නවතම පුවත්

මාර්තු 01වෙනි දා සිට ගීත නිර්මාණ සඳහා කර්තෘ භාගය ගෙවීම ක්‍රියාත්මක කළ හැකි බව ත් ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරන බව ද උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසී ය. ඒ මහතා මේ බැව් පැවසූයේ 12 වැනි දින සියලු ම මාධ්‍ය ප්‍රධානීන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී මුණ ගැසෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

මේ කර්තෘභාගය ගැටලුව කාලයක් තිස්සේ ම යටපත් වෙමින් නැවත ත් ඉස්මතුවෙමින් පැවතුණා. මේ නිසා අහිංසක කලාකරුවන් රැසකට අසාධාරණකම් සිදු වුණා. ඔවුන් තමන්ගේ ජීවිතයේ අවසාන භාගයේ අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණ දුන්නා. තමන්ගේ ලෙඩට බෙහෙතක් ගන්න මුදල් හොයා ගන්න අමාරු තත්ත්වයකට පත් වුණා. මේ තත්ත්වය ඔබ සියලු දෙනා ම පිළිගනියි. ඒ නිසා අපි මේක මාර්තු පළවෙනිදා සිට ලබා දෙමු. බුද්ධිමය දේපළ පනත යටතේ ගීත ප්‍රචාරණය වීම සම්බන්ධ ව කර්තෘ භාගය ගෙවන්නට නීතියෙන් එකඟ වෙලා තිබෙනවා.

ඒවගේ ම මාධ්‍යෙව්දීන් සඳහා පොලී රහිත ණය ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමට ත් වාහන ණය ලබාදීමට ත් අපේක්ෂා කරනවා. ඒවගේ ම මාධ්‍යෙව්දීන් සඳහා නිවාස ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටි ස්ථානය මේ වනවිට පෞද්ගලික ආයතනකට පසුගිය රජය මඟින් ලබා දී තිබෙනවා. ඒක නැවත ලබාගෙන ඔබ මාධ්‍යෙව්දීන් වෙනුවෙන් නිවාස ලබා දීමට ද බලාලපොරොත්තු වෙනවා. මේ කටයුතු සම්බන්ධ ව මැතිවරණයෙන් පසු ව මුදල් වෙන්කොට ඉදිරි කටයුතු කරන්නට අපිට හැකි වේවි. මේ වනවිටත් පසුගිය රජය විසින් නොගෙවූ ණය රුපියල් මිලියන 300කට අධික ප්‍රමාණයක් කොන්ත්‍රාත්කරුවන්ට ලබා දිය යුතුයි. ඒ සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පවා දැන්න වෙලා තියෙන්නේ. ඒ නිසා ඉදිරි මැතිවරණයෙන් පසු ව මේ කටයුතු ක්‍රියාත්මක කරන්නට අපිට පුළුවන්.

ඒවගේ ම ජනසන්නිවේදනය පිළිබඳ වෙන ම විශ්විවද්‍යාල විද්‍යායතනයක් ආරම්භ කරන්නට කටයුතු කරනවා. ඒකට සුදුසු ම විශ්වවිද්‍යාලය ඔබ විසින් අප වෙත දැනුම් දෙන්න. එවිට අපිට පුළුවන් ඒ විශ්වවිද්‍යාලය සමඟ අනුබද්ධ ව එම විශ්වවිද්‍යාල විද්‍යායතනය ආරම්භ කරන්නට. මේ අනුව උසස් පෙළ සමත් වීමෙන් පසු ජනමාධ්‍ය පිළිබඳ කැමැත්තක් දක්වන අයට හැකියාව තිබෙනවා මේ විශ්වවිද්‍යාල විද්‍යායතනයට ඇවිත් තමන්ට අවශ්‍ය පරිදි එක් අවුරුදු සහතිකපත්‍ර පාඨමාලාවක්, දෑවුරුදු ඩිප්ලෝමාවක් හෝ තුන් අවුරුදු උසස් ඩිප්ලෝමාවක් ලබා ගන්නට. උපාධිය දක්වා යාමට ඒ අනුව ඔවුන්ට හැකියාව තිබෙනවා. ඒක මෙරට ජනමාධ්‍ය සංවර්ධනයේ ලා සෘජු ව බලපායි. මේ විදියට ම සෞන්දර්ය විෂයයන්ට ත් සම්බන්ධ ව විශ්විවද්‍යාල විද්‍යායතන 10ක් රටපුරා පිහිටුවන්නට කටයුතු කරනවා.

ඒවගේ ම ජනමාධ්‍යෙව්දීන් සඳහා Press Club එකක් නැවත නිර්මාණය කරන්නට ත් අපි යෝජනා කරලා තිබෙනවා. ඒ සම්බන්ධ ව ජනමාධ්‍ය අමාත්‍යංශය සමඟ සම්බන්ධීකරණය කරමින් කටයුතු කරන්නට ඔබතුමන්ලා අතරින් කමිටුවක් පත් කරගන්න. එවිට අපට පුළුවන් ඒ කටයුත්ත ත් ඉක්මන් කරන්න.

එමෙන් ම මම කියන්න කැමතියි කිසි ම විදියක මාධ්‍ය වාරණයක් දාන්නට අමාත්‍යවරයා විදියට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මාධ්‍ය ආයතන විසින් අපි ස්වයං වාරණයක් දාගෙන කටයුතු කරමු. විශේෂයෙන් ම බුද්ධිමතුන්ගෙන් පැමිණිලි ලැබී තිබෙනවා සංස්කෘතික අපගමනයක් මේ වනවිට ඇතැම් මාධ්‍ය නිසා සිදුවෙනවා කියලා. ඒ නිසා ඒ පිළිබඳ ඔබේ කාරුණික අවධානය යොමු කරන්න. විදේශ ටෙලිනාට්‍ය, චිත්‍රපට ආදිය පිළිබඳ ප්‍රචාරණයේ දී ඒ පිළිබඳ සැලකිළිමත්වෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම යටතේ මේ රටේ උසස් පෙළ සමත්වන සිසුන් සියලු දෙනාට ම උපාධිය දක්වා යන ගමන් මාර්ගය සාදා දීම සඳහා අපි කැපවෙලා මේ අවස්ථාවේ කටයුතු කරනවා. ඒක රටේ අනාගතයේ හැරවුම් ලක්ෂයක් වේවි. ඒ නිසා එවන් ජාතික කටයුත්තක් වෙනුවෙන් ඔබ ආයතනවල සහයෝගය ලබා දෙයි කියා මා විශ්වාස කරනවා. යනුවෙන් ද පැවසී ය.

මෙම අවස්ථාව සඳහා උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා  ද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ද එක්විය

රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් වන ජනමාධ්‍ය ප්‍රතිපත්තියට අනුව ජනමාධ්‍යවේදීන්ට සහන සැලසීමට අවශ්‍ය කටයුතු රජය විසින් සම්පාදනය කරනු ලබන බවත් ඒ අනුව ජනමාධ්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් පිහිටුවීම, ජනමාධ්‍ය ස්ථාගාර (Press Clubs) ක්‍රමයක් පළාත්බදව දියත් කිරීම, ජනමාධ්‍යවේදීන් සඳහා නාගරික නිවාස සංකීර්ණයක් ගොඩනැගීමට සැලසුම් කර ඇති බවත් අද (12) දින තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡාවකට සහභාගීවෙමින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

මෙරට මාධ්‍ය ආයතන තුළ විකාශය කෙරෙන වැඩසටහන් මගින් සංස්කෘතික හා සදාචාරාත්මක පරිහානියට තුඩුදෙන දෑ විකාශය වන බවට ආගමික නායකයින්ගෙන් චෝදනා එල්ලවන බවත් මාධ්‍ය වාරණයක් දියත් කිරීමට තමන් අදහස් නොකරන නමුත් මාධ්‍ය ස්වයං වාරණයක් අනුව ක්‍රියාත්මක වීම සුදුසු බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

රූපවාහිනී නාලිකා තුළ විකාශයවන නාට්‍ය හරහා සමාජයට අහිතකර බලපෑම් සිදුවන පසුබිමක උසස් මාධ්‍ය සංස්කෘතියක් වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙසට ද අමාත්‍යවරයා මෙහිදී මාධ්‍ය ප්‍රධානීන්ට ආරාධනා කර සිටියේය.

මෙවර සිංහල - හින්දු අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීමේ නැකත යෙදෙන අප්‍රේල් 19 වැනිදා හරිත නැකත වෙනුවෙන් ‘අද වවමු පැළයක් - හෙට නෙළමු ඵලයක්‘ යන තේමාව ඔස්සේ සෑම නිවසකම ගසක් රෝපණය කරමින් හරිත විප්ලවයට පණදීමට ජනතාවට එක්වන ලෙසට මාධ්‍ය මගින් ජනතාවට ආරාධනා කරන ලෙසටද බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී ඉල්ලා සිටියේය.

ජනමාධ්‍යවේදීන්ට සහන සැලසීම සඳහා ඔවුන්ගෙන් විස්තර ඒකරාශී කිරීමේ වැඩපිළිවෙල අමාත්‍යංශය මගින් ආරම්භ කර තිබෙන බව අමාත්‍යංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතා මෙහිදී පැවසුවේය.

කර්තෘභාගය ගෙවීම ගැන ද මෙහිදී සාකච්ඡාවට ලක්වූ අතර ගීත නිර්මාණ කේන්ද්‍රයේ සාමාජිකයින් සාකච්ඡාවට එක්වෙමින් කර්තෘභාගය ගෙවීමේ වැදගත්කම අවධාරණය කර සිටියේය. ගුවන්විදුලි නාලිකාවක ප්‍රචාරයවන ගීතයක් සඳහා රු. 30 ක මුදලක් ද රූපවාහිනී නාලිකාවක ප්‍රචාරයවන ගීතයක් සඳහා රු. 100 ක මුදලක් ද කර්තෘභාගය ලෙස ගෙවිය යුතු බවට සාකච්ඡාව අවසානයේදී එකඟතාවක් ඇතිවුණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සියලුම විශ්වවිද්‍යාල කුලපතිවරුන්, ආචාරයවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල මෙන්න ම විශ්වවිද්‍යාල කොමිසන් සභාව කැඳවා ඇති බව අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසිය.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් පවතින ගැටළු ජනාධිපතිවරයා දැනුවත් කරන බවය.

රැකියා විරහිත උපාධිධාරීන් සේවා නියුක්ත කිරීමේ රජයේ වැඩසටහන යටතේ රැකියාවක් සඳහා අයැදුම්කළ හැකි වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දමා තිබේ.

කලින් මේ වයස් සීමාව අවුරුදු 35ක් ලෙස නියම කර තිබිණ. වයසින් ඊට වැඩි උපාධිධාරීන්ගේ සහ තවත් මහජන සංවිධානවල ඉල්ලීම සලකා වයස් සීමාව වැඩි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් තීරණය කරනු ලැබීය.

රැකියා අපේක්ෂකයන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ප්‍රථම උපාධි පාඨමාලාවක් හෝ එයට සමාන සුදුසුකමක් ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවක් හෝ 2019-12-31
වන දිනට සම්පූර්ණ කර තිබිය යුතුය.

අයැදුම්කරු, අයැදුම්පත ඉදිරිපත් කරනු ලබන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථීර පදිංචිකරුවෙකු විය යුතුය. පදිංචිය සහ 2020-01-01 දිනට උපාධිය ලබා වසරකට වැඩි කාලයක් රැකියා විරහිතව සිටි බවට ග්‍රාමනිලධාරී සහ ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කළයුතුය.

අයැදුම්පත නිසි පරිදි සම්පූර්ණ කර උපාධි සහතිකය හෝ ඩිප්ලෝමා සහතිකය සහ ප්‍රතිඵල ලේඛනයේ ඡායා පිටපතක් (මුල් පිටපත අනුව, සසඳා සාමදාන විනිශ්චයකාරවරයෙකු/නීතිඥයෙකු විසින් සත්‍ය පිටපතක් බව සහතිකකර) 2020-02- 20 වන දිනට පෙර ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ස්පීඩ් පෝස්ට් කූරියර් සේවාව මගින් එවිය යුතුය. අයැදුම් පත්‍රය ජනාධිපති කාර්යාලීය www.presidentsoffice.gov.lkවෙබ් අඩවියෙන් බාගත හැකිය. මේ පිළිබද වැඩිදුර
තොරතුරු 0112433261 දුරකථන අංකය ඔස්සේ ලබා ගත හැක.

රැකියා විරහිත උපාධිධාරින්/ඩිප්ලෝමාධාරී රැකියාගත කිරීමේ වැඩසටහන 2020, ආයතන කළමනාකරණ සහ සම්බන්ධිකරණ අංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලු මුවදොර, කොළඹ 01 ලිපිනයට අයැදුම්පත් යොමු කළ යුතුය. ලිපියේ වම් පස ඉහළ කෙළවර, රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන - 2020 ලෙස සඳහන් කර තිබිය යුතුයි. නියමිත දිනට පසුව ලැබෙන අයැදුම්පත්‍ ප්‍රතික්ෂේප කරනු ලැබේ.

සංශෝධනය ආර්ථිකය මුල් කරගත් විද්‍යාත්මක ක්‍රමවේදයකට … භාෂා සහ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයට ප්‍රමුඛත්වය … ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීම ඉලක්ක අතරට ..

සීග්‍ර ආර්ථික වර්ධනයකට ඉවහල් වනපරිදි අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

දේශීය හා විදේශීය රැකියා වෙළෙඳපොළට ගැළපෙන අයුරින් විශ්ව විද්‍යාල විෂය නිර්දේශ සංශෝධනයට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපතිතුමා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ උපකුලපතිවරු සමග අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී උපදෙස් දුන්නේ ය.

උසස් බුද්ධියකින් යුත් නවීන තාක්ෂණය සමග පෙරට යා හැකි ශ්‍රම බලකායක් අපේ රටේ සිටිති. සරල ක්‍රම තුළින් රැකියා වෙළෙඳපොළට ගැළපෙන අයුරින් ඔවුන් හැඩ ගැස්වීමේ හැකියාව අප සතු බව තමා තරයේ විශ්වාස කරන්නේ යැයි ජනාධිපතිතුමා සඳහන් කළේය.

සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මාන්ත හා වැවිලි සහ තාක්ෂණය මුල්කරගත් රැකියා උත්පාදනයෙන් රටට වේගවත් ආර්ථික වර්ධනයක් ලඟාකරගත හැකිය. වෛද්‍ය, ඉංජිනේරු, හෙද සහ තොරතුරු තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර රැසක රැකියා විශාල ප්‍රමාණයක් ඇත. ඊට සුදුසු පිරිසක් විශ්ව විද්‍යාල තුළින් බිහි නොවීම බරපතල ගැටලුවකැයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

මේ සියල්ල සැලකිල්ලට ගනිමින් උසස් පෙළ සමත් වන දරුවන්ට තෘතීයික අධ්‍යාපනය ලබාදිය යුතුය. කලා උපාධි පාඨමාලා සමග තොරතුරු තාක්ෂණය හා අන්තර්ජාතික භාෂාවක් හැදෑරීමට සැලැස්වීමෙන් ඉදිරි තෙවසර තුළ කඩිනම් ප්‍රගතියක් අත්කරගත හැකි බව ද ජනාධිපතිතුමා පැවසීය.

“පාසලේ සිට උපාධිය දක්වා සෑම දරුවෙකුටම නායකත්වය පිළිබද පරිචයක් සහ අභියෝග ජය ගැනීමේ හැකියාව ලබාදීම වැදගත්. ඒ සඳහා විශ්ව විද්‍යාල පාඨමාලා රැකියා වෙළෙඳපොළට ගැළපෙන අයුරින් සකස් විය යුතුය. එහිදී දේශපාලන කණ්ඩායම් හෝ සුළු පිරිසකගෙන් එනවිරෝධතා සැලකිල්ලට ගත යුතු නැහැ. ජාතිය පාවා දීමට කිසිසේත් ඉඩ දෙන්න බැහැ. රට නිවැරදි මගට ගැනීමට සෘජුව ක්‍රියාත්මක වන්න” ජනාධිපතිතුමා උපකුලපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ඒ සඳහා අවශ්‍ය වුවහොත් ජනමත විමසුමකට හෝ යා යුතු බවත්, එවිට ආණ්ඩු හෝ ඇමතිවරු මාරු වන විට ප්‍රතිපත්ති වෙනස් නොවනු ඇති බවත් පෙන්වා දුන්නේය.

“පාඨමාලා අනුව සිසුන් බඳවා ගැනීමේ අයිතිය විශ්ව විද්‍යාලවලට තිබෙන්න ඕන. නව විශ්ව විද්‍යාල බිහි කිරීම සහ පවතින අඩු පාඩු විසඳීම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කාර්යයක්. නව පාඨාමාලා සදහා සිසුන් යොමු කිරීමේ මාර්ගෝපදේශනයට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව වැනි පරිශ්‍ර යොදා ගන්න අධ්‍යාපන අමාත්‍යාංශයට පිළිවන්”. ජනාධිපතිතුමා පැවසීය.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නීතිවේදී පාඨමාලාව හදාරන සිසුන්ට නීති විද්‍යාලය පනවා ඇති ඇතැම් රෙගුලාසි ඉවත් කරන්නැයි ජනාධිපතිතුමා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

විශ්ව විද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාව විශ්ව විද්‍යාල පරිපාලනයට සීමා නොවී සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියට වගකියන සහ සොයා බලන ආයතනය බවට පත්වීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

විශ්ව විද්‍යාල සදහා වෙන් කරන ප්‍රතිපාදන විශාල ගොඩනැගිලි ඉදිකිරීමට වැය කරනු වෙනුවට අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවෙන පර්යේෂණ සහ අධ්‍යයන මෙන්ම තාක්ෂණික මෙවලම් වෙනුවෙන් වැය කිරීමේ වැදගත්කම එතුමා පැහැදිළි කළේය.

විශ්ව විද්‍යාල සිසුන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය පිණිස මෙන්ම පර්යේෂණ කිරීම සදහා අධිවේගී අන්තර්ජාල පහසුකම් පුළුල් කරන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරු සහ සියලු විශ්ව විද්‍යාලවල කුලපතිවරු සහ උපකුලපතිවරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

දින 04 ක නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) දිවයිනෙන් පිටව යන බව විදේශ සබඳතා අමත්‍යංශය සඳහන් කර සිටියි.

එරට ජනාධිපති රාම් නාත් කෝවින්ද් , එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී, එරට විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයෂන්කර් යන මහත්වරුන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් සමඟ සාකච්ඡා පැවැත්වීම අරමුණු කර ගනිමින් මෙම සංචාරය සිදු කෙරේ.

ඒ අනුව, ඉන්දු-ශ්‍රී ලංකා අගමැතිවරුන් දේපල හෙට දිනයේ දී හමු වීමට නියමිතයව තිබෙන අතර, එම සංචාරය තුළ වරණාසි,සාරනාත්,බුද්ධගයා, සහ තිරුපති ප්‍රදේශ වල සංචාරය කිරීමට ද නියමිතව ඇත.
ඒ අනුව, පසුගිය නොවැම්බර් මස දී අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා නිරත වන පළමු නිල විදෙස් සංචාරය මෙය වෙයි.

සියලු වංචා ,දූෂණ,අක්‍රමිකතා සම්බන්ධයෙන් තරාතිරම නොබලා එක රටක්,එක නීතියක් යන ප්‍රතිපත්ති මත සිට ක්‍රියා කරන බව කැබිනට් ප්‍රකාහක ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ(6) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ පැවැති කැබිනට් දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පැවසීය.

කැබිනට් දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙක් නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා පැවසුවේ,සියලු ම වංචා ,දුෂණ ,අක්‍රමිකතා සිදු වීම් සම්බන්ධයෙන් වෙනම ජනාධිපති කොමිසමක් මඟින් විභාග කරන අතර ඉදිරි මැතිවරණයෙන් පසුව පත් වන ආණ්ඩුව විසින් සියලු ම වින්දිතටයින්ට හා අසාධාරණයට ලක් වු සියලු දෙනා ගැනම සොයා බලා ඒ සඳහා නීත්‍යානුකූලව හා පළි ගැනීමේ චේතනාවෙන් තොරව අවශ්‍ය උපරිම දඩුවම් ලබා දී ම සඳහා ක්‍රියා මාර්ග ගන්නා බවයි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා පැවසුවේ, යාලු මිත්‍රකම්, දේශපාලන සම්බන්ධකම් නොසළකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එක රටක්,එක නීතියක් යන ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක වන බව අවධාරණය කළේය.

අතීතයට සහ ප්‍රශ්න වලට ඇඟිල්ල දිගු කරන්නේ නැතිව වැටී ඇති ආගාධයෙන් රට ගොඩගැනීමට රජයක් ලෙස කැපවීමෙන් වැඩ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

රට ගොඩනැගීමේ අභියෝගය තමා භාරගත්තේ ආර්ථිකය කඩා වැටී ඇති බව හොඳින් අවබෝධ කරගෙන බව ද එතුමා පවසයි. ජනාධිපති කාර්යාලයේදී වැවිලි සහ මූල්‍ය ආයතන රැසක සභාපතිවරුන් සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් අමතමින් ජනාධිපතිතුමා එසේ ප්‍රකාශ කළේය.

“රට හදන සෞභාග්‍යයේ දැක්ම’’ ප්‍රතිපත්ති ප්‍රකාශනය මැතිවරණ ජය අපේක්ෂාවෙන් සැකසූවක් නොවේ. එය විද්වතුන් සහ ක්ෂේත්‍ර රැසක ප්‍රවීණයන් සමග වසර ගණනාවක අධ්‍යයනයකින්, ජනතා මෙහෙවර වෙනුවෙන් සම්පාදනය කළ එකකි. බොහෝ ආයතන වසර ගණනාවක සිට හුදෙක් රැකියා සපයන ස්ථාන බවට පත්ව තිබේ. මේ අයුරින් රට ඉදිරියට ගෙන යා නොහැක. ආයතන ලාභ ලබන තත්ත්වයට පත්කර ගැනීම නව සභාපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීමක්. පවතින ක්‍රම වෙනුවට නව මඟක් ඔස්සේ බිඳ වැටී ඇති ආයතන ගොඩනැගීමට පියවර ගත යුතුයි.” ජනාධිපතිතුමා අවධාරණය කළේය.

පොල් සහ තේ වගා සංවර්ධනය සමග සෙසු බෝග වගා ද දියුණු කළයුතුය. නව පර්යේෂණ සහ තාක්ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් කෘෂිකර්මාන්තය දියුණු කළ යුතු වේ. පාරම්පරික කර්මාන්තවලට ප්‍රමුඛත්වය දීමෙන් විශාල ආදායමක් උපයාගත හැකිය. මේ සියලු ක්ෂේත්‍ර මඟින් රැකියා විශාල ප්‍රමාණයක් බිහි කළ හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

දින කිහිපයක සිට උපාධිධාරීන් ඇතුළු කණ්ඩායම් රැකියා ඉල්ලමින් ජනාධිපති කාර්යාලය අභියසට පැමිණෙති. රට තුළ සංචාරක, පරිගණක තාක්ෂණ ඇතුළු ක්ෂේත්‍ර රැසක ඇබෑර්තු විශාල ප්‍රමාණයක් පවතී. එහෙත් අධ්‍යාපන ක්‍රමයේ දුර්වලතාව නිසා මේ ඉඩ ප්‍රස්ථා අපතේ යන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

රැකියා වෙළෙඳපොළට ගැලපෙන ආකාරයෙන් අධ්‍යාපන ක්‍රමය කඩිනමින් වෙනස් කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිතුමා පැවසීය. ආසියාව ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙමින් තිබේ. තවත් වසර හතරකින් විශ්ව විද්‍යාලයෙන් පිටතට එන අනාගත පරපුර ඵලදායී ලෙස ඊට යොමු කිරීමට අවශ්‍ය පරිසරය සැකසීම තම මූලික අරමුණක් බව ජනාධිපතිතුමා සඳහන් කළේය. ආර්ථිකය ගොඩනැගීම අරභයා අදහස් හුවමාරු කරගැනීමද අද හමුවේ දී සිදු විය. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ද මේ අවස්ථාවට එක්වූහ.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(05) දින ජනමාධ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවනාගාරයේ දී අමාත්‍යංශයේ නව වෙබ් අඩවිය වන "www.statemediaministry.gov.lk" අන්තර්ජාලයට මුදා හරින ලදී.

මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ලේකම් මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා ද එක්විය

අතිගරු ජනාධිපතිතුමා අත්‍යාවශ්‍ය භාණ්ඩ 10ක් අඩු ආදායම්ලාභීන්ට සහනදායි ලෙස ලබාදීමට වූ පොරොන්දුව මාර්තු මස 01 දින සිට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කොට තිබෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ,අද (5) පාර්ලිමේන්තුවේ දී මාස තුනකට අඩු කාලයක් තුළ රටේ අයවැය හා මූල්‍ය තත්ත්වය පිළිබඳව තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වෙලඳ ජාලය ලංකා සතොස,සමූපකාර වෙළඳසැල් හා කාන්තා ව්‍යවසායකයින් ඇති වෙලඳසැල්වලට ප්‍රමුඛතාවය දී ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය

තවදුරටත් අඳහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

2019 නොවැම්බර් මස 20 දක්වා පැවැති රජය විසින් 2019 වර්ෂය සඳහා අනුමත කර තිබූ අයවැය ඇස්තමේන්තු වල ප්‍රතිපාදන සියල්ලම පාහේ ඒ වනවිටත් වියදම් කර තිබුණා.මේ නිසා නොවැම්බර් - දෙසැම්බර් මාස සඳහා එම රජය විසින් කර තිබූ බොහෝ වියදම් සඳහා මුදල් නිකුත් කිරීමට භාණ්ඩාගාරයට නොහැකි වුණා.

 2020 මුල් මාස 04 සඳහා පසුගිය රජය විසින් අතුරු සම්මත ගිණුමක් සම්මත කර තිබෙන අතර එහි ප්‍රතිපාදන සැලසුම් කර තිබුණේ 2019 වර්ෂයේ අනුමත අයවැය පාදක කර ගනිමින් රජයේ  මූලික සේවාවන් පවත්වා ගැනීමට පමනයි.වියදම් ප්‍රතිපාදන නොමැතිව ගිණුම්ගත කිරීමට නොහැකි වී තිබෙනවා. මේ නිසා මුළු ආර්ථිකයම අක්‍රීය වෙලා තිබෙනවා.පොහොර සමාගම් පොහොර ආනයනය හා බෙදා හැරීමෙන් ඉවත් වෙමින් සිටිනවා. සමස්ත කෘෂිකර්මනයම පසුබෑමකට ලක් වීමේ අවධනමකට මුහුණ දී තිබෙනවා.සමස්ත නිදහස් සෞඛ්‍ය සේවයම අඩපණ වී තිබෙනවා.බොහෝ ඉදිකිරීම් කරුවන්ගේ දේපළ වෙන්දේසි වෙමින් පවතිනවා.කුඩා පරිමාණ හා මධ්‍ය පරිමාණ සහල් මෝල් 700කින් හරි අඩකට වැඩි ප්‍රමාණයක් වැසී තිබෙන අතර ඉතිරි වී ඇති ප්‍රමාණය ද බැංකුවල ණය පියවා ගත නොහැකි තත්ත්වයක පවතිනව.400කට අධිකව පැවැති තේ කර්මාන්තශාලා ප්‍රමාණයක් අඩපණ වී තිබෙනවා.

බැදුම්කර වංචාව හා අදාළ වෝහාරික විගණන සම්බන්ධව මහබැංකුව හා නීතිපතිවරයා විසින් අවශ්‍ය නීතිමය පියවර ගත යුතුයි. එය රජයේ ස්ථවරයයි.ඊටීඅයි තැම්පත් කරුවන්ගේ මුදල්  නොගෙවා අන්තනෝමතිකව විකිණීමට කටයුතු කළ වගකිවයුතු අය හඳුනාගෙන ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මේ වනවිටත් ජනාධිපති කොමිෂමක් පත් කර තිබෙනවා. එම තැම්පත්කරුවන්ට සාධරණයක් ඉටු කිරීම අපගේ වගකීමක්.

රැකියා විරහිත උපාධිධාරී සංඛ්‍යාව ද සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙන අතර පසුගිය වසර 5 තුළ ඔවුන්ගේ විරෝධතා සඳහා ලැබුණේ කඳුළු ගෑස් හා අධිකරණ තීන්දු මත මර්ධනය කිරීම පමණයි.ඔවුන් සඳහා රැකියා ලබාදීමට අයදුම්පත් කැඳවීමට අප බලාපොරොත්තු වෙනවා.

පසුගිය රජය පොරොන්දු වූ පරිදි අයවැය හිඟය ජතික ආදායමෙන් සියයට 04ට අඩු වී නෑ. එය සියයට 07ක් පමණ වෙනවා. 2015 දී මා රජය භාර දුන් අවස්ථවේ දී අයවැය හිඟය තිබුණේ සියයට 5යි.නමුත් වසර 5කට පසු රජයේ ණය ද සියයට 80%ක් පමණ වෙනවා.අධික බදු හා ඉහළ පොලී අනුපාත සහිත ආර්ථිකයක් අපට භාර දී තිබෙනවා .ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය මෙම අභියෝගය භාර ගෙන තිබෙනවා. 2025 වනවිට අයවැය හිඟය සියයට 4ට අඩු මට්ටමකටත් රාජ්‍ය ණය සියයට 70% අඩු කිරීමටත්  නව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සෞභාග්‍යයේ දැක්ම ජනාධිපති මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් කළ පරිදිම ක්‍රියාත්මක කිරීමට අප බැදී සිටිනවා.

වැවිලි ක්ෂේත්‍රයේ කම්කරුවන් සඳහා දිනක වැටුප රු.1500 දක්ව වැඩි කිරීමට නොයෙක් පොරොන්දු දී තිබිය දී එම කම්කරුවන් හා වැවිලි සමාගම් එකඟ වූ පරිදි රුපියල් 1000ක වැටුප ලබාදීමට එකඟ වී තිබෙනවා. එය මාර්තු මස 01 සිට ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශවය අතර සාමූහික ගිවිසුම ඉදිරි සතියේ දී අත්සන් කිරීමට නියමිතය. ගොවීන්ට වී කිලෝවකට රුපියල් 50ක  අවම මිලක් ලැබෙන පරිදි වී මිල දී ගැනීම සඳහා සියලු පාර්ශව සම්බන්ධ කර තිබෙනවා.සහල් ,පිටි,සීනි, ගොඩනැඟිලි ද්‍රව්‍ය වැනි ක්ෂේත්‍රවල ඒකාධිකාරි වෙළඳ ක්‍රමය ඉවත් කළ යුතුයි.පුරන්  කුඹුරු යළි සංවර්ධනය කර පරම්පාරික වී,එළවළු,පලතුරු හා මල් වගාවන් දියුණු කිරීමට ප්‍රමුඛතාවය ලබාදෙනවා.
සමස්ත නිෂ්පාදන ආර්ථිකය අපනයන වෙලඳපොළ ඉලක්ක වන පරිදි අපගේ වෙලඳ ප්‍රතිපත්තියේ දිසාව වෙනස් කිරීමටත් ප්‍රමුඛත්වය දෙනු ලබනවා. මෙම පාරිලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් මෙම ජාතික ප්‍රමුඛතාවයන්ට දයකවීම සඳහා මුලින් ම අප රටේ දේශීය සැපයුම්කරුවන්ට රජය ගෙවීමට ඇති හිඟ මුදල් ගෙවීම මඟින් ඔවුන්ගේ දෛනික ව්‍යාපාර කටයුතුවල යළි පිබිදීමක් ඇති කිරීමට එක්වන ලෙස ඉල්ලා සිටිනවා යැයි පැවසීය.

 

 

 

 

 

අප ඉදිරියේ අභියෝග රැසක් තිබෙන අතර ඒවා ජය ගන්නට රජය දරන උත්සාහයට රට වැසි සියලු දෙනාගේම සහාය අවශ්‍ය යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය.

මා ඔබ ඉදිරියේ තැබූ ප්‍රතිපත්ති මාලව අද ඔබ මුහුණපාන අභියෝගවලට මුහුණදිය හැකි ක්‍රියාමාර්ගයක්. ඒ තුළින් සෞභාග්‍යමත් දේශයක් ඇති කිරීම අපේ බලාපොරොත්තුවයි. අනාගත පරපුර වෙනුවෙන් මේ බලාපොරොත්තුව ඉටු කළ හැකි වන්නේ වත්මන් පරපුරටයි-

ජනාධිපතිතුමා සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේ ය.

ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති

අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 72 වන නිදහස් සමරු උළෙලේ දී ජාතිය

අමතා කරන ලද කතාව.

අති පූජනීය ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි
සෙසු පූජා ප‍්‍රසාදීන් වහන්සේලාගෙන් ද අවසරයි
ගරු අග‍්‍රාමාත්‍යතුමනි, ගරු කථානායකතුමනි, ගරු අග‍්‍රවිනිශ්චයකාරතුමනි
ගරු අමාත්‍යවරුනි, රාජ්‍ය අමාත්‍යවරුනි, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුනි,
ගරු ආණ්ඩුකාරවරුනි, ගරු තානාපතිවරුනි, මහ කොමසාරිස්වරුනි
ජනාධිපති ලේකම්තුමා ප‍්‍රධාන සිය ̈ම රාජ්‍ය නිලධාරීනි
ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුධ හමුදාපතිතුමනිි
නාවික හමුදාපතිතුමනි, ගුවන් හමුදාපතිතුමනි, පොලිස්පතිතුමනි
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමනි
ආරාධිත අමුත්තනි, රණවිරුවනි, සිය ̈ ශී‍්‍ර ලාංකික සහෝදර සහෝදරියනි
ආදරණීය දූ දරුවනි

ශ‍්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්. නිදහස්, ස්වෛරී, ස්වාධීන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජයක්. වසර 500 ක පමණ අධිරාජ්‍යවාදී යටත් විජිත පාලනයකින් නිදහස් වී, වසර 72 ක් ගත වන අද දින රාජ්‍ය නායකයා වශයෙන් ඔබ අමතන්නේ, ඔබ ලැබූ නිදහස තවත් ශක්තිමත් කිරීමට ප‍්‍රතිඥා දෙමිනුයි. මෙම නිදහස ලබාගැනීමට සහ තහවුරු කිරීමට ඇප කැප වුනු සිය ̈ සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ හා බ3⁄4ග3⁄4 නායකයන්ට මගේ ගෞරවය පුද කරනවා.
ශ‍්‍රී ලංකාව තුල ජීවත්වන සෑම පුරවැසියෙකුටම නිදහස්ව, සුරක්ෂිතව ජීවත් වීමේ අයිතිය තිබෙනවා. ඔවුන්ගේ නිදහසේ සිතීමේ අයිතිය, ස්වාධීන මතයක් දැරීමේ අයිතිය මෙන්ම අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය අපි හැමවිටම තහවුරු කරනවා. ́නෑම පුරවැසියෙකුට තමන් කැමති ආගමක් ඇදහීමට ඇති අයිතියට අපි හැමවිටම ගරු කරනවා. තම හිතමිතුරන් තෝරා ගැනීමට මෙන්ම සාමකාමීව ඒකරාශී වීමටත් සෑම පුරවැසියෙකුටම අයිතිය තිබෙනවා. ශ‍්‍රී ලාංකික පුරවැසියෙකුට තමන් විසින් තෝරා ගන්නා ජනතා නියෝජිතයන් හරහා දේශපාලන ක‍්‍රියාවලියට හා රාජ්‍ය පාලනයට
සම්බන්ධවීමේ අයිතිය අපි හැමවිටම ආරක්ෂා කරනවා. මේ සියල්ලම කිසිවෙකුට අභියෝග කළ නොහැකි මිනිස් අයිතිවාසිකම් ලෙස අපි සලකනවා.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිසියාකාරව ක‍්‍රියාත්මක කිරීමේදී අප විසින් තුලනය කළයුතු ක්ෂේත‍්‍ර ගණනාවක් තිබෙනවා. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර වූ බල තුලනය එහිදී ඉතාමත්ම වැදගත් වෙනවා. බලය බෙදා හැරීමේදී මධ්‍යම රජයේ හා විමධ්‍යගත වගකීම් ගැන ඉතා නිරවුල් එකඟතාවක් තිබිය යුතුයි. සාමාන්‍ය ජනතාව හා ආරක්ෂක අංශ එකිනෙකාගේ වගකීම් වටහා ගතයුතු අතර, පුරවැසියන්ට පෞද්ගලික අයිතිවාසිකම් මෙන්ම සාමූහික අයිතිවාසිකම් ද ඇති බව අප මතක තබා ගත යුතුයි. රජය හා ජනතාව අතර සම්බන්ධීකරණයත් මෙහිදී සුවිශේෂී වෙනවා.

නිදහසින් පසු මේ ජනරජය තුළ බලයට පත් වූ සෑම රාජ්‍ය නායකයෙක්ම තෝරා පත් කර ගනු ලැබුවේ සර්වජන ඡුන්ද බලයෙන්. එසේ මහජන ඡුන්දයෙන් තෝරා පත් කර ගැනුන වත්මන් රාජ්‍ය නායකයා ලෙස, මගේ ධුර කාලය තුළ රටේ සිය ̈දෙනාගේම නායකයා ලෙස, රටේ සුභසිද්ධිය වෙනුවෙන් උපරිම වශයෙන් කැපවී සේවය කරන්නට මම සූදානම්. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක නිසි ක‍්‍රමවේදයට අනුව රාජ්‍ය නායකයෙක් පත්වූවාට පසු, ඔහු මේ රටේ සිය ̈ ජනතාවගේම ජනාධිපතිවරයා වෙනවා. තමුන්ගේ ධුර කාලය තුල ඔහු සේවය කළ යුත්තේ සමස්ත ශ‍්‍රී ලාංකික ජනතාවටයි. ඔහු තමන්ට ඡුන්දය දුන් ජනතාවට පමණක් සේවය කරන්නට බැඳී නැහැ. එක් ජනකොටසකට සේවය කරන දේශපාලන නායකයෙකු නොව සිය ̈ ජනතාවගේ රාජ්‍ය නායකයා වශයෙන් සේවය කළ යුතුය යන දැක්ම මට තිබෙනවා. ජනාධිපතිවරයා ලෙස අද මා නියෝජනය කරන්නේ ජාති, ආගම්, පක්ෂ හෝ වෙනත් කිසිදු බේදයකින් තොරව සමස්ත ශ‍්‍රී ලාංකික ප‍්‍රජාවයි.

́නෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක යහපැවැත්ම හා ප‍්‍රගමනය සඳහා ශක්තිමත් විධායකයක්, ව්‍යවස්ථාදායකයක් හා ස්වාධීන අධිකරණයක් අවශ්‍ය වෙනවා. රටක පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය මෙම ප‍්‍රධාන
ආයතනය ගැන කුමන ආකාරයකින් හෝ ජනතා විශ්වාසය පළුදුවන්නේ නම් එය රටක අරාජිකත්වයක් ඇතිවීමට හේතු වෙනවා.
ඒ නිසා සිය ̈ පාර්ශවයන් තමන්ට ලබා දී ඇති බලතල රටේ සුභසිද්ධියට මෙන්ම ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම සඳහා ජාතික දැක්මක් තුල සිය කාර්යභාරය ඉටු කළ යුතුයි.
මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් ක‍්‍රියාත්මක කිරීමට මම බැඳී සිටිනවා. ඒ මාගේ වගකීම හා යුතුකමයි. එය ක‍්‍රියාත්මක කිරීමට කිසිම බාධාවක් රාජ්‍ය නිලධාරීන්ගෙන් හෝ ව්‍යවස්ථාදායකයින්ගෙන් හෝ
අධිකරණයෙන් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මා ඔබගේ නිදහසට ගරු කරනවා පමණක් නොව, එය වර්ධනය කර අර්ථවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක දේශපාලන හා ආර්ථික නිදහස තහවුරු කිරීමට කටයුතු
කරනවා.
කාලයක් තිස්සේ රාජ්‍ය පරිපාලනය විකාශනය වූ ආකාරය නිසා ජනතාවගේ නිදහස සීමා වී තිබෙනවා. නිසි අධ්‍යයනයකින් හෝ සම්බන්ධීකරණයකින් තොරව පනවා ඇති නීතිරීති හා රෙගුලාසි නිසා අද
ජනතාව විශාල හිරිහැර රාශියකට මුහුණ දී තිබෙනවා. මේ හරහා විවිධ අක‍්‍රමිකතා දූෂණ වලටත් මග පෑදී තිබෙනවා. ජනතාවට අහිමි වන කාලය, සම්පත් හා ජීවනෝපාය අවස්ථා අධිකයි. මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට බලපාන බොහෝ දේවල් සඳහා බලපත‍්‍රයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයන් අපි යළි විමසා බැලිය යුතුයි. වැරදි කරනා සුළුපිරිසට එරෙහිව කඩිනමින් නීතිය ක‍්‍රියාත්මක කරනවා විනා, බහුතරය මත අනවශ්‍ය සීමාවන් පැනවීම අප නොකළ යුතුයි. නීතිගරුකව, විනයගරුකව, ගුණගරුකව ජීවත් වීම සඳහා සැබෑ නිදහසක් අපි ජනතාවට ලබා දිය යුතුයි.

ජනතාවට නිදහසේ ස්වයං රැුකියාවක්, පාරම්පරික කර්මාන්තයක්, ව්‍යාපාරයක් කර ගන්නට බාධා පමුණුවන යල්පැනගිය නීතිරීති රෙගුලාසි, බදු හා ගාස්තු කඩිනමින් සංශෝධනය විය යුතුයි.
ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම සඳහා ඔවුන් මත පනවා ඇති අනවශ්‍ය තහංචි ඉවත් කිරීමට අපි කටයුතු කරනවා.

ලංකාව පැරණි ඉතිහාසයක් තිබෙන රටක්. බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වූ, සිය ̈ ආගමිකයන්ට, සිය ̈ ජාතිකයන්ට ක්ෂේම භූමියක් වූ රටක්. මගේ පාලන කාලය තුලදීද, ́නෑම අයෙකුට තමන්ට කැමති ආගමක් ඇදහීමේ නිදහස මා තහවුරු කරනවා. බෞද්ධ දර්ශනය තුළ අපේ රාජ්‍ය පාලකයන්ට හැමවිටම උපදෙස් ලැබුනේ නීතිය, යුක්තිය හා සාධාරණත්වය සහතික වන කිසිදු පුරවැසියෙකුට අගතියක් නොවන ධර්මානුකූල රාජ්‍ය පාලන තන්ත‍්‍රයක් සඳහායි. මගේ ධුර කාලය තුළත් මේ රටේ බෞද්ධ දර්ශනය ආරක්ෂා කොට පෝෂණය කිරීමට මම කැප වෙනවා. ජනතාවට සැබෑ නිදහස ලබා දිය හැක්කේ සමාජ හා ආර්ථික විෂමතාවන් අවම කිරීමෙනුයි.ඒකීය රාජ්‍යයක් තුළ සෑම පුරවැසියෙකුටම සම අයිතිවාසිකම් හිමි විය යුතුයි.

අදත් අපේ ජන සමාජය තුළ විශාල ඇති නැති පරතරයක් තිබෙනවා. නාගරික ප‍්‍රදේශවල ඇති පහසුකම් ග‍්‍රාමීය ප‍්‍රදේශවල නැහැ. අධ්‍යාපන පහසුකම් සෑම ප‍්‍රදේශයකටම සමාන නැහැ. සෞඛ්‍ය පහසුකම් සෑම ප‍්‍රදේශයකටම සමාන නැහැ. රැුකියා අවස්ථා සෑම ප‍්‍රදේශයකටම ව්‍යාප්ත වී නැහැ.මේ කිසිවක් වාර්ගික හෝ ආගමික හේතු මත බල පවත්නා තත්ත්වයන් නොවේ. ඒවා රටේ පොදු ප‍්‍රශ්නයි. ජීවත් වීමේ නිදහස තහවුරු කිරීමේදී අපි මුලින්ම කළයුත්තේ ජනතාවගේ ආර්ථික ගැටළු විසඳා දීමයි. අපි ජනතාවගේ දරිද්‍රතාව තුරන් කිරීම රජයේ ප‍්‍රමුඛතාවක් ලෙස සලකන්නේ ඒ නිසායි.

තිස් වසරක යුද්ධය මෙන්ම තවත් විවිධ හේතු නිසා අපේ රටේ සංවර්ධන කටයුතු බෙහෙවින් ප‍්‍රමාද වී තිබෙනවා. අපට තවදුරටත් කාලය අපතේ හරින්නට බැහැ. අපේ රටේ සුවිශේෂී භූගෝලීය පිහිටීම, භෞතික සම්පත් හා මානව සම්පත නිසියාකාරව ප‍්‍රයෝජනයට ගනිමින් ලෝක ආර්ථිකයේ නව ප‍්‍රවණතා හා අනුගතව අපේ සංවර්ධන කටයුතු වේගවත් කරන්නට අපි ක‍්‍රියා කරනවා.

කාර්යක්ෂම හා පිරිසිදු රාජ්‍ය සේවයක් රටක සංවර්ධනයට අත්‍යාවශ්‍ය සාධකයක්. ජනතාවට නිදහසේ උපරිම ප‍්‍රයෝජන ලබාදීමට නම් රාජ්‍ය පරිපාලනය නිසියාකාරව ක‍්‍රියාත්මක විය යුතුයි. මේ සඳහා සමස්ත රාජ්‍ය පරිපාලනයම වගකීම බාර ගත යුතුයි.

ත‍්‍රස්තවාදීන්, අන්තවාදීන්, සොර සතුරන්, මැරවරයන්, කප්පම්කරුවන්, කාන්තා හා ළමා හිංසකයන් නිසා සාමාන්‍ය ජන ජීවිතයට බාධා පැමිණෙනවා නම් එතන ජනතාවට නිදහසක් නැහැ. ජාතික ආරක්ෂාව මෙන්ම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්නටත් අපි විශේෂ අවධානයක් යොමු කොට තිබෙනවා. ත‍්‍රස්තවාදයට මගපාදන අන්තවාදී සංවිධානවලට තවදුරටත් මේ රට තුළ ක‍්‍රියාත්මක වන්නට අපි ඉඩ දෙන්නේ නැහැ.

රට පුරා පැතිරී තිබෙන මත්ද්‍රව්‍ය උවදුරෙන් දරුවන් මුදාගන්නා තුරු මව්පියන්ට නිදහසක් නැහැ. රාජ්‍ය ආයතන තුළ දූෂණය, වංචාව තිබෙන තුරු මහජනතාවට නිදහසක් නැහැ. ඒ නිසා සාමාන්‍ය ජන ජීවිතයට බලපාන සිය ̈ සමාජ උවදුරු තුරන් කිරීම සඳහා නීතිය තදින්ම ක‍්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරනවා. මේ කටයුතු කාර්4යක්ෂම කිරීම සඳහා අවශ්‍ය කරන ප‍්‍රතිසංස්කරණ ආරක්ෂක අංශ තුළ දැනටමත් ආරම්භ වී තිබෙනවා.
සිතීමට ඇති නිදහස සහ ලිවීමට ඇති නිදහස සම්පූර්ණයෙන්ම මා තහවුරු කරනවා. දාර්ශනිකයන් මෙන්ම උසස් කලා නිර්මාණ බිහිවන්නේ එවිටයි. මගේ රජය විරුද්ධ මත ඉවසන්නට සැමවිටම සූදානම්.

මාධ්‍ය වලට අද සම්පූර්ණ නිදහස තිබෙනවා. ́නෑම අයෙකුට නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය අපි ලබා දී තිබෙනවා.
සමාජ මාධ්‍යයන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට නව අභියෝග එල්ල කරනවා. අන්තර්ජාලයේ වැඩි කාලයක් ගත කරමින්, බොහෝ අවස්ථාවන්හිදී ආගන්තුකයන් සමග සම්බන්ධ වීමෙන් ඔවුන්ගේ අගතීන් අනුව වැරදි තොරතුරු ප‍්‍රචාරයන්ට නතු වී, තමන්ගේ මතයට වඩා වෙනස් මත දරන්නන් ගැන වැරදි මතයන්ට ක්ෂණිකවම පෙළඹීමට අවස්ථාව තිබෙනවා.

ඔබේ හෘද සාක්ෂියට එකඟව ක‍්‍රියා කරන ලෙස අප සෑම අයෙකුගෙන්ම ඉල්ලා සිටිනවා. හැමවිටම රට ගැන හිතන්න. අනෙකුත් සහෝදර රටවැසියන් ගැන හිතන්න. දේශපාලන අවශ්‍යතා ගැන පමණක් නොසිතා ඔබ කරන කියනා දේවලින් රටට සිදුවන්නේ යහපතක් ද අයහපතක් ද යන්න හොඳින් සිතා බලන්න. නමුත් රජය වැරදි මගක යනවා යැයි ඔබේ හෘද සාක්ෂියට අනුව පෙනී යන සෑමවිටම එය නොබියව පෙන්වා දෙන්න. අපි නීතියේ ආධිපත්‍යයට හැමවිටම ගරු කළ යුතුයි. ජනතාවට සැබෑ නිදහස ලැබෙන්නේ නීතිය සාධාරණව ක‍්‍රියාත්මක වන විටයි. නීතිමය කටයුතු වලට දේශපාලන අතගැසීම් කරනා සංස්කෘතිය වෙනස් කරන්නට මගේ රජය පියවර ගෙන තිබෙනවා.

අප ඉදිරියේ අභියෝග රැුසක් තිබෙනවා. ඒවා ජයගන්නට රජය දරනා උත්සාහයට ඔබ සිය ̈ දෙනාගේම සහාය අවශ්‍යයි. මා ඔබ ඉදිරියේ තැබූ ප‍්‍රතිපත්ති මාලාව අද ඔබ මුහුණපාන අභියෝගවලට මුහුණ දිය හැකි ක‍්‍රියාදාමයක්. ඒ තුලින් සෞභාග්‍යමත් දේශයක් ඇති කිරීම අපගේ බලාපොරොත්තුවයි. අනාගත පරපුර වෙනුවෙන් මේ බලාපොරොත්තුව ඉටු කළ හැක්කේ වත්මන් පරපුරටයි. ඉතිහාසය විසින් අප මත පවරා ඇති මේ ඵෙතිහාසික වගකීම ඉටු කිරීමට අප හා එක්වන මෙන් සිය ̈ ශ‍්‍රී ලාංකික ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා.

ඔබ සැමට සෞභාග්‍යමත් අනාගතයක් මා ප‍්‍රාර්ථනා කරනවා !

ශ්‍රී ලංකාවේ රූපවාහිනි විකාශයන් ඩිජිටල් කිරීම සඳහා පසුගිය දා පැවැති ආණ්ඩුව නවතාදමා තිබු වැඩසටහන යළි ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා තොරතුරු හා ජනමාධ්‍ය අමත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙක් කමිටුවක් පත් කැර තිබෙන අතර එහි නිර්දේශ (9) පෙර ලබාදීමට නියමිතයි.

ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජපන් රජයේ ඉහළ පෙලේ නියෝජිත පිරිසක් සහ තොරතුරු හා ජනමාධ්‍ය අමත්‍යාංශයේ ඉහළ නිලධාරි පිරිසක් අතර පසුගිය දා (31) මෙම සාකච්ඡාව සිදු වී තිබේ.

දැනට Analog තාක්ෂණය භාවිතා කරමින් සිදු කරනු ලබන ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශයන් ඩිජිටල් මාධ්‍යයට හැරවීම සම්බන්ධයෙන් යොදා ගත යුතු තාක්ෂණ ක්‍ර‍වේදය ලෙස ජපානයේ භාවිත කරන ISDB-2 තාක්ෂණ ක්‍ර‍මවේදය යොදා ගැනීමට 2014 වසරේ කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. ඒ සම්බන්ධයෙන් වන ණය ගිවිසුමට ද ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් තබා ඇත.

නමුත් ඉහත වැඩසටහන 2015 වසරෙන් පසු ක්‍රියාත්මක වී නොමැත. ඒ අනුව 2021 දක්වා වලංගු ඉහත ගිවිසුම අනුව එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජපන් රජයේ නියෝජිතයින් පිරිස සමඟ මෙම සාකච්ඡාව සිදු කැර ඇත.

මෙම ක්‍ර‍මයේ ඇති ප්‍ර‍තිලාභ පිළිබඳව ජපන් නියෝජිත පිරිස පැහැදිලි කළ අතර මෙහි විවිධ තාක්ෂණික කරුණු ඇතුළු අනකුත් කරුණු පිළිබඳව ජපාන් රජය අවධානය යොමු කරන ලදී. ඒ අනුව තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් කමිටුවක් පත් කළ අැමැතිවරයා (9) වැනි දිනට පෙර ඒ සඳහා නිර්දේශ ලබාදෙන ලෙස ද එම කමිටුවට උපදෙස් ලබාදුන්නේය. මෙම සාකච්ඡාව සඳහා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා, රජයේ ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක , අධ්‍යක්ෂ ජනරාල් අජිත් නාරගල , නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ඉංජිනේරු )පාලිත ගාල්ලගේ මහතා ජපාන රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියහ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter