නවතම පුවත්

වත්මන් රජයට රජයේ නිළධාරීන්ගේ සහාය නිරතුරුව විශාල ලෙස ලැබෙන බවත්, ඒ නිසා රජයට රජයේ නිළධාරීන් පිළිබඳව විශ්වාසයක් තිබෙන බවත් තොරතුරු තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (21) තොරතුරු තාක්ෂණ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවති මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.

බහු කාර්යය සාධනය සඳහා කාර්යය සාධන බළකාය දෙපාර්තමේන්තුවක් ලෙස ස්ථාපනය කර ඇති බවත්, නොබෝ දිනකින් එකී දෙපාර්තමේන්තුවට අධ්‍යක්‍ෂක ජනරාල් වරයෙකු පත් වන බවත් කී රාජ්‍ය අමාත්‍යවරයා ඉන් අනතුරුව විශේෂ කමිටුවක් මඟින් රැකියා ලාභීන් තෝරා ගැනීම සඳහා වූ මූලික සුදුසුකම් සහතික වී ඇති ද යන්න සොයා බැලීම සිදු කරන බව ද, ඒ සඳහා ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය අවශ්‍ය බව ද මෙහි දී කියා සිටියේය.

 රාජ්‍ය සේවයේ කාර්යක්‍ෂමතාවය නංවාලීම උදෙසා සිදු කරන මෙම කර්තව්‍ය සඳහා කිසිඳු දේශපාලන බලපෑමකින් තොර ව අඩු අදායම්ලාභී පවුල් වල අඩු අධ්‍යාපන මට්ටමක් සහිත රැකියා විරහිත පුද්ගලයින් සඳහා රැකියා අවස්ථා ලබා දීම මෙතෙක් කිසිඳු අවස්ථාවක ක්‍රියාත්මක නොවුණු කාර්යයක් බව ද රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙහි දී අවධාරණය කර සිටියේය.

එමෙන්ම, රජයේ නිළධාරියා පිලිබඳ විශ්වාසයක් තිබෙන හෙයින් මේ සඳහා නිර්දේශ ලබා දීම සඳහා රජයේ නිළධාරීන්ට විශේෂ අවසථාවක් ලබා දී ඇති බවත්, එම රාජ්‍ය නිළධාරීන්ගේ නිර්දේශ ලබාගැනීමෙන් අනතුරුව ප්‍රාදේශීය ලේකම්තුමා හෝ ප්‍රාදේශීය ලේකම්තුමියට එකී අයදුම්පත එවිය හැකි බවත්, එහි දී නැවත කමිටුවක් මඟින් රජය විසින් නියම කර ඇති සුදුසුකම් සපුරා ඇති ද යන්න ඔවුන් සහතික කිරීමෙන් අනතුරුව රැකියා සඳහා බඳවා ගැනීමට යොමු කරවන බවත් මෙහි දී රාජ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලදී.

දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමට මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අැමැතිවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා කරන ලද යෝජනාවට අැමැති මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. මුදල් ඇමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ, සරල, විනිවිද පෙනෙන හා කාර්යක්ෂම බදු ක්‍රමයක් යළි නිර්මාණය කරන බවට ආණ්ඩුව විසින් ලබාදුන් පොරොන්දු ඉටුකිරීමේ අරමුණිනි.

නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව පැවැති මුල්ම ඇමැති මණ්ඩල රැස්වීමට ආර්ථික පුනර්ජීවනය ආරම්භ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ අැමැති මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලදී. එමඟින් පහසු බදු පරිපාලනයක් ප්‍රවර්ධනය කිරීමටත්, බදු ගෙවීම සඳහා ස්වයං අනුකූලතාවයක් හඳුන්වා දීමටත් තීරණය කැර තිබිණි.

ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේ කළ යොජනාව අැමැති මණ්ඩලය අනුමත කළ පරිදි 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත අනුමැතිය සඳහා ඉදිරියේදී ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

දේශීය ආදායම් පනතට ගෙන එන එම නව සංශෝධන යටතේ රඳවා ගැනීමේ බද්ද රු. 250,000 දක්වා නිදහස් කෙරේ. උපයන විට ගෙවීමේ බද්ද සඳහා වන සීමාව රු. 100,000 සිට රු. 250,000 දක්වා ඉහළ දැමීම ඇතුළු බදු සහන රැසක් 2020 ජනවාරි මස 1 වැනි දා සිට ක්‍රියාත්මක කෙරෙන බවද එම අමාත්‍යාංශය කියා සිටී.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයක නිරත විය.

එහි දී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා සහ දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරීන් සමඟ සාකච්ඡාවක නිරත විය.

මෙහි දී මූලික වශයෙන් දෙපාර්තමේන්තුවේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා විසින් රාජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කරන ලදී. ඉන් අනතුරුව, දෙපාර්තමේන්තුවේ කාර්යයභාරය, දෙපාර්තමේන්තුව සමඟ අනිකුත් අමාත්‍යංශ හා සම්බන්ධ වී කටයුතු කරන ආකාරය, ඒ ඒ අමාත්‍යංශ අතර සන්නිවේදනය පිළිබඳව මෙන්ම, දෙපාර්තමේන්තුව හා අනිකුත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සම්බන්ධීකරණය කෙසේ ද යන්න පිළිබඳ ව ද රාජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

එහි දී දෙපාර්තමේන්තුව සතු ව පවතින ඇගයුම් ක්‍රමවේදයන් සහ නිරීක්ෂණ සහ අධීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයාගේ දැඩි සැළකිල්ලක් මෙහි දී යොමු වූ අතර එකී ඇගයුම් ක්‍රියාවලින් යාවත්කාලීන කරමින් පවත්නා තත්ත්වය තවදුරටත් ඉදිරියට ගෙනයාමේ අවශ්‍යතාවය මෙහි දී පෙන්වා දෙන ලදී.

එමෙන්ම, වඩාත් ඵලදායී රාජ්‍ය සේවයක් ලබා දීම සඳහා රාජ්‍ය ආයතන ඩිජිටල් කරණයට යොමු කිරීමේ ක්‍රියාවලියට අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊට අනුගත වීම සඳහා දැනටමත් ගෙන ඇති සැළසුම් ආදිය පිළිබඳ ව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා විසින් රාජ්‍ය අමාත්‍යවරයාව මෙහි දී දැනුවත් කරන ලදී.

එහි දී ගන්නා ලබන ක්‍රියාමාර්ගයන් පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයාගේ පැසසුමට ලක් වූ අතර තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය යම් යම් කරුණු යෝජනා ආදිය පිළිබඳව ද අමාත්‍යවරයා විසින් යම් යම් උපදෙස් මඟපෙන්වීම් ද ලබා දීම මෙහි දී සිදු කරන ලදී.

ඉන් අනතුරුව, දෙපාර්තමේන්තුවේ භෞතික ප්‍රගතිය පිළිබඳව ද රාජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය. එහි දී සපුරා ගත යුතු කරුණු සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් රාජ්‍ය අමාත්‍යවරයා විසින් නාලක කලුවැව මහතා වෙත ලබා දෙන ලදී. එමෙන්ම, දෙපාර්තමේන්තුව තුළ දැනට පවතින සමස්ත ක්‍රියාවලිය පිලිබඳ ව රාජ්‍ය අමාත්‍යවරයාගේ පැසසුමට ලක් විය.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා තොරතුරු තාක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වූහ.

අයි.ටී.එන් ආයතනය මගින් එළඹෙන පෙබරවාරි 4 වැනිදා සිට නව මුහුණුවරකින් යුතු වැඩසටහන් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවත් දේශීය චින්තනය ඉස්මතුවන ආකාරයේ විචිත්‍රාංග පෙළක් මගින් කලාකරුවන්ට අතදීම, දරුවන්ට අධ්‍යාපනික දැනුම ලබාදීම මෙන්ම සමාජය නිවැරදි දිශානතියකට ගෙනයෑමට උරදෙනු ඇති බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා අද (21) අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වය උසස් කරලීමේ අරමුණින් දියත් වන රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩසටහන සඳහා අයදුම්පත් නිකුත් කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙන බවයි. සමෘද්ධිලාභී පවුල්වල සාමාජිකයින් හා සමෘද්ධි සහනාධාර නොලබන පවුල්වල සාමාජිකයින්ට මේ සඳහා දායකවීමට අවස්ථාව ලැබේ. අදාළ අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබාගෙන සම්පූර්ණ කර ග්‍රාම නිළධාරීවරයාගේ නිර්දේශය ලබාගෙන නැවත ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබාදීමට හැකි අතර රැකියා ලබාගැනීමට කිසිදු දේශපාලඥයෙකුගේ අනුබලයක් අවශ්‍ය නොවන බව ද ඇමතිවරයා අවධාරණය කළේය.

සාමාන්‍ය පෙළ සමත්  වයස අවුරුදු 18 – 40 අතර ඕනෑම අයෙකුට මේ සඳහා අයදුම් කළ හැකි අතර දෙපාර්තමේන්තුවක් හරහා විනිවිදභාවයකින් යුතුව රැකියා ලබාදීම සිදුවන බවත් මාස 6ක පුහුණු කාලයකින් පසු තමන් ජීවත්වන ප්‍රදේශය ආශ්‍රිතව රැකියාවක් හිමිවන බවත් පුහුණු කාලයේදී රු. 22,500 ක වැටුපක් හිමිවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

අභ්‍යන්තර මෙන්ම බාහිර උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙල ද මේ සමගම දියත් වන සඳහන් කළ අමාත්‍යවරයා,  මාධ්‍යවේදීන්ට ණය ලබාදී‍මේ වැඩපිළිවෙල ද එළඹෙන මාර්තු මස සිට ආරම්භ වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙරට ජාතික විශ්ව­වි­ද්‍යාල පද්ධ­තිය තුළ විප්ල­වීය වෙන­සක් 2020 වර්ෂයේ දී ආරම්භ කරන බව උසස් අධ්‍යා­පන, තාක්ෂණ හා නවෝ­ත්පා­දන, තොර­තුරු හා සන්නි­වේ­දන තාක්ෂණ ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා පැවැ­සීය.

ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යා­පන ක්‍රම­වේ­දය හඳුන්වා දෙමින්, කුස­ලතා පිරි, රැකි­යා­භි­මුඛ උගත් තාරු­ණ්‍ය­යක් බිහි කිරී­මට අවශ්‍ය වෙන­ස්කම් උසස් අධ්‍යා­ප­නයේ ක්ෂේත්‍රයේ කඩි­න­මින් සිදු කරන බව ද ගුණ­ව­ර්ධන මහතා ප්‍රකාශ කළේය.

හෝමා­ගම පිටි­පන මහින්ද රාජ­පක්ෂ විද්‍යා­ලට වසර 09ක් පිරීම නිමි­ත්තෙන් සහ අලු­තින් ඉදි කරන ලද පරි­පා­ලන ගොඩ­නැ­ඟිල්ල විවෘත කිරීම සඳහා පැවැති උත්ස­වයේ දී ඊයේ (20) ඇමැ­ති­ව­රයා මේ බව පැව­සීය.

එහිදී තව­දු­ර­ටත් අද­හස් පළ කළ ඇමැ­ති­ව­රයා මෙසේ ද කීවේය.

අපි මේ පාසල 2011 ජන­වාරි 20 වැනි දින එවක අග්‍රා­මාත්‍ය දි.මු.ජය­රත්න මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ආරම්භ කරන විට උදේ 7.30 සිට හවස 3.30 දක්වා වැඩ වේලා­වක් අධ්‍යා­ප­නය ලබා දෙන, සෑම දරු­වෙක් ම දින­පතා බත් පාර්සල් 02 ක් රැගෙන එන, පාන් පිටි ආශ්‍රිත කෑම තහ­නම් කළ, ලන්ච් ෂීට් වැනි පරි­ස­ර­යට අහි­ත­කර දෑව­ලින් තොර වුණු ආදර්ශ විද්‍යා­ල­යක් ලෙස සැල­සුම් කර­ලයි තිබුණේ. නමුත් 2015 න් එය ආදර්ශ පාස­ලක් බව අම­තක කර එහි අන­වශ්‍ය වෙන­ස්කම් රැසක් කළා. අද අපි විවෘත කළ ගොඩ­නැ­ඟිල්ලේ ආකෘ­තිය පවා වෙනස් කර­මින් ප්‍රමා­ණය ද කුඩා කර­මින් මෙම ගොඩ­නැ­ඟිල්ල හෝ ලබා දීම පිළි­බඳ ව පසු­ගිය රජයේ අධ්‍යා­පන ඇමැ­ති­ව­ර­යාට ස්තූති­වන්ත වෙනවා.

මෙම ආකෘ­තියේ ම පාසල් සියලු ම දිස්ත්‍රි­ක්ක­වල ඉදි­කි­රීම සඳහා අපේ රජය කට­යුතු කර­නවා. එසේ ම දෙමළ භාෂා ගුරු­ව­රුන් ද බඳවා ගැනී­මෙන් අන­තුරු ව ද්‍රවිඩ භාෂා­වෙන් ශිෂ්‍යත්ව විභා­ගය සම­ත්වන සිසුන්ට ද අධ්‍ය­යන කට­යුතු සිදු කළ හැකි පරිදි අංග සම්පූර්ණ තෛභාෂා පාස­ලක් බවට මෙම ආදර්ශ විද්‍යාල පත් කිරිම ද අප රජය මඟින් කට­යුතු කර­නවා. මේ පාසල ඔප්පු කොට තිබෙ­නවා එහි සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ප්‍රති­ඵල අනුව අදාළ ඉල­ක්ක­යන් සඳහා ගමන් ගන්නා විද්‍යා­ල­යක් බවට. වෙනත් කිසි ම වට­පි­ටා­වක නැති වට­පි­ටා­වක් මෙම විද්‍යා­ලය සතුව පව­ති­නවා. හරිත සර­ස­විය, නැනෝ තාක්ෂ­ණික ආය­ත­නය, කිරුම්-මිනුම් පර්යේ­ෂණ ආය­ත­නය, ටෙලි­කොම් දත්ත ගබ­ඩාව ආදී සුවි­ශේෂී ආය­තන රැසක් මේ අවට ඉදි කොට තිබෙ­නවා. එමෙන් ම මොර­ටුව විශ්ව­වි­ද්‍යා­ලයේ තාක්ෂණ පීඨය මේ වන­විට ඉදි වී තිබෙන අතර කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ තාක්ෂණ පීඨය ද දැන් මෙහි ඉදි­වෙ­නවා.

වාර්ෂික ව ජාතික විශ්ව­වි­ද්‍යාල පද්ධ­ති­යට ඇතු­ළත් කර­ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කර­මින්, දැනට වාර්ෂික ව උසස් පෙළ සම­ත්වන සිසු­න්ගෙන් බහු­ත­ර­යක් නරා­ව­ලට වැටෙන ක්‍රමය වෙනු­වට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යා­පන ක්‍රම­වේ­දය හඳුන්වා දෙමින්, කුස­ලතා පිරි, රැකි­යා­භි­මුඛ උගත් තාරු­ණ්‍ය­යක් බිහි කිරී­මට අවශ්‍ය වෙන­ස්කම් උසස් අධ්‍යා­ප­නයේ සිදු කර­නවා. ඒ අනුව 2020 දී මෙරට උසස් අධ්‍යා­ප­නයේ විප්ල­වීය වෙන­සක් ඇති කර­නවා. ඒ නිසා ම සියලු දෙනාට ම සතු­ටන් පව­සන්නේ “හෙට එච්චර කළු­වර නෑ“ කියල යි. යනු­වෙන් ද පැවසී ය.

මෙම අව­ස්ථාව සඳහා විශේෂ ආරා­ධිත අමුත්තා වශ­යෙන් සහ­භාගී වූයේ හම්බ­න්තොට දිස්ත්‍රික් පාර්ලි­මෙන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහ­තාය. බස්නා­හිර පළාත් හිටපු මන්ත්‍රී අධි නීතිඥ ජනක වැලි­වත්ත, හෝමා­ගම ප්‍රාදේ­ශීය සභාවේ සභා­පති ඇතුළු මහ­ජන නියෝ­ජි­ත­යින් පිරි­සක් ද, අධ්‍යා­පන අමා­ත්‍යං­ශයේ ලේකම් එන්.එච්.එම් චිත්‍රා­නන්ද මහ­ත්වරු සහ විද්‍යා­ලයේ විදු­හ­ල්ප­ති­ව­රයා සහ ගුරු මණ්ඩ­ලය ද මේ අව­ස්ථා­වට එක් වුහ.

මවුපි­යන් තමන්ගේ ඉලක්ක කරා දරු­වන් ගෙන යෑමට උත්සහ කිරී­මෙන් අද දරු­ව­න්ගෙන් විශාල සංඛ්‍යා­ව­කට මාන­සික රෝග තත්ත්ව­යන් ඇති වී ඇතැයි තොර­තුරු හා සන්නි­වේ­දන රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේ­ව­ර්ධන මහතා පැවැ­සීය.

බාහිර විෂ­යන්ගේ ඈත් කර පොත පතට විත­රක්ම යෙද­වී­මෙන් දරු­වන්ගේ ළමා කාලය විනාශ නොක­ර­න්නැයි තමන් දෙම­වුපි­ය­න්ගෙන් කාරු­ණි­කව ඉල්ලා සිටින බව හෙතෙම කීවේය.

කොත­රම් උගත් වුණත්, බුද්ධි­මත් වුණත් ඇතැම් පිරිස් තුළ සදා­චා­ර­ස­ම්පන්න සිතුම් පැතුම් නැති බවත් එවැනි පුද්ග­ල­යන්ගේ උගත් හා බුද්ධි­ම­ත්ක­මෙන් කිසි වෙකුට පලක් නොවන බවත් ගාල් මහින්ද විද්‍යා­ලයේ පළමු වසර සඳහා දරු­වන් ඇතු­ළත් කර ගැනීමේ උත්ස­වයේ ප්‍රධාන ආරා­ධිත අමුත්තා ලෙස එක්වෙ­මින් රාජ්‍ය ඇමැ­ති­ව­රයා කියා සිටි­යේය.

තමන්ට දේශ­පා­ල­ඥ­යකු ලෙස පැමිණි සෑම අභි­යෝ­ග­ය­ක­ටම මුහුණ දුන්නේ මහින්ද විද්‍යා­ල­යෙන් ලැබූ පන්න­රය නිසා බව පැවැසු ඒ මහතා මෙහි පළමු වස­රට ඇතු­ළත් වුණ දරු­ව­න්ටද කව­දක හරි එම අභි­යෝ­ගය ජය­ගත හැකි බව කීවේය.

රාජ්‍ය ඇමැ­ති­ව­රයා මෙසේද කියා සිටි­යේය.

අද මට ඉතා වාස­නා­වන්ත දව­සක් ඒ මම ඉගෙන ගත්ත විද්‍යා­ලයේ ආදි ශිෂ්‍ය­යෙක් විදි­යට පළමු වස­රට දරු­වන් ඇතු­ළත් කර­ගැ­නීමේ උත්ස­ව­යට සහ­භාගි වෙන්න ලැබීම නිසා. දරු­වෙක් පිළි­සිද ගත්ත දවසේ ඉදලා විශාල බලා­පො­රොත්තු ගොන්නක් ඇති වෙනවා. මුලින්ම බල­නවා ඒ ඉප­දෙන දරුවා පිරිමි දරු­වෙක්ද, ගැහැනු දරු­වෙක්ද කියළා. දැන්නම් ස්කෑන් කරලා ඒ දේ බලා­ගත හැකියි. පිරිමි දරු­වෙක් නම් තම දරුවා දාගන්න පිරිමි පාසල මොකක්ද කියලා හිත­නවා. ගැහැනු දරු­වෙක් නම් ඒ ගැහැනු දරුවා දාගන්න ගැහැනු පාසල මොකක් ද කියලා හොය­නවා. ඒ තරම්ම පාස­ලට දා ගැනීමේ තර­ග­කා­රි­ත්ව­යක් ඇති වී තිබෙ­නවා.

මහින්ද විද්‍යා­ලය කියන්නේ වාස­නා­වත්න පාස­ලක්. මෙය පිං බිමක්. මෙම විද්‍යා­ල­යට පය ගහපු කිසිම කෙනෙ­කුට වැර­දිලා නැහැ. මට එක වස­රට එන්න වාසනා තිබුණේ නැහැ. මම ආවේ ජන­ප්‍රිය පාසල් විභා­ග­යෙන්. ඒ කාගේ ශිෂ්‍යත්ව විභාග තිබුණේ නැහැ. ජන­ප්‍රිය පාසල් විභා­ගය ලියලා මම ඉල්ලුවේ මහින්ද විද්‍යා­ලය. ඒක­ටත් හේතු­වක් තිබුණා. මගේ තාත්තගේ හොඳම යාළුවා සිරි­සේන හෙට්ටිගේ මෙම විද්‍යා­ලයේ ආදි ශිෂ්‍ය­යෙක් වීම. එතුමා පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යෙක්. එතු­මගේ තමයි ක්‍රිකට් වලින් ලකුණු 155 ග්‍රව්න්ඩ් වාර්තාව තිබුණේ. දක්ෂ ක්‍රීඩ­ක­යෙක්. එතු­මාගේ වාර්තාව අවු­රුදු ගානක් තිබුණා. අවු­රුදු හත­ලි­හ­කට වඩා ඒ වාර්තාව තිබුණා. එය රිච්මන්ඩ් විද්‍ය­ල­යෙන් කැඩුවා. හැබැයි ඊළග දිනය වෙන කොට නැවත අපේ විද්‍යා­ල­යෙන් එම වාර්තාව බිඳ දැමුවා. ඒ නිසා මෙම පිං බිමට පා තබපු ඔබේ දරුවා වාස­නා­ව­න්තයි. මෙහි අධ්‍යා­ප­නය හදා­රන දරු­වට පළමු පංතියේ ඉදන් දහ තුන වසර දක්වා ඉගෙන ගත හැකියි. වෙනත් පාසල් හෙවී­මට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ පිං බිමේ අධ්‍යා­ප­නය හදා­රපු බොහෝ දෙනෙ­කුට හොඳ ඉති­හා­ස­යක් තිබෙ­නවා. අද ජාතික ගීය කියන කොට හැමෝම නැගි­ටි­නවා. ආචාර කර­නවා. ආනන්ද සම­ර­කොන් ශූරීන් ඒ ජාතික ගීය හැදුවේ මේ කාම­ර­යක් ඇතුළේ ඉද­ගෙන.

මේ විද්‍යා­ලය සෑම අංශ­ය­කින්ම පළ­වැ­නිය වුණු අවස්ථා තිබුණා. අධ්‍යා­පන, ක්‍රීඩා, සෞන්දර්ය, වාද විවාද වලින්, සාහිත්‍ය සංග­ම­යෙන් සුවි­ශේෂී ජය­ග්‍ර­හණ අත්කර ගෙන තිබෙ­නවා. ඒ මගේ ගුරු­දේව, විදු­හ­ල්පති ගුණ­සේ­ක­ර­ම­හ­තාගේ කාලයේ. මම ප්‍රාර්ථනා කර­නවා ගාමිණි ජය­ව­ර්ධන විදු­හ­ප­ල්ප­ති­ව­ර­ය­ටත් ඒ යුගය ඇති කරන්න වාසා­නාව ලැබෙන්න කියළා. අදත් මොන තරම් විද්‍යාල තිබු­ණත්, ශිෂ්‍ය­යන් හිටි­යත් විෂ­යන් තුනට ලකුණු 396 ක වාර්තාව බිඳ දමන්න කිසි­වෙක් සමත් වුණේ නැහැ. ඒ නිසා මේ පිං බිම හැදා­මත් මගේ හිතෙන් ඈත් වෙන්නේ නැහැ. එහෙත් මගේ දරු­වන්ට මේ විද්‍යා­ල­යෙන් ඉගෙන ගන්න වාස­නාව තිබුණේ නැහැ. ඒ අය ඉගෙන ගත්තේ රාජ­කීය විද්‍යා­ලයේ වීම නිසයි.

හැබැයි ගුණ­සේ­කර යුග­යේදී අපි හදා­ගත්ත විනිය නිසා මට දේශ­පා­ල­ඥ­යකු විදි­යට මගේ දරුවෝ හොදට හදා ගන්න පුළු­වන් වුණා. මගේ මව්පියෝ කිව්වේ උබට බලා­පො­රොත්තු ගොඩක් ඇති ඒත් ඒ දේව­ල්ව­ලට දරුවෝ ගෙනි­යන්න හදන්න එපා කියළා. එහෙම ඉලක්ක වලට දරු­වන් ගෙනි­යලා පලක් නැහැ. දරු­වන්ගේ භාහිර දේව­ල්ව­ලට ඉඩ දෙන්න. මම මේ විද්‍යා­ලයේ හය වස­රට ඇවිත් සෑම භාහිර ක්‍රියා­කා­ර­ක­මක්ම කළා. මළල ක්‍රීඩා­වෙන් වාර්තා තබා තිබෙ­නවා. ශිෂ්‍ය භට­යෙක් විදි­යට ඉදලා හර්මන් ලොස් ශුර­තාව පවා ගෙන්න දායක වුණා. මම විවාද කණ්ඩා­යමේ උප නාය­කයා විදි­යට හිටියා. සාහිත්‍ය සංග­මයේ හිටියා. ඒ නිසා මගේ ජීවිතේ වැර­දුනේ නැහැ. ඒ තත්ත්වය ඇති වුණේ ගුණ­සේ­කර යුගයේ අපිට දුන්න අධ්‍ය­ප­නය, විනය නිසා.

දේශ­පා­ල­ඥ­යන්ගේ දරුවෝ ගොඩක් ප්‍රශ්න හදා­ග­න්නවා. නමුත් මට පුළු­වන් වුණා මගේ දරු­වන් හදා­ගන්න, ඒ අපිට විද්‍යා­ල­යෙන් දුන්න විනය නිසා. මේ ශාලාවේ මම සහ­තික අරන් තිබෙ­නවා. විවිධ දක්ෂතා පෙන්නලා තිබෙ­නවා. ඕල්කොට් මැති­තුමා මේ විද්‍යා­ලය බිහි කලේ ප්‍රධාන පර­මා­ර්ථ­යක් ඇතිව. ඔක්කොම තිබුණේ මිෂ­නාරී පාසල්. ඒ නිසා එතුමා බෞද්ධ විද්‍යා­ල­යක් බිහි කළා. එකෙන් බොහෝ බෞද්ධ දරු­වන්ට කිසිඳු බියක් සැකක් නැතුව මහින්ද විද්‍යා­ල­යට එන්න පුළු­ව­න්කම ලැබුණා. ඒ වගේම මේ විද්‍යා­ලයේ තිබෙන පරි­ස­රය කිසිම විද්‍යා­ල­යක නැහැ. මම මගේ දරු­වන් එක්ක­ගෙන ඇවිත් මේ පරි­ස­රය පෙන්නුවා. මොකද ඒ අය ගියේ රාජ­කීය විද්‍යා­ල­යට නිසා.

භාහිර ක්‍රියා­කා­ර­ක­ම්වල යෙදු­නම දරු­වන්ට අධ්‍යා­ප­න­යෙන් ඉදි­රි­යට යා නොහැකි බවට ඇති කර ගෙන තිබෙන බිය ඉවත් කර ගන්න යැයි මම මව්පි­ය­න්ගෙන් ඉල්ලා සිටි­නවා. එලෙස භාහිර ක්‍රියා­කා­ර­කම් කරපු දරුවෝ අභි­යෝ­ග­යන්ට මුහුණ දෙන්න කිසිඳු බියක් නැහැ. මම කිසිම වෙලා­වක මගේ දරු­වන්ට කිව්වේ නැහැ අස­වල් පාඨ­ම­ලාව හදා­රන්න කියළා. ඒ අය ඒ අයගේ කැමැත්ත අනු­වයි ඒ සියල්ල කලේ. දෙන්නෙක් ටෙබල් ටෙනිස් ගැහුවා. ලංකාවේ පළමු වැනියා වුණා. දෙන්නෙක් රට­වල් නව­යක සෙල්ලම් කළා. එක්කෙ­නෙක් ඒ අටයි. අනෙක් කෙනා ඒ නව­යයි. මගේ බාල දරුවා ඉගෙන ගෙන ඇවිත් පෞද්ග­ලික අංශයේ රැකි­යා­ව­කට ඉල්ලුම් කරලා ඇවිත් කිව්වේ තාත්තේ කිසිම වෙලා­වක එතැ­නට කතා කරන්න එපා කියළා. මම කව­දා­වත් එවැනි බල­පෑම් කරලා නැහැ. අද කර­න්නෙත් නැහැ. එම නිසා මෙම මව්පි­ය­න්ගෙන් ඉල්ලා සිටි­නවා ඔබේ දරු­ව­ටත් නිද­හසේ ඒ අයගේ අධ්‍යා­ප­නය හදා­රන්න ඉඩ දෙන්න කියළා.

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස ඒ.එච්.එම්.ඩී නවාස් මහතා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි.

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් මහතා පත් කර තිබේ.
ඒ මහතා (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ ධූරයේ දිවුරුම් දුන්නේය.

නවකවදයේ වින්දිතයන් බවට පත්වූවන්ට සහන සැලසීමට පත් කළ කමිටුවේ නිර්දේශ මාස තුනක් ඇතුළත තමා වෙත ලබාදිය යුතු බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා දැනුම් දී තිබේ.

එමෙන්ම විශ්වවිද්‍යාල පද්ධතියේ මෙන්ම උසස් අධ්‍යාපන ආයතනයන්හි නවකවදය නිසා 2018 වසරේ පමණක් සිසුන් 2000ක් පමණ සිය උසස් අධ්‍යාපනය හැරදමා ගොස් ඇති බවද හෙතෙම අනාවරණය කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ ඉකුත් දා (18) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදී වැඩිදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේද කීය.

මෙය ජාතික අපරාධයක් ලෙස සැලකිය හැකියි. සිසුන්ට සිදුවන කායික හා මානසික වද- හිංසා හේතුවෙන් රෝහල් ගත වී ඇති, සදහටම ආබාධිත තත්ත්වයට පත්ව ඇති සහ සියදිවි නසාගෙන ඇති සැලකිය යුතු පිරිසක් ද මේ අතර සිටිනවා.

උසස් අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනයක් ලෙස සලකන ඉතාමත් අඩු සංඛ්‍යාවක් වූ රටවල් අතුරෙන් ප්‍රමුඛස්ථානයක් ගන්නා ශ්‍රී ලංකාවේ මෙවැනි තත්ත්වයක් පැවතීම ගැන ජාතියක් වශයෙන් ලැජ්ජා විය යුතු කරුණක්.

මෙම අවාසනාවන්ත තත්ත්වයේ අතුරු ඵලයක් ලෙස මෙරට ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට සිසුන් වාර්ෂිකව 30,000ක් ඇතුළත් කර ගන්නා විට තවත් සිසුන් 20,000ක් පමණ විදේශ ගත වේ. මෙම විදේශගතවන සිසුන් 20,000 අතර දේශීය විශ්වවිද්‍යාලයකට තේරී තිබුණ ද නවක වදය වැනි කරුණු හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ප්‍රතික්ෂේප කරන සිසුන් සිටී. මෙම සිසුන් විදේශගතවීම හේතුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 50ක පමණ විදේශ විනිමයක් රටට අහිමි වෙනවා.

මේ හේතුවෙන් වින්දිතයන් වූවන්ට සහන සැලසීම රජයේ ප්‍රමුඛ යුතුකමක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය තීරණය කර තිබේ.

ඒ අනුව අමාත්‍යවරයා ලෙස මා ඉකුත් දා (17) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාට උපදෙස් ලබා දී නවකවදයේ වින්දිතයන්ට සහන සැලසීම වෙනුවෙන් කමිටුවක් වහාම පත් කිරීමට කටයුතු කළා.

එම කමිටුව සඳහා පහත සඳහන් සාමාජිකයන් පත් කරන ලෙස ද මා වැඩිදුරටත් උපදෙස් දුන්නා.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු ආචාර්ය සලීම් මර්ෂුප්, (සභාපති) ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය නාරද වර්ණසූරිය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය මාගම්මන ප්‍රඥානන්ද හිමි, ජාතික ධර්මෝපදේශ අධ්‍යක්ෂ ආචාර්ය බෙනට් ශාන්ත ප්‍රනාන්දු පියතුමා, ඌව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ආචාර්ය චන්ද්‍රා ඇඹුල්දෙණිය, ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් ද අල්විස් , විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපති මහාචාර්ය ජනිතා ලියනගේ (කැඳවුම්කරු හා කමිටු ලේකම්) මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත්ය.

කමිටුව සිය නිර්දේශ මාස 3ක් අතුළත ඉදිරිපත් කළ යුතු අතර අදාළ නිර්දේශ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නවකවදයේ වින්දිතයන්වීම හේතුවෙන් සරසවි හැර ගොස් ඇති සිසුන්ට නැවත සරසවි වරම් ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කෙරේ.

මෙම කමිටුව මූලික වශයෙන් ආසන්න වසර කීපයේ නවකවදය හේතුවෙන් සරසවිය හැර ගිය සිසු සිසුවියන් පිළිබඳ සලකා බැලේ. එමෙන්ම ඉතා නුදුරේදීම පුවත්පත් දැන්වීම් පළකර පැමිණිලි හා අභියාචනා කැඳවා සාක්කි විමසීම ආරම්භ කෙරේ.

රැකියා අපේක්ෂිත සියලු උපාධිධාරින් ජාතික ආර්ථිකයට සෘජුව දායකකර ගැනෙන පරිදි කඩිනමින් රජයේ රැකියා සඳහා පත් කරන බව ජනාධිපතිතුමා පවසයි.

දිවයින පුරා රැකියා අපේක්ෂිත උපාධිධාරින් නියෝජනය කරමින් පැමිණි පිරිසක් සමග (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේය.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ දෙපාර්තමේන්තුවල පවතින පුරප්පාඩු පිළිබඳ තොරතුරු රැස් කොට තිබේ. පුරප්පාඩු සඳහා උපාධිධාරින් බඳවා ගැනීම කඩිනමින් සිදු කෙරේ. රැකියා ලාභීන්ට නායකත්වය හා රාජ්‍ය සේවය පිළිබඳ විධිමත් පුහුණුවක් සහ අවබෝධයක් ලබාදීමට නියමිතය.

ජනතාවට වගකියන රාජ්‍ය සේවයක් සහ රාජ්‍ය සේවකයෙක් බිහි කිරීම තම අරමුණ බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

නුපුහුණු ශ්‍රමිකයන් රටට විදේශ විනිමය උපයා දෙන ප්‍රධාන සාධකය වී තිබේ. සෙසු රටවලට සාපේක්ෂව ශක්තිමත් පදනමක් සහිත කර්මාන්ත රට තුළ ගොඩනැගී නැත. රටේ ඉදිරි ගමනට ඇති විශාලතම ශක්තිය මානව සම්පතයි. එබැවින් මෙරට බුද්ධිමත් තාරුණ්‍ය නිසි ලෙස කළමනාකරණය කරමින් ආර්ථික වර්ධනයට දායක කර ගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවක් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

රාජ්‍ය සේවය දෝෂාරෝපණයට ලක්ව ඇත්තේ සුළු පිරිසක් අතින් සිදුවන වැරදි හේතුවෙනි. එදිනෙදා සිදුවන අතපසුවීම් සමස්ත රාජ්‍ය සේවය අවඥාවට ලක් කර ඇති බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්නේ ජනතාව දහදිය මහන්සියෙන් උපයන මුදලිනි. කාර්යක්ෂම සහ විධිමත් රාජ්‍ය සේවයක් තුළින් තමන්ට වැටුප් ගෙවන ජනතාවට සාධාරණයක් ඉටු කිරීම රාජ්‍ය සේවකයාගේ ද වගකීම බව ජනාධිපතිතුමා පැවසීය.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම ඇතුළු පහසුකම් පුළුල් කිරීමට නම් රටේ ආර්ථිකය ද දියුණු කළ යුතුය. ඒ සදහා රාජ්‍ය සේවකයන් කැපවී ක්‍රියා කළයුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

අනාගතයේ සියලු දරුවන් රටේ ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කර ගැනීමේ අධ්‍යාපන ක්‍රමයක් සැලසුම් කෙ‍රෙමින් පවතී. ලොව සෙසු රටවල රැකියා අවස්ථාවන්ට ගැළපෙන ආකාරයෙන් අධ්‍යාපන ක්‍රමය සකස් කළයුතුව තිබේ. එය කළයුත්තේ දේශීය සහ විදේශීය රැකියා වෙළෙඳපොළට ගැළපෙන අයුරින් නව තාක්ෂණය පදනම් කරගත් උපායමාර්ගයක් තුළිනි. තරුණ තරුණියන් රුකියා සොයා යනවා වෙනුවට රුකියා අවස්ථා තරුණ තරුණියන් සොයා එන අධ්‍යාපන රටාවක් කඩිනමින් ස්ථාපනය කළ යුතු බව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසීය.

ෂෙහාන් සේමසිංහ, ජානක වක්කුඹුරු, කංචන විජේසේකර, කනක හේරත් යන රාජ්‍ය අමාත්‍යවරු, නිරෝෂන් ප්‍රේමරත්න, ඩී.වී. චානක, තේනුක විදානගමගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා ඇතුළු නිලධාරිහු හමුවට එක්ව සිටියහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කාර්යාලයේ දී රුපියල් තිස් ලක්ෂයක චෙක් පතක් අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට පිළිගැන්වීය.

මේ මුදල නත්තල් කැරොල් මෙහෙය සඳහා වෙන් කර තිබිණ. එසේ වුවද පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ගේ සුබසාධනය සඳහා මේ මුදල වැය කිරීමට පසුව තීරණය කරනු ලැබිය.
අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ සම්බන්ධීකරණ ලේකම් අයිවන් විතානගමගේ මහතා විසින් චෙක්පත භාර ගන්නා ලදි. ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, ජනාධිපති අන්තර්ජාතික කටයුතු පිළිබඳ උපදේශක අද්මිරාල් ජයනාත් කොළඹගේ මහත්වරුන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මහතා ‘සිළුමිණ’ ප්‍රධාන කර්තෘවරයා වශයෙන් පත්කොට ඇති අතර ඒ මහතා අද (20) පෙරවරුවේ සිය ධූරයේ රාජකාරි ඇරඹීය.

1984 දී දිවයින පුවත්පතේ මාණ්ඩලික වාර්තාකරුවෙකු වශයෙන් මාධ්‍ය ජීවිතය ඇරඹු ඔහු විසින් ජනමාධ්‍ය, පරිසරය අප්‍රේල් කැරැල්ල ආදී විෂයයන් රාශියක් පිළිබඳ ව ග්‍රන්ථ 50 කට අධික සංඛ්‍යාවක් පළ කොට ඇත.

හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල , සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට සමීපව පිහිටා ඇති අතහැර දමා ඇති හම්බන්තොට සූරිය වැව IT උද්‍යානය සඳහා වෙන් කොට ඇති ගොඩනැගිලි සංකීර්ණය ගොඩනැගිලි සංකීර්ණයේ නිරික්ෂණ චාරිකාවකට ඊයේ (15) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ,උසස් අධ්‍යාපන,තාක්ෂණ හා උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එක්විය.

මහින්ද රාජපක්ෂ රජය කාලයේ දී විශාල පිරිවැයක් දරමින් හම්බන්තොට සූරිය වැව IT උද්‍යානය සඳහා සුවිශාල භූමි ප්‍රමාණයක් වෙන් කොට දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිවෙමින් පැවැතිණි. එවකට ඉදිකිරීමේ අවසන් අදියරේ පැවති ප්‍රධාන මහල් ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම් 2015 රජය බලයට පත් වූ දා සිට නැවතී තිබේ.

එහිදී අඳහස් දැක්වූ අමත්‍යවරය, නිරික්ෂණයේදී තීරණය කළා වහාම රජය දේශීය හා විදේශීය ආයෝජකයින් සම්බන්ධ කර ගනිමින් ලංකාවේ විශාලම තාක්ෂණ හා අධි තාක්ෂණ විශ්වවිද්‍යාලය මෙම වසර තුළම ආරම්භ කිරීමට. ඒ
අනුව තොරතුරු තාක්ෂණ, ඉංජිනේරු තාක්ෂණ , රොබොටික් ඉංජිනේරු පාඨමාලා ඇතුළු වෙනත් අධිතාක්ෂණික උපාධි පාඨමාලා ආරම්භ කිරීමට නියමිත අතර දේශීය සිසුන්ට අමතරව ඉන්දියාව,මාලදිවයින, බංගලා දේශය, පාකිස්තානය යන රටවලින් සිසුන් ආකර්ෂණය කර ගැනීමට ද බලා පොරොත්තු වෙනවා.

එමෙන්ම දකුණු පළාතේ තිබෙන මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරවල පරිගණකාගාර යොදාගෙන ඒ සියලු පාසල් අධි තාක්ෂණික විශ්වවිද්‍යාලයට අනුබද්ධ කර ගැනීමටත් එමගින් මුළු දකුණු පළාතේම සිසුන්ට තොරුතුරු තාක්ෂණික ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා ලබා ගත හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter