නවතම පුවත්

රාජකාරී කටයුතු සඳහා පොදු ප්‍රවාහන සේවයේ ගමන් ගන්නා සියලු දෙනාට අද (09) සිට රාජකාරි හැඳුනුම්පත අනිවාර්ය බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා ඊයේ (08) පැවසීය.

පොලිස් නිලධාරීන් විසින් අද (09) දිනයේ සිට පොදු ප්‍රවාහන සේවා අහඹු පරීක්ෂාවට ලක් කරන බවත් ඒ අනුව ඒවා භාවිත කරන්නේ, අත්‍යවශ්‍යම පිරිස් ද යන්න පිළිබඳ පරීක්ෂා කරනු ඇති බවත් හෙතෙම කීවේය.

 

පොදු ප්‍රවාහනය අනිසි ලෙස භාවිත කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව පැවැසු අමුණුගම මහතා පවතින තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය පිරිස් හැර අනෙක් කිසිිවකු පොදු ප්‍රවාහන සේවය භාවිත කිරීමෙන් වැළකී සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන

සතියකට මුර දෙකක් යටතේ රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීමට එකඟතාව පළ වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (5) ප්‍රකාශ කළේය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී තීරණය ගත් බව ද හෙතෙම පැවැසීය.

එමෙන්ම රාජ්‍ය සේවයේ නිරතව සිටින ගැබිනි සේවිකාවන්ට නිවසේ සිට රාජකාරි සිදු කිරීම සඳහා අවස්ථාව සලසා දීමට ද එහිදී තීරණය කළ බවද ඇමතිවරයා සඳහන් ක‍ළේය.

මෙම තීරණවලට අදාළ චක්‍රලේඛ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කරනු ඇතැයිද හෙතෙම පැවසීය.

 

මේ අනුව රාජ්‍ය සේවකයන් ආයතන ප්‍රධානීන්ගේ අභිමතය පරිදි සඳුදා අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා වශයෙන් මුර දෙකකට සේවයට කැඳවීමට පියවර ගනු ඇති බවත් සෞඛ්‍ය නිර්දේශ නිසියාකාරව ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීම සඳහා සෑම ආයතනයකම නිසි බලධාරියකු බැගින් පත් කිරීමට ද එහිදී තීරණය කළ බවද ඇමැතිවරයා කීය. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් එම කටයුතු සිදු කරනු ඇතැයිද රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය ඡන්න ජයසුමන මහතා මේ බව සඳහන් කළේ කොරෝනා මර්දන කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට අතිරේක මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදයේදීය.

රාජ්‍ය සේවයේ වයස 18ට වැඩි සියලු දෙනාට කොවිඩ් මර්දන එන්නත කඩිනමින් ලබාදීමට ද මෙහිදී තීරණය කළ බවත් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් මිලදී ගැනීමට කටයුතු කරගෙන යන බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

එමෙන්ම කොවිඩ් පැතිරීම හේතුවෙන් මිනිසුන් රෝහල්වල මැරී වැටෙන තත්වයක් ඇතිවී තිබෙන අතර විශාල ව්‍යසනකාරී තත්ත්වයක් මතුවී ඇති අවස්ථාවක උද්ඝෝෂණ පැවැත්වීම සුදුසු නොවන බවද සඳහන් කළේය. එබැවින් උද්ඝෝෂණ නවත්වා රජයේ කොරෝනා පාලන වැඩපිළිවෙළට සහාය දක්වන්නැයි තමා සියලු ගුරුවරුන්ගෙන් ආයාචනාත්මකව ඉල්ලා සිටින බවත් ජයසුමන මහතා වැඩිදුරටත් පැවසීය.

උප්පැන්න, විවාහ සහ මරණ සහතික පිටපත් නිකුත් මාර්ගගත ක්‍රමයට පවත්වාගන යාම ආරම්බකර තිබේ .පවතින වසංගත තත්වය හමුවේ බාධාවකින් තොරව කාර්යක්ෂමව,කඩිනම්ව හා අඛණ්ඩව උප්පැන්න, විවාහ, මරණ සහතික පිටපත් නිකුත් කිරීම සදහා වැඩිදියුණු කරමින් පැවති මාර්ගගත (Online) ක්‍රමවේදය කඩිනමින් ජනගත කිරීමට තීරණය කරන ලදබව රෙජිස්ටර් ජෙනරාල් දෙපාර්තමේන්තුව පවසයි.
 
තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව සමඟ එක්ව මෙය ක්‍රියාවට නගාතිබේ. www.rgd.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම පහසුකම් ලබාගතහැකියි. මෙම සේවාව මහජනතාවට හදුන්වාදීමක්  චමල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය  2 වැනිදා  වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකෙරිණ.
 
මෙම ආරම්බක අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ  නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා සඳහන් කළේ, ජංගම දුරකථනයකින් හෝ ලැප්ටොප් උපාංගයකින් මහජනතාවට මෙම සේවාව ලබා ගැනීමට හැකිවන අතර  ඒ සදහා ඉතා  සරල (OTP) සත්‍යාපන ක්‍රියාවලියක් අනුගමනය කිරීමට ඇති බවයි.  අදාළ තොරතුරු  ඇතුළත් කර උප්පැන්න සහතිකය, විවාහ සහතිකය හෝ මරණ සහතිකය ලබාගැනීම සදහා හදුන්වාදී ඇති මෙම ක්‍රමයේ ප්‍රයෝජන මහජනතාව ලබාගනු ඇතැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී. සේවාව ලබා ගැනීම සඳහා වීසා හෝ මාස්ටර් කාඩ් මඟින් ගෙවිම කල හැකිය. අවශ්‍ය  සහතික  තැපැල් මඟින් කඩිනමින් ලබාදීමට හෝ  හෝ ළඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගැනීමට පහසුව සලසා ඇත. අවශ්‍ය විස්තර www.rgd.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර  ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල  පත්කර ඇති අතිරේක  දිස්ත්‍රික් රෙජිස්ත්‍රර්වරුන්  ගෙන්ද විස්තර ලබා ගතහැකිය. ඔවුන්ගේ දුරකථන අංක  උක්ත වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

 
ප්රවාහන අපහසුතා ඇති ජනතාවට එන්නත්කරණ මධ්යස්ථාන වෙත යාම සඳහා ප්රවාහන පහසුකම් ලබා දීමට ශ්රී ලංකා රතු කුරුස සමාජය (SLRCS) සහ Uber ශ්රී ලංකා සමාගම එකඟ විය. මා විසින් සිදුකළ ඉල්ලීමක් අනුව එම ආයතන දෙක එක්ව එම ජනතාව වෙනුවෙන් නොමිලේ ගමන්වාර 50, 000ක් දීමට තීරණය කර තිබේ.
කොළඹ, ගම්පහ, කළුතර සහ මහනුවර දිස්ත්රික්කවල කොවිඩ් ප්රතිකාර රාජකාරීවල නිරත වෛද්යවරුන්, හෙද හෙදියන් සහ සෞඛ්ය කාර්ය මණ්ඩල සඳහා මේ වන විට ක්රියාත්මක නොමිලේ ප්රවාහන පහසුකම් සැපයීමේ වැඩසටහනේ ප්රගතිය දැනුම් දීමේ හමුව අරලියගහ මන්දිරයේ දී පැවැති අතරවාරයේ මෙම එකඟතාව පළවිය.
කොවිඩ් වසංගතයෙන් ජනතාව ආරක්ෂා කිරීම සඳහා දිවා රෑ නොබලා සේවා සපයන වෛද්යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්ය කාර්ය මණ්ඩලවල කාර්යභාරය අගය කළ මම ඔවුන්ගේ සේවයට කරන ගෞරවයක් ලෙස ශ්රී ලංකා රතු කුරුස සමාජය (SLRCS) සහ Uber ශ්රී ලංකා සමාගම නොමිලේ ප්රවාහන පහසුකම් සැලසීම ද අගය කළෙමි.
ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා එන්නත්කරණ ක්රියාවලිය ශක්තිමත් කළ යුතු බව බව ද එන්නත් ලබා ගැනීමේ මධ්යස්ථාන වෙත පැමිණීම සඳහා ප්රවාහන පහසුකම් නොමැතිව අපහසුතාවට පත්වන ජනතාව වෙනුවෙන් ද නොමිලේ ප්රවාහන සේවා සැපයීමේ වැදගත්කම ද මම එහි දී පෙන්වා දුන්නෙමි.
මෙම අවස්ථාවට ශ්රී ලංකා රතු කුරුස සමාජයේ සභාපති ජගත් අබේසිංහ, Uber ශ්රී ලංකා සමාගමේ මෙහෙයුම් කළමනාකරු එස්. ලියනගේ මහත්වරු ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියහ

 

ළමා මෙහෙකාර සේවය පිළිබඳ අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව ඉන් ඉහළ ප්‍රතිශතයක් වතු ආශ්‍රිත දරුවන් ය. මේ තත්ත්වය වළක්වා ගැනීමට අවශ්‍ය බලතල ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිතුමා වතු ආශ්‍රිත පවුල්වල තොරතුරු ග්‍රාම නිලධාරීන් සතු බැවින් යම් නිවසක දරුවෙකු නොමැති බවට ලැබෙන තොරතුරු මත ඒ පිළිබඳව කඩිනමින් ක්‍රියාත්මක වී ළමා මෙහෙකාර සේවය නැවැත්වීමට පියවර ගත යුතු බව ද තව දුරටත් සඳහන් කළේය. ඒ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා රේඛීය ආයතන සමග අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේ දී ය.

ළමා හා කාන්තා සංවර්ධනය සඳහා “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් විශේෂ අවධානය යොමු කර තිබේ. එය යථාර්ථයක් බවට පත් කරගැනීමට වෙන ම රාජ්‍ය අමාත්‍යාංශයක් ද ස්ථාපිත කෙරිණ.

ළමා හා කාන්තා හිංසනයන් වැළැක්වීමට රාජ්‍ය අමාත්‍යාංශය ගෙනයන වැඩපිළිවෙළ ඇගයීමට ලක්කළ ජනාධිපතිතුමා වෙනත් රටවල ළමා සංවර්ධනය සඳහා කර ඇති පර්යේෂණ අධ්‍යයනය කර, නාගරිකව හා ග්‍රාමීයව එම ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව ද එහිදී පෙන්වා දුන්නේය.

අනිවාර්යය කර ඇති පෙර පාසල්, පාසල් හා දහම් පාසල් අධ්‍යාපනයට සියලු දරුවන් යොමු කරවීමත්, ළමුන් පාසල් නො යැවීමට හේතු සොයා ඊට පිළියම් යෙදීමත් ළමා ආරක්ෂක අධිකාරිය සතු ප්‍රධාන වගකීමක් බව ජනාධිපතිතුමා සඳහන් කළේය. සියලු ආගම්වලට අයත් ළමුන් දහම් පාසල් වෙත යොමු කිරීමෙන් ලැබෙන ආධ්‍යාත්මික ගුණ වගාව තුළින් දරුවන් හා දෙමාපියන් අතර සම්බන්ධය ශක්තිමත් කළ හැකි බව ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ.

මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වී ඇති දරුවන් ඉන් මුදා ගත යුතු අතර ඊට සමගාමීව ඔවුන් ඒ සඳහා පෙළඹීමට බලපෑ සාධක අධ්‍යයනය කර පිළියම් යෙදීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමාගේ අවධානයට ලක් වූ අතර ම සේවා ස්ථාන වශයෙන් ගෙන කාන්තා හිංසනය පිළිබඳව දැනුවත් කිරීම, මව්වරුන් විදේශගත පවුල්වල දරුවන් පිළිබඳ විශේෂ සැලකිල්ලට ලක් කිරීම, හිංසනයට ලක් විය හැකි බවට සැක සහිත පවුල්වල දරුවන් පිළිබඳ පෙර හඳුනාගැනීමේ අවශ්‍යතාව ද එතුමා පෙන්වා දුන්නේය.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රකාරව ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය එළිදැක්වීමට අවශ්‍ය සියලු කටයුතු නිම වෙමින් පවතින බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේදී පිළිස්සීමට ලක් වී මිය ගිය දැරිය වෙනුවෙන් නිවසක් ඉදිකර දීමට හා පවුලේ ආර්ථික තත්ත්වය නඟා සිටුවීමටත්, සහෝදරියන් දෙදෙනෙකුට ස්වයං රැකියා අවස්ථා උදා කර දීමටත් අවශ්‍ය පියවර ගෙන ඇති බව පියල් නිශාන්ත මහතා සඳහන් කළේය.

ළමා හා ස්ත්‍රී අපයෝජන වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග, ඒ හා සම්බන්ධ අධිකරණ කටයුතු කඩිනම් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ද අමාත්‍යවරයා විසින් පෙන්වා දෙනු ලැබිණ.

ළමා ආරක්ෂක අධිකාරිය හා රේඛීය ආයතනවල කාර්ය සාධනය පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කරනු ලැබී ය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එස්.ඩී. ජයසේකර, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ යන මහත්මමහත්මීහු සහ අදාළ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ ඇතුළු නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියහ.

රට හදන ''සෞභාග්‍යයේ දැක්ම'' බලගන්වමින් “වාරී සෞභාග්‍යා“ ජාතික වැඩසටහන යටතේ ග්‍රාමීය වැව්, අමුණු සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියඹලාගස්වැව ගම්මානයේ වැව ප්‍රතිසංස්කරණය කිරීම සූර්යබල,සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රීත වැව්, ජලාශ හා වාරී මාර්ග සංවර්ධන රාජ්‍යය අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රථිපාදන මගින් වාරී මාර්ග දෙපාර්තමේන්තුව මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි, රුපියල් මිලියන නවයක වියදමින් මෙම වැව ප්‍රතිසංස්කරණය කටයුතු කිරීමට නියමිත අතර, මාස 03කින් එහි වැඩ නිම කිරීමට නියමිතය.

මිහින්තලය ප්‍රාදේශීය සභා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී චින්තන රුක්මන් මහතාගේ ඉල්ලීමක් මත මෙම වැව ප්‍රථිසංස්කරණය කිරීම සිදු කෙරේ.

මීට පෙර අක්කර 70 ක් පමණ මෙම වැව යටතේ වගා කර ඇති අතර, වැව ප්‍රථිසංස්කරණය කිරීම මගින් තවත් අක්කර 30 ක් අලුතින් අස්වැද්දීමේ හැකියාව පවතින බව එහිදී ගොවි සංවිධාන නියෝජිතයින් අමාත්‍යයවරයාට පැවසීය.ඒ අනුව එම ගම්මානයේ ඉඩම් නොමැති පවුල් වෙත අස්වැද්දිය හැකි නව ඉඩම් බෙදා දෙන ලෙසද අමාත්‍යයවරයා ප්‍රාදේශීය ප්‍රාදේශීය ලේකම්වරයාට උපදෙස් ලබා දුන්හ.

වසර ගණනාවකින් පිළිසකර නොවුණ සියඹලාගස්වැව ගම්මානයේ වැව ප්‍රථිසංස්කරණය කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ගොවි සංවිධානය අමාත්‍යයවරයාට තුති පුද කළේ ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිහින්තලය ආසන සංවිධායක, හිටපු පළාත් සභා අමාත්‍යය සරත් ඉලංගසිංහ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් නායක, හිටපු පළාත් සභා මන්ත්‍රී ආර්.එම්.බී ඥානතිලක මහතා, අනුරාධපුර නැගෙනහිර ආසන සංවිධායක, හිටපු නියෝජ්‍ය නගරාධිපති ප්‍රේමසිරි හෙට්ටිආරච්චි මහතා, මිහින්තලය ප්‍රාදේශීය සභා මන්ත්‍රී චින්තන රුක්මන් මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින්, අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ඉන්ජිනේරු එස්.ඩී. මැදිවක මහතා ඇතුළු වාරී මාර්ග නිළධාරීන්, මිහින්තලය ප්‍රාදේශීය ලේකම් සිරිමෙවන් ධර්මසේන යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශවාසීන් මෙම අවස්ථාවට සහභාගී විය.

වී අලෙවි මණ්ඩලය හෝ මෝල් හිමියන් හැර වෙනත් ජාවාරම්කරුවන් ගොවින්ගෙන් වී මිලදී ගෙන සහල් මිල ඉහළ නැංවීමේ අරමුණින් ගබඩාකර තබාගත හොත් එම වී තොග රාජසන්තක කිරීමට අවශ්‍ය නීති සකස්කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුනවර්ධන මහතා පවසයි. පාරිභෝගිකයන්ගේ සහ ගොවීන්ගේ යහපත උදෙසා මෙම පියවර ගැනිමට නියමිතය. උපරිම සිල්ලර මිලට වැඩියෙන් සහල් අලෙවි කරන්නන් හට නියම කෙරෙන රුපියල් 2500 ක දඩ මුදල රුපියල් ලක්ෂය දක්වා වැඩිකරන බව කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා අවධාරණය කලේය. ජීවන වියදම පාලනය සඳහා රජයේ ක්‍රියාමාර්ග පැහැදිලි කිරිම වෙනුවෙන් මෙම මාධ්‍ය හමුව සංවිධාන කර තිබින. මෙම අවස්ථාවට එක්වු රාජ්‍ය අමාත්‍ය ඩී බි හේරත් මහතා සඳහන් කළේ තෙත වි කිලෝවක් අවම වශයෙන් රුපියල් 42 කටත් නාඩු සහ කැකුඑ වියලි වී කිලෝවක් රුපියල් 50 කටත් සම්බා විී කිලෝවක් රුපියල් 52 කටත් මිලදී ගැනිමට රජය සුදානම් බවයි.

ජාවාරම්කරුවන් විසින් වෙළෙඳපලේ සහල් මිල වැඩි කිරිමට පියවර ගනු ලැබුවහොත් ඊට මුහුණදිම සදහා රජය ආරක්ෂිත සහල් තොග තබා ගැනිමට පියවර ගනි. ඒ වෙනුවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරිමට තීරණය කර ඇති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ සදහා ජාත්‍යන්තර වශයෙන් තරගකාාරී මිල කැදවීමක් සිදු කර තිබෙ. තාක්ෂණික කමිටුව හා ප්‍රසම්පාදන කමිටුව මගින් තීරණය කර අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර එහි අනුමැතිය ලැබිමෙන් අනතුරුව සහල් ආනයනය කිරිමට නියමිත බව අමාත්‍යවරයා සදහන් කරයි.

රසායනික පොහොර ආනයනය තහනම් කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත් තීරණයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කරයි. රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරිමේ කටයුතු සාර්ථකව සිදුවන බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා කියයි. තහනම් කර තිබු රසායනික පොහොර වර්ග කිහිපයක් ආනයනය සදහා අගෝස්තු මස 01 වැනිදා අවකාශය සලසමින් මුදල් අමාත්‍යවරයා විසින් විශේෂ ලිපියක් නිකුත් කර තිබිණ. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරිමක් කරන මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සදහන් කරන්නේ එලෙස අවසර ලබාදී ඇත්තේ කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය දියර නයිට්‍රජන් ඇතුලු රසායනික පොහොර වර්ග කිහිපයක් බවයි. ඒවා රජයේ බලපත්‍රයක් මත පමණක් ගෙන්විමට අවසර දි තිබෙ.් එහෙත් රේගු කටයුතු වලදි යොදා ගන්නා කේතය යටතට දියර නයිට්‍රජන් මෙන්ම වෙනත් රසායනික පොහොර වර්ගද ඇතුළත් වන බැවින් පොහොර තහනම ඉවත් කර ඇති බවට අසත්‍ය චෝදනා නැගෙමින් පවතින බව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා පෙන්වා දෙයි.

දේශීය කෘෂිකර්මය සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට කිසිදු අවසරයක් ලබා දී නැති අතර දේශීය කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර පමණක්ම භාවිතා කළ යුතු බවට ජනාධිපතිතුමා විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයේ කිසිදු වෙනස්කමක් සිදුකොට නැති බව ද ඉදිරියේදී එම තීරණයේ කිසිදු වෙනසක් සිදු නොකරන බව ද රජය දන්වා සිටී.

කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් 2021 මැයි මස 31 දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද ස්වභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක යොදා ගනිමින් සැකසූ  ශාඛ පෝෂක ආනයනය කිරීමට වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබුණා.

ඉහත කි ස්වාභාවික ඛනිජ හා කිලේටඩ්  අංශු මාත්‍ර  ශාක පෝෂක මේ වන විට අංක 2226,48 දරන ගැසට්  පත්‍රය මගින් ආනයනය කිරීම තහනම් කර තිබූ සංකේතාංක (HS Code) යටතේ ආනයනය වන බැවින්, ඉහත දක්වන ලද, කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට ලබා දී තිබු  අමාත්‍ය මණ්ඩල අනුමැතිය ක්‍රියාත්මක කිරීම සඳහා අංක 2226,48 ගැසට් පත්‍රය සංශෝධනය කරන ලදී.

ඒ අනුව මුදල් අමාත්‍යවරයා විසින් 2021 ජූලි 30 වන දින නිකුත් කර ඇති 2021 අංක 11 දරන ආනයන හා අපනයන (පාලන) නියමයන් (Regulations) අනුව පහත සඳහන් වර්ගවල විශේෂිත වූ පොහොර ආනයනය සඳහා පමණක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා අදාළ අනෙකුත් ආයතන හරහා විශේෂ වූ බලපත්‍ර ක්‍රමවේදයක් යටතේ අවසර ලබා දී ඇත. කෘෂිකර්මාන්තය සඳහා භාවිතා කළ හැකි පොහොර වන්නේ  අන්තර් ජාතික කාබනික පොහොර ප්‍රමිතීන්වලට අනුකූල අනුමැතිය ලබා දී ඇති කාබනික පොහොර පමණක්ම වනු ඇත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව  සහ අදාළ අනෙකුත් රාජ්‍ය ආයතන විසින් සිදුකරන ලද සංගණනයන්ට අනුව එම ආයතනවල සෘජු   අධික්ෂණය යටතේ  මාස  6ක කාලයක් සඳහා නිකුත් කරන බලපත්‍ර මගින් හරිතාගාර (greenhouse) තුළ සංරක්ෂිත කෘෂිකාර්මික කටයුතු සඳහා ලියාපදිංචි ආයතන වෙත සහ ජල පෝෂක වගා (hydroponics) හා වායු පෝෂක වගා (aeroponics) සහ විසිතුරු  මල්  වගා (floriculture) කටයුතු සඳහා පමණක් නයිට්‍රජනීය ඛනිජ  හෝ රසායනික පොහොර සහ කිලේටකරණය  (chelated) කරන ලද ඛනිජ  සහ ශුද්‍ර පෝෂක ආනයනය සඳහා අවසර ලබා දී ඇත.

එමෙන්ම ඉහත සඳහන්  බලපත්‍ර මගින්  ඛනිජ හෝ රසායනික නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම් යන ශාක පෝෂක තුනම අඩංගු මිශ්‍රිත පොහොර ඒවායින් දෙකක් අඩංගු මිශ්‍රණවලින් සකස් කරන ලද පොහොර කරල් (capsule) හෝ එවැනි නිෂ්පාදන අඩංගු බර 10kg  හෝ ඊට වඩා අඩුවෙන් සකස් කරන ලද පැකට් සඳහා අවසර ලබා දී ඇත.

මෙම සියලු පොහොර ආනයනය  අදාළ  අවශ්‍ය ආයතන මගින් අවශ්‍යතා අනුව හෝ එම අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ප්‍රමාණයන් සඳහා පමණක් නිකුත් කරන විශේෂ වූ බලපත්‍ර  යටතේ පමණක් ආනයනයට අවසර ඇත.

මීට අමතරව නයිට්‍රජන් නිස්සාරණ (කාබනික) හා ඛනිජ ගණයේ පොටෑසියම් ආනයනය කළ හැකි අතර, ඒවා රසායනික පොහොර ලෙස වර්ග නොකෙරේ.

“නිරෝගිමත් සහ ඵලදායි පුරවැසියෙක් බිහිකිරීමට රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ යුතුය. ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා මුළුමනින්ම  කාබනික පොහොර යොදා ගැනීමට එම නිෂ්පාදන වේගවත් කළයුතුය. ”  යන්න “සෞභාග්‍යයේ  දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දුව වේ

රටට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග පනස් දෙකක් නිෂ්පාදනය කිරීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමත් වී තිබෙනවා.

ඉදිරියේදී පෞද්ගලික අංශයේ අවශ්‍යතා සඳහාද ඖෂධ අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවයි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා ස්වාධීන රූපවාහිනියේ 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේ.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම විහාරමහාදේවි උද්‍යානයේදී මෙන්ම බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී අදත් පැය 24 පුරා සිදු කෙරෙනවා.

විහාරමහා දේවි උද්‍යානයේදී පැය 24 පුරා මෙම සේවාව ලබාදෙන්නේ පස්වන දිනයටයි. දියත උයන පරිශ්‍රයේදී අද හතරවන දිනයටත් පැය 24 පුරාම එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි. එන්නත ලබාගැනීමට පැමිණෙන විට පහසු ඇදුමකින් සැරසී එන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඊයේ උදෑසන සිට අද පෙරවරු හය දක්වා දියත උයන එන්නත් මධ්‍යස්ථානයෙන් 5100 දෙනෙකුට එන්නත් ලබා දී තිබෙනවා. පසුගිය දින දෙක තුළ මෙම පරිශ්‍රයෙන් ලබා දී ඇති එන්නත් සංඛ්‍යාව 19080ක්.

මේ අතර ඇස්ට්‍රාසෙනෙකා දෙවන එන්නත ලබාදීම කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ද අද දිනයේත් සිදු කෙරෙනවා. ඒ කොළඹ මහනගර සභාවේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මූලිකත්වයෙන්.

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාදීම අද දිනයේත් සිදු කෙරෙනවා. කිසිඳු තදබදයකින් තොරව එන්නත ලබාගැනීම සදහා ජනතාවට අවශ්‍ය පහසුකම් සලසා තිබීම විශේෂත්වක්.

කොළඹ විශ්වවිද්‍යාලය හා එක්සත් රාජධානියේ බර්මින්හැම් විශ්වවිද්‍යාලය අතර විද්‍යාව හා ආගම පිළිබඳ ගෝලීය පර්යාවලෝකනය ( Global Spectrum ) විමර්ශනය කිරීම සඳහා වූ පර්යේෂණ ව්‍යාපෘතියක් සඳහා ගිවිසුමකට එළඹීම.

- වෘත්තීය විද්‍යාඥයින් හා සෙසු මහජනතාව අතර විද්‍යාව, පරිණාමය හා ආගම අතර ඇති සබඳතාව පිළිබඳව පුළුල් කතිකාවතක් ඇති කිරීමත්; ඒ පිළිබඳ පොදු මතවාදයන්ට බලපාන ඓතිහාසික, සංස්කෘතිකමය, සමාජමය සහ මනෝවිද්‍යාත්මක සාධක පිළිබඳව විමර්ශනය කිරීම මෙහි අරමුණයි

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter