පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් කාරක සභාව විසින් පවත්වන ලද 2017 මූදල් වර්ෂය සඳහා රාජ්‍ය ආයතනවල මූල්‍ය නියමයන්ට අනුගත වීම සහ කාර්යසාධන ඇගයීම් ක්‍රියාවලිය
පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් කාරක සභාව විසින් පවත්වන ලද 2017 මූදල් වර්ෂය සඳහා රාජ්‍ය ආයතනවල මූල්‍ය නියමයන්ට අනුගත වීම සහ කාර්යසාධන ඇගයීම් ක්‍රියාවලිය
දුෂ්කර පළාත්වල ජීවත්වන ජනතාවගේ මෙතෙක් නොවිසඳුණු ගැටලු හඳුනාගෙන එම ගැටලු විසදීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මඟපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලය විසින් දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා තිබෙන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනේ පස්වැන්න පසුගිය පළමු වැනිදා මොණරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරිණි.
අමෙරිකා එක්සත් ජනපදයේ යුද හමුදාවට මෙරටට පැමිණීමටත් කඳවුරු බැඳීමටත් හැකි වන පරිදි ගිවිසුමකට එළැඹී ඇති බවට ඒකාබද්ධ විපක්ෂය හා ඇතැම් පිරිස් විසින් රජයට එල්ල කරනු ලබන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අකර්මණ්‍ය වූ සංචාරක හා ඊට අනුබද්ධ ක්ෂේත්රවල ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහන වැඩපිළිවෙළ විධිමත්ව සහ කාර්යක්ෂමව ක්‍රියාවට නංවමින් එම ව්‍යාපාරික ප්‍රජාව නැවත ගොඩනැංවීමට කටයුතු කිරීම සියලුදෙනාගේ වගකීම බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.
විසිඑක්වෙනි සියවසට ගැළපෙන ලෙස මෙරට අධ්‍යාපනය ගොඩනඟමින් දකුණු ආසියාවේ තාක්ෂණික හා අධ්‍යාපන අංශයන් ගෙන් සමන්විත හොඳම පාසල් ක්‍රමය ශ්‍රීලංකාවේ ඇති කිරීමේ පියවර තබා ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරය කළ යුතු හොඳම ගමනාන්තය බව ලෝක ප්‍රකට ‘ලෝන්ලි ප්ලැනට්’ සංචාරක සඟරාව යළිත් ප්‍රකාශ කිරීම අපේ රට ලද ගෞරවයක් බවත්, සංචාරක ව්‍යාපාරය යළි ඉහළට ඔසවා තැබීම උදෙසා තම රජය පූර්ණ සහාය සහ අනුග්‍රහය ලබා දීමට කටයුතු කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
2017 මුදල් වර්ෂයට අදාළව රාජ්‍ය ගිණුම් කාරක සභාව විමර්ශනයට ලක්කරන ලද ආයතනවලින් ඇගැයිමට ලක්කිරීම සඳහා තෝරා ගෙන ඇති ආයතන අතර රජයේ විශේෂ වැය කිරීම් ඒකක යටතේ වන ආයතන වෙනුවෙන් ප්‍රමුඛස්ථානය අගමැති කාර්යාලයට හිමිව තිබේ.
මෙම වසරේ පැවති ජාත්‍යන්තර සිනමා හා රූපවාහිනි සම්මාන උලෙළවල දී විශේෂ සම්මානයට පාත්‍ර වූ සිනමාවේදින් සහ නිර්මාණකරුවන් ඇගැයීමට ලක් කරමින් ඔවුන්ගේ ඉදිරි කලා කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රදානයන් සිදු කිරීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (02) ජනධිපති කාර්යාලයේ දී සිදු විය.
ජාතික, පළාත් හා ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය සේවාවන් 184ක් ඩිජිටල් කරණය සඳහා අවශ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතින අතර නූතන තාක්ෂණය සමඟ අත්වැල් බැඳ ගනිමින් වඩාත් කාර්යක්ෂම මහජන සේවයක් ඇති කරවීම මෙහි අරමුණ වී ඇතැයි අගමැති කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
පාර්ලමේන්තුවේ ගිණුම් කාරක සභාව විසින් පරිගණක කළමණාකරණ පද්ධතිය මඟින් ඇගයීම ලක් කළ රාජ්‍ය ආයතන,පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මුල්‍ය පාලන සහ කාර්යසාධනය ඇගයීමට ලක් කෙරෙන සම්මාන උළෙල 2019 ජුලි 05 දා පැවැත්වීමට නියමිතය.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු පසුබෑමට ලක් වූ සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීම සඳහා, මෙරටට පැමිණෙන ගුවන් සේවාවන්ට සහන සැලසීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට ඊයේ(01) උපදෙස් දුන්නේය.
රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහනට සමගාමිව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන තොරතුරු දැනගැනිමේ අයිතිය පිළිබඳව පුරවැසියන් දැනුම්වත් කිරිමේ වැඩටහන් මාලාවේ දෙවැනි දිනය අදත් (02) ක්‍රියාත්මකයි.