නවතම පුවත්

රජයේ චක්‍රලේඛයට අනුව රාජ්‍ය සේවකයන් අද සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළේය. ඒ අනුව ජනතා සේවා කටයුතු ඉදිරියේදී යථා තත්ත්වයට පත්වනු ඇත, සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සියලු ආයතන සේවා සපයනු ලැබේ.

චක්‍රලේඛය අනුව අධ්‍යාපන බලධාරින්, අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්, ගුරු උපදේශකයින්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩලයද සේවයට පැමිණිය යුතුය, රටේ අධ්‍යාපනය භාරව සිටින නිලධාරීන්, ගුරුවරුන් පළමුව අධ්‍යාපන පනත් අධ්‍යයනය කළ යුතු යැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

රටේ ඕනෑම අයෙකුට උසස් අධ්‍යාපනය ලැබීමේ අයිතිය ඒවායින් තහවුරු කර තිබේ, දැනටත් උසස් අධ්‍යාපනය සදහා පෞද්ගලික විශ්ව විද්‍යාල 30 ක් පමණ රටේ තිබේ, නියාමකයක් සහිත ගුණාත්මක අධ්‍යාපනයක් ඒවායින් තහවුරු විය යුතුය,

 

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය රුපියල් මිලියන 255 ක වියදමින් පවුල් 16,000 කට ජලය අඛණ්ඩව ලබා දීම සදහා යෝජිත කුණ්ඩසාලයේ ජල සම්පාදන සේවා වැඩි දියුණු කිරීමේ ව්යාපෘතිය ඊයේ (31) ආරම්භ කෙරිණි.
කෙටි කාලීන හා දිගු කාලීන වශයෙන් ප්රධාන කොටස් දෙකක් යටතේ කුණ්ඩසාල ප්රාදේශීය පානීය ජල සැපයුම් සේවා ක්රියාත්මක කෙරේ. දීර්ඝ කාලීන විසඳුම් යටතේ මහනුවර නැගෙනහිර ජල සම්පාදන ව්යාපෘතිය ක්රියාත්මක කරන අතර එහි ඉදිකිරීම් 2024 ජනවාරියේදී අවසන් කිරීමට අපේක්ෂිතය.
මෙම යෝජිත ව්යාපෘතිය මගින් කුණ්ඩසාල මැතිවරණ කොට්ඨාසයෙ ග්රාම නිලධාරි වසම් අසූවෙන් 77ක සේවා ආවරණය කෙරේ.මෙයට අමතරව ව්යාපෘතිය මගින් තවත් ප්රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් ආවරණය කිරීමද සිදුවේ.මෙම ව්යාපෘතිය සඳහා රුපියල් මිලියන 21,765 ක මුදලක් ඇස්තමේන්තු ගත කර ඇති අතර ව්යාපෘතියට අදාළ සැළැසුම් හා ක්රම සම්පාදන කටයුතු සිදුවෙමින් පවතී.
ඊයේ ආරම්භ කරන ලද නව ව්යාපෘතිය යටතේ ග්රාම සේවා වසම් 32 ක ජනතාව කලක් මුහුණ දුන් ජල ගැටලුවට එමගින් විසඳුම් ලැබෙනු ඇත ඒ අනුව බලගොල්ල ජල පිරිපහදු මධ්යස්ථානයේ දැනට පවතින ධාරිතාව දිනකට ඝන මීටර 12000 සිට 18,000 ක් දක්වා ඉහළ නැන්වේ.
ඒ අනූව සේවා වැඩි දියුණු කිරීම යටත් මෙම ව්යාපෘතිය ඔස්සේ ධාරිතාව 50 % කින් ඉහළ නැන්වෙනු ඇත.

ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස්

කොවිඩ් 19 වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවශ්‍යතාව අනුව තුන්වැනි එන්නත් මාත්‍රාවක් ලබාදීමට සුදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබේ. ඒ අනුව අදාළ බලධාරීන් මේ වනවිට ඒ සඳහා සුදානම් වන බව ජනමාධ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා දිනමිණට ඊයේ (01) පැවැසීය.

දැනට වාර්තා වන සංඛ්‍යාලේඛන අනුව මේ වයිරස ආසාදනයෙන් මිය යන වැඩි පිරිස එන්නත් ලබා නොගත් අය-වන බවත් පැවැසු ඒ මහතා, මෙතෙක් එන්නත් නොගත් අය වහාම තමන්ට අයිත් එන්නත ලබා ගැනීමට කටයුතු කළ යුතු බව ද කීවේය.

මේ වන විට එන්නත් නොගත් අය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදෙසින් සංගණනයක් සිදු කෙරෙන බවත් එන්නත් ලබාගෙන ඇති ජනතාව හඳුනා ගැනීමේ පහසුව සඳහා ඉදිරියේ දී විශේෂ හැදුනුම්පතක් ඔවුන් වෙනුවෙන් නිකුත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන බවත් රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.

 

කොවිඩ් මර්දනයට ලොව පිළිගත් ක්‍රමවේදය එන්නත්කරණය බැවින් මෙරට සියලු දෙනා එන්නත්කරණයට ලක් කිරීම බවද හෙතෙම පැවසිය.

දිවයිනේ සියලු ප්‍රදේශ අළලා, එන්නත නොගත් පිරිස පිළිබඳ සංගණනයක් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

කොවිඩ් ආසාදිත සහ මියගිය පිරිස් පිළිබඳ කළ අධ්‍යයනයන්ට අනුව ඉන් 95%කට ආසන්න ප්‍රතිශතයක් එන්නත් ලබා නොගත් අය බව අනාවරණය වී තිබේ. එන්නත් බෙදාහැර තිබුණ ද මෙතෙක් එන්නත ලබාගෙන නොමැති අය පිළිබඳව විමර්ශනය කිරීමත්, ඔවුන් එන්නත ලබාගැනීමට පෙළඹවීමේ අවශ්‍යතාවත් ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ.

මේ පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් කඩිනම් සංගණනයක් සිදුකර, දින කිහිපයක් ඇතුළත එන්නත ලබානොගත් පිරිස පිළිබඳ වාර්තාවක් ලබාගන්නා ලෙස ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමඟ අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

එන්නත ගෙන්වා දීමේ වගකීම රජය ඉටුකර තිබේ. රෝගය පැතිර යාම වළකින ආකාරයෙන් ක්‍රියා කිරීමත්, එන්නත කඩිනමින් ලබාගැනීමත් ජනතාව සතු යුතුකමක් බව ජනාධිපතිතුමා පැවසීය. ඉදිරියේ දී රජයේ ආයතන සහ පොදු ස්ථාන වෙත පැමිණෙන ජනතාව එන්නත ලබාගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්යය කිරීම පිළිබඳව සොයා බැලීම කෙරෙහි ද කොවිඩ් කමිටුවේ අවධානය යොමු විය.

අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණි ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, රමේෂ් පතිරණ, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, සිසිර ජයකොඩි, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීහු, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති,  ආරක්ෂක  සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

 
 

රටෙහි අනාගතය දරුවන් බැවින් එම  දරුවන්ගේ  අධ්‍යාපන ක්‍රියාවලිය උදෙසා   මේ මොහොතේ  උපරිම දායකත්වය ලබාදීමට  මෙරට රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන් සිය එකඟතාව පළකර සිටී.

  ගෝලීය ව්‍යසනය මධ්‍යයේ  දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට  විවිධ  අධ්‍යාපන වැඩසටහන්  මේ මොහොතේද එක්කර ඇතැයි   එම මාධ්‍ය ආයතන ප්‍රධානින් පෙන්වා දෙයි.

 ජනමාධ්‍ය ඔස්සේ දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලියට ලබා දිය හැකි දායකත්වය සම්බන්ධයෙන් රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය  ආයතන ප්‍රධානින් සමඟ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ඊයේ (30) සවස  පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවය පළවිණි.

 මෙයට පෙර ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති  ආයතන ප්‍රධානීන්ගේ සාකච්චාවකදී  මේ සඳහා දායකත්වය ලබා දෙන ලෙස ජනමාධ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටියේය.

   ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ  නියෝජිතයන් ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් ඊයේ පැවැති සාකච්ඡාවට එක්ව සිටියහ.

 ජනමාධ්‍ය අමාත්‍ය   කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්.පීරිස්, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්   යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

    පවතින ගෝලීය ව්‍යසනය හමුවේ වාණිජ අරමුණ හා තරගකාරී වෙළෙඳපොළ මදකට අමතක කර දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලියට  මේ මොහොතේ  දායකත්වය ලබාදෙන සියලු මාධ්‍ය ආයතන සඳහා  සිය ප්‍රසාදය පළ කරන බව  අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී කීය.

 මෙවනි ව්‍යසන  හමුවේ  එය ජාතික වගකීමක් ලෙසින්  සලකා  මෙරට බොහෝ මාධ්‍ය  සැමවිටම කටයුතු කර ඇතැයිද මෙය ද එවැනිම තත්ත්වයක් බැවින්  ඉදිරියටත් එම සහයෝගය අපේක්ෂා කරන බව  අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

    රූපවාහිනී සන්නිවේදනය යොදා ගනිමින්  සිදුකෙරෙන ඉගැන්නුම් ක්‍රියාවලිය  ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයට වඩා  වඩාත් සාර්ථක බව  අධ්‍යාපන බලධාරීන් මෙහිදී පෙන්වා දුන්නේය .

 මාධ්‍ය ආයතන දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට දායකත්වය ලබාදීම  රටේ සමස්ත ජනතාවගේම පැසසුමට ලක් වන්නක් බවත්  එය ඒ ඒ  ආයතනයන්හි වටිනාකමට වඩාත්  ගෞරවනීයයත්වයක් එක්කරන බවත්   අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා  කීය.

   මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා-

 මේ වන විට මෙරට ගුරුවරුන් 82% ට    එන්නත්  ලබාදී අවසන්. අගෝස්තු තුන්වන හතරවන සතිය වන විට  එහි දෙවන එන්නතත් ලබාදීමට  හැකිවනු ඇත. ඒ අනුව සැප්තැම්බර් මුල් සතිය වන විට  පාසල්  යළි විවෘත කිරීමට  බලාපොරොත්තු වේ.

  රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අදහස් දක්වමින් -

 මේ මොහොතේ  පාසල් වසා තැබීම හේතුවෙන්  එහි ඊළඟ විකල්පය වනුයේ  විද්‍යුත් නාලිකා ඇතුළු  මාධ්‍ය මඟින් මඟින් දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය සිදු කිරීමයි . ඒ සඳහා මේ වන විට පාඩම් 7183  පටිගත කර අවසන් කර තිබෙනවා. තවත් අවශ්‍යව ඇත්තේ  1500ක පමණ ප්‍රමාණයකි. එයද  ඉදිරි කාලය තුළ අවසන් කිරීමට හැකි වනු ඇත

   ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත් පී.විජේවීර , මහතා ඇතුළු   ජනමාධ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශයන්හි නිලධාරින් ශ්‍රී ලංකා  විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ  නියෝජිතයන්  හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් රැසක්  මෙම අවස්ථාවට  එක්ව සිටියහ.

 

කොවිඩ් ආසාදිත සහ මියගිය පිරිස් පිළිබඳ කළ අධ්‍යයනයන්ට අනුව ඉන් 95%කට ආසන්න ප්‍රතිශතයක් එන්නත් ලබා නොගත් අය බව අනාවරණය වී තිබේ. එන්නත් බෙදාහැර තිබුණ ද මෙතෙක් එන්නත ලබාගෙන නොමැති අය පිළිබඳව විමර්ශනය කිරීමත්, ඔවුන් එන්නත ලබාගැනීමට පෙළඹවීමේ අවශ්‍යතාවත් ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ.
මේ පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් කඩිනම් සංගණනයක් සිදුකර, දින කිහිපයක් ඇතුළත එන්නත ලබානොගත් පිරිස පිළිබඳ වාර්තාවක් ලබාගන්නා ලෙස ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමඟ ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.
එන්නත ගෙන්වා දීමේ වගකීම රජය ඉටුකර තිබේ. රෝගය පැතිර යාම වළකින ආකාරයෙන් ක්‍රියා කිරීමත්, එන්නත කඩිනමින් ලබාගැනීමත් ජනතාව සතු යුතුකමක් බව ජනාධිපතිතුමා පැවසීය. ඉදිරියේ දී රජයේ ආයතන සහ පොදු ස්ථාන වෙත පැමිණෙන ජනතාව එන්නත ලබාගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්යය කිරීම පිළිබඳව සොයා බැලීම කෙරෙහි ද කොවිඩ් කමිටුවේ අවධානය යොමු විය.
අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණි ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, රමේෂ් පතිරණ, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, සිසිර ජයකොඩි, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීහු, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, ආරක්ෂක සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීහු මේ අවස්ථාවට එක්ව සිටියහ

ශ්‍රී ලංකාව තුළ පවතින අනර්ථකාරි සියලු වෙබ් අඩවි තහනම් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය විදුලි සන්දේශ නියාමන කොමිසම වෙත පසුගියදා (29) නියෝග නිකුත් කළාය. වැරැදි සහගත ලෙස වෙබ් අඩවි අන්තර්ජාලයට ප්‍රවේශ කිරීම්, වෙබ් නාමයන් ලියාපදිංචි කිරීම්, ගෙවීම් කිරීම් හා සේවා සැපයුම්වල තොරතුරු වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන මෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය විදුලි සන්දේශ නියාමන කොමිසම වෙත මෙහිදී නියෝග නිකුත් කළාය.

පහළොස් හැවිරිදි දැරියක අන්තර්ජාලය හරහා ලිංගික කටයුතුවල යෙදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වූ නඩුව අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙර දින අධිකරණ නියෝග පරිදි අධිකරණය හමුවේ පෙනී සිටි විදුලි සංදේශ නියාමන කොමිසම වෙත මෙලෙස නියෝග නිකුත් විය.විවිධ වෙබ් අඩවි මඟින් විවිධාකාරයේ මිනිස් වෙළෙඳාම හා ලිංගික අපයෝජන වන බවට කරුණු වාර්තා කරමින් මේ කටයුතු පාලනය කිරීම සහ මහජනතාවගේ සුබ සිද්ධිය උදෙසා අධිකරණයට මැදිහත් වන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ළමා හා කාන්තා කාර්යාංශය එක්ව අධිකරණය හමුවේ කරනු ලැබූ ඉල්ලීම සලකා බලන බවට මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.

ඒ අනුව සියලු කරුණු සලකා බලමින් දැනට පවත්නා තත්ත්වය ක්ෂණිකව පාලනය කිරීමට අධිකරණය මැදිහත් වී අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 ප්‍රකාරව අධිකරණ බලය පාවිච්චි කරන බවට මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කරමින් ප්‍රකාශ කළාය.

 

ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි එන්නත්කරණයට ලක්විය යුතු ජනගහණයෙන් ඉහළ ප්‍රතිශතයකට මේ වන විට එන්නත්කරණය සිදුකර තිබේ. රාජ්‍ය සේවකයන් බහුතරයක් ද එන්නත්කරණයට ලක්කර ඇති බැවින්, රාජ්‍ය සේවා සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට ප්‍රමුඛත්වය දිය යුතුව ඇත.
එම නිසා කොවිඩ් සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට යටත්ව 2021 අගෝස්තු මස 02 වනදින(සඳුදා) සිට සියලුම රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සඳහා කැඳවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාට දැනුම් දී තිබේ.
කොවිඩ් රෝගය පාලනය පහසු කිරීම සඳහා සීමිත කාර්ය මණ්ඩල චක්‍රීය පදනම මත කැඳවමින් සහ නිවසේ සිට රාජකාරී සිදුකිරීමට අදාළව නිකුත් කර ඇති සියලුම චක්‍රලේඛ අවලංගු කරන ලෙස ද ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා ජාතික රෝහල් පරිශ්‍රයේ ඉදි කරන ලද නව මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය සහ වකුගඩු රෝග විද්‍යාතන ගොඩනැගිල්ල ඊයේ (29) දිනයේදී විවෘත කෙරුණි. නිදහස් සෞඛ්‍ය සේවයේ ප්‍රතිලාභ සමස්ත ජනතාවට සමීප කිරීමේ උදාර අරමුණ පෙරදැරිව ඊ.ඒ.එම්. මැලිබන් ටෙක්ස්ටයිල් පෞද්ගලික සමාගම සිය පූර්ණ ධන පරිත්‍යාගයෙන් මෙම තෙමහල් ගොඩනැගිල්ල ඉදිකර තිබේ.
දැඩි සත්කාර ඒකක ඇඳන් 13කින් සමන්විත මෙම විද්‍යායතනය ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 300කට ආසන්න වේ. නව මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය සහ වකුගඩු රෝග විද්‍යාතන ගොඩනැගිල්ල විවෘත කර එහි නිරීක්ෂණ චාරිකාවකට ද ඔහු එකතු වූවේය. 
සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය එස්.එච්. මුණසිංහ, පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජාතික රෝහලේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩබ්ලිව්.කේ. වික්‍රමසිංහ, ඊ.ඒ.එම්. මැලිබන් ටෙක්ස්ටයිල් පෞද්ගලික සමාගමේ සභාපති ඉල්ලියාස් අබ්දුල් කරීම් මහතා ඇතුළු එම සමාගමේ නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය (PMC) ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ විවෘත කෙරිණි. කොටුව, ජනාධිපති මන්දිරය ඉදිරිපිට, පැරණි චාර්ටඩ් බැංකු ගොඩනැඟිල්ලේ බිම් මහලේ මාධ්‍ය කේන්ද්‍රය ස්ථාපනය කර තිබේ.
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනතාවට දුන් ප්‍රතිඥා යථාර්ථයක් කිරීමට ගෙන යන වැඩපිළිවෙළෙහි ප්‍රගතිය, ජනාධිපතිතුමාගේ සහ ජනාධිපති කාර්යාලයේ තොරතුරු නිවැරදිව හා කාර්යක්ෂමව මාධ්‍යයට සහ ජනතාවට ලබාදීම ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අපේක්ෂාවයි.
සතිපතා පැවැත්වෙන මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන්ට තෝරාගන්නා මාතෘකාවන් තුළ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් සහ රජයේ නිලධාරීන්ගෙන් සෘජුව හෝ මාර්ගගත ක්‍රමයට ප්‍රශ්න විමසීමට අවස්ථාව සැලසේ. මාධ්‍යවේදීන් 40 දෙනෙකුට එක වර අසුන්ගත හැකි සහ ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කළ හැකි අංගෝපාංග රැසකින් මෙම මාධ්‍ය කේන්ද්‍රය සමන්විත ය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ප්‍රධාන උපදේශක, ලලිත් වීරතුංග මහතා සඳහන් කළේ “ජනප්‍රිය මාධ්‍ය භාවිතයෙන් ඔබ්බට ගිය පරිපූර්ණ මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැඟීමට ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය ඉවහල්වනු ඇතැයි” තමා විශ්වාස කරන බවයි.
කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ, ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම අද දිනයේදී සිදු විය. මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ලලිත් වීරතුංග මහතා සඳහන් කළේ සැප්තැම්බර් 15 වන දින වන විට වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත්කරණය සිදු කර අවසන් කරන බවයි. එසේ ම වයස අවුරුදු 18-30 අතර පිරිසට එන්නත්කරණයට අවශ්‍ය සියලු සැලසුම් සකස් කර ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ලැබූ වහා ම එය ක්‍රියාත්මක කරන බව ද පැවසීය.
නවතම වාර්තාවකට අනුව එන්නත් බෙදී යාමේදී 90%කට වැඩි ප්‍රමාණයක් ලෝකයේ ධනවත් රටවල් විසින් ලබාගෙන ඇති බවත්, දියුණුවන සෙසු රටවල් අතර 5% කට අඩු ප්‍රමාණයක් බෙදී ගොස් ඇති අතර ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය විශාල ජයග්‍රහණයක් බව ද වීරතුංග මහතා පෙන්වා දුන්නේය.
සත්‍ය තොරතුරු හුවමාරු කර ගැනීමේ තෝතැන්නක් බවට “ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය” පත් කර ගැනීම මාධ්‍යවේදීන් වන අප සියලු දෙනාගේ වගකීම බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුදේව හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.
ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇති, ජනතාවට නිවැරදි තොරතුරු ලබාදීමේ ප්‍රතිඥාව ඉටු කිරීමට ගත් එක් පියවරක් ලෙස ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය හඳුන්වාදිය හැකි බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පෙන්වා දුන්නේය.
කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ ලබා ඇති ප්‍රගතිය සහ එන්නත්කරණ වැඩපිළිවෙළ වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට ජනාධිපතිතුමා ගත් ක්‍රියාමාර්ග පිළිබඳ ඒ මහතා දීර්ඝ වශයෙන් මාධ්‍ය දැනුවත් කළේය.

සිංහරාජයට මායිම් ව පිහිටා ඇති ලංකාගම, අතිසුන්දර ගම් පියසක් වුවත් එහි ගැමියන්ට ගෙවීමට සිදු වූයේ අතිදුෂ්කර දිවිපෙවෙතකි. ඊට ප්‍රධානතම හේතුව වූයේ ඔවුන්ට නගරයට යාමට පැහැදිලි මාර්ගයක් නො තිබීමයි.

තමන්ගේ බෝග හා අස්වනු අලෙවි කර ගැනීම සඳහා නගරයට යාමේදීත්, දරුවන්ට පාසල් යාමේදීත්, රෝගියෙකු රෝහලකට ගෙන යාමේදීත් තමන්ට මාර්ගයක් නොමැතිකමින් ගැමියන්ට අනේකවිධ දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදු විය.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ග්‍රාමීය මාර්ග සංවර්ධනය යටතේ ජනාධිපතිතුමාගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුධ හමුදාවේ දායකත්වයෙන් ඇරඹුණු කි.මි. 18ක දුරින් යුතු නෙළුව - ලංකාගම - පිටදෙණිය මාර්ගය විවිධ බාධා කිරීම් මධ්‍යයේ වුව ද දින 90ක් වැනි කෙටි කලකින් සාදා නිමකිරීමට ලැබීම අපට මහත් සතුටකි.


ඒ තුළින් ඔවුන්ගේ ජනජීවිතය දියුණු වනු ඇති බව මාගේ විශ්වාසයයි.

එන්නත්කරණ වැඩසටහන යටතේ එක් දිනකදී ලබාදුන් වැඩිම එන්නත් සංඛ්‍යාව ඊයේ ලබා දී තිබෙනවා. එම සංඛ්‍යාව හාරලක්ෂ දාහත්දහස් අටසිය පහළොවක්.

කොවිඩ් නයින්ටීන් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ එන්නත්කරණය රටපුරා සාර්ථකව සිදුකෙරෙනවා. එක් දිනකදී වැඩිම එන්නත් සංඛ්‍යාවක් ලබාදුන් දිනය ලෙස ඊයේ වාර්තා වූ අතර එලෙස ලබාදුන් එන්නත් සංඛ්‍යාව 417,815 ක් බවයි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ.

ඒ අනුව ඊයේ දිනයේ දී සයිනොෆාම් පළමු මාත්‍රාව 344,458 දෙනෙකුට ලබාදී තිබෙනවා. දෙවන මාත්‍රාව ලබාදුන් සංඛ්‍යාව 32,288 ක්. ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 40,912 දෙනෙකුට ලබාදී ඇති අතර මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් සංඛ්‍යාව 157 ක්.

මේ වනවිට කිසියම් හෝ එන්නතක පළමු මාත්‍රාව අසූහත්ලක්ෂ දහඅට දහස් හාරසිය තිස්තුන් දෙනෙකුට ලබාදී තිබෙනවා. දෙවන මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව දහනව ලක්ෂ අනූහතර දහස් තුන්සිය අසූහතර දෙනෙකුට ලබාදී ඇති බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter