නවතම පුවත්

වැරදි මගක ගමන් කරමින් තිබූ රට හරි මඟට ගෙන එමින් සමෘද්ධිමත් සහ දියුණු රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැඟීමේ ජනපතිගේ වෑයමට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය සහ අනුශාසනාව හිමි වන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති.

ෙතමා ජනාධිපති ධූරයට පත් කළ ජනතාවගේ අපේක්ෂා උපරිමයෙන් සපුරාලන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.“මට ඡන්දය දුන් ජනතාවට ප්‍රධාන අරමුණු දෙකක් තිබුණා.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායක් පිහිටුවීමේ මූලික අඩිතාලම සඳහා වූ සාකච්ඡාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(18) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

මාධ්‍ය අධ්‍යයනය සඳහා වන ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා සහතික ප්‍රදානය කළ හැකි විශ්වවිද්‍යාල විද්‍යායතනයක් (University College) එළඹෙන දින 100 තුළ ස්ථාපිත කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

කිසිදු පක්ෂ භේදයකින් තොරව රැකියා විරහිත උපාධිධාරින් පනස් හතර දහසකට රැකියා ලබා දීමේ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත් ඒ අනුව සියළුම උපාධිධාරින්ට උපාධිය ලබා ගත් වර්ෂානුකූලව ක්‍රමවත් බඳවා ගැනීමේ පටිපාටියක් යටතේ රැකියා ලබා දෙන බවත් තොරතුරු සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගරු ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා සඳහන් කරයි.

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා වශයෙන් ඩබ්ලිව්. දයාරත්න මහතා අද දිනයේ සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයත්, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයට අයත් අනිකුත් ආයතනත් අධීක්ෂණය කරමින් සාමූහිකව එකතු වී කටයුතු කරමින් ජනතාව බලාපොරොත්තු වන පෙරළිය සිදු කරන්නට හැකි වනු ඇති බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයේ ගරු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (12) කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථාන තානාපති එම් අෂ්රෆ් හයිදරි (M Ashraf Haidari) මහතා ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා තොරතුරු සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් ලෙස අද (12) රාජකාරි ආරම්භ කළේ ය.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter