නවතම පුවත්

ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05 වන සමුළුව (Conference on Interaction and Confidence Building Measures in Asia – CICA) සදහා සහභාගීවීමට ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඊයේ (13) තජිකිස්ථානය බලා පිටත්ව ගියේය.

“ ත්‍රස්තවාදය කෙටිකලක් තුළ මුළුමනින්ම පාහේ අකර්මන්‍ය කර ආරක්ෂාව තහවුරු කළ ලෙසටම ශ්‍රී ලංකාව සියළුම අන්තවාදයන් පිටුදැක නොබෝ දිනකින්ම යළි සමඟි සම්පන්න ශක්තිමත් දේශයක් ලෙස නැගී සිටිනු ඇතැයි” කථානායක කරූ ජයසූරිය මහතා ඉස්ලාම් රටවල් 17ක තානාපතිවරු සමඟ පැවැති වි‍ශේෂ හමුවක දී පැවසීය.

රට ගොඩනංවන වාපි, කෘෂි, අධ්‍යාපන සහ කර්මාන්ත සංග්‍රාම යටපත් කරමින් මතුව ඇති වෛරයේ සහ පෞද්ගලික දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට දරන සංග්‍රාම හේතුවෙන් රටේ සංවර්ධනය යටපත් වී ඇති බව ජනාධිපතිතුමා පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ යුරෝපා සංගමය නියෝජනය කරන තානාපතිවරුන්ගේ හමුවක් ඊයේ (12) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

ගෝලීය ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා මෙරටට පූර්ණ සහාය ලබා දීමට ජපානය සූදානම් බව ජපාන විදේශ කටයුතු රාජ්‍ය ඇමැති ටොෂිකෝ අබේ (Ms. Toshiko Abe) මහත්මිය ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ප්‍රකාශ කළාය.

ජූනි මස 16 ඉරු දින පොසොන් පෝය දිනය වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් ජූනි මස 12 අද සිට ජුනි මස 18 දක්වා කාල සීමාව පොසොන් සතිය ලෙස රජය ප්‍රකාශයට පත් කර ඇත.

සුහුරු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම උදෙසා වූ වැඩපිළිවෙළේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සන්නිවේදන තාක්ෂණයෙන් බලගැන්වෙන ‘ජාතික ඩිජිටල්කරණයේ ගමන් මග’ එළිදැක්වීම

ආචාර්ය පණ්ඩිත් අමරදේව සංගීත අසපුවේ ඉදිකිරීම් කඩිනමින් නිමකර මෙම අගෝස්තු 31 වන දා වන විට එය ජනතා අයිතියට පවරා දීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා අදාළ නිලධාරින්ට උපදෙස් දෙයි.

ආරක්ෂක හේතුන් මත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේහි වසා දමා තිබු ඇතුල් වීමේ සහ පිටවීමේ දොරටුව නැවතත් මහජනතාවට විවෘත කර ඇත.

රජය විසින් තෝරාගත් රජය සතු ව්‍යාපාර 10 ක් සමඟ සාමූහික අභිලාෂ ප්‍රකාශ අත්සන් තැබීම 2019 ජූනි 10 වන දින (ඊයේ ) ප.ව. 5.30 ට මුදල් අමාත්‍යාංශයේ “රන්දොර” ශාලාවේදී සිදු කෙරිණි.

2019 අප්‍රේල් මස 21 වන දින දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ පිපිරීම් ආශ්‍රිත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයේ අවසන් වාර්තාව අද (10) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාර දෙන ලදී.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter