුළු පාසල් රැසක ගුරු හිඟයට සහ යටිතල පහසුකම් සංවර්ධනයට කඩිනම් විසදුම් දීමට ද තීරණය කෙරිණ. සබරගමුව පළාතේ උසස් පෙළ විද්‍යා, ගණිත, වාණිජ හා තාක්ෂණ විෂයන් ඉගැන්වීමේදී පවතින දෙමළ මාධ්‍ය ගුරුවරුන්ගේ හිගය පියවීමට කඩිනම් සැලසුම් සකස් කරන ලෙස ද රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙනු ලැබීය.
 
ප්‍රදේශයේ තරුණ තරුණියන් උදෙසා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ඇරඹීමට ද තීරණය කෙරිණ.
 
පින්නවල ග්‍රාමීය රෝහල, මනතුංගකන්ද ඇතුළු ග්‍රාමීය රෝහල් කිහිපයක වෛද්‍ය, හෙද සහ යටිතල පහසුකම් සංවර්ධනයට කඩිනම් පියවර ගැනීමට ද උපදෙස් දෙනු ලැබිණ.
 
බැංකියවත්ත කසල මුදා හැරීමේ මධ්‍යස්ථානය ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර නොවන ලෙස සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීමේ වගකීම නාගරික සංවර්ධන අධිකාරියට පවරනු ලැබීය.
 
ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට විශාල අඩුවක්ව ඇති සුසාන භූමියක් ඉදි කිරීමට සුදුසු භූමියක් වෙන් කර පළාත් පාලන ආයතනයට පැවරීමට ද තීරණය කෙරිණ.
 
තෝරවෙල්කන්ද විද්‍යාලයට ජනාධිපතිතුමාගේ පැමිණීම සනිටුහන් කරනු පිණිස ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල් ආයතන අන්තර්ජාල පහසුකම් සහිත පරිගණක පද්ධතියකින් සමන්විත “සුහුරු පන්ති කාමරයක්” ප්‍රදානය කළේය.
 
බලංගොඩ ආනන්ද මෛත්‍රී පාසලේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සදෙව් දිනිරුද් ප්‍රනාන්දු සිසුවා කළ “නව නිර්මාණය” ජනාධිපතිතුමාගේ පැසසුමට සහ ඇගයීමට ලක්විය. සිය ශරීර උෂ්ණත්වය තමාම පරීක්ෂාකර, විෂ බීජ හරණය ද එම යන්ත්‍රය මගින්ම සිදු වන ද්විත්ව හැකියාවක් යන්ත්‍රය සතුය. එය සවිකර ඇති ස්ථානය පසුකර යාමේදී උෂ්ණත්වය පරීක්ෂා නොකළහොත් සංඥා නාදයක් ඉන් නිකුත්වීම ද විශේෂත්වයකි.
 
තෝරවෙල්කන්ද විද්‍යාලයේ 02 වසරේ ඉගෙනුම ලබන ඕෂධී චමුදිකා ජයවික්‍රම දියණිය රචිත ග්‍රන්ථ 02ක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූවාය.
 
අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, අකිල එල්ලාවල, ගාමිණි වෙලේබොඩ, මුදිතා ද සොයිසා, සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහු, ජනතා නියෝජිතයෝ සහ අමාත්‍යාංශ රැසක ලේකම්වරු ඇතුළු නිලධාරීහු “ගම සමග පිළිසඳරට” එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා කොළඹ රදගුරු දුෂාන්ත රුද්‍රිගෝ හිමිපාණන් අතර හමුවක් ඊයේ (17) පස්වරුවේ කොළඹ රදගුරු කාර්යාලයේදී පැවැත්විණි.
 
පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් නත්තල් උත්සවය සැමරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.
 
උත්සව සමයේ කිතුණු බැතිමතුන් හා සියලු ලංකාවාසීන් ආරක්ෂා කර ගනිමින් නත්තල් උත්සවය සැමරීම, පාසල් ආරම්භ කිරීම හා නව ව්‍යවස්ථාව පිළිබඳව කොළඹ රදගුරුහිමිපාණෝ මෙහිදී අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු කළහ.
 
කොරෝනා තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශය විසින් ලබා දෙන ලද සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් උදාවන නත්තල සැමරීමට වගබලා ගන්නා මෙන් ජනතාව දැනුවත් කරන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙහිදී කොළඹ රදගුරු හිමිපාණන්ට සිහිපත් කළේය.
 
මෙම අවස්ථාව සඳහා කොළඹ අනුනායක පෙරී බ්‍රොහියර් පියතුමා, කොළඹ ඩියෝ කීසියේ ලේකම් රාජන් ආසිර්වාදම් ඇතුලු පියතුමන්ලා හා අමාත්‍ය ජී.එල්.පීරිස්, නීති නිලධාරී රොහාන් එදිරිසිංහ, අරුන් ගමලත්ගේ  මහත්වරු එක්ව සිටියහ.

ජාති, ආගම්, කුල භේදයකින් තොරව 'දිනමිණ' පුවත්පත වසර 111ක් පුරා සිදු කර ඇති මෙහෙවර අති විශිෂ්ට බව සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව් දයාරත්න මහතා ඊයේ (17) පැවැසීය.

'දිනමිණ' පුවත්පතේ 111වැනි සංවත්සරය වෙනුවෙන් දිනමිණ කර්තෘ මණ්ඩලයේ ඊයේ පැවැති උත්සවයට සහභාගී වෙමින් මේ බව ප්‍රකාශ‍ කළ සභාපතිවරයා, දිනමිණ පුවත්පත සියලු දෙනාගේම අයිතිවාසිකම් රැක ගනිමින් ඉදිරියට යමින් තිබෙන බව ද කියා සිටියේය.

එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

"'දිනමිණ' පුවත්පතේ 111 වැනි සංවත්සරයට සහභාගී වීමට ලැබීම ගැන සතුටු වෙනවා. එය අපට ගෞරවයක්. මෙම පුවත්පත මෙපමණ කාලයක් පවත්වාගෙන යෑමට හැකි වීම විශාල සතුටක්. හැම රැස්වීම් වාරයකදීම දිනමිණ කතෘ මණ්ඩල සාමාජිකයන් ගැන අප සාකච්ඡා කරනවා. දිනමිණ පුවත්පත සියලු දෙනාගේම අයිතිවාසිකම් රැක ගනිමින් ඉදිරියටම යනවා. ජාති, කුල, දේශපාලන ප්‍රශ්න තිබෙනවා. ඒ සියල්ලටම මුහුණ දෙමින් අප ඉදිරියටම ගමන් කරනවා. කොරෝනා වකවානුවේ දී ලේක් හවුස් සේවක ප්‍රජාවගෙන් අඩු වුණු වැටුප් සහ දීමනා කඩිනමින් ලබා දීමට වත්මන් පාලනාධිකාරිය අවධානය යොමු කර තිබෙනවා. සේවක සුභසාධනය වෙනුවෙන් වත්මන් පාලනාධිකාරිය කැප වී කටයුතු කරන බව කිව යුතුයි. හිටපු කර්තෘ පුෂ්පා රොවෙල් මහත්මියගේ සමු ගැනීමේ උත්සවය පවා මෙහිදී ඉතාම ලස්සනට සිදු කළා.

"මම පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා විදියට අවුරුදු 05ක් සේවය කළා. ඒ කාල වකවානුව පුරාවටම දිනමිණ පුවත්පත සම්බන්ධව පැමිණිලි ලැබුණේ එකක් පමණයි. කතෘ මණ්ඩල අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී කාරියවසම් මහතා දිනමිණ පුවත්පත ඇතුළුව සියලුම පුවත්පත්වල දියුණුව වෙනුවෙන් විශාල සේවාවක් සිදු කරනවා. මෙම පුවත්පත සමඟ පළ වන, පසුගිය කාල වකවානුවේ නැවතී තිබූ ‍විශේෂ අතිරේකයන් නැවත වරක් ආරම්භ කිරීම නිසා විශාල පාඨක පිරිසක් අපට එකතු වී තිබෙනවා. දිනමිණ පුවත්පත පාසල් ළමුන්ට සිංහල සාහිත්‍ය ව්‍යාකරණවල දී පවා විශාල පිටුවහලක් ලබා දුන්නා. මම ඩේලි නිවුස් පුවත්පත අවුරුදු 15 සිට පරිශීලනය කරන කෙනෙක්.

"කොපමණ ප්‍රශ්න පැවැතියද අප යා යුතු ගමනක් තිබෙනවා. පාලක පක්ෂය, සේවක පක්ෂයේ ප්‍රශ්න එනවා. නමුත් අද අප ඒ සියලු දෙනා සමඟම ඉතාම සුහදව සාකච්ඡා කරමින් ගැටලු විසඳනවා. ලංකාවේ ප්‍රථම පුවත්පත විදියට පක්ෂ, පාට, දේශපාලන මත සියල්ල සමඟින් අප හොඳ ගමනක් පැමිණ තිබෙනවා. අභියෝග, බාධක ජය ගනිමින් දිනමිණ පුවත්පත වසර 111ක් ඇවිත් තිබෙනවා. ඉදිරියටත් දිනමිණ නොවෙනස්ව වැජඹේවායි කියා ප්‍රාර්ථනා කරනවා."

 
 

දිනමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ගාමිණී ජයලත් මහතා එහිදී මෙසේ කියා සිටියේය.

"1909 දෙසැම්බර් 17 වැනිදා එච්.එස්. පෙරේරා මහතාගේ කර්තෘත්වයෙන් 'දිනමිණ' පුවත්පත ආරම්භ කෙරුණා. එදා සිට අද දක්වා අවුරුදු 111ක් ගත වී තිබෙනවා. එය සුළුපටු කාලයක් නොවේ. පත්තර ආරම්භ වෙනවා, වැහෙනවා. නමුත් 'දිනමිණ' පුවත්පත එදා සිට අද දක්වාම පවතින පුවත්පතක්. ලංකාවේ පැරණිම පුවත්පත දිනමිණ පුවත්පතයි. දිනමිණ තව විශාල කාලයක් පවතින බව අපට විශ්වාසයි. එදා අපේ පත්තරේට 'දිනමිණ' කියන නාමය දැමුවේ එවකට තිබුණ පුවත්පතක් වන 'සරසවි සඳරැස' පුවත්පතට තරගයක් දිය හැකි එකම පුවත්පත ලෙසයි. එදා රත්මලානේ ශ්‍රී ධම්මාරාම නාහිමියෝ තමයි මේ 'දිනමිණ' කියන නම දැම්මේ. ලංකාවේ පත්තර කලාවේ මහගෙදර වන ලේක් හවුස් ආයතනයේ වැඩිමහල්ම පුවත්පත දිනමිණයි. අද ඒ පැරණිතම පුවත්පතේ 111 වැනි උපන්දිනය සමරනවා.

"මම අපේ පුවත්පතේ 100 වැනි උපන්දිනයටත් සහභාගී වුණා. එදා අපේ ලේක් හවුස් ආයතනයේ සභාපතිවරයාව සිටියේ බන්දුල පද්මකුමාර මහතායි. 2012 වර්ෂයේ දිනමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා විදියට මම පත් වුණා. එදා සිට 2015 දක්වා අප දිනමිණ පුවත්‍පතේ උපන්දිනයට සහභාගී වුණා. පසුව යම් කාලයක් මට සමු ගැනීමට සිදු වුවත් නැවත 'දිනමිණ' පුවත්පතේ කර්තෘවරයා විදිහට පත්වීමට මට අවස්ථාව ලැබුණා. 2020 ජනවාරි මාසයේ සිට නැවත දිනමිණ පුවත්පතේ කර්තෘවරයා විදිහට පත්වීමට මට වාසනාව ලැබුණා. ඒ ගැන මම ඉතාම නිහතමානීව සතුටු වෙනවා.

"ඩී.ආර්. විජයවර්ධන මහතා නොසිටින්න අප කවුරුත් මෙතන නැහැ. ආදි කර්තෘ එච්.එස්. පෙරේරා මහතා මේ 'දිනමිණ' පුවත්පතේ ගමනට විශාල කාර්යභාරයක් සිදු කළා. එතුමා නොහිටින්නත් දිනමිණ පුවත්පත බිහිවන්නේ නැහැ. ඒ නිසා ඩී.ආර්. විජයවර්ධන මහතාටත්, එච්.එස්. පෙරේරා මහතාටත් අපේ ගෞරවය පුද කරනවා. එදා සිට අද දක්වා දිනමිණ පුවත්පතේ කර්තෘවරු 27ක් පමණ කර්තෘත්වය දරා තිබෙනවා. දිනමිණ අපේ ගෞරවයයි. අපට අපේ අම්මා වගේයි.

"ආණ්ඩුවේ හොරණෑව යැයි පැවැසීම 'දිනමිණ' පුවත්පතට එදා සිට තිබුණු ලොකුම ප්‍රශ්නයක්. ජාති, ආගම්, කුල භේදයකින් තොරව අප කටයුතු කළා. අපට නිශ්චිත ගමනක් තිබුණා. ඒ නිසයි අප අවුරුදු 111ක් මේ විදිහට අපේ ගමන ආවේ. දිනමිණ පුවත්පතේ හිටපු කර්තෘවරුන්ට, සේවය කළ මාධ්‍යවේදීන්ට ගෞරවය පුද කරනවා. ලේක් හවුස් ආයතනයේ වත්මන් සභාපතිවරයා විදිහට සේවය කරන දයාරත්න මහතා, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී කාරියවසම් මහතා අපේ පුවත්පතේ දියුණුව වෙනුවෙන් විශාල සේවාවක් සිදු කරනවා. විශාල කැපවීමකින් අපේ පුවත්පතේ දියුණුව වෙනුවෙන් අවශ්‍ය සියලු කටයුතු සිදු කරනවා. අද පළ වන පෞද්ගලික පුවත්පත්වල‍ට වඩා 'දිනමිණ' පුවත්පත සමබරව ප්‍රවෘත්ති වාර්තා කරනවා. මුල් පිටුවේ සිට සෑම පිටුවකම විපක්ෂයටත් ඉඩකඩ ලබා දී තිබෙනවා.

"අපේ දිනමිණ පුවත්පත තවත් චිරාත් කාලයක් වැජඹේවා කියා ප්‍රාර්ථනා මා කරනවා."

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චන්දන බණ්ඩාර මහතා මීට සහභාගී වෙමින් මෙසේ කියා සිටියේය.

"'දිනමිණ' පුවත්පතේ 111 වැනි සංවත්සරයට සහභාගී වීමට ලැබීම ගැන සතුටු වෙනවා. මම ලේක් හවුස් ආයතනයට පැමිණියාට පසුව මුලින්ම සේවය කළේ දිනමිණ පුවත්පතේ ප්‍රවෘත්ති අංශයේයි. එවකට ගාමිණී ජයලත් මහතා දිනමිණ පුවත්‍පතේ විශේෂාංග කර්තෘවරයා විදියට සේවය කළා. දිනමිණ වි‍ශේෂත්වය වන්නේ දීර්ඝ කාලයක් පැවැත එන පුවත්පතක් වීම නිසායි. පාසල් ළමයි එදා සිට සිංහල සාහිත්‍යය ඉගෙන ගත්තේ දිනමිණ කතුවැකිය කියවීමෙන්. අදටත් ලංකාවේ හොඳම පුවත්පත 'දිනමිණ' පුවත්පතයි. ඒ ගැන ආඩම්බර වෙනවා. පුවත්පතක ගුණාත්මකභාවය අලෙවි වන ප්‍රමාණයෙන් බලනවා නම් එය ඉතාම වැරදියි. දිනමිණ පුවත්පත් කලාවේ රසය, සාර්ධර්ම, ගුණධර්ම සියල්ල ආරක්ෂා කර ගනිමින් ජනතාව අතරට ප්‍රවෘත්ති ගෙනයනවා.

"මේ පුවත්පත අලෙවි වන ප්‍රමාණය වැඩි කිරීමටත් වත්මන් සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සියලු කටයුතු සම්පාදනය කරමින් සිටිනවා. පුවත්පත්වල දියුණුව වෙනුවෙන් විශාල වැඩසටහන් රැසක් ගෙන යනවා. පසුගිය කාලයේ මේ ආයතනයේ සිටි පාලනාධිකාරිය කටයුතු කළේ පුවත්පත ප්‍රවර්ධනයට නොවෙයි. ආයතනයේ ප්‍රවර්ධනයට නොවෙයි. නමුත් වත්මන් පාලනාධිකාරිය ආයතනයේ දියුණුව වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කරනවා. අද දිනමිණ පුවත්පත ගැන බාහිර පාඨකයන් ‍ඉතාම හොඳ අදහස් ප්‍රකාශ කරනවා. දැන් 'දිනමිණ' පුවත්පත ඉතාම හොඳ ගමනකට ප්‍රවිෂ්ට වී තිබෙනවා. පක්ෂ, පාට භේදයකින් තොරව පුවත්පතේ ගුණාත්මකභාවය හා ප්‍රවර්ධනය වෙනුවෙන් කටයුතු කරනවා‍. දිනමිණ ගමන් මඟට සුබ ප්‍රාර්ථනා කරනවා." සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක ධර්ම ශ්‍රී කාරියවසම්, වැඩ බලන සාමාන්‍යාධිකාරී සුමිත් කොතලාවල, දිනමිණ කර්තෘ මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වූහ.

කොළඹ වරාය නගරය සඳහා රුපියල් කෝටි 19,000ක ආයෝජන ගිවිසුමකට අත්සන් තැබීම අගමැති මහින්ද රාජපක්ෂ සහ චීන තානාපති චි ජෙන්හොං මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි.

මෙය කොළඹ වරාය නගරයේ පළමු ආයෝජනය වන අතර මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වේ. එල්. ඕ. එල්. සී (LOLC) සමූහයේ මූලෝපායික ආයෝජන අංශය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ චයිනා හාබර් ඉන්ජිනියරින් කම්පැනි ලිමිටඩ් (CHEC) ආයතන අතර මේ ගිවිසුමට අත්සන් තැබිණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2014 වසරේදී කොළඹ වරාය නගර ව්‍යාපෘතිය චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ මෙරට සංචාරයට සමගාමීව ආරම්භ කරන ලදි.

කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථාන (CIFC) ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවේදී අදහස් දක්වමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවැසුවේ “විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම අපගේ රජයේ ප්‍රමුඛතාවක්. මේ සුවිශේෂී ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව නැවත ව්‍යාපාර ලොවට පිවිස ඇති බවට ප්‍රබල නිදසුනක්” බවයි.

“ උපාය මාර්ගික පිහිටීම සමඟ මානව හැකියාවන්ද අන්තර්ගතව ශ්‍රී ලංකාව ලබාදෙන ආයෝජන අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ලොව පුරා විසිරී සිටින ආයෝජකයන්ට ආරාධනා කළේය.

“ මේ තීරණාත්මක මොහොතේ චීනය නැවත වතාවක් ශ්‍රී ලංකාව කෙරෙහි ඇති විශ්වාසය සහ ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට උපකාර කිරීමට ඇති සිය කැපවීම පෙන්නුම් කරනවා” යැයි චීන තානාපති චි ජෙන්හොං මහතා පැවැසීය.

 
 

“කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථාන ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ මූල්‍ය හා අනෙකුත් කර්මාන්ත ශක්තිමත් ලෙස වර්ධනයවීමට එලදායී ලෙස බලපානවා පමණක් නොව සාමාන්‍ය ජනතාවට උසස් තත්ත්වයේ රැකියා අවස්ථා නිර්මාණය කරන බවට විශ්වාස කරන්නේ යැයි” චීන තානාපති චි ජෙන්හොං මහතා පෙන්වා දුන්නේය.

අමෙරිකානු ඩොලර් බිලියන 1. 4ක මූලික ආයෝජනයෙන් සහ අමෙරිකානු ඩොලර් බිලියන 15ක අපේක්ෂිත සමස්ත ආයෝජනයකින් සම්පූර්ණ වන කොළඹ වරාය නගරය දකුණු ආසියාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික, නේවාසික සහ සංචාරක ගමනාන්තය බවට පත්වනු ඇත.මේ ව්‍යාපෘතිය හෙක්ටයාර් 6. 8ක මුළු භූමි ප්‍රමාණයකින් සමන්විත වන අතර එය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ චයිනා හාබර් ඉන්ජිනියරින් කම්පැනි ලිමිටඩ් ඒකාබද්ධව කළමනාකරණය කරන කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථාන ව්‍යාපෘති පළමු අදියර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 450ක ආයෝජනයකින් යුතුව හෙක්ටයාර 3. 06ක භූමි ප්‍රමාණයක විශේෂ කාර්ය වාහන (SPV) සමාගමක් ස්ථාපිත කෙරෙනු ඇත.

තිරසර හා සමාජීය වශයෙන් වගකිව යුතු ආකාරයකින් ක්‍රියාත්මක කෙරෙන මේ සමස්ත ව්‍යාපෘතිය, විවිධ අංශ ඔස්සේ සැලකිය යුතු ගුණාත්මක රැකියා අවස්ථා රැසක් ඇති කිරීමට අපේක්ෂා කර තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් වූ පවුල්වල ගැටලු නිරාකරණය කර ඔවුන්ට සහන සැලසීම සම්බන්ධයෙන් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අගමැතිවරයා ඇතුළු රජයට ප්‍රසංශාව පළ කරති.

අනාගතයේදී මෙවැනි සිදුවීම් ඇති නොවන පරිදි ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ මැදිහත්වීම තුළ රටේ අනාගතය ශක්තිමත් කරන්නට හැකිවෙතැයි විශ්වාස කරන බවත් පැවැසූ අගරදගුරු හිමිපාණෝ, ඒ විශ්වාසය තුළ අගමැතිවරයා ගැන බලාපොරොත්තු රඳවා තිබෙන බවත් කීහ.

හෙතෙම මේ බව පැවැසුවේ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූ පවුල්වල ගැටලු නිරාකරණය කිරීම හා ප්‍රහාරයට ලක්වූ දේවස්ථානවල ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (16) පැවැති සාකච්ඡාව අවසානයේ අදහස් දක්වමිනි.

 
 

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් කටුවාපිටිය ප්‍රදේශයේ ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් නැවත ආරම්භ කර කඩිනමින් වැඩ අවසන් කරන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිලධාරීන්ට මෙහිදී උපදෙස් දුන්නේය. මේ ව්‍යාපෘතිය යටතේ නිවාස 24ක් ඉදිකෙරෙන අතර දැනට ඉඩම් හිමි පුද්ගලයන් වෙනුවෙන් තවත් නිවාස 5ක් කටුවාපිටිය ප්‍රදේශයේ නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකිරීමට නියමිතය. ප්‍රහාරයෙන් පීඩාවට පත්ව කොළඹ අවට කුලී නිවෙස්වල සිටින පවුල් 33ක් වෙනුවෙන් නිවාස සංවර්ධන අධිකාරියේ යෝජිත නිවාස සංකීර්ණයකින් නිවෙස් 33ක් වෙන් කර දෙන ලෙසද අගමැතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මේ පිරිසට අමතරව ප්‍රහාරයෙන් පීඩාවට පත්ව බදුල්ල, මහනුවර ඇතුළු රට පුරා විසිරී සිටින පවුල් 11ක් වෙනුවෙන් ඒ ඒ ප්‍රදේශවලින් නිවාස අවශ්‍යතා සපුරාදීමටද මෙහිදී එකඟතාව පළ විය.

විපතට පත්වූවන් සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහල මඟින් ලබාදෙන වෛද්‍ය පහසුකම් පුළුල් කිරීමට උපදෙස් දුන් අගමැතිවරයා ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ රෝහල් කාමර පහසුකම් සැලසීමට කටයුතු කරන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter