නවතම පුවත්

යාපනය මුට්ට්‍රවේලි පිටියේ දී පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා තුන් වැනි ප්‍රදර්ශනයේ තුන් වැනි දිනය නිමා වන විට ලක්ෂ තුනකට අධික ජනතාවක් එය නැරඹීම සඳහා පැමිණ තිබේ. විශේෂයෙන්ම සති අන්ත දින දෙක තුළ අධික ජන සහභාගීත්වයක් ඊට ලැබිණි.

"ළඟම පාසල හොඳම පාසල" වැඩසටහන යටතේ ඉදිකරන ලද පාසල් ගොඩනැගිලි 500ක් සිසු අයිතියට පැවරීමේ ජාතික මහෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (09) දින කහතුඩුව, වෙනිවැල්කොළ "ශිෂ්‍යෝදා" විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපන පිළිබඳ ජාතික ආයතනයේ දී පැවැත්විණි.

යාපනය කේන්ද්‍රකර ඈත අතීතයේ පැවති වෙළඳ ආර්ථිකය යුද්ධය නිසා විනාශ වූ බවත් යාපනය දිස්ත්‍රික්කය යළි නඟා සිටුවීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකාව තුළ නව ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සහ රජයේ සංවර්ධන කාර්යයන් ජනතාවට සමීප කරවීම අරමුණු කරගත් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් මාලාවේ තුන්වැනි ප්‍රදර්ශනය අද (07) උදෑසන මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී ආරම්භ විය.

මාලදිවයිනේ දෙදින නිල සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම සංචාරයේ දී මාලදිවයින් විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය අබ්දුල්ලා ෂහීඩ් සහ සිංගප්පූරුවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් යන මහත්වරු හමුවී සාකච්ඡා පැවැත්වූහ.

අධිකරණ ක්ෂේත්‍රයට දේශපාලන බලපෑම් සහ ඇඟිලි ගැසීම්වලින් තොරව ස්වාධිනව හා අපක්ෂපාතීව තීන්දු තීරණ ගත හැකි නිදහස් පරිසරයක් ගෙවී ගිය වසර පහේ දී තමා රට තුළ ගොඩනඟා දුන් බව ජනාධිපතිතුමා පවසයි.

ජනතාවගේ මෙතෙක් නොවිසඳුණ ගැටලුවලට විසඳුම් ලබාදීමේ හා සංවර්ධන වැඩපිළිවෙළ කාර්යක්ෂම කිරිමේ අරමුණින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ජනාධිපති කාර්යාලය මෙහෙයවන “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහන ඉදිරි මාස 02 තුළ දිස්ත්‍රික්ක 04ක දී ක්‍රියාවට නැංවීමට නියමිත ය.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වෙනුවෙන් තමා තවදුරටත් කැපවී සිටින බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයින් පාර්ලිමේන්තුව හෙවත් මහජන මජ්ලිසය අමතමින් ඊයේ (03) දින ප්‍රකාශ කළේය.

මහජන බැංකුවේ බලයලත් ප්‍රාග්ධන සීමාව වැඩි කර ගැනීම සහ භාණ්ඩාගාර ඇපකරයක් නොමැතිව ණයකර නිකුත් කිරීමේ හැකියාවක් ඇති කර ගැනීම අරමුණු කර ගනිමින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති මහජන බැංකු පනත සංශෝධන කෙටුම්පත හරහා මහජන බැංකුව කිසිදු අයුරකින්වත් පෞද්ගලීකරණය නොවන බව රජය අවධාරණය කරයි.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 02 (ඊයේ ) දින මාලදිවයිනේ නිල සංචාරයක් සඳහා පිටත්ව යාමට ගියේය

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter