කාබනික පොහොර නිෂ්පාදනය සදහා තරුණ ව්‍යවසායකයන් දිරිගැන්වීමේ වැඩපිළිවෙළක් ඇරඹෙයි. ඒ සම්බන්ධව උනන්දුවක් දක්වන ව්‍යවසායකයන්ට අවශ්‍ය ඉඩම් ලබාදීමට කටයුතු කරන බව ඉඩම් අමාත්‍යංශයේ ලේකම් ආර ඒ. ඒ. කේ. රණවක මහතා පැවසීය.
කාබනික පොහොර නිෂ්පාදනය සදහා තරුණ ව්‍යවසායකයන් දිරිගැන්වීමේ වැඩපිළිවෙළක් ඇරඹෙයි. ඒ සම්බන්ධව උනන්දුවක් දක්වන ව්‍යවසායකයන්ට අවශ්‍ය ඉඩම් ලබාදීමට කටයුතු කරන බව ඉඩම් අමාත්‍යංශයේ ලේකම් ආර ඒ. ඒ. කේ. රණවක මහතා පැවසීය.
ගුරු විදුහල්පති වැටුප් විෂමතාව විසදීම සදහා අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීමට අමාත්‍යවරුන් සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර තිබේ. ඊයේ රැස්වු කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත. අමාත්‍යවරුන් වන විමල් වීරවංශ ප්‍රසන්න රණතුංග. මහින්ද අමරවීර සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් එම කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
කොවිඩ් වසංගතය හමුවේ පසුබෑමකට ලක්ව තිබෙන රාජ්‍ය ව්‍යාපාර සවිබල ගැන්වීමට අඩු පොලී අනුපාත මත කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක කළ “සෞභාග්‍ය කොවිඩ් 19 යළි නඟා සිටුවීමේ පහසුකම“ සහනදායී ණය යෝජනා ක්‍රමය වැනි ක්‍රමවේදයක් රාජ්‍ය ව්‍යාපාර සඳහා ද ක්‍රියාත්මක කළ යුතු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලයට යෝජනා කර ඇත.
කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමේදී හා ජනජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාමේදී සුවිශේෂී සේවාවක් ඉටුකරන රාජ්‍ය ව්‍යාපාරවල ව්‍යාපාර හා මෙහෙයුම් කටයුතු පසුබෑමට ලක්ව තිබීම නිසා රුපියල් කෝටි 1000ක මුදලකින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
පූර්ණ හෝ අර්ධ හෝ වශයෙන් රජයට අයත් ව්‍යාපාර 282ක් පමණ රට තුළ ක්‍රියාත්මක වන අතර මුදල් අමාත්‍යාංශය පනවනු ලබන කොන්දේසි මත මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරෙනු ඇත.
අද අළුයම 02.15 ට පමණ මෙරටට ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් රැගෙන විත් ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග පවසයි. කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර් - 668 දරන ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය මෙරටට රැගෙන විත් තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ දී පළමුවරට අක්මා බද්ධ සැත්කමක් සාර්ථකව සිදුකර ඇත. රෝහල් අධ්යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා ප්‍රකාශ කළේ 37 හැවිරිදි තරුණයෙකු සඳහා මෙම සැත්කම සිදුකළ බවයි.
සිරෝසීස් රෝගයෙන් පෙළුණු මෙම තිස්හත් හැවිරිදි තරුණයාට ඉතා ඉක්මනින් අක්මා බද්ධයක් සිදු කිරීමේ අවශ්‍යතාව මතුව ඇත. ඒ හේතුවෙන් පසුගිය 30 වනදා මෙම සැත්කම සිදුකර ඇති අතර එය 100%ක්ම සාර්ථක බවට තහවුරු කර ගෙන ඇති බවයි ශ්‍රී ජයවර්ධනපුර රෝහල් අධ්යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා ප්‍රකාශ කරයි.
රාගම රෝහලේදී ලබාගත් මොළය මිය ගිය 62 හැවිරිදි පුද්ගලයෙකුගේ අක්මාවකුයි මෙලෙස බද්ධ කර ඇත. සැත්කම සඳහා පැය 12කට ආසන්න කාලයක් ගතවූ බවයි වෛද්‍යවරුන් සඳහන් කරයි. ජයවර්ධනපුර රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් කණ්ඩායමක් මෙම සැත්කමට එක්ව ඇත.
අක්මා බද්ධ සැත්කම සඳහා අධික වියදමක් දැරීමට සිදුවන අතර එය ඉන්දියාවේ සිදු කිරීමට සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 120ක් පමණ වැයවන බව සඳහන් වේ. එහෙත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිදුකළ මෙම සැත්කම සඳහා කිසිඳු අය කිරීමක් සිදු නොකිරීම ද විශේෂත්වයකි.
කොවිඩ් 19 මර්දන එන්නත මෙතෙක් ලබානොගත් පුද්ගලයින් 1906 දුරකතන අමතා ලියාපදිංචි වී එන්නත ලබාගන්නා ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
බස්නාහිර පලාතේ අවදානමට ලක්ව ඇති ප්‍රදේශ වල වයස අවුරුදු 60ට වැඩි සහ රෝගාබාධ වලින් පෙළෙන්නන් ආදී සෑම කෙනෙකු හටම ඉදිරි දින 03 තුළදී එන්නත ලබාදීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.
එන්නත් ඕනෑ තරම් පවතින අතර අවශ්‍ය පහසුකම්ද කිසිදු අඩුවකින් තොරව සැපයිය හැකි බව අවධාරණය කළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා, මෙම වැඩපිළිවෙල යටතේ බස්නාහිර පළාතේ එන්නත් ලබාදීමට මධ්‍යස්ථාන පිහිටුවා ඇති අතර යම් අයෙකුට රෝගාබාධ ඇතිනම් ඒවා උත්සන්න වුවහොත් වෛද්‍ය පහසුකම් ලබාදීමටද කටයුතු සූදානම් කර ඇති බව කීවේ ය.
අසත්‍ය ප්‍රචාර වලට නොරැවටීි කඩිනමින් එන්නතකරණයට යොමුවන්නැයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවට දැණුම් දෙයි. එමගින් ඇතිවන ජිවිත අවදානම මගහරවා ගත හැකිය.රට තුළ කොරෝනා වෛරසය සිඝ්‍රයෙන් පැතිර යන බැවින් මහජනතාව සෞඛ්‍ය උපදෙස් වලට අනුගත වීම මේ මොහොතේ අත්යාවශ්යවෙයි.
රජය එන්නත්කරණ වැඩසටහන වේගවත් කර තිබේ.එන්නත්කරණයට අවශ්‍ය සියලු එන්නත් මාත්‍රා මෙරටට රැගෙන ඒමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත..මෙරට ජනතාවගෙන් සියයට 75 ඉක්මවන පිරිසකට මේ වනවිට .කොරෝනා ප්‍රතිශක්තිකරණ එක් මාත්‍රාවක් හෝ එන්නත් කර අවසන්ය.ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ රජයේ අවශ්‍යතාව වන්නේ කඩිනමින් ජනතාව එන්නත්කරණය කිරිීමයි.ලබන මාසය අවසන් වන විට මෙරට සියලු දෙනාට කොරෝනා ප්‍රතිශක්තීකරණ මාත්‍රා දෙකම එන්නත් කිරීමට හැකිවනු ඇතැයි යුද හමුදාපති වරයා විශ්වාසය පළ කරයි.
ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු
මේ වසරේදී ඉදිකිරීමට නියමිත ග්‍රාමීය පාලම් 1,000න් 700කට වැඩි ප්‍රමාණයක වැඩ ආරම්භ කර අවසන් බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා (6) මහාමාර්ග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති ග්‍රාමීය පාලම් 5,000ක් ඉදිකිරීමේ වැඩසටහනේ ප්‍රගතිය සොයා බැලීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.
මෙම ව්‍යාපෘතිය යටතේ මේ වසරේදී පාලම් 1000ක් ඉදිකිරීමට නියමිත අතර, මේ වන විටත් ග්‍රාමීය පාලම් 700කට අධික ප්‍රමාණයක වැඩ ආරම්භ කර තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ආර්ථික පුනර්ජනනීය හා දරිද්‍රතාව පිටුදැකීම සඳහා වන ජනාධිපති විශේෂ කාර්යසාධක බළකා ප්‍රධානී ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීමෙන් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම ගම් බිම් යා කරන හදවතේ පාලම් ව්‍යාපෘති වැඩසටහන රට පුරා ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකාවේ සෑම ආසනයක්ම ආවරණය කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බැවින් දැනට රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වූවද සංවර්ධන කටයුතු බාධාවකින් තොරව නොනවත්වාම ඉදිරියට කරගෙන යා යුතු බවත්, නියමිත දින වකවානුවලට ග්‍රාමීය පාලම් ඉදිකිරීමේ වැඩ සටහනේ ඉලක්ක ගත ප්‍රගතිය සපුරා ගත යුතු ආකාරය පිළිබඳ අමාත්‍යවරයා මෙහිදී, මහා මාර්ග අමාත්‍යාංශයේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සහ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
2021 වසර අවසාන වීමට ප්‍රථම ග්‍රාමීය පාලම් 1,000ක් ඉදිකිරීමෙන් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය පහසු කර ඔවුන්ගේ ජීවනෝපායන් දියුණු කරවීමට හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව සේවකයන් කැඳවා පාලම් ව්‍යාපෘතිය අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
රජයේ වැඩපිළිවෙළ අන්තර්ජාතික පැසසුමට
දේශගුණ විපර්යාස නිසා ඇතිවන බලපෑම් වළක්වා ගැනීමට ශ්‍රී ලංකාව ගෙන තිබෙන වැඩ පිළිවෙළ අගය කරන බවත්, රජය හා ජනාධිපතිතුමා ගෙන ඇති ක්‍රියාමාර්ග දෙස බලන විට දකුණු ආසියානු කලාපයේ සෙසු රටවලට වඩා ශ්‍රී ලංකාව දේශගුණ විපර්යාස වළක්වා ගැනීම සඳහා වන අන්තර්ජාතික නිර්දේශ අනුව කටයුතු කිරීමේ දී ඉදිරියෙන් සිටින බවත්, එක්සත් ජාතින්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ කාර්යාලය වන COP 26 මධ්‍යස්ථානයේ ආසියා පැසිපික් හා දකුණු ආසියානු කලාපීය තානාපති Ken o Flaherty මහතා පැවසීය.
එක්සත් ජාතින්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ කාර්යාලය වන COP 26 මධ්‍යස්ථානයේ ආසියා පැසිපික් හා දකුණු ආසියානු කලාපීය රටවල තානාපති Ken o Flaherty හා කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ සමෘද්ධිමත්භාවය පිළිබඳ ඒකකයේ ප්‍රධානී Andrew Price මහත්වරුන් පසුගියදා පරිසර ඇමැති මහින්ද අමරවීර සහ අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්වරුන් නිල වශයෙන් හමු වූ අවස්ථාවේ මේ අගැයිම සිදු කර ඇත.
මෙම වසරේ නොවැම්බර් මස බෙල්ග්‍රේඩ්හි දී පැවැත්වීමට නියමිත COP 26 දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර්ජාතික සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන ලෙස පරිසර ඇමැතිවරයාටත්, පරිසර අමාත්‍යංශ ලේකම්වරයාටත් මෙහිදී ඔවුන් ආරාධනා කර තිබේ.
දේශගුණ විපර්යාස නිසා ඇති වන බලපෑම් වළක්වා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ සමුළුව ගන්නාදු තීරණ ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කර ඇති ආකාරය පිළිබඳ තානාපතිවරයා මෙහිදී ඇමැතිවරයාගෙන් කරුණු විමසීය. විශේෂයෙන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනය අනුව දේශගුණ විපර්යාස සඳහා ඉවහල් විය හැකි කරුණු රැසක් සම්බන්ධව මේ වනවිට ප්‍රතිපත්තිමය තීන්දු රැසක් ගෙන ඇති බව ඇමැති අමරවීර මහතා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ විදුලිබල අවශ්‍යතාවෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබා ගැනීම සඳහා තීරණය කර ඇති අතර, නැවත ගල් අඟුරු විදුලි බලාගාර ඉදිනොකිරීමට ජනාධිපතිතුමා තීරණය කර තිබීම, විදුලිබල උත්පාදනයට ජල විදුලිබලය මෙන්ම සුර්ය බලය හා සුළං බලය වැඩිපුර උපයෝගී කර ගැනීම, ද්‍රවීකෘත වායු හෙවත් LNG බලාගාර දෙකක් ඉදිකිරීම, විදුලිබලයෙන් ක්‍රියාකරන මෝටර් රථ ආනයනය සඳහා ආනයනකරුවන් දිරිමත් කිරීම, 2030 වන විට මේ රටේ වන ගහනය සියයට 30 දක්වා ඉහළ නැංවීම ද ඉන් ප්‍රධාන වන බවත් වැඩි වායු දූෂණයක් සිදුවීමට බලපාන ජාතික ප්‍රවාහන සේවාවන් විධිමත් කිරීම ද රජයේ එක් ඉළක්කයක් බවත් ඇමැතිවරයා මෙහිදි අවධාරණය කළේය.
එමෙන්ම වායු දූෂණයට මෙන්ම පාංශු දූෂණයට හේතුකාරක වන පොලිතීන් හා ප්ලාස්ටික් ආශ්රිත නිෂ්පාදන රැසක් මේ වන විට මෙරටට ආනයනය, නිෂ්පාදනය, බෙදාහැරීම හා අලෙවිය තහනම් කර ඇතැයි ද පෙන්වා දුන් අමරවීර මහතා, ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ගත් එම තීරණ සියල්ලම දේශගුණ විපර්යාසවලින් ලෝකයට මෙන්ම අපේ රටට සිදු විය හැකි ආපදාවන් වළක්වා ගැනීම සඳහා ගන්නා ලද තීරණ යැයිද කීවේය.
කලාපිය තානාපති Ken o Flaherty මහතා අදහස් දක්වමින්, විශේෂයෙන්ම දේශගුණික විපර්යාස නිසා සිදු වන හානි වලින් වැඩිපුරම බලපෑම් එල්ල වන්නේ දූපත් රාජ්‍යයන්ට බවත්, ශ්‍රී ලංකාව ද දූපතක් නිසා ඉන් සිදුවන අහිතකර ගෝලීය බලපෑම් නිසා වැඩි වශයෙන් හානිකර තත්ත්වයන්ට මුහුණ දීමට සිදු විය හැකි බවත් පෙන්වා දුන්නේය. නමුත් වත්මන් රජය හා ජනාධිපතිතුමන් ගෙන ඇති ක්‍රියාමාර්ග දෙස බලන විට දකුණු ආසියානු කලාපයේ සෙසු රටවලට වඩා ශ්‍රී ලංකාව, දේශගුණ විපර්යාසයන් වළක්වා ගැනීම සඳහා වන අන්තර්ජාතික නිර්දේශ අනුව කටයුතු කිරීමේ දී ඉදිරියෙන් සිටින බව අවධාරණය කළේය.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී දේශගුණ විපර්යාස වළක්වා ගැනීම සඳහා රජය ගෙන ඇති වැඩ පිළිවෙළ COP 26 මධ්‍යස්ථානයේ ආසියා පැසිපික් හා දකුණු ආසියානු කලාපීය තානාපති Ken o Flaherty මහතා වෙත බාරදීම ද මෙදින සිදු විය
ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල
සම්බුදු සසුනෙහි චිරස්ථිතිය උදෙසා දශක නවයකට ආසන්න උතුම් පැවිදි දිවියම කැපකළ මහ තෙර නමක වන ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහෝපාධ්‍යාය ඓතිහාසික මොලගොඩ කොටමුදුන්ගල රජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත සාහිත්‍යාචාර්ය හිඟුල්වල සරණංකර නාහිමියන්ගේ අපවත්වීම සම්බුදු සසුනට පිරිමැසිය නොහැකි ඉමහත් පාඩුවක් බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බෝධිසත්ව ගුණෝපේත පරම පූජනීය මහා සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක වන සරණංකර නා හිමියන් අනතිමානී ගුණයෙන් පරිපූර්ණ වූ ශ්‍රේෂ්ඨ පඬිරුවනක් බවද අමාත්‍යවරයා කියා සිටී.
අස්ගිරි පාර්ශවයේ මහෝපාධ්‍යාය හිඟුල්වල සරණංකර හිමියන්ගේ අපවත්වීම පිළිබඳ පණිවිඩයක් නිකුත් කරමින් රඹුක්වැල්ල මහතා මේ බව කියා සිටී.
නා හිමියන්ගේ විනයගරුක මෙන්ම අල්පේච්ඡතාව මුළු පැවිදි දිවියම එකඵ කරමින් මහ සඟ පරපුරක් සම්බුදු සසුනට දායාද කළ බව අමාත්‍යවරයා ශෝක පණිවිඩයේ සඳහන් වේ.
ශත වර්ෂයකටඅධික කාලයක් ආයු වැලඳූ උන්වහන්සේ මනා සිහිකල්පනාවෙන් ජීවිතයේ වයෝවෘද්ධම සමයේ පවා කටයුතු කළේ යැයිද එතරම් වයෝවෘද්ධ තාවයකින් සිටියද පොත පත පරිශීලනය කරමින් සෑම විටම ආදර්ශමත් පැවිදි දිවියක උන්වහන්සේ නිරත වූයේ යැයිද අමාත්‍යවරයා පවසයි.
මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමියන්ගේ ධර්මාචාර්ය හිමිපාණන් මෙන්ම බෞද්ධ හා පාලි විශ්ව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන්ගේ ආචාර්යවරයානන් වහන්සේ වීම උන්වහන්සේගේ පැවිදි දිවිය තවත් ආලෝකමත් වූ බව රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි.
මහනාහිමිවරුන් ප්රමුඛ ත්‍රෛනිකායික මහ සඟරුවනේද නොමද ගෞරවයට පාත්‍ර වූ සරණංකර හිමියන් මෑතකාලීනව ලක් දෙරණට පහළ වූ උතුම් සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සිය ශෝක පණිවිඩයේ වැඩිදුරටත් කියා සිටී.
කොවිඩ් වයිරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ රටේ සෞඛ්‍ය තත්ත්වය ඉදිරි සති දෙක තුළ
තීරණාත්මක විය හැකි නිසා අත්‍යවශ්‍ය කරුණකට හැර එළියට නොගොස් හැකි තාක් නිවෙස්වලටම වී සිටින ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවට දැනුම් දෙයි.
කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරමින් ජනතාව කටයුතු කළහොත් රටේ තත්ත්වය තීරණාත්මක වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේය.
මෙරට සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 5111ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් කොවිඩ් මරණයන්ට වැඩිපුර ගොදුරු වීම සිදු වන බවත් මරණ සංඛ්‍යාව අවම කර ගැනීම සඳහා කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට වැඩිහිටියන් අනිවාර්යයෙන්ම යොමු විය යුතු බවත් හෙතෙම පැවසීය.
ඩෙල්ටා ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ පැයක් තුළදී මෙරට සිදු වන මරණ සංඛ්‍යාව 5ක් දක්වා ඉහළ ගොස් ඇති බවට ද වාර්තා වේ.
ඉදිරි සති දෙකක කාලය තුළදී මෙරටින් වාර්තා විය හැකි කොවිඩ් මරණ සංඛ්‍යාව 2000කින් ඉහළ යා හැකි බව අමෙරිකානු වොෂින්ටන් සරසවිය නිකුත් කළ නවතම දත්ත විශ්ලේෂණයක දැක් වේ.
දෙසැම්බර් මස 01 වැනිදා වන විට මෙරට මරණ සංඛ්‍යාව 12,000ක් වනු ඇතැයි ද, එය උපරිමය 23,000ක් දක්වා ඉහළ යා හැකි යැයි ද එම විශ්ලේෂණයේ සඳහන් ය.
වයස අවුරුදු 30ට වැඩි මෙතෙක් එන්නත්කරණයට ලක් නොවූ අයකු වේ නම් එන්නත ලබා ගැනීමට තවත් ප්‍රමාද නොවන ලෙස ද ඒ මහතා දැනුම් දුන්නේය.
එන්නත ලබා ගැනීම සඳහා පැමිණීමට නොහැකි අයකු වේ නම් ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය දැනුවත් කළ යුතු බවත් එසේ සිදු කිරීමෙන් පසුව නිවසට පැමිණ එන්නත දීම සිදු කරන බවත් ඒ මහතා කීය.
කොවිඩ්-19 ආසාදිතයකුගේ පළමු පෙළ ආශ්‍රිතයකු බවට හඳුනා ගතහොත් දින 3ත් 5ත් අතර කාලය තුළදී පී.සී.ආර්. හෝ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයක් හෝ සිදු කර ගන්නා ලෙස ඇමරිකාවේ වසංගත පාලන මධ්‍යස්ථානයේ මාර්ගෝපදේශවලට ඇතුළත් කර තිබේ.
මීට පෙර කොරෝනා පරීක්ෂණයකට ලක් විය යුතු කාල සීමාව ලෙස දක්වා තිබුණේ දින 5ත් 7ත් අතර කාලයක් වුවත් රෝග ලක්ෂණ නොපෙන්වන්නේ නම් පී.සී.ආර්. පරීක්ෂණයක් ද, රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයක් ද සිදු කිරීම වැදගත් යැයි එහි ඇතුළත් ය.
දරුවන් අතර කොවිඩ් - 19 වයිරසය ව්‍යාප්ත වීම ඉහළ යෑමත් සමඟ බහු ඉන්ද්‍රීය රෝග ඇතුළු සංකූලතා වැඩි වී මරණ සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක් පවතින බවට ද වාර්තා වේ.
කොවිඩ් ආසාදිත දරුවන් 150ක් පමණ ඊයේ (08) වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ වාට්ටු 4ක සහ බොරැල්ල ආයුර්වේද රෝහලේ වෙන් කළ වාට්ටුවක් ඇතුළු වාට්ටු 5කින් දරුවන්ට ප්‍රතිකාර ලබා දෙන බවත් වාර්තා වේ.
කොවිඩ් ආසාදිත දරුවන් තවදුරටත් වැඩි වුවහොත් සමස්ත ළමා රෝහල් පද්ධතියම කඩා වැටීමේ අර්බුදයක් මතු වනු ඇතැයි ද, දරුවන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා අවශ්‍ය දැඩි සත්කාර ඇඳන් සහ ඔක්සිජන් අවශ්‍යතාව ඉහළ යනු ඇතැයි ද ඒ මහතා කීය.
කිසියම් දරුවකුට තද උණ ගතිය, වමනය, කෑම අරුචිය පවතින්නේ නම් ප්‍රතිකාර සඳහා යොමු විය යුතු අතර දරුවන්ට වයිරසය ආසාදනය වීම සිදු වනුයේ වැඩිහිටියන්ගෙන් වන බවත් වැඩිහිටියන් නිවෙස් වෙත යාමේදී වයිරසය රැගෙන නොයාමට පියවර ගත යුතු බවත් වෛද්‍ය විශේෂඥ මතයයි.