නවතම පුවත්

මෙම මස 26 වැනි දා ට යෙදෙන “මත්ද්‍රව්‍ය භාවිතය හා නීතිවිරෝධී ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය” තේමා කර ගනිමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි 23 සිට ලබන 01 වැනිදා දක්වා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කොට ඇත.

භික්ෂූන් වහන්සේලා රක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (26) පස්වරු 3.30ට අරලියගහ මන්දිරයේ දී ආරම්භ කෙරේ.

ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් ජූනි 30 වැනි දිනට යෙදෙන ලෝක සමාජ මාධ්‍ය දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙන බව ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ඩී.සී. දිසානායක මහතා පවසයි.

මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳ සමාජය පුලුල් ලෙස දැනුවත් කරමින් මෙම සමාජ උවදුරෙන් අපගේ ජනතාව විශේෂයෙන් අපගේ තරුණ ප්‍රජාව මුදවා ගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කරයි.

ශ‍්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමේ අරමුණින්, මුදල් අමාත්‍යංශය හා ජනමාධ්‍ය අමාත්‍යංශය එක්ව ක‍්‍රියාවට නංවනු ලබන ‘මාධ්‍ය අරුණ‘ විශේෂ ණය යෝජනා ක‍්‍රමයේ 2019

ජාතික මත්ද්‍රව්‍ය භාවිතය හා ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව ජූනි 23 සිට ජූලි 01 දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ක්‍රියාත්මක කෙරේ.

ජාතික ව්‍යසනයක්ව පවතින නීති විරෝධි මත්ද්‍රව්‍ය මර්දනය සහ නිවාරණය වෙනුවෙන් ති‍්‍රවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ඉටුකරන විශිෂ්ට සේවාව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ඇගැයීමට ලක් වෙයි.

මෙරට සංචාරයක නිරත ජපාන අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ විශේෂ උපදේශක ආචාර්ය හිරෝටෝ ඉසුමි මහතා (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වී සාකච්ඡා පැවැත්වීය.

ගමේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා දී ජනතා සේවයට ඇපකැපවීමට “මහජන සේවා කළමනාකරණ අධිකාරිය” නමින් අධිකාරියක් පිහිටුවීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ අවධානය යොමු වී තිබේ.

එක්සත් ජාතීන්ගේ සාම සාධක සේවාවන් සඳහා පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් මුදා හැරීමේ දී මානව හිමිකම් කොමිෂන් සභාව මගින් සිදුකරන නිෂ්කාශන ක්‍රියාවලිය ප්‍රමාදවීම හේතුවෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ ජනාධිපතිතුමාගේ අවධානය යොමු වෙයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව සුළු වැරදි සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට අදාළ පරික්ෂණ කඩිනම් කර ත්‍රස්තවාදයට සම්බන්ධ නොවන සියලු දෙනා නිදහස් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපතිතුමා ආරක්ෂක අංශ වෙත උපදෙස් දෙයි.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter