නවතම පුවත්

රජයේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට සහාය පිණිස ජාතික ලොතරැයි මණ්ඩලය විසින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ධන නිධානය නමින් නව ලොතරැයි පතක් (30) දින දියත් කරන ලදී.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තෝපාවැව මහා විද්‍යාලය, කඳුරුවෙල මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය, විලයාය මහා විද්‍යාලය, දිවුලන්කඩවල මහා විද්‍යාලය සහ බකමූණ මහසෙන් මහා විද්‍යාලය ඇතුළු පාසල් 05ක් ජාතික පාසල් ලෙස නම් කිරීම උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(28) සිදු කෙරිණි.

ජනාධිපතිවරණය 2019 ට අදාළව ඡන්ද පොළ හා ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානවල මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරින් ලක්ෂ 02කට ආසන්න පිරිසක් යෙදවීමට නියමිත බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් (පාලන) ජේ.ඒ.එස්.පී. ජයසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

නීතිපති දෙපාර්තමේන්තුවේ 135 වන සංවත්සර උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 26 පස්වරුවේ කොළඹ, ෂැන්ග්‍රිලා හෝටලයේ දි පැවැත්විණි.

වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කර තිබූ වාර්ෂික සමුළුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (23) දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්විණි.

දෝහා කටාර් හි පිහිටි ගැටුම් නිරාකරණය හා මානව අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ ඉගෙනුම ලබන සිසුන් කණ්ඩායමක් (24) දින පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සංචාරයක නියැලුනහ.

ජපාන නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යය ලොව රටවල් 180කට අධික රාජ්‍ය නායකයන් හා ප‍්‍රභූවරුන් ඉදිරියේ 22 ටෝකියෝ නුවර ඉම්පීරියල් මාලිගයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

වතු රෝහල් ඇතුලු වතුකරයේ පිහිටි සෞඛ්‍ය ආයතන 450 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීම සඳහා වන අනු කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය සහ මානව සුභසාධනය , සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත භාරදීම ( 23 ) දින සිදු විය.

23 maco

මාධ්‍ය උපමාන  පිළිබදව සාකච්ඡා කිරීම සදහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සහ  ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතාගේ ප්‍රධාන්ත්වයෙන් ඊයේ (23) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් සමග සාකච්ඡාවක් පවත්වන ලදී.

මෙම අවස්ථාවට  ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ,රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් සහභාගී විය.

ජපානයේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යෂුවෝ ෆුකූඩා මහතා අතර හමුවක් 22 ටෝකියෝ නුවර දී පැවැත්විණි.

වත්මන් ලෝකය මුහුණ පා සිටින ආර්ථික,සමාජමය,පාරිසරික,අර්බුදයන්හි ප්‍රතිඵලයක් ලෙස නයිට්‍රජන් වායුව ක්ෂය වීම සහ දූෂණය වීම තුළින් මානව සංහතියේ අනාගතයට මහත් විපතක් සිදු වී ඇතැයි කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter