ඇවිදින විට බැටරි ආරෝපණය කිරීමේ උපකරණයක් වන “Walking charger”, නව නිපැයුම සිදු කළ චතුර මධුමාල් සිසුවාගේ ඉදිරි නිර්මාණ කටයුතු සඳහා රුපියල් ලක්ෂ 05ක මුදල් පරිත්‍යාගයක්
ඇවිදින විට බැටරි ආරෝපණය කිරීමේ උපකරණයක් වන “Walking charger”, නව නිපැයුම සිදු කළ චතුර මධුමාල් සිසුවාගේ ඉදිරි නිර්මාණ කටයුතු සඳහා රුපියල් ලක්ෂ 05ක මුදල් පරිත්‍යාගයක්
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද "ශ්‍රී ලංකා ආර්ථික සමුළුව - 2019" අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ආරම්භ විය.
විදේශයන්හි සේවය කරනු ලබන ශ්‍රී ලාංකිකයන් හට බදු සහන යටතේ වාහන ලබාගැනීම සඳහා බලපත්‍ර නිකුත් කරනු ලබන බවට මුදල් අමාත්‍යාංශයේ වෙළෙඳ ආයෝජන ප්‍රතිපත්ති
උසැති නෙළුම් පොහොට්ටුවක හැඩයකින් යුතු නෙළුම් කුලුන මීටර් 300ක් නොහොත් අඩි 1167 ක් උස දකුණු ආසියාවේ විශාලතම සම්ප්‍රේෂණ කුලුණ ලෙස අද ජනතා අයිතියට පත්වෙයි. කලකට පෙර කොළඹ විශාලතම ගොඩනැගිල්ල ලෙස නම් දැරූ පිට්ටු බම්බුව නමින් හැදින්වූ ලංකා බැංකු ගොඩනැගිල්ලද, පසුව එම ස්ථානය දිනාගත් ලෝක වෙළද මධ්‍යස්ථානයද (WTC) පරදවමින් අද කොළඹ අහස සිඹිමින් නැග සිටින්නේ නෙළුම් කුලුණයි.
නෙළුම් කුලුනේ ඉදිකිරීම් ඇරඹෙන්නේ 2008 වසරේදීයි. පෑලියගොඩ ඉංජිනේරු සංස්ථා වැඩබිමට අයත් හෙක්ටයාර දහයක භූමියක ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමට බහුකාර්ය විදුලි සංදේශ කුලුනක් ඉදිකිරීමට තීන්දු කර තිබූ අතර ඒ සදහා පරීක්ෂණ කටයුතු ආරම්භ විය. එම භූමියේ කුඩා දිය පොකුණක ඉහළට මතුවී තිබූ නෙළුම් මලක් දැකීමෙන් පසු යෝජිත කුලුන නෙළුම් දණ්ඩක් හා නෙළුම් මලක් ලෙස නිර්මාණය කිරීමේ අදහස ඔවුන්ට මතුවිය.එයට සියල්ලන්ගේම අනුමැතිය හිමිවී ඉන්පසු එහි සංකල්පමය සැලසුම් සියල්ල නෙළුම් දණ්ඩක් හා එහි ඉහළ කෙලවරේ වූ නෙළුම් මලක හැඩය ගන්නා ලදී. කෙසේ වෙතත් මුලින් තෝරාගත් පෑලියගොඩ ප්‍රදේශයට නෙළුම් කුලුන හිමිකර ගැනීමේ වරම් නොලැබුණු අතර එය නගරයෙහි සංචාරය කරනා කාගේත් නෙත් සිත් පැහැර ගන්නා මනරම් දසුනක් වශයෙන් කොළඹ නගරයට හිමිවිය.
අද දින ජනතා අයිතියට පත්වූ නෙළුම් කුලුන සම්පූර්ණයෙන්ම රජය සතු ගොඩනැගිල්ලක් වන අතර එය අයත් වන්නේ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවටයි. මෙහි ඉදිකිරීම් පිරිවැය වන ඇමරිකන් ඩොලර් මිලියන 104.3 ක් හෙවත් රුපියල් බිලියන 12ක මුදල කුලුනෙන් ලැබෙන ආදායමෙන් ගෙවාදැමීමට නියමිතයි. නෙළුම් මල මගින් අර්ථ ගැන්වෙන්නේ ශ්‍රී ලංකා සංස්කෘතියෙහි නිර්මලත්වය, සශ්‍රීකත්වය සහ දියුණුවයි. මෙහි කුලුනේ පාදම සදහාද නෙළුම් මලක හැඩය යොදාගෙන තිබේ. නෙළුම් දණ්ඩක පැහැය ගන්නා කොළ පැහැයෙන් කුලුන වර්ණ ගන්වා ඇති අතර නෙළුම් පෙති වල රාමුව වානේ වලින්ද, එහි පෙති වීදුරු වලින්ද නිමවා ඇත. වෙනස් වන වර්ණයන්ගෙන් යුතු එල්.ඊ.ඩී. බල්බ වීදුරු පෙති සදහා සවිකොට ඇති අතර වෙසක්, අවුරුදු හා නත්තල් වැනි උත්සව කාල වලදී ඒ ඒ උත්සවයන්ට ගැලපෙන වර්ණයන්ගෙන් එම පෙති විචිත්‍රවත් කිරීමට නියමිතයි. මෙලෙස අලංකාරවත් ලෙස සකසා තිබීමත් විශේෂිතවූ ආලෝකකරණයත් නිසා රාත්‍රී කාලයේදී සැලකිය යුතු දුරක සිට නෙළුම් පොකුණ දැකගැනීමේ භාග්‍ය ජනතාවට හිමිවෙයි.
නෙළුම් කුලුනේ කද නොහොත් නටුවේ සම්පූර්ණ උස අඩි 592කි. ඉන් පසුව පටන්ගන්නා නෙළුම් පොහොට්ටුවක කොටස තට්ටු 7කින් ඉදිකර ඇත. එය සකසා ඇත්තේ පහළ සිට ඉහලට පළමු හා දෙවැනි මහල් දෙක ගුවන්විදුලි හා රූපවාහිනී සම්ප්‍රේෂණ කටයුතු වෙනුවෙන් වෙන්කර ඇත. නෙළුම් කුලුනේ මධ්‍යයේ ගමන්කර ඉහළට ගිය විට හමුවන පොහොට්ටුවේ පළමු මහල් දෙක වෙන් වන්නේ විදුලි සන්දේශ හා සන්නිවේදන අංශ වෙනුවෙනි. එය සාමාන්‍ය ජනතාවට නැරඹිය නොහැකි විශේෂිත ආරක්ෂිත කලාපයකි. අධි තාක්ෂණික ගොඩනැගිල්ලක් ලෙස හැදින්වෙන නෙළුම් කුලුනේ එක් ගොඩනැගිල්ලක සිට එක් එක් මහල වෙත ගමන් කල යුතු වන්නේ ස්වයං අවසර පත්‍ර ක්‍රමවේදයක් ඔස්සේ වීමද ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති විශේෂිත පියවරකි. මෙය මුදලක් ගෙවා ප්‍රවේශපත්‍රයක් ලබාගැනීමෙන් ජනතාවට දැකබලාගැනීමේ වරම් හිමිවේ. අද දින ජනපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්වෙන නෙළුම් කුලුනේ සමාරම්භක උළෙල සදහා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වීමට නියමිතයි.
මෙලෙස අධි තාක්ෂණික ක්‍රමවේද උපයෝගී කරගනිමින් අධි සුඛෝපභෝගී ලෙස නිමවා ඇති අද සුපිපෙන ආසියාවේ උසම නෙළුම, ශ්‍රී ලංකාව සංවර්ධනය කරා යන වේගවත් ගමනට ආශ්ර්වාදයක් වනු නොඅනුමානය.
සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 5000 ක් සඳහා ස්ථීර පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (15) දින කොළඹ, අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ, ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අලි සාහිර් මවුලානා සෙයිඩ්, කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන්, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ යන මහත්ම මහත්මීන් ප්රමුඛ දේශපාලනඥයින් සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර මහතා, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවී සිටියහ.
ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය ජාතික උත්සවයක් බවට ප්‍රකාශ කිරීමේ මහෝත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පස්වරුවේ සබරගමුව මහ සමන් දේවාල පරිශ්‍රයේ දී පැවැත්විණි.
ඉන්දිය පාර්ලිමේන්තු මන්ත්‍රීනි කනිමෝෂි කරුණානිධි මහත්මිය ප්රමුඛ ඉන්දියානු මධ්‍යම රජයේ හා තමිල්නාඩු කේරල ප්‍රාන්තවල නියෝජිතයන් පිරිසක් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (13) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ ටෝගෝ රාජ්‍ය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳ අවධානය යොමු කෙරේ.
ශ්‍රී ලංකාවට පැමිණ සිටින සෞදි අරාබි කතානායක ආචාර්ය අබ්දුල්ලා බීන් මොහොමඞ් බීන් ඊබ්‍රහම් අල් ෂෙයික් මහතා ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.
ශ්‍රී ලංකාවේ මෙන් ම ලොව බොහෝ රටවල පරිසරය විනාශ කරන්නේ දේශපාලන බලය ඇති පිරිස් සහ ජාවාරම්කාර ව්‍යාපාරිකයින් බව ජනාධිපතිතුමා පවසයි.
සිරගතවූවන්ගේ සුබසාධනය අරමුණු කර ගනිමින්, සෑම වසරකම සැප්තැම්බර් 12 වැනිදාට යෙදෙන ජාතික සිරකරු දිනයට සමගාමීව ක්‍රියාත්මක කරනු ලබන කොඩි සතියේ පළමු කොඩිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැලඳවිම අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
අන්තර්ජාතික නයිට්රජන් කළමනාකරණ පද්ධතියේ අධ්යක්ෂ මහාචාර්ය මාර්ක් සට්න් මහතා විසින් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පරිසරය සුරැකීම වෙනුවෙන් සිදුකරන කාර්යයන් අගය කරන ලදි.