යුරෝපා සංගමයේ නව තානාපති කථානායක කරු ජයසූරිය මහතා හමු වී තිබේ.
යුරෝපා සංගමයේ නව තානාපති කථානායක කරු ජයසූරිය මහතා හමු වී තිබේ.
ඉන්දියාවේ දෙදින රාජ්‍ය චාරිකාවක් සඳහා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (28) පස්වරුවේ නවදිල්ලි නුවරට ළගා විය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ආරාධනය පරිදි දෙදින නිල චාරිකාවක් සඳහා අද (28) දහවල් ඉන්දියාව බලා පිටත් වේ.
නව රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරු දිවුරුම් දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී අද (27) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදු විය.
ඉදිරි මැතිවරණ වඩාත් ස්වාධීන හා සාධාරණ ලෙස පැවැත්වීම තහවුරු කිරීම සඳහා මාධ්‍ය උපමාන නීතියක් ලෙස සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ සහාය ලබාදෙන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේය.
තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ඇමතිවරයා වශයෙන් බන්දුල ගුණවර්ධන මහතා අද(26) දින ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දි වැඩ භාරගන්නා ලදී.
ඓතිහාසික රුවන්වැලි මහාසෑයේ නව චූඩාමාණික්‍යය පැළදවීමේ පුණ්‍යෝත්සවය අද (25) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලිනා බී. ටිප්ලිට්ස් පසුගියදා (22) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.
නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් දිවුරුම්දීම අද (22) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදු කෙරේ.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරය ලෙස පත් වන්නේ තෙවැනි වරටය. ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස ද මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළේ ය. තිස්වසරක යුද්ධය නිම කිරීමට නායකත්වය ලබාදීමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළ අතර එවකට මහින්ද රාජපක්ෂ රජය විසින් දැවැන්ත සංවර්ධන යෝජනා රැසක් ක්‍රියාත්මක කළේ ය.
දිවුරුම් දීමේ අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා,හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, මැති ඇමැතිවරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටියහ.
පළාත් හයක් (06) සඳහා නව ආණ්ඩුකාරවරුන් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති.
ඒ අනුව,
1. බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර – වෛද්‍ය සීතා අරඹේපොල
2. මධ්‍යම පළාත් ආණ්ඩුකාර – ලලිත් යූ ගමගේ
3. ඌව පළාත් ආණ්ඩුකාර – රාජා කොල්ලුරේ
4. දකුණු පළාත් ආණ්ඩුකාර – ආචාර්ය විලි ගමගේ
5. වයඹ පළාත් ආණ්ඩුකාර – ඒ. ජේ. එම්. මුසම්මිල්
6. සබරගමු පළාත් ආණ්ඩුකාර – ටිකිරි කොබ්බෑකඩුව යන මහත්ම මහත්මීන්
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දීම සිදුවිය.