නවතම පුවත්

අගෝස්තු මාසයට අදාළව ගෙවීමට ඉතිරිව ඇති මහජන ආධාර දීමනා, වැඩිහිටි දීමනා ඇතුළු අනෙකුත් මහජන ආධාර ගෙවීම් අද සහ හෙට දෙදින ලබාදීමට නියමිතව ඇත.

තැපැල් මූලස්ථානය නිවේදනය කලේ දිවයින පුරා තැපැල් හා උප තැපැල් කාර්යාල මෙම දින දෙක තුළ විවෘතව පවතින බවයි.

දීමනා ලබාගැනීමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් තැපැල් කාර්යාල වෙත පැමිණ අදාළ ආධාර මුදල් ලබා ගන්නැයිද ලෙසද තැපැල් මූලස්ථානය ජනතාවට දන්වා සිටියි.

ලෝක ඡායාරූප ශිල්පින්ගේ සිහිනයක් බඳූ වූ BBC wildlife photographer of the year 2021 තරගයේ ප්‍රදර්ශන මට්ටමට හා ජුරියේ විශේෂ පැසසුමට (Highly Commended) ලක්වීමට ශ්‍රී ලාංකීක ඡායාරූප ශීල්පිණීයකට හා මෙරට ළාබල  ඡායාරූප ශිල්පියෙකුට මෙවර හැකියාව ලැබි ඇත.
 
ඒ බුද්ධිනී ඩී සොයිසා හා ගඟන වික්‍රමසිංහ යන දෙදෙනාට ය.
 
මෙම දෙදෙනාගේ ඡායාරූප හැරෙන්ට මෙම තරගය සඳහා මීට පෙර මෙවැනි ජයග්‍රහණයකට උරැමකම් කියු(2002) එකම ශ්‍රී ලාංකීයා වුයේ රුක්ෂන් ජයවර්ධන මහතා ය .ඒ මහතාගෙන් පසුව මේ සඳහා මේ ආකාර සුදුසුකමක් ලද දෙවැනි හා තෙවැනි ශ්‍රී ලාංකීකයන්වන්නේ බුද්ධිනී හා ගඟන ය.

කෝවිඩ් වයිරසය සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන මොහොතක රෝගීන් හදුනා ගැනීම සදහා අදාල පරීක්ෂණ කටයුතු කඩිනමින් සිදුකර ගැනීම රෝගය පාලනයට අත්‍යාවශ්‍ය වී ඇත. එවැනි මොහොතක මෙත්මනුසත්කාරී භාරය විසින් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහල වෙත රුපියල් මිලියන 3.1ක් වටිනා වැඩිදියුණු කළ ස්වයංක්‍රීය පද්ධතියක් (Automated Nucleic Acid Purification System) පරිත්‍යාග කිරීමට කටයුතු කිරීම සැබවින්ම අගය කළ යුතු ක්‍රියාවක් බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කලාය. 
 
අමාත්‍යවරිය මේ බව සදහන් කර සිටියේ අද (01) සෞඛ්‍ය අමාත්‍යංශයේදී රාගම රෝහල වෙත අදාල පරිත්‍යාගය සිදුකරන අවස්ථාවට එක්වෙමිනි. 
 
මෙමගින් එක්වර PCR පරීක්ෂණ 48ක් සිදුකල හැකි මෙන්ම කඩිනමින් පරීක්ෂණ වාර්තා ලබාගත හැකි දියුණු තාක්ෂණයකින් යුක්ත මෙහි කාර්යක්ෂමතාවය ඉතා ඉහළය. එබැවින් දිනෙන් දින වැඩිවන PCR පරික්ෂණ සංඛ්‍යාවෙහි ධාරීතාවය වැඩිකිරීමට රාගම රෝහලට මෙමගින් අවස්ථාව උදාවේ. 
 
මෙම පරිත්‍යාගය සිදුකිරීමට මෙත්මනුසත්කාරී භාරය වෙනුවෙන් අවශ්‍ය මූලික සම්බන්ධීකරණ කටයුතු සිදුකරනු ලැබුවේ චිත්‍රපට නිෂ්පාදන රාජ් රණසිංහ මහතා වන අතර පරිත්‍යාගය සිදුකිරීමට නදීර ප්‍රනාන්දු පියතුමා සමගින් කේ.ආර් පුෂ්පරංජන, නීතිඥ රෝහණ ජයසුන්දර, මාර්ක් ප්‍රනාන්දු යන මහත්වරු සමග රංගන ශිල්පීනී සනෝජා බිබිලේ මහත්මිය එක්ව සිටි අතර අදාල පරිත්‍යාගය ලබාගැනීම සදහා උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රසිකා ලියනගේ මහත්මිය එක්ව සිටියාය. 

කොවිඩ් වසංගතය නිසා පීඩා විඳින නැගෙනහිර පළාතේ ජනතාව සඳහා පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ මගපෙන්වීම මත දේශීය ඖෂධ ලබා දීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ආයුර්වේද වෛද්‍යාචාර්ය සඳුන් කෝට්ටයාවත්ත මහතා විසින් එම ඖෂධ පරිත්‍යාග කරන ලදී.

එම ඖෂධ ලබා දීමේ පළමු අදියර තඹලගමුව සහ ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දී ඊයේ ආරම්භ කෙරිණි.

කොවිඩ් රෝගය වැලඳුණු ජනතාවගේ ඉල්ලීම පරිදි මෙම ඖෂධ නොමිලේ ඔවුන්ගේ නිවාස වලටම ලබාදීමට විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබීමද විශේෂත්වයකි.

සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙදාම සදහා පමණක් ලබන මස 1 වැනිදා සහ 2 වැනිදා විවෘතව තැබේ.

පාරිභෝගික ජනතාවගේ පහසුව වෙනුවෙන් ප්‍රාදේශිය මට්ටමින් ජංගම රථ මගින් එලවළු සහ පළතුරු අලෙවි කිරිමේ විශේෂ වැඩසටහන් ද ක්‍රියාත්මක බව වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජේ.එම්.ඒ ඩග්ලස් මහතා පවසයි.

මේ අතර තොග වෙළෙඳාම් කටයුතු සඳහා දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන ඊයේ සහ පෙරේදා විවෘතව තැබිණ. එහෙත් ආර්ථික මධ්‍යස්ථානවලට පැමිණෙන වෙළෙඳුන්ගේ අඩුවක් දක්නට ලැබෙන බව අප වාර්තාකරුවෝ පවසති. එළවඵ මිලෙහි අඩුවිමක් ද දක්නට ලැබිණි.

පැරා ඔලිම්පික් තරගාවලියේදී ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමිකර දුන් දිනේෂ් ප්‍රියන්ත හේරත් රණවිරුවාට සුභාශිංසන පිරිනමන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිතුමා සිය නිල ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.

''මෙවර ජපානයේ ටෝකියෝ නගරයේ පැවැත්වෙන පැරා ඔලිම්පික් තරගාවලියේදී ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමිකර දුන් දිනේෂ් ප්‍රියන්ත හේරත් රණවිරුවාට මාගේ සුභාශිංසන පිරිනමමි.
වරක මව්බිම රුදුරු ත්‍රස්තවාදයෙන් බේරා ගැනීමටත් මෙවර ශ්‍රී ලංකා නාමය අන්තර්ජාතික ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරින් ලියවීමටත් අපරිමිත ව කැප වූ ඔබට මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් නැවත නැවතත් ස්තූතිවන්ත වෙමි.''

 

ටෝකියෝ පැරා ඔලිම්පික් උලෙළේ හෙල්ල විසි කිරීමේ තරඟයෙන් නව ලෝක වාර්තාවක් ද පිහිටුවමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් දිනේෂ් ප්‍රියන්ත හේරත් ක්‍රීඩකයාට උණුසුම් සුබ පැතුම් පිරිනමමි.

බෙදුම්වාදයට එරෙහිව රට එක්සේසත් කරන සටනේ දී සිය වගකීම නොපිරිහෙළා ඉටු කළ රණවිරු දිනේෂ් ප්‍රියන්ත 2016 ඔලිම්පික් උලෙළේ දී ද අපේ මාතෘ භූමියට ලෝකඩ පදක්කමක් දිනා දීමට සමත් විය. ඒ අනුව අපේ රටට ඔලිම්පික් පදක්කම් දෙකක් දිනා දුන් එක ම සහ පළමු ක්‍රීඩකයා දිනේෂ් ප්‍රියන්ත ය.

'කොවිඩ් වසංගත තත්ත්වය නිසා මුහුණ පෑමට සිදු වූ අනේක විද බාධාවන් ද පරාජය කරමින් ඔබ රටට දිනාදුන් මෙම විජයග්‍රහණය සමස්ත ජාතිය ධෛර්යවත් කරන්නකි.' සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද සිය උපරිම දක්ෂතා දක්වමින් අපේ සිංහ ධජය ඉහළට ම ඔසවා තැබීමට මෙම ජයග්‍රහණය හේතුපාදක වේවායි ද පතමි.

මහජන ආරක්ෂක ආඥා පනතේ 2වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව, එම ආඥා පනතේ ii වන කොටසේ විධිවිධාන බලාත්මක කරමින්, 5 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව සකස් කරන ලද, අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

වී, සහල්, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර තොග සැඟවීම්, අධික මිල ගණන් අයකිරීම මගින් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්කරන වෙළඳපොළ අක්‍රමිකතා වැළැක්වීම සඳහා රජයේ සහතික මිලට හෝ රේගුවේදී ආනයනය කළ මිල ගණන් පදනම් කරගෙන වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග මිලදීගෙන ජනතාවට සාධාරණ මිල ගණන්වලට ලබා දීමට බලය ලත් නිලධාරීන් කටයුතු කිරීමටත්, රාජ්‍ය බැංකුවලින් තොග මිලදී ගැනීමට ලබා දී ඇති ණය, ණය ලබාගත් අයගෙන් අයකරගැනීමටත් හැකි වන පරිදි මෙය ක්‍රියාත්මක කෙරේ.

සාමාන්‍ය ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නාවූ වී, සහල්, සීනි ඇතුළු අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධීකරණය සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් වශයෙන් මේජර් ජනරාල් එම්.ඩී.එස්.පී.නිවුන්හැල්ල මහතා පත් කර ඇත

කොරෝනා වෛරසයට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කෙරෙන ආයුර්වේද ඖෂධ අඩංගු මංජුසාවක් ජනතාවට රජයෙන් නොමිලේ සැපයීමට ගත් තීරණය ලබන සතියේ ක්‍රියාත්මක කරන බව රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා කියයි.

පළමු අදියරේ දී රුපියල් 2000 දීමනාව ලබන දිළිදු ලක්ෂ 25 කට එය සැපයේ.ඉන් පසුරට පුරා සිටින පවුල් ඒකකවලට එම මංජුසාව සැපයීම ඇරඹෙයි. ආයුර්වේද දෙපාර්තමේන්තුව හා රජයේ ආයුර්වේද වෛද්‍ය මණ්ඩල සූත්‍ර කමිටුව අනුමත ඖෂධ කට්ටලයක් මෙම මංජුසාවේ අඩංගු වෙයි. සුව ධරණී ඖෂධයි ඉගුරු කොත්තමල්ලි පානය චූර්ණයක් සහිත කෂාය පෝෂණීය ආහාරයක් ඊට ඇතුලත්ය.එහි වටිනාකම රුපියල් 1000 ක් පමණ වෙයි.

රාජ්‍ය අනුග්‍රහයෙන් සැපයෙන එම ඖෂධ භාවිතයට ජනතාව කිසිදු බියක් ඇති කර ගත යුතු නැතැයි රාජ්‍ය ඇමතිවරයා කියයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි. දේශීය වෙදකම හා ආයුර්වේදය මෙරට ප්‍රචලිත කිරීමට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් ලෙස රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා එය හඳුන්වයි.

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ මේ වනවිට මාත්‍රා දෙකම ලබාගෙන ඇති මෙරට පුද්ගලයන් ගණන මිලියන 7 ඉක්මවා තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ එම සංඛ්‍යාව 7,042,418ක් බවයි. රට යළි විවෘත කිරීමට දරන උත්සාහය සාර්ථක කරගැනීම සඳහා ඔක්තෝබර් මැද භාගය වනවිට සමස්ත ජනගහනයෙන් සියයට 60ක් පූර්ණ එන්නත්කරණයට ලක්කර අවසන් කිරීමට කටයුතු කරමින් සිටින බවද එහි සඳහන් කර තිබේ.

වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව මේ වනවිට කොවිඩ් මර්දන එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති සමස්ත පුද්ගලයන් ගණන 12,309,254 කි.

ගම සමග පිළිසඳර වැඩසටහන් මාලාවේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම් ඇරඹේ.’ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රතිඥාවකට අනුව දුෂ්කර ප්‍රදේශවල ජනතාවගේ ආර්ථිකය නංවාලීම හා එම ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය අරමුණු කර මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

මේ වනවිට දිස්ත්‍රික්ක 17 ක එය ක්‍රියාවට නංවා අවසන්ය. එම දිස්ත්‍රික්ක දාහතේම ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වෙන බව ගම සමග් පිළිසඳර ජනාධිපති කාර්ය සාධක බලකායේ ලේකම් ඩබ්ලිව් එච්. කරුණාරත්න මහතා පැවසීය.’ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හමුවේ පවා සංවර්ධන ව්‍යාපෘති අඛන්ඩව ක්‍රියාත්මකයි.’ ජනතාව ජනාධිපතිතුමාට ඉදිරිපත් කළ ගැටඵ’ රැසකට මේ වනවිට විසඳුම් දී ඇතැයි පවසන ලේකම්‘වරයා සෙසු ගැටඵ’වලට ප්‍රගති සමාලෝචන රැස්වීම්‘වල දී විසඳුම් ලැබෙනු ඇතැයි සදහන් කරයි.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter