නවතම පුවත්


තොරතුරු  දැනගැනීමේ අයිතිවාසිකම් පනත  ක්‍රියාත්මක කිරීම සඳහා වන මාර්ගෝපදේශ සංග්‍රහය හා තොරතුරු  දැනගැනීමේ පනතට අදාළ ඉල්ලීම් මාර්ගගත ක්‍රමයට (Online) ලබාදීම සඳහා වන නියමු ව්‍යාපෘතිය එළිදැක්වීම අද (2019.11.11) පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේදී පැවැත්විණ.

සංවර්ධනය වන කොළඹ නගරය තුළ විශාලතම සුපිරි වෙළෙඳ සංකීර්ණය ලෙස ඉදිකෙරුණු “One Galle Face Tower” සුපිරි වෙළෙද සංකීර්ණය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (08) විවෘත කෙරිණි.

“මදුරුවන් බෝ නොවන ආහාර බඳුන්” නිර්මාණය කරමින් කොරියාවේ ජාත්‍යන්තර යෞවන ඔලිම්පියාඩ් තරඟයේ දී හොඳම නව නිපැයුම්කරුවන් දහ දෙනා අතරට තේරි පත් වූ ගොකරැල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පසිදු මිහිරාන් සිසුවා නොවැම්බර් 05 ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

ජාතික ආරක්ෂාවේදී සහ කලාපීය ආරක්ෂාවේදී අපගේ ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ පොලිසිය සහ බුද්ධි අංශ සිදුකරනු ලබන කැපවීම අගය කළයුතු බව ජනාධිපතිතුමා පවසයි.

ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ කොළඔ ව්‍යාපෘති කළමනාකරණ ආයතනය එක්ව සංවිධානය කළ ව්‍යාපෘති කළමනාකරණ සහතික පත්‍ර පාඨමාලාව සාර්ථකව අවසන් කළ ජනමාධ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය අද (2019.11.07) ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

රුපියල් මිලියන 1200ක වියදමින් සංවර්ධනය කෙරුණු අඹන නව නගරය ජනපති අතින් ජනතා අයිතියට
මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය මෙරට කෘෂි ආර්ථිකයේ
නව පරිවර්තනයක් ඇතිකරනු ඇති බව ජනපති පවසයි.
රසායනික පොහොරවලින් බැහැරව කාබනික පොහොර භාවිත කිරීමේ ප්‍රතිපත්තියකට රට ගමන් කළ යුතුයි.

ත්‍රිපිටකය ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීම සඳහා වන අයදුම්පත හා විද්වත් කමිටුවේ අතුරු වාර්තාව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම පසුගියදා(05) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

කලාකරුවන්ට විශ්‍රාම වැටුපක් හිමිකරදීම ඇතුළු කලාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් ඉකුත් පස් වසර පුරා ගෙන ගිය සුවිශේෂි වැඩපිළිවෙළ උදෙසා ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයෙන් ජනපතිට උපහාර පුද කෙරේ.

පොදු රාජ්‍ය මණ්ඩලීය අධිකරණ අමාත්‍යවරුන්ගේ සමුළුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේ දී ඊයේ (04) දින ආරම්භ විය.

කීර්තිමත් ඉංජිනේරු ඒ.එන්.එස්. කුලසිංහ මහතාගේ ජන්ම ශතසංවත්සරය නිමිත්තෙන් ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය සහ ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම එක්ව දැයේ දූදරුවන්ගේ විද්‍යා දැනුම අභිවර්ධනය උදෙසා නිම කරන ලද ක්‍රියාකාරකම් සහිත උද්‍යානය ජනාධිපතිතුමා අතින් අද (04) පෙරවරුවේ විවෘත කෙරිණි.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත නවසීලන්ත අධිකරණ අමාත්‍ය ඇන්ඩෲ ලිට්ල් (Hon. Andrew Little) මහතා ප්‍රමුඛ දූත පිරිස අද (04) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වූහ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter