නවතම පුවත්

නව කැබිනට් ප්‍රකාශක සහ සම කැබිනට් ප්‍රකාශකවරුන් පත්කෙරේ.
 
නව කැබිනට් ප්‍රකාශකවරයෙක් සහ සම කැබිනට් ප්‍රකාශක වරුන් තිදෙනෙක් අද (23) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 
කැබිනට් ප්‍රකාශක ලෙස ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා නම්කර තිබේ.
කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර යන අමාත්‍යවරු සම කැබිනට් ප්‍රකාශකවරුන් වෙති.

 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ නව ජනමාධ්ය අමාත්යවරයා ලෙස අද පෙරවරුවේ දිවුරුම් දුන් ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉන් කෙටි වේලාවකට පසු පොල්හේන්ගොඩ ජනමාධ්ය අමාත්යාංශයට පැමිණ නිල වශයෙන් ධූරයේ වැඩ ආරම්භ කළේය.
මීට ප්රථමද ජනමාධ්ය අමාත්ය ධූරය හෙබ වූ ආචාර්ය ගුණවර්ධන මහතා ජනමාධ්ය අමාත්යධූරයට අමතරව ප්රවාහන හා මහා මාර්ග අමාත්යවරයා ලෙස ද ජනාධිපතිතුමා විසින් පත් කරනු ලැබ සිටී.
ජනමාධ්ය අමාත්යාංශ ලේකම් අනුෂ පැල්පිට මහතා සහ රුවන් සත්කුමාර මහතා, ඊ.එම්.එස්.බී. ජයසුන්දර මහතා යන අතිරේක ලේකම්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් නව අමාත්යවරයා වැඩ භාර ගැනීමේ අවස්ථාවට සහභාගී වූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ජනමාධ්‍ය අමාත්‍ය ධූරයට යළි පත් වී තිබේ.

කොළඹ ජනාධිපති මන්දිරයේ දී එම මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ  අද (23) ධූරයේ දිවුරුම්  දුන්නේය. ප්‍රවාහන සහ මහාමාර්ග යන විෂයන් ද ජනමාධ්‍ය විෂයට අමතරව අමාත්‍යවරයා වෙත පවරා ඇත.

ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා , මීට පෙර ද ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ හිටපු වෙළඳ අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කළේය.

සර්ව පාක්ෂික ආණ්ඩුවේ තවත් කැබිනට් අමාත්‍යවරු 08 දෙනෙක් කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදි අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

බන්දුල ගුණවර්ධන මහතා – ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය
මහින්ද අමරවීර මහතා – කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය
රමේෂ් පතිරණ මහතා – කර්මාන්ත අමාත්‍ය
කෙහෙළිය රඹුක්වැල්ල මහතා – ජල සම්පාදන අමාත්‍ය
ඩග්ලස් දේවානන්ද මහතා – ධිවර අමාත්‍ය
විදුර වික්‍රමනායක මහතා – බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
අහමඩ් නසීර් මහතා – පරිසර අමාත්‍ය
රොෂාන් රණසිංහ මහතා – වාරිමාර්ග, ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍ය

මේ අතර මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍ය ධුරයේ ඉකුත්දා දිවුරුම් දුන් ටිරාන් අලස් මහතා අද පෙරවරුවේ සිය ධූරයේ වැඩ භාරගත්තේය.

එමෙන්ම විදේශ කටයුතු අමාත්‍යංශයේ නව ලේකම් ලෙස අරුණි විජේවර්ධන මහත්මිය පත් කර ඇතැයි වාර්තා වෙයි.

 

 
සර්ව පාක්ෂික ආණ්ඩුවේ නව කැබිනට් අමාත්‍යවරු 09 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (20) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
 
 
 
01. නිමල් සිරිපාල ද සිල්වා මහතා                        -           වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය
 
02. ආචාර්ය, සුසිල් ප්‍රේමජයන්ත් මහතා           -           අධ්‍යාපන අමාත්‍ය
 
03. ආචාර්ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා      -           සෞඛ්‍ය අමාත්‍ය
 
04. ආචාර්ය, විජයදාස රාජපක්ෂ මහතා          -           අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය
 
05. හරීන් ප්‍රනාන්දු මහතා                                      -           සංචාරක හා ඉඩම් අමාත්‍ය
 
06. රමේෂ් පතිරණ මහතා                     -           වැවිලි කර්මාන්ත අමාත්‍ය
 
07. මනුෂ නානායක්කාර මහතා                       -           කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය
 
08. නලීන් ප්‍රනාන්දු මහතා                                        -           වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය
 
09. ටිරාන් අලස් මහතා                       -           මහජන ආරක්ෂක අමාත්‍ය
 
 
 
- ජනාධිපති මාධ්‍ය අංශය - 
2022-05-20
 

 

අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා අද (12) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේය.
ඒකනායක මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික නිලධාරියෙකි. 2015 – 2019 කාලය තුළ තෙවතාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම්වරයා වශයෙන් කටයුතු කර ඇති ඒ මහතා සිව්වන වතාවට එම ධුරයට පත් කර තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය ලබාගෙන ඇති ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ඇත. ඒ මහතා වසර 30ක් ඉක්මවූ සිය පරිපාලන සේවාවේ දී යෞවන කටයුතු, ක්‍රීඩා, සමෘද්ධි, නිවාස, කර්මාන්ත, විදේශ හා මුදල් අමාත්‍යාංශවල මෙන්ම මැලේසියාවේ සහ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයන් හි සේවය කර තිබේ.
 


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී අද (12) පස්වරුවේ අභිනව අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ ය.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මෙලෙස දිවුරුම් දෙන්නේ 6 වන වතාවටයි.

ආර්ථික අර්බුදය හේතුවෙන් රටේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පැවැති රජයට ජනතා විරෝධයක් එල්ල විය. එමෙන් ම පසුගිය දා අරලියගහ මන්දිරයට රැස් වූ පිරිසක් ගාලු මුවදෝර පැවැති අරගල භූමියේ පිරිස් වෙත ප්‍රහාරයක් එල්ල කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස රට පුරා නොසන්සුන්තාවක් වර්ධනය විය.

මෙම තත්ත්වය හමුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉවත්වීමට පියවර ගත් අතර ඒ හේතුවෙන් පැවැති අමාත්‍ය මණ්ඩලය අහෝසි විය.

පවතින දේශපාලන අස්ථාවරත්වයට විසඳුමක් කඩිනමින් ලබාදිය යුතු බැවින් ජනාධිපතිවරයා ව්සින් පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනාගත්, ඒ වගේම රටේ ජනතාවගේ විශ්වාසය තහවුරු කර ගන්න පුලුවන් අග්‍රාමාත්‍යවරයෙක් සහ අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (11) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, මෛත්‍රී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

 
මාසයක කාලයක් මුළුල්ලේ රැකි උපවාස සීලය අවසන් කළ ඉස්ලාමීය ජනතාව ඔවුන්ගේ විශ්වාසයන්ට අනුව දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරති. ඒ ඊදුල් ෆීතර් මංගල්‍යයට එක් වෙමිනි. ඔබ විසින් අපේක්ෂා කරනු ලබන ආධ්‍යාත්මික සුවය සියලු දෙනාට ලැබේවා යි මම ද ප්‍රාර්ථනා කරමි.
 
රාමසාන්, මුස්ලිම් ජනතාව ආගමික වශයෙන් ඉටු කරන විවිධ ආගමික චාරිත්‍ර අතර සුවිශේෂී උත්සවයකි. සෑම දිනයක ම අල්ලාහ් දෙවියන්ගේ ධාර්මික මූලධර්ම අනුව යහපතෙහි ම යෙදීමට මානසික උත්තේජනයක් මෙමඟින් අපේක්ෂා කෙරේ.
 
සමගි ව රැස්වීම, සාමූහික සම්මුති, පරිත්‍යාගය, අයහපතින් මිඳීම, යහපතෙහි යෙදීම, පිළිබඳ ඔවුනොවුන් අතර පවතින සංස්කෘතිකමය සබඳතා සමාජ ප්‍රගමනයට හේතු වනු ඇත. මෙකී යහපත් සිතුවිලි සියලු දෙනා කෙරෙහි පැතිරවිය යුතු ය.
 
සියලු ආගමික ශාස්තෘවරයන්ගේ දර්ශනය, විමුක්තිය උදා කර ගැනීම පිළිබඳ පදනමක පිහිටා තිබේ. ඉස්ලාමීය දර්ශනයෙහි ඇති රාමසාන් සැමරුම් ඇතුළු එකී ආගමට අයත් ඇදහීම් දීර්ඝ කාලයක් අපි දැක ඇත්තෙමු. එමඟින් දෙන පණිවිඩය සාමාජීය යහපැවැත්ම උදෙසා ම යෙදවීමෙන් එකිනෙකා අතර අවබෝධය වර්ධනයට හේතු විය. එමඟින් අන්තර් ආගමික සාමාජීය, සංස්කෘතික අවබෝධය තහවුරු කරයි.
 
ආගම් විසින් උගන්වන සමාජ ධර්මතා, සමාජ යහපතට හේතු වන ලෙස  යොදා ගැනීමට අප සියලු දෙනාට වගකීමක් ඇත.
 
ශ්‍රී ලාංකේය ඉස්ලාමීය බැතිමතුන් ඇතුළු ලෝකවාසී සියලු ඉස්ලාමීය බැතිමතුන්ට මෙම රාමසාන් මංගල්‍යයෙන් පසු එළැඹෙන කාලය සතුට, සුවය සහිත වූ කාලපරිච්ඡේදයක් වේවා! යි ප්‍රාර්ථනා කරමි.
 
ගෝඨාභය රාජපක්ෂ
 
 

සමස්ත පුරවැසියන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසෙන ආදරණීය වැඩකනර ජනතාවට මාගේ හෘදයාංගම ශුභාශිංසන පිරිනමමි.

වසර දෙකකට අධික කාලයක් ලෝක වසංගත තත්ත්වය හමුවේ විවිධ ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දුන් ඔබ, රට හමුවේ පවතින මෙම ආර්ථික අර්බුදය හේතුවෙන් ද පීඩාවට පත්ව ඇති බව නොරහසකි.

අනපේක්ෂිතව මුහුණ පෑමට සිදු වූ මෙම ආර්ථික අර්බුදය හමුවේ වුව ද දැඩි කැපවීමකින් හා සංයමයකින් යුතුව කටයුතු කිරීමෙන් ඔබ රටට ලබා දෙන ආදර්ශය සුළුපටු නොවේ.

කම්කරු සටන් වෙනුවෙන් ඔබ සමඟ පෙරට ආ මම, වගකීම් ලද සෑම විට ම ඔබගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් සහ වගකීම් කිසි විටෙක පැහැර නොහැරියෙමි.

එසේ වුවද රට හමුවේ උද්ගතව ඇති මෙම ආර්ථික අර්බුදය ජය ගැනීමට නම් පළමුව අප සියලු දෙනා එක්ව අත්වැල් බැඳගත යුතුය.

ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීමට රජය දැනට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර දේශීය මට්ටමෙන් මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන් ද ඒ සඳහා අවශ්‍ය සහය ලබාගනිමින් සිටියි.

මේ සියලු ප්‍රයත්නයන්ගේ අවසන් ඉලක්කය සුබවාදී රටක් නිර්මාණය කිරීමයි. ඒ වෙනුවෙන් වැඩකරන ජනතාව කරනු ලබන අසීමිත කැපකිරීම ජාත්‍යන්තර කම්කරු දිනය යෙදෙන අද දිනයේ දී ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි

 
ජාත්‍යන්තර කම්කරු දිනය එළැඹ ඇත්තේ ලෝකයේ කම්කරු ප්‍රජාව දැවැන්ත ම  අභියෝගයට ලක් ව සිටින අවස්ථාවක ය.
 
අපේ රටේ පසුගිය වසර තුන තුළ වඩාත් අභියෝගයට ලක් වූයේ ද කම්කරු ප්‍රජාව ය. ඒ සෑම අභියෝගයක් හමුවේ නො සැලී සියල්ල විඳ දරා ගනිමින්, ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කැප වූවෝ ද ඔවුහු ම ය. ඔවුන් හමුවේ දිනෙන් දින එල්ල වන බලපෑම් වර්තමානයේ වඩාත් තීව්‍ර ය. ඉන් ජනතාව මුදා ගැනීමට සහ පවතින පීඩාකාරී ස්වභාවය අවම කර ගැනීම සඳහා රජයක් වශයෙන් අප විවිධ එළැඹුම්වලට යොමු වෙමින් සිටියි.
 
විදේශ විනිමය හිඟ වීම නිසා නිර්මාණය වූ ගැටලු රාශියකි. ඒ සියල්ල කළමනාකරණය කිරීම වත්මන් ගැටලු සමනය කර ගැනීමට ඇති මඟ ය.
 
පැන නැගුණ අයහපත් තත්ත්වය කවුරුන් විසින් සිදු කළේ ද යන්න පිළිබඳ පසු විපරම් කරනු වෙනුවට මේ මොහොතේ අප කළ යුතු වනුයේ ජනතාවට කඩිනමින් සහන සැලසිය හැකි වැඩපිළිවෙළ කුමක්ද යන්න පිළිබඳ අවධානය යොමු කිරීම ය. එසේ ම වඩාත් උචිත, කාර්යක්ෂම, වැඩපිළිවෙළකට ගොස් ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම ය.
 
රාජ්‍ය නායකයා වශයෙන් ජනතාවගේ පාර්ශ්වයේ සිට මා සියලු ම දේශපාලන පක්ෂවල නායකයන්ට එක් ව කටයුතු කිරීමට ආරාධනා කළේ මෙරටේ ජනතාවට වඩාත් යහපත් අනාගතයක් උදා කිරීමේ වගකීම දරමිනි. සෑම තත්පරය ම ජනතාවගේ පීඩාව අවම කිරීම සඳහා විසඳුම් දිය හැකි ක්‍රමවේදයන්ට පිවිස, පවතින අර්බුදවලට විසඳුම් සෙවීම අපගේ ඉලක්කයයි.
 
මෙවර කම්කරු දිනයේදී සියලු දෙනා එක් ව, පවතින අභියෝගය ජය ගැනීම සඳහා ජනතාව වෙනුවෙන් සම්මුතියකට පැමිණීමට සියලු දේශපාලන පක්ෂ නායකයන්ට මම නැවතත් ආරාධනය කරමි.
 
වැඩ කරන ජනතාව වෙනුවෙන් දේශපාලනය පසෙක තබා අරගලය ජනහිතකාමී විප්ලවීය පරිවර්තනයක් සහිත සුබ දිශානතියකට යොමු කිරීමට එක් වන ලෙසත් කම්කරු ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. 
 
ගෝලීය ශ්‍රම බලවතුන් වන කම්කරු සහෝදරත්වය, මූර්තිමත් කරන ලෝක කම්කරු දින සැමරුම සඳහා මා ඔබ සමඟ එක් වන්නේ එකී අපේක්ෂා සමඟ ය.
 
ගෝඨාභය රාජපක්ෂ
 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂයේ මැතිඇමතිවරුන් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ ජනාධිපති මන්දිරයේදි පැවැත්වෙයි. රටේ පවතින දේශපාලන හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදි සාකච්ඡා කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. රජය ඉල්ලා අස්වි අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට ජනාධිපතිතුමා වෙත ලිපියක් භාරදුන් පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් කණ්ඩායම ද මෙම සාකච්ඡාවට සහභාගි වනු ඇතැයි විශ්වාස කෙරේ.

ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ ඊයේ (18) දිවුරුම් දුන් ආචාර්ය නාලක ගොඩහේවා

මහතා අද (19) සවස සිය අමාත්‍යාංශයේ දී ධූරයේ වැඩ භාර ගත්තේය.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter