නවතම පුවත්

ශ්‍රී ලංකාව තුළ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ සහ රජයේ සංවර්ධන කාර්යයන් ජනතාවට වඩාත් සමීප කරවීම අරමුණු කරගත් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන මාලාවේ තුන්වන ප්‍රදර්ශනය සැප්තැම්බර් මස 07 දින සිට 10 දක්වා යාපනය කොටුව ප්‍රදේශයේදී පැවැත්වේ.

2005 සිට 2015 වර්ෂය දක්වා කාලය තුළ විවිධ හිරිහැරයන්ට හා පීඩාවන්ට පත්වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීම සදහා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ යෝජනාවකට අනුව පත්කරන ලද කමිටුවේ වාර්තාව අද දින (30)  එම කමිටු සභාපති ජේ.එම්. තිලකා ජයසුන්දර මහත්මිය විසින් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා වෙත භාරදෙන ලදී.

ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පැවති මෙම අවස්ථාවට එම කමිටුවේ සාමාජිකයින්ද සහභාගී විය.

 

Cover

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත සම්බන්ධව අමාත්‍යංශවල ලේකම්වරුන්ගේ කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2019/8/27 දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්විණ. වැඩසටහන ජනමාධ්‍ය අමාත්‍යංශයේ ඉල්ලීම පරිදි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනේ (UNDP) අනුග්‍රහය ඇතිව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු දැන ගැනීමේ ඒකකය මගින් මෙම වැඩමුළුව සංවිධානය කරන ලදි. මෙම වැඩසටහන සඳහා අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු රජයේ නිලධාරීන් 40 ක් සහභාගි වූ අතර සම්පත් දායක ලෙස තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ පියතිස්ස රණසිංහ යන මහතා සහභාගී වන ලදි.
මෙම වැඩමුළුව සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් යූ.පී.එල්.ඩී. පතිරණ මහත්මිය, අධ්‍යක්ෂක ජේ.ඩබ්.ඒස්.කිත්සිරි මහතා සහ සහකාර ලේකම් එම්.පී. බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූ අතර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ තාක්ෂණික උපදේශක චමින්ද්‍රි සපරමාදු මහත්මිය හා සම්බන්ධීකාරක ලෙස කළමනාකරණ හා සම්බන්ධීකරණ උපදේශිකා නෞලි විමලරත්න මහත්මිය සහභාගී වන ලදි .

යහපත් ජනමාධ්‍ය කලාවක් රටේ බිහිකිරීමේ අරමුණින් ජනමාධ්‍යවේදීන්ගේ කුසළතා අගය කරමින් සෑම වසරකම ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල අඛණ්ඩව පැවැත්වීමට විධි විධාන යොදා ඇති බවත් ලබන වසරේ මාධ්‍ය සම්මාන උළෙලේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ, 2018 ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේ නිර්දේශිත නම් සඳහා සහතික පත් ප්‍රදානය කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (23) පැවති උත්සවයකට එක්වෙමිණි. ජූරිය විසින් නිර්දේශිත මාධ්‍යවේදීන් 78 දෙනෙකුට අද දින සහතික පත් ප්‍රදානය කෙරුණි.

මෙම අවස්ථාවට එක් වූ ජූරියේ සාමාජික ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා ප්‍රථම වතාවට පැවැත් වූ මෙම සම්මාන උළෙල සඳහා මාධ්‍යවේදීන් 1654කගේ අයදුම්පත් ලැබුණු බවත් ජූරිය විසින් කිසිදු විවේචනයක් එල්ල නොවන පරිදි ඉතා අපක්ෂපාතී විනිශ්චයක් කළ බවත් මෙම වැඩපිළිවෙල පිළිබඳ සුදුසු යෝජනා ඇත්නම් ඉදිරිපත් කරන ලෙසද කුරුවිට මහතා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේය.

මාධ්‍යවේදීන් අගයනු වස් ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රථම වරට සංවධානය කළ මෙම සම්මාන උළෙලේදී රූපවාහිනී,ගුවන්විදුලි,පුවත්පත් හා වෙබ් ක්ෂ්‍රේත්‍ර 04 නියෝජනය කරමින් සිංහල,දෙමළ, සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයම නියෝජනය කළ මාධ්‍යවේදීන්ට සම්මාන ප්‍රදානය කෙරුණු අතර මාධ්‍ය කලාවට විශිෂ්ට සේවාවක් ඉටුකළ මාධ්‍යවේදින් 4 දෙනෙකුට තම ජීවිතයේ එක්වරක් පමණක් හිමි වන ජූරියේ විශේෂ සම්මාන 4 ක් ද, එදින පිරිනැමිණි.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ජේ.ඩබ්. කිත්සිරි මහතා, සම්මාන උළෙලේ ජූරිය ලෙස කටයුතු කල කමිටුවේ සාමාජිකයන් ඇතුළු මාධ්‍ය ආයතන ප්‍රධානීන්ද මාධ්‍යවේදීන් රැසක් ද, මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නිර්දේශිත නාම ලේඛනය - ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල

 

“රට වෙනුවෙන් එකට සිටිමු” වැඩසටහන් මාලාවේ සත්වැනි වැඩසටහන යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් අද (23) ආරම්භ කෙරේ.

ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලය මගින් මහජන සුබසාධනය සදහා ක්‍රියාවට නංවා ඇති ව්‍යාපෘති සහ අමාත්‍යාංශ මට්ටමින් ක්‍රියාවට නංවා ඇති සංවර්ධන වැඩසටහන්වල ප්‍රතිලාභ කාර්යක්ෂම සහ ඵලදායී අන්දමින් ජනතාවට ලබාදීමත්, මෙතෙක් විසඳුම් ලැබූ නොමැති ජනතාවගේ දීර්ඝකාලීන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමත් අරමුණු කර ගනිමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව “රට වෙනුවෙන් එකට සිටිමු” වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරේ.

ජනාධිපති කාර්යාලය, සියලුම අමාත්‍යාංශ, පළාත් සභා මෙන්ම පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන හෙට සිට ලබන 29 වනදා දක්වා යාපනය දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරේ.

එහි ප්‍රගති සමාලෝචනය සහ සමාප්ති අවස්ථාව අගෝස්තු 30 වනදා පැවැත්වෙන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුව මගින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දුන් පී 625 නෞකාව (22) පස්වරුවේ කොළඹ වරාය, නැගෙනහිර පර්යන්ත පරිශ්‍රයේ දී සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් “ණශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු” නමින් අධිකාරියට පත් කෙරිණි.

අභිනව නෞකාවේ අණදෙන නිලධාරි, කපිතාන් නලීන්ද්‍ර ජයසිංහ මහතා වෙත නෞකාව අධිකාරියට පත් කිරීමේ සන්නස් පත්‍රය ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

අනතුරුව “ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු” නමින් අධිකාරියට පත් කරන ලද නෞකාවේ නාම පුවරුව සහ නිල ලාංඡනය නිරාවරණය කිරීම සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

ජනාධිපතිතුමා නෞකාවේ නිරික්ෂණ චාරිකාවක ද නිරත වූ අතර, නාවික හමුදාපතිතුමා විසින් නෞකාවේ මෙහෙයුම් සූදානම, සැකසීම ක්‍රියාකාරිත්වය පිළිබඳව පිරිස දැනුවත් කරන ලදී.

1994 වර්ෂයේ නිෂ්පාදනය කර ඇති මෙම නෞකාව දිගින් මීටර් 112ක් සහ පළලින් මීටර් 12.4ක් වන අතර, එහි ධාරිතාව ටොන් 2300ක් වේ. නෞකාවේ නිලධාරින් 18 දෙනෙකු ඇතුළු 110 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් රාජකාරී කරනු ලබයි. එය ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා කණ්ඩායමට එක් වූ පසු ශ්‍රී ලංකාවට අයත් ගැඹුරු මුහුදු කලාපය තුළ සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම්, සාගර සම්පත් ආරක්ෂා කිරීම සහ නාවික කටයුතුවල නිරත වන නෞකා සහ යාත්‍රා වෙත සහන සැපයීම සදහා යොදා ගැනීමට නියමිතය.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කොට්ටේගොඩ යන මහත්වරුන් ද, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් යන මහත්වරුන් සහ හිටපු නාවික හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින් ද, ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති චේන්ග් සුයුවාන් මහතා ඇතුළු ආරාධිත පිරිසක් එක්ව සිටියහ.

(මාධ්‍ය නිවේදනය) මාධ්‍යවේදින් විසින් සිදු කරනු ලබන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයිම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රථම වරට පවත්වනු ලැබූ ජනාධිපති මාධ්‍ය සම්මාන 2018 සඳහා නිර්දේශිත මාධ්‍යවේදීන්ට සහතික පත් පිරිනැමීම හෙට (23 සිකුරාදා) පෙරවරු 10 ට ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා ඇතුළු මාධ්‍ය ප්‍රධානීන් ද, සහභාගිවීමට නියමිතය.

ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේ 2018 වර්ෂය සඳහා පවත්වන ලද සම්මාන ප්‍රධානෝත්සවයේදී ටෙලිවිෂන්, ගුවන්විදුලි, මුද්‍රිත හා වෙබ් මාධ්‍ය යන ක්ෂේත්‍ර නියෝජනය වන ලෙස භාෂාත්‍රයෙන්ම සම්මාන ප්‍රදානය සිදුකෙරිණ. මෙහිදී මාධ්‍ය කලාවට විශිෂ්ට සේවාවක් ඉටුකළ මාධ්‍යවේදින් 4 දෙනෙකුට ජිවිතයේ එක්වරක් පමණක් හිමි වන ජූරියේ විශේෂ සම්මාන 4 ක් ද, පිරිනැමිණ.

මෙම සම්මාන උළෙලේ ටෙලිවිෂන්, ගුවන්විදුලි, මුද්‍රිත හා වෙබ් මාධ්‍ය යන අංශ නියෝජනය කරමින් ජූරිය විසින් නිර්දේශිත මාධ්‍යවේදීන් 78 දෙනෙකුට හෙට දින (23) සහතික පත්‍ර පිරිනැමෙනු ඇත.

ශ‍්‍රී ලංකාව සහ කාම්බෝජය අතර මිත‍්‍රත්වයේ සංකේතයක් ලෙස කාම්බෝජයේ ඕක් දොං කඳුකරයේ පිහිටි භාවනා මධ්‍යස්ථානයට (Meditation center of ouk Dong mountain) ශ‍්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය වන නා පැළ ප‍්‍රදානයක් සිදු කිරීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් අද (10) පෙරවරුවේ සිදු විය.

දෙරට අතර දේශපාලන හා වෙළෙඳ ක්ෂේත‍්‍රයට අදාළ නව අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබේ

සෘජු ගුවන් සේවා ඇරඹීම පිළිබඳව ද අවධානය

ආර්ථික, වෙළෙඳ, සාමාජයීය වශයෙන් මෙන්ම බෞද්ධ ආගමික පුනර්ජීවනය වෙනුවෙන් වූ සියලු කටයුතුවල දී කාම්බෝජය, ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් ලෙස අත්වැල් බැඳගෙන සිටින බව කාම්බෝජ රජතුමා Preah Bat Samdech Preah Boromneath Norodom Sihamoni ප්‍රකාශ කළේය.

ආර්ථිකය තුළ අපනයන, නිෂ්පාදන, ආදායම ඉහළ නංවමින් ඉන් ඉදිරියට ගමන් කළ යුතු බවත් ආදායම වැඩිකර රටේ ණය ප්‍රමාණය ගෙවිය හැකි ශක්තිමත් ආර්ථිකයක් අනාගතයේ ඇති කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (01) ඉන්දියානු ආධාර යටතේ කොළඹ, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉදිකළ "මෙට්‍රෝ හෝම්ස්" මහල් නිවාස සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

වත්මන් ආණ්ඩුව කෙරෙහි ජාත්‍යන්තරය දැඩි විශ්වාසයක් තබා තිබෙන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස පාස්කු ප්‍රහාරයෙන් පසු ගතවූ කෙටි කාලය තුළ පමණක් ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 1,000කට අධික ණය ආධාර ප්‍රමාණයක් ලබාගැනීමට හැකිවූ බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේය. රුපියල් මිලියන 7,000ක වියදමින් ඉදිකළ මෙම මහල් නිවාස සංකීර්ණය නිවාස ඒකක 626කින් හා වෙළෙඳසැල් 120කින් සමන්විත වේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

"මෙට්‍රෝ හෝම්ස්” ව්‍යාපෘතිය යටතේ මෙම නිවාස සංකීර්ණය ඉදිකර තිබෙනවා. මේ ප්‍රදේශය තුළ විශාල සංවර්ධනයක් ඇතිවී තිබෙනවා. මීට පෙර පැවති නිවාස වෙනුවට අලුතින් නිවාස ඉදිකර තිබෙනවා. මෙම නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් සිදුකළ ටොටා සමාගමේ තවත් වර්ගඅඩි මිලියන 03ක විශාල ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට සූදානම් වෙනවා. එය සාප්පු සංකීර්ණ, කාර්යාල, නිවාස ඇතුළත් මිශ්‍ර සංවර්ධනයක් සහිත කුඩා නගරයක් බව සඳහන් කළ යුතුයි. මෙතෙක් කල් මෙම මාර්ගයේ නවලෝක ගොඩනැඟිල්ල දක්වා පමණක් තිබූ සංවර්ධනය මේ ප්‍රදේශවලටත් පැමිණෙමින් තිබෙනවා. මෙම සංවර්ධනය තුළින් බොහෝ පිරිසකගේ ආදායම් මට්ටම් ඉහළ යනවා. ප්‍රදේශයේ ජනතාවට නව ව්‍යාපාර ආරම්භ කළ හැකි හිතකර වටපිටාවක් මේ වන විට ඇතිකර තිබෙනවා. මෙම ප්‍රදේශය වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත්කරනවා. ඉන්දියන් සාගරය මධ්‍යයේ ප්‍රධාන මහ නගරය බවට කොළඹ නගරය පත්කිරීම සැලසුමේ කොටසක් බව සඳහන් කරන්න කැමතියි. මෙම ස්ථානය ඇතුළුව කොළඹ නගරය තුළ හා බස්නාහිර පළාත් අවට අලුතින් ගොඩනැඟිලි ඉදිවෙමින් ශීඝ්‍ර සංවර්ධනයක් ඇතිවෙනවා. ඒ වගේම අලුතින් නාගරික සංවර්ධන වැඩකටයුතු සිදුවෙනවා. පසුගිය වසර කිහිපය තුළ බස්නාහිර පළාතේ වෙනස්කම් රැසක් සිදුකර තිබෙනවා. එවැනි පරිවර්තනයක් ඇති කිරීමට අපට හැකි වුණා. මෙය මහ නගරයක් ඇති කිරීමේ ආරම්භය බව සඳහන් කළ යුතුයි.

ගොවි ජනතාවට මුහුණදීමට සිදු වූ ස්වභාවික විපත්වල දී වත්මන් යුගයේ තරම් අතිවිශාල වන්දි මුදලක් කිසිදු ආණ්ඩුවක් යටතේ පිරිනමා නොමැති බව ජනපති පවසයි.

ගොවි ජනතාවට මුහුණදීමට සිදුවූ ස්වභාවික විපත්වලදී වත්මන් යුගයේ තරම් අතිවිශාල වන්දි මුදලක් කිසිදු ආණ්ඩුවක් යටතේ පිරිනමා නොමැති බව ජනාධිපතිතුමා පවසයි.

ගොවි ජන ජීවිතය නගා සිටුවීම වෙනුවෙන් වත්මන් යුගයේ පුළුල් කාර්යභාරයක් ඉටුකර තිබෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේ 2018 යල කන්නයේ වගා හානි වූ ගොවීන්ට වන්දි මුදල් ප්‍රදානය වෙනුවෙන් (03) පස්වරුවේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ පැවති වැඩසටහන අමතමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ සෑම ආණ්ඩුවකම මැතිවරණ පොරොන්දුවකට පමණක් සීමා වූ මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය නිමා කිරීමට තමා නායකත්වය ගත්තේ ද රටේ ගොවි ජනතාව වෙනුවෙන් බවයි.

ගොවී ජනතාවගේ ප්‍රධාන ගැටලු වන ජලය සහ ඉඩම් ගැටලු විසඳීමට මෙම යුගයේ දී දැඩි කැපවීමකින් කටයුතු කර තිබෙන බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 2018 යල කන්නයේ වගා හානි වූ 1200කට කෘෂි රක්ෂණ වන්දි මුදල් ප්‍රදානය සංකේතවත් කරමින් ගොවීන් කිහිප දෙනෙකු වෙත වන්දි මුදල් ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

අමාත්‍ය පී.හැරිසන්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, නගරාධිපති චානක සිදත් රණසිංහ යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් සහ කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති සුමිත් වර්ණකුලසූරිය මහතා ඇතුළු නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter