නවතම පුවත්

විභාගය සමත් දරුවන්ගේ ජීවිතය අසමත් වීම වැළක්වීමට උසස් අධ්‍යාපනය තුළ ඉඩ ප්‍රස්ථා පුළුල් කළ යුතු බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ,උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අහමඞ් අල් මුල්ලා මහතා (Ahmad Al Mualla) ඊයේ (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

මහජනතාවගේ ප්‍රශ්න හා ගැටුලු පහසුවෙන් යොමු කිරීමට හැකිවන අයුරින් නව මහජන සම්බන්ධතා අංශය ආරම්භ කළ බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

විදෙස් රටවල් නියෝජනය කරන රාජ්‍ය තාන්ත්‍රික තානාපතිවරුන් රැසක් අද (2) කොළඹ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍ය ෂාඞ් මහමුද් කුරේෂි මහතා Shad Mahmood Qureshi අද (02) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

තමන්ගේ සහ තම රජයේ සුභාශීංසන ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා දෙරට අතර ආර්ථික සංවර්ධනය, වෙළෙඳ කටයුතු, ආරක්ෂිත සහයෝගිතාව සහ කලාපීය සහයෝගිතාව යන ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමෙහිලා පාකිස්ථානයේ දැඩි උනන්දුව ප්‍රකාශ කළේය.

“දැනටමත් දෙරට අතර ඇත්තේ සමීප මිත්‍රශීලි සහ උණුසුම් සබඳතාවක්. සහයෝගිතා වපසරිය පුළුල් කර ගනිමින් එය තවදුරටත් ශක්තිමත් කර ගැනිම පාකිස්ථානයේ බලාපොරොත්තුවයි”, විදේශ අමාත්‍යවරයා පැවසීය.

තම රට සතු බෞද්ධ උරුමය සංවර්ධනය කර ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග එක්ව ක්‍රියා කිරීමට තම රජය කැමැත්තෙන් සිටින බව ද අමාත්‍ය කුරේෂි මහතා සඳහන් කළේය.

“ඔබතුමා චාරිකාවක් සඳහා පාකිස්ථානයට එන තුරු අපි උනන්දුවෙන් බලා සිටිනවා., යැයි ද විදේශ අමාත්‍යවරයා කීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසුවේ මුල්‍යමය ආධාර සොයනු වෙනුවට අප වෑයම් කළ යුත්තේ අන්‍යෝන්‍ය වශයෙන් ඵලදායී පදනම මත වෙළෙඳ හා ආයෝජන ක්ෂේත්‍රයන්හි අඛණ්ඩ ප්‍රගතිය සහතික කිරීම සඳහා බවයි. පකිස්ථානයට බුලත් අපනයනය ජනාධිපතිතුමා එහිදි උදාහරණයක් ලෙස දැක්වීය.

“මත්ද්‍රව්‍ය ජාවාරම සහ මත්ද්‍රව්‍ය භාවිතය අප රට මුහුණ පා සිටින බරපතළ උවදුරක්, මේ ව්‍යසනය පිටුදැකීමට අප පකිස්ථානයේ සහයෝගය අපේක්ෂා කරනවා”., ජනාධිපති රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

ඉස්ලාමීය අන්තවාදයට එරෙහි සටනේ දි ශ්‍රී ලංකාවට සහාය වන ලෙස ද ජනාධිපතිතුමා පාකිස්ථාන රජයෙන් ඉල්ලිමක් කළේය.

පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මොහෙමඞ් ෆයිසාල් සහ ශ්‍රී ලංකාවේ වැඩබලන පාකිස්ථාන මහ කොමසාරිස් තන්වීර් අහ්මඞ් යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනොන් Daved Mckinnon මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

මෙහිදී ජනාධිපතිතුමා මහ කොමසාරිස්වරයා සමඟ සුහද කතා බහක නිරත වූ අතර මහකොමසාරිස්වරයා කැනඩා රජය වෙනුවෙන් සිය සුභාශීංසන ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

මේ අතර චීන ජනරජයේ රාජ්‍ය මණ්ඩලයේ විශේෂ නියෝජිතයෙකු මෙන්ම චින විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කරනු ලබන ශ්‍රී ලංකාවේ හිටපු චීන තානාපති Wu Jianghao මහතා ද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා ජී. මැනෙල්ලා (Rita Giuliana Manella) මහත්මිය අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවූවාය.

ජනාධිපති ධූරයට පත්වීම වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත තමන්ගේ සහ ඉතාලි රජයේ සුභාශීංසන පිළිගැන් වූ තානාපතිවරිය කියා සිටියේ නව දැක්මක් සහිතව ඉදිරියට යන ශ්‍රී ලංකාව සමඟ පුළුල් සහයෝගයකින් කටයුතු කිරීමට සිය රජය අපේක්ෂා කරන බවයි.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නව වැඩපිළිවෙළත් සමඟ ශ්‍රී ලංකාව ආර්ථික, සාමාජයීය ඇතුළු සියලු ක්ෂේත්‍රයන්ගෙන් කඩිනමින් ඉදිරියට ගමන් කරනු ඇති බවට විශ්වාසය පළ කළ තානාපතිවරිය එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනිමට හැකි උපරිම සහාය ලබා දෙන බව ද කියා සිටියාය.

මේ අතර ශ්‍රී ලංකාවේ සිටින නෝර්වේ තානාපතිනි ට්‍රයිනි ජොරන්ලි එස්කෙඩෙල් මහත්මිය (Trine Joranli Eskedal) ඇතුළු දූත පිරිස ද අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූහ.

තානාපතිවරිය ඇතුළු දූත පිරිස ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය සුභාශීංසන පළ කළ අතර නව දැක්මක් සහ ශක්තිමත් පදනමක් සහිත ශ්‍රී ලංකා නව ජනපතිගේ වැඩපිළිවෙළට සිය රජයේ ද උපරිම සහාය ලබාදෙන බව තානාපතිවරිය ප්‍රකාශ කළාය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ප්‍රථම විදේශ චාරිකාව ලෙස ඉන්දියාවට පැමිණීම දෙරට අතර ඇති ඓතිහාසික සබඳතාවයේ නව ප්‍රවේශයක් සනිටුහන් කරන බව ඉන්දීය ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

මාධ්‍ය සඳහා ලබා දී තිබෙන නිදහසට කිසිඳු අයුරකින් පළුදු වීමට ඉඩ නොදෙන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගරු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා අද දින (29) සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත පැවැසීය.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා අද (26) දින ජනමාධ්‍ය අමාත්‍යංශයේදී අමාත්‍ය ධූරයේ වැඩ භාරගන්නා ලදී.

ත්‍රස්තවාදය මර්දනයට තවත් ඩොලර් මිලියන 50ක සහන ණයක්
මෙරට අත්අඩංගුවේ පසුවන සියලුම ඉන්දීය ධීවර බෝට්ටු නිදහස් කිරීමට එකඟතාව
නව ජනපතිගේ “සෞභාග්‍යයේ දැක්ම” වැඩපිළිවෙළට ඉන්දියාවේ පූර්ණ සහාය ලබාදෙන බව අගමැති මෝදි පවසයි.

2019 නොවැම්බර් 25 වැනි සඳුදා කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීයව බඳවා ගනු ලැබූ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සම්බන්ධයෙන් සිදු වූයේ යයි කියනු ලබන සාපරාධී සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා රජය බැරෑරුම් ලෙස සැලකිල්ලට ගෙන තිබේ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter