නවතම පුවත්

රටත්, ජාතියත් විනාශ කරමින් තිබෙන නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ඉකුත් සිව් වසර පුරා තමා ගෙන ගිය දැවැන්ත වැඩපිළිවෙළට අබපියල්ලක සහයක් ලබා නොදුන් පිරිස් අද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දැඩී නිති ක්‍රියාත්මක කිරීමට ගත් පියවර හමුවේ තමා වැරදිකරුවෙකු ලෙස රටට පෙන්වීමට උත්සාහ දරමින් සිටින බව ජනාධිපතිතුමා පවසයි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරි පත් කරනු ලැබූ 2019 අයවැය මගින් යෝජිත රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ඇතුළු වැටුප් සහ දීමනා ඉහළ නැංවීම අද (ජූලි 01) සිට ක්‍රියාත්මක ය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විනාශයට පත්වූ මඩකලපුවේ සියෝන් දේවස්ථානයේ පිළිසකර කටයුතු ලබන නත්තලට කලින් නිමකොට නත්තල් දේව මෙහෙය පැවැත්වීම සඳහා අවකාශ සලසා දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මතින් නිදහස් රටක් ගොඩනැඟීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මඟපෙන්වීමෙන් ක්‍රියාත්මක කර ඇති මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරමින් පසුගිය 23 වන දා ආරම්භ කළ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දිනය අදයි.

ජූනි 26 වනදාට යෙදුණු මත්ද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධි ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවූ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ පස් වන දිනය අදයි.

මැතිවරණ ඉලක්ක කර ගනිමින් රටේ ජන කොටස් අතර නොසන්සුන්තාවයන් ඇතිවන වෛරී ප‍්‍රකාශයන් ඇතැම් දේශපාලනඥයන් විසින් සිදු කළ ද රටේ සෑම පුරවැසියෙකුගේම ගරුත්වය සහ ආරක්ෂාව තහවුරු කෙරෙන වැඩපිළිවෙළ රාජ්‍ය නායකයා ලෙස තමා කි‍්‍රයාත්මක කර තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා රජය විසින් පසුගිය වසර හතරහමාර තුළදි රුපියල් මිලියන හත්දහසක පමණ මුදලක් වැය කර තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ තෙවැනි දිනය වන අද(26) විශේෂ වැඩසටහන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළොන්නාව රජ මහා විහාරයේ දී පැවැත්වේ.

16 වන ලෝක ජිම්නාස්ටික් සංදර්ශන ක්‍රීඩා උලෙළ ජූලි 07-13 දක්වා ඔස්ට්‍රියාවේ Dornbirn නගරයේ දී පැවැත්වෙන අතර ඊට සහභාගීවන කාන්තා සහ පිරිමි ශ්‍රී ලංකා කණ්ඩායම් දෙක ඊයේ (25) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

ජනමාධ්‍ය අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉහළ කළමණාකාරිත්වය සමඟ විශේෂ සාකච්ඡාවකට

පාස්කු ඉරිදා සිදු වුණු බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා සිටින යම් රෝගියකුට මෙරටදී ප්‍රතිකාර කළ නොහැකි බවට වෛද්‍යවරුන් නිර්දේශ කළ හොත් අදාළ රෝගියා විදේශ රටක රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීමට වගකීම භාරගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter