ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයන් සඳහා සියලුම පුරාවිද්‍යා ස්ථාන නැරඹීමට මාර්ගගත ක්‍රමයට එක් ප්‍රවේශපත්‍රයක් නිකුත් කරන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට ඊයේ (7) උපදෙස් දුන්නේය. ඒ සඳහා සංචාරක මණ්ඩලය සමඟ සාකච්ඡා කරමින් අවසන් තීරණයකට එළැඹෙන ලෙසද අගමැතිවරයා දැනුම් දුන්නේය.
එකම ප්‍රදේශයේදී පුරාවිද්‍යා කෞතුකාගාර කිහිපයක් වෙනුවෙන් ප්‍රවේශ පත්‍ර ගැනීමට සිදු වීමෙන් දේශීය සංචාරකයන්ද විවිධ අපහසුතාවලට ලක්වන බව පෙන්වා දුන් අගමැතිවරයා යම් පුරාවිද්‍යා කලාපයක කෞතුකාගාර සියල්ල ආවරණය වන පරිදි එක් ප්‍රවේශ පත්‍රයක් සාධාරණ මිලකට හඳුන්වා දෙන්නැයි කියා සිටියේය.
මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ පංච පුද්ගල කමිටුව අදාළ වාර්තාව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට අරලියගහ මන්දිරයේදී ඊයේ (7) පෙරවරුවේ බාර දුන් අතර, එහිදී අගමැතිවරයා එසේ කියා සිටියේය. මෙතෙක් කිසිවකුගේ ඇස නොගැටුණු පුරාවිද්‍යා ස්ථාන මෙරට ඇති බව තමන්ගේ විශ්වාසය බව ප්‍රකාශ කළ අගමැතිවරයා ඒවා පිළිබඳ සොයා බලා අවධානය යොමු කරමින් නිසි ක්‍රියාමාර්ග ගන්නැයි නිලධාරීන් දැනුම්වත් කළේය.
මේ අවස්ථාවට අගමැති ලේකම් ගාමිණී සෙනරත්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, මහාභාරකාර නීතිඥ ගනේෂ් ධර්මවර්ධන, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් පුරාවිද්‍යා මහාචාර්ය ගාමිණී රණසිංහ මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විගසම තරුණ පිරිසට ඡන්ද අයිතිය දීම වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ (07) සම්මත විය.
ඒ අනුව අවුරුදු 18 සම්පූර්ණ වන අයගේ නම් ඇතුළත් පරිපූරක ඡන්ද හිමි ලැයිස්තු මාස 4කට වරක් සකස් කිරීමට මෙමඟින් අවස්ථාව හිමි වන බවද ඇමැතිවරයා පැවසීය. ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත, සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සභානායකවරයා මේ බව ප්‍රකාශ කළේය.
ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ ව්‍යාපෘති සඳහා සහයෝගය, උපදෙස් හා මඟපෙන්වීම ලබාගැනීමේ අරමුණින් ගරු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් අද පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
එහිදී මාධ්‍යවේදීන් සඳහා උසස් අධ්‍යාපන ආයතනයක් පිහිටුවීම, ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පැවැත්වීම, පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීම, මාධ්‍යවේදීන් සඳහා ඇසිදිසි රක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාවට නැංවීම, ආබාධ සහිත ප්‍රජාවට අදාළ සංවේදී කරුණු සහ ඩිජිටල් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී.
මෙරටතුල සිදුවන සියළුම සංවර්ධන ව්‍යාපෘති , වැඩසටහන් , පිලිබඳ සියළුම අමාත්‍යාංශ ආවරණය වන පරිදි නිර්මාණය කල ,
" ඇසිදිසි පෙරමග වෙබි අඩවිය (http://asidisiperamaga.lk/) " හා
ධනාත්මක සිතුවිලි හා අරමුණු සමාජ ගත කිරීම සදහාම නිර්මාණය වු
" GOOD NEWS " මාසික සඟරව
ගරු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ හා අමාත්‍යාංශ ලේකමි ජගත් විජේවීර මැතුතුමා හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ මිලින්ද රාජපක්ෂ මැතිතුමා , ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ( මාධ්‍ය ) කේ පී ජයන්ත මැතිතුමා ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඉෂාන් අබෙිගුණවර්ධන මැතිතුමා ඇතුළු සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී එලිදක්වන ලදී
ලෝක ගුරු දිනය යෙදෙන අද දිනයේදී පළමු වරට ගුරුවරුන් සඳහා වෙනම රාජකාරි හැඳුනුම්පතක් නිකුත් කෙරෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ලෝක ගුරු දිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් අගමැතිවරයා පවසන්නේ ගුරුවරුන්ගේ සාධාරණ ඉල්ලීම්වලට රජයක් ලෙස ඇහුම්කන් දීමට සූදානම් බවයි.
වෘත්තීය අරගලවලදී ගුරු ගෞරවය පිළිබඳ සිතන ලෙසත් දරුවන්ගේ නැණස පාදන ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කරන ලෙසත් අගමැතිවරයා ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටී.
ද්විපාර්ශ්විකව ගන්නා තීරණ සම්බන්ධයෙන් දෙරටේ ජනතාව නිවැරැදිව දැනුම්වත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රිිංග්ලා මහතා සමඟ ඊයේ (05) ප්‍රකාශ කළේය.
එකඟතාවලට එළැඹෙන තීරණ සම්බන්ධයෙන් වාසි අවාසි පැහැදිලි කර දී ජනතාවගේ බහුතර කැමැත්ත ගෙන ක්‍රියාකිරීමේ අවශ්‍යතාව බෙහෙවින් වැදගත් බව ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේය.
ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා සමග ඊයේ (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 1960, 70 දශකවල පැවති මිත්‍රත්වය හා සබඳතාව යළි ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ගැන ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු පෙන්වා දුන්නේය. ඉන්දීය සාගරය, සාම කලාපයක් බවට පත් කිරීමට අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1971 දී කළ යෝජනාව ඉදිරියට ගෙන යාමට ඉන්දියාවේ සහාය අපේක්ෂා කරන බව ද ජනාධිපති රාජපක්ෂ මහතා කීය. දෙරට අතර සබඳතා ඉහළ මට්ටමකට ගෙන ඒමට කෙටි හා දීර්ඝකාලීනව ගත යුතු පියවර නිවැරදිව හඳුනාගත යුතු බව දෙපාර්ශ්වයේම අදහස විය.
පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් හඳුනා ගනිමින් ධීවර ජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභ හිමිකර දීමෙන් දීර්ඝ කාලයක සිට දෙරටේ ධීවරයන් මුහුණ පා සිටින පීඩාකාරී තත්ත්වයට විසඳුම් දිය හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. දෙරට අතර ඇති වෙළෙඳ අසමතුලිතාව පිළිබඳ කරුණු පැහැදිලි කර දුන් ජනාධිපතිවරයා, කඩිනමින් එයට විසඳුම් දීමේ අවශ්‍යතාව ගෙනහැර දැක්වීය.
අතුරුදන්වූවන්, යුද්ධය හේතුවෙන් වැන්දඹුභාවයට පත්වීම ඇතුළු යුද්ධයක අතුරු ප්‍රතිඵල පිළිබඳව මනා අවබෝධයෙන් පසුවන බව යාපනය බලකොටුව මුදා ගැනීමේ දී ලද තම අත්දැකීම් සිහිපත් කරමින් හෙතෙම සඳහන් කළේය.
13 වැනි ව්‍යවස්ථාව සංශෝධනයේ දුර්වලතා සේම ශක්තීන් හඳුනාගෙන ක්‍රියාත්මක වීමේ කඩිනම් අවශ්‍යතාව පවතී. ශ්‍රී ලංකාවෙන් බැහැරව ගිය දෙමළ ජනතාවට නැවත රටට පැමිණීමට හැකි පසුබිම සැකසීම තම අපෙක්ෂාවයි. ඒ සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කරගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී තමා දෙමළ ඩයස්පෝරාවට සහ විදෙස් ගත දෙමළ ජනතාවට විවෘත ආරාධනාවක් කළ බවද රාජපක්ෂ මහතා, විදේශ ලේකම්වරයා සමඟ පැවසීය.
උතුර - නැඟෙනහිර සංවර්ධනයට තම රජයන් පසුගිය කාලයේ සිට ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය. යුද සමයේ දී ආරක්ෂාව වෙනුවෙන් අත්පත් කරගත් ඉඩම්වලින් 90%කට අධික ප්‍රමාණයක් මේ වන විට නිදහස් කර ඇත. අතුරුදන්වූවන්ගේ පවුල්වලට වන්දි ගෙවීම සිදු කෙරෙමින් පවතින අතර යුද සමයේ ඇති වූ අනෙකුත් ප්‍රශ්නවලට කඩිනමින් විසඳුම් දීමේ අවශ්‍යතාව තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කර දෙනු ලැබීය.
දෙරටේ භුගෝලීය පිහිටීම පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති හෙයින් ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිඳු ක්‍රියාවකට ශ්‍රී ලංකාව යොදා ගැනීමට ඉඩ නොතබන බව හෙතෙම අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා පුළුල් පරිසරයක් සැකසී තිබේ. ඒ සඳහා ඉන්දීය ආයෝජකයන්ට ද විවෘතව ආරාධනා කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේය. ත්‍රිකුණාමලය තෙල් ටැංකි පිළිබඳ පවතින තත්ත්වය දෙරටටම සුබදායී ආකාරයෙන් නිරාකරණය කිරීමේ වගකීම විෂයභාර ඇමැතිවරයාට පවරා ඇති බව ද පැවසීය.
දෙරට අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කෙරෙහි දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණ.
ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන්ට ඉන්දියාවේ පුහුණු අවස්ථා තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි ද අවධානය යොමු විය.
විදුලිය භාවිතයේ දී කාර්යබහුල අවස්ථාවන් හඳුනාගෙන දෙරට අතර විදුලිබල හුවමාරුව කෙරෙහි ද අවධානය යොමු කෙරිණ.
කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ළඟා කරගෙන ඇති සාර්ථකත්වය ඇගයීමට ලක්කළ ඉන්දීය විදේශ ලේකම්වරයා කොවිඩ් පාලනය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පැසසුමට ලක් කළේය. ජනාධිපතිවරයාගේ දීර්ඝ පැහැදිලි කිරීම පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ විදේශ ලේකම්වරයා දෙරට අතර ඇති අදහස් සමාන බැවින් දෙරට අතර මිතුදම ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට හැකි බව පැවසීය.
ඉන්දීය අගමැතිවරයාට රාජ්‍ය සංචාරයක් සඳහා මෙරටට ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා විදේශ ලේකම්වරයා හමුවේ දැන්වීය.
ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්වරු මේ හමුවට එක්ව සිටියහ.
ව්‍යාපෘතිය අද අගමැති අතින් ඇරඹේ
වසර ගණනාවක් උතුරේ ජනතාව මුහුණ දුන් පානීය ජල ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලෙස මුහුදු ජලයෙන් පානීය ජලය ගැනීමේ දැවැන්ත ව්‍යාපෘතිය අද (06) අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් ආරම්භ වීමට නියමිත වේ.
මේ නව ව්‍යාපෘතිය යටතේ යාපනය අර්ධද්වීපයේ පානීය ජල ගැටලුව සියයට පනහකට වඩා වැඩි ප්‍රමාණයකින් විසඳා ගත හැකි වන අතර පළමු අදියරේදී පමණක් පවුල් ලක්ෂ තුනකට පමණ මෙමගින් සෙත සැලසෙන බව ජල සම්පාදන හා ජලාපවහන ඇමැති වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම මේ ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකුවේ සහ ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ජල සම්පාදන අමාත්‍යාංශයේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් සිදුකෙරෙන බවද ඇමැතිවරයා පැවසිය.
මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා මෙසේද පැවසීය.
“උතුරේ ජීවත්වන අපගේ සහෝදර ජනතාව වසර ගණනාවක් පරම්පරා ගණනාවක් මුළුල්ලේ නිසි පරිදි පානීය ජලය නැතිකමින් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවුණා. මේ සඳහා විවිධ වූ යෝජනා සැලැසුම් ක්‍රියාත්මක වුවද එය ඵලදායී නොවු බැවින් අධික පිරිවැයක් දරා හෝ උතුරේ ජනතාවට සහනයක් දීමේ අරමුණින් ජල සම්පාදන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් මේ දැවැන්ත ව්‍යාපෘතිය යාපනය කිළිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු කරනවා.
මෙහි ප්‍රතිඵලයක් ලෙස යාපනය අර්ධද්වීපයේ පානීය ජල ගැටලුව සියයට පනහකට වඩා වැඩි ප්‍රමාණයකින් විසඳෙන අතර මුල් අදියරේ දී පමණක් පවුල් ලක්ෂ 03කට පමණ මෙමගින් සෙත සැලසෙනවා. මේ ව්‍යාපෘතිය යටතේ මූලික වටයේ දී නාගදීප මුහුදු ජල පවිත්‍රාගාරය, තාලෛඩි මුහුදු ජල පවිත්‍රාගාරය, යාපනය නගර බෙදාහැරීමේ පද්ධතිය ලෙස යෝජනා ක්‍රම 03ක් ක්‍රියාත්මක වෙනවා.
නාගදීප පානීය ජල පිරිපහදු මධ්‍යස්ථානය මගින් නාගදීපය, ඉලුවතිව් සහ අනලතිව් යන දූපත්වල වෙසෙන නිවාස 1,500කට ප්‍රතිලාභී පවුල් වශයෙන් පවුල් 6,000කට නළ මගින් ආරක්ෂිත පානීය ජලය ලබාදීම සිදු කෙරෙනවා. ඒ සඳහා වැයවන මුදල රුපියල් මිලියන 187ක්. මෙහි දෙවන අදියර එනම් නාගදීප පිරිපහදු පද්ධතියේ සිට නාගදීප, ඉලුවතිව් හා අනලතිව් දූපත් වලට නල මඟින් ජලය ගෙනයාම සඳහා කිලෝමීටර විසිපහක බෙදාහැරීමේ නල පද්ධතිය එළීම ද මෙයට සමගාමීව ආරම්භ කෙරෙනවා. ඒ සඳහා ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන 34ක්.
රුපියල් මිලියන 19,000ක පමණ විශාල පිරිවැයක් දරා ඉදිකරනු ලබන තාලෛඩි මුහුදු ජල පවිත්‍රාගාරය මේ ව්‍යාපෘතිය යටතේ සිදුකරන දැවැන්තම යෝජනා ක්‍රමයයි. මෙමගින් නිවාස 12,000ක වාසය කරන, 60,000ක් පමණ වන ජනතාවකට නළ මගින් ආරක්ෂිත පානීය ජල පහසුකම් දීමට කටයුතු කෙරෙනවා. මෙයට සමගාමීව ඉදිකෙරන තාලෛඩි ජල පිරිපහදු පද්ධතිය නළ ජලය දසැපයෙන යාපනය නගර සීමාව සහ තදාසන්න ප්‍රදේශවලට නළ ජලය බෙදාහැරීම සඳහා වන නළ ජල පද්ධතිය මගින් රුපියල් මිලියන 3,160ක් වැයකර පවුල් 28,000ක් වෙසෙන 60,000ක පමණ ජනගහණයට ආරක්ෂිත නළ ජල පහසුකම් ලබාදීමට හැකියාව ලැබී ඇත. මේ පද්ධතියේ දුර ප්‍රමාණය කි.මී. 271ක් වේ. මේ ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකුවේ සහ ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ජල සම්පාදන අමාත්‍යාංශයේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් සිදු කෙරෙනවා.”
ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත ක්‍රියාත්මක වී වසර 05ක් ගතවීමත් සමඟ කොමිෂන් සභා සාමාජිකයින්ගේ නිළ කාලය පසුගිය සැප්තැම්බර් මස 30 වැනිදා අවසන් විය.
ඒ් අනුව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කොමිසම සඳහා නව සාමාජික මණ්ඩලයක් පත්වන තුරු එහි ක්‍රියාකාරීත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පසුගිය සැප්තැම්බර් මස 29 වැනිදා සිට බලාත්මක වන පරිදි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) රුවන් සත්කුමාර මහතා පත්කර ඇත.
නව අදහස දක්වන්න