නවතම පුවත්

අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20) පෙරවරුවේ ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගයට පැමිණ දළදා සමිඳු වැඳ පුදා ගැනීමට නියමිතය.

රාජ්‍ය නායකත්වයට පත්වීමෙන් පසු රාජ්‍ය නායකයා ඉපැරැණි සාම්ප්‍රදායට අනුකූලව මූලිකව දළදා සමිදු වැදු පුදා ගැනීම සිදු වන අතර ඒ අනූව අද පෙරවරුවේ එය සිදුවිය.

එමෙන්ම දළදා සමිදු වැදපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් හා රාමඥ්ඥ නිකායේ මහා නාහිමියන් බැහැදැකීමද නව ජනාධිපතිවරයා මෙහිදී සිදු කිරීමට නියමිතය.

විපක්ෂ නායක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුඵ මැති ඇමැතිවරුන් පිිරිසක්ද එම අවස්ථාව සඳහා එක් වීමට නියමිතය.

මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ නව ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකුව සිටි එස්.ආර්. ආටිගල මහතා පත් කොට තිබේ.

ආටිගල මහතා, මීට පෙර ද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කර තිබේ. ඒ මහතා ආර්ථික විශේෂඥයකු ලෙස ද ප්‍රකටය.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත් කිරීම සිදු කර තිබේ. කමල් ගුණරත්න මහතා මෙරට තිස්වසරක යුද්ධය නිමා කිරීම සඳහා අභීතව සටන් කළ විරෝධාර රණවිරුවෙකු ද වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පි.බි.ජයසුන්දර මහතා පත් කර ඇත.

මේ මහතා 2015ට පෙර පැවැති රජයේ මහා භාණ්ඩාගාරයේ ලේකම් තනතුර හොබවනු ලැබිය.

අද උදෑසන ජනාධීපතිවරයා වැඩ භාරගන්නා අවස්ථාවේ දී ජනාධිපති ලේකම්වරයා දිවුරුම් දීම සිදු විය.

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පෙරවරු 10.51 ට යෙදී තිබූ සුභ මොහොතින් ජනාධිපති කාර්යාලයේදී සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේය.

මෙම අවස්ථාවට පැමිණි නව ජනාධිපති වරයා හිටපු ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිළි ගනු ලැබීය.ඉන්පසු නව ජනාධිපතිවරයා වෙනුවෙන් ත්‍රිවිධ හමුදා උත්තමාචාරයක් හා ආචාර වෙඩි මුර පැවැත්වීම සිදු කෙරිණි.

අනතුරුව සිය කාර්යාලය වෙත ගිය ගෝඨාභය රාජපක්ෂ මහතාට මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනය කොට ආශිර්වාද කළහ.ඉන්පසු සිය අසුන වෙත ගිය නව ජනාධිපතිවරයා පෙරවරු 10.51 ට නව ජනාධිපති ලේකම් වශයෙන් පත්වී සිටින ආචාර්ය පී.බී ජයසුන්දර මහතාගේ පත්වීම් ලිපියට අත්සන් කොට එය ඔහුට බාරදෙීමෙන් රාජකාරී ඇරඹීය.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සහභාගී විය.

මහාචාර්ය ජී.එල් පීරිස්,මහින්ද අමරවීර,ඩලස් අලහප්පෙරුම,දයාසිරි ජයසේකර,වාසුදේව නානායක්කාර,විමල් වීරවංශ,කෙහෙළිය රඹුක්වැල්ල,දිනේෂ් ගුණවර්ධන,මහාචාර්ය තිස්ස විතාරණ,බන්දුල ගුණවර්ධන,ඩග්ලස් දේවානන්ද,එන්.එම් චන්ද්‍රසේන,මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නිල ධජය මේ වනවිට ජනමාධ්‍ය මඟින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.

පාලකයා සතු නිර්මල පාලනය සංකේතවත් කරන එම ධජය ස්වාධීන රූපවාහිනී සේවයේ නිර්මාණ අධ්‍යක්‍ෂ ජගත් ජයසිංහ මහතා විසින් නිර්මාණය කරනු ලැබ ඇත.

ජනාධිපතිතුමාගේ ධජයේ දැක්වෙන නෙළුම් මලෙහි කලංකයේ සිට සිව් දිශාවන්ට විහිදෙන සූත්‍රිකා මගින් යසස හා කීර්තිය සැම අත පැතිර යන අයුරු නිරූපණය කෙරේ.

නෙළුම් මල වටා ඇති කහ පැහැති වෘත්තයෙන් ප්‍රඥාව ද සුදු පැහැති වෘත්තයෙන් සත්‍යවාදී බව ද නිරූපණය වේ. සිව්කොණ පිහිටි නාමල් සතරින් ජාත්‍යන්තර සම්බන්ධතා සහ ලොව සිව්දෙසින් පැමිණෙන්නන්ට දක්වන ආගන්තුක සත්කාරය ද නාමලේ තැඹිලි පැහැයෙන් දෙමළ ජනතාව ද කොළ පැහැයෙන් මුස්ලිම් ජනතාව ද නිරූපිතයි.

එකිනෙක අභිමුඛව පිහිටුවා ඇති වී කරල් හා ඒ අතර තිබෙන කුරහන් මල් සතර සහිත රාමුවෙන් සශ්‍රීකත්වය සංකේතවත් කෙරේ. එක සමාන පළලින් යුත් සුදු තීරුව මගින් නිරූපණය කෙරෙන්නේ සියලු ආකාරයන්ගෙන් සලසන ආරක්‍ෂාවයි.

එක සමාන පළලකින් යුත් කහ පැහැති තීරුව මගින් සියලු කොටස් එකට බැඳී පවතී. ඉන් ජාතීන් අතර එකමුතුව, සාමය හා අන්‍යෝන්‍ය අවබෝධයත් කහ පැහැයෙන් ඒ සැම තුළ පවත්නා ජීව ගුණයත් නිරූපණය කෙරේ.

 

ජාතික ආරක්ෂාව සුරකීම රජයේ මූලික වගකීමක්. සුරක්ෂිත රටක් කිරීමට රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය ශක්තිමත් කරනවා. මගේ රටට ආදරය කරනවා. රට ගැන දැක්මක් තිබෙනවා .අපට තිබෙන්නේ, ජාතියක් ලෙස එකට එක් වී මේ රට ගොඩ නැඟීමේ වගකීමයි යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසීය.

ජනාධිපතිවරයා සිය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් මෙසේ පැවසීය.

ජනාධිපති මැතිවරණ ජයග්‍රහනයේ ප්‍රධාන සාධකය අතිගරු මහා සංඝරත්නයේ ආශිර්වාදයයි. බෞද්ධ දර්ශනය ආරක්ෂා කොට පෝෂණය කිරීමට ඇප කැප වෙනවා. තමාගේ ජයග්‍රහනයට සහයෝගය දැක් වූ සෑමට ස්තූතිය පුද කරනවා.අපට තිබෙන්නේ, ජාතියක් ලෙස එකට එක් වී මේ රට ගොඩ නැඟීමේ වගකීමයි.ප්‍රතිපත්ති ප්‍රකාශය මාගේ කාලය තුළ ක්‍රියාත්මක කරනවා. ජාතික ආරක්ෂාව සුරකීම රජයේ මූලික වගකීමක්. සුරක්ෂිත රටක් කිරීමට රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය ශක්තිමත් කරනවා.වෘත්තීය හා කාර්යක්ෂම රාජ්‍ය යන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරනවා. දූෂණය මුලිනුපුටා දමනවා. කුසළතා වර්ධනයට ප්‍රමුඛතාව ලබදෙනවා. රටේ සෑම ක්ෂේත්‍රයටම නව තාක්ෂණය පුළුල් කරනවා. නීති ගරුක බව විනය ගරුක බව රකින රටක් ගොඩ නැඟීමට සැමගේ සහය ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. සෑම දෙනාගේම පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරනවා. විශාල වැඩකොටසක් කෙටි කලක් තුළ ඉටු කිරීමට තිබෙනව.මගේ රටට ආදරය කරනවා. රට ගැන දැක්මක් තිබෙනවා යැයි පැවසීය.

ශ්‍රී ලංකාවේ හත් වැනි විධයක ජනාධිපතිවරය ලෙස පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) අනුරාධපුර ඓතිහසික රුවන්වැලි සෑ රඳුන් අභියස දී සිය ධූරයේ දිවුරුම් දීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ හත් වැනි ජනාධිපතිවරයා ලෙස ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (17) දින ජනතා තීන්දුවෙන් තේරී පත් විය.

වකුගඩු රෝගයෙන් පීඩාවිදින අහිංසක ජනතාව වෙනුවෙන් ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීමට කැපවන්න – ජනපතිගෙන් උපදෙස්

වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකාය හා ඕස්ටේ‍්‍රලියානු න්‍යෂ්ටික විද්‍යා හා තාක්ෂණ සංවිධානය(ANSTO) අතර ශ‍්‍රී ලංකාවේ පැතිර පවතින මූලය හඳුනා නොගත් වකුගඩු රෝගය අධ්‍යයනය කිරීම පිළිබඳ සහයෝගිතා වැඩසටහන සම්බන්ධයෙන් ඇතිකරගත් අවබෝධතා ගිවිසුම තවත් වසර දෙකකින් දීර්ඝ කෙරේ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter