නවතම පුවත්

 
නව කැබිනට් අමාත්‍යවරු 17 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (18) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ. 
01. දිනේෂ් ගුණවර්ධන මහතා  - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
02. ඩග්ලස් දේවානන්දා මහතා - ධීවර අමාත්‍ය
03. රමේෂ් පතිරණ මහතා - අධ්‍යාපන, වැවිලි කර්මාන්ත
04. ප්‍රසන්න රණතුංග මහතා - මහජන ආරක්ෂක, සංචාරක 
05. දිලුම් අමුණුගම මහතා - ප්‍රවාහන, කර්මාන්ත 
06. කණක හේරත් මහතා - මහාමාර්ග
07. විදුර වික්‍රමනායක මහතා - කම්කරු
08. ජානක වක්කුඹුර මහතා - කෘෂිකර්ම, වාරිමාර්ග
09. ෂෙහාන් සේමසිංහ මහතා - වෙළෙඳ, සමෘද්ධි සංවර්ධන
10. මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා - ජල සම්පාදන
11. විමලවීර දිසානායක මහතා - වනජීවි හා වන සම්පත් සංරක්ෂණ
12. කංචන විජේසේකර මහතා  - බලශක්ති, විදුලිබල
13. තේනුක විදානගමගේ මහතා - තරුණ හා ක්‍රීඩා 
14. නාලක ගොඩහේවා මහතා - ජනමාධ්‍ය
15. චන්න ජයසුමන මහතා - සෞඛ්‍ය
16. නසීර් අහමඩ් මහතා - පරිසර
17. ප්‍රමිත බණ්ඩාර තේනතකෝන් මහතා - වරාය හා නාවික 
ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ මුදල් අමාත්‍ය අලි සබ්‍රී යන මහත්වරුන් දැරූ අමාත්‍ය ධුරවල සංශෝධනයක් සිදු නොවිණ. 
(නව කැබිනට් මණ්ඩලය අමතා ජනාධිපතිතුමා කළ කතාව අද (18) රාත්‍රී 7.30ට සියලු රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කෙරේ.)
-ජනාධිපති මාධ්‍ය අංශය-
 

2019 වර්ෂයේ උතුම් පාස්කු සැමරුම් දිනයේදී රටේ නිරායුධ සිවිල් වැසියන් ඉලක්ක කර ගෙන සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාරයට අද දිනයට වසර තුනකි. ජාතික ආරක්ෂාව අනතුරේ හෙළා දමා තිබූ එකල රජයේ නොසැලකිල්ල මත එදා නිකරුණේ ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වූයේ අහිංසක කිතුනු ජනතාවට ය.

 
මේ වන විට අපගේ රජය පත් වී වසර තුනකට ආසන්න ව තිබුණ ද මිනිසුන් 269 දෙනෙක් ජීවිතක්ෂයට පත් කරමින්, 400කට අධික පිරිසක් තුවාලකරුවන් බවට පත් කරමින් සිදු වූ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට තවමත් යුක්තිය ඉටු වී නැතැයි නැඟෙන චෝදනා බොහෝ ය. 
 
එහෙත් ත්‍රස්තවාදය මුලිනුපුටා දමා ඇති යුගයක මෙවන් සංවිධානාත්මක ප්‍රහාරයක් සිදු වීම සුළුපටු කාරණාවක් නො වේ. මේ වන විට විවිධ සාක්ෂි ඔස්සේ සැකකරුවන් රැසක් අත්අඩංගුවට පත් ව ඇති අතර ඔවුන්ගෙන් ලබා ගත් ප්‍රකාශ ඔස්සේ ද පරීක්ෂණ ක්‍රියාත්මක බව අවධාරණය කරමි. 
 
සැකකරුවන්ට දඬුවම් ලබා දිය හැක්කේ සාක්ෂි, සාධක විමසා බලා අධිකරණයකදී වරදකරුවන් වූ පසුව ය. එබැවින් මේ දක්වා ම විවිධ සාක්ෂි මත පදනම් ව සිදු කළ පරීක්ෂණවලින් පසු ඔබ සැම දෑස් දල්වා බලා සිටින යුක්තිය නුදුරේදී ම ඉටු කරන බව ද ඒ සඳහා මා බැඳී සිටින බවට ද අද දිනයේ ප්‍රකාශ කර සිටිමි.
 
 

 
ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රෞඩ සංස්කෘතික උරුමයක් වන සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් ශුභාශිංසන පළ කරනුයේ ඉමහත් සතුටිනි.
 
දුක්ඛ දෝමනස්සයන් පහ කොට සතුට ළඟාවීමේ අපේක්ෂාව සංකේතවත් කරන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අප සියලු දෙනාගේ මහා සංස්කෘතික මංගල්‍යයයි. කෘෂිකර්මය පදනම් කරගත් ඓතිහාසික සමාජ සංස්කෘතික වටිනාකම් පරපුරෙන් පරපුරට උරුම කරන අලුත් අවුරුදු උත්සවය සිංහල දෙමළ ජනතාවගේ අතීත සබැඳියාව සිහිගන්වයි.
 
නැකත් චාරිත්‍රවලට මුල් තැන දෙමින් අප සියලු දෙනා අපේක්ෂා කරන්නේ අලුත් අවුරුද්දේ යහපත් බලාපොරොත්තු ඉටුකර ගැනීමයි. පවතින දුෂ්කර කාලය පසුකර යෑමට වුව ද අප සියලු දෙනා එක්ව, එක් ජාතියක් ලෙස සමගි සම්පන්නව ක්‍රියා කළ යුතු වේ.
 
අභියෝගාත්මක කාලයේ අනපේක්ෂිතව ඔබ අප මුහුණ දුන් පීඩාවන් එකිනෙක මගහැරලීමට අවශ්‍ය අනාගත සැලසුම් රජය දැනටමත් ක්‍රියාවට නංවමින් සිටියි. ඔබට, ඔබේ පවුලේ සාමාජිකයන්ට සහ සමස්ත රට වැසියන්ට සාමය, සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි ප්‍රාර්ථනා කරමි.

 
වර්තමානයේ පවතින ආර්ථික හා ගෝලීය අර්බුද හමුවේ ශ්‍රී ලාංකේය අපට ඉතිහාසයේ එල්ල වූ විශාලතම අභියෝගයට මුහුණ දීමට සිදු වී තිබේ. අප එය ජය ගත යුත්තේ එකමුතුකමින් සහ නිවැරදි අවබෝධයෙන් යුතුව ය. එල්ල වූ අභියෝග හමුවේ ඔබ අත්විඳි අපහසුතා බොහෝ ය. අපගේ රජය විසින්, පවතින ව්‍යාකූල තත්ත්වයෙන් ජන ජීවිත සුරක්ෂිත කිරීමට පියවර ගනිමින් සිටිමු. 
 
කෙසේ වෙතත් සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව නැවුම් අපේක්ෂාවන් සමඟ පිළිගැනීම පුරාතනයේ සිට පැවත එන අපගේ පිළිවෙත වේ. මෙවර අලුත් අවුරුදු උදාව ද අප සමරන්නේ එකී අපේක්ෂාවන් සහ නැවුම් බලාපොරොත්තු සමඟ ය. 
 
අලුත් අවුරුද්දේ සැබෑ අයිතිය අපගේ දූදරුවන් සතු වේ. දරුවන්හට ඒ අවුරුදු අසිරිය රැක දීම ගැන ඔබ වඩාත් සංවේදී වන බව මම දනිමි. 
 
එසේ ම, අවුරුදු අසිරිය අත්විඳීමට දූදරුවන් සමඟ එක් වීමට අවස්ථාව අහිමි විශේෂ රාජකාරිවල නිරත සැම මෙන් ම විදෙස්ගත සියලු දෙනාගේ කැපවීම සිහිපත් කරමි. 
 
ලැබූවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පවතින අභියෝග ජය ගන්නා  සෞභාග්‍යවත් වසරක් වේවා! යි  ප්‍රාර්ථනා කරමි.    
      
ගෝඨාභය රාජපක්‍ෂ
2022 අප්‍රේල් මස 14 වන දින
 
 

 
සමාජ, ආර්ථික හා දේශපාලන හේතු මත ගාලු මුවදොරට රැස්ව විරෝධතාවෙහි නිරත පිරිස සමඟ සාකච්ඡාවකට සූදානමින් සිටිමි.
 
මේ අවස්ථාවේ රට හමුවේ පවතින අභියෝගය ජය ගැනීම උදෙසා එම පිරිස දක්වන වටිනා අදහස් සාකච්ඡාවට ලක්කිරීම එහි අරමුණ ය.
 
ඒ සඳහා විරෝධතාවෙහි නිරත පිරිස සූදානම් නම් එම කණ්ඩායමේ නියෝජිත පිරිසකට සාකච්ඡා සඳහා ආරාධනා කරමි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.එම්.එම්. සිරිවර්ධන යන මහත්වරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර ඇත.

අදාළ පත්වීම් ලිපි ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා විසින් භාර දෙනු ලැබිණ

බහුපාර්ශ්වික කටයුතු සහ ණය තිරසරභාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමක් පත් කෙරේ. එහි සාමාජිකයන් වශයෙන් මුල්‍ය සහ ආර්ථික විශේෂඥතාව පිළිබඳ කීර්තිමත් කණ්ඩායමක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු අධිපති සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලයේ ආර්ථික කටයුතු අංශයේ හිටපු අධ්‍යක්ෂ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා. ජෝර්ජ් ටවුන් විශ්ව විද්‍යාලයේ සංවර්ධන පරිචය පිළිබඳ මහාචාර්ය සහ ලෝක බැංකුවේ හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ශාන්තා දේවරාජන් මහතා සහ ආයතනිය ධාරිතා සංවර්ධන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අප්‍රිකානු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ෂාර්මනි කුරේ මහත්මිය එම උපදේශක කණ්ඩායමේ සාමාජිකයෝ වෙති. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන් ඉදිරියට ගෙනයාම සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සම්බන්ධතා පවත්වාගෙන යාම මෙම කණ්ඩායමේ ප්‍රධාන කාර්යභාරයයි.

ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට අමාත්‍ය ධුර භාරගෙන එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනපතිගෙන් ඇරයුම් ...

උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇරයුම් කරයි. ආර්ථික හා ගෝලීය කාරණා කිහිපයක් හේතුවෙන් වත්මන් අර්බුදකාරී තත්ත්වය හටගෙන තිබේ. ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතර ප්‍රධාන පෙළේ රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළම ඊට විසඳුම් සෙවිය යුතුව ඇත.

සමස්ත රටවැසියන් සහ උපනූපන් අනාගත පරපුර වෙනුවෙන් ජාතික අවශ්‍යතාවයක් ලෙස එකමුතුව ක්‍රියාකළ යුතුව තිබේ. ඒ සඳහා අමාත්‍ය ධුර භාරගෙන ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපතිතුමා ඇරයුම් කර සිටි.

ජනාධිපති මාධ්‍ය අංශය

අපොස උසස් පෙළ විභාගයේ 2021 (2022 ) ප්‍රයෝගික පරීක්ෂණ අද (04) සිට නියමිත පරිදි පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසයි.

පැවැති ඇදිරි නීතිය තත්ත්වය හේතුවෙන් ඊයේ (03) දින පමණක් යෙදී තිබූ ප්‍රායෝගික පරීක්ෂණ නොපැවැත්විණ.

ex22

නුගේගොඩ, ජුබිලි කණුව අසළ උද්ඝෝෂණයක නිරත පිරිස අතර සිටි සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් කළහකාරී ලෙස හැසිරෙමින් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කළ බව අනාවරණ වෙයි.

යකඩ මුගුරු, කැති, පොලු රැගත් මෙම කණ්ඩායම උද්ඝෝෂණයේ නිරත පිරිස උසිගන්වා මිරිහාන පැඟිරිවත්ත පිහිටි ජනාධිපතිතුමාගේ නිවස දෙසට ගමන් කර කළහකාරී තත්ත්වය ඇති කර තිබේ.

මෙලෙස ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පිරිසෙන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් බහුතරයක් සංවිධානාත්මක අන්තවාදීන් බව තහවුරු වී ඇත. ඔවුන් අරාබි වසන්තයක් මෙරට ඇති කරමු යන හඬ නගමින් උද්ඝෝෂණය මෙහෙයවා තිබේ.

ඉතා සැලසුම්කාරී ලෙස නිර්නාමිකව සමාජ මාධ්‍ය භාවිත කරමින් ජනතාව කෝපගන්වා රට අරාජික කිරීමේ අරමුණින් මෙම කළහකාරී තත්ත්වය සිදු කර ඇති බව අත්අඩංගුවේ පසුවන පිරිසෙන් අනාවරණය වී තිබේ.

 

බිම්ස්ටෙක් සාමාජික රටවල ආර්ථිකය යථා තත.්වයට පත්කිරීම මෙන්ම විශිෂ්ට ආර්ථික සමෘද්ධීයක් අත්කර ගැනීමට සාමාජික රටවල සහයෝගීතාව ඉහළ නැංවිය යුතු බව ජනාධීපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි. කලාපීය රටවල් එකිනෙකා එක්ව ගොඩනැගීම. මත්ද්‍රව්‍ය ඇතුඵ මිනිස් ජාවාරම් සහ ත්‍රස්තවාදය. ආගමික අන්තවාදය වැළැක්වීම වැනි කලාපීය තර්ජන වැළැක්වීමට එක්ව ක්‍රියාකිරීම සහතික කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කරයි.

නොරිටාකේ ලංකා පෝසිලේන් (පුද්) සමාගමේ ඉහළ කළමනාකාරීත්වය ඊයේ (29) දින අරලියගහ මන්දිරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
 
සමාගමේ විධායක උපදේශක සිරිනිමල් පෙරේරා, ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ටී.සී තෙන්නකෝන්, අධ්‍යක්ෂ/සාමාන්‍යාධිකාරී සුජාතා එගොඩගෙදර මහත්ම මහත්මීහු මෙසේ අග්‍රාමාත්‍යතුමා හමුවූහ.
 
නොරිටාකේ ලංකා පෝසිලේන් (පුද්) සමාගම මේ දක්වා ලබා ඇති ව්‍යාපාරික ප්‍රගතිය පිළිබඳව ඔවුහු මෙහි දී අග්‍රාමාත්‍යතුමා දැනුවත් කළහ.
 
ජපානයේ නොරිටාකේ සමූහ ව්‍යාපාරය සහ සිලෝන් සෙරමික් කෝපරේෂන් අතර හවුල් ව්‍යාපාර සමාගමක් ලෙස නොරිටාකේ ලංකා පෝසිලේන් (පුද්) සමාගම ආරම්භ වූයේ 1972 වසරේ දීය. එතැන් පටන් ශ්‍රී ලංකාවේ පුරෝගාමී පෝසිලේන් පිඟන් භාණ්ඩ නිෂ්පාදන ආයතනයක් බවට නොරිටාකේ ලංකා පෝසිලේන් (පුද්) සමාගම පත්ව තිබේ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter