නවතම පුවත්

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ යාමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබා දෙමින් තෙල් මිල පහත දැමීමට රජය තීරණය කර ඇත. ඒ අනුව ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහත සඳහන් ලෙස සංශෝධනය කෙරේ.

දිවයින පුරා අවුරුදු 18ට අඩු දරුවන් එක් ලක්ෂ පහළොස්දහසකට ආසන්න පිරිසක් විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බව මේ වන විට අනාවරණය කරගෙන තිබෙන අතර, ඔවුන් පුනරුත්ථාපනය වෙනුවෙන් පළාත් මට්ටමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිතුමා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ ජාතික අධිකාරිය වෙත උපදෙස් දී තිබේ.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කළ සන්නිවේදන අධ්‍යයනය පාරිභාෂික ශබ්දමාලාව ග්‍රන්ථය එළිදැක්ව්මේ උත්සවය ඊයේ (10) පැවැත්විණි.

අසත්‍ය කටකතා පතුරුවා හරිමින් මහජන කැළඹීම් ඇති කරන පුද්ගලයන් හෝ කණ්ඩායම් සොයා ඔවුන් නීතිය හමුවට පමුණුවා දැඩි දඩුවම් ලබාදීමට කටයුතු කරන බව ඇමැති රුවන් විජේවර්ධන මහතා පසුගියදා (08) ප්‍රකාශ කළේය.

වත්මන් රජය යටතේ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරද්දී ඇතැම් සංවිධාන ඊට එරෙහි වී ඇති බවත් එම ව්‍යාපාරයන්ට විරුද්ධව මහ මඟට බැස උද්ඝෝෂණ පවත්වා හෝ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ශිෂ්‍යභට බළකා බාලක බලිකාවන් රැසකගේ සහභාගිත්වයෙන්,137 වන අන්තර් පළාත් සැමරුම් උළෙල පසුගියදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

රටේ සංවර්ධන කි‍්‍රයාවලිය උදෙසා අභියෝග මධ්‍යයේ අවංකව කැපවන රාජ්‍ය නිලධාරින් සහ වෘත්තිකයන් ජාතියේ ගෞරවයට ලක්විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

සමෘද්ධි නිවාස ලොතරැයි ජයග්‍රාහකයින් සදහා චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණි.

ශ්‍රි ලංකා පත්‍ර කලා සංගමයේ 30 වැනි සමරුවට සමගාමීව මාතලේ පුරවරයේ පසුගියදා පැවැත්වූ මධ්‍යාභිමානී සම්මාන උළෙළ සදහා ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහභාගී විය.

මොරගහකන්ද – කළුගඟ බහුකාර්ය ව්‍යාපෘතියට සම්බන්ධ සෙසු වාරි ව්‍යාපෘති කඩිනම් කර එහි ප‍්‍රතිලාභ කඩිනමින් අදාළ ප‍්‍රදේශවල ගොවි ජනතාවට ලබාදෙන ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා උපදෙස් දී තිබේ.

රට වෙනුවෙන් එකට සිටිමු මොණරාගල දිස්ත්‍රික් වැඩසටහනේ ප්‍රගති සමාලෝචනය සහ සමාප්ති වැඩසටහන ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (06) පෙරවරුවේ බිබිල මහජන ක්‍රිඩාංගණයේ දී පැවැත්විණි.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter