නවතම පුවත්

සමෘද්ධිලාභින්ට සහ අඩු ආදායම්ලාභී ජනතාව නගා සිටුවීමට රජයේ ප්‍රමුඛ අවධානය යොමුවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මහින්ද චින්තනයෙන් සමෘද්ධිලාභින් සවිබල ගැන්වූ ආකාරයද අග්‍රාමාත්‍යවරයා සිහිපත් කළේය. අඩු ආදායම්ලාබීන්ට ආදායම් මාර්ග සකස් කර දීමේ වගකීම රජය සතුය. සෞභාග්‍යා නිෂ්පාදන වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පල කළේය. අරලියගහ මන්දිරයේදී එය පැවැත්විණ. මේ යටතේ සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන 500 ක් ආරම්භ කෙරේ.

ගෝලීය වසංගතය හමුවේ වුවද ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

සෞභාග්‍යයා නිෂ්පාදන ගම්මාන ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ.

සමෘද්ධි ගෘහආර්ථික, ශුද්ධ මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර ප්‍රවර්ධන අමාත්‍යාංශය, සෞභාග්‍ය සංවර්ධන කාර්යාංශය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. ඒ යටතේ සෞභාග්‍යයා නිෂ්පාදන ගම්මාන 500 ක් මෙම වසර තුළ ඉදිකිරීමටයි තීරණය කර තිබෙන්නේ.

මෙම ව්‍යාපෘතිය සදහා වැය වන මුදල රුපියල් මිලියන පන්දහස් තුන්සියයක්. පාරම්පරික කර්මාන්වල යෙදෙන්නන්, ස්වයං රැකියාවල යෙදෙන අඩු ආදායම්ලාභීන්, නිශ්චිත ආදායමක් නොමැති මුදල්, තාක්ෂණය, වෙළෙදපොළ සොයා ගත නොහැකි කුඩා ව්‍යවසායකයින්, නිෂ්පාදනයේ ප්‍රබල කොටස්කරුවන් බවට පත් කරමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම මෙම නිෂ්පාදන ගම්මාන ව්‍යාපෘතියේ මූලික අරමුණයි.

කෘෂි නිෂ්පාදන, ලෝහ, මැටි, සම්භාණ්ඩ, කඩදාසි, පේෂකර්ම, බතික්, රසකැවිලි, විසිතුරු භාණ්ඩ වැනි කර්මාන්ත අංශයේ නිෂ්පාදන ගම්මානත්, මී මැසි කුකුළු ගව පාලන ඇතුළු පශු සම්පත් ගම්මානත්, විසිතුරු මසුන්,  මිරිදිය මත්ස්‍ය අභිජනන, උම්බලකඩ වැනි ධීවර අංශයේ ගම්මාන මෙන්ම සේවා සැපයීම් ආශ්‍රිත ගම්මාන වැඩිදියුණු කිරීම මේ යටතේ සිදුවනවා. සෞභාග්‍යයා නිෂ්පාදන සතිය අද සිට ආරම්භ වන අතර එය හත්වනදා දක්වා දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වනවා.

එම සතිය තුළ සෞභාග්‍යයා නිෂ්පාදන ගම්මාන 400 ක් ආරම්භ කිරීමටත් පියවර ගෙන තිබෙනවා.

 

ශ්‍රී ලාංකා රූපවාහිනී සංස්ථාවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා පත්කෙරේ.

ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඊයේ (30) පෙරවරුවේ මෙම පත්කිරීම සිදු කරනු ලැබීය.

මෙයට පෙර හීන්කෙන්ද මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර එම තනතුරට ගුවන්විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වූ හඩ්සන් සමරසිංහ මහතා පත්කෙරිණි.

නව පත්තකිරීම සිදු කෙරුණු අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී.විපේවීර, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ යන මහත්තවරුද එක්වූහ.

අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ දින (30), ශ්‍රී ලංකා ඇඟළුම් සන්නාම සංගමය (SLABA) හා ශ්‍රී ලංකා සිල්ලර වෙළඳුන්ගේ සංගමය (SLRA) මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවක අවධාරණය කර සිටියේ ආයතනවල සේවකයන් ඉවත් නොකර රැක ගනිමින් මෙම වසංගතය සමඟ මතුව ඇති අභියෝගවලට මුහුණ දෙන ලෙස යි.  
බැංකු ණය සහන ලබා ගැනීම, ණයවර ලිපි විවෘත කිරීමේ දී ඇති ගැටලු විසඳා ගැනීම, ඇඟළුම් සේවකයන් සඳහා එන්නත්කරණය, කොවිඩ් මාර්ගෝපදේශවලට අනුව නිමි ඇඳුම් වෙළඳසැල් විවෘත කිරීමට අවසර ලබා ගැනීම, සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් ගැටලු සම්බන්ධයෙන් පැමිණ සිටි නියෝජිතයෝ අදහස් දැක්වූහ.
බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන කාර්යය වෙනුවෙන් වෙන ම අමාත්‍යංශයක් හඳුන්වාදීම සම්බන්ධව ශ්‍රී ලංකා ඇඟළුම් සන්නාම සංගමයේ සභාපති ලලන්ත වතුදුර මහතා මෙහි දී සිය සංගමයේ ප්‍රණාමය පිරිනැමුවේ ය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සහ කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් දැනට මාස 24කට ආසන්න කාලයක් සිය ව්‍යාපාර කටයුතු අඩපණ වී ඇතැයි පෙන්වා දුන් මෙම නියෝජිත පිරිස සිය ව්‍යාපාර හා වෙළඳාම් කටයුතු පවත්වා ගෙන යාම සඳහා මුදල් අමාත්‍යංශය මැදිහත්ව හදිසි සහන ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ.
ව්‍යාපාර නඩත්තු කරමින් සේවකයන් තවදුරටත් සේවයේ තබා ගැනීම ද දුෂ්කර වී ඇති නිසා ඔවුන් ඉවත් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව කී මෙම සංගම් නියෝජිතයෝ එසේ සේවකයන් ඉවත් කිරීම ද දුෂ්කර කාර්යයක් වී ඇති බව පෙන්වා දුන්හ.
මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සුජීවා පල්ලියගුරු, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීහු ඇතුළු මුදල් අමාත්‍යංශයේ සහ මහ බැංකුවේ නියෝජිත පිරිසක් ද එක්ව සිටියහ.

එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අරමුණු දර්ශක අංක 16 ‘’සාමය යුක්තිය හා ශක්තිමත් ආයතන’’ යටතේ ‘’තිරසර සංවර්ධනය සඳහා සාමකාමී සහ පරිපුර්ණ සමාජයක් ඇති කිරීම යුක්තිය සඳහා සැමට අවස්ථාව ලබාදීම සහ සෑම මට්ටමකම ඵලදායී වගකීම් සහිත පරිපුර්ණ ආයතන ශ්‍රී ලංකාව තුළ ගොඩනැගීමේ’’ අරමුණු කරා ගමන් කිරීමට අධිකරණ අමාත්‍යාංශය හා තිරසර සංවර්ධන සභාවේ මුලිකත්වයෙන් පසුගියදා (30) දින අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ මුලිකත්වයෙන් සාකච්ඡාවක් පවත් වන ලදී.

‘’සාමය යුක්තිය හා ශක්තිමත් ආයතන’’ යන සංකල්පයේදී තිරසර සංවර්ධන නිර්ණායකයන් සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් අධිකරණ ක්ෂේත්‍රයට අදාළ ඉදිරි වැඩ සටහන් සම්පාදනය කිරීම, ඒ සඳහා යාන්ත්‍රණයක් සැකසීම හා සම්බන්ධිකරණය කිරීම, තිරසර සංවර්ධනය සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් ලබා ගැනීමටත් අවශ්‍ය නීති රීති සම්පාදනය කිරීම හා පවතින නීති සංශෝධනය කිරීමට අදාළ කටයුතු සිදු කිරීමේ ආරම්භයක් ලබා ගැනීමටත් මෙහිදී තීරණය කෙරණි.

මෙම අවස්ථාව සදහා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නෙ මහතා, තිරසර සංවර්ධන සභාවේ අධ්‍යක්ෂක ජනරාල් චමින්ද්‍රි සපරමාදු මහත්මිය ඇතුළු විවිධ රාජ්‍ය ආයතනවල නිලධාරී මහත්ම මහත්මීන් සහභාගි විය.

 

 

 

මෙරට පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීමට ඉරාන රජයේ තාක්ෂණික හා මූල්‍ය සහයෝගය ලබා ගැනීම පිණිස සූර්යබල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා හා ඉරාන තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානී අයෝබ් හෙයිදාරී මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා (29) අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණ.

මෙරට විදුලිබල සැපයුමට මෙගාවොට් 100 ක ධාරිතාවක් එක් කිරීමට අපේක්ෂිත සියඔලාණ්ඩුව සූර්ය බලාගාර ව්‍යාපෘතියට ආයෝජනය කිරිමට අයෝබ් හෙයිදාරී මහතා මෙහිදී සිය එකඟතාව පළ කරන ලදී.

තවද ඉරාන රජයේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවේ වැව් හා කලපු ආශ්‍රිතව පාවෙන සූර්ය බලාගාර ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සදහා ඉරාන රජයෙන් ඉල්ලීම් කරන ලෙස අයෝබ් හෙයිදාරී මහතා රාජ්‍ය අමාත්‍යතුමන්ට දැනුම් දුන් අතර එම ඉල්ලීම ඉරාන රජයේ විශේෂ අවධානයට යොමු කරවීමට තමන් කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික ව්‍යවසායකයන් සමග එක්ව මෙරට කුඩා ජල විදුලි බලාගාර හයක් (06) ගොඩ නැගීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ද ඉරානයේ අවධානය යොමු වී ඇති බව හෙයිදාරී මහතා අමාත්‍යතුමන් වෙත දැනුම් දෙන ලදී.

පුනර්ජනනීය බලශක්තිය නිපදවීමට යොමු වු මැදපෙරදිග රටවල් අතරින් ඉරානයට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. අතීතයේ පටන් පැවත එන ඉරාන - ශ්‍රී ලංකා මිත්‍ර සබඳතා තවදුරටත් තහවුරු කිරීම ශ්‍රී ලාංකික පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනයට මහත් පිටුවලක් වනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අවධාරණය කරයි.

  • ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය අග්‍රාමාත්‍යවරයා යටතට..

බැසිල් රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ නව මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

අමාත්‍යාංශ විෂය පථ සංශෝධනයත් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත් කළ මන්ත්‍රී, ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, බැසිල් රාජපක්ෂ මහතාගේ නම පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා විසින් මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දෙනු ලැබිණ.

ඒ අනුව මැතිවරණ කොමිසම ඊයේ (07), බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත්කරගත් බව ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළේය.

2007 වසරේ ජාතික ලැයිස්තුවෙන් පත් කළ මන්ත්‍රීවරයෙකු ලෙස බැසිල් රාජපක්ෂ මහතා පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසියේය. අනතුරුව 2010 වසරේ පැවති මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග වැද පාර්ලිමේන්තුවට පිවිසි බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය හෙබවීය. කොවිඩ් වසංගතය හමුවේ රජය ගෙන යන ක්‍රියාකාරකම් රැසකට මූලිකත්වය දුන් බැසිල් රාජපක්ෂ මහතා කොවිඩ් මර්දන කමිටුවේ සාමාජිකයෙකු ලෙස විශාල මෙහෙවරක් ඉටු කළේය.  “ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ” සහ “දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ” ප්‍රධානී ලෙස ද  බැසිල් මහතා කටයුතු කරයි.

අමාත්‍ය නාමල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, පුෂ්පා රාජපක්ෂ  යන මහත්ම මහත්මීහූ මේ අවස්ථාවට එක්ව සිටියහ.

 
 

 

ප්‍රජා පොලිස් සංකල්පය ශක්තිමත් කරමින් අපරාධ හා මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම, බුද්ධි හා සිවිල් රාජකාරි ඔස්සේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම යන කාර්ය සඳහා අවශ්‍යව පැවැති ත්‍රීරෝද රථ 2000ක් ශ්‍රී ලංකා පොලිසියට සංකේතාත්මකව ප්‍රදානය කිරීම අද (01) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව සෑම පොලිස් ස්ථානයකට ම ශක්තිමත් ප්‍රවාහන පද්ධතියක් පැවතීමේ අවශ්‍යතාව හඳුනා ගනිමින් මෙම ත්‍රීරෝද රථ පොලිස් ස්ථාන වෙත බෙදා දීම සිදුකෙරේ.

මෙහි දී සංකේතාත්මකව මීගොඩ, ගොතටුව, යක්කල, බෙම්මුල්ල, පල්ලෙවෙල, මිහිජය සෙවණ, කුරුඳුවත්ත, එගොඩඋයන සහ මත්තෙගොඩ යන පොලිස් ස්ථාන සඳහා ත්‍රීරෝද රථ ප්‍රදානය කළෙමි.

මෙම ත්‍රීරෝද රථ අදාළ පොලිස් ස්ථානවල අපරාධ වැළැක්වීම හා විමර්ශනය, විවිධ පැමිණිලි විභාග කිරීම, 119 හදිසි ඇමතුම් සඳහා අවශ්‍යතාව අනුව යෙදවීම, ළමා හා කාන්තා කාර්යංශය හා දූෂණ මර්දන අංශයේ රාජකාරී සඳහා යොදා ගැනීම, බුද්ධි කොට්ඨාශවල ආවේශන රාජකාරි සහ සිවිල් රාජකාරි සඳහා යෙදවීමට අපේක්ෂිත ය.

ග්‍රාමීය ප්‍රදේශවලට කඩිනමින් ළඟා වීමේ පහසුව මත පොලිසිය සහ මහ ජනතාව අතර සබඳතා ශක්තිමත් කරමින් ප්‍රජා පොලිස් සංකල්පය ප්‍රවර්ධනය කිරීම ද මෙම වැඩසටහන ඔස්සේ ක්‍රියාත්මක වේ. තීරු බදු රහිතව ගෙන්වා ඇති මෙම ත්‍රීරෝද රථ සඳහා රුපියල් මිලියන 829කට වඩා අධික මුදලක් රජය වැය කර තිබේ.

මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික), ආචාර්ය සරත් වීරසේකර, මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරු වන කාංචන විජේසේකර, අජිත් නිවාඩ් කබ්රාල්, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස්, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන මහත්වරු ඇතුළු ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරී පිරිසක් සහභාගි වූහ

කොවිඩ් -19 වසංගතය පාලනය වෙනුවෙන් 2020 වසරේ සිට මේ දක්වා රජය රුපියල් බිලියන 262ක් වියදම් කර ඇති බව අද (30) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැති මුදල් අමාත්‍යංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී අනාවරණය විය.
භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා මෙහි දී "අභියෝග මැදින් සෞභාග්‍යයේ මාවත කරා" මැයෙන් මුදල් අමාත්‍යංශයේ ප්‍රගතිය හා ඉදිරි දැක්ම ඉදිරිපත් කළේ ය. රජය ඉතා සාර්ථකව කොවිඩ් පළමු හා දෙවැනි රැල්ල පාලනය කළ බව කී ඒ මහතා සමාජ ආර්ථික බලපෑම් ඇති කරමින් අප්‍රේල් මාසයේ පටන් ඇරඹි තෙවැනි රැල්ලට ද සාර්ථකව මුහුණ දෙමින් සිටින බව පෙන්වා දුන්නේ ය‍.
මෙම අසීරු කාල වකවානුවේ වුව ද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු සහන ලැබිය යුතු ජනතාව වෙනුවෙන් මුදල් අමාත්‍යංශය ඔස්සේ ප්‍රතිපාදන වෙන් කළ බව පෙන්වා දුන් හෙතෙම පිරිසිදු අයවැයක් පසුගිය වතාවේ ඉදිරිපත් කරනු ලැබුවේ 2019 වර්ෂයේ නොපියවා තිබූ රුපියල් බිලියන 423ක හිඟ බිල්පත් ගෙවා දමමින් බව ද සිහිපත් කළේය.
මුදල් අමාත්‍යංශ දත්තවලට අනුව 2020 වර්ෂයේ දී කොවිඩ්-19 පාලනය වෙනුවෙන් රජය රුපියල් බිලියන 117ක් වැය කර ඇති අතර 2021 වර්ෂයේ මේ දක්වා තවත් රුපියල් බිලියන 53ක් වැය කර තිබේ. අදාළ කාලය තුළ එන්නත්කරණය හා අනෙකුත් වියදම් සඳහා තවත් රුපියල් බිලියන 92ක් වැය කර ඇති බව එස්.ආර්. ආටිගල මහතා පෙන්වා දුන්නේ ය.
පොලී අනුපාත අඩු කරමින් ද ණය සහන ලබා දෙන අතර උද්ධමනය 04% - 06%ක පවත්වා ගෙන යාමට හැකි වූ බවත් පසුගිය මැයි මාසයේ එය 06.1% සිට 06.2% දක්වා ඉහළ ගිය ද එය නැවත අඩු කර ගැනීමට මුදල් අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බව ද එස්.ආර්. ආටිගල මහතා මෙහි දී පෙන්වා දුන්නේය.
විමධ්‍යගත අරමුදලෙන් මේ වන විට රජය අනුමත කර ඇති සංවර්ධන ව්‍යාපෘති ගණන 11000ක් බව ද මෙහි දී හෙළිදරව් විය. සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය,ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා මෙහි දී අදහස් පළ කරමින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ දීමනා පිරිනැමෙන සියලු කාණ්ඩවල ජනතාව වෙනුවෙන් රුපියල් 5000 දීමනාව මේ වන විට සිවු වතාවක් ප්‍රදානය කර ඇති බව ප්‍රකාශ කළේ ය. නිෂ්පාදන ගම්මාන 500ක් ඇති කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.පී. රත්නායක මහතා කරුණු දක්වමින් කොවිඩ් හමුවේ බිඳ වැටුණු ව්‍යාපාර නැවත නඟා සිටුවීම සඳහා දෙස් විදෙස් බැංකු සමඟ සාකච්ඡා කරමින් පොලී අනුපාත අඩු කර ණය සහන ලබා දීමට හැකි වූ බව ප්‍රකාශ කළේ ය.
විදේශ ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම සඳහා මූල්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන සමඟ සාකච්ඡා කරමින් සිටින බව කී හෙතෙම 2022 ජනවාරි මාසය වන විට ජාතික ණය සුරැකුම් ආයතනයක් රට තුළ ස්ථාපිත කිරීමට හැකි වනු ඇති බවට විශ්වාසය පළ කළේ ය. 2020-2024 කාලය තුළ කොටස් වෙළඳපළ තුළ අලුතින් සමාගම් 500ක් ලැයිස්තුගත කිරීමට අපේක්ෂා කරන බව ද හෙතම කියා සිටියේය.
විරුද්ධ පක්ෂය විවිධ මතවාද ඉදිරිපත් කළ ද මේ දක්වා විදේශ ණය අතපසු නොකර ගෙවීමට හැකි වී ඇතැයි ද ඉදිරියටත් එම ණය වාරික අතපසුවීමකින් තොරව ගෙවීමට කටයුතු කරමින් සිටින බව ද මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්‍ෂ්මන් මහතා මෙහි දී අවධාරණය කළේ ය.
ස්ථාන රැසක විසිරී තිබෙන මුදල් අමාත්‍යංශයේ ආයතන ජනතා පහසුව වෙනුවෙන් එක ම ගොඩනැගිල්ලකට ගෙන ඒමේ හැකියාව ගැන සොයා බලන්නැයි අගමැතිවරයා මෙහි දී මුදල් අමාත්‍යංශ හා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතාට උපදෙස් දුන්නේය.
රාජ්‍ය අමාත්‍යවරු වන අජිත් නිවාඩ් කබ්රාල්, ෂෙහාන් සේමසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල, රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරු වන ආර්.එම්.පී. රත්නායක, නීල් බණ්ඩාර හපුහින්න, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, මහ බැංකු අධිපති, මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්‍ෂ්මන් මහත්වරුන් ඇතුළු රාජ්‍ය බැංකු හා මුදල් අමාත්‍යංශයට අයත් ආයතන ප්‍රධානීහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා පත්කෙරේ.
ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අද (30) පෙරවරුවේ මෙම පත්කිරීම සිදුකෙරුණි.
මේ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතා, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ යන මහත්වරුන්ද එක්වූහ.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ උන්නතිය වෙනුවෙන් තමා කැප වන බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හඩ්සන් සමරසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස අද රාජකාරි ආරම්භ කරමින් සංස්ථා කුමාරතුංග මැදිරියේ කාර්ය මණ්ඩලය අමතා ඔහු මේ බව කීවේය. ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ඉල්ලීමට අනුව නැවත වරක් තමා මෙම ධුරයේ වැඩ භාර ගැනීමට කැමැත්ත පළ කළ බව සභාපතිවරයා පැවසීය.

සංස්ථාවේ දියුණුව මගින් සේවකයන්ට වැඩි ප්‍රතිලාභ අත්කරදීම තවත් අරමුණකි. එමෙන්ම විකාශන කටයුතු තවත් පුළුල් කොට ජනතාවට හොඳ ශ්‍රවණ තත්ත්වයක් ලබාදීමට ද අපේක්ෂා කෙරේ. විශේෂයෙන් ඩිජිටල් තාක්ෂණය උපරිම අන්දමින් යොදා ගැනීම අපේක්ෂාව බවද ඔහු පැවසීය.

මෙම අවස්ථාවට අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ද එක්ව සිටියහ,

හඩ්සන් සමරසිංහ මහතා මීට පෙර කිහිප වතාවක්ම සංස්ථා සභාපති ධුරයේ කටයුතු කළේය. සංස්ථා අධ්‍යක්ෂ ජනරාල් ධුරය ඇතුළු තවත් තනතුරු රැසක් ඔහු දරා තිබේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව නව මගකට ගෙනයාමේ භාරධුර කාර්යභාරයක් ඉටුකළ හඩ්සන් සමරසිංහ මහතා වැටි තිබු ගුවන් විදුලිය අවස්ථා ගණනාවකදී ශක්තිමත්ව යලි ගොඩනැංවීමට දායකත්වය දැක්වීය.

සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත් කරගනිමින් ජනමාධ්‍ය කේෂත්‍රයේ නියුතු ජනමාධ්‍යවේදීන් සඳහා යෝජිත “ඇසිදිසි” හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණ ක්‍රමය 2021 - 2022

අයදුම්පත් භාරගැනිමේ අවසන් දිනය 2021.06.30 සිට 2021.07.20 දක්වා දීර්ඝ කිරීම

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter