නවතම පුවත්

කොරෝනා වෛරස් රෝගය පිළිබඳව ශ්‍රී ලංකාව විසින් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කොට තීරණ ගැනීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉහළ පෙළේ සාකච්ඡාවක් අද(28) පැවැත්වෙයි.

ජනාධිපතිවරයා විසින් කොරෝනා සම්බන්ධයෙන් පත් කොට ඇති ජාතික ක්‍රියාකාරී කමිටු නිලධාරින්ද සෞඛ්‍ය,සංචාරක,ගුවන් සේවා ,ආගමන විගමන අංශ වල ප්‍රධානින්ද මෙම සාකච්ඡාවට සහභාගී වී සිටිති.

මෙහිදී කොරෝනා රෝගය පැතිර යාම වැළැක්වීම සඳහා ජාතික මට්ටමේ වැදගත් තීරණ ගන්නා බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද(28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රකාශ කළාය.

2019 වසරේ නොවැම්බර් 20 වැනිදාට පෙර බැංකු වෙත අයදුම්පත් ලබාදුන් ජනමාධ්‍යවේදීන් සඳහා ‘මාධ්‍ය අරුණ’ ණය පිරිනමන බවත් මහජන බැංකුව හා ප්‍රාදේශීය බැංකු වලට මේ බව දැනුම් දී ඇති බවත් තොරතුරු හා ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (28) අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

එමෙන්ම, ‘මාධ්‍ය අරුණ’ ණය යෝජනා ක්‍රමය එළඹෙන මාර්තු මසදී නව මුහුණුවරකින් හඳුන්වාදෙන බව ද එතුමා අවධාරණය කළේය. ශ්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමේ අරමුණින් දියත් කරන ‘ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන 2020 ‘ සඳහා අයදුම්පත් භාරගැනීම මේ වනවිට සිදුකෙරේ. එළඹෙන පෙබරවාරි 07 දක්වා ඒ සඳහා අයදුම්පත් භාරගන්නා බවත් සිය වෘත්තීය කුසලතා වැඩිදියුණු කරගැනීමේ අභිලාෂයෙන් සිටින ජනමාධ්‍යවේදීන් නොපමාව ඊට අදාළ අයදුම්පත් සම්පූර්ණ කර ඒවා තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත යොමුකළ යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ දිනවල චීනය ආශ්‍රිත කරගනිමින් මුළු ලෝකය පුරාම සීඝ්‍රයෙන් පැතිර යන කෙරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් මාධ්‍ය ගෙනයන මෙහෙවර ද අමාත්‍යවරයාගේ පැසසුමට ලක්විය. චීනයේ සිටින ලාංකික සිසුන් ගෙන්වා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදුකළ සුවිශේෂී මෙහෙවර දෙවැනි වන්නේ ඇමරිකා එක්සත් ජනපදයට බව ද එතුමා මෙහිදී අවධාරණය කළේය.

චීනයේ බීජිං නගරයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැය 24 පුරා ක්‍රියාත්මක වන දුරකථන අංක 0861065321861 / 0861065321862 තුළින් චීනයේ සිටින ශ්‍රී ලාංකිකයින් ගැන තොරතුරු සිය ඥාතීන්ට දැනගත හැකි බවත් කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට 15 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත්කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.

මක්කම වන්දනාවේ යාමට අපේක්ෂාවෙන් සිටින මුස්ලිම් බැතිමතුන්ට අගමැතිතුමාගේ මැදිහත්වීමෙන් ලක්ෂ 05 ක මුදලකට සියලු පහසුකම් වලින් යුතු සහනදායී පැකේජයක් ලබාදෙන බවත් පැවසූ අමාත්‍යවරයා ආහාර, ඉඳුම් හිටුම් හා කූඩාරම් පහසුකම් ආදිය පවා මීට ඇතුළත් බව ද පැහැදිලි කළේය.

ජනතාවට 8 % ක වැට් බදු සහනයක් ලබාදීම මේ දිනවල ක්‍රියාත්මක වන බවත් ඒ අනුව පාරිභෝගික සේවා අධිකාරියට වාර්තා වී ඇති ආයතන 50 කට ආසන්න ප්‍රමාණයක් සහ එම ආයතන වලට අයත් භාණ්ඩ හා සේවාවන් 5555 ක පමණ වැට් සහනය ලබාදී තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

රත්ම­ලාන විශ්ව­වි­ද්‍යාල විද්‍යා­ය­ත­නයේ සිසුන් මුහුණ දෙන ගැට­ලු­ව­ලට දින 4කින් විස­ඳුම් ලබා දෙන බවත් තමාගේ සහ රජයේ අර­මුණ ශිෂ්‍ය මර්ද­නය නොවන බවත් ඕනෑම ගැට­ලු­වක් සඳහා හොඳම විස­ඳුම සාක­ච්ඡාව බවත් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා පැව­සීය.

ඒ මහතා මේ බව පැව­සුවේ ඊයේ (27) රත්ම­ලාන විශ්ව­වි­ද්‍යාල විද්‍යා­ය­ත­නයේ ශිෂ්‍ය ශිෂ්‍යා­වන් සති­ය­කට අධික කාල­යක් තිස්සේ සිදු කර­ගෙන යන පන්ති වර්ජ­නය සහ සත්‍ය­ග්‍ර­හය පිළි­බඳ සොයා බැලීම සඳහා එම ආය­තන පරි­ශ්‍ර­යට ගොස් ශිෂ්‍ය ශිෂ්‍යා­වන් සමඟ කළ සාක­ච්ඡා­වෙන් අන­තු­රු­වය.

එහිදී වැඩි­දු­ර­ටත් කතා කළ ඇමැ­ති­ව­රයා මෙසේද කීය.

මේ දරු­වන් සති­යක කාල­යක් තිස්සේ අට්ටා­ල­යක් ගහ­ගෙන පන්ති වර්ජ­නය කර­මින් උප­වාස කර­නවා. උප­වාස කර, පන්ති වර්ජන කර, අට්ටා­ල­වල ඉඳ­ගෙන ප්‍රශ්න විස­ඳන්න බැහැ.

නමුත් ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ආවේ මේ ගැටලු විස­ඳන්න. එතුමා හැම­වි­ටම සාකච්ඡා කර ගැටලු විස­ඳන්න කැම­තියි. දරු­වන්ට බැරි­යර් දමා, කඳුළු ගෑස් ගසා ඒ දරු­වන්ගේ ගැටලු විස­ඳන්න නෙමෙයි. අපිත් දරු­වන්ගේ දෙමා­පි­යන්. ඒව­ගේම ගුරු­ව­රුන්. විශ්ව­වි­ද්‍යාල ජීවි­ත­ය­කුත් අප­ටත් තිබුණා. ඒ නිසා ම සිසුන්ගේ ගැටලු දෙස වැඩි­හි­ටි­යන් ලෙස බලා ඔවුන්ගේ ගැටලු විස­ඳන්න හිතා­ගෙ­නයි ආවේ. ළම­යි­න්ගෙන් පළි­ගන්න එක මගේ ප්‍රති­ප­ත්තිය නෙමෙයි.

විශ්ව­වි­ද්‍යාල විද්‍යා­ය­තන 300ක් රට පුරා ඇති කර­න්න­ටත් ඊට අම­තර උසස් පෙළ විභා­ගය අභා­ග්‍ය­යක් බවට පත් නොකර එය සම­ත්වන සියලු දරු­වන්ට උසස් අධ්‍යා­පන වරම් ලබා දීම­ටත් දැනට නොස­ලකා හැර තිබෙන උසස් අධ්‍යා­පන ආය­තන යාව­ත්කා­ලීන කොට ශිෂ්‍ය ගැටලු විස­ඳ­න්න­ටත් අවශ්‍ය සැල­සුම් සම­ඟින් කැබි­නට් මණ්ඩල අනු­මැ­තිය ලබා ගැනී­මට කට­යුතු කර­නවා.

මේ පිළි­බඳ සාක­ච්ඡා­කොට විස­ඳු­මක් කරා යාමට ලබන බ්‍රහ­ස්ප­තින්දා සවස 1ට සිය­ලුම පාර්ශ්ව­යන් සමඟ සාකච්ඡා කර­නවා. ශිෂ්‍ය නියෝ­ජි­ත­යන් ද ඒ සඳහා කැඳ­ව­නවා. එසේ විවෘත ව සාකච්ඡා කිරී­මෙන් ගැටලු විස­ඳා­ග­න්නට ඉතා ම පහසු යි. ඒ නිසා මා පිළි­බඳ විශ්වා­සය තබා මෙම උප­වා­සය නව­ත්වන ලෙස දරු­ව­න්ගෙන් ඉල්ල­නවා.

මෙරට වෛද්‍යවරුන්ට පශ්චාත් උපාධි හැදෑරීමට පහසුකම් ඇති කිරීමෙන් ගුණාත්මක විශේෂඥ වෛද්‍යවරු බිහිකිරීමට කොළඹ 07, මහාචාර්ය නන්දදාස කොදාගොඩ මාවතේ(නොරිස් චැනල්) පිහිටි හෙක්ටයාර් 0.2074ක ඉඩම හා එහි පිහිටි ගොඩනැඟිලි කිසිදු බදුගෙවීමකින් තොරව නීත්‍යනුකූලව වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යාපන ආයතනයට පවරාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉකුත් බදාදා පැවැති අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට එම මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත.

මෙම වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය වසර තිහක කාලයක් පමණ පවත්වාගෙන ගොස් ඇත්තේ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමත්‍යාංශයට අයත් නැති ඉඩමක හා එහි පිහිටි ගොඩනැඟිලිවලය.

ජපානයේ ඉහළ පෙළේ ආයෝජකයින් වන Mr.Yukio kawageo, Mr Hasegawa jun , Mr.Nakada Hiroyuki යන මහත්වරුන් ඇතුළු පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී පසුගිය 22 දා හමු වූ අවස්ථාවයි මේ.

මෙහිදී ශ්‍රී ලංකාව තුළ සිදු කළ හැකි ආයෝජනයන් පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් වන 2030 වසර වන විට ශ්‍රී ලංකාව පුනර්ජනනීය බල ශක්තියෙන් සියයට අසූවක් සපුරා ගැනීමේ ජාතික වැඩසටහන සඳහා තාක්ෂණික මෙන්ම මූල්‍යමය සහයෝගයන් ලබාදීමට හැකියාව පවතින බව එම ආයෝජකයෝ අග්‍රාමාත්‍යවරයා වෙත ප්‍රකාශ කළහ.

මෙම අවස්ථාවට ජපානයේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ජයන්ත හෙට්ටිආරච්චි, කැලුම් ද අල්විස්, සාලින්ද පිංතු යන මහත්වරු ද එක් වූහ.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වෙන්වූ මෙරට ප්‍රථම ළමා සුරැකුම් මධ්‍යස්ථානය වන “ආයති ජාතික මධ්‍යස්ථානය” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

මෙරට දරුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු (එනම් 20% ක්) කායික හෝ මානසික ආබාධයකින් පෙළෙන බව පර්යේෂණයන්ගෙන් අනාවරණය වී ඇත. කල්තබා හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකර්ම ලබා දීමෙන් ඔවුන් වඩාත් ඵලදායී ලෙස සමාජගත කළ හැකිය.

මෙයට විසඳුමක් සැපයීමට රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය අතර එකඟතාවකින් ආයති ජාතික මධ්‍යස්ථානය ස්ථාපනය කෙරිණි. ඊට වැයකෙරුණු මුදල රු කෝටි 55කි.

කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය, හේමාස් හෝල්ඩින්ග්ස් සහ මාස් හෝල්ඩින්ග්ස් සමාගම්, රොෂාන් විජේරාම පවුල් පදනමද, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ රොටරි සමාජය මෙම කර්තව්‍යයට නන් අයුරින් සහය ලබා දී තිබේ.

ලාභ අපේක්ෂා නොකරන රාජ්‍ය ආයතන ජනතාවට කාර්‍යක්ෂම සේවාවක් සැලසිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

සීග්‍ර ආර්ථික වර්ධනය සියලු රාජ්‍ය ව්‍යාපාර ආයතනවල ප්‍රමුඛ වගකීම වන අතර රාජ්‍ය ආයතනවල අකාර්යක්ෂමතාව පිටුදැක රජයට බරක් නොවන ලෙස ලාභ උත්පාදනයත් ආයතන ප්‍රධානීන්ගේ වගකීම බව ජාතික ආර්ථිකයට සහ මහජන සේවා සම්පාදනයට ඝෘජුවම දායකවන රාජ්‍ය සංස්ථා මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතනවල නව සභාපතිවරු සහ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් හමුවේ ජනාධිපතිවරයා පැහැදිලි කළේ ය.

පසුගිය සමයේ නැගුණු චෝදනාවලින් මිදී ආර්ථික පුනරුදයට මේ ආයතන දායක වීම තුළින් ඉකුත් ජනාධිපතිවරණයේ දී ජනතාව මා කෙරෙහි තැබූ විශ්වාසය ඒ අයුරින්ම සපුරාලීමට සහය වන ලෙස වැඩිදුරටත් ජනාඪ්ජිපතිවරයා ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් ද කළේ ය.

දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව අභ්‍යන්තර හා බාහිර සියලුම උපාධිධාරීන්ට මාර්තු පළවනදා සිට නියත වශයෙන්ම රජයේ රැකියා හිමිවන බව උසස් අධ්‍යපාන සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

මෙහිදී, දිළිදුකම පිටුදැකීමේ වැඩසටහන යටතේ බහුකාර්ය ශ්‍රම හමුදාවක් පිහිටුවා, සමෘද්ධිලාභී පවුල්වලින් ලක්ෂකයට අධික පිරිසක් බදවා ගන්නා බවත් ඒ අනුව මාර්තු මාසය වන විට එක් ලක්ෂ පනස්තුන්දහසක් පමණ ප්‍රමාණයක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට නියමිත බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ජාතික විද්‍යා තාක්ෂණ හා නව්‍යකරණ අධිකාරියක් පිහිටුවීම සඳහා අවශ්‍ය පනත් කෙටුම්පත් සැකසීම සඳහා කැබිනට් අනුමැති හිමිව ඇති බවත්, ප්‍රමිතියෙන් යුත් වී කිලෝවක් සඳහා රුපියල් 50 ක අවම සහතික මිලක් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන බවත් අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී පැවසුවේය.

මෙරට තුළ ජාත්‍යන්තර අධ්‍යාපන කේන්ද්‍රයක් (International Education Hub) ඇතිකිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාව සම්මත වූ බව අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා පැවසුවේය.

ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට වාර්ෂිකව 30,000 ක සිසුන් ප්‍රමාණයක් ඇතුළත් කරගන්නා විට උසස් අධ්‍යාපන අවස්ථා සොයමින් සිසුන් 21,000 ක් වාර්ෂිකව විදේශගත වන බවත් ජාත්‍යන්තර අධ්‍යාපන කේන්ද්‍රය ස්ථාපිත වූ පසු විදේශයන් වෙත ඇදී යන ධනය මෙරටදීම ඉතිරි කරදීම සිදුවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. අධ්‍යාපන අවස්ථා සොයමින් මෙරට සිසුන් විදේශගත වීමත් සමග රු.බි. 50 ක ප්‍රමාණයක් මෙරටින් ඉවතට ඇදී යන අතර මෙය රටේ ආර්ථිකයට ද සෘජුවම බලපානමින් රුපියල අවපාත වීමට පවා හේතුවන බවත් අමාත්‍යවරයා පැවසුවේය. මෙවැනි පසුබිමක මාලදිවයින හා බංග්ලාදේශය ආදී ආසියාතික රටවල සිසුන් මෙරට අධ්‍යාපන අවස්ථා සොයමින් පැමිණෙන බවත් පසුගිය වසරේදී 1568 දෙනෙකු එලෙස පැමිණ ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. තොරතුරු තාක්ෂණය, ජෛව පද්ධති තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය, ඉංග්‍රීසි, ගණකාධිකරණය වැනි තාක්ෂණික විෂයන් හැදෑරීමේ අවස්ථාවන් සෙවීම මොවුන්ගේ මූලික අභිලාෂය වී තිබේ.

ලොව ප්‍රමුඛතම විශ්වවිද්‍යාල හා තාක්ෂණික ආයතන, අධි තාක්ෂණික ආයතන මෙරට තුළ ස්ථාපිත කිරීමටත් විදෙස් ආයෝජකයින්ට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් පිරිනමන බදු සහන වැනි අවස්ථාවන් ලබාදෙමින් මෙරට තුළ විදෙස් අධ්‍යාපන ආයතන ස්ථාපිත කිරීමට ඉඩ හසර ලබාදෙන බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය. පාඨමාලාවන්ට අදාළ ගෙවීම් විදේශීය මෙන්ම දේශීය සිසුන්ට ද මෙරට සම්මත විදේශ මුදල් ඒකක වලින් ගෙවීමට පියවර ගැනීමත් සමග මෙරට ආර්ථිකය ද නංවාලීමට උරදෙන බවද එතුමා පැවසුවේය.

යෝජිත ජාත්‍යන්තර අධ්‍යාපන කේන්ද්‍රය, ගණකාධිකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ඨයින් බිහි කරන තෝතැන්නක් බවට පරිවර්තනය කිරීමෙහිලා සිය සහය නොමඳව ලබාදෙන බව වොෂිංටනයේ පිහිටි ජාත්‍යන්තර ගණකාධිකාරීවරුන්ගේ සම්මේලනයේ සභාපති ඉන් කි ජූ මහතා අද උදෑසන තමන් සමග පැවති සාකච්ඡාවකදී පොරොන්දු වූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා අවධාරණය කළේය. මේ ගැන වරදවා අර්ථකතන ලබානොදෙන ලෙස ද අමාත්‍යවරයා මාධ්‍ය සගයින්ගෙන් ඉල්ලා සිටියේය.

මහ­පොළ ශිෂ්‍යත්ව අර­මු­දල සියලු දෙනාගේ සහ­යෝ­ගය ඇතිව රුපි­යල් බිලි­යන විස්ස දක්වා වැඩි කිරී­මට තමා අපේක්ෂා කරන බව තොර­තුරු හා සන්නි­වේ­දන තාක්ෂණ, උසස් අධ්‍යා­පන, තාක්ෂණ හා නවෝ­ත්පා­දන ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳ­හන් කළේ ඊයේ (22) මහ­පොළ ශිෂ්‍යත්ව භාර­කාර අර­මු­දල වෙනු­වෙන් නව වෙබ් අඩ­වි­යක් හඳුන්වා දීම ජාතික විද්‍යා හා තාක්‍ෂණ කොමි­ෂන් සභාවේ පැවැති අව­ස්ථා­වට එක්වෙ­මින්ය.

එහි දී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වු ඇමැ­ති­ව­රයා මෙසේද කීය. පසු­ගිය කාල­සී­මාවේ දී මහ­පොළ ශිෂ්‍යත්ව ගෙවීම් සම්බ­න්ධ­යෙන් යම් යම් අර්බුද පැව­තිය ද වර්ත­මාන ආණ්ඩුව විසින් හිඟ වූ මුදල් සමඟ මහ­පොළ ශිෂ්‍යත්ව ගෙවීම් කට­යුතු සාර්ථ­කව මේ වන විටත් සිදු කර­මින් තිබෙ­නවා.

බිලි­යන 10.5 ක් වන මහ­පොළ ශිෂ්‍යත්ව අර­මු­දල බිලි­යන 20 දක්වා වැඩි කිරී­මට ශිෂ්‍ය ප්‍රජාව ප්‍රති­ලාභ ලැබූ විද්‍යා­ර්ථීන්, විදේ­ශීය රට­වල වෙසෙන ශ්‍රී ලාංකි­ක­යන් මෙන්ම දෙමා­පි­යන් ද කට­යුතු කරනු ඇතැයි තමා අපේක්‍ෂා කර­නවා.

www.mahapola.lkවෙබ් අඩ­වි­යෙන් මහ­පොළ ශිෂ්‍යත්ව අර­මු­දල පිළි­බඳ සිය­ලුම තොර­තුරු අද සිට ලබා ගැනී­මට හැකි­වන බව පැවසු ඇමැ­ති­ව­රයා විනි­විද භාව­ය­කින් යුක්තව තොර­තුරු දැන ගැනීමේ පන­ත­ටත් වඩා ඉදි­රි­යට ගොස් මේ හරහා තොර­තුරු සැප­යී­මට හැකි­වීම ගැන මම සතු­ටු­වෙ­නවා.

ජාතික විද්‍යා හා තාක්‍ෂණ කොමි­ෂන් සභාවේ පැවති මේ අව­ස්ථා­වට උසස් අධ්‍යා­පන, තාක්‍ෂණ සහ නවෝ­ත්පා­දන අමා­ත්‍යාං­ශයේ ලේකම් අනුර දිසා­නා­යක, මහ­පොළ ශිෂ්‍යත්ව අර­මු­දලේ අධ්‍යක්‍ෂ පරා­ක්‍රම බණ්ඩාර, කේෂ­ර­ලාල් ගුණ­සේ­කර යන මහ­ත්ව­රුන් ද සහ­භාගී වී සිටි­යහ.

සමෘද්ධි සහ­නා­ධා­රය සඳහා සුදු­සු­කම් ලබා තිබෙන, එම ලයි­ස්තු­වල ඉන්න සහ මෙතෙක් සමෘ­ද්ධිය ලබා ගැනී­මට නොහැකි වුණ අඩු ආදා­ය­ම්ලා­භීන්ට රැකියා ලක්ෂයේ වැඩ­ස­ට­හ­නට ඉල්ලුම් කළ හැකි බව රජය පව­සයි.

එක පවු­ල­කින් එක් සමා­ජි­ක­ය­කුට හෝ සමා­ජි­කා­ව­කට පම­ණක් මීට ඉල්ලුම් කර හැකි අතර ආබා­ධිත දරු­වන් සහිත පවු­ල්වල අයට, වය­ස්ගත පුද්ග­ල­යන් ඉන්න ආදා­යම් මාර්ග නොමැති පවු­ල්වල අයට ද විශේෂ අව­ස්ථා­වක් ලබා දීමට රජය තීර­ණය කර තිබේ.

එම රැකි­යාව සඳහා යොමු කිරී­මට පෙර ඔවුන්ට ලබා­දෙන පුහුණු කාලයේ දී මාස­ය­කට රුපි­යල් විසි දෙද­හස් පන්සි­ය­යක් වැටු­පක් ගෙවන බවත් ඊට අදාළ පුහු­ණු­වත්, එම රැකි­යා­වත් ලබා­දෙනු ලබන්නේ ඔවුන් ජීවත් වන ප්‍රදේ­ශ­යෙන් වන බවත් තොර­තුරු හා සන්නි­වේ­දන තාක්ෂණ රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේ­ව­ර්ධන මහතා පැවැ­සීය.

ඊට අදාළ අය­ඳු­ම්පත් ලබා­දීම ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාස මට්ට­මින් ආරම්භ කර ඇති බවත් තොර­තුරු හා සන්නි­වේ­දන තාක්ෂණ රාජ්‍ය අමා­ත්‍යාං­ශයේ ඇසි­දිසි මැඳුර ශ්‍රව­ණා­ගා­රයේ පැවැති මාධ්‍ය හමු­වට සහ­භා­ගී­වෙ­මින් රාජ්‍ය ඇමැ­ති­ව­රයා එසේ ප්‍රකාශ කළේය.

ඇතැම් අයට ප්‍රශ්න­යක් තිබුණා සමෘද්ධි පවු­ල්ව­ලින් රැකියා සඳහා බඳවා ගත්තම සමෘ­ද්ධිය අහිමි වෙවි කියා. ඒ නිසා සමෘද්ධි පවුල් නැතුව අඩු ආදා­ය­ම්ලාභී පවු­ල්ව­ලට රැකියා ලාබා­දීමේ වැඩ­පි­ළි­වෙළ ශක්ති­මත් කිරීම සඳහා පෙරේදා සිට මෙම අය­ඳු­ම්පත් බෙදා­හ­රින්න කට­යුතු යොදා තිබෙ­නවා යැයි ද ඒ මහතා කියා සිටි­යේය.

රාජ්‍ය ඇමැ­ති­ව­රයා මෙසේද පැවැ­සීය.

ප්‍රාදේ­ශීය ලේකම් කාර්ය­ල­ව­ලින් අය­දු­ම්පත් ලබා­ගැ­නී­මෙන් පසු අපි නිර්නා­ය­ක­යන් කිහි­ප­යක් ලබා දී තිබෙ­නවා. ඒ අනුව අඩු ආදා­ය­ම්ලාභී පවු­ල්වල සමා­ජි­ක­ය­කුට හෝ සමා­ජි­කා­ව­කට මේ සඳහා ඉල්ලුම් කළ හැකියි. අය­ඳු­ම්පත් ලබා­ගත් පසු එම අය­ඳු­ම්පත ග්‍රාම­සේ­වක නිල­ධා­ධා­රීන් අනු­මත කළ යුතුයි. ඒ එම පවුලේ ආදා­යම් තත්ත්වය පිළි­බඳ සඳ­හන් කර. වයස අවු­රුදු 18 ත් 40 ත් අතර අයට, ඒ වගේම මේ අයගේ වෙනත් කුස­ල­තා­වන් ගැනත් මෙහිදි සැල­කි­ල්ලක් දක්ව­නවා. හැබැයි සාමාන්‍ය පෙළ සමත් අයට මේ සඳහා ඉදි­රි­පත් වෙන්න බැහැ. සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත් අයට මේ සඳහා ඉදි­රි­පත් විය හැකියි.

මේ තෝරා ගැනීම හා පුහු­ණුව විනි­වි­ද­භා­ව­යෙන් සිදු­ක­රන්න කියා ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා උප­දෙස් ලබා දී තිබෙ­නවා. ඒ අනුව බහු කාර්ය සංව­ර්ධන කාර්ය සාධක බළකා දෙපා­ර්තු­මේ­න්තු­වක් ස්ථාපිත කර තිබෙ­නවා. තව නොබෝ දින­කින් ඒ දෙපා­ර්තු­මේ­න්තු­වට අධ්‍යක්ෂ ජෙන­රා­ල්ව­ර­යකු පත් කර­නවා. ඒ අධ්‍ය­ක්ෂක ජෙන­රා­ල්ව­රයා පත් වුණාට පස්සේ විශේෂ කමි­ටු­වක් මඟින් සියලු අය තෝරා ගැනීම සඳහා මූලික සුදු­සු­කම් සපුරා එවා තිබෙ­නවා ද බල­නවා.

මේ රජ­යට, රජයේ නිල­ධා­රීන්ගේ සහාය විශාල ලෙස ලැබුණා. ඒ නිසා රජයේ නිල­ධා­රිය පිළි­බඳ අපිට විශ්වා­ස­යක් තිබෙ­නවා. ඒ රජයේ නිල­ධා­රීන් ගැන විශ්වා­ස­යක් තිබෙන නිසා එම නිල­ධා­රීන්ට විශේෂ අව­ස්ථා­වක් මේ සඳහා නිර්දේශ ලබා­දී­මට ලබා දී තිබෙ­නවා. ඒ අනුව ප්‍රාදේ­ශීය ලේක­ම්තුමා හෝ තුමි­යට ඒ අයගේ සහ­තික කිරී­මෙන් පසු කාර්ය සාධන බළ­කා­යට එවිය හැකියි. ඉන් පස්සේ රජය ලබා දී ඇති සුදු­සු­කම් සපුරා ඇද්ද කියලා නැවත කමි­ටු­ව­කින් පරික්ෂා කර බල­නවා. මේ අයට මාස හයක විශේෂ පුහු­ණු­වත් ලබා දෙනවා. ඉන් පස්සේ රුපි­යල් 22,500 ක වැටු­ප­කට ඔවුන් රැකියා සඳහා අනු­යුක්ත කර­ග­න්නවා. ඊට පස්සේ වසර දහ­ය­කට පසු දෙපා­ර්තු­මේන්තු මට්ටමේ විශ්‍රාම වැටු­පක් තිබෙන පුද්ග­ල­යකු බවට පත් කර­නවා. මෙහිදි විශේ­ෂ­යෙන් කාර්යන් 25 බෙදා තිබෙ­නවා. හදිසි අව­ස්ථා­වක දී සිදු කරන සේවා­වන්, ආය­ත­න­වල තිබෙන පුර­ප්පාඩු, ආපදා තත්ත්ව­ය­න්ව­ලදි සේවා­වන් යන අංශ පිළි­බඳ පුහු­ණු­වක් ලබා දීලා රාජ්‍ය සේවයේ කාර්ය­ක්ෂම සමා­ජි­ක­යන් බවට එම පිරිස පත්කර ගන්නවා.

අඩු ආදා­ය­ම්ලාභී පුවු­ල්ව­ලට තිබුණු ප්‍රශ්න­යක් තමයි මේ රජයේ රැකියා ලබා ගැනී­මට නොහැ­කි­වීම. පසු­ගිය කාලයේ මේ අය රැකියා ගත්තේ කාගේ හරි පස්සෙන් ගිහින්. දැන් ජන­තා­වට අව­ස්ථාව ලැබී තිබෙ­නවා තමන්ගේ අඩු සුදු­සු­කම් තිබෙන දරු­වන්ට කිසිම දේශ­පා­ලන භේද­ය­කින් තොරව ඉදි­රි­ප­ත්වී­මට. මේ වැඩ­පි­ළි­වෙළ විශේෂ දෙපා­ර්තු­මේ­න්තු­වක් විදි­යට ස්ථාපති කර අධ්‍ය­ක්ෂක ජෙන­රා­ල්ව­ර­යකු පත් කර ඔහුගේ අධී­ක්ෂ­ණය යට­තට පත් කර­නවා.

මහා­චාර්ය සිරිල් පොන්න­ම්පෙ­රුම මහ­තාට අන්තර් ජාතික තලයේ කීර්ති­යක් සහ ගෞර­ව­යක් ලැබුණු බව උසස් අධ්‍යා­පන, තාක්ෂණ සහ නවෝ­ත්පා­දන ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා පැව­සීය.

බහු­විධ අධ්‍ය­නය පිළි­බඳ මහා­චාර්ය සිරිල් පොන්න­ම්පෙ­රුම අනු­ස්ම­රණ ජාත්‍ය­න්තර සම්ම­න්ත්‍ර­ණය මහ­නු­වර ජාතික මූලික අධ්‍ය­යන ආය­ත­නයේ දී උසස් අධ්‍යා­පන, තාක්ෂණ සහ නවෝ­ත්පා­දන ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ඊයේ (21) පැවැ­ත්විණි.

එහි දී අද­හස් දක්ව­මින් ඒ මහතා කියා සිටියේ මහා­චාර්ය සිරිල් පොන්න­ම්පෙ­රුම මහ­තාට අන්තර් ජාතික තලයේ කීර්ති­යක් සහ ගෞර­ව­යක් ලැබුණු බවත් එලෙස කීර්ති­යට හා ගෞර­ව­යට පාත්‍ර වූ ප්‍රමුඛ ස්වජා­තික විද්වතා හා විද්‍යා­ඥයා ලෙස මහා­චාර්ය සිරිල් පොන්න­ම්පෙ­රුම මහ­තාට ලෝක ඉති­හා­ස­යට එක් වූ බවයි.

විද්‍යා­ත්මක ප්‍රවේ­ශ­යක් ඔස්සේ අධ්‍යන කට­යුතු දියුණු කිරීම ඉතා­මත් අත්‍යා­වශ්‍ය කරු­ණක් වී තිබෙන බව පෙන්වා­දුන් ඇමැ­ති­ව­රයා ඒ සඳහා පර්යේ­ෂණ මත පද­නම්ව ආචාර්ය උපාධි පශ්චාත් උපාධි ලබා­දෙන ජාතික මූලික අධ්‍ය­යන ආය­ත­න­යට උප­රිම අනු­ග්‍ර­හය ලබා දීමට කට­යුතු කරන බව පැව­සීය.

මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ උසස් පෙළට තාක්ෂ­ප­ණ­වේදී විෂය ධාරා­වක් හඳුන්වා දුන් බවත් ඒ අනුව තාක්ෂ්ණ පීඨ අද වන විට ජාතික විශ්ව විද්‍යා­ලය පද්ධ­ති­යට එකතු වී ඇති අතර, ප්‍රථම තාක්ෂ­ණ­වේදී උපා­ධි­ධාරී කණ්ඩා­යම ලබන වසරේ දී බිහි කිරී­මට බලා­පො­රොත්තු වන බවත් ඇමැති ආචා­ර්ය­බ­න්දුල ගුණ­ව­ර්ධන මහතා මෙහිදී අව­ධා­ර­ණය කළේය.

මහා­චාර්ය සිරිල් පොන්න­ම්පෙ­රුම අනු­ස්ම­රණ සම්ම­න්ත්‍රණ ශාලාව හා ජාතික විදු­ලි­කෝෂ පර්යේ­ෂණ මධ්‍ය­ස්ථා­නය විවෘත කිරී­මද මෙහිදී සිදු­විය.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter