නවතම පුවත්

රටේ ජනතාවගේ සෞඛ්‍යය තත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් ප්‍රාථමික සෞඛ්‍යය ප්‍රවර්ධන ව්‍යාපෘති 1107 සඳහා රුපියල් මිලියන 4457.40 ක් පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් වැය කර තිබේ. ග්‍රාමීය හා අර්ධ නාගරික ජනතාවගේ සෞඛ්‍යය පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් රෝහල් පද්ධති හා ඊට අදාල අංශයන්හි සංවර්ධන කටයුතු මෙමඟින් සිදු කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කියා සිටී.

කොරෝනා වසංගත තත්වය, ඩෙංගු රෝග ව්‍යාප්තිය වලක්වා ගැනීම,වකුගඩු රෝග සත්කාර සේවාව හා බෝ නොවන රෝග වලට ලක්වන ජනතාව අවම කර ගැනීම ඉලක්ක කර ගනිමින් මේ වසරේ සංවර්ධන කටයුතු සිදු කරන බව ද රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටී. හදිසි ප්‍රතිකාර ඒකක, වාට්ටු සංකීර්ණ, සායන මධ්‍යස්ථාන, දත්ත ශල්‍යාගාර, ඖෂධ ගබඩා, රසායනාගාර, බාහීර රෝගී අංශ, ප්‍රාථමික සෞඛ්‍ය ඒකක, වෛද්‍ය නිල නිවාස සංවර්ධනය හා වැඩිදියුණු කිරීම එමගින් සිදු කෙරේ.

තවද, වෛද්‍ය හා වෛද්‍ය නොවන උපකරණ ලබා දීම, සෞඛ්‍යය ක්ෂේත්‍රයේ කාර්ය මණ්ඩලවල ධාරිතා සංවර්ධනය කිරීම ද ඊට අයත්ය. සෞභාග්‍යයේ ජාතික දැක්ම ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා 2019 වර්ෂයේ සිට 2021 දක්වා මෙය ක්‍රියාත්මක වේ.

සහල් මෙක්ට්‍රික් ටොන් 6000ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අවසරය ලබා දී තිබේ. ඒ අනුව පාකිස්ථාන ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ සහල් ආනයනය කිරීමට පියවර ගැනේ. 

අමාත්‍ය මණ්ඩල තීරණ වල දක්වා තිබෙන්නේ දැනට වෙළඳපොලේ පවතින සහල් හිඟයට පිළියමක් ලෙස පාකිස්ථාන - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ වන විධිවිධාන අනුගමනය කරමින් කඩිනමින් සහල් මෙට්‍රික් ටොන් 6000 ක් ආනයනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස වෙළඳ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද බව පවසයි. 

මහවැලි කලාපවල මිරිදිය මත්ස්‍ය කර්මාන්තය තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන ඇත. මිරිදිය මත්ස්‍ය ඉල්ලුම ඉහළ යාමත් සමග මහවැලි අධිකාරිය යටතේ පවතින මොරගහකන්ද ජලාශයට අයත් කුඩා වැව් රැසකට මත්ස්‍ය පැටවුන් ලක්ෂ 2ක් මුදා හැරීම පසුගියදා රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි. 

එම වැව් යටතේ ධීවර කර්මාන්තයේ නිරතව සිටින ධීවර පවුල්වල ආර්ථිකය ඉහළ නැංවීම හා හිගයකින් තොරව මත්ස්‍ය අස්වැන්න නෙලා ගැනීමට අවස්ථාව සලසා දීම වැඩපිළිවෙලේ අරමුණ වී ඇත. මේ වන විට මෙම කලාපවල මිරිදිය මත්ස්‍ය කිලෝග්‍රෑම් 1 ක් රුපියල් 390 ක් වැනි මිලකට අලෙවි කෙරෙයි. 

කොවිඩ් -19 ආසාදිතයින්ගේ රෝගී තත්ත්වය අනුව ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම හෝ නිවෙස් තුළ තබා කළමනාකරණය සඳහා නව ක්‍රමවේදයක් අද (19) සිට  හඳුන්වා දී ඇත
 
ඒ අනුව බස්නාහිර පළාත ඇතුළත නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියමිත බව කොවිඩ් -19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
 
එම ක්‍රියාවලිය පහත පරිදි සිදුකළ යුතුය.
 
01. නව ක්‍රමය දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ ඔස්සේ ක්‍රියාත්මක කෙරේ.
 
02. කොවිඩ් -19 ආසාදිතයින් පහත තොරතුරු ඇතුළත් කෙටි පණිවුඩයක් 1904 දුරකථන අංකය ට යොමු කළ යුතුය.
 
අ. රෝග තත්ත්වයේ වර්ගීකරණය
 I. ශ්වසන අපහසුතා ඇති රෝගීන්  - A <space>
 II.උණ තත්ත්වයෙන් පෙලෙන රෝගීන් - B 
 III.කිසිදු රෝග ලක්ෂණයක් නැති රෝගීන් - C
 
ආ. වයස <space>
 
ඇ . ජාතික හැදුනුම්පත් අංකය <space>
 
ඈ. ලිපිනය <space>
 
03. SMS මඟින් ලැබෙන තොරතුරු කොවිඩ් 19 රෝගය පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීම සඳහා වෛද්‍ය කණ්ඩායම් වෙත දැනුම් දෙනු ලැබේ.
 
04. රෝගීන් සපයන තොරතුරු වර්ගීකරණයෙන් පසු දුරකථන අංක 247 මඟින් ඔවුන් සම්බන්ධ කොට ගෙන රෝග තත්ත්වය නිශ්චයකර ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කරනු ඇත. (ඒ සඳහා ගිලන්රථ සේවා සහ සෙසු ප්‍රතිකාර පහසුකම් සැලසෙයි)
 
05.නිවෙස් නිරෝධායනයට යොමු කෙරෙන රෝගීන් සමඟ වෛද්‍ය කණ්ඩායමක් නිරතුරුව සම්බන්ධ වෙමින් අවශ්‍ය සේවා ලබාදෙනු ඇත. (මේ සඳහා වෙන් වු දුරකථන අංක 1390 ඔස්සේ එම පහසුකම් සලසනු ලැබේ.)
 

මොනවා වුණත් අපි රට වහන්නේ නැතැයි යන මුරණ්ඩු ස්ථාවරයක ආණ්ඩුව පිහිටා නැති බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (18) පැවසීය.

එවැනි අනම්‍ය තීරණයක කොතනකවක් ආණ්ඩුව නැති හෙයින් වැරැදි වැටහීම් ඇති නොකර ගන්නැයි හෙතෙම කියා සිටියේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොවිඩ් මර්දන බළකාය දෙන නිර්දේශ අනුව සුදුසු තීන්දු ගැනීමට ආණ්ඩුව සූදානම් බවද ඇමැතිවරයා සඳහන් කළේය.

මේ වන විට කොවිඩ් සම්බන්ධයෙන් ලෝකයේ විසඳුම් ලෙස ක්‍රියා මාර්ග තුනක් අනුගමනය කරන බව පැවසූ ඇමැතිවරයා ඉන් පළමු එක මුළුමනින්ම රට වසා දැමීම, දෙවැනි ක්‍රමය දෙවැනි මාත්‍රාව සියයට හතළිහක් පනහක් පමණ දීමෙන් අනතුරුව සම්පූර්ණයෙන්ම රට ඇරීම සහ තුන් වැනි ක්‍රමය ලෙස යම් ප්‍රමාණවත් සංඛ්‍යාවකට එන්නත් දී රටක් අර්ධ වශයෙන් විවෘත කිරීම බවත්, ශ්‍රී ලංකාව ඉන් තුන් වැනි ක්‍රමවේදය අනුගමනය කරමින් සිටින බව කියා සිටියේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (18) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය ඇමැතිවරයා මේ බව කීය.

අවුරුදු එහ හමාරක් පමණ රටේ විවිධ අංශ වසා දමා ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය හා කොවිඩ් කාර්ය සාධක බළකායේ තීරණය අනුව එම ක්‍රමවේදය අනුගමනය කරමින් සිටින බවත් අලහප්පෙරුම මහතා කීවේය.

මේ අවස්ථාවේ මෙරට රැකියාවක් නැති මිලියන අටක පිරිස දෙසත් ආණ්ඩුව ඉතා සංවේදීව බැලිය යුතු බව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව පැවසූ ඇමැතිවරයා නමුත් ආණ්ඩුව අනම්‍ය තීරණයක නැති බවද පැවසීය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

මේ මොහොතෙත් රට විශාල වශයෙන් කලාප රාශියක් වසා තිබෙන බවත් විශේෂයෙන්ම අධ්‍යාපනයට අදාළව අවුරුදු එක හමාරකට ආසන්න කාලයක් මුළුමනින්ම වසා තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

රාජ්‍ය සේවකයන් සහ විශ්‍රාම වැටුප්ලාභීන් මිලියන 2ක් ඉන්නවා කියලා ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට පැහැදිලි කළා. ඒ වගේම කිසිදු ආකාරයක රැකියාවක් නැති මිලියන 8ක් පමණ ඉන්නවා. ආණ්ඩුව සහ බළකාය විදියට මේ මිලියන 8 දිහා ඉතා සංවේදී විදියට බලනවා. ඒ නිසා තමයි තුන්වැනි ක්‍රමය උපයෝගි කර ගෙන තිබෙන්නේ.

වැවිලි කර්මාන්ත ඇමැති, සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා.

මේ රටේ පසුගිය වසර එකහමාරක කාලය තුළ කිහිප විටක් රට වසා දැමීම කර තිබෙනවා. ඒ සෑම අවස්ථාවක දීම නොවිධිමත් ආර්ථිකයකින් ජීවත් වන මිලියන 8කට ආසන්න ජනතාවකට ආර්ථික වශයෙන් පීඩා, කරදර වුණා. ඒ සෑම අවස්ථාවකදීම ආණ්ඩුව ඔවුන්ට ආධාර දෙන්න රුපියල් බිලියන 80කට වැඩි මුදලක් වැය කර තිබෙනවා. රටක් ලෙස අපත් ආර්ථික වශයෙන් දැඩි පීඩාකාරි තත්ත්වයක තමයි ගමන් කරන්නේ. එවැනි තත්ත්වයකදී සහන දීමේ ක්‍රමවේද පිළිබඳත් ගැටලු මතු වෙලා තිබෙනවා. රට වසා දාපු අවස්ථාවල රෝගය තාවකාලිකව පාලනය වුණාට යම් යම් අවස්ථාවල ඉන් ප්‍රමාණවත් ප්‍රතිඵල ලැබුණේ නැහැ. අපි යම් සංචරණ සීමා පනවමින්, සෞඛ්‍ය ක්‍රමවේද අනුව සේවකයන් රාජකාරිවලට කැඳවීමේ පහසුකම් රාශියක් දී තිබෙනවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයෙත්, අදාළ විශේෂඥයන්ගේ උපදෙස් අනුවත් කටයුතු කරන්න ආණ්ඩුව පසුබට නොවන බව කිව යුතුයි.

Email Facebook Twitter  Pinterest0

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොවිඩ් මර්දන බලකාය ලබා දෙන නිර්දේශවලට අනුව සුදුසු තීරණ ගැනීමට සූදානම් බව රජය පවසයි. කිසි ලෙසකින්වත් රට වහන්නේ නැතැයි යන අනම්‍ය තීරණයක රජය රැඳී නොසිටින බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කර සිටී. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නිකුත් කර ඇති එම මාර්ගෝපදේශ ලබන 31 වැනිදා දක්වා බලපැවැත්වෙයි. එමගින් අන්තර් පළාත් ගමනාගමනය සිමා කිරිම හා අවසර ලත් පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය දක්වා තිබේ. ඒ අනුව නිවසකින් පිටතට යා හැක්කේ එක් පුද්ගලයෙකුට පමණි. රාජකාරි කටයුතු සහ සෞඛ්‍ය සේවා ලබාගැනිම සඳහා එය අදාළ නොවේ.

පොදු ප්‍රවාහන සේවා පළාත් සීමා තුළ මගින් ප්‍රවාහනයට සහ අත්‍යාවශ්‍ය සේවා වලට පමණක් සීමා කෙරේ. බස්වල සහ දුම්රියවල මගිීන් ගෙන යා හැක්කේ ආසන සංඛ්‍යාවට අනුව පමණකි. පෞද්ගලික හා කුලිරථවල මගී ප්‍රවාහනය ද ආසන ධාරිතාවට සීමාවේ. රජයේ හා පෞද්ගලික කාර්යාල. ආයතන ප්‍රධානියාගේ තිරණයට අනුව අවම සේවක සංඛ්‍යාවක් සමග පවත්වාගෙන යා හැකිය. පිටපලාත්වලින් සේවකයන් කැදවීමේදි ආයතන ප්‍රධානියාගේ අනුමැතිය අවශ්‍යවේ.

රැස්වීම් වැඩම්ල සම්මන්ත්‍රණ සහ සන්නාම දියත් කිරිම සදහා අවසර නැත. අපනයන අරමුණු කරගත් කර්මාන්ත සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ක්‍රියාත්මක කළ හැකිය. සුපිරි වෙළෙඳසැලක් තුළ එක් වරකට සිටිය හැක්කේ එහි සම්පුර්ණ ධාරිතාවයෙන් සියයට 25 කට පමණි.දිවා සුරැකුම් මධ්‍යස්ථාන සති දෙකකට වසා දැමෙ. පෙර පාසල් පාසල්, විශ්වවිද්‍යාල ඇතුලු උසස් අධ්‍යාපන ආයතන සහ උපකාරක පන්ති නැවත දැනුම,දෙනතුරු වසා ඇත.

මංගල උත්සව පැවැත්වීමට අවසර නැත. කායවර්ධන මධ්‍යස්ථාන හා ගෘහස්ථ ක්‍රිඩාගාර අද සිට වසා දමා ඇත. ළමා උද්‍යානි කානිවල් සංගීත සංදර්ශන,වෙරළ සැණකෙළි හා ඒකරාශීවීම්ද තහනම් කෙරේ. පිහිණුම් තටාක සහ සම්බාහන ස්ථාන අද සිට වසා දමා ඇති අතර හෝටල් සහ නිවාඩු නිකේතනවලට ඇතුළු කරගත හැක්කේ එහි ධාරිතාවයෙන් සියයට 25 ක් පමණි. මුල්‍යායතන” රෙදිපිළි සාප්පු සිල්ලර වෙළෙදසැල් විවෘත වෙළෙදපළ ආදිය සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පවත්වාගෙන යා හැකිය. සිල්ලර වෙළෙදසැලක සිටිය හැකි උපරිම ගනුදෙනුකරුවන් ගණන 10 කි. අමුත්තන්ට බන්ධනාගාරවලට පැමිණිය නොහැකිය. ස්පා ආයතන වසා දමා ඇති අතර අවන්හල් ආසන ධාරිතාවෙන් උපරිම සියයට පනහක් පිරෙන ආකාරයෙන් පවත්වාගෙන යා හැකිය. ඊට අමතරව පළාත් සීමා පසුකිරිම අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කර තිබෙ

ප්‍රමාද වූ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වෙයි. රජයන් කිහිපයක් යටතේ වසර 10 කටත් වඩා ප්‍රමාද වූ ව්‍යාපෘති රැසක් පවතී. 2030 වසර වන විට ජාතික විදුලිබල අවශ්‍යතාවෙන් සියයට 70 ක් පුනර්ජනනීය බලශක්ති මගින් සපුරාගැනීමට අරමුණු කෙරේ. එබැවින් විවිධ ගැටඑ හේතුවෙන් අතරමග වැඩ නතර වී ඇති ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගනිමින් පවතින බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. අනුරාධපුර තරියන්කුලම ප්‍රදේශයේ ඉදිකිරීම් ආරම්භ කර වැඩ අවසන් නොවූ සූර්ය බලාගාරයක් රාජ අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය. එමගින් නිපදවාගැනීමට අපේක්ෂිත විදුලිබල ප්‍රමාණය මෙගාවොට් 01 කි.

රජයේ සංවර්ධන පණිවිඩ සාර්ථකව ජනගත කිරීමටත් යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැංවීමටත් රාජ්‍ය මාධ්‍ය ආයතන ක්‍රියා කළ යුතුබව ජනමාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම මහතා කියයි. රාජ්‍ය මාධ්‍ය ඔස්සේ තම පෞද්ගලික ප්‍රතිරූපය වර්ධනය කිරීමට කිසිසේත් අපේක්ෂා නොකරන බව පවසන ඇමතිවරයා ජනමාධ්‍ය ආයතනවල සේවය කරන පිරිසට මෙන්ම රටට වැඩදායි කාර්භාරයක් ඉටු කිරීම තම අපේක්ෂාව බවද අවධාරණය කරයි.

සිය අමාත්‍යංශයේදී ඊයේ රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවු අවස්ථාවේ ඇමතිවරයා මේ කරුණු සදහන් කළේය. රාජ්‍ය මාධ්‍ය ආයතනවල වත්මන් ක්‍රියාකාරිත්වය ප්‍රගතිය මුල්‍ය තත්ත්වය හා ගැටඵ සම්බන්ධයෙන් එහිදී කරුණු සාකච්ඡා කෙරිණ.

ලබන සතියේ එක් එක් රාජ්‍ය මාධ්‍ය ආයතනවල නිලධාරින් වෙන වෙනම හමුවී ඉදිරි කටයුතු සැලසුම් කිරීමට ජනමාධ්‍ය ඇමතිවරයා අපේක්ෂා කරයි.

කොවිඩ් වසංගත තත්වය පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට දැඩි බලපෑමක් එල්ල කළ අතර එයට විසඳුමක් ලෙස කඩිනමින් ''ඉ- පුස්තකාල'' ඉදි කිරීමට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන තිබේ.

ග්‍රාමීය ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ හා පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පහසු කිරීමේ අරමුණෙන් පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ඊ - පුස්තකාල 50 ක් ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 150 ක මුදලක් වෙන් කර ඇත.

මාර්ගගත අධ්‍යාපන ගැටළුවට විසඳුමක් ලෙසත්,ග්‍රාමීය ප්‍රදේශවල පාසල් හා උසස් අධ්‍යාපනය හදාරණ දරු දැරියන් හා වැඩිිහිටියන් සඳහා අන්තර්ජාල හා පුස්තකාල පහසුකම් ලබා ගැනීමටත් මෙමඟින් හැකි වේ.පළාත් පාලන ආයතන සතු මහජන පුස්තකාලවලට මෙම විද්‍යුත් පුස්තකාල ද, අනුබද්ධ කිරීම මඟින් පුස්තකාල සේවාව පුළුල් වීමක් ද, සිදු වේ.

මෙමඟින් පරිගණක පරිහරණ පහසුකම්,අන්තර්ජාල පහසුකම්,අධ්‍යාපනික හා විශේෂිත පොත්පත් පරිශිලන පහසුකම්, දුරකතන හා ෆැක්ස් පහසුකම්,පරිගණක මුද්‍රණ හා ඡායාපිටපත් සේවාව,ස්කෑනර් සේවාව,පොත් බැඳීම,පුස්තකාලයෙන් ලබා ගත නොහැකි පොත් පත් ,සඟරා හා වෙනත් ලිපි ලේඛණ ආදිය අන්තර්ජාලය ඔස්සේ බාගත කිරීම් පහසුකම් සැපයේ.

(මෙම කටයුතු අවසන් වීමෙන් පසු දිවයින පුරා ''ඉ- පුස්තකාල ( E – Libraries)''ආරම්භ කිරීමට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

මෙරට රෝහල් තුළ කොවිඩ් 19 ආසාධිත රෝගීන් සඳහා අවශ්‍ය ඔක්සිජන් ධාරිතාවය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ඉන්දීය රජයෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රි ලංකා නාවික නෞකා ශක්ති නෞකාව අද අළුයම (17) ත්‍රිකුණාමලය වරායෙන් ඉන්දියාවේ චෙන්නායි වරාය බලා පිටත් විය.

පවත්නා වසංගත තත්වය හමුවේ මෙරට රෝහල් තුළ ඔක්සිජන් ධාරිතාවය නිසි ලෙස පවත්වා ගැනීම සදහා ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් මෙරටට රැගෙන ඒමේදී වරායන් තුළ සිදු විය හැකි ප්‍රමාදවීම් වළක්වා ගැනීමේ අරමුණෙන් ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත එම සායනික ඔක්සිජන් නාවික හමුදාව මගින් රැගෙන එන ලෙස උපදෙස් දෙන ලදී.

ඒ අනුව, මෙරටට ඇණවුම් කරන ලද එම සායනික ඔක්සිජන් තොගය රැගෙන ඒම සඳහා ශක්ති නෞකාව ඉන්දියාවේ චෙන්නායි වරාය වෙත මෙලෙස පිටත් කර හැරීමට නාවික හමුදාව විසින් අද අළුයම කටයුතු කෙරිණි.

ඒ අනුව, ශක්ති නෞකාව 2021 අගෝස්තු 18 පස්වරුවේදී ඉන්දියාවේ චෙන්නායි වරාය වෙත ලඟා වීමට නියමිතව ඇත.

තවද, මෙම සේවාව අවශ්‍යතාවය අනුව අඛණ්ඩව පවත්වාගෙන යාමට නාවික හමුදාව කටයුතු කරනු ලබන අතර, රටේ ඇති වන ඕනෑම හදිසි තත්වයකදී සිය ශක්‍යතාවන් කාර්‍යක්‍ෂමව සහ ඵලදායිව යොදවා අවශ්‍ය දායකත්වය ඉදිරියටත් නොපමාව ලබා දිමට නාවික හමුදාව නිරන්තර සුදානමින් සිටින බව ද නිවේදනයේ සඳහන් වෙයි

කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදය අවම කිරිම සදහා වඩා සුදුසු විකල්පය ලෙස හදුනා ගත් සමුද්‍රීය මාර්ගයේ නව කොටස් දෙකක් වන කොල්ලුපිටිය සිට ස්ටුවට් පෙදෙස දක්වා මාර්ග කොටසත් වැල්ලවත්ත සිට දෙහිවල දුම්රිය ස්ථානය දක්වා වූ මාර්ග කොටසෙත් ඉදිකිරිම් කටයුතු අවසන් අදියරේ පවතින බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමත්‍යවරයා මෙම අදහස් පල කලේ සමුද්‍රීය මාර්ගයේ ඉදිකිරිම් වල වත්මන් තත්ත්වය සමාලෝචනය කිරිම සදහා පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම අද (16) අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සහ ව්‍යාපෘතිභාර අධ්‍යක්ෂවරයා ඇතුලු ඉංජිනේරුවරුන්ගේ සහභාගීත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මංතීරූ 4ක් සහිත කොල්ලුපිටිය සිට ස්ටුවට් පෙදෙස දක්වා මීටර් 600ක මාර්ග කොටස සදහා රුපියල් මිලියන 220ක් වැය කර ඇති අතර මංතීරූ 4ක් සහිත වැල්ලවත්ත සිට දෙහිවල දුම්රිය ස්ථානය දක්වා වූ කිලෝමීටර් 1.2ක මාර්ග කොටස සදහා රුපියල් මිලියන 420ක් වැය කර ඇත.

මෙම සම්පූර්ණ සමුද්‍රීය මාර්ගය ස්ටුවට් පෙදෙස අසල සිට කොල්ලුපිටිය, බම්බලපිටිය, ගල්කිස්ස හරහා දෙහිවල දක්වා කිලෝ මීටර් 7.8කින් යුක්ත වේ. මෙම මාර්ගය දෙපස NDB බැංකුවේ අනුග්‍රහය මත මූදිල්ලා පැල රෝපනය කර ඇත.
එමෙන්ම මාර්ගයේ දෙපස පදික වේදිකා ඉදිකිරිම, මාර්ග සංඥා පුවරු ඉදිකිරිම, ජලාපවහන පද්ධතිය සකස් කිරිම, වාහන නැවැත්වීමේ පහසුකම්, වීදිලාම්පු ප්‍රතිස්ථාපනය කිරීම යනාදී යටිතල පහසුකම් සංවර්ධනය කර ඇත.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter