නවතම පුවත්

ශ්‍රී ලංකා රජය සහ මහජන චීන සමූහාණ්ඩුව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවේ 65 වන සංවත්සරය සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් දහසේ සමරු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

දෙරට අතර දිගු මිත්‍රත්වය හා අන්‍යෝන්‍ය සබඳතාවට විශේෂ ගෞරවයක් ලෙස මෙම සමරු කාසිය නිකුත් කෙරිණ.

කාසියේ එක් පසෙක ශ්‍රී ලංකාවේ හා චීනයේ ජාතික ධජ සමගින් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ ඉදිරිපස පෙනුම කාසිය මධ්‍යයේ දැක්වේ. එහි 2022 යන්න රඟහලට පහළින් විශාල ඉලක්කමින් දක්වා ඇත. කාසියේ පරිදියේ ඉංග්‍රීසි, සිංහල හා දෙමළ භාෂාවලින් “ශ්‍රී ලංකාව – චීනය වසර 65යි” යනුවෙන් සටහන් කර ඇත.

කාසියේ අනෙක් පස රුපියල් දහස සහ “චීන කොමියුනිස්ට් පක්ෂය” යනුවෙන් භාෂාත්‍රයෙන් සඳහන් වේ.

රන් සමරු කාසි 500ක් සහ රීදි සමරු කාසි 2000ක් නිකුත් කළ බව මහ බැංකුව නිවේදනය කරයි.

 
 

නාගරික සංවර්ධන අධිකාරිය විසින් දිවයින පුරා ග්‍රාමීය නගර රැසක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි වලස්මුල්ල ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් පසුගිය දා ආරම්භ කෙරුණු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් ඇරඹි මෙම වැඩ පිළිවෙලේ ආරම්භක අවස්ථාව සඳහා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යාවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, ගුවන් සේවා හා අපනයන කළාප රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ, වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති පියසේන ලියනාරච්චි, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරිහූ පිරිසක් ද සහභාගී වී සිටියහ.

නාගරික සංවර්ධන අධිකාරිය සහ වීරකැටිය ප්‍රාදේශීය සභාව එක්ව ඉදිකිරීම් කටයුතු මෙහෙයවන මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සැපයීම මහා භාණ්ඩාගාරය විසින් නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයට ලබාදුන් ප්‍රතිපාදනවලින් සිදුකරයි. ඒ යටතේ වලස්මුල්ල ප්‍රදේශයට වාණිජ ගොඩනැගිල්ලක් සහ මහජන පොලක් ලබාදීම සිදුකෙරේ.

මේ යටතේ පළවැනි අදියරේ වැඩ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන අතර වලස්මුල්ල වාණිජ ගොඩනැගිල්ල මහල් තුනකින් සමන්විතවෙයි. යටි බිම් මහල, බිම් මහල සහ පළමු මහල ලෙසින් නම් කර ඇති මෙම ව්‍යාපෘතිය දින 150 කින් නිම කිරීමට සැලසුම් සකස් කර තිබේ. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 62 ක් වැයකිරීමට නියමිතයි.

ගොඩනැගිල්ලේ සැලසුමට අනුව, යටි බිම් මහල කඩකාමර 13 කින් සමන්විත වෙයි. බිම් මහලේ කඩ කාමර ගණන 25 කි. පළමු මහල සමන්විත වනුයේ ශ්‍රවණාගාරයකින් සහ වාණිජ අරමුණු සඳහා වෙන්කළ ප්‍රදේශයකිනි. ඉදිකෙරන මෙම වාණිජ ගොඩනැගිල්ල සනීපාරක්ෂක පහසුකම් ඇතුළත්ව සියලු පහසුකම්වලින් සමන්විතවෙයි.

2021 ජූලි මස 04 වැනිදා වැඩ ඇරඹූ මෙම ව්‍යාපෘතිය, 2021 නොවැම්බර් මස 09 වන දින අවසන් කිරීමට අපේක්ෂිතයි. නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය වාස්තු විද්‍යා නිර්මාණ උපදේශකත්වය දරයි. මෙම ව්‍යාපෘතියට සමගාමීව ඉදිකෙරුණු වලස්මුල්ල මහජන පොල 2013 න් ඉදිකිරීම් ඇරඹී, පසුව ඇතිවූ දේශපාලන වෙනස්වීමත අතරමග නැවතුනු ව්‍යාපෘතියකි.

2014 වසර අවසන් වනවිට එහි වැඩ 60% කින් අවසන්ව තිබූ නමුත්, ගෙවුණු පසුගිය වසර 05 තුළ ඉදිකිරීම් කටයුතු සිදුකෙරී තිබුණේ 5% ක් තරමේ අඩු ප්‍රතිශතයකිනි. වර්ග අඩි 35,910 ක පොලක් වන මෙහි භූමිය වීරකැටිය ප්‍රාදේශීය සභාව විසින් ලබාදී තිබේ. සෑම අතකින්ම අංග සම්පූර්ණ පොලක් වන මෙම මහජන පොලට වලස්මුල්ල, පල්ලේකන්ද ඇතුලු නගර හා ගම්මානවල ගණුදෙනුකරුවන් 3,000 ක් ඉක්මවා පැමිණෙන බව ගණන් බලා තිබේ.

සම්ප්‍රදායි පොලක පවතින අංග ලක්ෂණ එලෙස ම රදවා තබාගනිමින්, සුවපහසු හිතකර සහ ක්‍රමවත්ව සකසා ඇති වලස්මුල්ල පොල තුළ වෙළෙදුන් 1,060 දෙනෙකුට වෙළදාම් කිරීමේ ඉඩකඩ හිමිවෙයි. පොල ඉදිකිරීමට වැයකර ඇති මුදල රුපියල් මිලියන 35 කි. මහා භාණ්ඩාගාරය නාගරික සංවර්ධන අධිකාරියට ලබාදුන් මුදලින් මෙම පොළෙහි ඉදිකිරීම් කටයුතු සිදුකෙරේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන අධිකාරිය මඟින් වලස්මුල්ල මහජන පොල ඉදිකිරීමේ කටයුතු අධීක්ෂණය කරනු ලබයි.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් මෙම ඉදිකිරීමේ කටයුතු නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධ
න අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් මෙම ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි.

කොවිඩ් වසංගත තත්ත්වය යටතේ වුවද පාසල් අධ්‍යාපනය හදාරන සිසු දරුවන්ට අධ්‍යාපනය අඛණ්ඩව ලබා දීම සඳහා රජය සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත්, අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කළ රූපවාහිනී නාලිකා ආරම්භ කිරීමට රජය විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත්, සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වැවිලි කර්මාන්ත කැබිනට් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ඊයේ (06) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී පාසල් අධ්‍යාපනය හදාරන සිසුන් වෙනුවෙන් අධ්‍යාපනය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද යන්න සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

පළමු වසරේ සිට 13 වසර දක්වා වන අධ්‍යාපන නාලිකා 13කුත් උසස් පෙළ විවිධ විෂයය ධාරාවන් යටතේ වන නාලිකා 04කුත් වශයෙන් මෙම නාලිකා ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත්, එමගින් රූපවාහිනිය ඔස්සේ දරුවන්ට අධ්‍යාපනය අඛණ්ඩව හැදෑරීමට අවස්ථාව හිමිවන බවත්, අමාත්‍ය රමේෂ් පතිරණ වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව දැනටමත් විෂය මාලා සම්බන්ධයෙන් වන රූපවාහිනී වැඩසටහන් පටිගත කරමින් පවතින බවත්, එම පටිගත කිරීම් අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණයට භාජනය වන බවත්, නුදුරේදීම එම පටිගත කිරීම් සූදානම් වූ විගසම අදාළ පටිගත කළ අධ්‍යාපන වැඩසටහන් රූපවාහිනිය හරහා විකාශය කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් වන සහාය රජයේ නාලිකාවලින් මෙන්ම පෞද්ගලික නාලිකාවලින්ද ලබාගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

 

යුද හමුදාවේ පර්යේෂණ, විශ්ලේෂණ හා සංවර්ධන ඒකකය නිෂ්පාදනය කළ දෑත් විෂබීජ හරණය කිරීමේ ස්වයංක්‍රීය යන්ත්‍රයක් ඊයේ (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත හඳුන්වා දෙනු ලැබිණ.
විෂබීජ හරණ දියර ලීටර් හතරක ප්‍රමාණයක් ගබඩා කිරීමෙන් පුද්ගලයන් 600කගේ දෑත් විෂබීජ හරණයටත්, විදුලි ආරෝපණයෙන් පසු පැය හතළිස් අටක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමේ හැකියාවත් යන්ත්‍රය සතුය.
ආනයනය කිරීමට සාපේක්ෂව අඩු පිරිවැයකින් මෙම යන්ත්‍රය රට තුළදී නිෂ්පාදනයට හැකියාව පවතී. එම නිසා ලැබෙන ඇණවුම් වෙනුවෙන් යන්ත්‍ර නිෂ්පාදනයට සහ ඒ පිළිබඳ දැනුම අවශ්‍ය පාර්ශ්ව වෙත ලබාදීමට යුද හමුදා පර්යේෂණ ඒකකය සූදානම්ව සිටී.
යුද හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජනාධිපති අතිරේක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කේ.බී. එගොඩවෙලේ සහ බ්‍රිගේඩියර් සුදත් උදයසේන යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා රජය සහ මහජන චීන සමූහාණ්ඩුව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවේ 65 වන සංවත්සරය සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් දහසේ සමරු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.
දෙරට අතර දිගු මිත්‍රත්වය හා අන්‍යෝන්‍ය සබඳතාවට විශේෂ ගෞරවයක් ලෙස මෙම සමරු කාසිය නිකුත් කෙරිණ.
කාසියේ එක් පසෙක ශ්‍රී ලංකාවේ හා චීනයේ ජාතික ධජ සමගින් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ ඉදිරිපස පෙනුම කාසිය මධ්‍යයේ දැක්වේ. එහි 2022 යන්න රඟහලට පහළින් විශාල ඉලක්කමින් දක්වා ඇත. කාසියේ පරිධියේ ඉංග්‍රීසි, සිංහල හා දෙමළ භාෂාවලින් “ශ්‍රී ලංකාව - චීනය වසර 65යි” යනුවෙන් සටහන් කර ඇත.
කාසියේ අනෙක් පස රුපියල් දහස සහ “චීන කොමියුනිස්ට් පක්ෂය” යනුවෙන් භාෂාත්‍රයෙන් සඳහන් වේ.
රන් සමරු කාසි 500ක් සහ රීදි සමරු කාසි 2000ක් නිකුත් කළ බව මහ බැංකුව නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානය පසුගිය වසර 6ක කාලය තුළ සිදුකළ මෙහෙවර අළලා සකස් කළ “THE PEARL OF THE SILK ROUTE” ග්‍රන්ථය අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීම ඊයේ (06) අරලියගහ මන්දිරයේ දී සිදුවිය.
මෙරට චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලිවෙන් යු (Liwen Yue) මහතා විසින් ග්‍රන්ථයේ මුල් පිටපත අගමැතිවරයා වෙත පිළිගැන්වූයේය.
අධ්‍යක්ෂ ලිවෙන් යු (Liwen Yue) මහතා සහ චාමර රන්මණ්ඩල මහතා විසින් රචිත “THE PEARL OF THE SILK ROUTE” ග්‍රන්ථය පසුගිය වසර 6ක කාලය තුළ චීන සංස්කෘතික මධ්‍යස්ථානය ඔස්සේ සිදුකළ සුවිශේෂි වැඩසටහන්වල ආවර්ජනයකි.
2014 සැප්තැම්බර් මස 16 වැනි දා එවකට ජනාධිපතිවරයා වූ අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ මෙරට සංචාරයක නිරත වූ චීන ජනාධිපති ෂී ජි පිං මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු ආසියාවේ පළමු චීන සංස්කෘතික මධ්‍යස්ථානය මෙරට දී ආරම්භ විය.
එතැන් පටන් එහි අධ්‍යක්ෂ ලෙස අඛණ්ඩව සේවය කළ ලිවෙන් යු (Liwen Yue) මහතා සිය සේවා කාලය නිම කොට සිය රට බලා යන බව ද මෙහි දී අගමැතිවරයා වෙත සැලකර සිටියේය.

කොවිඩ් ආසාදනය හේතුවෙන් ශ්වසන අපහසුතා ඇති වන රෝගීන්ට අවශ්‍ය කරන ඔක්සිජන් ලබාදීම සඳහා රෝහල්වලට අවශ්‍ය ඔක්සිජන් හයිෆ්ලෝ යන්ත්‍ර 03ක් කුලියාපිටිය, කුරුණෑගල සහ නිකවැරටිය රෝහල් වෙත ලබාදීම සිදුවිය.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී FMCG බෙවරේජ් ආයතනය විසින් මෙම පරිත්‍යාග කිරීම සිදු කර තිබේ.

රුපියල් මිලියන 3.9ක් වටිනා නවීනතම ඔක්සිජන් හයිෆ්ලෝ යන්ත්‍ර මෙසේ පරිත්‍යාග කල අතර එම උපකරණ කුලියාපිටිය ශික්ෂණ රෝහල වෙනුවෙන් එහි ප්‍රධාන ඖෂධවේදී මංජුලා රන්දුනු මහත්මියට , කුරුණෑගල ශික්ෂණ රෝහල වෙනුවෙන් එහි ප්‍රධාන ඖෂධවේදී මලින්තා ජයලත් මහත්මියට, නිකවැරටිය මහ රෝහල වෙනුවෙන් එහි ඖෂධවේදී ජී.එල්.ඩී. තිලංග මහතාට අදාළ සෞඛ්‍ය උපකරණ ලබාදුන්නේ ය.

මෙම පරිත්‍යාගය සදහා FMCG බෙවරේජ් ආයතනය වෙනුවෙන් ඩස්ටි අලහකෝන්, මවුඩ් මෛජ්බූම් සහ මයන්ති වික්‍රමතිලක යන මහත්ම මහත්මීන් එක්ව සිටි අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ බයෝ මෙඩිකල් ඉංජිනියරින් ඒකකයේ තාක්ෂණික සහයෝගය මේ සදහා ලබාදෙන ලදි.

අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ දින (04) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණ, දළදා සමිඳුන් වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය.
ශ්‍රී දළදා මාළිගාවට පැමිණි එතුමා සහ ශිරන්ති රාජපක්ෂ මැතිණිය පිළිගත්තේ, දියවඩන නිළමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මහතා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා විසිනි.
දළදා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව දළදා වහන්සේගේ තේවාව භාරව කටයුතු කරන අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරාධිපති ආනමඩුවේ ශ්‍රී රතනපාල ධම්මදස්සි අනුනාහිමියන් ද බැහැ දුටුවේය. මල්වතු මහ විහාර පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදුටුවේ ඉන් අනතුරුව ය.
මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනුනාහිමි සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි අනුනාහිමි බැහැදැක උන්වහන්සේලාගේ සුව දුක් විමසා බැලුවේය.
අස්ගිරි මහ විහාරයට ගොස් අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරතනාභිධාන මහ නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. එම පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමි සහ අස්ගිරි මහ විහාරීය කාරක සංඝ සභික, බදුලු මුතියංගන රජ මහා විහාරාධිපති ආචාර්ය මුරුද්දෙනියේ ධම්මරතන නාහිමියෝ ද එහි වැඩ සිටියහ.
අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරයට ගොස් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි අනු නාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමයට ගොස් විහාරාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික කැප්පිටියාගොඩ සිරිවිමල නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
මෙහි දී මහවැලි ගඟට යාවන ගැටඹේ බෝධියේ පැති බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව මාගේ අවධානය යොමු විය. මහවැලි අමාත්‍යංශය යටතේ අදාළ ඉදිකිරීම් සිදු කිරීමට අවශ්‍ය උපදෙස් ඒ මොහොතේ ම රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාට ලබා දුන්නේය. යුද හමුදා සහාය ඇති ව අදාළ පැති බැම්ම ඉදිකරන ලෙස ද ඔහු දැනුම් දුන්නේය.
අවසානයේ අස්ගිරි මහා විහාර මහා පිරිවෙන වෙත ගොස් මහනුවර අස්ගිරි මහ පිරිවෙනේ පරිවෙනාධිපති, අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, ශ්‍රාස්ත්‍රපති නාරම්පනාවේ ආනන්ද නාහිමියන් ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
මෙම ආගමික වතාවත්වලට රාජ්‍ය අමාත්‍යවරු වන ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම, අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන වසන්ත යාපා බණ්ඩාර, උදයන කිරිඳිගොඩ, ගුණතිලක රාජපක්ෂ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල, මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිළමේ මහේන් රත්වත්තේ, හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයෝ පිරිසක් ද එක්ව සිටියහ.

රුපියල් මිලියන 445ක් සහ රුපියල් මිලියන 127ක් වැය කරමින් ඉදිකළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව අන්තර් හුවමාරුව සහ පේරාදෙණිය රෝහල ඉදිරිපිට පදික උමං මාර්ගය විවෘත කරමින්, රුපියල් මිලියන 4999ක වියදමෙන් කොටුව ලෝටස් මාර්ගයේ මහල් 17කින් යුතුව ඉදිකෙරෙන “සමුද්‍ර පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානයේ” වැඩ ආරම්භ කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (02) අරලියගහ මන්දිරයේ දී පැවසුවේ, කොවිඩ් හේතුවෙන් සියළු දේ නැවැත්වුවා නම් ජනතාවට අද මීට වඩා දුෂ්කරතා මතුවනු ඇති බවයි. 


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා පළකල අදහස්. 
‘‘අපි රටක දියුණුව ගැන කතා කරන විට ඒ රටේ යටිතල පහසුකම් සහ මාර්ග පද්ධතිය ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. අපි මානව සංවර්ධනයෙන් පොහොසත් වෙනවා වගේ ම ඊට සමගාමීව භෞතික සංවර්ධනයෙන් ඉදිරියට යන්න ඕන.
ඒ වගේමයි දේශීය නිෂ්පාදන ආර්ථිකය සවිබල ගන්වන්න නම් අනිවාර්යෙන් ම රටේ මාර්ග පද්ධතිය දියුණු කළ යුතුයි. අධිවේගී මාර්ග පද්ධතියේ පහසුව විඳින ජනතාව මේ බව හොඳින් ම දන්නවා. එදා දුෂ්කරයි කියලා අතහැරලා තිබුණු ගම්මාන කීයක් නම් මේ අධිවේගී මාර්ග පද්ධතිය සමඟ දියුණු වුණා ද? ඒ ජනතාවට අද රෝහලකට යන්නෙ, තමන්ගෙ ගොවිතැන් බෝග අලෙවි කරගන්නෙ, නගරය හා සම්බන්ධ වෙන්නෙ මේ අධිවේගී මාර්ග හරහා.
ඒ විතරක් නෙමෙයි පරම්පරා ගණනාවක් නොදුටු දියුණුව ගමට විවෘත කරන ප්‍රවේශයක් විධියටත් ජනතාව මේ අධිවේගී මාර්ග පද්ධතිය දකිනවා.
මිත්‍රවරුනි,
අද මේ ජනතා අයිතියට පත්වන දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව අන්තර් හුවමාරුව එදා මුලින් කරපු සැලසුමේ තිබුණෙ නැහැ. දිගින් දිගට ම ඒ ප්‍රදේශයේ ජනතාව අන්තර් හුවමාරුවක් ඉල්ලමින් කරන පෙරැත්ත මාස කිහිපයකට කලින් ජොන්ස්ටන් ඇමතිතුමත්, ලාන්සා ඇමතිතුමත් මට ඇවිල්ලා කිව්වා.
ඒ නිසා මේ ගැන හොයල බල ලා ඒ ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතාව ඉටු කරන්න කියලා අපි දැනුම් දුන්නා. කිසිදු දේපල අත්පත්කර ගැනීමක් නොමැතිව අද ඒ ජනතාවගේ බලාපොරොත්තුව මාස පහක් වගේ ඉතා කෙටි කාලයක් තුළ ඉටුකරන්න හැකි වීම ගැන අපි සංතෝෂ වෙනවා.
ඒ සම්බන්ධයෙන් කැපවුණු සියලු දෙනාට ම අපගේ ගෞරවනීය ස්තුතිය හිමිවිය යුතුයි.
මිත්‍රවරුනි,
දැන් කපුදූවේ ඉඳන් මාතර නගරයට දුර කිලෝමීටර් 7යි. මෙතන ඉඳන් කඹුරුපිටිය නගරයට තියෙන්නෙත් කිලෝමීටර් 10යි. ඒ විතරක් නෙමෙයි හක්මන නගරයට කිලෝමීටර් 17යි. ඔබ දන්නවා මේ නිසා මේ ප්‍රදේශවල ජීවත්වන කෘෂිකාර්මික ජනතාවට මෙමගින් විශාල පහසුවක් සැලසෙනවා.
රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ජනතාවට ක්‍රමවත් මාර්ග පහසුකම් ලබා දීම රජය සතු වගකීමක් කියලයි අපි විශ්වාස කරන්නෙ. අධිවේගී මාර්ග පමණක් නෙමෙයි මේ රටේ අනෙකුත් ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමට අපි මාර්ග ලක්ෂයේ වැඩපිළිවෙළ ආරම්භ කළා. අදටත් එය අඛණ්ඩව ක්‍රියාත්මකයි.
පසුගියදා අපි කොළඹ නගරයේ අධික රථවාහන තදබදයට විසඳුමක් දෙන කුලුනු මතින් දිවෙන අධිවේගී මාර්ගයක් ඉදිකරන්නත් මුලපිරුවා. දැන් ඒ මාර්ගයේ වැඩකටයුතු ආරම්භ වෙලයි තියෙන්නේ. ඒ එක්කම කොළඹ අධික වාහන තදබදය ඇති වන ස්ථාන හඳුනගෙන ඒ තැන්වලට ගුවන් පාලම් ඉදිකරන්නත් අපි ආරම්භයක් ගත්තා.
මිත්‍රවරුනි,
කොළඹ විතරක් නෙමෙයි, මහනුවරත් රථවාහන තදබදය ඉතාම වැඩියි. අපි ඊට විසඳුම් දෙන්න ව්‍යාපෘති කිහිපයක් ම ආරම්භ කළා. පසුගියදා ගැටඹේ මංසන්දියට අපි ගුවන් පාලමක් දුන්නා.
ඒ ගුවන් පාලම විතරක් හදල පේරාදෙණියේ වාහන තදබදයට විසඳුමක් දෙන්න බැරි නිසා චීන එක්සිම් බැංකු ආධාරයක් මත පේරාදෙණිය රෝහල ඉදිරිපිටට අපි පදික උමං මාර්ගයක් හදන්න අපේ ඇමතිතුමා කටයුතු කළා.
නිතර වාහන තදබදයක් තිබුණු මේ ස්ථානය හරහා යන පදිකයන්ට දැන් ආරක්ෂාකාරීව ගමන් කරන්න හැකියාව උදාවෙනවා.
ඒ විතරක් නෙමෙයි පේරාදෙණිය රෝහලට, ගැටඹේ රජ මහා විහාරයට, දහම් පාසලට, විශ්වවිද්‍යාලයට, බැංකුවට හෝ ඒ අසල පිහිටි රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට යන පුද්ගලයන්ට මේ උමං මාර්ගය ඉතා ම ප්‍රයෝජනයක් පහසුවක් වෙලා තියෙනවා.
ජොන්ස්ටන් ඇමතිතුමා කිව්ව විධියට මෙම උමං මාර්ගය හදන කොට ඒ අවට හිටිය පදික වෙළඳුන්වත් අපි අමතක කළේ නැහැ. අපි ඒ අයටත් උමං මාර්ගය තුළ වෙළදාමට ඉඩ සලසලා තියෙනවා කියලා ඇමතිතුමා කිව්වා.
අපි මේ සංවර්ධන වැඩ කරන කොට විරුද්ධ පක්ෂයේ ඇතැම් උදවිය ඒවා විවේචනය කරනවා. සමහරු කියනවා කොවිඩ් ඉවර වෙනකම් ඉන්නලු වැඩ කරන්න. පාරවල් හදන්න එපාලු. මෙහෙම කියන ඒවා අවංකව කරන යෝජනා ද නැද්ද කියලා මේ රටේ බුද්ධිමත් ජනතාව ඔබ හොඳින් දන්නවා.
මිත්‍රවරුනි,
කොව්ඩි වසංගතය පාලන කරන්න අපි මේ වෙන කොට රුපියල් බිලියන 262ක් වැය කරල තියෙනවා. අපි සියලු ක්‍රියාමාර්ග ගන්නෙ මේ රටේ ජනතාව ආරක්ෂා කරගන්න. ඔවුන්ගේ ජීවිතවල වටිනාකම දන්න නිසා අපි එන්නත්කරණය අඛණ්ඩව සිදුකරනවා. ඒක අපි නතර කරන්නේ නැහැ.
කොවිඩ් නිසා හැම දේ ම නෑ, බෑ කියලා නතර කළා නම් අද ජනතාවට මීට වඩා දුෂ්කරතා මතුවෙනවා. අපි අපේ ජනතාව රැකබලා ගන්නවා. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ඔබෙනුත් අපට අවශ්‍යයයි. වසංගතයෙන් ආරක්ෂා වෙන ගමන් ඔබේ ශක්තිය රට වෙනුවෙන් නොපිරිහෙලා ලබා දෙන ලෙස අප ඔබෙන් ඉල්ලනවා. අපට එකතු වුණොත් කරන්න බැරි දෙයක් නැහැ.
ඒ නිසා අද ජනතා අයිතියට පත්කළ මේ ව්‍යාපෘති වගේ ම කොළඹ වරායේ අද වැඩ ආරම්භ කළ මහල් 17ක “සමුද්‍ර පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානය” ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කටයුතු තවත් විධිමත් කිරීමට විශාල පිටුබලයක් වනු ඇතැයි අපි විශ්වාස කරනවා.
මාර්ගගත ක්‍රමවේදයට මුල්තැන දෙමින් ආරම්භ කරන මෙම මධ්‍යස්ථානයට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආයතන සියල්ල එක් කළා ම එහි කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නැංවෙනවා. ඒ තුළින් ඒ ආයතන සමඟ ගනුදෙනු කරන සියලු දෙනාට ඉන් විශාල පහසුවක් උදාවෙනවා.
ඒ නිසා මේ කාර්යය ආසියානු සංවර්ධන බැංකුව හා එක්ව කඩිනමින් අවසන් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියට ශක්තිය ධෛර්ය ලැබේවා! යි ප්‍රාර්ථනා කරනවා.ඔබ සැමට සුබ අනාගතයක් වේවා!..‘‘යන්නයි. 
කතානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍යවරු වන නිමල් ලාන්සා, කාංචන විජේසේකර, ලොහාන් රත්වත්තේ, අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන වීරසුමන වීරසිංහ, කරුණාදාස කොඩිතුවක්කු, ගුණතිලක රාජපක්ෂ, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, මහා මාර්ග අමාත්‍යංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි, වරාය හා නාවික අමාත්‍යංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල්, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොළ යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසිවිටෙකත් පසුපසට නොගන්නා ලෙස දිවයින පුරා ලක්ෂ 11ක්වූ ගොවීන් වෙනුවෙන් දිස්ත්‍රික් ගොවි නියෝජිතයෝ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලා සිටිති.
පැරණි වගා ක්‍රමවලට නැවත යොමුවී වස විසෙන් තොර ආහාර වේලක් ජනතාවට ලබාදීම තමන්ගේ ද පරම යුතුකම සහ වගකීම බව ගොවි නියෝජිතයන් විසින් පෙන්වා දෙනු ලැබිණ. එම නිසා නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් ජනාධිපතිතුමා තැබූ පියවරට ගොවි ජනතාවගේ ප්‍රණාමය හිමි වන බව ඔවුහු කියා සිටිති. යුද්ධය අවසන් කළාක් මෙන් සමස්ත රටවැසියා වෙනුවෙන් සියලු ගොවීන් එක් කණ්ඩායමක් යටතේ කාබනික පොහොර අභියෝගය ජය ගැනීම සඳහා ජනාධිපතිතුමාට සහාය වන බව ගොවි නියෝජිතයෝ සහතික වූහ.
ඊයේ (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල දිස්ත්‍රික් ගොවි නියෝජිත හමුවේදී ඔවුන් මේ බව පැවසූහ. ගොවීන් ලක්ෂ 11ක්, ගොවි සංවිධාන 17000ක් සහ ගොවිජන සේවා මධ්‍යස්ථාන 563කින් මෙම බල මණ්ඩලය සකස් වී තිබේ.
කාබනික පොහොර භාවිතයට යොමු වීමෙන් පසු රජය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපතිතුමා විසින් ගොවි නියෝජිතයන් දැනුවත් කරනු ලැබිණ.
මෙය හදිසියේ ගත් තීරණයක් නොව; තමා ජනාධිපති අපේක්ෂකයා ලෙස “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් දුන් පොරොන්දුවක් ක්‍රියාත්මක කිරීම බව රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය. මීට පෙර අවස්ථා ගණනාවකදී පැවති ආණ්ඩු, කාබනික පොහොර වගාවට යොමුවීමට උත්සාහ කර තිබේ. එහෙත් ඒවා අසාර්ථක වීමට වූ හේතු මැනවින් අධ්‍යයනය කර නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපතිතුමා පැවසීය.
ඇතැම් පිරිස් මෙය ආපස්සට යන ගමනක් ලෙස පෙන්වා දීමට උත්සාහ දරති. එහෙත් සමස්ත ලෝකයේම නව ප්‍රවණතාවයක් ලෙස ගැනෙන, කාබනික පොහොර භාවිතයට යොමුව, කෘෂි ආර්ථිකයේ නව මාවතකට රට ගෙනයන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. වැඩපිළි‍වෙළට එරෙහිව කතා කරන බොහෝ දෙනෙක් වැඩි මිලක් ගෙවා කාබනික පොහොර යෙදු එළවළු, පළතුරු භාවිතා කරති. එහෙත් රසායනික පොහොර භාවිතයෙන් පීඩා විඳින ගොවීන් පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු නොවේ.
පසුගිය වසර පහ තුළ වගා කටයුතු බොහෝ දුරට අඩපණ කෙරිණ. වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කෘෂිකර්මාන්තය නඟාසිටුවීමයි. වී කිලෝවකට රුපියල් 30ක්ව පැවති මිල රුපියල් 50ක් දක්වා වැඩි කිරීම ගොවි ජනතාව දිරිමත් කිරීමට ගත් පියවරකි. පසුව ගොවීන්ට තම වී අස්වනු කිලෝව රුපියල් 65 සහ 68 අතර මුදලකට විකිණීමට හැකි විය. එහිදී පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමට රජය මැදිහත් වී සහල් මිල පාලනය කරනු ලැබිණ.
බෝ නොවන රෝගවලින් අනාගත පරපුර බේරා ගනිමින් වාර්ෂිකව රසායනික පොහොර ආනයනයට වැය කෙරෙන රුපියල් මිලියන අසූදහසක (80,000)මුදල මෙරට අහිංසක ගොවි ජනතාවගේ අතට ලැබීමට සලස්වන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
වැඩපිළිවෙළ අඛණ්ඩව සහ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට වල්නාශක, කෘමිනාශක ඇතුළු කාබනික පොහොර අවශ්‍ය ප්‍රමාණය, රසායනික පොහොර ලබාදුන් ආකාරයටම ගොවීන්ට ලැබීමට සලස්වන බව ජනාධිපතිතුමා පැවසීය. එමෙන්ම පොහොර අවශ්‍යතාව මෙරටදීම නිෂ්පාදනයට දේශීය ව්‍යවසායකයන්ට හා ව්‍යාපාරිකයන්ට අවස්ථාව හිමි වේ. ගොවින්ටද තමන්ට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කර ගත හැකිය. ඒ සඳහා වැයවන මුදල ලබාදීමට රජය සැලසුම් කර ඇත.
ගොවීන් මෙතෙක් ලබාගත් ආදායම අඩුවීමට ඉඩ නොතබන අතර ආදායම අඩුවුවහොත් එම ප්‍රමාණය රජය මඟින් ලබාදී, ගොවියාට අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන බව ජනාධිපතිතුමා සහතික විය.
පසුගිය ආණ්ඩුව සමයේ ඇණහිටි “ගොවි රක්ෂණය” අද සිට යළි ක්‍රියාත්මක කරමින් “ගොවි රක්ෂණ සැකැස්ම” අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා විසින් ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබිණ.
“ගොවි විශ්‍රාම වැටුප” ඉහළ නැංවීමට රජයේ අවධානය යොමු කර ඇති බවද මහින්දානන්ද අළුත්ගමගේ මහතා අනාවරණය කළේය. වී ගබඩා 105ක් අලුතින් ඉදිකිරීමට, ගොවි බැංකුවලට මූල්‍ය ප්‍රතිපාදන සැපයීමට සහ කෘෂිකර්ම දත්ත පද්ධතිය කඩිනමින් යාවත්කාලීන කිරීමට කඩිනම් පියවර ගන්නා බවද අලුත්ගමගේ මහතා පැවසීය.
වැව්, අමුණු, ඇළවේලි ප්‍රතිසංස්කරණය කිරීමේ ගිවිසුම්වලට එළඹීමේදී, මෙතෙක් ගොවි සංවිධානවලට ලක්ෂ 20කට සීමාවී තිබූ කොන්ත්‍රාත් මුදල ලක්ෂ 100ක් දක්වා ඉහළ නැංවීමටත් ජනාධිපතිතුමාගේ අනුමැතිය හිමි විය. ආර්ථික මධ්‍යස්ථානවල අලෙවි කටයුතු සඳහා සෘජුව ගොවීන්ට මැදිහත්වීමේ අවකාශය පුළුල් කිරීමටත් තීරණය කෙරිණ.
රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, මොහාන් ද සිල්වා, සීතා අරඹේපොළ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්ම මහත්මීහු සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

ක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව අන්තර් හුවමාරුව ජනතා අයිතියට පත් කිරීම අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ මොහොත වන විට අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වෙයි
 
එමෙන්ම පේරාදෙණිය රෝහල ඉදිරිපිට පදික යටිබිං මග ජනතා අයිතියට පත් කිරීම ද සමුද්‍රීය පහසුකම් සැලැසීමේ මධ්‍යස්ථානය ද අද පෙරවරුවේ මාර්ගගත ක්‍රමය ඔස්සේ විවෘත කෙරිණි
 
 
පේරාදෙණිය රෝහල අසල පදික යටි උමං මාර්ගයට රුපියල් මිලියන 127 ක් පමණ වැය කර ඇති අතර පවතින මාර්ග තද බදය අවම කර ගෙන කාර්යක්ෂමව ජනතා කටයුතු සිදු කර ගැනීම මෙහි අරමුණ වී ඇත

පොහොර ආනයනයට වැය කෙරෙන මිලියන අසූදහස  ගොවියාට ලැබෙන්නට සලස්වනවා… ජනපති කියයි

  • යහපාලන සමයේ ඇණහිටි ගොවි රක්ෂණය අද සිට යළිත්….
  • ගොවි විශ්‍රාම වැටුප වැඩි කිරීම කෙරෙහිත් අවධානය….
  • ලක්ෂ 100ක් දක්වා කොන්ත්‍රාත් සඳහා අත්සන් තැබීමට ගොවි සමිතිවලට අවසර…

 

කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසිවිටෙකත් පසුපසට නොගන්නා ලෙස දිවයින පුරා ලක්ෂ 11ක්වූ ගොවීන් වෙනුවෙන් දිස්ත්‍රික් ගොවි නියෝජිතයෝ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලා සිටිති.

පැරණි වගා ක්‍රමවලට නැවත යොමුවී වස විසෙන් තොර ආහාර වේලක් ජනතාවට ලබාදීම තමන්ගේ ද පරම යුතුකම සහ වගකීම බව ගොවි නියෝජිතයන් විසින් පෙන්වා දෙනු ලැබිණ. එම නිසා නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් ජනාධිපතිතුමා තැබූ පියවරට ගොවි ජනතාවගේ ප්‍රණාමය හිමි වන බව ඔවුහු කියා සිටිති. යුද්ධය අවසන් කළාක් මෙන් සමස්ත රටවැසියා වෙනුවෙන් සියලු ගොවීන් එක් කණ්ඩායමක් යටතේ කාබනික පොහොර අභියෝගය ජය ගැනීම සඳහා ජනාධිපතිතුමාට සහාය වන බව ගොවි නියෝජිතයෝ සහතික වූහ.

අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල දිස්ත්‍රික් ගොවි නියෝජිත හමුවේදී ඔවුන් මේ බව පැවසූහ. ගොවීන් ලක්ෂ 11ක්, ගොවි සංවිධාන 17000ක් සහ ගොවිජන සේවා මධ්‍යස්ථාන 563කින් මෙම බල මණ්ඩලය සකස් වී තිබේ.

කාබනික පොහොර භාවිතයට යොමු වීමෙන් පසු රජය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපතිතුමා විසින් ගොවි නියෝජිතයන් දැනුවත් කරනු ලැබිණ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter