නවතම පුවත්

ඓතිහාසික මිහින්තලය පුද බිම ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සහ අනුබුදු මිහිදු මහා රහතන් වහන්සේගේ පරිනිර්වාණ පිංකම සැමරීම වෙනුවෙන් 06 දින මිහින්තලය, රජ මහා විහාරයේදී පැවැත්වෙන ජාතික මහෝස්තවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි විය.

සෑම විටම මාතෘභූමියට එරෙහිව ආ සියලු පර සතුරු උවදුරු ජයගැනීමට හැකිවූයේ නිර්භීත සෙබළ පිරිස්වල ඉමහත් කැපවීම නිසාවෙන් බව ජනාධිපතිතුමා පවසයි.

edb

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පසුගිය දා අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ආචාර්ය හාන්ස් විජේසූරිය, උප සභාපති විස් ගෝවින්දසාමි යන මහත්වරුන් ඇතුළු වාණිජ මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් ද සහභාගි වී සිටියහ.

මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් රටේ සිදුවන මහා විනාශය වළක්වා ගැනීමට තම දේශපාලන ජීවිතය පුරා අඛණ්ඩව නායකත්වය ලබා දුන් අතර, මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ද ජනාධිපතිවරයා ලෙස තමා අත්සන් තැබු නමුත් දේශපාලන භේදයකින් තොරව වගකිවයුතු පිරිස් ඊට එරෙහිව නැඟී සිටීම හේතුවෙන් එම වැඩපිළිවෙළ සාර්ථක කර ගත නොහැකි වූ බව ජනාධිපතිතුමා පැවසීය.

ජනාධිපතිතුමා විසින් පත්කරන ලද විශේෂ වැටුප් කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ පරිදි සියලු රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුප 2020 ජනවාරියේ සිට ක්‍රියාත්මක වන පරිදි අවමය රු. 3,000 කින්ද උපරිමය රු. 24,000 කින්ද වැඩිවනු ඇත.

අසරණ දරුවන් ආරක්‍ෂා කිරීමේ අරමුණින් ක්‍රියාවට නංවන "දරුවන් සුරකිමු" ජාතික භාර අරමුදලට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පරිත්‍යාග කළ රුපියල් මිලියන 10 ක මුදල් චෙක්පත ඔක්තෝබර් මස 01 දිනට යෙදුණු ලෝක ළමා දිනයට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් වෙත ඊයේ (01) පරිත්‍යාග කරන ලදී.

දිවයින පුරා විසිරී සිටින අසරණ දරුවන් සහ විශේෂ කුසලතා සහිත තරුණ තරුණියන්ගේ ඉදිරි අනාගතය සුරක්‍ෂිත කිරිමේ අරමුණින් යුද්ධ හමුදාව සිදුකරනු ලබන සහයෝගීතාව පුළුල් කරමින් මෙම මුල්‍යමය පරිත්‍යාගය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නියෝජනය කරමින් යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ඒඑම්ආර් ධර්මසිරි මහතා විසින් අතිගරු ජනාධිපතිතුමන් වෙත සංකේතාත්මකව භාරදෙන ලදී. මෙම අවස්ථාවට යුද්ධ හමුදා වැටුප් හා ලේඛණ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.ඒ.සී.පී වේරගොඩ මහතාද ද සහභාගී විය.

මහවැලි දියවරින් පෝෂණය වන සතර දිග්භාගයේ කර්මාන්ත ව්‍යවසායකයන්ගෙන් රටේ ආර්ථිකයට පණ පොවන දිරිය මිනිසුන් ප‍්‍රථම වතාවට ඇගයෙන “මහවැලි ව්‍යවසායකත්ව ජනාධිපති සම්මාන උලෙළ 2019” ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් (01) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට සුවිශේෂි දායකත්වයක් ලබාදෙන මහවැලි කලාපවල ව්‍යවසායකයන් දිරිගැන්වීමේ අරමුණින් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් මෙම සම්මාන උලෙළ සංවිධානය කෙරිණි.

හොම ඳ ව්‍යවසායකයන් තිදෙනා වෙත රන්, රිදී සහ ලෝකඩ පදක්කම් පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර, රන් පදක්කම් 10ක්, රිදී පදක්කම් 10ක් සහ ලෝකඩ පදක්කම් 10ක් බැගින් ව්‍යවසායකයන් 30 දෙනෙකු මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබූහ.

රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, පාරිලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, වීරකුමාර දිසානායක, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඞී.එම්.එස්. දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මහජන චීන සමූහාණ්ඩුවේ 70 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ සංගීත ප්‍රසංගයක් ඊයේ (30) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

රුපියල් මිලියන 750ක් වටිනා මත්ද්‍රව්‍ය සහ පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමේ අති නවීන යන්ත්‍ර ඇතුළු සෝදිසි කිරීමේ උපකරණ චීන රජයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙන අතර එම උපකරණ චීන තානාපති Chang Xueyuan මහතා විසින් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.

2015 ජනවාරි මස 15 දින සිට 2018 දෙසැම්බර් මස 31 දින දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි සැලකෙන වංචා, දූෂණ පිළිබඳ සොයා බැලීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ඊයේ (26) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබීය.

බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන ‘රට වෙනුවෙන් එකට සිටිමු’ ජාතික වැඩ සටහනේ ඊයේ (සැප්. 25) තුන්වන දිනයයි.

විශ්වවිද්‍යාලවලින් පිට වන උපාධිධාරින් රැකියා ඉල්ලා මහපාරේ උද්ඝෝෂණය කරන ක්‍රමයක් රටේ ඇතිවී තිබෙන්නේ විද්‍යාවෙන්, තාක්ෂණයෙන් හා පර්යේෂණවලින් බැහැර වූ අධ්‍යාපන ක්‍රමය නිසා බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter