නවතම පුවත්

රට හදන “සෞභාග්‍යයේ දැක්මෙහි” තවත් අදියරක් ක්‍රියාවට නංවමින් විකල්ප සහ ග්‍රාමීය මාර්ග කි.මි ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ඊයේ (20) ඇරඹිණ.

රටේ ඕනෑම තැනක සිට ප්‍රධාන මාර්ගවලට පහසුවෙන් පිවිසීමේ හැකියාව සැලසීමෙන් ජන ජීවිතය පහසු කිරීම වැඩසටහනේ අරමුණකි.

ව්‍යාපෘතිය ආරම්භ වූයේ පේරාදෙණිය, ගලහ දෙල්තොට හරහා රිකිල්ලගස්කඩ මාර්ගය සංවර්ධනයට මුල පිරීමෙනි.

මාර්ගයේ සම්පූර්ණ දුර කි.මි 52කි. වැය කෙරෙන මුදල රුපියල් කෝටි 60 කි. ව්‍යාපෘතිය යටතේ මාර්ගය කාපට් අතුරා නවීකරණයෙන් පසු රථ වාහන ගමනා ගමනයට මෙතෙක් වැය වූ කාලය විනාඩි 45කින් පමණ අඩු වේ.

ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපතිතුමා සහභාගී වූ පළමු මහජන හමුව මෙයයි. මැතිවරණ පොරොන්දුවක් ඉටු කරමින්  හමුවට සහභාගීවීමට ලැබීම සතුටට කරුණක් බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජනතාව හමුවේ තමා කියා සිටි “සුරක්ෂිත රට” බිහිකිරීමට පසුගිය තෙමස තුළ කැපවීමෙන් ක්‍රියාකළ බව එතුමා පැවසීය. ඒ සඳහා ආරක්ෂක ලේකම්ගේ සිට දක්ෂතම නිලධාරීන් පිරිසක් බුද්ධි අංශයට පත් කර ඇත. ඔවුන්ට බලතල නොබියව භාවි‍ෙ කිරීමට අවසර දී තිබේ. නැවත ත්‍රස්තවාදයක් හෝ ආගමික අන්තවාදයක් බිහිවීමට කිසිසේත් ඉඩ නොතබන බව  ජනාධිපතිතුමා යළි අවධාරණය කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත විශාල ජාලයක් හඳුනාගෙන ඇත. තරුණ පරපුර ඉන් මුදා ගැනීමට අවශ්‍ය පසුබිම සකසා ඇතැයි ද ජනාධිපතිතුමා පැවසීය.

අධීකරණයේ ස්වාධීනත්වය සහතික කර තිබේ. ඉන් ජනතාවගේ නිදහස සහ සාධාරණත්වය ඉටුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. සමාජයේ සෑම ස්ථරයකටම අයත් ජනතාව වෙනුවෙන් සමාන අවකාශයක් උදාකරදීමට තම ධූර කාලය තුළ ක්‍රියා කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.

දුප්පත්කම තුරන් කිරීමට රැකියා ලක්ෂයක් ලබාදීම, රැකියා විරහිත උපාධිධාරීන් සේවා නියුක්ත කිරීම, දුගී ජනතාව සඳහා “එක ගමකට එක නිවසක්” වැඩසටහන  සහ අද පටන් ගත් ග්‍රාමීය මාර්ග කි.මි ලක්ෂයක් සංවර්ධනය කිරීම “සෞභාග්‍යයේ දැක්මේ” පොරොන්දු අතර වේ. ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් සෑම පොරොන්දුවක්ම ඉටුකරන බව කී ජනාධිපතිතුමා ඒ සඳහා ශක්තිමත් රජයක් ලබාදීමට ජනතාව ක්‍රියා කරනු ඇතැයි විශ්වාසය පළ කළේය.

ථෙර­වා­දය මෙන්ම මහා­යාන ඉ‍ගැන්වීම අතර කති­කා­වක් ඇති­කි­රීම වෙනු­වෙන් ඕටානි චෝජුන් හිමි­පා­ණන් වහන්සේ ප්‍රමුඛ කාර්ය භාර­යක් ඉටු­කළ බව අග­මැති මහින්ද රාජ­පක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ක්යෝතෝහි හෝගන්ජි විහා­ර­ස්ථා­නයේ මහා­නා­යක ඕටානි චෝජුන් හිමි­පා­ණන් වහ­න්සේට 'ශාසන රත්න' ගෞරව නාමය පුද­කි­රීම වෙනු­වෙන් පාර්ලි­මේන්තු කමිටු අංක 1 ශාලා­වේදී ඊයේ (18) පැවැති උත්ස­ව­යට එක්වෙ­මින් අග­මැති මහින්ද රාජ­පක්ෂ මහතා මේ බව පැව­සීය. එම ගෞරව නාමය පුද කර­මින් අග­මැති මහින්ද රාජ­පක්ෂ මහතා මෙසේද අද­හස් දැක්වීය.

ජපා­නය ශ්‍රී ලංකාව මතු නොව සමස්ත ලෝක­යේම බුදු දහමේ චිර­ස්ථී­තිය උදෙසා තම ශාස­නික දිවියේ වැඩි කාල­යක් කැප කළ ක්යෝතෝහි හෝගන්ජි විහා­රස්ථ මහා­නා­යක ඕටාන් චෝජුන් මාහි­මි­පා­ණන් වහන්සේ වෙනු­වෙන් ප්‍රණා­මය පුද­කි­රීමේ අව­ස්ථා­වට සහ­භා­ගි­වී­මට ලැබීම මා ලද භාග්‍ය­යක්.ශ්‍රී ලංකා­වත් ජපා­න­යත් අතර පව­තින්නේ දශක ගණ­නක් පුරා පැව­ත­ගෙන එන ඉතා කිට්ටු සබැ­ඳි­යා­වක්. දෙර­ට­ටම අසීරු අව­ස්ථා­ව­ලදී දෙරටේ අනොන්‍ය බැඳීම වඩාත් කැපී පෙනේ. ද්විපා­ර්ශ්වීය රාජ්‍ය තාන්ත්‍රික සබ­ඳතා හැරු­ණු­කොට ශ්‍රී ලංකා­වත් ජපා­න­යත් අතර දිනෙන් දින වර්ධ­නය වන පුද්ගල සබ­ඳතා විශේෂ තැනක් ගන්නවා

ඕටාන් චෝජුන් මාහි­මි­පා­ණන් වහන්සේ යනු නිතැ­තින්ම ශ්‍රී ලංකා­වේත් ජපා­න­යේත් වෙසෙන බෞද්ධ ප්‍රජා­වන් අතර බැඳීම සනි­ටු­හන් කරන ප්‍රති­මූ­ර්ති­යක්. ජපා­නයේ රාජ­කීය පවු­ලට කිට්ටු ඥාතී­ත්ව­යක් ඇති උන් වහන්සේ තෝකියෝ මෙන්ම ප්‍රංශයේ සෝබෝන් විශ්ව විද්‍යා­ල­ව­ලින් උසස් අධ්‍යා­ප­නය හදාරා ඇති වියත් පඬි­රු­ව­නක් වෙනවා. ජපා­නයේ නයෝගා විශ්ව විද්‍යා­ලයේ ආචා­ර්ය­ව­ර­යෙකු වශ­යෙන්ද කට­යුතු කර ඇති උන් වහන්සේ ජපා­නයේ බෞද්ධ පුරෝ­ගා­මී­ව­ර­යෙක් ද වෙනවා.

බුදු දහමේ ථෙර­වාද මෙන්ම මහා­යාන ඉගැ­න්වීම් අතර කති­කා­වක් ඇති කිරීම වෙනු­වෙන් ඕටාන් චෝජූන් ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ කාර්ය­භා­ර­යක් ඉටු කළා. අධ්‍යා­ත්මික සංව­ර්ධ­නය විදහා දක්වන භෞතික යටි­තල පහ­සු­කම් ගොඩ­නැං­වී­මෙන් බෞද්ධ බැති­ම­තුන්ගේ අධ්‍යා­ත්මික ගුණ වගාව නැංවිය හැකි බව දැඩිව විශ්වාස කළ උන් වහන්සේ එම අර­මුණ වෙනු­වෙන් ගන්නා ලද ක්‍රියා­මාර්ග ජපා­නය, ශ්‍රී ලංකාව තුළ මෙන්ම ලෝකයේ වෙනත් රට­ව­ලද පැස­සු­මට ලක්ව තිබෙ­නවා. දීර්ඝ කාල­යක් මුළුල්ලේ ලෝක බෞද්ධ ප්‍රජාව හා බුද්ධ ශාස­නය වෙනු­වෙන් සපු­රා­ලන ලද සේවය අගය කරනු වස් ඕටාන් චෝජූන් හිමිට ශාසන රත්න ගෞරව නාමය මෙයින් පුද කරන්නේ.

උන් වහ­න්සේට දීර්ඝා­යුෂ ප්‍රාර්ථනා කරන අත­රම ඉදිරි වැඩ­ක­ට­යුතු සියල්ල සර්ව­ප්‍ර­කා­ර­යෙන් සාර්ථක වේවායි ඕටානි චෝජුන් මාහි­මි­පා­ණන් වෙත ගෞර­ව­යෙන් යුතුව ප්‍රාර්ථනා කර සිටිමි.

කතා­නා­යක කරූ ජය­සූ­රිය, සභා­නා­යක ඇමැති දිනේෂ් ගුණ­ව­ර්ධන , ජපන් තානා­පති අකිරා සුගි­යාමා, ඇමැ­ති­ව­රුන් වන ඩලස් අල­හ­ප්පෙ­රුම , තිලංග සුම­ති­පාල , ලසන්ත අල­ගි­ය­වන්න මහ­ත්ව­රුන් ඇතුළු පක්ෂ විපක්ෂ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් සහ පාර්ලි­මේන්තු නිල­ධා­රී­හුද මේ අව­ස්ථා­වට එක්වූහ.

ආයෝජනයට සුදුසු හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්කිරීම තම අභිප්‍රාය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
 
පරිසරය ආරක්ෂා කරමින්, රට සංවර්ධනය කෙරෙන ක්‍රමවේදයකට නීතිමය පසුබිම සැකසිය යුතු බවද ඒ මහතා පෙන්වා දෙයි.
 
පරිසර සහ වනජීවි අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීන් සමඟ ඊයේ(18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
 
නීති-රීති, අණ පනත් සහ රෙගුලාසි වර්තමානයට ගැළපෙන අයුරින් සංශෝධනයට සියලු ආයතන එක්ව ක්‍රියා කළයුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් අතර පරිසරය ආරක්ෂා කරගෙන ජනතාවට ප්‍රතිලාභ ගෙන දෙන ක්‍රම සැලසුම් කිරීම නිලධාරීන්ගේ වගකීමක් වෙයි.
 
බලපත්‍ර නිකුත් කිරීමේ දී ගතවන කාලය හැකි උපරිමයෙන් අඩුකර විදේශීය මෙන්ම දේශීය ආයෝජකයන් පෙළඹවීමට සහ දිරිමත් කිරීමට පියවර ගන්නැයි ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
 
වසර කිහිපයකට පෙර අනුමැතිය ඉල්ලා ඇති උතුරු පළාතේ ජලජීවි උද්‍යාන ව්‍යාපෘතියට මෙතෙක් අවසර ලැබී නොමැති අතර ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා ජෛව විවිධත්වය ආරක්ෂා කර ගනිමින් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කඩිනම් පියවර ගන්නැයි දැනුම් දුන්නේය. එමඟින් රැකියා අවස්ථා රැසක් බිහි වේ. ප්‍රශ්න විසඳා සංහිඳියාව ඇති කිරීමට ඇති හොඳම මඟ එය බවද ජනාධිපතිවරයා පැවසීය.
 
නීති-රීති සම්පාදනය කළ යුත්තේ පරිසරය ආරක්ෂා කිරීමට පමණක් නොව මිනිසුන් ජීවත් කරවීම ද අරමුණු කර ගෙන යැයි ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
 
ඇමැතිවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන, විමල් වීරවංශ, රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීර, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර් ආටිගල මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

රාජ්‍ය සේවය බියෙන් ඇළලී ගිය නීති-රීතියක් නිසිලෙස ක්‍රියාත්මක නොවූ අවිචාරවත් යුගය වත්මන් ආණ්ඩුව අවසන් කළ බව උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ 07, ටොරින්ටන් ක්‍රීඩාංගණයේ දී ඊයේ(18) පැවැති රාජ්‍ය සේවා මලල ක්‍රීඩා උත්සවයට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේද කීය...

පසුගිය කාල වකවානුව ශ්‍රී ලංකා රාජ්‍ය සේවය බියෙන් ඇළලීගිය නීති-රීතයක් නිසි ලෙස ක්‍රියාත්මක නොවුණු අවිචාරවත් යුගයක්ව පැවතුණු බවත් ඒ කාලයේ කාර්යාල කාර්ය සහයකයාගේ පටන් අමත්‍යාංශ ලේකම් දක්වාම මූල්‍ය අපරාධ කොට්ඨාසයේත්, අල්ලස් හා දූෂණ කොමිසමේ බංකු උඩ වාඩි කරවමින් ප්‍රකාශ සටහන් කරගත් කාලයක්වූ බවත්, මේ වනවිට ඒ යුගය නිමා කරමින් දේශපාලන පක්ෂ පාට, ජාති, ආගම්, කුල, වර්ණ ලිංග භේදවලින් තොරව එක රටක් - එක නීතියක් යන ප්‍රතිපත්ති යටතේ රාජ්‍ය සේවයට සැළකීම රාජ්‍ය සේවකයන් ලැබූ විශාල අස්වැසිල්ලක්ය.

රටේ රාජ්‍ය සේවකයන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් වඩා දියුණු කර රටට හා ජාත්‍යාන්තරයට අභිමානයක් විය හැකි ක්‍රීඩකයන් උනන්දු කරලීමේ අදිටනින් මෙවැනි ක්‍රීඩා උළෙලක් සංවිධාන කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත්, ශ්‍රී ලංකා ආණ්ඩුවටත් ස්තූතිය පුදකරනවා. තවද සෞභාග්‍යයේ ඉදිරි දැක්ම යටතේ වැඩකරන රටක් නිර්මාණය කිරීමේදී රට දේශීය හා ජාත්‍යාන්තර වශයෙන් මුහුණදී ඇති දැවැන්ත අභියෝග හමුවේ මවුබිමට ආදරය කරන රාජ්‍ය සේවකයන් හට මෙවැනි ක්‍රීඩා උත්සවයක් සංවිධාන කිරීම වැදගත් වෙනවා. මෙම තරග අද(19) අවසන් දිනයටත් පැවැත්වේ.

ලංකා ඉතිහාසයේ පළමු වතාවට දිවයින පුරා සිදුකෙරෙන වී මිලදීගැනීමේ කටයුතු සාර්ථකව සිදුකෙරෙන බවත් ජනවාරි මස 29 වැනිදා සිට පෙබරවාරි 16 වැනිදා දක්වා කාල පරිච්ඡේදය තුළදී වී මෙට්‍රික් ටොන් 5217 ක් මිලදී ගැනීමට හැකිව තිබෙන බවත් තොරතුරු සහ ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (18) අමාත්‍යංශ ශ්‍රවණගාරයේදී පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

වී මිලදීගැනීමේ කටයුතු සඳහා මේ වනවිට රු.මි. 260.5 ක මුදලක් වැයකර ඇති බවද එතුමා පෙන්වා දුන් අතර මෙම ක්‍රමවේදය මගින් ගොවීන්ගේ අස්වැන්නට සාධාරණ මුදලක් හිමිකරදෙන අයුරින්ම රු. 100කට අඩු මුදලකට අලෙවි කිරීමට ද හැකිවන බව ද වැඩිදුරටත් පැවසුවේය.

මේ දිනවල දැඩි කතාබහට ලක්වී තිබෙන පාර්ලිමේන්තුව විසුරුවීමේ දිනය ගැන අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එළඹෙන මාර්තු මස 2 හා 6 අතර දිනයකදී ස්ථිර වශයෙන්ම පාර්ලිමේන්තුව විසුරුවනු ඇති බවත් ඉන්පසු මැතිවරණය පැවැත්වෙනු ඇති බවත්ය.

මුහුණු පොත හරහා පවත්වාගෙන යන ව්‍යාජ විදේශ රැකියා නියෝජිත ආයතනයක් මගින් ඩුබායි රාජ්‍යයේ ගෘහ සේවයට ගිය මාතර ප්‍රදේශයේ කාන්තාවක් එහිදී විවිධ කායික හා ලිංගික අඩන්තේට්ටම් වලට ලක්වූ පසු අමාත්‍යවරයා විසින් ස්ථාපිත කර තිබෙන ‘ලිය සවිය‘ සංවිධානයේ රැකවරණය ලැබ නැවත මෙරටට පැමිණීමේ භාග්‍යය ලැබූ බව ද මාධ්‍ය හමුවට එක්වෙමින් අනාවරණය කළාය. මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් නීතිය නිසිලෙස ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්) අධ්‍යයනය සඳහා පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙනු ලැබීය.

2019 දෙසැම්බර් මස 18 වෙනි දින කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සිව් පුද්ගල කමිටුව පත් කෙරිණ. කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා කමිටුවේ සභාපතිත්වය දරයි.
ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන, සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.

ස්වාධීන වෘත්තීමය විශ්ලේෂණයක් කමිටුවෙන් අපේක්ෂා කෙරේ. ඒ අනුව විවිධ පැතිකඩ රැසක් ඔස්සේ පුළුල් විශ්ලේෂණයක් සිදු කෙරෙමින් පවතී. ලිපි ලේඛන විමර්ශණය, විවිධ පාර්ශ්ව, කණ්ඩායම් සහ පුද්ගලයන් සමග සාකච්ඡා සහ සම්මන්ත්‍රණවලට සහභාගීවෙමින් තොරතුරු රැස් කිරීමට කමිටුව ක්‍රියා කරයි. සහශ්‍රක අභියෝගතා සමායතනය ගැන පූර්ණ වාර්තාවක් මාස 04ක් ඇතුළත භාරදීමට නියමිතය.

බාධක ඉවත්කර දේශීය කර්මාන්ත සහ ආයෝජකයන් දිරි ගැන්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.
කර්මාන්ත ඇරඹීමට සහ පවත්වාගෙන යාමට බලපාන ගැටලු හඳුනාගත යුතුය. එමෙන්ම විවිධ ප්‍රදේශවල ඇති සුවිශේෂ ශක්‍යතා අධ්‍යයනය කර පූර්ව සූදානමක් ඇතිව සිටීමේ වැදගත්කම ද කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා වූ අන්තර් අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය සමග (17) පස්වරුවේ පැවති හමුවේ දී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. මෝටර් රථ එකලස් කිරීම, ලෝහ, පාවහන් හා සම්භාණ්ඩ, ඇගළුම්, ඖෂධ, කුළු බඩු, විදුලි උපකරණ, දැව සහ රූපලාවන්‍ය නිෂ්පාදකයෝ සහ කර්මාන්තකරුවෝ සාකච්ඡාවට එක්ව සිටියහ. නිෂ්පාදනකරුවෝ සහ ආයෝජකයෝ බදු ගෙවීමේ දී හා රේගුවේ දී මුහුණපාන ගැටලු සහ පරිසර ප්‍රශ්න ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කළහ.

විධිමත් ආකාරයෙන් කර්මාන්ත ඇරඹීමේ දී විවිධ පාර්ශ්ව වෙතින් මතු කෙරෙන සෙසු ගැටලු රටේ අභිවෘද්ධියට විශාල බාධාවකි. අවිධිමත් සහ අනවසර ක්‍රියාකාරකම් හමුවේ පරිසර සංවිධාන මෙන්ම සමාජ මාධ්‍යයන් ද නිහඩව සිටීම කණගාටුවට කරුණකි. රටේ උන්නතිය වෙනුවෙන් නිසි අවබෝධයකින් ආයෝජන අවස්ථාවන්ට සහයවීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් බව ජනාධිපතිතුමා සඳහන් කළේය. 

අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සහ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ප%මුඛ අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරිහු සාකච්ඡාවට එක්ව සිටියහ.

මැයි 28 සහ 29 දෙදින ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන “ආසියාවේ අනාගතය” ගෝලීය සම්මන්ත්‍රණයට ඇරයුම් රැගෙන පැමිණි ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා (AKIRA SUGIYAMA) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

මෙම සම්මන්ත්‍රණයට ආසියා ශාන්තිකර කලාපයේ රජ්‍ය නායකයෝ, ව්‍යාපාරිකයෝ සහ බුද්ධිමත්හු සහභාගී වෙති. 

ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා සමග පැවැත්වෙන සාකච්ඡා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට ඉවහල් වනු ඇති අතර ජපාන ව්‍යාපාරික ප්‍රජාව හමුවීම ද ශ්‍රී ලංකාවට බෙහෙවින් වැදගත් වනු ඇතැයි තානාපතිවරයා එහි දී කීය. 
ජාතික රූපවාහිනිය ඩිජිටල්කරණය, කොළඹ වරාය උතුරු පර්යන්තය සහ යෝජිත ස්වභාවික ද්‍රව වායු ව්‍යාපෘතිය පිළිබඳව ද සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ආශ්‍රිතව මතුව ඇති පාරිසරික සහ ජනතා ගැටලුවලට ස්ථීර විසඳුම් ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිහත් වෙයි.

තාක්ෂණික ක්‍රමවේද සහ පරිසර නියමයන්ට අනුව තාප බලාගාරයේ ක්‍රියාකාරීත්වය සිදුවිය යුතු බව පෙන්වා දෙන ජනාධිපතිවරයා ව්‍යාපෘතිය ඇරැඹීමේ දී එකඟ වූ පරිසර නියමයන් පසුගිය වකවානුවේ දී නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීමෙන් පරිසරයට සහ ජනතාවට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් ද අවධානය යොමු කර තිබේ.

කොළඹ, අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ සහ හලාවත රදගුරු ඇතුළු ප්‍රදේශයේ පූජකවරුන්, ප්‍රදේශවාසීන් සහ පරිසරවේදීන් සමඟ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (17) පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ව්‍යාපෘතිය භාර සමාගම් සහ බලධාරීන් කැඳවා අදාළ උපදෙස් කඩිනමින් දෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

නොරොච්චෝලේ දැනට ක්‍රියාත්මක අදියර තුනෙන් මෙගාවොට් 900ක විදුලියක් ජනනය කෙරෙන අතර, එහි සිවුවන අදියර පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නැත. රටේ වේගවත් සංවර්ධනයකට බලශක්තිය තීරණාත්මක සාධකයක් වන අතර, එබැවින් විකල්ප බලශක්ති කෙරෙහි කඩිනමින් යොමුවීමේ වැදගත්කම ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිළි කළේය.

විකල්ප බලශක්ති අවම වියදමකින් උත්පාදනය කළ යුතු අතර, ඒවා පරිසර සහ ජනතා හිතකාමී විය යුතුය. නොරොච්චෝලේ බලාගාරයේ කටයුතු විමර්ශනයට විදුලිබල ඇමැතිවරයා අදාළ ඉංජිනේරුවන් ඇතුළු කණ්ඩායමක් යොමු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

තමාද බලාගාරය නිරීක්ෂණයට පැමිණෙන බව සඳහන් කළ ඒ මහතා ආගමික නායකයන්ගේ සහ ප්‍රදේශයේ ජනතාව සමඟ සාකච්ඡා කර ගැටලු නිරාකරණයට පියවර ගන්නා බවද කියා සිටියේය.

වසර 2030 වනවිට රටේ සමස්ත බලශක්ති අවශ්‍යතාවෙන් සියයට 80ක පුනර්ජනනීය මූලාශ්‍රවලින් උත්පාදනය කිරීමට අපේක්ෂා කෙරෙන අතර, පසුවිපරම් අධ්‍යයන අඛණ්ඩව කරන ලෙස උපදෙස් දී ඇත.

සංවර්ධන ක්‍රියාදාමයේ දී දූෂණය සහ අක්‍රමිකතා පිටුදකිමින් විශාල අරගලයක නිරතවීමට ජනාධිපතිවරයාට සිදුව ඇතැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පෙන්වා දුන් අතර, විදෙස් ආයෝජන මත කළ ව්‍යාපෘතිවල දී පසුගිය සමයේ සිදුවූ අක්‍රමිකතා පිළිබඳ කනගාටුව පළ කළහ.

ඡායාරූපය-ජනාධිපති මාධ්‍ය අංශය

අග­මැති මහින්ද රාජ­පක්ෂ මහතා සහ එක්සත් ජන­පද කොන්ග්‍රස් සභික අමි බෙරා, ජෝර්ජ් හෝල්ඩින් අතර හමු­වක් විජ­යා­රාම නිල නිවසේ දී පෙරේදා (15) පැවැ­ත්විණි.   

එක්සත් ජන­ප­දය හා ශ්‍රී ලංකාව අතර ශක්ති­මත් සබ­ඳ­තා­වක් ගොඩ­නඟා ගැනී­මට බලා­පො­රොත්තු වන බව එහි දී කොන්ග්‍රස් සභික අමි බෙරා අග­මැ­ති­ව­රයා සමඟ සඳ­හන් කළේය.  

එක්සත් ජන­පද නියෝ­ජිත මන්ත්‍රී මණ්ඩ­ලයේ කැලි­ෆෝ­නි­යාවේ 7 වැනි කොන්ග්‍රස් දිස්ත්‍රි­ක්කය නියෝ­ජ­නය කරන අමී බෙරා, විදේශ කට­යුතු කමි­ටුවේ සාමා­ජි­ක­යකු ද වෙයි. එසේම ඔහු ආසි­යාව, පැසි­ෆික් හා න්‍යෂ්ඨික අවි ව්‍යාප්තිය වැළැ­ක්වීම (න්‍යෂ්ථික අවි­හ­ර­ණය) පිළි­බඳ අනු­ක­මි­ටුවේ සභා­ප­ති­ව­රයා ලෙස ද කට­යුතු කරයි.   

සිය රජය රටේ ආර්ථික සංව­ර්ධ­න­යට ප්‍රමු­ඛ­තා­වක් දී තිබෙන හෙයින් එක්සත් ජන­පද ආයෝ­ජන රටේ ආර්ථීක සංව­ර්ධ­නය සඳහා සප­යන දාය­ක­ත්වය අගය කරන බව මෙහිදී අග­මැති මහින්ද රාජ­පක්ෂ මහතා එක්සත් ජන­පද කොන්ග්‍රස් සභි­ක­යන් සමඟ සඳ­හන් කළේය.   

ආර්ථික සම්බ­න්ධතා ශක්ති­මත් කිරීම සඳහා මේ හමු­වීම ඉතා හොද අව­ස්ථා­වක් ලෙස සල­කන බව සඳ­හන් කළ කොන්ග්‍රස් සභික ජෝර්ජ් හෝල්ඩින්, සිය ප්‍රාන්තය වන උතුරු කැරො­ලි­නාවේ 2 වැනි කොන්ග්‍රස් දිස්ත්‍රි­ක්කයේ ශ්‍රී ලංකාවේ සෘජු විදේ­ශීය ආයෝ­ජන මඟින් ක්‍රියා­ත්මක වන ව්‍යාපාර මේ වන විත් ක්‍රියා­ත්මක වන බව පෙන්වා දුන්නේය.   කොන්ග්‍රස් සභික හෝල්ඩින් නිවාස කමි­ටුව, අය වැය කමි­ටුව සහ ආචාර ධර්ම කමි­ටුවේ සාමා­ජි­ක­යෙකි.   

දෙරටේ දැනට පව­තින සහ­යෝ­ගී­තා­වන්ට අම­ත­රව ත්‍රස්ත­වා­දය පිටු­දැ­කීම, සංචා­රක කර්මා­න්තය හා බල­ශක්ති යන ක්ෂේත්‍ර­වල සහ­යෝ­ගී­තා­වය පිළි­බ­ඳ­වත් දෙපා­ර්ශ්වය මේ සාක­ච්ඡාවේ දී අව­ධා­නය යොමු කෙරිණි.   

ශ්‍රී ලංකාවේ එක්සත් ජන­පද තානා­ප­තිනි ඇල­යිනා ටෙප්ලිට්ස් ද මේ අව­ස්ථා­වට එක්වූ අතර ආසි­යානු කලා­පය තුළ ශ්‍රී ලංකා­වට හිමිව ඇති විශේ­ෂ­ත්වය සම්බ­න්ධ­යෙන් තානා­ප­ති­ව­රිය මෙහිදී අද­හස් දැක්වූ­වාය.   

ශක්ති­මත්, ස්වෛරී ශ්‍රී ලංකා­වක් බිහි­කි­රීම සඳහා සිය සහාය ලබා දෙන බව ද මෙහි දී තානා­ප­ති­ව­රිය ප්‍රකාශ කළාය.   

ට හිටපු විදේශ ඇමැති ජී. එල්. පීරිස්, අග්‍රා­මාත්‍ය ලේකම් ගාමිණී සෙන­රත් සහ හිටපු මහ බැංකු අධි­පති අජිත් නිවාඞ් කබ්රාල් මහ­ත්වරු ද මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.   

 ධනුෂ්ක ගොඩ­කු­ඹුර 

ශ්‍රී ලංකාව සමග ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමට විශේෂයෙන් ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍ර සඳහා එරට මනාව සංවර්ධනය වූ තාක්ෂණික හැකියාවන් සැපයීමට ඊශ්‍රායලය සූදානමින් සිටී. නවීන කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, ප්‍රවාහනය සහ තොරතුරු තාක්ෂණය ප්‍රමුඛ සහයෝගීතා ක්ෂේත්‍ර වෙයි.

නවදිල්ලි නුවර නේවාසික ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපති Ron Malka මහතා අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවූ අවස්ථාවේ දී මේ බව සඳහන් කෙරිණි.

දෙරට අතර සහයෝගීතාවේ නව ක්ෂේත්‍ර සොයා බැලීම සිය චාරිකාවේ අරමුණ බව තානාපතිවරයා කීය.

තමා ආරක්ෂක ලේකම්ව සිටි අවධියේ ඊශ්‍රායලයේ කළ චාරිකා ත්‍රිත්වය සිහිපත් කරමින් ජනාධිපතිතුමා සඳහන් කළේ ශ්‍රී ලංකා ආර්ථිකයේ තෝරාගත් ක්ෂේත්‍ර සංවර්ධනයට සහාය දීමේ හැකියාව ඊශ්‍රායලය සතු බවයි.

“ජාතික ආර්ථිකයට දෙන දායකත්වය සහ රැකියාවේ නිරත ජන සංඛ්‍යාව සැලකිල්ලට ගැනීමේ දී කෘෂිකර්මාන්තය අපට ඉතා වැදගත්. එය වැඩි වශයෙන් රඳා පවතින්නේ සාම්ප්‍රදායික ක්‍රම මත. ගොවීන්ට ප්‍රමාණවත් ආදායමක් ලැබෙන්නේ නැහැ. ඔවුන් දීර්ඝකාලීනව දිළිදුබවින් පීඩාවිඳිනවා. එබැවින් කෘෂිකර්මාන්තය රැකියාවක් ලෙස තෝරා ගැනීමට තරුණ පිරිස් මැලිකමක් දක්වනවා. එම නිසා ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීමට සහ තරුණ කොටස් ආකර්ෂණය කර ගැනීම සඳහා කෘෂිකර්මාන්තය නවීකරණය අවශ්‍යයි” ජනාධිපති රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

ගොවිතැන සඳහා නවීන ක්‍රම හඳුන්වාදීම තුළින් දැනට පවතින කෘෂිකාර්මික ක්‍රියාකාරකම් සඳහා වටිනාකමක් එකතු කිරීමට තම රටට හැකියාව ඇති බව ධනාත්මක ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල තානාපතිවරයා පැවසීය.

අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණු ක්ෂේත්‍ර නවීකරණය සඳහා ද සහාය වීමේ හැකියාව තානාපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර සහ ඊශ්‍රාල තානාපති කාර්යාලයේ පළමු ලේකම් Noa Hakim මහත්මිය සාකච්ඡාවට එක්ව සිටියහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව යටතේ කිසිදු දිනයක මාධ්‍ය වාරණයක් සිදු නොකරන බව උසස් අධ්‍යාපන,තොරතුරු හා ජනමාධ්‍ය,තාක්ෂණ හා නවෝත්පාදන ඇමැති  ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ, මාධ්‍ය ප්‍රධානීන් හමුවීම සඳහා (12) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමිනි. රජයේ ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම,ජනමාධ්‍යවේදීන්ට සහන සැලසීම සඳහා තොරතුරු රැස්කිරීම සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා කෙරිණ.

රටට,ජාතියට,ආගමට,සංස්කෘතියට,මනුෂ්‍යකමට බාධා වන කිසියම් දෙයක් ප්‍රචාරය කිරීමට පෙර මාධ්‍ය ආයතන ස්වයං වාරණයක නිරත වන්නේ නම් එය යහපත් බවත් එමඟින් යහපත් මාධ්‍ය සංස්කෘතියක් බිහි කර ගත හැකි බවත් මෙහි දී ඇමැතිවරයා පැවැසුවේය.

එමෙන්ම,මෙම අමාත්‍ය ධුරයට බන්දුල ගුණවර්ධන මහතා පත් ව දැනට දින 90 ක් ගත වෙනවා. දින 90 ක් ගත වුණත් (12) ප්‍රථම වතාවට මාධ්‍යවේදී ප්‍රධානීන් හමු වූ බවත්, මීට ප්‍රථම හමුවීමට නොහැකි වීම ගැන කණගාටුව ප්‍රකාශ කරන බවත්, ලැබී තිබෙන වගකීම් ඉතා විශාල වන නමුදු ඒ අතරින් විශ්ව විද්‍යාල සිසුන් සම්බන්ධයෙන් සොයා බැලීමට තිබෙන වගකීම ඉතා ඉහළ බවත් මෙහි දී කියා සිටියේය. උසස් පෙළ විභාගයෙන් පසුව විශ්ව විද්‍යාලයට යාම සඳහා මෙරට සිසුන් 181,000 ක් සුදුසුකම් ලබයි. ඒ අතරින් විශ්ව විද්‍යාලට ඇතුළත් වීමට සුදුසුකම් ලබනුයේ 30,000 ක පිරිසක් පමණි. ඉතිරි සිසුන්ට කුමක් වන්නේ ද යන්න සොයා බැලිය යුතු බවත්, විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් නොලබන අය පිරිසක් ත්‍රීරෝද රියදුරන් ලෙසත්,තවත් පිරිසක් වෙනත් රැකියාවලටත්,ඇති හැකි අය පිටරට ගොස් ඉගෙන ගැනීමටත් යොමු වෙන බවත්, ඇතැම් දරුවන් ඉගෙන ගැනීමට විදෙස්ගත වන්නේ තම දෙමාපියන්ගේ ඉඩකඩම්,ගෙවල් දොරවල් පවා උකස් කරලා බවත් එය ඉතාමත් කණගාටුදායක බවත් මෙහි දී ඒ මහතා කියා සිටියේය.

විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබන ඇතැම් පිරිස් නවක වදය හේතුවෙන් අධ්‍යාපන කටයුතු නිමවීමක් සිදු නොකර විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් ඉවත් වෙයි. නවක වදයට බියෙන් සිසුන් 2,000 කගේ පමණ විශ්ව විද්‍යාල අධ්‍යාපනය කඩාකප්පල් වී තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වත්මන් ආණ්ඩුව යටතේ නවක වදයට තිබෙන ඩිප්ලෝමා ප්‍රදානය කිරීම සඳහා පමණයි මෙම විශ්ව විද්‍යාල විද්‍යායතන ස්ථාපිත කරනැ අතර විවිධ වෘත්තියන් සඳහා එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට එක් විශ්ව විද්‍යාල විද්‍යායතනයක් බැඟින් හෝ ස්ථාපිත කිරීමට අදහස් කරන බව ද මෙහි දී සඳහන් කරන ලදී.

තව ද, මාධ්‍යවේදීන් සඳහා පොලී රහිත ණය ලබාදීමට ඉදිරියේ දි කටයුතු කරනැ බවත්, ණය යෝජනා ක්‍රම මේ දිනවල ක්‍රියාත්මක කිරීමට අපහසු වන්නේ අප්‍රේල් මැතිවරණය පවත්වා අවසන් වන තෙක් අපට අයවැයක් නොමැති වීම බවත් සඳහන් කළ අමාත්‍යවරයා අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීමෙන් පසුව මේ දිනවල රාජ්‍ය ආයතනවලට අවශ්‍ය මුදල් ලබාදීම සිදු කරන හෙයින් අප්‍රේල් මැතිවරණයෙන් පසුව මැයි ජූනි වගේ වන විට අයවැයක් සම්මත කර ගත හැකි බව ද, ඉන් පසුව ණය යෝජනා ක්‍රමවලට අවශ්‍ය මුදල් ලබාදීමට හැකි වන බවත් ප්‍රකාශ කරන ලදී.

ජනාධිපතිවරයා ආදර්ශයෙන්ම පෙන්වා දී තිබෙන්නේ සරල යහපත් ආණ්ඩුකරණයක් සිදු කරන්නේ කෙසේද යන්න බව අවධාරණයෙන් කියා සිටි අමාත්‍යවරයා බොහොම පිරිමැසුම්දායක රාජ්‍ය මූල්‍ය කළමනාකරණයක් අනුගමනය කරමින් ආණ්ඩුවේ කටයුතු ගෙන යාමට ජනාධිපතිවරයා විසින් මැති ඇමැතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙන බව ද මෙහි දී පෙන්වා දෙන ලදී.

“අද වවමු පැළයක් - හෙට නෙළමු ඵලයක්” තේමාව යටතේ මෙවර සිංහල අලුත් අවුරුද්දේ අප්‍රේල් 19 වැනිදාට යෙදී තිබෙන හරිත නැකත නිමිති කර ගනිමින් එකම වේලාවකදී තම ගෙවතුවල පැළයක් සිටුවීමට ද යෝජනා කළේය. ගමේ ගෙවතුවල පැළ වන කොස්,දෙල්,අනෝදා,වෙරළු,රඹුටන් වැනි නොමිලේ ලබා ගත හැකි පැළයක් මෙහි දී සිටුවීම සිදු කෙරේ. මෙරට ග්‍රාමසේවා වසම් 14,027 ක් තිබෙන අතර එක් වසමක නිවාස 600 ත් 1000 ත් අතර සංඛ්‍යාවක් තිබෙන බවත්, ඒ අනුව පැළ සිටුවීම සිදු කළහොත් එකම වේලාවක පැළ ලක්ෂ 40 කට වඩා සිටුවීමට හැකි වන බවත්, ඒ අනුව ලෝක වාර්තාවක් ද තැබිය හැකියි බවත් මෙහි දී අමාත්‍යවරයා විසින් සන්ධාන කරන ලදුව එම පණිවුඩය ජනතාව අතරට ගෙන යාමට සියලු මාධ්‍යයේ සහාය ද ඉල්ලා සිටියේය. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද හේරත් මහතා ද මෙහි දී තම අදහස් ඉදිරිපත් කරන ලදී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මාධ්‍යවේදීන්ගේ ප්‍රගතිය උදෙසා වැඩපිළිවෙළ රැසක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙන බවත්, මාධ්‍යවේදීන් උදෙසා විශ්ව විද්‍යාල විද්‍යායතනයක් ස්ථාපිත කිරීමට වැඩ ආරම්භ කර තිබෙන බවත්, කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රෙස් ක්ලබ් එකක් ගොඩනැඟීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබෙන බවත්, එය නියමු ව්‍යාපෘතියක් ලෙස පළමුවෙන්ම ආරම්භ කරන බවත්, රට තුළ හරිත විප්ලවයක් ඇති කිරීම සඳහා “අද වවමු පැළයක් - හෙට නෙළමු ඵලයක්“ තේමාව යටතේ සිංහල අලුත් අවුරුද්දේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් ලේකම් වරයා මෙහි දී කියා සිටියේය.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter