නවතම පුවත්

2021 අයවැය යෝජනාවෙන් අපි විශාල මුදලක් රටේ දේශීය කර්මාන්ත සංවර්ධනයට වෙන් කරලා තිබෙනවා. මේ අයවැයෙන් පොදු ජනතාවට මොනවත් නෑ කියලා අපේ විවේචකයෝ බොරු චෝදනා කළා. නමුත් මතක තියාගන්න අපි කොයි වෙලාවෙවත් නිකන් සල්ලි බෙදන ව්‍යාපෘති පටන් ගත්තේ නැහැ. ඡන්ද බලාගෙන හදපු අකුරක්, කොමාවක් මේ අයවැයේ නැහැ. අපි ඒ ප්‍රෝඩාව ජනතාවට කරන්නේ නෑ කියලා හැමදාම කියලා තියෙනවා. මේ අයවැය වෙන් වෙන්නේ ගමේ ගොවියා, ධීවරයා, කර්මාන්තකරුවා ගොඩනඟන්න. ඒ නිසා මේ අයවැය යෝජනාවලිය ක්‍රියාත්මක කරන්න විදේශීය විශේෂඥයෝ අපිට අවශ්‍ය නැහැ. විදේශීය උපදේශකයෝ අපිට අවශ්‍ය නැහැ. විදේශීය මූල්‍ය විශේෂඥයෝ අපිට අවශ්‍ය නැහැ. ඒ නිසා මේ අයවැය යෝජනා ක්‍රියාත්මක කරන්න ඉන්නේ අපේම රජයේ නිලධාරීන්. මේ අයවැය යෝජනා පොළොවට ගෙනියන්න ඉන්නේ ඔබ.

මේක අමාරු වැඩක්. මේ අමාරු වැඩේ කරන්න වෙන්නේ ඔබට. ඔබ තමයි මෙතෙක් එය කළේ. ඒ අපේ රටේ ගමේ ජනතාවත් එක්ක. ඒ ජනතාව ව්‍යවසායකත්ව දැනුම ලබපු, විශාල පුහුණුවක් ලබපු, ආයතනවල වැඩ කරලා හුරුව තියෙන අය නොවෙයි. ඒ අයට උදව් කරන්න ඔබට සිදු වෙනවා. නිලධාරීන් සහ ජනතාව අතර තියෙන පරතරය අවම කරගන්න වෙනවා. රජයේ නිලධාරීන් වන ඔබත් ආණ්ඩුවේ අදහස තේරුම් ගන්න ඕන. 'ගම සමඟ පිළිසඳරක්' වැඩසටහන කරගෙන යනකොට අපිට තේරෙනවා ජනතාව ඉල්ලන දේ. පොතේ තියෙන දේවලුයි, පරිපාලන රෙගුලාසිවල මුදල් රෙගුලාසිවල තියෙන දේවලුයි ජනතාව ඉල්ලන දේවලුයි අතර විශාල පරතරයක් තිබෙනවා. ඒවා ජනතාවගේ අවශ්‍යතාවලට ගැළපෙන ආකාරයට හසුරුවාගෙන වැඩ කරන අභියෝගය තමයි ඔබට තිබෙන්නේ. දැනට පවතින නීති හා රෙගුලාසි බොහෝමයක් යල්පැන ගිහින්.

බොහොම දෙනෙක් හිතනවා අපි රූලෙන් පිට, නීතියෙන් පිට වැඩ කළොත් අමාරුවේ වැටෙනවා කියලා. යහපාලන ආණ්ඩුව මේ රටට කළ ලොකුම ද්‍රෝහිකම තමයි මේ රටේ රජයේ නිලධාරීන් ජනතාවට සේවය කරන නිසා බන්ධනාගාර ගත කරපු එක. මට මතකයි ජාතික ආපදා අවස්ථාවක ගංවතුර ආධාර බෙදුවා කියලා හිටපු හමුදාපතිවරයා එෆ්. සී. අයි. ඩී. එකට ගෙනල්ලා ප්‍රශ්න කළා. සිල් රෙදි බෙදා දුන්නා කියලා ජනාධිපති ලේකම්වත් විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටවත් බන්ධනාගාර ගත කළා. අපි මේ තත්ත්වය තේරුම් අරගෙන තියෙන්නේ. නමුත් ඔබ තේරුම් ගන්න සද්භාවයෙන් ක්‍රියා කරපු කිසිම නිලධාරියෙකුට දඬුවමක් දෙන්න බැරි බවත් ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථානුකූල ආරක්ෂාව අපි ලබාදෙන බවත්. සිල් රෙදි නඩුවෙන් නිදහස් වුණ ලලිත් වීරතුංග හිටපු ජනාධිපති ලේකම්වරයා ජනතාවට කිව්වේ මොකක්ද? සද්භාවයෙන් ජනතාවට සේවය කරන කිසිම වෙලාවක වරදින්නේ නැහැ කියන එක එතුමා ප්‍රකාශ කළා. ඒ නිසා පවතින නීති රීතිවලින් ඔබ්බට ගිහිල්ලා මේ මුදල් ජනතා සුබසිද්ධිය වෙනුවෙන් පරිහරණය කරන විදිහ ගැන, පළපුරුද්දක් තියෙන ඔබ දන්නවා ඇති.

අමාත්‍යංශවල ඇමැතිවරයාත්, ලේකම්වරුත්, නිලධාරිනුත් අතර හොඳ සම්බන්ධයක් තියාගන්න ඕන. අපි විශාල තරුණ මන්ත්‍රීවරු පිරිසකට අවස්ථාව ලබාදීලා තිබෙනවා. රාජ්‍ය ඇමතිවරුන් වශයෙන් කටයුතු කරන්න. අපේ ඇමැතිවරු වැඩ කරන විට අමාත්‍යංශ ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරුත් එක්ක සුහද සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න ඕන. මේ අය ජනතාවගෙන් වගේම අමාත්‍යංශ නිලධාරීන්ගෙනුත් ඉගෙන ගන්න ඕන.

මට මතකයි 1978 ළාබාලතම මන්ත්‍රීවරයා වශයෙන් තේරුණ වෙලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ සංවර්ධන කමිටුවේ නියෝජිතයා හැටියට මාව යවනකොට කරපු දේ. එදා එතුමිය දුරකථනය අරගෙන හම්බන්තොට දිසාපතිවරයාට කතා කරලා කිව්වා මහින්දව එවනවා, අපේ ඉන්න ළාබාලතම මන්ත්‍රීවරයා, එතුමා බලාගෙන එතුමා එක්ක වැඩ කරන්න කියලා. ළාබාලතම මන්ත්‍රීවරයා වුණාට, පාර්ලිමේන්තුව නියෝජනය කරාට සිරිමාවෝ මැතිනිය කිව්වේ නිලධාරීන්ගෙන් ඉගෙන ගන්න කියලා. මම මේ තරුණ මන්ත්‍රීවරුන්ටත් ඇමැතිවරු වෙච්ච තරුණ මන්ත්‍රීවරුන්ටත් කියන්නේ ඒ කාරණයයි. ඒ වගේම අපි ආණ්ඩුවක් කරගෙන යන විට රජයේ නිලධාරීන්ම පමණක් නොවෙයි විශේෂඥ දැනුම තියෙන, කාර්යක්ෂමතාව තියෙන, තරුණකම තියෙන නොයෙක් පාර්ශ්ව සම්බන්ධ කරගන්න ඕන. අපි කවුරුත් සාමූහිකව වැඩකරන්න ඕන. මතක තියාගන්න ආණ්ඩු යනවා එනවා. නමුත් රාජ්‍ය පවතිනවා. ඒක තමයි සත්‍යය.

කොරෝනා වසංගතය එක්තරා ආකාරයකට රාජ්‍ය සේවයේ ශක්තිය පරීක්ෂා කළ අවස්ථාවක් බව මම කියන්න ඕන. කොරෝනා වසංගතයට මුහුණ දෙන විට අපිට සිද්ධ වුණා උපරිම වශයෙන් නවීන තාක්ෂණය භාවිතා කරමින් වැඩ කරන්න. ඒ තාක්ෂණය භාවිතා කරලා ජනතාවට සේවය කරන්න. විශාලම අභියෝගය වුණේ අධ්‍යාපනයට. ගුරුවරයාට ගෙදර ඉඳන් තමන්ගේ දූ දරුවන්ට උගන්වන්න සිදු වුණා. මම කියන්න සතුටුයි මොන දුෂ්කරතාවය ආවත් මේ රටේ ගුරුවරු ඒ අභියෝගය භාරගත්තා. ගෙදර ඉඳගෙන දරුවන්ව ගෙවල්වල තියාගෙන ඉගැන්වූවා. ඒක රජයේ සේවයේ අය කරපු විශාල මෙහෙවරක්. පෞද්ගලික අංශයේ අය වගේම රජයේ සේවකයිනුත් ඔන්ලයින් ක්‍රමය යටතේ හොඳින් වැඩ කළා. අපේ රටේ රාජ්‍ය සේවය ජනතාව වෙනුවෙන් සිය යුතුකම නිවැරදිව ඉටුකළා.

මේකෙන් පේනවා රජයේ නිලධාරීන්ට ඕනම මොහොතක අලුත් දෙයක් වැලඳගන්න, නම්‍යශීලිව වැඩ කරන්න පුළුවන් කියලා. සමස්ත රාජ්‍ය සේවයම මේකෙන් පාඩමක් ඉගෙන ගන්න ඕනෑ. නූතන තාක්ෂණය රජයේ ආයතනවලට වේගයෙන් අනුගත කරන්න අවශ්‍යයි. ඒක අමාත්‍යංශ ලේකම්වරුන් වන ඔබගේ වගකීමක්. මේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න ඕනෑ. සෑමවිටම නූතන තාක්ෂණය යොදාගෙන ජනතාව අතරට යන්න තමුන්නාන්සේලා උත්සාහ කරන්න ඕනෑ. අපිට ඕනෑ කාර්යක්ෂම රටක්. දශක ගණනාවක් මඟහැරුණු වැඩ රාශියක් අපිට තියෙනවා ඉටු කරන්න. ඔබ දන්නවා ශ්‍රේෂ්ඨාධිකරණයට අලුතෙන්ම විනිසුරුවරුන් විසිදෙනෙක් පසුගියදා ජනාධිපතිතුමා පත් කළා. ඒ පත්කළේ මේ රටේ අධිකරණයේ ගොඩගැහිලා තියෙන විශාල නඩු ප්‍රමාණයක් ඉක්මනින් විසඳන්න. රටට යුක්තිය ඉටු කරන්න. ඒ යුක්තිය සියලු රාජ්‍ය ආයතනවලින් ඉටු කරන්න ඕන කියන කාරණය මම මතක් කරනවා. අපිට ඕනෑ බැනුම් අහන්නේ නැති රාජ්‍ය සේවයක්. අපිට ඕනෑ රාජ්‍ය වගේම ආණ්ඩුවත් ආණ්ඩුව වගේම රාජ්‍යයත් වගකීමක් ඇතුව ජනතාවට සේවය කරන තැනට ගේන්න. අපි බලයට පත් වුණ සෑම අවස්ථාවකම ජනතාව අපේක්ෂා කළ වගකීම් අපි ඉටුකළා. අපි යුද්ධය අවසන් කළා. ආපස්සට ගියපු ආර්ථිකය හා සංවර්ධනය ගොඩනැඟීම වෙනුවෙන් කටයුතු කළා. ඒ සෑම අවස්ථාවකදීම රාජ්‍ය සේවය අපිට උදව් කළා. ඉදිරියටත් මේ රට ගොඩනැඟීමේදී තමුන්නාන්සේලාගේ උපරිම සහය අපි බලාපොරොත්තු වෙනවා.

ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ. කැබිනට් ඇමැතිවරු, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

සද් භාවයෙන් ජනතාවට සේවය කරපු කිසිම රාජ්‍ය නිලධාරියෙකුට දඬුවමක් දෙන්න බැරි ව්‍යවස්ථානුකූල ආරක්ෂාව ලබාදීමට බලාපොරොත්තුවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේ දී පැවැසීය.
 
ගම සමඟ පිළිසඳර - වැඩ සමඟ යළි ගමට ජාතික වැඩසටහනේ රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.
 
අග්‍රාමාත්‍යතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය,
 
2021 අයවැය යෝජනාවලියෙන් අපි විශාල මුදලක් රටේ දේශීය කර්මාන්ත සංවර්ධනයට වෙන් කරලා තිබෙනවා. මේ අයවැයෙන් පොදු ජනතාවට මොනවත් නෑ කියලා අපේ විවේචකයෝ අපිට චෝදනා කළා. නමුත් මතක තියාගන්න අපි කොයි වෙලාවකවත් නිකන් සල්ලි බෙදන ව්‍යාපෘති පටන්ගත්තේ නෑ ඉතිහාසයේ. ඡන්ද බලාගෙන හදපු අකුරක්, කොමාවක් මේ අයවැය ලේඛනයේ නෑ. අපි ඒ ප්‍රෝඩාව ජනතාවට කරන්නේ නෑ කියලා අපි හැමදාම කියලා තියෙනවා. අපි කරන්නෙත් නෑ. මේ අයවැය වෙන් වෙන්නේ ගමේ ගොවියා, ධීවරයා, කර්මාන්තකරුවා ගොඩනගන්න. ඒ නිසා  මේ අයවැය යෝජනාවලිය ක්‍රියාත්මක කරන්න විදේශීය විශේෂඥයෝ අපට අවශ්‍ය නැහැ, විදේශීය උපදේශකයෝ අපිට අවශ්‍ය නැහැ, විදේශීය මූල්‍ය විශේෂඥයෝ අපිට අවශ්‍ය නැහැ. ඒ නිසා මේ අයවැය යෝජනා ක්‍රියාත්මක කරන්න ඉන්නේ අපේම රජයේ නිලධාරීන්. මේ අයවැය යෝජනා පොළොවට ගේන්න ඉන්නේ තමුන්නාන්සේලා. ගෙනියන්න ඉන්නේ.
 
මිත්‍රවරුනි ,
 
මේක අමාරු වැඩක් බව අපි දන්නවා. හැබැයි ඒ අමාරු වැඩේ කරන්න වෙන්නේ ඔබට. ඔබ තමයි මෙතෙක් කරෙත්. ඒ අපේ රටේ ගමේ ජනතාවත් එක්ක එකතු වෙලා. ඒ ජනතාව ව්‍යවසායකත්ව දැනුම ලබපු, විශාල පුහුණුවක් ලබපු, ආයතන වල වැඩ කරලා හුරුව තියෙන අය නොවෙයි. ඒ අයට තමුන්නාන්සේලාට උදව් කරන්න සිදු වෙනවා. නිලධාරීන් සහ ජනතාව අතර තියෙන පරතරය අවම කරගන්න වෙනවා. රජයේ නිලධාරීන් වන තමුන්නාන්සේලා ආණ්ඩුවේ අදහස තේරුම් ගන්න ඕන.
 
"ගම සමඟ පිළිසඳරක්" වැඩසටහන කරගෙන යනකොට අපිට තේරෙනවා ජනතාව ඉල්ලන දේ. පොතේ තියෙන දේවලුයි, පරිපාලන රෙගුලාසිවල (AR), මුදල් රෙගුලාසිවල (FR) තියෙන දේවලුයි ජනතාව ඉල්ලන දේවලුයි අතර විශාල පරතරයක් තිබෙනවා. ඒවා ජනතාවගේ අවශ්‍යතා වලට ගැළපෙන ආකාරයට හසුරුවාගෙන වැඩ කරන අභියෝගය තමයි ඔබට තිබෙන්නේ. දැනට පවතින නීති හා රෙගුලාසි බොහොමයක් යල් පැන ගිහින්.
 
මිත්‍රවරුනි,
 
බොහොම දෙනෙක් හිතනවා අපි රූලෙන් පිට, නීතියෙන් පිට වැඩ කළොත් අමාරුවේ වැටෙනවා කියලා.මොකද යහපාලන ආණ්ඩුව මේ රටට කළ ලොකුම ද්‍රෝහිකම තමයි මේ රටේ රජයේ නිලධාරීන් ජනතාවට සේවය කරපු නිසා බන්ධනාගාර ගත කරපු එක. මට මතකයි ජාතික ආපදා අවස්ථාවක ගංවතුර ආධාර බෙදුවා කියලා හිටපු හමුදාපතිවරයාව එෆ්.සී.අයි.ඩී එකට ගෙනල්ලා ප්‍රශ්න කළා. සිල් රෙදි බෙදා දුන්නා කියලා ජනාධිපති ලේකම්වත්, විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටවත් බන්ධනාගාර ගත කළා කියලා ඔබ දන්නවා. අපි මේ තත්ත්වය තේරුම් අරගෙන තියෙන්නේ. හැබැයි අපි මේකට පිළියමකුත් යොදනවා. සද්භාවයෙන් ක්‍රියා කරපු කිසිම නිලධාරියෙකුට දඬුවමක් දෙන්න බැරි බවත් ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථානුකූල ආරක්ෂාව ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. සිල් රෙදි නඩුවෙන් නිදහස් වුණ ලලිත් වීරතුංග, හිටපු ජනාධිපති ලේකම්වරයා ජනතාවට කිව්වේ මොකක්ද? සද්භාවයෙන් ජනතාවට සේවය කරන කිසිම වෙලාවක වරදින්නේ නැහැ කියන එක. ඒ නිසා පවතින නීති රීති වලින් ඔබ්බට ගිහිල්ලා මේ මුදල් ජනතා සුබසිද්ධිය වෙනුවෙන් පරිහරණය කරන විදිහ ගැන, පළපුරුද්දක් තියෙන තමුන්නාන්සේලා දන්නවා ඇති.
 
අමාත්‍යංශවල ඇමතිවරයාත්, ලේකම්වරුත්, නිලධාරිනුත් අතර හොඳ සම්බන්ධයක් තියාගන්න ඕන. අපි විශාල තරුණ මන්ත්‍රීවරු පිරිසකට අවස්ථාව ලබාදීලා තිබෙනවා රාජ්‍ය ඇමතිවරුන් වශයෙන් කටයුතු කරන්න. අපේ ඇමතිවරු වැඩකරන විට අමාත්‍යංශ ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරුත් එක්ක සුහඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න ඕන බව ඔවුන් දන්නවා. මේ අය ජනතාවගෙන් වගේම අමාත්‍යංශ නිලධාරින්ගෙනුත් ඉගෙන ගන්න ඕන.
 
මට මතකයි 1970 එදා මන්ත්‍රීවරයෙක් වශයෙන් තේරුණ වෙලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ සංවර්ධන කමිටුවේ නියෝජිතයා හැටියට මාව පත් කොට යැව්වා. එදා එතුමිය හම්බන්තොට දිසාපතිවරයාට කතා කරලා කිව්වා මහින්දව එවනවා, මහින්දව බලා ගන්න. දිසාපතිට කියනවා මන්ත්‍රීවරයව බලා ගන්න කියලා. ඒ එදා බණ්ඩාරනායක මැතිණිය වැඩ කරපු හැටි.  ලාබාලතම මන්ත්‍රීවරයා වුණාට පාර්ලිමේන්තුව නියෝජනය කරාට සිරිමාවෝ මැතිණිය කිව්වේ ගිහිල්ලා නිලධාරීන්ගෙන් ඉගෙන ගන්න කියලා. මේ තරුණ මන්ත්‍රීවරුන්ටත්, ඇමතිවරු වෙච්ච තරුණ මන්ත්‍රීවරුන්ටත් මම කියන්නේ ඒ කාරණයයි. හොඳට මතක තියා ගන්න.
 
ඒ වගේම අපි ආණ්ඩුවක් කරගෙන යන විට රජයේ නිලධාරීන්ම පමණක් නොවෙයි, විශේෂඥ දැනුම තියෙන, කාර්යක්ෂමතාව තියෙන, තරුණකම තියෙන නොයෙක් පාර්ශව සම්බන්ධ කරගන්න ඕන. අපි කවුරුත් සාමූහිකව වැඩකරන්න ඕන. මතක තියාගන්න ආණ්ඩු යනවා එනවා. එනවා යනවා. නමුත් රාජ්‍ය පවතිනවා. ඒක තමයි සත්‍යය.
 
කොරෝනා වසංගතය එක්තරා ආකාරයකට රාජ්‍ය සේවයේ ශක්තිය පරීක්ෂා කළ අවස්ථාවක් බව මම කියන්න ඕන. කොරෝනා වසංගතයට මුහුණ දෙන විට අපිට සිද්ධ වුණා උපරිම වශයෙන් නවීන තාක්ෂණය භාවිතා කරමින් වැඩ කරන්න. කරමින් වැඩ කරන්න. ඒ තාක්ෂණය භාවිතා කරලා ජනතාවට සේවය කරන්න. විශාලම අභියෝගය වුණේ අපිට අධ්‍යාපනයට. ගුරුවරයාට ගෙදර ඉඳන් තමන්ගේ  දූ දරුවන්ට උගන්වන්න සිදු වුණා කියාලා ඔබ දන්නවා. මම කියන්න සතුටුයි මොන දුෂ්කරතාවය ආවත් මේ රටේ ගුරුවරු  ඒ අභියෝගය භාර ගත්තා. ගෙදර ඉඳගෙන දරුවන්ව ගෙවල් වල තියාගෙන  ඉගැන්වූවා. උගන්වනවා. එක අතකින් ඒක රජයේ සේවයේ අය කරපු විශාල මෙහෙවරක්. පෞද්ගලික අංශයේ අය වගේම රජයේ සේවකයිනුත් ඔන්ලයින් ක්‍රමය යටතේ හොඳින් වැඩ කළා. අපේ රටේ රාජ්‍ය සේවය ජනතාව වෙනුවෙන් සිය යුතුකම නිවැරදිව ඉටුකළා. ඉටු කරලා තියෙනවා.
 
මේකෙන් පේනවා රජයේ නිලධාරීන්ට ඕනම මොහොතක අලුත් දෙයක් වැළඳගන්න නම්‍යශීලිව වැඩ කරන්න පුළුවන් කියලා. සමස්ත රාජ්‍ය සේවයම මේකෙන් පාඩමක් ඉගෙන ගන්න ඕනෑ. නූතන තාක්ෂණය රජයේ ආයතනවලට වේගයෙන් අනුගත කරගන්න ඕනෑ. ඒක අවශ්‍යයි කළ යුතුයි. ඒක අමාත්‍යංශ ලේකම්වරුන් වන ඔබගේ වගකීමක්. මේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න ඕනෑ. සෑම විටම නූතන තාක්ෂණය  යොදාගෙන ජනතාව අතරට යන්න තමුන්නාන්සේලා උත්සහ කරන්න ඕනෑ. අපිට ඕනෑ කාර්යක්ෂම රටක්. දශක ගණනාවක් මඟහැරුණු වැඩ  රාශියක් අපිට තියෙනවා ඉටු කරන්න.
 
තමුන්නාන්සේලා දන්නවා ශ්‍රේෂ්ඨාධිකරණයට අලුතෙන්ම විනිසුරුවරුන් විසිදෙනෙක් ජනාධිපතිතුමා පත් කළා. ඒ පත් කළේ මේ රටේ අධිකරණයේ ගොඩගැහිලා තියෙන නඩු විශාල නඩු ප්‍රමාණයක් ඉක්මණින් විසඳන්න. රටට යුක්තිය ඉටු කරන්න. ඒ යුක්තිය සියලු රාජ්‍ය ආයතන වලින් ඉටු කරන්න ඕන කියන කාරණය මම මතක් කරනවා. අපිට ඕනෑ බැනුම් අහන්නේ නැති රාජ්‍ය සේවයක්. අපිට ඕනෑ රාජ්‍ය වගේම ආණ්ඩුවත්, ආණ්ඩුව වගේම රාජ්‍යත් වගකීමක් ඇතුව ජනතාවට සේවය කරන තැනට ගේන්න.
 
අපි බලයට පත් වුණ සෑම අවස්ථාවකම ජනතාව අපේක්ෂා කළ වගකීම් අපි ඉටුකළා. අපි යුද්ධය අවසන් කළා. ආපස්සට ගියපු ආර්ථිකය හා සංවර්ධනය ගොඩනැගීම වෙනුවෙන් අපි කටයුතු කළා. ඒ සෑම අවස්ථාවකදීම රාජ්‍ය සේවය අපිට උදව් කළා. ඉදිරියටත් මේ රට ගොඩනැගීමේදි තමුන්නාන්සේලාගේ උපරිම සහය අපි බලාපොරොත්තු වෙනවා.
 
ඔබ සැමට තෙරුවන් සරණයි !
 
ජනපති-අගමැති ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහනට ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ඇතුලු ආණ්ඩුවේ සියලුම කැබිනට් ඇමැතිවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් සහ ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම් ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු රජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමේදී රජය ඒකපාර්ශ්වික ලෙස කටයුතු නොකර මාධ්‍ය ක්ෂේත්‍රයද සම්බන්ධ කර ගනිමින් පුළුල් සංවාදයක් සහිතව කටයුතු කරන බව ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) පැවසීය.

පුවත්පත් මණ්ඩල පනත ගෙන ආවේ 1973 දී වන අතර එදා සිට මේ දක්වා මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ විශාල වෙනස්කම් සිදුව ඇති බවද ඇමැතිවරයා කීවේය.

එබැවින් පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කළ යුතු අතර එහිදී මාධ්‍ය ක්ෂේත්‍රයද සම්බන්ධ කර ගනිමින් විනිවිද ලෙස කටයුතු කරන බවද ඇමැතිවරයා පැවසීය. ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

 
 

ඕනෑම අයකුට ඕනෑම දෙයක් අශීලාචාර ලෙස ලිවීමට සහ ඊට එරෙහිව කරුණු ඉදිරිපත් කළ විට එය සිවිල් අධිකරණයට නියම කිරීමටත් සිවිල් උසාවිය ගන්නා කාලය මත ගනුදෙනු කිරීමේ හැකියාව නොමැති නිසා පුරවැසියාගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

එමෙන්ම ඊටීඅයි අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගත්තේ නීතිපතිවරයාගේ උපදෙස් අනුව බව කී ඇමැතිවරයා ඊට ආණ්ඩුවේ මැදිහත්වීමක් නැතැයිද පැවසුවේය.

2014 වසරේදී රුපියල් මිලියන 847කට අධික ලාභයක් ලැබූ ස්වාධීන රූපවාහිනි ආයතනය පසුගිය රජය යටතේ 2016 වසර වනවිට පාඩු ලබන ආයතනයක් බවට පත්වූ බව ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) පැවසීය.

විශාල මුදලක් සහිත ස්ථාවර තැන්පතු පවා ස්වාධීන රූපවාහිනි ආයතනය සතුව තිබූ බවත් එම සියල්ල පසුගිය වසර පහ තුළ විනාශ කිරීමට කටයුතු කර ඇති බවත් ඇමැතිවරයා පැවසීය.

ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ ස්වාධීන රූපවාහිනි සේවයේ 2010 වසරේ සමස්ත ලාභය මිලියන 495.32ක් වූ බවයි. එමෙන්ම 2011 වසරේදී සමස්ත ලාභය 682ක් වූ අතර 2012 වසරේ ලාභය මිලියන 789ක් බවද සඳහන් කළේය. එමෙන් 2014 වසරේදී එහි ලාභය මිලියන 847.224ක් වූ අතර 2015දී ලාභය මිලියන 638ක් වූ අතර 2016 සිට පාඩුව මිලියන 69ක් වී ඇති බවයි. 2017 පාඩුව මිලියන 287.25ක්ද 2018 වසරේ පාඩුව මිලියන 622ක් සහ 2019 වසරේ සමස්ත පාඩුව මිලියන 597ක් ලෙසද සිදුවී ඇති බව ඇමැතිවරයා පැවසීය. 2020 වසරේ පාඩුව මිලියන 320කි.

 
 

2015 සිට මේ දක්වා ස්වාධීන රූපවාහිනි සේවය සඳහා සේවක සංඛ්‍යාව 139 දෙනකු බඳවාගෙන ඇති බවත් ඔවුන්ගේ නම්, සභාගත කරන බවද ඇමැතිවරයා පැවසීය.

එමෙන්ම ස්වාධීන රූපවාහිනි සේවයේ සේවයේ යෙදී සිටියදී විවිධ අක්‍රමිකතා සඳහා චෝදනාවන්ට ලක්වූවන්ට රටේ පවතින නීතිය අනුව නීත්‍යනුකූලව කටයුතු කරන බවද ඇමැතිවරයා පැවසීය.

ස්වාධීන රූපවාහිනි සේවය 2015 අග වන විට මිලියන 800ක ලාභයක් ලැබූ ආයතනයක්වූ අතර එහි ස්ථිර තැන්පතු බිලියන 2.7ක් තිබූ බවත් සඳහන් කළ ඇමැතිවරයා මිලියන 800ක වියදමින් මැදිරි සංකීර්ණ 02ක් ඉදිකර ඇති අතර 2014 අග වන විට ලක්ෂයකට ආසන්න පාරිතෝෂික දීමනාවන් 694 දෙනකුට ලබාදීමට හැකිවූ බවද සඳහන් කළේය. මේ වන විට ස්වාධීන රූපවාහිනි සේවයේ ණය ප්‍රමාණය පමණක් මිලියනය 500ක් වේ. පසුගිය අවුරුදු 05 තුළම එහි කටයුතු පවත්වා ගැනීමට භාණ්ඩාගාරයෙන් මුදල් ගැනීමට සිදුව තිබේ. එම කාලය තුළ උපදේශකවරුන් 13 දෙනකු හා සභාපතිවරු 07 දෙනකු පත්කොට ඇති බවද ඇමැතිවරයා පැවසීය.

කොවිඩ් 19 වසංගතය ද සාර්ථකව පාලනය කරමින් 2020 වසරේ තුන්වැනි කාර්තුවේ දී සියයට 1.5 ක ධනාත්මක වර්ධනයක් අත්පත් කර ගැනීමට තම ආණ්ඩුවට හැකි වූ බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (6) පැවසීය.

තවදුරටත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

පසුගිය වසර ආරම්භයේදී මෙරට ආර්ථිකය සියයට 4.5 ක් ඉක්මවා යන වර්ධනයක් වාර්තා වෙයි කියා අපේක්ෂා කළ ද 2015 වසරේ සිට 2019 වසර දක්වා ඇති වූ මන්දගාමී ආර්ථික වර්ධන තත්ත්වයත් , කොවිඩ් 19 වසංගත තත්ත්වයත් යටතේ ඇති වූ බලපෑම, හේතුවෙන් තෙවැනි කාර්තුවේ සිට සියයට 1.5ක ධනාත්මක වර්ධනයක් අත් පත් කර ගැනීමට හැකිවීම සුවිශේෂි තත්ත්වයක්.

මෙම කොවිඩ් 19 තත්ත්වය, දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු මෙතෙක් පැවති දරුණු තම ආර්ථික අවපාතයට හේතුවන බවට අපේක්ෂා කරනවා. 2020 වසරේ සමස්ත ලෝක ආර්ථිකය 4.4%කින් කඩා වැටෙනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2020 ඔක්තෝම්බර් මස “ලෝක ආර්ථික ඉදිරි දැක්ම” මඟින් පෙන්වා දී තිබෙනවා.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කෙළේ අගමැතිවරයාගෙන් විමසන ලද ප්‍රශ්න වටය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකස්වර්ණා විජේකෝන්,

සන්ධ්‍යා කරුණාරත්නමහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

 
 

2015 වසරේ සිට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගයේ අඛණ්ඩ අඩු වීමක් පෙන්වීම හේතුවෙන් ආර්ථීකයෙහි සමස්ත ඉල්ලුම ඉහළ නැංවීම තුළින් සිය ආණ්ඩුව ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා ආර්ථීක සේවා ගාස්තු, ජාතිය ගොඩනැගීමේ බද්ද සහ ණය ආපසු ගෙවීමේ අය බද්ද ඉවත් කිරීමෙන් බදු ව්‍යුහය සරල කර තිබෙනවා.

එසේම, ආර්ථිකය නගාසිටුවීම සඳහා තම ආණ්ඩුව විසින් 2019 වසරේ අග භාගයේදී සහ 2020 වසර ආරම්භයේදී සරල, විනිවිදභාවයකින් යුතු සහ කාර්යක්ෂම බදු පද්ධතියක් රටට හඳුන්වා දී තිබෙනවා.

ඒ සඳහා පුද්ගල සහ සංස්ථාපිත ආදායම් බදු ව්‍යුහයන් සංශෝධනය කර ඇති බවද එකතු කළ අගය මත (වැට්) බදු අනුපාතිකය 15% සිට 8% දක්වා පහත දැමූවා.

2020 මාර්තු මස ඇතිවූ කොවිඩ් 19 වසංගතය හමුවේ බලපෑමට ලක් වූ ජීවනෝපාය හා ව්‍යාපාර සඳහා සහාය දෙමින් ඒවා අඛණ්ඩව පවත්වා ගැනීමට මෙන්ම සැපයුම් ජාල ක්‍රියාකාරිත්වය මනාව පවත්වා ගැනීම තහවුරු කරමින් වෛද්‍ය හා සෞඛ්‍ය අංශ ආවරණය වන පරිදි බහුවිධ ප්‍රවේශයකින් යුක්තව ඒ සඳහා පූර්ව ප්‍රතිචාර දක්වා තිබෙනවා.

මෙවැනි බහුවිධ හේතු නිසා රාජ්‍ය මූල්‍ය මෙහෙයුම් 2020 වසරේ ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා කාලපරිච්ඡේදය තුළදී මිශ්‍ර කාර්ය සාධනයක් පෙන්නුම් කර තිබෙනවා.

එමෙන්ම, 2019 දෙසැම්බර් 20 සිට 2020 සැප්තැම්බර් දක්වා කාලය තුළ ආදායම් වියදම් ප්‍රධාන සංවර්ධන ක්ෂේත්‍ර වල ප්‍රතිපත්ති හා උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමටත්, තාක්ෂණික උපකරණ හා විශේෂිත අවශ්‍යතාවයන් මත පමණක් විදේශ ණය ලබා ගැනීමේ රජයේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කරමින් මෙම අයවැය හිඟය මූලිකව දේශීය වශයෙන් සිදු කරනවා.

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය විදේශ සබඳතා ඇමැති ආචාර්ය එස්. ජයශංකර් මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (06) හමු වූ අවස්ථාව.

 

ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය නමින් නව ඒකකයක් ස්ථාපිත කිරිමට රජය සූදානම් වෙයි. ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඒ සදහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලැබී තිබේ. රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වන රට හදන සෞභාග්‍යයේ දැක්ම තුළ අන්තර්ගත රාජ්‍ය ප්‍රතිපත්ති හා සංවර්ධන ප්‍රයත්නයන් පිළිබඳව නිවැරදි තොරතුරු මහජනතාවට ලබාදිම මෙම ඒකකයෙන් අපේක්ෂා කෙරේ.

- තවත් අධ්‍යාපන ප්‍රකාශන 13ක් ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍යයෙන් ප්‍රකාශයට පත් කරනවා
- ව්‍යාපාරික කටයුතු සම්පූර්ණයෙන් අඩාළ වූ ආයතන කිහිපය අතරට අප ආයතනයත් එක් වුණා
- සෑම සේවක මහත්ම මහත්මියක්ම දුෂ්කර කාලපරිච්ඡේදයේදී රැකබලා ගත්තා
- කළමනාකාරිත්වය ලෙස අපට කළ හැකි හැම දෙයක්ම සිදු කළා

ලෝකයම පීඩාවට පත් කළ කොවිඩ් අභියෝග මධ්‍යයේ පත්තර මහගෙදර නව වසරේ ආර්ථික ඉලක්ක සපුරා ගැනීම අරමුණ බව සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව් දයාරත්න මහතා ඊයේ (04) පැවැසීය. 

2021 වසර ආරම්භයේදීම පසුගිය වසරේ ආරම්භ කරන ලද අධ්‍යාපන ප්‍රකාශනවලට අමතරව 3 වන පියවර වශයෙන් තවත් අධ්‍යාපන ප්‍රකාශන 13ක් ඉංග්‍රිසි හා සිංහල මාධ්‍යයෙන් ප්‍රකාශයට පත් කරන බව කියා සිටි සභාපතිවරයා හෙට (06) පෙරවරුවේ ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ඒවා එළි දක්වන බවද කියා සිටියේය.

මේ කාර්යයන් ඉටුකර ගැනීම සඳහා සියලු දෙනා අත්වැල් බැඳගත යුතු වන බවත් ඒ කාර්යය සාර්ථක කර ගැනීමට වෙහෙසී කටයුතු කරන ලෙස සභාපතිවරයා ලෙක්හවුස් සියලු සේවකයන්ගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම කොවිඩ් වසංගය සමඟ ගෙවුණු අවුරුද්ද කැප වී සේවය කළ සියලුම සේවක මහත්ම මහත්මීන්ට අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරිත්වයේ ස්තූතිය පුද කරන බවද කියා සිටියේය.

සභාපතිවරයා මේ බව කියා සිටියේ නව වසරේ ලෙක්හවුස් ආයතනයේ වැඩ ආරම්භ කිරීමෙනි.

එහිදි අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේද කියා සිටියේය.

“2019 දෙසැම්බර් 16 වැනි දින මා සභාපතිධූරය සඳහාත් තවත් අධ්‍යක්ෂවරුන් තිදෙනෙක්ද වැඩ බාරගන්නා ලදී. එම අවස්ථාව වන විට 2018 හා 2019 වසරවල ආයතනයේ ණය බර මිලියන 400කට අධික වූ අතර බැංකු වෙත ගෙවිය යුතු ණය මුදල මිලියන 600කට අධික විය. අප වැඩභාර ගැනීමෙන් පසු එම ණය බර අඩුකර ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය ආයතන වෙත, අධ්‍යක්ෂ මණ්ඩලය කළමනාකාරිත්වයද සම්බන්ධ කොටගෙන එම ආයතන වෙත ගොස් අපවෙත වෙළද හා අනෙකුත් දැන්වීම් ලබාදෙන ලෙස ඉල්ලා සිටින ලද අතර එම ආයතන යහපත් ලෙස ප්‍රතිචාර දක්වමින් ඒ සඳහා එකඟතාවය පලකරන ලදී.

එහෙත් 2020 මාර්තු මස මුළු ලොවටම බලපෑ කොවිඩි වසංගතය, එම මාසයේ 16 වැනි දින සිට අප රටටද බලපෑ නිසා රාජ්‍ය හා පෞද්ගලික අංශ කඩාවැටීම ආරම්භ වූ අතර දින 52ක කාලයක් මුළු දිවයිනටම නොකඩවා ඇදිරිනීතිය ක්‍රියාත්මක වූ නිසා වසර 100කට අධික මුද්‍රණ ඉතිහාසයක් ඇති ලේක්හවුස් ආයතනයේ පුවත් පත් මුද්‍රණය ප්‍රථම වතාවට සම්පූර්ණයෙන් මාසයකට වැඩි කාලයක් නතර කරන ලදි. ඊ පුවත්පත පමණක් ජනතාව අතට පත් කරන ලද නමුත් ඉන් කිසිදු ආදායමක් ආයතනය වෙත නොලැබුණි. එමගින් ආයතනයට රුපියල් මිලියන 200 ආසන්න පාඩුවක් විද දරාගැනීමට සිදුවිය. එහෙත් ආයතනයේ සේවකයන් වෙනුවෙන් ගෙවිය යුතු වැටුප් හා දීමනා වලට අමතරව මාර්තු මස ගෙවිය යුතු බෝනස් මුදලද ගෙවන ලදී. 2020 අප්‍රේල් මස සිට මේ දක්වාම අධ්‍යක්ෂ මණ්ඩලයටද කළමනාකාරීත්වයටද ගෙවිය යුතු වැටුප් හා දීමනා සියයට 50 පමණක් සීමාකොට ගෙවන ලද අතර අප්‍රේල් මස වනවිට තිබූ දැඩි ආර්ථික දුෂ්කරතාවය සැලකිල්ලට ගෙන එම මාසය සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය වැටුප් ලබා නොගන්නා ලදී.

2020 මැයි මස නැවතත් පුවත්පත් මුද්‍රණය ආරම්භ කරන ලද අතර බලාපොරොත්තුවූ පුවත්පත් අලෙවිය හා අනෙකුත් දැන්වීම් ලැබීම් ශීඝ්‍රයෙන් පහත වැටුණේය.

2020 මාර්තු මාසයේදී අප විසින් අධ්‍යාපන ප්‍රකාශන පියවර කිහිපයකින් මුද්‍රණය කිරීම සදහා කටයුතු කරන ලද අතර එහි පළමු පියවර වශයෙන් මුතු අහුර 1,2,3,4 ද ඉන් පසුව O/L සිසුන් සඳහා සිත්මිණ පුවත්පතද , ශිෂ්‍යත්ව සිසුන් සඳහා විදුණැන පුවත් පතද දෙමළ පෙර පාසල් සිසුන් සඳහා කුට්ටි චුට්ටි පුවත් පතද එළි දක්වන ලද අතර ඒවා ඉතාමත්ම සාර්ථක ලෙස අලෙවි වෙද්දී නැවතත් ඔක්තෝම්බර් මාසයේ සිට බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ පළාත්වල පාසල් වසා දැමීම නිසා එම අලෙවියද දැනට පහත වැටි ඇත.

එමෙන්ම අප වැඩ භාර ගැනීමෙන් පසු මේ ආයතනයේ ඉන් පෙර වසර 4ක කාලයක්ම අවධානයට ලක් නොවූ වාණිජ මුද්‍රණ කටයුතු දෙපාර්තමේන්තුවෙහි කටයුතු නැවත ආරම්භ කරන ලද අතර ඉන් ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීමට හැකිවිය. 2020 ජූනි මාසයේ පැවැති රාජ්‍ය පොසොන් උත්සවය සඳහා වැය වූ මුදල රුපියල් ලක්ෂ 21 වූ අතර අප විසින් ඒ සඳහා ආයතනයෙන් කිසිම මුදලක් වැය නොකොට අනුග්‍රාහයකයන් ගෙන් රුපියල් ලක්ෂ 25 ලබාගෙන ආයතනය වෙත රුපියල් ලක්ෂ 4 ක ලාභයක්ද ලබාදෙන ලදී. එමෙන්ම ඔක්තෝබර් මාසයේදී යාපනයේදී පවත්වන ලද තිනකරන් හා වාරමන්ජරී පුවත්පත් නැවත එළිදැක්වීමද කුට්ටි චුට්ටි පුවත් පත එළිදැක්වීමේ උත්සවයට වැයවූ මුදලට වඩා වැඩි මුදලක් අනුග්‍රාහකයන් ගෙන් ලබාගෙන ආයතනයට මුදලක් ඉතිරි කර දෙන ලදී. 2020 අප්‍රේල් මාසයේ සිටම කළමනාකාරීත්වයේ වැටුප් හා දීමනා සියයට 50 ට සිමාවුවද සේවකයන් වෙනුවෙන් ගෙවිය යුතු මූලික වැටුප, ජීවන වියදම් දීමනා, අතිකාල දීමනා, ආහාර දීමනා හා අවදානම් දීමනා අපවිසින් දෙසැම්බර් මස දක්වාම ගෙවන ලදී. 2020 ඔක්තෝම්බර් මාසයේ මේ වසංගතය ඉතාමත්ම දරුණු ලෙස බස්නාහිර පළාතට තදින්මද බොහෝ ප්‍රදේශ වලටද පැතිර යෑම නිසා අප පුවත් පත් අලෙවිය හා දැන්වීම් ආදායම ශී්‍ඝ්‍ර ලෙස නැවත පහත වැටුණු අතර එම තත්වය මේ දක්වාම පවතී. තවද ඔක්තෝබර් මාසයේ සිට මේ වසංගත තත්වය බරපතළ ලෙසම සෞඛ්‍යයට තර්ජනයක් වීම නිසා ආයතන සේවකයන්ගේ පැමිණිම උපරිම වශයෙන් සීමා කර ඔවුන්ට නිවෙස්වල සිට කටයුතු කිරීමට මෙන්ම අත්‍යවශ්‍ය අයව ගෙන්වා ගැනීමටද ඔවුනට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් මෙන්ම ආයතනයේ රදවා ගැනීමට සිදුවු සේවකයන්ගේ අවශ්‍යතාවයන් සොයා බැලීමටද සියලු සේවකයන් සඳහා මාස්ක් හා විෂබීජ හරණ දියර ලබාදීමද අපවිසින් සිදුකරන ලදී. තවද එම කොවිඩ් අවදානමට ලක්වූ අප ආයතනයේ සේවක සේවිකාවන් වෙත අවශ්‍ය පීසීආර් හා ඇන්ටිජන් පරීක්ෂණ ආයතනයේ වියදමින්ම සිදුකරන ලද අතර ඉදිරියේදී ඒ අයුරින්ම සිදුකරනු ලැබේ.

2020 අප්‍රේල් මස සිට ජූනි මාසය දක්වා සේවකයන් වෙත ගෙවිය යුතුව තිබූ ජීවන වියදම් දීමනාව ඇතුළු දැනට හිඟ දීමනා ගෙවීමට ආයතනයේ මුදල් නොමැති වීම නිසා ජනමාධ්‍ය ඇමැතිවරයා හමුවී අපවෙත නොවැම්බර් මස සිට පෙබරවාරි මාසය දක්වා මාස 4 රුපියල් මිලියන 50 බැගින් රජයේ දීමනාවත් වශයෙන් ලබාදෙන ලෙස ඉල්ලා සිටින ලද අතර එතුමා විසින් ඒ පිළිබඳව කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කොට එම ඉල්ලීම කරන ලද නමුත් ඒ සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය නොලැබුණද නැවත අප විසින් අග්‍රාමාත්‍යවරයා හමුවී කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් නැවතත් කැබිනට් පත්‍රිකාවක් මේ මස ඉදිරිපත් කර ඇති අතර එම දීමනාව ලබාගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යනු ලැබේ.

එහෙත් ඉහතකී අප්‍රේල් මස සිට ජූනි මාසය දක්වා සේවකයන් වෙත ගෙවිය යුතු ජීවන වියදම් දීමනාව කෙසේ හෝ ඔවුන් වෙත ගෙවීම අත්‍යවශ්‍ය බව අධ්‍යක්ෂ මණ්ඩලය හා කළමනාකාරීත්වය අවධානයද එමෙන්ම ආයතනයේ වෘත්තීය සංගම් වලින්ද එකී මුදල කෙසේ හෝ ගෙවන මෙන් කරන ලද ඉල්ලීම් ද සලකා බලා එකී ජීවන වියදම් දීමනාව සදහා අවශ්‍ය මුදල් ප්‍රමාණය සේවක පාරිතෝෂික භාර අරමුදලෙන් ලබාගෙන ඔබලා වෙත මේ සතියේ සිකුරාදා වන විට ගෙවීමට කටයුතු යොදා ඇත.

එහෙත් එකී පාරිතෝෂික භාර අරමුදලින් ලබාගන්නා මුදල් රජයෙන් ප්‍රදානයන් ලැබුණු විගස නැවතත් එම අරමුදලට බැර කිරීමට අප කටයුතු කරනු ඇත. කොයි කරදර බාධක මැද්දේ වුවද සේවකයන් වෙත ගෙවීමට තිබූ සියලුම අත්‍යාවශ්‍ය ගෙවීම් මේ වන විට ගෙවීමට කටයුතු සිදුකර ඇත. අප රටේ මාධ්‍ය ආයතන ඇතුළු විවිධ ආයතන වලට සිදුවූ මරු පහරත් සමඟ බොහෝ ආයතන පවත්වා යා නොහැකි තැනට පත්වුණා. ඇතැම් ආයතන වසා දැමුවා. තවත් ආයතන ණය ගෙවා ගත නොහැකිව අසරණ භාවයට පත්වුණා ඇතැම් ආයතන සේවකයන් ඉවත් කරනු ලැබුවා. තවත් ආයතනවල සේවක අයිතීන් වැටුප් සියල්ල කපා හැරුණු ලැබුවා.බුරුතු පිටින් සේවකයන් රැකියා නොමැතිව අන්ත අසරණ තැනට පත්වුණා.එවැනි තත්වයක් තුළ කොරෝනා වසංගතයේ බලපෑම සෘජුවම එල්ලවුණු සහ එමගින් ව්‍යාපාරික කටයුතු සම්පූර්ණයෙන් අඩාල වූ ආයතන කිහිපය අතරට අප ආයතනයත් එක් වුණා. නමුත් අප සෑම සේවක මහත්ම මහත්මියක්ම එම දුෂ්කර කාලපරිච්ජේදයේදී රැකබලා ගත්තා. සෑම සේවකයකුටම හැකි පමණින් සිය පවුල, දූ දරුවන් රැක බලාගැනීමට ධෛර්යය ලබා දුන්නා. 

අපට මේ සදහා රජයෙන් හෝ බැංකු වලින් හෝ ආධාර උපකාරයක් එම අවස්ථාවේදී ලබාගැනීමට නොහැකි වුණා. නමුත් අප ආයතනයක් විදිහට කෙසේ හෝ ඉදිරියට යෑමට අධිෂ්ඨාන කරගත්තා. කළමානාකාරීත්වය ලෙස අපට කළහැකි හැම දෙයන්ම කළා. එහිදී ඔබ සියලු දෙනා දැක්වූ ඉවසිලිවන්ත සහයෝගය අප අගය කරනවා. මෙම වසර ආරම්භයේදීම පසුගිය වසරේ සිදුකරන ලද අධ්‍යාපන ප්‍රකාශනවලට අමතරව 3 වන පියවර වශයෙන් තවත් අධ්‍යාපන ප්‍රකාශන 13ක් ඉංග්‍රිසි හා සිංහල මාධ්‍යයන් ප්‍රකාශ කිරීමට කටයුතු සිදුකොට ඇති අතර මේ මස 6 වැනි දින පෙරවරුවේ ජනමාධ්‍ය අමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් ආයතන පරිශ්‍රෙය්දී ඒවා එළිදක්වනු ලැබේ. මෙම වසරේ අපගේ ප්‍රධාන අරමුණ වන්නේ ඉහත කී ණය බර අඩුකරගෙන ආයතනය වෙත ලබාගත හැකි උපරිම ආදායම් ලබා ගැනීම සදහා අධ්‍යක්ෂ මණ්ඩලය හා කළමනාකාරීත්වය කටයුතු කිරීමයි. එම නිසා ඔබලාගේ යහපත සදහා එම කාර්යය සාර්ථක කරගැනීම සදහා සියලුම සේවක මහත්ම මහත්මීන් ගේ සහාය මා බලාපොරොත්තුවන අතර අප අධ්‍යක්ෂ මණ්ඩලය හා කළමනාකාරීත්වය ගැන විශ්වාසය තබා සහාය දෙන මෙන් ඉල්ලා සිටිමි.

එමෙන්ම මම මේ අවස්ථාවේ ඔබ සියලු දෙනා වෙත දන්වා සිටිනුයේ කෙතරම් ආර්ථික අපහසුකම් මැද වුවද සාමුහික ගිවිසුම් ප්‍රකාරව 2021 වසර සදහා සේවකයන් වෙත ලැබිය යුතු රුපියල්.2000 මුදල ජනවාරි මස සිට මූලික වැටුපට ලබා දෙබන ෙවයි. ගෙවීගිය වසර තුළ අප වෙත පැමිණි ඉතාමත් දුෂ්කර බාධක මැද්දේ නොසැලී එක්සත්ව හා එක් සිත්ව ආයතනයේ යහපත වෙනුවෙන් නිරන්තරයෙන්ම කැපවී කටයුතු කරන ලද අධ්‍යක්ෂ මණ්ඩලයටද කළමනාකාරීත්වයටද අප වෙනුවෙන් උපරිම සහාය ලබාදුන් වෘත්තීය සමිති සභාපතිතුමන්ලා අතුළු සාමාජිකයන්ටද ජනමාධ්‍ය ඇමතිතුමා, ලේකම් තුමා හා අනෙකුත් නිලධාරන්ටද මගේ තෘතඥතාවය පුද කර සිටිමි. ර‍ෙට් වර්තමාන ජාතික ප්‍රතිපත්තිය වන ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම සංවර්ධන ප්‍රතිපත්තිය සාර්ථක කරගැනීම සඳහා අපගේ උපරිම සහයෝගය ලබාදෙන බව අවසාන වශයෙන් සඳහන් කරමි.

ලැබුවා වූ 2021 වසර ඔබ සියලු දෙනාටම වාසනාවන්ත වසරක් වේවායි මම ප්‍රාර්ථනා කරමි.!’’

කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී කාරියවසම්, මෙහෙයුම් අධ්‍යක්ෂ නීතිඥ කණිෂ්ක විතාරණ, නීති හා පරිපාලන අධ්‍යක්ෂ නීතිඥ රඛිත අබේගුණවර්ධන, මූල්‍ය අධ්‍යක්ෂ නීතිඥ ජනක රණතුංග යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

පත්තර මහගෙදර අපේ රටේ ආගම භාෂාව සහ උරුමය ආරක්ෂා කිරීමට හැම විටම කැප වුණා
- මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමි

සියවසකටත් අධික කාලයක් මුළුල්ලේ පත්තර මහගෙදර අප රටේ ජාතිය ආගම සංස්කෘතිය සභ්‍යත්වය භාෂාව සහ උරුමයන් වෙනුවෙන් පෙනී සිටිමින් ඒවා සංරක්ෂණය කරන්න පෝෂණය කරන්න කැප වී කටයුතු කළ බව කොළඹ සම්බුද්ධාලෝක විහාරාධිපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමියෝ පැවසූහ. උන් වහන්සේ මේ බව කියා සිටියේ උදා වූ 2021 වසරට ආශිර්වාද කිරමින් සෙත් පිරිත් සජ්ඣ­ායනා කිරීමෙන් අනතුරුව අනුශාසනාවක් කරමිනි.

අභාවප්‍රාප්ත ලේකහවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන මහතා බෞද්ධ පරිසරයක හැදි වැඩෙමින් ජාතිය ආගම වෙනුවෙන් රට වෙනුවෙන් කැපවීම් කරමින් මේ ආයතනය කටයුතු කළායැයිද උන්වහන්සේ කියා සිටියහ.

එය ආරක්ෂා කරන්න පරපුරෙන් පරපුරට මේවා දායාද කරන්න අවශ්‍ය කරන සහයෝගය කැප කිරීම් පරිත්‍යාග අදත් මේ ආයතනයෙන් දැකගත හැකි වෙන බව කියා සිටි උන්වහන්සේ කොයි බාධක තිබුණත් ඒ මෙහෙවර සභාපති දයාරත්න මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සිදු කරන බවද උන්වහන්සේ පැවසූහ.

ඒ මෙහෙවර නව වර්ෂයක් ලැබූ අවස්ථාවේ බොහොම සුරක්ෂිතව සිදු කරන්න සියලු කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී සුවය ආශිර්වාදය රැකවරණ උදාවේවා කියා සෙත් පතන බවද උන්වහන්සේ නව වසරට ආශීර්වාද එක් කරමින් කීහ.

දමිළ කතෝලික මෙන්ම ඉස්ලාම් පූජකවරුන්ද නව වසරට ආශිර්වාද කිරීමට ආගමික වතාවත් සිදු කළ අතර අනුශාසනාවන්ද සිදු කළහ. මහා සංඝරත්නය,අන්‍යාගමික පූජකවරුන්, ලේක්හවුස් සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය, කළමනාකාරිත්වය හා කර්තෘවරුද මේ අවස්ථාවට එක්වූහ.

අගමැති මහජන සම්බන්ධතා ඒකකය නවීකරණ කටයුතුවලින් පසුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් ඊයේ (04) පෙරවරුවේ විවෘත කෙරිණි.

කොළඹ 3, කොල්ලුපිටිය ආර්.ඒ.ද මැල් මාවතේ අංක 101 දරන ස්ථානයේ පිහිටි මේ ඒකකය මහජනතාවගේ පහසුව සඳහා එම ස්ථානයේම නැවත ස්ථාපිත කෙරුණු අතර, සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ඡායනාවලින් අනතුරුව අගමැතිවරයා විසින් මංගල ප්‍රදීපය දල්වමින් මෙහි කටයුතු සුබ මොහොතින් ආරම්භ කෙරිණි.

සඳුදා සිට සිකුරාදා දක්වා සතියේ දින පහේම මේ ස්ථාන‍ය මහජනතාවට විවෘතව පවතින අතර ජනතාවගේ යෝජනා, ගැටලු සහ පැමිණිලි වඩා කාර්යක්ෂම සේවාවක් ඔස්සේ ඵලදායී ලෙස විසඳුම් කරා යොමු කිරීම මහජන සම්බන්ධතා ඒකකයේ අපේක්ෂාවයි.

පසුගිය කාලයේ අගමැතිවරයාට යොමු කළ එවැනි යෝජනා, පැමිණිලි සහ ගැටලු අන්තර්ගත ලිපි 12000කට පමණ මේ ඒකකයේ මැදිහත්වීමෙන් ප්‍රතිචාර දක්වා ඇත.

අගමැති ලේකම් ගාමිණී සෙනරත්, අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, අතිරේක ලේකම්වරුන් වන චමින්ද කුලරත්න, හර්ෂ විජේවර්ධන, මහජන සම්බන්ධතා ඒකකය භාර අතිරේක ලේකම් නිශාන්ත වීරසිංහ, රාජ්‍ය නිලධාරින්, පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන්, මහජන සම්බන්ධතා නිලධාරීන් ඇතුළු මහත්ම මහත්මීහු රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

රටක සංවර්ධනයේ කැඩපත දියුණු මාර්ග පද්ධතිය බවට කියමනක් තිබේ. රටේ සංවර්ධනයේ තීරණාත්මක සාධකය ලෙස දියුණු මාර්ග පද්ධතියක් තිබීම අත්‍යවශ්‍ය කරුණක් වන බැවිනි. ශ්‍රී ලංකාවේ සෑම පළාතකම වූ මහාමාර්ග ඉදිකිරීම හා අලුත්වැඩියා කිරීම යටතේ, ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයෙන් විනාශ වී ගිය උතුරු – නැඟෙනහිර ප්‍රදේශවල ද මහා මාර්ග ඉදිවෙමින් හා අලුත්වැඩියා වෙමින් පැවතීම විශේෂ කරුණකි.

මහාමාර්ග යටතේ මහා මාර්ග විශාල සංඛ්‍යාවක් ඉදිවෙමින් හා සම්පූර්ණ වශයෙන් ම අලුත්වැඩියා වෙමින් පැවතීම මාර්ග සංවර්ධනය පිළිබඳව වූ ලාංකේය ඉතිහාසය විමසා බලන විට සැබවින්ම විස්මය දනවන සුලු කරුණකි.

මේ මොහොත වනවිට රට පුරා නව මං මාවත් නිර්මාණ වෙමින්, අලුත්වැඩියා වෙමින් තිබෙන්නේ සිතාගත නොහැකි තරම් ජවයකිනි. මේ මාර්ග පාලම් නිර්මාණය හා අලුත්වැඩියාව ඇතුළත් සංවර්ධන ක්‍රියාවලියේ ඉදිකිරීම්වල භෞතිකව දිස්වන පෙළහරට වඩා බෙහෙවින්ම ගැඹුරු හරයක් ගැබ් වී තිබේ. ජාතියක් ලෙස අප සංවේදී වියයුතු වන්නේ එම ගැඹුරු යථාර්ථයට ය. වෙන කවරදාටත් වඩා ජාතිය පිළිබඳ අභිමානයක්, පෞරුෂයක් නිර්මාණය වෙමින් ඇත. සංවර්ධන වැඩපිළිවෙළක් සඳහා ජාතිකත්වයෙන් පෝෂිත නියත ප්‍රතිපත්තියක් නිර්මාණය වෙමින් තිබේ. මෑත ඉතිහාසයේ අප දුටු විශිෂ්ට ගුණ මතින් බිහි වන රටේ සංවර්ධන වැඩසටහනේ පදනම් ප්‍රවේශය ලෙස මාර්ග පද්ධතිය විධිමත් හා සැලසුම් සහගත ලෙස ඉදිවෙමින් තිබේ.

මෙම මාර්ග සංවර්ධන වැඩසටහන හුදු පාරකට තාර ටිකක් දැමීමක්, පාරක් කොන්ක්‍රීට් කිරීමක්, අධිවේගී මාර්ගයක් හැදීමක්, පාලමක් බෝක්කුවක් හැදීමක් වැනි කාරණාවකට ලඝු නොවන්නේ එහෙයිනි. මාර්ග සංවර්ධනය පිළිබඳ අපේ සටහන දිග හැරෙන්නේ මනා පෞරුෂයකින් යළි උපදින ජාතියක පෙරමඟ සුබ ලකුණු අප රටේ නිර්මාණය වෙමින් පවතින මාර්ග පද්ධතියෙන් ප්‍රකට වන අයුරු දැකීමෙන් පහළ වන අප්‍රමාණ වූ සන්තුෂ්ටියෙනි. අප අත්විඳිමින් සිටින්නා වූ මාර්ග සංවර්ධනයේ නව ප්‍රබෝධය පසුගිය 2015 වර්ෂයට පෙර අත්දුටු නමුත් 2015 – 2019 කාල පරිච්ඡේදයේ සිදු නොවීම ද සටහන් කළ යුතුය. කෙසේ නමුත් අද වනවිට අධිවේගී මාර්ග, මහාමාර්ග, පාලම් හා ගුවන් පාලම් විශාල සංඛ්‍යාවක් තැනීමේ කර්තව්‍යය සාර්ථක ලෙස නිමවෙමින් තිබේ.

ඒ වත්මන් ජනාධිපතිවරයාගේ සංවර්ධන ප්‍රතිපත්තිය වූ “සෞභාග්‍යයේ දැක්ම” නම් විශිෂ්ට ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් වශයෙනි. අලුතින් ඉදිවෙමින් තිබෙන මාර්ග හා පාලම් හැරුණු විට මාර්ග අලුත්වැඩියා කිරීම් හා ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ කටයුතු ද මේ වනවිටත් එහි අර්ථයෙන් ම ක්‍රියාත්මක වෙමින් තිබේ. ලක්වාසී ජනතාව නිතැතින්ම බලාපොරොත්තු වනුයේ ක්‍රමවත්ව විහිදුණු මහා මාර්ග හා දුම්රිය මාර්ග පද්ධතියක උපකාරයෙන් මහමඟදී මුහුණ දීමට සිදුවන අපහසුතා මඟහරවා ගැනීමටය. දවස ආරම්භයේත් අවසානයේත් සෙනඟින් පිරීගිය බස් රථයක් තුළ තෙරපෙන විවිධ සමාජ මට්ටම්වල ජනතාව තරමක් සුවපහසුව ගමන් කළ හැකි පොදු බස්රථ හෝ දුම්රිය සේවාවක් බලාපොරොත්තුවෙන් සිටිති. රාජකාරී බහුල වේලාවන්හී දී පවා මුහුණදීමට සිදු වන වාහන තදබදය හේතුවෙන් මහමඟට ගෙවී යන වැදගත් කාලය ඉතිරි කර ගැනීමට බලාපොරොත්තු වන වාහන හිමිකරුවන් හට ද ඊට සාධාරණ පිළිතුරක් අවශ්‍යව ඇති බව නිරීක්ෂණය කළෙමු. මේ වනවිට ලංකාව පුරා ඉදිවෙමින් පවතින අධිවේගී මාර්ග පද්ධතිය ඉදිරි වර්ෂයන් හීදී කුමන ආකාරයකින් විහිදේ දැයි යන්න පිළිබඳ කෙටි සංක්ෂිප්තයක් ඔබ හට ගෙනහැර පෑම අපගේ අරමුණ වෙයි.

නුවර පාර නිරන්තරයෙන් වාහන තදබදයට මුහුණ දෙන මාර්ගයකි. ඇතැම් විට එය කඩුවෙල සිට බැලූම්මහර දක්වා දික් වූවක් වෙයි. කෑගල්ල නගරයෙහි ද සතියේ වැඩ කරන දිනයන්හි දී නිරන්තරයෙන් වාහන තදබදය දැකිය හැකිය. මෙම හේතූන් නිසා කොළඹ සිට කිලෝමීටර් 115 ක් පමණ දුරින් පිහිටා ඇති නුවර නගරය වෙත ගමන් කිරීමට ආසන්න වශයෙන් පැය 03කට අධික කාලයක් ගතවේ. ඊට විසඳුමක් ලෙසින් 2002 වර්ෂයේ දී යෝජනා වූ මධ්‍යම අධිවේගී මාර්ගයෙහි වැඩ කටයුතු ආරම්භ කිරීම සඳහා එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතා විසින් 2014 වර්ෂයේ දී මුල්ගල් තැබීය. 2011 වර්ෂයේ දී සාදා නිමකළ දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා වර්තමානයේ දී උත්තර අධිවේගී මාර්ගය යන නාමය භාවිතා කරනු ලබයි. මීට හේතුව උතුරු මැද පළාත හරහා උතුරු පළාතට සෘජුවම පිවිසීමේ හැකියාව එමඟින් ලැබෙන බැවිනි. පැය 2 ක පමණ කෙටි කාලයකින් නුවර නගරය වෙත ළඟාවීමේ පහසුකම් සලසන උත්තර අධිවේගී මාර්ගය ලක්වැසි ජනතාවට නිතැතින්ම අස්වැසිල්ලක් වනු ඇත.

අධිවේගී මාර්ග සංස්කෘතිය මෙරටට හඳුන්වා දී අදට වසර 9 ක් ගතවෙයි. දැනට ඉදිකර ඇති අධිවේගී මාර්ගවලින් උපයා ඇති මුදල රුපියල් බිලියන 40 කට අධිකයි. අධිවේගී මාර්ග පද්ධතිය හේතුවෙන් ආර්ථික ප්‍රතිලාභවලට වඩා වෙනත් ක්ෂේත්‍රවලින් ද අධික ප්‍රතිලාභ අත්වී ඇති බව දැන් රහසක් නොවේ. 2009 වසරේ ත්‍රස්තවාදය අවසන් කිරීමත් සමඟ රටම දැවැන්ත සංවර්ධන සංග්‍රාමයකට ලක් කෙරුණා. ඒ වනතෙක් විදේශයක දී අධිවේගී මාර්ගයක් දැක ඇති ශ්‍රී ලාංකිකයින් වන අපගේ අධිවේගී මාර්ග සිහිනය සැබෑ වුණේ 2011 වසරේදීය. කොට්ටාවේ සිට ගාල්ල පින්නදූව දක්වා දක්‍ෂිණ අධිවේගී මාර්ගය එම වසරේ නොවැම්බර් මස 27 දා විවෘත කෙරුණි. එම ආශ්චර්යයේ පිවිසුම වෙනුවෙන් රජය රුපියල් කෝටි හත්දහසක් වැය කළා. විවිධ අවලාද අපවාද මධ්‍යයේය. මෙම අධිවේගී මාර්ගය ඉදිකෙරුණේ. එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මහත් කැපවීම මෙම යෝධ සංවර්ධනයේ දී කැපී පෙනුණා.

ඉන් නොනැවතී තවත් මාර්ග කිහිපයක ඉදිකිරීම් ආරම්භ කෙරුණේ රටම එකම අධිවේගී මර්ග ජාලයකට සම්බන්ධ කරමින්. කොළඹ කටුනායක මාර්ගය, කොළඹ පිටත වටරවුම් මාර්ගය, කඳුරට හා උතුරු අධිවේගී මාර්ගය මේ අතුරින් කිහිපයක්. දක්‍ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීම ද තවත් ව්‍යාපෘතියක්. ඒ අනුව මූලික සැලසුම් අනුව උතුරු අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ලෙස නම්කර ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය විසින් ප්‍රමුඛතා ව්‍යාපෘතියක් ලෙස හඳුනාගෙන ඒ අනුව මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ලෙස නම්කර ක්‍රියාවට නැංවීය. ජාතික මහාමාර්ග සැලැස්මට අනුව මෙම ව්‍යාපෘතිය මූලික අදියරේ දී බස්නාහිර පළාතේ කොළඹ ප්‍රධාන නගරයේ සිට මධ්‍යම පළාතේ අගනගරය වන මහනුවර හා පෞරාණික වටිනාකමකින් හා ආර්ථික වැදගත්කමක් සහිත දඹුල්ල නගරය වෙත ගමනාගමන පහසූකම් දියුණු කිරීම ඉලක්ක කර ඉදිකිරීම් සිදුවේ. මෙය අන්තර් හුවමාරු මධ්‍යස්ථානවලින් සමන්විත ප්‍රවේශ මාර්ග හරහා පාලනය වන අධිවේගී මාර්ගයකි. මෙය ප්‍රධාන වශයෙන් අදියර 4ක් යටතේ ක්‍රියාත්මක වන අතර 1 කොටස – කඩවත සිට මීරිගම දක්වා (37 Km), 2 කොටස – මීරිගම සිට කුරුණෑගල දක්වා (40.91 Km), 3 කොටස – පොතුහැර සිට ගලගෙදර දක්වා (32.5 Km), 4 කොටස – කුරුණෑගල සිට දඹුල්ල දක්වා (60.3 Km) වේ.

ඒ අනුව මෙහි සෑම අදියරකම ඉදිකිරීම් කටයුතු මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර කඩවත සිට මීරිගම දක්වා වූ කිලෝමීටර් 36.5 ක දිඟින් යුතු කොටසේ ඉදිකිරීම් කටයුතු ද පසුගිය සැප්තැම්බර් මස 15 සිට ක්‍රියාත්මක වෙයි. ඒ කොටස වෙනුවෙන් ඇස්තමේන්තු ගතකර තිබෙන මුදල රුපියල් බිලියන 158.5 ක් වන අතර එයින් සියයට 15ක ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරය ද ඉතිරි සියයට 85 ක ප්‍රමාණය චයිනා එක්සිම් බැංකුව විසින් ද වෙන්කර තිබෙන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ කොඩිතුවක්කු මහතා පවසයි. මෙහි ඉදිකිරීම් කටයුතු මෙට්‍රොලොජිකල් චයිනා කෝපරේෂන් සමාගම ක්‍රියාත්මක කරයි. දෙවැනි අදියර වන කිලෝ මීටර් 40.91 ක දුරකින් යුතු මීරිගම – කුරුණෑගල කොටස වෙනුවෙන් රුපියල් බිලියන 137ක් ඇස්තමේන්තු කර තිබෙන අතර එම කොටස ද මේ වනවිට අවසන් වෙමින් පවතී. එහි සමස්තය මේ වනවිට සියයට 82කින් පමණ අවසන් කර තිබෙන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ කේ.එච්.එම්.ඒ.කේ කෙහෙල් ඇල්ල මහතා පවසයි. 2017 වසරේ පටන් ගත් මේ ව්‍යාපෘතිය 2019 වසරේ ජූලි මාසයේ දී අවසන් කිරීමට නියමිතව තිබුණ ද යම් යම් හේතුන් මත එය අවසන් කර ගැනිමට නොහැකි වූ බවද තවත් මාස දෙකක පමණ කාලයක දී මෙම අදියර අවසන් කිරීමට හැකි වෙතැයි ද ඒ මහතා විශ්වාසය පළකරයි.

මේ වනවිට ඉඩම් අත්පත් කිරීම් සිදුවන බවද දේශීය බැංකු ණය ආධාර මත මේ අදියරේ කටයුතු සිදුවන බවද හෙතෙම පෙන්වාදෙයි. ඊට අමතරව රුපියල් බිලියන 143 ක් ඇස්තමේන්තු ගතකර තිබෙන පොතුහැර – කුරුණෑගල කොටසේ ඉදිකිරීම් කටයුතු ද මේ වනවිට ආරම්භ කර තිබෙන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් අනුව එම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.

ජනතාවගේ වටිනා කාලයට උපරිම අගයක් දෙන අධිවේගී මාර්ග හේතුවෙන් මැනිය නොහැකි තවත් ප්‍රතිලාභ රැසක් අප බුක්ති විඳිනවා. අභියෝග හා අපහාස මැද 2011 වසරේ ජනගත කෙරුණු මෙරට අධිවේගී මාර්ග සංස්කෘතිය හේතුවෙන් ලැබුණු ප්‍රතිලාභ මිලකළ නොහැකි බව කෘතගුණ දන්නා ජනතාව සඳහන් කරති. විශේෂයෙන්ම මේ ව්‍යාපෘතියේ දෙවැනි අදියර ගත්විට පාරිසරික හා සමාජීය බලපෑම අවමවන පරිදි යෝජිත ඉදිකිරීමේ මාර්ග පථය නාගරික ප්‍රදේශ මඟහරිමින් ප්‍රධාන වශයෙන් හිස් ඉඩම් හරහා ගමන් ගන්නා අතර මෙම අධිවේගී මාර්ගය මංතීරු 4ක් කින් යුක්තව මුදල් ගෙවීමේ කවුළු සහිත ප්‍රවේශ ස්ථාන ලෙස මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල යන අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 4ක් යටතේ ක්‍රියාත්මක වේ.

මීට අමතරව මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය 3 වන කොටස යටතේ ඉදිකිරීම් කටයුතු සිදුකරන පොතුහැර හුවමාරුව (Pothuhera System Interchange) අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් ගන්නා වාහන නුවර- කුරුණෑගල හා කොළඹ දෙසට හුවමාරු වීමට ඇති පහසුකම් සලසා දෙන අතර අධිවේගී මාර්ගය ඉහලින් ගමන් කරන විශාල ප්‍රමාණයේ පාලම් 12ක්, අධිවේගී මාර්ගය ඉහලින් හා පහලින් ගමන් කරන කොටස් 42 ද බෝක්කු 130 ක්ද සම්පූර්ණයෙන් ගත්කළ මීටර් 9,938 ක් වන කොන්ක්‍රීට් කණු මත දිවෙන මාර්ග කොටස් 36 කින් සමන්විත දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියකි. මේ සමස්ත ව්‍යාපෘති ඉදිරි වසර හතරක කාලයේ දී අවසන් කිරීමට නියමිතව තිබේ.

මීටර් 2.5ක දෙපස මාර්ගයේ උරහිස් ද මධ්‍ය පරතර තීරුව මීටර් 2.0 කින් යුක්ත වන හා මීටර් 3.6 ක මංතීරු 4 කින් සමන්විත අධිවේගී මාර්ගයකි. අවශ්‍ය ස්ථානවල දුර්වල බිම් ශක්තිමත් කර අත්තිවාරම්, පාදම සකසා හා ගල්තාර දමා මාර්ගය සැකසීම සිදුකෙරේ. අවශ්‍ය පරිදි මාර්ග සංඥා, සලකුණු හා දිශා පුවරු අන්තර්ජාතික සම්මත ප්‍රමිතීන්ට අනුව යොදනු ලබන අතර අන්තර් හුවමාරු මධ්‍යස්ථාන සඳහා ප්‍රමාණවත් ආලෝක සැපයුම් ස්ථාපනය කරනු ලැබේ. පැයට කිලෝමීටර් 100 උපරිම වේගයකින් ධාවනය කර ගමනාන්තය කරා සුවපහසුව, ඉක්මනින් හා ආරක්ෂාකාරීව ගමන් කිරීමේ පහසුව ඇති කිරීමේ අරමුණින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙන අතර පුද්ගලයින් මඟින් ක්‍රියාකරවන හා ස්වයංක්‍රීයව මුදල් අයකරන කවුළු සහිතව මෙහි අන්තර් හුවමාරු මධ්‍යස්ථාන ඉදිකරයි.

මේ අතර අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා අවශ්‍ය ඉඩම් අත්පත් කර ගැනීමද විනිවිදභාවයකින් ක්‍රියාත්මක කරන්නටත් ඉහළම තක්සේරු වටිනාකමක් ගෙවන්නටත් රජය පියවර ගෙන ඇත. 1950 අංක 09 දරන රජයේ ඉඩම් අත්කරගැනීමේ පනත (460 අධිකාරය) අනුව මාර්ග සංවර්ධන අධිකාරිය වෙත අධිවේගී මාර්ග ඉදිකිරීමට අදාල ඉඩම් අත්කරගැනීම් කටයුතු මීරිගම, අලව්ව, නාරම්මල, පොල්ගහවෙල, වීරබුගෙදර, කුරුණෑගල හා මල්ලවපිටිය යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල 7ක් යටතේ සිදුකෙරෙන අතර ඉඩම් අත්කර ගැනීමේ පනත අනුව පවරා ගැනීමට අදහස් කරන ලද ඉඩම් රජයේ මැනුම් දෙපාර්තමේන්තුවේ මූලික පිඹුර හා අවසන් ගම් සිතියම් ප්‍රකාරව ව්‍යවස්ථාපිත වන්දිය තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුව අනුව තීරණය කර ගෙවීම් සිදුකෙරේ.

මේ හරහා පෞද්ගලික ඉඩම් කොටස් 4,038 ක් අත්කරගැනීම කටයුතු කර ඇති අතර රජයේ ඉඩම් ඇතුළුව සම්පූර්ණ කොටස් 4,841 ක් ඉදිකිරීම් සඳහා අත්පත් කරගෙන ඇත. එයින් පෞද්ගලික ඉඩම් කොටස් 3,614 ක් සඳහා රුපියල් මිලියන 7,192 ක් ගෙවීම් කර ඇත. කෙසේ වුවද මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දි අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බවට පාර්ලිමේන්තුවේ දී පසුගිය දිනවල පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය. මෙම මාර්ගයේ ශක්‍යතා අධ්‍යයනයට පමණක් රුපියල් බිලියන 1.7 කට වැඩි මුදලක් වැය වී ඇති බව මෙහිදී තහවුරු වූ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා පළමු කොටසේ වැඩ කටයුතු ආරම්භ වීම 2015 සිට 2019 දක්වා ප්‍රමාදවීම හේතුවෙන් පමණක් රුපියල් බිලියන 08 ක මූල්‍ය අලාභයක් සිදුවී ඇති බවද එහිදී අනාවරණය විය.

මෙහිදී පළමු ශක්‍යතා අධ්‍යනය සඳහා SMEC සමාගම තෝරා ගැනීම ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව සිදුව ඇති බවද 2012 දි උතුරු අධීවේගී මාර්ගය ලෙස පියවර 03ක් යටතේ පැවති ව්‍යාපෘතිය 2015 වර්ෂය වනවිට මධ්‍යම අධිවේගී මාර්ගය ලෙස පියවර 04 ක් යටතේ වෙනස්ව තීබේ. ඒ අනුව පසුගිය 2015 – 2019 කාල පරිච්ඡේදයේ දී මේ ව්‍යාපෘතියට අදාළව අක්‍රමිකතා රැසක් සිදුව තිබෙන බවට අනාවරණය කරගෙන ඇත. පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ රටේ සංවර්ධන කටයුතු වෙනුවට ක්‍රියාත්මක කළ ක්‍රමවේදය වූයේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් සිටින සමයේ ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති අතරමඟ නවතා දැමීම සහ ඔවුන්ගේ දේශපාලන වශයෙන් පළිගැනීම මිස අන් කිසිවක් නොවන බවට සත්සුදක් සේ පැහැදිලිය.

වර්තමානයේ දී ශ්‍රී ලංකාව තුළ සිදුවෙමින් පවතින දේශපාලන, වාණිජ සහ දේශගුණික විපර්යාසයන් හමුවේ නොසැලී ඉදි වන මහා මාර්ග, දුම්රිය මාර්ග, වරාය සහ ගුවන්තොටුපල වැනි සංවර්ධනයට තුඩුදෙන ගොඩනැඟීම් ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් කිරීමෙහිලා වූ දිගු ගමනේ පුරෝගාමීහු වෙති. ඒ අනුව ඉන්දීය සාගරයේ මුතු ඇටය නම් වූ මෙම අපූරු දිවයින තුළ විවිධ පළාත්වල ජීවත්වන විවිධ ජාතීන් අතර සහයෝගීතාවය නංවාලීම පිණිස මෙම සංවර්ධන ක්‍රියාදාමය ඉවහල් වනු නොඅනුමානයි.

මූලාශ්‍ර උපුටා ගැනීම – දිනමිණ

නව වසරේ වැඩ ආරම්භ කරමින් ජනපති කියයි

අභියෝග නිවැරැදිව ජය ගනිමින් ජනතා අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට සුබවාදී ආකල්පයෙන්, අධිෂ්ඨානයෙන් සහ කැපවීමෙන් ක්‍රියා කළ යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කෙළේය.

නව වසරේ වැඩ ආරම්භ කරමින් ජනාධිපති කාර්යාලයේ දී මැති ඇමැතිවරු සහ සිය කාර්ය මණ්ඩලය අමතමින් ජනාධිපතිවරයා ඊයේ (1) පෙරවරුවේ මේ බව ප්‍රකාශ කෙළේය.

උදා වූ 2021 නව වසරට මැති ඇමැතිවරුන්ට සහ කාර්ය මණ්ඩලයට සුබපැතුම් පුද කළ ජනධිපතිවරයා පිරිස සමඟ සුහද කතා බහක ද නිරත විය.

නව වසරක සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපති කාර්ය මණ්ඩලය රාජ්‍ය සේවා ප්‍රතිඥාව දීම ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු කෙරිණ.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය මත පදනම්ව කාර්යක්ෂම හා ඵලදායී රාජ්‍ය සේවයකට සමස්ත රාජ්‍ය සේවක ප්‍රජාව අවංකව කැපවිය යුතු බව ජනාධිපති ලේකම්වරයා ඒ අවස්ථාවේ දී කියා සිටියේය.

වෘත්තීය නායකත්වයකට රට යොමුව තිබෙන බවත් කොවිඩ් වසංගතයත් සමඟ ඇතිව තිබෙන “නව සාමාන්‍යකරණය”(New Normal) යටතේ ජනතා අභිලාෂයන් ඉටු කරන රාජ්‍ය සේවයක් ජනාධිපතිතුමාගේ අපේක්ෂාව බව ජයසුන්දර මහතා පැවසීය.

ආර්ථික අර්බුදය හමුවේ වුවද ලක්ෂ 15කට අධික රජයේ සේවකයන්ටත්, ලක්ෂ 6කට අධික විශ්‍රාමිකයන්ටත් කිසිදු කප්පාදුවකින් තොරව නියමිත වේලාවට වැටුප් සහ දීමනා ගෙවූ ලොව එකම රට ශ්‍රී ලංකාව බව ද ලේකම්වරයා පෙන්වා දුන්නේය.

රාජ්‍ය සේවකයා සුරැකීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව කැප වී සිටී. උපරිම ජනතා සේවයකට කැපවීම සියලු රාජ්‍ය සේවකයන්ගේ වගකීම බව ජනාධිපති ලේකම්වරයා අවධාරණය කෙළේය.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අධ්‍යක්ෂ ජනරාල් (පාලන) විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ.බී. එගොඩවෙලේ, ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර යන මහත්වරු සහ ජනාධිපති කාර්යාලයේ නිලධාරීහූ මේ අවස්ථාවට එක්ව සිටියහ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter