නවතම පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ධූරයේ වැඩ ආරම්භ කර 2020-02-25 වන දිනට දින 100ක් සපිරේ.

ගත වූ කාලයේ දී “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට ප්‍රමුඛත්වය දෙමින් ජනතා අපේක්ෂා ඉටුකිරිමට ගත් තීන්දු තීරණ සහ ක්‍රියාමාර්ග මෙලෙස සාරාංශගත කෙරිණ.

අධ්‍යාපනය සහ අනාගත දරු පරපුර වෙනුවෙන්
 පාසල් දහසක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීම
 උසස් පෙළ සමත් සියලු සිසුන්ට සරසවි වරම් සහතික කිරීම අධ්‍යාපනයෙන් පිරිපුන් පරපුරක් රටට දායාද කිරීමේ අමුණින් ගත් වැදගත් තීන්දුවකි.
 උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් නොලබන තරුණ තරුණියන් වෘත්තීය පුහුණුව සමග ඉංග්‍රීසි භාෂාව හා තොරතුරු තාක්ෂණය මුසු කරගත් සුහුරු තාක්ෂණවේදීන් බවට පත්කිරීමේ කඩිනම් වැඩපිළිවළෙක් දියත් කර තිබේ.
 වයස අවුරුදු 20 වන විට උපාධිලාභී තරුණ තරුණියන් රුකියා සදහා සූදානම් කිරීමේ වැඩපිළිවෙළක් හදුන්වාදීම.
 ඉතා දිළිඳු පවුල්වල කිසිදු සුදුසුකමක් නොලත් තරුණ තරුණියන්ට කාර්ය සාධන බලකායක් යටතේ රැකියා ලක්ෂයක් බිහිකරමින් ආර්ථික වශයෙන් නගා සිටුවීමේ වැඩපිළිවෙළ ජනවාරි 15 වනදා සිට ක්‍රියාවට නැංවීම.
 ඉදිරි කාලසීමාව තුළ හෙද පාඨාමාලා හදාරන අය සහ ගුරු පුහුණුව ලබන අය උපාධි අවස්ථා දක්වා රැගෙන යාමට සැලසුම් සකස් කෙරෙමින් පවතී.
 අධ්‍යාපනය පිළිබඳ කාර්ය සාධන බලකායක් පිහිටුවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා සැලසුම් සහගතව හා විනිවිද භාවයකින් යුතුව සිදු කිරීමට පියවර ගෙන තිබේ.
 ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ස්ථාපනය කොට ජාතික ආරක්ෂාව පිළිබඳ ඉහළ මට්ටමේ පාඨමාලා සකස් කිරීමට කෙටුම්පත් සකසා ඇත.
 රැකියා අපේක්ෂිත සියලු උපාධිධාරින් ජාතික ආර්ථිකයට ඝෘජුව දායක කර ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කරමින් රැකියා විරහිත උපාධිධාරින්/ ඩිප්ලෝමාධාරින් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන ආරම්භ කිරීම
 රැකියා විරහිත උපාධිධාරින් සේවා නියුක්ත කිරීමේ ව්‍යාපෘතිය යටතේ අයැඳුම් කළ හැකි වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ නැංවිමට පියවර ගැනීම

රාජ්‍ය සේවය වෙනුවෙන්
 රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත් කිරීමේ දී විශේෂ විද්වත් කණ්ඩායමකින් යුත් කමිටුවේ නිර්දේශ ලබා ගැනීම.
 රාජ්‍ය ආයතනවල ජනාධිපතිවරයාගේ හා විෂය භාර අමාත්‍යවරුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරීම.
 රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ වැටුප් සංශෝධනය, ලක්ෂ 20ක් වූ ටෙලිකොම් සභාපති වැටුප ලක්ෂ දෙක හමාරක් දක්වා අඩු කිරිම.
 රාජ්‍ය ආයතන ප්‍රසම්පාදන ක්‍රියාවලිය පූර්ණ විනිවිදභාවයෙන් සිදු කිරීමට උපදෙස් දිම.
 රාජ්‍ය ආයතනවල අනවශ්‍ය සියලු උත්සව නතර කිරීමට උපදෙස් දීම.
 සේවයට බඳවා ගැනීමේ දි සියලුම දිස්ත්‍රික්ක සමව ආවරණය වන පරිදි සුදුස්සන් තෝරා පත්වීම් ලබාදිමට සැලසුම් කිරීම රාජ්‍ය සේවය වෙනුවෙන් ගත් වැදගත් තීන්දු තීරණ අතර වේ.
 සියලු රාජ්‍ය ආයතන ලාබ ලබන සහ කාර්යක්ෂමතාවයෙන් ඉහළ ආයතන බවට පත්කිරීමේ වැඩපිළිවෙළ සකස් කිරීම‍
 ලාභ අපේක්ෂා නොකරන ආයතන ජනතාවට සතුටුවිය හැකි හොද මහජන සේවාවක් සපයන ආයතන බවට පත්කිරීමේ වැඩපිළිවෙළ සැකසිම.
 කාර්යක්ෂම ජනතා සේවයක් උදෙසා සියලු රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට යොමු කිරීම
 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය වහාම යාවත්කාලීන කිරීම අපේකම් සුරැකුණ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් කරා
 ආර්ථික පුනරුදය සදහා සංචාරක කර්මාන්තයේ වේගවත් ප්‍රවර්ධනයකට සැලසුම් (2025 වන විට ඇමරිකන් ඩොලර් මිලියන 10ක වාර්ෂික ආදායමක් ඉලක්ක කර ගනී)
 රුපියල් මිලියන 300 නොඉක්මවන සුළු හා මධ්‍ය පරිමාණ
ව්‍යාපාර විසින් ලබාගෙන ඇති ණය ආපසු අය කර ගැනීමේ දී ඇපයට තබා ඇති දේපළ වෙන්දේසිය වහාම අත්හිටුවන ලෙස උපදෙස් දීම.

 සරුංගල්, පහන් කූඩු වැනි නිෂ්පාදන පිටරටින් ආනයනය පාලනය කිරීමට නීති සැකසීම.
 රාජ්‍ය ආයෝජන, ජාතික සංවර්ධන සැලසුම්, ප්‍රසම්පාදන ව්‍යාපෘති විශ්ලේෂණ සහ කලමනාකරණ අංශ කාර්යක්ෂම කිරීමට ජාතික ප්‍රතිපත්ති හා ක්‍රමසම්පාදන කාර්යාංශයක් පිහිටුවීම.
 කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා ගරු ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් අන්තර් අමාත්‍යාංශ කාර්ය සාධන බලකායක් ස්ථාපනය කිරීම.
 දේශීය කර්මාන්ත සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය මිල පාලනය ඉලක්ක කර ගනිමින් වැලි පස් හා මැටි ප්‍රවාහනය සඳහා වූ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරිම.
 සාම්ප්‍රදායික සුළු කර්මාන්ත ක්ෂේත්‍රයේ නිරත කර්මාන්තකරුවන්ට අමුද්‍රව්‍ය ලබා ගැනීමේ දී සිදුවු අපහසුතා වැලැක්විමට අදාළ සංශෝධන හඳුන්වා දීම.

 මසකට රුපියල් මිලියන 21ක කුලියක් ගෙවූ කෘෂිකර්ම අමාත්‍යාංශය පෞද්ගලික ගොඩනැගිල්ලෙන් ඉවත් කොට ගොවිජන මන්දිරයට රැගෙන යාම.
 තිරිඟු පිටි ඒකාධිකාරය නිසා පීඩාවට පත් ජනතාවට සහනයක් ලෙස සෙසු ආනයනකරුවන්ට ද තිරිඟු පිටි ගෙන්වීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම
 කෘෂිකර්ම, ව්‍යාපාර හෝ නිවාස ඉදිකර ගැනීම සදහා තිස් අවුරුදු බදු පදනම මත ඉඩම් කැබලි ලක්ෂයක් ලබාදීම
 ගම්මිරිස්, කුරුඳු ඇතුළු සුළු අපනයන භෝග ආනයනය නතර කිරිම.
 මහ කන්නයේ වී කිලෝවකට රුපියල් 50ක අවම සහතික මිලක් නියම කිරීම
 ප්‍රමිතිය අසම්පුර්ණ වී කිලෝවකට රුපියල් 44ක්.
 වැසී ගිය කුඩා වී මෝල් හිමියන් බලගැන්වීමට පියවර ගැනීම
 දරිද්‍රතාව තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා කාර්ය සාධක බලකායක් පිහිටුවිමට පියවර ගැනිම

රටට සහ ජනතාවට හිතැති රාජ්‍ය පාලනයක් වෙනුවෙන් ද ජනපති ලබාදුන් ආදර්ශයන් බොහෝය.
 කලින් පැවති ආණ්ඩු විවේචනය නොකර නව රජයේ වැඩපිළිවෙළ කාර්යක්ෂම ඉදිරියට ගෙන යාම.
 රාජ්‍ය මාධ්‍ය ස්වාධීන ආයතන බවට පත් කිරීම.
 ජනාධිපති කාර්ය මණ්ඩලය හා පරිවාර රථ සීමා කිරිම සහ ජනාධිපති නිල නිවස ලෙස තමන්ගේ පදිංචි නිවසම තෝරා ගැනීම.
 භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 16කට සීමා කරමින් අනාගත ආණ්ඩුවේ ඇමති මණ්ඩලය සීමා කරන බවට ජනතාවට
දෙන පොරොන්දුව.
 මහජන මුදලින් සංවර්ධනය කෙරෙන මාර්ග සඳහා දේශපාලනඥයන්ගේ රුව සහිත නාම පුවරු වෙනුවට මාර්ගයේ නම සහිතව රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරිමට උපදෙස් දීම.
 තම ධූර කාලය තුළ පාර්ලිමේන්තු සැසිවාර ආරම්භ කිරීමේදී සිදුවන මුදල් නාස්තිය වළක්වාලමින් හමුදා උත්තමාචාර වැනි දේ අවලංගු කිරිම

පොදු ජන යහපත වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ රැසකට එලැඹ තිබේ.
 පළමු වතාවට නිවසක් මිලදී ගැනිමේ දී සහන පොළියක් සහිත දිගුකාලීන ණය ප්‍රදානය
 අනුකූලතා සහතිකය (COC) එක් දිනකදී නිකුත් කිරීම
 නිවාස හෝ සුළු ව්‍යාපාර ඉදිකිරීමේදි නිසි පරිදි සම්පූර්ණ කර ඇති සැලසුම් එක් දිනකදී අනුමත කිරීම
 නිවසක් නොමැති දුගී පවුලක් තෝරාගෙන එක් ග්‍රාමසේවා වසමකට එක් නිවස බැගින් නිවාස 14,000ක් ඉදිකර දීමේ වැඩසටහන ඇරඹීම.
 ග්‍රාමීය යටිතල පහසුකම් නැංවීමට ග්‍රාමීය මාර්ග කි.මි ලක්ෂයක් සංවර්ධනය කිරීම
 ග්‍රාමීය ජනතාව වෙනුවෙන් පානීය ජල සම්බන්ධතා එක් ලක්ෂ පනස්දහසක්

 දුරකථන ගාස්තු මත අය කර තිබු බද්ද 25% කින් පහත දැමීම.
 15% වැට් බද්ද 8% දක්වා පහත හෙළීම.
 ආපදා අවස්ථාවල සහන සැලසීමට බාධා වන චක්‍රලේඛණ සංශෝධනය කිරීමට උපදෙස්
 රක්ෂිතවල වාසය කරන පිරිස් සුදුසු ස්ථානවල පදිංචි කිරීමට පියවර ගැනීම
 සැහැල්ලු වාහන සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ දී අක්ෂි පරීක්ෂාව පමණක් සිදු කිරීම
 දිවයින පුරා කුඩා නගර අලංකාරවත් ලෙස නවීකරණය කොට සංවර්ධනය කිරීමට පියවර ගැනීම
 ජනවාරි 01 දා සිට මාධ්‍යවල ප්‍රචාරය වන ගීත සඳහා අදාළ ගායක ගායිකාවන්ට කතෘභාග ගෙවීම ආරම්භ කිරීම
 පාතාලය හා මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායට බලය දීම.
 ඉන්දියාව, චීනය සේම ලෝකයේ බලවත් රාජ්‍යයන්ට අප කෙරෙහි විශ්වාසය තබා අපගේ අනන්‍යතාවට ගරු කරමින් ආයෝජන කිරීමට ආරාධනා කිරීම.
 පළාත් නවයේ ආරක්ෂාව සම්බන්ධ විශේෂ වගකීම හමුදාවට භාර කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම.
 පරිසර පවිත්‍රතාව පොලීසියේ සහ සෙසු කණ්ඩායම්වල අවධානයට ලක් කිරීම සඳහා වන ක්ෂණික වැඩපිළිවෙළ.
 මාර්තු 01 වනදා සිට වතුකම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රු 1000ක් කිරීම
 අඩු අදායම්ලාභී ජනතාවට අඩු මිලට අත්‍යාවශ්‍ය ආහාර සැපයීමේ ජාතික වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවිම
 අඩු අදායම්ලාභීන් වෙනුවෙන් ආහාර මිලදී ගැනීමට විශේෂ ඉලෙක්ට්‍රෝනික කාඩිපතක් නිකුත් කිරීම
 දිළිදු හා අඩු ආදායම්ලාභීන් ලෙස හඳුනාගනු ලබන පුද්ගලයන්ට ඉඩම් අමාත්‍යාංශය, ඉඩම් ප්‍රතිස්සංකරණ කොමිසන් සභාව සහ බිම් සවිය සමග සම්බන්ධිකරණය කර කෘෂිකර්ම සංවර්ධන සහ නිවාස හා ව්‍යාපාර වෙනුවෙන් තිස් අවුරුදු බදු පදනම් යටතේ ඉඩම් කැබලි ලක්ෂයක් ලබාදීම

 රටින් පිටවීමේ දී සහ මෙරටට පැමිණිමේදී කිසිදු ගුවන් මගියෙකු අපහසුතාවයකට හෝ ප්‍රමාදයකට ලක් නොවන ආකාරයෙන් ගුවන්තොටුපොළ කටයුතු විධිමත් කිරීමට පියවර ගැනීම.
 මෙරට සියලු ඉඩම් ඒකක කඩිනමින් මිණුම් කර අවසන් කිරීමට අදාළ අංශවලට උපදෙස් දීම
 මධ්‍යම සහ සෙසු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකිරීමට උපදෙස් ලබාදීම
- රත්නපුර අධිවේගයට ප්‍රමුඛතාව
- කොළඹ මාර්ග තදබදයට ඉක්මන් පිළියම්
- ගාලුපාරට සමාන්තර මුහුදු බඩ මග පානදුර දක්වා
- පොදු ප්‍රවාහනය නැංවිමට සැලසුම්
- ඉදිකිරීම් දේශීය ඉංජිනේරුවන්ගේ මූලිකත්වයෙන්

 
ස්වාධීන ආර්ථික ප්‍රතිපත්තියක් කරා

 සියලු දිස්ත්‍රික්කයන්හි ඇති ආයෝජන අවස්ථා හදුනාගෙන ඒ සඳහා අවසර දීම රජය මගින් සිදුකර විදෙස් ආයෝජකයන් ආකර්ශනය කර ගැනීමේ වැඩපිළිවෙළක් සැකසිම.
 එම්සීසී ගිවිසුම පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයක් සිදුකොට නිර්දේශ ඉදිරිපත් කිරීමට විද්වත් කමිටුවක් පත් කිරීම.
 රටට එරෙහිව ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන දහසකට අධික සංඛ්‍යාවක් නියාමනයට පියවර ගැනීම.
 පසුගිය රජය මගහැර තිබූ දැවැන්ත ආයෝජන අවස්ථා නැවත රටට ලබා ගැනීමට කටයුතු කිරීම සැමට පොදු නීතියක් වෙනුවෙන්
 ඕනෑම තරාතිරමක පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමේ දී පුද්ගල කීර්ති නාමයට හා සමාජ තත්ත්වයට බලපෑමක් නොවන පරිදි සුපරික්ෂාකාරීව හා නීතියට අනුකූලව ක්‍රියා කිරීමට වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දීම. උද්ගත වූ හදිසි අවස්ථාවලට කඩිනම් විසදුම්

 කොරෝනා වෛරසය පැතිර යමින් තිබු චීනයේ වෙසෙන සියලු සිසුන් ගෙන්වා ගැනීමට කඩිනම් පියවර ගැනීම සහ ශ්‍රී ලාංකීය

ජනතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ගයන්ට එළැඹීම.
 වුහාන් නගරයේ සිටි සිසුන් සිය රට ගෙන්වා ගත් සිව්වන රාජ්‍යය බවට ශ්‍රී ලංකාව පත් කරමින් ජාත්‍යන්තරව රටට පිළිගැනීමක් ලබාදීම.
විශේෂ සිදුවිම්
 උද්ඝෝෂණයක් අතරට පැමිණි මෙරට පළමු සහ එකම පාලකයා ලෙස ඩෙංගු මර්දන උද්ඝෝෂණකරුවන්ට හමුවට ගොස් ඔවුන්ගේ ගැටලු සොයා බැලීම.
 වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් සිරකරුවන්ගේ තොරතුරු සොයා බැලීම සහ ඔවුන්ගේ ගැටලු පිළිබද සොයා බැලීමට කමිටුවක් පත් කිරීම.

ලෝකයේ නව දැනුම යොදාගෙන නව නිපැයුම් සංවර්ධනය කරන අධ්‍යාපන රටාවක් ඇති කරමින් සමෘද්ධිමත් ආර්ථිකයක් රට තුළ බිහිකිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන සහ තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ජාතික ව්‍යපාර කළමනාකාරීත්ව විද්‍යායතනයේ දී  දින (23) පැවැත්වුණු පොදුජන ඉංජිනේරු සංගමය විසින් සංවිධානය කළ විද්වත් හමුවකට එක් වෙමිනි.

විදෙස් දැනුම ලබා ගත් දේශීය විද්වතුන් විසින් ලාංකීය රෙදිපිළි කර්මාන්තය වැනි බොහෝ දේශීය කර්මාන්ත දියුණු කරන ලද යුගයක් පැවති බවත් මේ වන විට බිඳ වැටී ඇති එවැනි දේශීය කර්මාන්ත නගාසිටුවමින් නව ස්වයංපෝෂිත ආර්ථිකයක් ඇති කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

විශේෂයෙන්ම මේ වන විට ලාංකීය දරුවන් උසස් අධ්‍යාපනය සඳහා වැඩි වශයෙන් විදේශ ගත වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉකුත් වසරේ එම සංඛ්‍යාව 21,000 ක් පමණ වූ බව පැවසීය. මෙම තත්වය ලාංකීය මුදල් විදේශ කරා ගලා යාමට මෙන්ම ලාංකීය බුද්ධි සම්පත පසුකාලීනව විදෙස් රටවල් කරා ඇදී යාමටද හේතුවන බැවින් ලාංකීය දරුවන්ට ඵලදායී උසස් අධ්‍යාපන අවස්ථා වැඩි වශයෙන් රටතුළ ඇති කිරීමට පියවර ගත යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.

ඒ අනුව අධ්‍යාපන හා ආර්ථික ක්‍රමය ප්‍රතිසංස්කරණය කරමින් නව සංවර්ධන ක්‍රියාදාමයක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා මේ සඳහා දේශීය බුද්ධිමතුන්ගේ හා විද්වත් වෘත්තිකයින්ගේ උපදේශනය හා දායකත්වය අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේ ය.

පොදුජන ඉංජිනේරු සංගමයයේ නිලධාරීන් හා සාමාජිකයින් මෙන්ම රජයේ නිලධාරීහු රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් නිර්මාණය කොට දිළිඳු බව තුරන් කිරීම සිය අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

අද (20) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ 22 වන ජාතික මහා සම්මේලනය අමතමින් ජනාධිපතිතුමා මේ බව කීය.  “සමෘද්ධි, කෘෂි අයිතීන් තහවුරු වන පොදු ජන යුගයක්” මැයෙන් එය සංවිධාන කර තිබිණ.

සමෘද්ධි සහ කෘෂි නිලධාරීන් 176 දෙනෙකුට මෙහිදී  ස්ථීර පත්වීම් ප්‍රදානය කරනු ලැබීය. පසුගිය වසර පහේදී ස්ථීර පත්වීම් නොලද සමෘද්ධි නවක පත්වීම්ලාභීන් ස්ථීර කිරීමේ වැඩපිළිවෙළ යටතේ පත්විම් ප්‍රදානය කෙරිණ.

සමාජයේ සෑම ස්ථරයකටම අයත් ජනතාවට ජීවත්විය හැකි අයුරින් ආදායම් මට්ටම නැංවීම රජයේ අරමුණයි. එහි එක් පියවරක් ලෙස අඩු අදායම්ලාභී පවුල්වල සාමාජිකයන් ලක්ෂයකට රජයේ රැකියා ලබාදීමේ වැඩසටහන සැලසුම් කර තිබේ.  පිරිස තෝරාගැනීමේ දී සමෘද්ධි  සහ කෘෂි පර්යේෂණ නිලධාරින්ගේ සහය අවශ්‍ය බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

“අපේ රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව ලක්ෂ 15ක්. ඔවුන්ගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද සඳහා වැය කරන්නේ මහජන මුදල්. විධිමත් අයුරින් රාජ්‍ය ආදායම මහා භාණ්ඩාගාරයට ලැබෙන්නේනම් සියලු අංශවල වරප්‍රසාද සහ අයිතීන් සහතික කරන්න පුළුවන්. රජයක් ලෙස සියලු රාජ්‍ය සේවකයන්ගේ අයිතිවාසිකම් දීනා දීමට සූදානම්. රාජ්‍ය සේවකයන් සිය වගකීම  රට වෙනුවෙන් ඉටු කළ යුතුයි”. ජනාධිපතිතුමා පැවසීය.

ජන ජීවිතය පහසුකිරීමේ ප්‍රයත්නයට හවුල්වීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමකි. සිය දැනුම ඝෘජුවම රාජ්‍ය පාලනයට සම්බන්ධ කර ගනිමින් ජනතාවගේ ජීවන තත්ත්වය සහ රටේ ආර්ථිකය දියුණු කළ හැකි ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිතුමා රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලීමක් කළේය.

“කෘෂි ක්ෂේත්‍රයේ දෙවන පරපුරක් බිහි නොවීම ගැටලුවක්. යටිතල පහසුකම් සංවර්ධනය නොවීම සහ නිසි වෙළෙඳ ‍පොළක් නොතිබීම, වෙ‍ළෙඳපොළ ඒකාධිකාරිය හා පවතින පහසුකම් නිසි අයුරින් කළමනාකරණය නොවීම ඊට බලපා තිබෙනවා. ක්ෂේත්‍රයේ ගැටලුවලට විසදුම් දෙමින් කෘෂිකර්මාන්තය නගා සිටුවීම කඩිනම් කළ යුතුයි” ජනාධිපතිතුමා පැහැදිළි කළේය.

විවිධ නීති රීති සහ තහංචි නිසා ජනතාව පීඩාවට පත්ව සිටිති. එවැනි නීති ලිහිල් කරමින් ජන ජීවිතය පහසු කිරීම රාජ්‍ය සේවකයන්ගේ වගකීම යැයි ද ජනාධිපතිතුමා පැවසීය.

“පසුගිය රජයේ වැරදි හෝ අතපසුවීම් වර්තමාන රජයේ නිදහසට හේතුවක් කරගන්නේ නෑ. ඒ අදුරදර්ශී පාලනය නිසා රටට මුහුණදීමට සිදුව ඇති සියලු අභියෝග ජය ගැනීමට සුදානම්. සියලු රාජ්‍ය සේවකයන්ගේ ශක්තිය ඒ සඳහා රජයට අවශ්‍යයි” ජනාධිපතිතුමා කීය.

එස්. මහානාම, අශෝක අලවත්ත අමාත්‍යාංශ ලේකම්වරු , සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්, සමෘධි මහා සංගමයේ ලේකම් ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා සහ සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ සාමාජිකයෝ හමුවට එක්ව සිටියහ.

බස්නාහිර සහ දකුණ එකට යාකරමින් තැනුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර ගොඩගම සිට හම්බන්තොට බරවකුඹුක දක්වා වන කොටස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) ජනතා අයිතියට පත් කෙරිණි.

මෙම කොටස විවෘත කිරීමෙන් අන්තර්ජාතික ගුවන්තොටුපොළ දෙකක් සහ අන්තර්ජාතික වරායන් දෙකක් යා කරන මෙම අධිවේගී මාර්ගය අග්නිදිග ආසියාවේ එවන් පළමු අධිවේගය බවට ද පත්ව තිබේ.

මාතර සිට හම්බන්තොට බරව කුඹුක දක්වා කිලෝමීටර් 56කින් යුක්ත මෙම අධිවේගී මාර්ගය කොටස් හතරකින් සමන්විත අතර ඒ සඳහා වැය කෙරුණු මුදල රුපියල් බිලියන 169කි. ඒ අනුව මාතර සිට බෙලිඅත්ත දක්වා කොටස කිලෝමීටර් 30කින්, බෙලිඅත්ත සිට බරවාකුඹුක දක්වා කොටස කිලෝමීටර් 26කින්, බරවාකුඹුක සිට අන්දරවැව දක්වා කොටස කිලෝමීටර් 15කින් සහ අන්දරවැව සිට හම්බන්තොට දක්වා කොටස කිලෝමීටර් 25කින් යුක්ත වේ. මේ සඳහා වැයවන සම්පූර්ණ මුදල රුපියල් බිලියන 225කි.

මාතර ගොඩගම සිට හම්බන්තොට මත්තල දක්වා වන අධිවේගී මාර්ග කොටස අන්තර්හුවමාරු 8කින් සමන්විත වන අතර ගොඩගම, අපරැක්ක, බෙලිඅත්ත, කහගල්ල, අගුණකොළපැලැස්ස, වැටිය, සූරියවැව සහ අන්දරවැව එම අන්තර්හුවමාරු වේ.

වැටිය සිට අන්දරවැව දක්වා කොටසේ සූරියවැව නගරයට අන්තර්හුවමාරුවක් පවතින අතර එය සූරියවැව මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩාංගණය ඉලක්ක කොට ගනිමින් ඉදිකරන ලදී.

ගොඩගම- පාලටුව අන්තර් පිවිසුම අසළ පැවැති උත්සවයේ දී සෙත් පිරිත් හඬ මැද සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පීත්ත පටිය කපා අධිවේගය ජනතා අයිතියට පත් කළහ.

අනතුරුව අධිවේගී මාර්ගයේ පළමු රිය ධාවනය සනිටුහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ධාවනය කරන ලද රිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රැගෙන අධිවේගයට පිවිසුණේ අධිවේගයේ පළමු ටිකට් පත ජනාධිපතිවරයා විසින් මිල දී ගැනීමෙන් අනතුරුවය.

ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ධාවන කරන ලද රථය අධිවේගයේ දෙවැනි රථය ලෙසින් මාර්ගයට පිවිසුනේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අධිවේගයේ දෙවන ටිකට්පත මිලදී ගැනීමෙන් පසුවය.

අනතුරුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා රැගත් රථ අපරැක්ක පිවිසුම වෙත පැමිණි අතර එහිදී බිමට බැස මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගත්තේය. එතැන රැස්ව සිටි ජනතාවට ආචාර කරමින් ජනාධිපතිවරයා නැවතත් රියට නැගුණේ බෙලිඅත්ත පිවිසුම වෙත යාමටය.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා බෙලිඅත්ත පිවිසුමේ දී රියෙන් බැස ජනතාවට ආචාර කළ අතර ප්‍රධාන උත්සවය බරවාකුඹුක හි දී පැවැත්විණි.

මෙම අධිවේගී මාර්ගයේ පාලම් 14කින් සමන්විත අතර, දන්දෙණිය, අපරැක්ක රක්ෂිතයේ දිවි ගෙවන සතුන්ට බාධාවකින් තොරව අධිවේගී මාර්ගයට ඉහළින් යාමට හැකි වන පරිදි ඉදිකරන ලද මීටර් 700ක දිගකින් සමන්විත උඩුබිම් මාර්ගයක් ඇතුළු උඩුබිම් සහ යටිබිම් මාර්ග රැසක් ද මෙහි ඉදිකර තිබේ.

මෙම කොටසේ සමස්ත දුරින් සියයට 20ක එනම් කිලෝමීටර 11.87ක ප්‍රමාණයක් කුළුණු මතින් ඉදිකර ඇති හෙයින් මාතර හම්බන්තොට දිස්ත්‍රික්කවල ගංවතුර පාලනයට හැකියාව තිබේ. මාතර නිල්වලා ගඟ උඩින් කිලෝ මීටර් 10.7ක් කුළුණු මතින් දිවෙන අතර මේ නිසා නිල්වලා තෙත්බිම් කලාප ආරක්ෂා කෙරේ. එමෙන්ම ශ්‍රී ලංකාව සතු දිගම ගුවන් පාලමද මෙම අධිවේගයෙහි ඉදි කෙරුණු අතර එහි දිග කිලෝ මීටර් 4.915කි.

කොන්ත්‍රාත්තුව අනුව අධිවේගී මාර්ගය නිමා කිරීමට නියමිතව තිබුණේ අප්‍රේල් මස 11 වැනි දා වුවත් නියමිත දිනට දින පනහකට පෙර අධිවේගය ජනතා අයිතියට පත් කිරීමට හැකියාව ලැබී ඇත.

සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නැංවීමට පියවර ගනිමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා  කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ උපදෙස් අනුව සෞඛ්‍ය සේවාවේ පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවේ සහ පුහුණු අභ්‍යාසලාභීන් 1360 කට පත්වීම් ලිපි  ප්‍රදානය   අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දරයේ දී සිදු කෙරිනි.

ජනාධිති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශණයට අනුව නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නංවමින් සුව සේවාවේ ගුණාත්මකභාව ඉහළ  නැංවීමට ද ඒ අනුව කටයුතු සැළසේ.

ඒ අනුව පරිපුරක හා අතුරු වෛද්‍ය සේවයේ කාර්ය මණ්ඩලය යටතේ විකිරණ ශිල්පී 30 ක්, භෞත චිකිත්සක 10 ක්, වෘත්තීය චිකිත්සක 28 ක් ද, අතුරු වෛද්‍ය සේවාව යටතේ පවුල් සෞඛ්‍ය  සේවා 538 ක්, මහජන සෞඛ්‍ය පරීක්ෂක 266 ක්, පාසල් දන්ත චිකිත්සක 48 ක්, අක්ෂි තාක්ෂණවේදී 18 ක්, දන්ත චිකිත්සක 04 ක් වශයෙන් 942 කට පත්වීම් ලිපි ප්‍රදානය කෙරිනි.

උපාධාධාරීන් අභ්‍යාසලාභී පුහුණුවට බදවා ගැනීම යටතේ වෛද්‍ය රසායානාගාර කාර්මික විද්‍යාඥ 147 ක්, ඖෂධවේදී 95 ක්, භෞත චිකිත්සක 120 ක්, විකිරණ ශිල්පී 56 ක් වශයෙන් 418 කට  පුහුණුවට බදවා ගැනීමේ පත්වීම් ප්‍රදානය කෙරිනි.

මෙම අවස්ථාවට දේශිය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය 
ඇතුලු අමාත්‍යාංශයේ නිලධාරීන්, වෘත්තීය සමිති නායකයින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

අමතර අය කිරීම් සහ වත්මන් බදු අනුපාත වැඩි කිරීම අත් හිටුවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පළාත් සභා සහ පළාත් පාලන බලධාරීනට දැනුම් දෙයි.

සමස්ත පළාත් පාලන අනුපාත සහ ගෙවීම් ව්‍යුහය විමර්ශනය කොට (19) සිට දින 30ක් ඇතුළත එය සරල කරන ලෙස එතුමා උපදෙස් දී තිබේ.

ජනාධිපතිතුමාගේ විධානය ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් සියලුම ආණ්ඩුකාවරුන්ට සහ ප්‍රධාන ලේකම්වරුන්ට දැනුම් දී ඇත.
රටේ සමස්ත බදු සහ බදු නොවන පද්ධති සරල කිරීමට රජය උත්සාහ ගනී. ජන ජීවිතය පහසු කිරීම, ගනුදෙනු පිරිවැය අඩු කිරීම, දූෂණ සහ අක්‍රමිකතා පිටු දැකීම සහ කුඩා ආයතනවල සිට මහා පරිමාණ සමාගම් දක්වා ව්‍යාපාර සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම ඇතුළු අරමුණු ජය ගැනීම ඉන් අපේක්ෂා කෙරේ.

රජයේ සමස්ත සංවර්ධන දැක්ම සහ ඊට පාදක උපාය මාර්ග අඩාලකරමින් පළාත් සභා සහ පළාත් පාලන ආයතන විවිධ බදු, අනුපාත සහ අයකිරීම් පුළුල් කරන බව පෙනී ගොස් ඇතැයි ලේකම්වරයා සිය නිවේදනයෙන් කියා සිටී.

පළාත් සභා සහ පළාත් පාලන ආයතන විසින් පනවා ඇති බහු අනුපාත බදු සහ ගෙවීම් වෙනුවට ජන ජීවිතය පහසු කිරීමට සරල, පාරදෘශ්‍ය හා දැරිය හැකි අයකිරීම් ව්‍යුහයක් හඳුන්වාදෙන ලෙසට ද ජනාධිපති ලේකම්වරයා ආණ්ඩුකාරවරුන්ට දැනුම් දී තිබේ.

විමධ්‍යගත පාලන ඒකකවල ආදායම් අවශ්‍යතා රජය පිළිගන්නා නමුත් මූල්‍ය විමධ්‍යගතකරණය සහ ආදයම් බෙදාගැනීමේ ක්‍රමවේදය ජාතික ප්‍රතිපත්ති ව්‍යුහය සමග සමපාත විය යුතු බව ද ආචාර්ය ජයසුන්දර පෙන්වා දෙයි.

මහා ශිව රාත්‍රී දින පණිවිඩය- මහා ශිව රාත්‍රී දිනයට මාගේ හද පිරි සුබ පැතුම් එක් කිරීමට කැමැත්තෙමි

ලොව පුරා හින්දු බැතිමතුන් ශිව දෙවියන් උදෙසා ආගමික වතාවත්වල නියැළෙමින් සමරනු ලබන මහා ශිව රාත්‍රී දිනයට මාගේ හද පිරි සුබ පැතුම් එක් කිරීමට කැමැත්තෙමි. හින්දු ජන සමාජය තුළ පූජණීයම දිනයක් වන මෙය ඔවුහූ අති උත්කර්ෂවත් ලෙස සමරති. ශ්‍රද්ධාව සහ භක්තිය පෙරටු කොටගෙන ශිව දෙවියන් උදෙසා රැය පුරා නිදිවර්ජිතව, නිරාහාරව පුද පූජා පවත්වා එමඟින් ලැබෙන ආශිර්වාදයෙන් හින්දු බැතිමත්හූ සිය ජීවිතය ආලෝකමත් කර ගනිති. ශ්‍රී ලංකාව සාමකාමී නමුත් සංකීර්ණ ජන සමාජයකට උරුමකම් කියයි. එම නිසා තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස, සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනයේ ප්‍රධාන භූමිකාවක් ලෙස අර්ථ දැක්විය හැක. ජාති භේද, ආගම් භේද පසෙකලා සියලු ශ්‍රී ලාංකිකයන් එකිනෙකා හට අනෝන්‍ය ගෞරවයෙන් හා විශ්වාසයෙන් කටයුතු කළ යුතුය. ගෞරවාන්විත සම්ප්‍රදායකට උරුමකම් කියන හින්දු දර්ශනය සහ එහි උත්සවාංග ශ්‍රී ලාංකික ජන සමාජය එකට එකමුතු කරමින් ශ්‍රී ලාංකික සංස්කෘතිය විචිත්‍රවත් කිරීමට සමත් වී ඇත.

උසස් ආගම් සහ සංස්කෘතින්ගෙන් සංකලනය වූ, ඉවසීම සහ සාමය අගයන අභිමානවත් ජාතියක් සේ අප ආරක්ෂා කොටගත් සාමය තවදුරටත් වැඩි දියුණු වේ යැයි මම විශ්වාස කරමි. මේ උතුම් වූ ශිව රාත්‍රී දිනය සමරන සියලුම හින්දු බැතිමතුන් හට සාමය සෞභාග්‍ය පිරි ආලෝකමත් ජීවිතයක් උදාවේවා යැයි මම හෘදයාංගමව ප්‍රාර්ථනා කරමි. එමෙන්ම අපි සියලු දෙනා, ජාතින් අතර මිතුදම් ශක්තිමත් වන ගුණදම් පිරි යුගයක් ප්‍රාර්ථනා කරමු!

මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අග්‍රාමාත්‍ය

2020 දී අපොස උසස් පෙළ සමත්වී සිටින එහෙත් උපාධිය ලබාගත නොහැකිව සිටින සිසුන්ට උපාධිය දක්වා ගමන් කිරීම සඳහා වූ ජාතික අධ්‍යාපන විප්ලවීය වැඩපිළිවෙලක් සකස් කිරීමට ආචාර්ය මහාචාර්යවරු 29 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට තමන් විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව සම්මත වූ බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා අද (20) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේය.

සෞඛ්‍ය හා සමාජ සේවා පිළිබඳ අමාත්‍යංශය යටතේ පැවති ජාතික සමාජ සංවර්ධන ආයතනය විශ්වවිද්‍යාල තත්ත්වයට උසස් කිරීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන හා ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව අනුමත කළ බව ද දැනුම් දුන්නේය. මෙම ආයතනයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයින්ට දැනට උපාධිය පිරිනැමුවද ඊට ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් හිමිනොවූ බවත් මෙය විශ්වවිද්‍යාලයක් බවට පත්කරදෙන ලෙස ඉල්ලමින් සිසුන් දිගු කාලයක් උද්ඝෝෂණ වල නිරතවූ බවද අමාත්‍යවරයා පැවසුවේය. විශ්වවිද්‍යාල කොමිෂන් සභාවට සෘජුව යටත් නොවන එහෙත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අඛණ්ඩව අධීක්ෂණය කෙරෙන වරලත් විශ්වවිද්‍යාලයක් ලෙස මෙය පත්කිරීමට නියමිත බව ද පෙන්වා දුන්නේය.

මාලඹේ පිහිටි ITI කාර්මික තාක්ෂණික ආයතනය මගින් දැවැන්ත පර්යේෂණ සිදුකෙරෙන බවත් ‍චීන රජයේ ආධාර ලබාගනිමින් චීන - ශ්‍රී ලංකා ජෛව පද්ධති පර්යේෂණාගාරයක් ඉදිකිරීමට අවශ්‍ය අනුමැතිය කැබිනට් මණ්ඩලය විසින් ලබාදුන් බව ද පැවසුවේය. එමෙන්ම, ඉදිරි කන්නයේ සිට කාබනික පොහොර නොමිලේ ලබාදීමට අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව අනුමත වූ බවද අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා පොලීසියේ අනුමත මුළු සේවක සංඛ්‍යාව 85,603 ක් වුවද මේ වනවිට ඊට අඩු මට්ටමක සේවකයින් පිරිසක් සේවයේ නිරත වන බවත් අලුතින් නිලධාරීන් බඳවාගෙන පුහුණු කරනු වෙනුවට සුළු වැරදි නිසා  සේවය අතහැර යාමේ නියෝග ලැබුණු 5987 දෙනෙකු අතරින් සුදුසු පිරිස තෝරාගැනීම සඳහා අභියාචන කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය ලබාදුන් බවද වැඩිදුරටත් පැවසුවේය.

ජිනීවා කොමිසමට ඉදිරිපත් කර තිබෙන 30/1, 40/1 යන යෝජනාවලින් මෙරට ඉවත්විය යුතු බවට වන යෝජනාවක් ඊයේ දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවද ජාතික වගකීමක් ලෙස සලකා එය  අනුමත කළ බව ද පැවසුවේය. මේ සම්බන්ධයෙන් අද දිනයේදී විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී දීර්ඝ විස්තරයක් සිදුකරනු ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් නිර්මාණය කොට දිළිඳු බව තුරන් කිරීම සිය අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

අද (20) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ 22 වන ජාතික මහා සම්මේලනය අමතමින් ජනාධිපතිතුමා මේ බව කීය.  “සමෘද්ධි, කෘෂි අයිතීන් තහවුරු වන පොදු ජන යුගයක්” මැයෙන් එය සංවිධාන කර තිබිණ.

සමෘද්ධි සහ කෘෂි නිලධාරීන් 176 දෙනෙකුට මෙහිදී  ස්ථීර පත්වීම් ප්‍රදානය කරනු ලැබීය. පසුගිය වසර පහේදී ස්ථීර පත්වීම් නොලද සමෘද්ධි නවක පත්වීම්ලාභීන් ස්ථීර කිරීමේ වැඩපිළිවෙළ යටතේ පත්විම් ප්‍රදානය කෙරිණ.

සමාජයේ සෑම ස්ථරයකටම අයත් ජනතාවට ජීවත්විය හැකි අයුරින් ආදායම් මට්ටම නැංවීම රජයේ අරමුණයි. එහි එක් පියවරක් ලෙස අඩු අදායම්ලාභී පවුල්වල සාමාජිකයන් ලක්ෂයකට රජයේ රැකියා ලබාදීමේ වැඩසටහන සැලසුම් කර තිබේ.  පිරිස තෝරාගැනීමේ දී සමෘද්ධි  සහ කෘෂි පර්යේෂණ නිලධාරින්ගේ සහය අවශ්‍ය බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

“අපේ රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව ලක්ෂ 15ක්. ඔවුන්ගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද සඳහා වැය කරන්නේ මහජන මුදල්. විධිමත් අයුරින් රාජ්‍ය ආදායම මහා භාණ්ඩාගාරයට ලැබෙන්නේනම් සියලු අංශවල වරප්‍රසාද සහ අයිතීන් සහතික කරන්න පුළුවන්. රජයක් ලෙස සියලු රාජ්‍ය සේවකයන්ගේ අයිතිවාසිකම් දීනා දීමට සූදානම්. රාජ්‍ය සේවකයන් සිය වගකීම  රට වෙනුවෙන් ඉටු කළ යුතුයි”. ජනාධිපතිතුමා පැවසීය.

ජන ජීවිතය පහසුකිරීමේ ප්‍රයත්නයට හවුල්වීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමකි. සිය දැනුම ඝෘජුවම රාජ්‍ය පාලනයට සම්බන්ධ කර ගනිමින් ජනතාවගේ ජීවන තත්ත්වය සහ රටේ ආර්ථිකය දියුණු කළ හැකි ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිතුමා රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලීමක් කළේය.

“කෘෂි ක්ෂේත්‍රයේ දෙවන පරපුරක් බිහි නොවීම ගැටලුවක්. යටිතල පහසුකම් සංවර්ධනය නොවීම සහ නිසි වෙළෙඳ ‍පොළක් නොතිබීම, වෙ‍ළෙඳපොළ ඒකාධිකාරිය හා පවතින පහසුකම් නිසි අයුරින් කළමනාකරණය නොවීම ඊට බලපා තිබෙනවා. ක්ෂේත්‍රයේ ගැටලුවලට විසදුම් දෙමින් කෘෂිකර්මාන්තය නගා සිටුවීම කඩිනම් කළ යුතුයි” ජනාධිපතිතුමා පැහැදිළි කළේය.

විවිධ නීති රීති සහ තහංචි නිසා ජනතාව පීඩාවට පත්ව සිටිති. එවැනි නීති ලිහිල් කරමින් ජන ජීවිතය පහසු කිරීම රාජ්‍ය සේවකයන්ගේ වගකීම යැයි ද ජනාධිපතිතුමා පැවසීය.

“පසුගිය රජයේ වැරදි හෝ අතපසුවීම් වර්තමාන රජයේ නිදහසට හේතුවක් කරගන්නේ නෑ. ඒ අදුරදර්ශී පාලනය නිසා රටට මුහුණදීමට සිදුව ඇති සියලු අභියෝග ජය ගැනීමට සුදානම්. සියලු රාජ්‍ය සේවකයන්ගේ ශක්තිය ඒ සඳහා රජයට අවශ්‍යයි” ජනාධිපතිතුමා කීය.

එස්. මහානාම, අශෝක අලවත්ත අමාත්‍යාංශ ලේකම්වරු , සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්, සමෘධි මහා සංගමයේ ලේකම් ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා සහ සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ සාමාජිකයෝ හමුවට එක්ව සිටියහ.

තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් ස්ථානාධිපතිවරුන්ට පළමු පෙළ උසස්වීම් ලබා දීම හා උප තැපැල් ස්ථානාධිපතිවරුන්ට ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය කිරීම  අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණි. ඒ අනුව උප තැපැල් ස්ථානාධිපතිවරුන් 693ක්
සහ පළමු ශ්‍රේණියට උසස් කරන ලද තැපැල් ස්ථානාධිපතිවරුන් 300ක් සඳහා නව පත්වීම් සහ උසස්වීම් ලබා දීම සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සුබපැතුම් පණිවුඩයක් එක් කිරීමෙන් සඳහන් කළේ 1798 දී ලන්දේසීන් විසින් තැපැල් කාර්යාල පිහිටුවීමෙන් පසු ආරම්භ වූ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව අවුරුදු 224 ක සාඩම්බර ඉතිහාසයක් ඇති ආයතනයක් බවයි. එමෙන්ම ලාංකීය ජන සමාජයට ඉතාමත් සමීපතම රාජ්‍ය ආයතනය මෙය වන බවත්, සිදු කරනු ලබන විශිෂ්ට සේවාව ඇගයීමක් වශයෙන් හා දිරි ගැන්වීමක් වශයෙන් මෙම උසස්වීම් හා ස්ථීර පත්වීම් ලබා දීම තැපැල් දෙපාර්තමේන්තුවේ නව සන්ධිස්ථානයක් වශයෙන් හදුවා දිය හැකි බවත් සඳහන් කර තිබිණි.

මෙම අවස්ථාවට සහභාගි වූ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා තැපැල් දෙපාර්තමේන්තුව පුද්ගලීකරණයට තබා එවන් සිතිවිල්ලක්වත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයට නොමැති බවත් අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ‘වැඩකරන රටක් ඇති කිරීමට’ නම් රාජ්‍ය සේවකයා තෘප්තිමත් ව තැබිය යුතු යි. තෘප්තිමත් රාජ්‍ය සේවකයන් බිහි කිරීම තුළින් ඔවුන්ගේ කාර්යක්ෂමතාව උපරි ම අයුරින් යොදාගන්නට පුළුවන්. එය සංවර්ධනයේ ලා සෘජු ව ම බලපාන කරුණක්.

ඒවගේ ම මෙවර සිංහල අලුත් අවුරුද්දට පෙර රජය විසින් ගෙවිය යුතු හිඟ බිල්පත් සියල්ල ගෙවා දමන්නට කටයුතු කරනවා. ව්‍යාපාරිකයන්ට සහ ව්‍යවසායකයන්ට එය විශාල ශක්තියක් වේවි. ඒ සඳහා වෙන ම පරිපූරක ඇස්තමේන්තුවක් ද සම්මත කරගැනීමට කටයුතු කරනවා.
පසුගිය කාලයේ දිගින් දිගට ම රටේ නිෂ්පාදන අංශ කඩා වැටිලා. මේ වැටුණු වැටිල්ල දවසකින් දෙකකින් යථා තත්ත්වයට ගේන්න අමාරුයි. තැපැල් දෙපාර්තමේන්තුවේ මුදල් ඉපයිය හැකි අංශ බොහොමයක් හඳුනාගෙන ඒවා පුද්ගලික අංශයට ලබා දී තිබෙනවා. නමුත් මේ සියල්ල තැපැල් දෙපාර්තමේන්තුව යටතට ගෙන තැපෑලට එම ආදායම උපයා ගැනීමට ත් ඒ සඳහා දෙපාර්තමේන්තු සේවකයන් ම යොදවා ගැනීමට කටයුතු කිරීමට වැඩපිළිවෙළක් අපි දැන් හදලා ඉවරයි. ඒ නිසා කිසි ම අවස්ථාවක තැපැල් දෙපාර්තමේන්තුව පෞද්ගලිකරණයට තබා එවැනි සිතිවිල්ලකවත් ගෝඨාභය රාජපක්ෂමැතිතුමාට නැහැ. විශේෂයෙන් ම තැපැල් භාණ්ඩ බෙදා හැරීම, තැපැල් ස්ථානවලට ඩිජිටල් යටිතල පහසුකම් ලබා දීම, කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා සේවකයන්ට අවශ්‍ය පහසුකම් සපයා දීම ආදිය සැලසුම් සහගතව කරගෙන යනවා යනුවෙන් ද පැවසී ය.

මෙම අවස්ථාවට එක්වෙමින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා සඳහන් කළේ තැපැල පෞද්ගලීකරණය කරන්නට මේ රජය කිසිසේත්ම කටයුතු නොකරන බවත්, රජයට ලාභ ලබන ආයතනයක් බවට කටයුතු කරන බවත්ය. එමෙන්ම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සමඟ එක්වෙමින් තැපෑල නවීකරණය කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා, රාජ්‍ය අමාත්‍යංශ ලේකම් මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා, තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ඇතුළු පිරිසක් ද එක් වූහ.

පොදු ජනතාවගේ සංවර්ධනය, ආරක්ෂාව සහ සුබසාධනය සැලසීමේ කටයුත්තේ අවංක චේතනාවෙන් නිරත වන රාජ්‍ය නිලධාරීන් එය වඩාත් සාර්ථක කර ගැනීම සඳහා නොබියව තීන්දු තීරණ ගෙන කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. නිමාවට පත්වූ ජනාධිපතිවරණයේ දී පැහැදිලි ජනවරමක් ලබාදෙමින් මෙරට ජනතාව අපේක්ෂා කළ නිදහසේ ජීවත්වීමට සුරක්ෂිත රටක් බිහි කිරීමේ ප්‍රාර්ථනාව මේ වන විට ඉටු කොට ඇතැයි ද කී ජනාධිපතිවරයා, එළැඹ තිබෙන මොහොතේ රටේත් ජනතාවගේත් ආර්ථික දියුණුව ඇති කරලීමට ක්‍රියා කරමින් සිටින බව ද කියා සිටියේය.

රට පුරා විහි දී ඇති අබලන් ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන ඓතිහාසික මහනුවර පේරාදෙණිය - ගලහා - දෙල්තොට - රිකිල්ලගස්කඩ මාර්ගයෙන් සමාරම්භ කිරීමේ උත්සවය ඊයේ (19) ආරම්භ කළ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්වෙමින් ජනාධිපතිවරයා ‍මේ බව කියා සිටියේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මාර්ග හා මහාමාර්ග අමාත්‍යාංශය සහ මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන රට පුරා විහි දී ඇති අබලන් ග්‍රාමීය මාර්ග කි. මී. 100, 000 ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පෙරවරුවේ පේරාදෙණිය - ගලහ - දෙල්තොට - රිකිල්ලගස්කඩ මාර්ගයෙන් ආරම්භ කෙරිණි.

නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ග්‍රාමීය ජනතාවට ජාතික මහාමාර්ග පද්ධතියට ප්‍රවේශවීම සඳහා වඩාත් කාර්යක්‍ෂම පහසුකම් සැලසීම පිණිස ප්‍රධාන මාර්ග හා අධිවේගී මාර්ගවලට තදබදයෙන් තොරව ඇතුළුවිය හැකි ආකාරයට අතුරු මාර්ග කි. මී. 100, 000 ක් මෙම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරේ.

මෙම මාර්ග ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ පරමාර්ථ ලෙස රටේ දැනට අබලන්ව පවතින මාර්ග ජාලය කඩිනමින් වැඩිදියුණු කිරීම සහ පළාත් සභා සහ පළාත් පාලන ආයතන සතු ග්‍රාමීය මාර්ග පුළුල් කර වැඩිදියුණු කිරීමයි.

මීට අමතරව මාර්ග සංවර්ධන අධිකාරිය සතු වැඩිදියුණු කලයුතු මාර්ග පුළුල් කර වැඩිදියුණු කිරීම, මංසන්ධි වැඩිදියුණු කිරීම, විද්‍යුත් වර්ණ සංඥා පද්ධති ස්ථාපිත කිරීම, පදික මාරු, මාර්ග සංඥා, මගී උමං මාර්ග සහ මගී ගුවන් පාලම් ස්ථාපිත කිරීම නව ව්‍යාපෘතියට ඇතුලත් වේ.

මාර්ග ලක්ෂයේ ව්‍යාපෘතියේ සමාරම්භය සංකේතවත් කරමින් එල්.ඊ.ඩී තිරය විවෘත කිරීම ජනාධිපතිවරයා හා අගමැතිවරයාගේ සුරතින් සිදු කෙරිණි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කියා සිටියේ

තම ජයග්‍රහණයෙන් පසු පළමුවෙන්ම සහභාගිවන මේ ප්‍රසිද්ධ උත්සවයට තමා දුන් පොරොන්දුවක් ඉටු කරමින් සහභාගී වීමට ලැබීම ගැනත් මහනුවර දිස්ත්‍රික්කයෙන් මේ වැඩසටහන ආරම්භ කිරීමට හැකිවීම ගැනත් සතුටු වන බවයි. මහින්ද රාජපක්ෂ මහතාගේ රජය කාලයෙත් මේ රටට විශාල සේවයක් මහා මාර්ග අමාත්‍යංශයෙන් සිදු වු බව සිහිපත් කළේය. ජනතාව තමාගෙන් ඉල්ලා සිටියේ කිසිවක් නොව ආරක්ෂිත රටක් ලබා දෙන ලෙස බවත් තමන් පසුගිය කාලයේ ආරක්ෂ අංශවලට සියලු බලතල ලබා දී තිබීමත් ඉතා හොඳ ආරක්ෂක ලේකම් වරයකු පත් කිරීමත් බුද්ධි අංශ ශක්තිමත් කර තිබීමත් තුළින් අද බියෙන් සැකෙන් තොර සුරක්ෂිත රටක් ගොඩනගා ඇති බව ද කියා සිටියේය.

තරුණ තරුණියන් මත් ද්‍රව්‍යවලින් බේරා ගැනීමට විශාල වැඩසටහනක් ඉදිරිපත් කර තිබෙන අතර මේ රටට මත් ද්‍රව්‍ය පැමිණෙන ජාලායන් හඳුනාගෙන ඒවා කඩා දැමීමට කටයුතු කර තිබෙන බව ද කියා සිටියේය.

නීතිය ස්වාධීනව කරන්න අවස්ථාව දී තිබෙන බවත් විනිසුරුවරුන් ස්වාධීනව කටයුතු කරයි කියා බලාපොරොත්තු වෙන්නේ යැයිද කියා සිටියේය. සමාජයේ සෑම ස්ථරයකම සිටින උදවිය ඉහළට ගන්නේ යැයි තමන් දුන් පොරොන්දුව අනුව සුළුතර රයක් තිබුණද මේ රටේ සෑම දුප්පත් පවුල් ලක්ෂයකට රජයේ රැකියා ලක්ෂයක් ලබා දීමට කටයුතු කළ බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. උපාධිධාරීක්ට රැකියා පනස් දහසක් මේ මාර්තු පලමුවෙනිදා කලින් ලබා දෙන්න කටයුතු කරන බවත් එක ගමකට එක නිවසක් ලබා දීමටත් කටයුතු කර තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා ඉදිරි කාලයේ දී දුන් පොරොන්දු සියල්ල ඉටු කරන බවත් ඒවා කිරීමට ශක්තිමත් රජයක් අවශ්‍ය බව ද කියා සිටියේය. ජනතාව වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් නොබියව තීරණ අරගෙන ජනතාව වෙනුවෙන් කටයුතු කරන්න කියා අපි ඉල්ලා සිටින බවත් අද අපේ රට ගැන ලෝකයේම විශ්වාසයක් ඇතිවී ආයෝජකයන් පැමිණෙන බව ද කියා සිටියේය. එසේම ශක්තිමත් රජයක් පිහිටුවන්න සහයෝගය ලබා දෙන ලෙසද ජනතාවගෙනක් ඉල්ලා සිටියේය.

මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකතුමන්ලා, මාර්ග හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, ඇමැති දිලුම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න, යන මහත්වරුන්, දේශපාලන අධිකාරියේ ආරාධිතයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇමරිකාවට ඇතුල් වීම තහනම්කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමා නිවේදනයක් නිකුත් කර ඇත.

"අපි දැන් සිටින්නේ 21 වෙනි සියවසේ වුවත්, යුරෝපයේ මධ්‍යතන යුගයේ සිදු වූ සාමූහික දඩුවම් සිහිගන්වමින්, කිසිදු වරදක් සම්බන්ධයෙන් චෝදනාවකටවත් ලක් වී නැති යුද හමුදාපතිවරයාගේ බිරිඳ හා දරුවන් මතත් එම තහන්චියම පනවා තිබේ.

මෙහි ඇති සාධාරණය කුමක් දැයි ජනතාව තීන්දු කළ යුතුය.

යුද හමුදාපතිවරයා මානව හිමිකම් උල්ලංඝනය කළා යැයි චෝදනා කලද, ඒ චෝදනා මොනවාදැයි කිසිවෙකුත් දන්නේ නැත. නීති ප්‍රකාරව වැරදිකරුවෙකු වෙනතුරු අපරාධයකට චෝදනා ලැබුවෙකු වුවද නිර්දෝශී ලෙස සැලකිය යුතු බවට සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබද ජාත්‍යන්තර සම්මුතියේ සඳහන් වුවත් ශ්‍රී ලංකාවේ හමුදාපතිවරයාට හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එම නියමය බලපාන බවක් පෙනෙන්නට නැත.

අපගේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් දැනටමත් ඇමරිකා එක්සත් ජනපදය වෙත දැඩි විරෝධය ප්‍රකාශ කර ඇත.

වෙනත් රටවලට අපගේ ආරක්‍ෂක හමුදා සාමාජිකයන් මේ ආකාරයට මානව හිමිකම් උල්ලංඝනය කළ පුද්ගලයන් හැටියට නම් කිරීමට අවකාශය ලැබුණේ, එක්සත් ජාතික පක්‍ෂය, දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ගිය යහපාලන ආණ්ඩුව 2015 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහිව ගෙන එනු ලැබූ අංක 30/1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් කළ ඓතිහාසික පාවාදීම නිසාය.

මේ යෝජනාවේ පළමු ක්‍රියාකාරී වගන්තියේම, 2015 සැප්තැම්බර් මස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමාසාරිස් කාර්යාලය විසින් ලංකාවේ සන්නද්ධ හමුදා මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් සම්පාදනය කර තිබූ වාර්තාව අගය කර තිබුණි.

මෙකී වාර්තාව ඊට කළින්, 2011 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා, එම ආයතනයේ සාමාන්‍ය ක්‍රියා පටිපාටියට පිටින් පත් කොට තිබු නිල නොවන ත්‍රි පුද්ගල කමිටුවක වාර්තාව මත පදනම්ව තිබුණි.

ඒ ආකාරයට, යුද්ධය අවසන් වූ කාලයේ සිට අපේ ආරක්‍ෂක හමුදාවන්ට එරෙහිව නොයෙක් පාර්ශව විසින් එල්ල කළ සියලුම පදනම් විරහිත චෝදනා, එ.ජා.ප-දෙමළ ජාතික සන්ධාන-ජ.වි.පෙ යහපාලනහවුල පිළිගෙන ඇත. 30/1 යෝජනාව ලංකාවේ සම අනුග්‍රාහකත්වය තුළින් පවත්වාගෙන යෑමේ ක්‍රියාවලියෙන් ඉවත්වීමට අපේ ආණ්ඩුව තීරණය කර ඇත.

අපේ රටේ යුද හමුදාපතිවරයා සහ ඔහුගේ පවුල මත මධ්‍යතන යුරෝපයේ සාමූහික දඩුවම් සිහිගන්වන ආකාරයේ සාමූහික ගමන් තහන්චියක් පනවා තිබුණද, යහපාලන හවුල එය හෙළා දැක නැත. එ.ජා.පයේ ලක්‍ෂමන් කිරිඇල්ල මන්ත්‍රීවරයා, මේ ගමන් තහන්චිය පැනවීම අපේ ආණ්ඩුවේ වගකීමක් යැයි කියා, තම පක්‍ෂය 2015 කළ මහා පාවාදීම වසන් කිරීමට උත්සාහ දරයි.

ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මේ මොහොතේ ඇමරිකාව විසින් යුද හමුදාපතිවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් මත මේ ආකාරයට ගමන් තහංචි පනවා ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පොදුජන පෙරමුණට විශිෂ්ඨ ජයක් ලබා දීමේ කුමන්ත්‍රණයක් (ඩීල් එකක්) නිසාබවය.

දෙමළ ජාතික සන්ධානය නම්ඇමරිකාව විසින් යුද හමුදාපතිවරයා සහ ඔහුගේ පවුල මත පැනවූ සාමූහික දඩුවම ගැන කෙළින්ම ප්‍රසාදය පල කොට ඇත.

2015 දී එජාප ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ 30/1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දක්වන විට ඊනියා අධිරාජ්‍ය විරෝධීන් යැයි කියාගන්නා ජනතා විමුක්ති පෙරමුණ එයට කිසිදු විරෝධයක් දැක්වූයේ නැති බවත් මෙහිදී ජනතාව සිහියේ තබාගත යුතුය.

යුද හමුදාපතිවරයා සහ ඔහුගේ පවුලට එරෙහිව පනවා ඇති සාමුහික දඩුවම ගැන ඇතිවී තිබෙන කථිකාවෙන් පෙනෙන්නේ මේ රටේ දේශපාලන බෙදීම පවතින්නේ එක් පැත්තකින් රට ජාතිය ගැන හිතන දේශ මාමක බලවේගයත්, අනෙක් පැත්තෙන් රට පාවාදීමට අවස්ථාවක් එනතුරු බලා සිටින උපන් ගෙයි දේශද්‍රෝහීනුත් අතර බෙදීමක් හැටියටබව නොවෙද?"

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter