අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේහය පිළිබඳ අවසාන කටයුතු අද(24) පස්වරුවේ බොරැල්ල ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.
අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේහය පිළිබඳ අවසාන කටයුතු අද(24) පස්වරුවේ බොරැල්ල ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ හදිසි අභාවය පිළිබඳ අසා මම මහත් කනගාටුවට පත්වුණෙමි.
මෙරට සියලුම ආබාධිත ප්‍රජාව වෙනුවෙන් කේන්ද්‍රීය කාර්යාලයක් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කිරීමට උපදෙස් ලබා දුන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව කියා සිටියේ, අද (24) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ය.
ඒ අනුව, මෙරට සියලුම ආබාධිත ප්‍රජාව වෙනුවෙන් කේන්ද්‍රීය කර්යයාලයක් ජනමාධ්‍ය අමාත්‍යංශය තුළ ඇති කරන්නට තීන්දුවක් ගෙන තිබෙන බවත්, එය රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ගොඩනැඟිල්ලේ පහළමාලය අබාධිත පුරවැසියන්ට අවශ්‍ය සියලු පහසුකම් සහිතව සැදීමට උපදෙස් ලබා දී ඇති බවත් එකී කාර්යාලය ස්ථාපිත කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ නියෝජිතයෙකු පූර්ණ කාලීනව ජනමාධ්‍ය අමාත්‍යංශය තුළ ස්ථාන ගත කරවීමට ද කටයුතු කරන බවත් ප්‍රකාශ කර සිටියේය.
මෙරට ජනගහනයෙන් 8.7% ක් නොයෙකුත් ආබාධයන් සහිතව සිටින ප්‍රජාවක් සිටින අතර අබාධිත වූ දරුවන් දහස් ගණනක් ඒ අතර සිටී. එමෙන්ම, ඕනෑම රටක්, සමාජයක්, පුරවැසියෙක්, ආබාධිත ප්‍රජාවට, අබාධිත දරුවන්ට සළකන්නේ කෙසේ ද යන්න ශිලාචාර කම මනින ලොව නූතන දර්ශකයක් ව ඇති බව ද පැවසූ ඩලස් අලහප්පෙරුම මහතා, මෙරට ආබාධිත පුරවැසියන් උදෙසා කේන්ද්‍රීය ස්ථානයක් නොමැති කම පිළිබඳව අතිශය කණගාටුවට පත් වන බව ද සඳහන් කර සිටියේය.
වත්මන් ජනාධිපතිවරයාගේ සෞභාග්‍ය දැක්මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති ආකාරයට ආබාධිත ප්‍රජාව වෙනුවෙන් එකී වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවත්, ඒ අනුව ආබාධිත ප්‍රජාව සම්බන්ධිත සංවිධාන සමඟ ද ඉදිරි සතියේ දී මේ පිළිබඳ සකච්ඡා කරන බවත්, අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
ශ්‍රී ලංකාව විසින් මිලදී ගනු ලැබූ චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් අද(24) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.
චීනයේ බීජිං නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් එම එන්නත් මාත්‍රා තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇත.
මෙරට ඔක්සිජන් මත යැපෙන රෝගීන් ප්‍රමාණය වැඩි වී ඇති හෙයින් රට තුළ ඔක්සිජන් තොග පවත්වා ගැනීම සඳහා සතිපතා ඔක්සිජන් ආනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී ඇත
ඒ අනුව සති පතා ඔක්සිජන් ලීටර 300,000 ක් ආනයනය කිරීමට නියමිතය
2021 මැයි මාසයේ 24 වන දින පැවැති කැබිනට් රැස්වීමේ දී අනුමාතිය ලැබී තිබුනේ මාසිකව ඔක්සිජන් ලීටර 120,000 ක් ආනයනය කිරීමටය
කොවිඩ්-19 රෝගය හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටි හිටපු අමාත්‍යවරයකු වූ,මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
අභාවයට පත් වන විට ඒ මහතා 65වැනි වියේ පසුව තිබේ.
ශ්‍රී ලාංකික දේශපාලනයේ සුවිශේෂී භූමිකාවක් ඉටු කළ මංගල සමරවීර මහතා අභියෝග රැසකට මුහුණ දුන් දේශපාලන චරිතයකි.
මංහල සමරවීර මහතා මීට පෙර පැවැති රජයන් හි ජනමාධ්‍ය අමාත්යවරටකු, විදෙස් අමාත්‍යවරයකු මෙන් ම මුදල් අමාත්‍යවරයකු ලෙස තනතුරු හෙබවිය.
පුරවැසියන් අතර පවතින සමඟිය හා සංහිඳියාව වර්ධනය කිරීමේ අරමුණින් යුතුව ස්ථාපිත කර ඇති ජාතික සමගිය හා ප්රතිසන්ධානය සදහා වන කාර්යාලයේනව වෙබ් අඩවිය ජනගත කිරීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මැතිතුමාගේ සුරතින් අද(20) පෙරවරුවේ සිදු විය. මෙරට සියලු ජන කොටස් තුළ ජාතික සමගිය හා සංහිදියාව තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳව තොරතුරු ජනතාවට සන්නිවේදනය කිරීම මෙම නව වෙබ් අඩවිය තුළින් බලාපොරොත්තු වේ.
ජාතික සමගියේ ඇති වැදගත්කම මෙන්ම ඒ තුළින් රටේ ආර්ථික සහ සමාජීය වර්ධනය ඇති කර ගැනීමත් එය ජාතික ආරක්ෂාවට ඉවහල් වන සාධකයක් බවත් අවබෝධ කර ගෙන සිටින මෙම රජය මෙකී ආයතනය තුළින් පුරවැසියා තුළ සමගිය වර්ධනය කිරීමට ලැබෙන දායකත්වය පිළිබඳව සුභවාදී බලාපොරොත්තු තබා ගෙන ඇත.
ශ්‍රී ලංකාව තුළ විවිධ ජන කොටස් අන්‍යොන්‍ය අවබෝධයෙන් යුතුව සාමයෙන් හා සමඟියෙන් විවිධ ආගම් අදහමින් සුහදත්වයෙන් යුතුව ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ජීවත් වන අතර එම තත්වය තවදුරටත් වර්ධනය කිරීම හා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තොරතුරු ජනතාව අතරට ගෙන යාම ද ජාතික සමගිය හා ප්රතිසන්ධානය සදහා වන කාර්යාලයේ නව වෙබ් අඩවිය ජනගත කිරීම තුළින් අපේක්ෂා කරනු ලබයි.
ජාතික සමගිය හා ප්රතිසන්ධානය සදහා වන කාර්යාලයේ සභාපති ජනාධිපති නීතීඥ කුෂාන් ද අල්විස්, එහි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික නිතීඥ ජනක රණතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් විය.
මේ තීරණාත්මක මොහොතේ රටේ සියලු දෙනාම බැරෑරුම් තත්ත්වය තේරුම් ගෙන සැලසුම් සහගතව රට ඉදිරියට ගෙන ආ යුතු බවත් එම නිසා කණ්ඩායමක් ලෙස කොවිඩ් වසංගතය පරාජය කිරීමට එක්ව වැඩ කරන ලෙස සියලු දෙනා ගෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියේය.
එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ මෙය උද්ඝෝෂණ හෝ වර්ජන කිරීම සඳහා කාලයක් නොවන බවයි.
මේ අතර අවුරුදු 30ට වැඩි පිරිසෙන් 43% කට කෝවිඩ් -19 එන්නතේ 2වන මාත්‍රාව ලබාදී ඇති බවත් කෝවිඩ් -19 එන්නතේ පළමු මාත්‍රාව 98%ක් ලබාගෙන ඇති බවත් ජනාධිපතිතුමා අවධාරණය කළේය.
එමෙන්ම සැප්තැම්බර් 10 වනදා වනවිට අවුරුදු 30ට වැඩි සියලු දෙනාටම පූර්ණ එන්නත්කරණය සිදුකිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.
ඉදිරියේදී රට දීර්ඝ කාලයක් වසා තැබීමට සිදුවුවහොත් රටේ සියලු දෙනාම වඩාත් කැපකිරීම් කරන්න සුදානම් වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී ඉල්ලා සිටියේය.
කොරෝනා වසංගත මැඩ පැවැත්වීමට එකම විසඳුම එන්නත්කරණය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේත්, වෛද්‍ය විශේෂඥයින්ගේ මෙන්ම ලෝකයේ සම්මතමතයයි. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට එන්නත් ගෙන්වා ගැනීමට පසුගිය කාලයේදී තමන් විශේෂ උනන්දුවක් ගත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
චීනය, ඉන්දියාව වැනි රටවල රාජ්‍ය නායකයින්ට තමන් පෞද්ගලිකව කතා කරනු ලැබු බවත් ඒ වගේම තවත් රාජ්‍ය නායකයින්ට ලිපි යවමින් ද ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ දූත කාර්ය මණ්ඩල හරහා එන්නත් නිෂ්පාදනය කරනු ලබන රටවල් සමග සම්බන්ධ වෙමින් එන්නත් ලබා ගැනීමට කටයුතු කරනු ලැබු බව ජනාධිපතිතුමා පැවසීය.
එමෙන්ම එම උත්සහයේ ප්‍රථිපලයක් ලෙස මේ වන විටසෑම මසකම ශ්‍රී ලංකාවට අවශ්‍ය එන්නත් සෑම මසකම ලැබෙමින් පවතින බව ද ජනාධිපතිතුමා සදහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද දින ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය ඔබට පහතින් නැරඹිය හැකියි.
https://fb.watch/7vytS6O7qP/
එළැඹෙන 31 දා දක්වා ක්‍රියාත්මක වන පරිදි නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පළාත් මායිම් සීමා හරහා ගමන් කළ හැකි අවසර ලත් ඒකක හතක් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ඊයේ (19) නිවේදනය කර තිබේ.
ඒ අනුව සෞඛ්‍ය සේවා, පොලිසිය හා ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය අංශයේ නිලධාරීන්, අත්‍යවශ්‍ය නිල චාරිකා සඳහා, අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහරින්නන්, උපයෝගිතා සේවා වැනි අත්‍යවශ්‍ය සේවා සපයන්නන්, සමීපතම පවුලේ සාමාජිකයකුගේ මරණයක් සඳහා ගමන් කරන්නන් (සාක්ෂි අවශ්‍යයි) වරායන් වෙත භාණ්ඩ ප්‍රවාහනය සහ ගුවන් තොට වෙත ගමන් කරන්නන් (සාක්ෂි අවශ්‍යයි) යන ඒකකවලට අයත් පුද්ගලයන්ට පමණක් ගමන් කිරීමට අවසර හිමිව ඇත.
මීට අමතරව හුදෙකලා කරන ලද ප්‍රදේශවල වෙසෙන අත්‍යවශ්‍ය සේවා සේවකයන් සුවිශේෂි අවස්ථාවලදී හැර භෞතිකව සේවයට වාර්තා කිරීම දැඩි ලෙස අධෛර්යවත් කරන ලෙසත් එම නිවේදනයේ සඳහන් කර තිබේ.
මෙරට ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් මතින් ඉදි වන නව කැලණි පාලම සැප්තැම්බර් මාසයේදී ජනතා අයිතියට පත් කිරීමට නියමිතය. එහි ඉදිකිරීම් කටයුතුවලින් සියයට 99කට ආසන්න ප්‍රමාණයක වැඩ මේ වන විටත් නිම කර තිබෙන බව මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. නව පාලමේ වැඩකටයුතු සම්බන්ධයෙන් සූම් තාක්ෂණය ඔස්සේ සොයා බැලීමට ඇමැතිවරයා ඊයේ (19) පියවර ගත් අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය.
ආරක්ෂක කැමරා පද්ධතිය සවි කිරීම, වානේ පාලම් කොටස පින්තාරු කිරීම, නව කැලණි පාලමට සම්බන්ධ වන වරාය පිවිසුම් මාර්ගයේ කානු පද්ධතිය නිම කිරීම, පාලම ආලෝකකරණය, ආරක්ෂාව සඳහා වන යකඩ වැට ඉදි කිරීම සහ භූමි අලංකරණය වැනි කටයුතු කිහිපයක් මේ වන විට කිරීමට නියමිතය. එම කාර්යයන් ප්‍රමිතියෙන් යුතුව කඩිනම් කරන ලෙස මෙහිදී ඇමැතිවරයා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්. ඩබ්. ආර්. පේමසිරි මහතාට උපදෙස් දුන්නේය.
නව කැලණි පාලමේ කෙලවරේ සිට ඔරුගොඩවත්ත මංසන්ධිය දක්වා වූ මාර්ගයේ දෙපස පැළ සිටුවීමට කටයුතු කරන ලෙසද එම පැළ සඳහා ජලය සැපයීමට භූගත ජල නළ පද්ධතියක් ඉදි කරන ලෙස ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය. මේ අවස්ථාවට මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්. ඩබ්ලිව්. ආර්. පේමසිරි, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ, ව්‍යාපෘති අධ්‍යක්ෂිකා දර්ෂිකා ජයසේකර මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
කෝවිඩ් 19 වසංගතයෙන් ශ්‍රී ලාංකික පුරවැසියන් දැඩි පීඩාවකට පත්ව ඇති මෙවැනි මොහොතක විශේෂයෙන් ඩෙල්ටා වෛරස් ප්‍රභේදය සීඝ්රයෙන් පැතිරයන අවස්ථාවක අසාධ්‍ය රෝගීන්ට ඔක්සිජන් ලබාදීම ඇතුළුව අත්‍යවශ්‍ය ප්‍රතිකාර කිරීමට ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් එක්ව ජපානයේ රෝටරි යොනියාමා ශ්‍රී ලංකා සංගමයෙන් රුපියල් මිලියන 3.26ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් දකුණු කොළඹ ශික්ෂණ රෝහල (කළුබෝවිල) වෙත පරිත්‍යාග කිරීම ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශීනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදුවිය.
ජපාන යෙන් 1,816,000ක් හෙවත් රුපියල් මිලියන 3.26ක් වටිනා මෙම වෛද්‍ය උපකරණ සදහා නවීනතම සීපැප් වෙන්ටිලේටර් යන්ත්‍රයක්, නේසල් ඔක්සිජන් තෙරපි යන්ත්‍රයක් සහ නවීනතම මල්ටිපැරා මොනිටර් යන්ත්‍රයක් ඇතුළත්විය. මෙම උපකරණ භාරගැනීම සදහා කළුබෝවිල රෝහල වෙනුවෙන් වෛද්‍ය වරුණි සමරනායක මහත්මිය එක්ව සිටියාය.
මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශීනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කර සිටියේ අද විශාල වශයෙන් රෝහල්වල තදබදයක් පවතින අවස්ථාවක සංකූලතා වැඩි රෝගීන් ඇතුළත් කිරීම් වැඩිවෙලා තිබෙන බවත් ඔක්සිජන් අවශ්‍යතාවද වැඩිවී ඇති අවස්ථාවක රෝටරි යොනියාමා ශ්‍රී ලංකා සංගමය රෝහල් පද්ධතියට උපකාර කිරීමට ඉදිරිපත්ව ඇති බවත් ඉතාම අත්‍යවශ්‍ය මොහොතක කළුබෝවිල රෝහලට ලබාදෙන මෙම පරිත්‍යාගය ඉතාම වටින කටයුත්තක් ලෙස තමන් සලකන බවයි. රට වෙනුවෙන් තමන්ගේ වගකීම ඉටුකිරීමට මේ ආකාරයෙන් ඉදිරියට පැමිණීම පිළීබදව රජය වෙනුවෙන් තමන් ස්තූතිය පුදකර සිටින බවත් මේ පරිත්‍යාගය හරහා කළුබෝවිල රෝහලටත්, ඒවගේම මෙවැනි දානපතියන් හරහා ලැබෙන අනෙකුත් උපකරණ සියල්ලම හේතුවෙන් කෝවිඩ් වසංගතයෙන් පීඩා විදින සංකූලතා තියෙන ඔක්සිජන් අවශ්‍ය රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට රෝහල් පද්ධතියට හැකියාව ලැබෙන බව තමන් විස්වාසකරන බවත් අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් සදහන් කරන ලදි.
කළුබෝවිල රෝහල වෙනුවෙන් වෛද්‍ය වරුණි සමරනායක මහත්මිය මෙහිදී සිය ස්තුතිය පුදකල අතර පරිත්‍යාගය සිදුකළ රෝටරි යොනියාමා ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් එහි ලේකම් ආචාර්ය රොහාන් සමරසිංහ මහතාද අදහස් ඉදිරිපත් කරන ලදි.
මෙම අවස්ථාවට රෝටරි යොනියාමා ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් ප්‍රියන්ත ප්‍රනාන්දුපුල්ලේ මහතා සහ වෛද්‍ය දීපා ගුණසේකර මහත්මිය එක්ව සිටියහ.