නවතම පුවත්

වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දී ඇති උදෙස් පරිදි ඊට අදාල ගැසට් නිවේදනය අද (2021-04-05) නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් දී ඇත.

දැනට ආනයනය කර ඇති  පාම් ඔයිල් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරන ලෙස ද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ. මේ සමගම කටු පොල් වගාව ද සම්පූර්ණයෙන්ම තහනම් කෙරේ.

මේ අතර කටු පොල් වගාව සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට අතිගරු ජනාධිපතිතුමා දී ඇති උපදේශය බලාත්මක කරමින් අදාළ නීති යටතේ නියෝග පනවා ඇත. මෙරට කටු පොල් වගාව ක්‍රමයෙන් නතර කිරීමට  ජනාධිපතිතුමා විසින් උපදෙස් දී තිබුනේ මීට මාස 6කට පමණ පෙරය.

දැනට පවතින කටු පොල් වගාව අදියරෙන් අදියර වරකට 10% බැගින් ගලවා ඉවත් කර ඒ වෙනුවට රබර් හෝ පරිසර හිතකාමී වෙනත් වගාවන් කිරීමට එම සමාගම් හා ආයතන සමඟ නීතියෙන් බැඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ද උපදෙස් දී ඇත.

මෙය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වූ විට කටු පොල් වගාව සහ ෆාම් ඔයිල් පරිභෝජනය සම්පූර්ණයෙන්ම නතර කිරීම රජයේ අරමුණයි.

පාස්කුව ලෝකවාසී කිතුනු ජනතාවගේ උතුම්ම මංගල්‍යයයි. පාස්කු මංගල්‍යයේ අර්ථය පාපයෙන් ගැලවීමයි. ජන්ම පාපයෙන් නිදහස් ව, කළ වැරදි ගැන පසුතැවිලි වෙමින් නව දිවියක් ආරම්භ කිරීම ඉන් තවදුරටත් අරුත් ගැන්වෙයි.

ලොව පුරා විසිර පැතිර සිටින කිතුනුවෝ අළු බදාදා ආරම්භ වන, දින 40 ක කාලපරිච්ඡේදයක් ක්‍රිස්තූන් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සහ මරණය සිහිකරමින් ආධ්‍යාත්මික වතාවත්හි නිරත වෙති. පාස්කු ඉරු දින ඔවුහු  උන්වහන්සේ උත්ථාන වීමේ විජයග්‍රාහී මොහොත මහත් ප්‍රීතියෙන් සමරති.

කිතුනු ජනතාව මේ කාලය තුළ ක්‍රිස්තූන් වහන්සේ මානව සංහතිය පාපයෙන් මුදාගැනීමේ චේතනාවෙන් කුරුසියේ දුක්විඳ ඉතා වේදනාකාරී මරණය පරාජය කර නැවත නැගිට විමුක්තිය අත් කර දීම මෙනෙහි කරති.

ශ්‍රී ලාංකේය කිතුනු ජනතාව අසීමිත ගෞරවයෙන් හා භක්තිවන්තව සමරන පාස්කු සමය අන්තවාදී ම්ලේච්ඡ ප්‍රහාරයකට වරෙක ගොදුරු විය. ඉන් බිඳුණු හදවත්වල වේදනාව අදටත් මැකී ගොස් නැත. ඒ පාපී ක්‍රියාවට වැරදිකරුවන් වන පුද්ගලයන්ට සහ කණ්ඩායම්වලට නීතියෙන් ගැලවීමට අප කිසිදු ඉඩක් තබන්නේ නැත. එසේම නැවත එවන් ඛේදාන්තයන්ට කවර හෝ අවසරයක් නොලැබෙන පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය වග වී සිටී.

ජේසුස් වහන්සේ එදා දේශනා  කළ මානව විමුක්තිය සමාජයට ශක්තියකි. අද ලෝකය හමුවේ මුහුණ පෑමට සිදුවන බහුවිධ තාඩන පීඩන පරාජය කර නැගී සිටීමටත් ප්‍රේමයෙන් දයාවෙන් යුතු මානව හිතවාදී සමාජයක් තුළ ජීවත්වීමටත් මේ පාස්කු සමය ආශීර්වාදයක් කරගනිමු.

සැමට සාමකාමී පාස්කු මංගල්‍යයක් වේවා !

                                                                                                                            2021අප්‍රේල් මස 01 වන දින

ගෝඨාභය රාජපක්ෂ

  • වවුනියාවේ ජල ගැටළුවට වසරකදී විසඳුම් 
  • ප්‍රදේශයේ පාසල්වල ගැටළු රැසක් විසඳේ 
  • ශාසනයට දරුවන් පූජා කළ පවුල්වලට අවශ්‍යතාව අනුව රැකියා ලක්ෂයේ ව්‍යාපෘතියෙන් රැකියාවක් 
  • මා නොවෙයි වැදගත් ; මා බලයට ගෙන ආ මතවාදයයි වැදගත් ….මේ විරෝධය ඒ මතවාදයට එරෙහිව ….
  • ආනයනික පාරිභෝගික භාණ්ඩ ප්‍රමිතිය නිරන්තර පරීක්ෂාවට  
  • සුදු වෑන්,  කිඹුල්ලුමෝරුන් ගැන බොරු කී අය
    අද පරිසරය ගැන කතා ගොතනවා ..

“මා හැමවිටම කියන්නේ ගෝඨාභය රාජපක්ෂ නොවෙයි වැදගත්. මා මෙතැනට ගෙන ආ මතවාදය හා බලවේගයයි වැදගත්. අප ආරක්ෂා කළ යුත්තේ එයයි. සතුරු බලවේග ගෙන යන අසත්‍ය ප්‍රචාරයේ අරමුණ මේ මතවාදය පරාජය කිරීම. මා කරමින් සිටින්නේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

තමා බලයට එන විට බිඳවැටී තිබූ ආර්ථිකය කොවිඩ් වසංගත අර්බුදය මධ්‍යයේ වුවද, දේශීය හරිත ආර්ථිකයක් ලෙස ගොඩනගමින් තිබෙන බව ජනාධිපතිතුමා සඳහන් කරයි. සිය ධූර කාලය ඇතුළත ජනතා ප්‍රශ්න විසඳීමට නොහැකි වුවහොත් තමාට දෝෂාරෝපණය කරන්නැයි එතුමා ජනතාවගෙන් ඉල්ලා සිටී.

ජනාධිපති රාජපක්ෂ මැතිතුමා මේ අදහස් පළ කළේ අද (03) පෙරවරුවේ උතුරු පළාතේ, වවුනියාව දිස්ත්‍රික්කයේ, වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාමසේවා වසමේ, බෝගස්වැව මහා විද්‍යාල භූමියේ පැවති “ගම සමග පිළිසඳර” 17 වැනි වැඩසටහන ආරම්භයේදී රැස්ව සිටි පිරිස අමතමිනි.

වර්තමානයේ කතා බහට ලක්ව ඇති මාතෘකා කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිතුමා පරිභෝජනය සඳහා ආනයනය කෙරෙන සියලුම ද්‍රව්‍යවල ප්‍රමිතිය නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරන බව පැවසීය. ආනයනික පොල්තෙල් තොගයක් පරිභෝජනයට නුසුදුසු බව පසුගියදා හඳුනාගැනීමට හැකි වූයේ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙසිනි. පරීක්ෂණ අඛණ්ඩව සිදු කරමින් පාරිභෝගික ද්‍රව්‍ය ප්‍රමිතිය සහතික කිරීම  අදාළ ආයතනවල වගකීම බව එතුමා පෙන්වා දුන්නේය.

තමා බලයට පැමිණ ගත වූ කෙටි කාලය තුළ ඉටුකළ කාර්යභාරය පැහැදිළි කළ ජනාධිපතිතුමා පරිසරයට බලවත් හානියක් කරමින් තිබූ කටුපොල් වගාව සම්පූර්ණයෙන් තහනම් කළ බව කීය. පොල්තෙල් පරිභෝජනයේ ගුණාත්මක ප්‍රතිඵල හඳුනාගෙන ෆාම් ඔයිල් ගෙන්වීම නතර කෙරිණ. රට තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒමට ඇති ඉඩ ප්‍රස්ථා අහුරා තිබේ. වැටලීම් මගින් මත්ද්‍රව්‍ය සේම පරිභෝජනයට නුසුදුසු ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

තමා බලයට පැමිණෙන විට සුදු වෑන්, කිඹුලුන්, මෝරුන් ගැන බොරු ගොතා සමාජ ගත කළ කණ්ඩායම් සිය අසත්‍ය ප්‍රචාර අසාර්ථකවීමෙන් පසු දැන් පරිසරය ගැන බොරු සහ දුර්මත සමාජගත කරමින් සිටිති. සංවිධානාත්මක දේශීය, විදේශීය බලවේග රජයට සහ තමාට එරෙහිව ගෙන යන අසත්‍ය ප්‍රචාරය පරාජය කොට තමා ජනාධිපති ධූරයට ගෙන ආ මතවාදය ආරක්ෂා කරගත යුතු බව ජනාධිපතිතුමා පැවසීය.

දෙමාපියන් රැක බලා ගැනීමට සිදුවීම නිසා ඇතැම් භික්ෂූන් වහන්සේට ශාසනික මෙහෙවර ඉටුකිරීම අපහසු වී තිබේ. එබැවින් ශාසනයට දරුවන් පූජා කළ පවුල්වලට අවශ්‍යතාව මත රැකියා ලක්ෂයේ ව්‍යාපෘතියෙන් රැකියාවක් දීමට තීරණය කළ බව ජනාධිපතිතුමා හෙළි කළේය.

වවුනියාව දිස්ත්‍රික්කයේ ජල හිඟය පිළිබඳව ජනතාවගෙන් පළ වූ අදහස්වලට සවන්දුන් ජනාධිපතිතුමා  දශක ගණනාවක සිට පවතින පානීය ජල ගැටළුවට වසරකදී විසඳුම් දීමට පියවර ගන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

දිස්ත්‍රික්කයේ ජනගහණයෙන් 92%ක් පානීය ජල හිඟයෙන් පීඩා විඳිති. කඩිනම් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවෙන ජල සම්පාදන යෝජනා ක්‍රමය සඳහා රුපියල් බිලියන 60ක් වෙන් කෙරේ. ප්‍රදේශයේ සියලුම නළ ලිං ප්‍රතිසංස්කරණය සහ ප්‍රජා ජල ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීම ක්ෂණික විසඳුම් ලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය විය.

දිස්ත්‍රික්කයේ පාසල්වල ගුරු හිඟය,  ගොඩනැගිලි සහ මේස  පුටු හිඟය ඉක්මණින් විසඳුම් අවශ්‍ය ප්‍රධාන ගැටළුවක් ලෙස ජනතාව පෙන්වා දුන්හ. ඒ පිළිබඳ තොරතුරු හා සංඛ්‍යා ලේඛණ සපයාගෙන අවශ්‍යතාව අනුව මුදල් වෙන් කරන්නැයි ජනාධිපතිතුමා අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය.

2020 සැප්තැම්බර් 25 වන දින බදුල්ල දිස්ත්‍රික්කයෙන් “ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භ විය. මාතලේ, රත්නපුරය, අනුරාධපුරය, අම්පාර, පොළොන්නරුව, කළුතර, මොණරාගල, කෑගල්ල, මහනුවර, පුත්තලම, ත්‍රීකුණාමලය, කුරුණෑගල, ගාල්ල, නුවරඑළිය සහ මාතර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පසුගිය වැඩසටහන් සංවිධාන කෙරිණ. මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්මානවල ජනතාව හමුවී, ඔවුන්ගේ ගැටළු විමසා ඒ මොහොතේම නිලධාරීන්ගේ අවධානයට යොමු කොට විසඳුම් දීම ජනාධිපතිතුමාගේ අරමුණයි. විසඳීමට කල්ගතවන ගැටළු පසුව ආමන්ත්‍රණය කරනු පිණිස සටහන් කර ගනු ලැබේ. ගමේ ජනතාව අතරට පැමිණ ඔවුන්ගේ ප්‍රශ්න විමසා ඔවුන්ගේම යෝජනා තුළින් පිළියම් සෙවීම “ගම සමග පිළිසඳර” වැඩසටහනේ අපේක්ෂාවයි.

වවුනියාව නගරයේ සිට කිලෝමීටර් 38 පමණ දුරින් නැගෙනහිරින් හා දකුණින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවියට හා කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ටත්, බටහිරින් නන්දිමිත්‍ර ගම්මානයටත් මායිම්ව වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාම නිලධාරී වසම පිහිටා තිබේ. බෝගස්වැව 1, බෝගස්වැව 2, කම්බිලිවැව, වෙඩිවෛත්‍යකල්ලු, කෝවිල්පුලියන්කුලම සහ වෙහෙරතැන්න යන ගම්මාන ග්‍රාමසේවා වසමට අයත්ය. පවුල් 478කින් සමන්විත වෙඩිවෛත්තිකල්ලු ග්‍රාමයේ ජනගහණය 1520කි. වී සහ හේන් ගොවිතැන ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වේ.

“ගම සමග පිළිසඳරට” සහභාගී වීමට බෝගස්වැවට පැමිණි ජනාධිපතිතුමා එතැන් සිට බෝගස්වැව මහා විද්‍යාලය දක්වා යන අතර මාර්ගය දෙපස රැස්ව සිටි ජනතාව සමග කතාබහ කරමින් ප්‍රදේශයේ තොරතුරු සහ ගැටළු විමසීය.

SLT මොබිටෙල් ආයතනය බෝගස්වැව මහා විද්‍යාලයට සහ නෙදුන්කර්නි මහා විද්‍යාලයට පිරිනැමූ ලැප්ටොප් පරිගණක යන්ත්‍ර දෙකක් හා ඩයලොග් ආයතනය පිරිනැමූ රූපවාහිනී යන්ත්‍රය හා සබඳතාව විදුහල්පතිවරුන්ට භාරදීම ජනාධිපතිතුමා අතින් සිදුකෙරිණ.

“ගම සමග පිළිසඳර” වැඩසටහන පැවැත්වෙන සෑම ප්‍රදේශයකම පාසල්වල පුස්තකාල පහසුකම් ප්‍රවර්ධනය රාජපක්ෂ මැතිතුමාගේ තවත් අරමුණකි. “නැණ බල සහිත ළමා පරපුරක්” තේමා කර ගනිමින්  ඒ සඳහා වූ පොත් කට්ටල ජනාධිපතිතුමා අතින් පාසල් වෙත පිරිනැමිණ. එක් පාසලකට ලැබෙන විවිධ විෂයයනට අයත් පොත් සංඛ්‍යාව 500කි.

හිමිකමක් නැතිව මෙතෙක් රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටි පවුල් වෙත දීමනා පත්‍ර ප්‍රදානය පසුගියදා ආරම්භ කෙරිණ. ජනාධිපතිතුමා වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් පවුල් 05ක් වෙත සංකේතාත්මකව දීමනා පත්‍ර ප්‍රදානය කළේය.

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මෙහෙයවන පාඨමාලා හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව 03ක් ජනාධිපතිතුමා විසින් ප්‍රදානය කරනු ලැබීය.

බෝගස්වැව සහ අවට ගම්වල අතුරු මාර්ග කි.මි 37ක් සහ ප්‍රදේශයේ ප්‍රධාන පාලම් 02ක් සංවර්ධනය මාර්ග සංවර්ධන අධිකාරියට පැවරිණ.

බෝගස්වැව ගම්මානයේ වැව් 16ක්, කිවුල්ඔය ව්‍යාපෘතිය ඇතුළු වැව් 17ක් ප්‍රතිසංස්කරණයට ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

පුරාවිද්‍යාත්මක උරුමය ආරක්ෂාවන පරිදි ප්‍රදේශයේ විහාරස්ථාන සංවර්ධනය කළ යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

වන අලි තර්ජනයට ගොදුරු වී සිටින ගම් ආරක්ෂා කරනු පිණිස විදුලි වැට ඉදිකිරීමට තීරණය විය.

බෝගස්වැව ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානය නේවාසිකව ප්‍රතිකාර ගැනීමට හැකි පරිදි සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණ.

ප්‍රදේශයේ රෝහලේවල වෛද්‍ය, හෙද හා සෙසු කාර්ය මණ්ඩල හිඟය පියවීමටත්, යටිතල පහසුකම් සහ අවශ්‍යතා සම්පූර්ණ කිරීමටත් ජනාධිපතිතුමා නියම කළේය.

දීර්ඝ කාලයක සිට පවතින ඉඩම් අයිතිය පිළිබඳ ගැටළු කඩිනමින් නිරවුල් කොට කෘෂිකාර්මික කටයුතුවල නිරත වීමට ගම්මුන්ට පහසුකම් සැලසීම දීර්ඝ  සාකච්ඡාවට ලක්විය.

උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය, වවුනියා දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාදර් මස්තාන්, කුලසිංහම් තිලීපන් යන මහත්වරු, දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයෝ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන හා ආරක්ෂක අංශ ප්‍රධානීහූ ඇතුළු පිරිසක් බෝගස්වැව මහා විද්‍යාල භූමියේ පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්ව සිටියහ.

 

උතුරු පළාතේ “ගම සමග පිළිසඳර” ප්‍රථම වැඩසටහන වව්නියාව දිස්ත්‍රික්කයේ, වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාමසේවා වසමේ දී පැවැත්වේ.  ගැමි හමුව සඳහා බෝගස්වැව මහා විද්‍යාල භූමිය තෝරාගෙන තිබේ. මෙය “ගම සමග පිළිසඳර” වැඩසටහනේ 17 වැන්නයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  හෙට (03) උදේ 10.00 ට ඇරඹෙන සංවාදයට දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු ප්‍රමුඛ මහජන නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු සහ විවිධ ආයතන ප්‍රධානීහූ සහ නිලධාරීහූ එක් වෙති.

වව්නියාව නගරයේ සිට කිලෝමීටර් 38ක් පමණ දුරින් නැගෙනහිරින් හා දකුණින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවියට හා කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, බටහිරින් නන්දිමිත්‍ර ගම්මානයටත් මායිම්ව වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාම නිලධාරී වසම පිහිටා තිබේ. බෝගස්වැව1, බෝගස්වැව2, කම්බිලිවැව, වෙඩිවෛත්‍යකල්ලු, කෝවිල්පුලියන්කුලම සහ වෙහෙරතැන්න ගම්මාන ග්‍රාමසේවා වසමට අයත්ය. පවුල් 478කින් සමන්විත වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාමයේ ජනගහණය 1520කි. වී සහ හේන් ගොවිතැන ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වේ.

වෙඩිවෛත්‍යකල්ලු හා අවට ගම්මානවල ජනතාව දිගු කලක සිට පොදු ප්‍රශ්න රැසකින් පීඩා විඳිති. අධ්‍යාපන සහ සෞඛ්‍ය ගැටළු ප්‍රධාන තැනක් ගනී. 2010 වසරින් පසු සංවර්ධනය නොවූ අතුරු මාර්ග, නිවාස, විදුලිය ඇතුළු යටිතල පහසුකම් ඌනතාව, පානීය සහ වගා ජල හිඟය, කෘෂිකාර්මික ගැටළු මෙන්ම වන අලි තර්ජනය ඇතුළු ප්‍රශ්නවලට ජනතාව මුහුණ දී සිටිති. ඉඩම්  අයිතිය පිළිබඳ ගැටළුවට ස්ථීර විසඳුම් ලබා ගැනීම, වැව් සහ ඇල වේලි සංවර්ධනය, බෝගස්වැව රෝහල වැඩිදියුණු කිරීම, පොහොර ගබඩාවක් ස්ථාපනය කිරීම ගැමි ජනයාගේ සෙසු ඉල්ලීම් අතර වෙයි.

ජනාධිපති රාජපක්ෂ මැතිතුමා “ගම සමග පිළිසඳර” වැඩසටහන සැලසුම් කළේ දේශපාලන බලධාරීන් හා නිලධාරීන් කැටුව තමාම ගමට ගොස් ගැමි ජනතාව පෙළන ආර්ථික සමාජ ගැටලු සියැසින් දැක ඒවාට සවන් දී කඩිනම් විසඳුම් දීමෙන් ග්‍රාමීය ජනතාවගේ අභිවෘද්ධිය සැලසීමේ අරමුණ ඇතිවය. කෘෂිකර්මය මත පදනම් වූ ශක්තිමත් ජාතික ආර්ථිකයක් ගොඩනැගීම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනතාවට දුන් ප්‍රධාන ප්‍රතිඥාවකි.

තවමත් රටේ ජනගහණයෙන් 75%ක් පමණ වන ග්‍රාමීය ජනතාව දිගුකලක සිට විවිධ වූ ආර්ථික, සමාජ ප්‍රශ්න සමුදායකින් පීඩා විඳිති. ඉඩම් හිඟය, නිරවුල් ඉඩම් ඔප්පු නොතිබීම, පානීය සහ වගා ජල හිඟය, මාර්ග හා ප්‍රවාහන දුෂ්කරතා, සෞඛ්‍ය සහ අධ්‍යාපන ප්‍රශ්න, අලි මිනිස් ගැටුම, නිලධාරී තන්ත්‍රයේ උදාසීන බව ඒ අතර ප්‍රමුඛස්ථානය ගනී. ගැමි ජනයා වෙතින් ගැටලු හඳුනාගෙන ඔවුන්ගේම අදහස් හා යෝජනා පාදක කර ගනිමින් රාජ්‍ය නිලධාරීන්ගේ සහය ඇතිව ඒවා විසඳීම මේ වැඩසටහනේ දී සිදු කෙරේ. විසඳීමට කල්ගතවන ගැටලු පසුව ආමන්ත්‍රණය කරනු පිණිස සටහන් කර ගනු ලැබේ.

ගැමි ජනතාව පීඩාවට පත් කරන ප්‍රශ්න එක් පාර්ශ්වයක කෝණයෙන් පමණක් බලා තේරුම් කිරීම විසඳුම් පමාවට හේතුවක් බව ජනාධිපතිතුමා අදහස් කරයි. නිලධාරීහූ එක් ආකාරයකටත්, ගැමියා තවත් ආකාරයකටත් ප්‍රශ්නය දකිති. ප්‍රශ්නයේ සියලු පැති නිවැරදිව හඳුනා ගැනීමෙන් විසඳුම් දීම පහසු බවත්, කඩිනම් කළ හැකි බවත් ජනාධිපතිතුමා පෙන්වා දෙයි. මෙතෙක් පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහන්වලදී මේ මාදිලිය උපයෝගී කර ගනිමින් ප්‍රශ්න ගණනාවකට එසැණ සහ පසුකාලීන විසඳුම් දීමට හැකි විය.

2020 සැප්තැම්බර් 25 වැනි දින බදුල්ල දිස්ත්‍රික්කයෙන් “ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භ විය. මාතලේ, රත්නපුරය, අනුරාධපුරය, අම්පාර, පොළොන්නරුව, කලුතර, මොණරාගල, කෑගල්ල, මහනුවර, පුත්තලම,  ත්‍රිකුණාමලය, කුරුණෑගල, ගාල්ල, නුවරඑළිය සහ මාතර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පසුගිය වැඩසටහන් සංවිධාන කෙරිණ.

 
 

 ජනමාධ්‍යවේදීන් සඳහා වට්ටම් සහිත කාඩ්පතක් හදුන්වාදීමේ උත්සවය ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඊයේ (30) පැවැත්විණි.කොළඹ ව්‍යාපාරික සංගමය මේ සඳහා අනුග්‍රහය ලබා දෙයි. දේශීය ව්‍යවසායකත්වය ශක්තිමත් කිරිම තේමා කර ගනිමින් මෙම වැඩසටහන දියත් කරනු ලැබේ.

මෙම අවස්ථාව අමතමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ, සෞභාග්‍ය දැක්ම යටතේ රජය විසින් දේශිය ව්‍යවසායකයින් නගාසිටුවිමට ක්‍රියා කරමින් සිටින බවත් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේද ව්‍යවසායකයින් දිරිමත් කිරිමේ වැඩ පිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවත්ය.

එසේම ජනමාධ්‍ය වේදීන්ටත්, මේ රටේ ව්‍යවසාය සංවර්ධන කිරිම සඳහා මෙම වට්ටම් සහිත කාඩ්පත ලබා දීමෙන් දේශීය ව්‍යාවසායකයා දිරි ගැන්වීමට ඉදිරි පියවරක් වන බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.

වෙළෙඳ ආයතන 500කින් පමණ මෙම වට්ටම් කාඩ්පත මඟින් භාණ්ඩ ලබා ගත හැකි වන අතර මිට සමගාමිව අප්‍රේල් 01වනදා සිට 11වනදා දක්වා සියනෑ අවුරුදු මේලා 2021 වෙළඳ ප්‍රදර්ශය හා අප්‍රේල් 08වනදා සිට 10වනදා දක්වා ජාතික රූපවාහිනී පරිශ්‍රයේ දි පැවැත්වෙන වෙළඳ ප්‍රදර්ශනය මඟින් ද මෙම වට්ටම් යටතේ භාණ්ඩ මිල දි ගැනිමට අවස්ථාව පවතී. මෙම කාඩ්පත වසරක වලංගු කාලයකින් සමන්විතවේ.

එසේම දැනට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින 7000ක පමණ මාධ්‍යවේදීන් සඳහා ද මෙම කාඩ්පත ලබා දීමට කටයුතු යොදා තිබේ. ජනමාධ්‍යවේදින් සඳහා පහසු ණය යෝජනා ක්‍රමයක් ග්‍රාමිය සංවර්ධන බැංකුව මඟින් ලබා දීමේ වැඩසඩහනද මෙහිදී දියත් කෙරුණි.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත්.පී. විජේවිර,කොළඹ ව්‍යාපාරික සංගමයේ සභාපති ආරියශීල වික්‍රමනායක හා මාධ්‍ය ආයතන නියෝජනය කරමින් එහි ප්‍රධානීන් මේ අවස්ථාවට සහභාගී විය.

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට භාර දෙනු ලැබිණ.

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය ලෝකයේ බොහෝ රටවලට මෙන්ම ශ්‍රී ලංකාවට  විශාල ගැටලුවකිනිසි ලෙස කළමනාකරණය නොකරන ලද ඝණ අපද්‍රව්‍ය නිසා පරිසරය සහ ජලය දූෂණය වීම, විවිධ රසායනික ද්‍රව්‍ය පසට එකතුවීම වැනි අහිතකර ප්‍රතිවිපාක රාශියක් ඇති කරයි.

කසල කළමනාකරණය පිළිබඳ ගැටලු හඳුනාගෙන ඊට විසඳුම් යෝජනා කරනු පිණිස ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සාමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පසුගිය ජූලි මස පත් කරනු ලැබීය. ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න මහතා එහි සභාපතිවරයා විය.

කමිටු නිර්දේශයේ ඇතුළත් වාර්තාව රොහාන් සෙනෙවිරත්න මහතා විසින් ජනාධිපතිතුමාට භාර දෙනු ලැබීය.

විශේෂඥ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව රාජපක්ෂ මැතිතුමා පැවසීය.

වාර්තාවේ ඇති නිර්දේශ පිළිබඳව පූර්ණ පසු විපරමක නිරතවීමේ වැදගත්කම දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ.

කසල කළමනාකරණයේදී බාහිර පරිසර  සාධක පිළිබඳව සැලකිලිමත් නොවීම නිසා ජනතා විරෝධතා ඇතිවූ බව පැවසූ ජනාධිපතිතුමා මැසි මදුරු උවදුර මෙන්ම දුගඳ ඇතිවීම වැළැක්වීමේ වැදගත්කම අවධාරණය කළේය.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ගාමිණී ලොකුගේ, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, රොෂාන් රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බීජයසුන්දර යන මහත්වරු,  රාජ්‍ය නිලධාරීහූ සහ විශේෂඥ කමිටු සාමාජිකයින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 
 

  • ජනතා ගැටලු විසඳමින් රට පෙරට ගෙන යාමට පදනම දැමුවා …
  • හිටපුආණ්ඩුවේ ප්රමබලයන් අද කථා කරන්නේ කිසිදා බලයේ නොසිටි අයුරින් …
  • පාස්කු ප්‍රහාරය, MCC ගිවිසුම, නැගෙනහිර පර්යන්තය ඔවුන් ඇති කළ ප්‍රශ්න දැන් අපිට විරුද්ධව උද්ඝෝෂණ කරනවා …
  • සතුරු බලවේග ගෙන යන අසත්‍ය ප්‍රචාරයට රැවටුණොත් සිදුවන හානිය නිවැරදි කරන්න බැහැ ….

 ජනපති “ගම සමග පිළිසඳරේදී කියයි.

“ජිනීවා බලපෑමට අපි නොබියව මුහුණ දෙනවා. ඊට යට නොවි ඉන්න පිළිවන්. අපි නිදහස් රටක්. ඉන්දීය සාගරයේ බල අරගලයට අපි ගොදුරක් වන්නේ නැහැ” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

දීර්ඝ කාලයක සිට ජනතාව මුහුණ පා සිටින ගැටලුනිවැරදිව හඳුනාගෙන විසඳුම් දෙමින් රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය මූලික පදනම සකස් කර ඇතැයි එතුමා ප්‍රකාශ කරයි. ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් සම්පාදනයට රජය බැඳි සිටී. එය රජයේ වගේම නිලධාරීන්ගේ ද වගකීමයි. රටට වඩාත් ඵලදායක අයුරින් ආර්ථිකය ශක්තිමත් කරන අතර, ග්‍රාමීය ජනතාවගේ ගැටලු නිරාකරණයට ප්‍රමුඛත්වය දෙනු ලැබේ.

එදා කොළඹ හරිත නගරයක් ලෙස සංවර්ධනය කෙරිණ. 2030 වන විට බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක්  පූනර්ජනනීය මූලාශ්‍ර ඇසුරෙන් උත්පාදනයට සැලසුම් කර තිබේ. සූර්ය බල පද්ධති 7000කට අධික සංඛ්‍යාවකින් ප්‍රධාන විදුලිබල පද්ධතියට විදුලිය සපයා ගැනීමට පියවර ගෙන ඇත. සෑම වසරකදීම රසායනික පොහොර භාවිතය 25%කින් අඩු කරනු ලැබේ.  මේ සියල්ල පරිසර සංරක්ෂණය සේම ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කොටගත් ව්‍යාපෘතීන්ය.

මේ ප්‍රගතිය ඉවසිය නොහැකි දේශීය, විදේශීය බලවේග සහ ඔවුන්ට සහය දෙන මාෆියා කණ්ඩායම් බොරු නිර්මාණය කොට ජනතාව මුලා කරමින් සිටින බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.  කරන දේ නිවැරදිව නොදැක වැරදි මතවලට රැවටුණහොත් පසුගිය වසර පහ තුළ උද්ගත වූ හානිය නැවත ඇතිවිය හැකිය. එසේ වුවහොත් සිදු වන හානිය නිවැරදි කිරීම පහසු නොවනු ඇතැයි ජනාධිපතිතුමා කියා සිටී.

අද (27) පෙරවරුවේ මාතර දිස්ත්‍රික්කයේ, පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත්, කිරිවැල්කැලේ උතුර 03 පියවර ග්‍රාමසේවා වසමේ දෑරංගල මහා විද්‍යාල භූමියේ පැවති “ගම සමග පිළිසඳර” 16 වැනි වැඩසටහන ආරම්භයේ දී රැස්ව සිටී පිරිස අමතා ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය.

පැවති රජයේ අනුවණ ක්‍රියාපිළිවෙත හේතුවෙන් ජාතික ආරක්ෂාව බිඳ වැටිණ. පාස්කු ඉරිදා ප්‍රහාරය එහි ප්‍රතිඵලයකි.  අභූත චෝදනා නගමින් රණවිරුවන් සිරගත කෙරිණ. ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය දක්වා රටේ ස්වෛරීත්වය බිඳ දමනු ලැබීය. හීලෑ අලි ඇතුන් පිළිබඳ ප්‍රශ්න ඇති කර සංස්කෘතිය, ආගම හා බැඳුණු උරුමය විනාශ කිරීමට උත්සාහ කෙරිණ .

MCC ගිවිසුම, නැගෙනහිර පර්යන්තය වැනි ගිවිසුම්වලට එළැඹ රට දැවැන්ත අර්බුදයකට ඇද දමනු ලැබීය.අද ඒවාට විසඳුම් දෙමින් සිටින බව ජනාධිපතිතුමා පැවසීය.

සියලු ප්‍රශ්න ඇති කළ සහ ඒවාට සහය දුන් පිරිස් වත්මන් රජයට එරෙහිව උද්ඝෝෂණය කරන බව පෙන්වා දෙන ජනාධිපතිතුමා හිටපු ආණ්ඩුවේ ප්‍රබලයන් අද කතා කරන්නේ සහ හැසිරෙන්නේ කිසිදිනක බලයේ නොසිටි අය මෙන් බව සඳහන් කළේය. පදනම් විරහිත චෝදනා ගැන කතා කිරීම තමාගේ ප්‍රතිපත්තිය නොවූවත්, සත්‍යය පහදා දෙනු පිණිස ඔවුනට උත්තරදීමට සිදුව ඇතැයි ජනාධිපතිතුමා කීය.

2020 සැප්තැම්බර් 25 වන දින බදුල්ල දිස්ත්‍රික්කයෙන් “ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භ විය. මාතලේ, රත්නපුරය, අනුරාධපුරය, අම්පාර, පොළොන්නරුව, කළුතර, මොණරාගල, කෑගල්ල, මහනුවර, පුත්තලම, ත්‍රීකුණාමලය, කුරුණෑගල, ගාල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පසුගිය වැඩසටහන් සංවිධාන කෙරිණ. මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්මානවල ජනතාව හමුවී, ඔවුන්ගේ ගැටළු විමසා ඒ මොහොතේම නිලධාරීන්ගේ අවධානයට යොමු කොට විසඳුම් දීම ජනාධිපතිතුමාගේ අරමුණයි. විසඳීමට කල්ගතවන ගැටළු පසුව ආමන්ත්‍රණය කරනු පිණිස සටහන් කර ගනු ලැබේ. ගමේ ජනතාව අතරට පැමිණ ඔවුන්ගේ ප්‍රශ්න විමසා ඔවුන්ගේම යෝජනා තුළින් පිළියම් සෙවීම “ගම සමග පිළිසඳර” වැඩසටහනේ අපේක්ෂාවයි.

පිටබැද්දර නගරයේ සිට කි.මි 12ක් දුරින් කිරිවැල්කැලේ උතුර 03 වන පියවර ග්‍රාම නිලධාරී වසම පිහිටා තිබේ. 1958 දී ස්ථාපනය කළ උස්බිම් ජනපද ව්‍යාපාරය යටතේ ජනතාව පදිංචි කරවීමෙන්  කිරිවැල්කැලේ ග්‍රාමයක් බවට පත් විය. පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් දුෂ්කරතම ගම්මානය මෙයයි.  පවුල් 622ක් වෙසෙන ග්‍රාමසේවා වසමේ ජනගහණය 2990කි. මාතර දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු හිමියන්ගෙන් වැඩිම පිරිස මෙහි ජිවත් වෙති.  ප්‍රධාන ආදායම් මාර්ගය තේ වගාව වන අතර කුරුඳු, රබර්, ගම්මිරිස්, පොල් වැනි අතුරු භෝග වගාවන් ද සිදු කෙරේ.

“ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගීවීමට පිටබැද්දර, දෙහිගස්පෙ  ඩඩ්ලි සේනානායක මහා විද්‍යාල භූමියට පැමිණි ජනාධිපතිතුමා එතැන් සිට දෑරංගල මහා විද්‍යාලය දක්වා යන අතර,මාර්ගය දෙපස රැස්ව සිටී ජනතාව සහ දෑරංගල කණිෂ්ඨ විද්‍යාලය අසල රැස්ව සිටී සිසු දරු දැරියන් සහ දෙමාපියන් සමග කථා බහ කරමින් ප්‍රදේශයේ තොරතුරු සහ ගැටළු විමසීය.

SLT මොබිටෙල්ආයතනය දෑරංගල මහා විද්‍යාලයේ ස්ථාපනය කළ අධිවේගී අන්තර්ජාල පහසුකම් සහිත සුහුරු පන්ති කාමරය විවෘත කිරීම, බානගල සීලරතන කණිෂ්ඨ විද්‍යාලයට අන්තර්ජාල සබඳතා සහිත ලැප්ටොප් පරිගණක හා ඩයලොග් ආයතනය  පිරිනැමූ රූපවාහිනී යන්ත්‍රය හා සබඳතාව විදුහල්පතිවරුන්ට භාරදීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

“ගම සමග පිළිසඳර” වැඩසටහන පැවැත්වෙන සෑම ප්‍රදේශයකම පාසල්වල පුස්තකාල පහසුකම් ප්‍රවර්ධනය රාජපක්ෂ මැතිතුමාගේ තවත් අරමුණකි. “නැණ බල සහිත ළමා පරපුරක්” තේමා කර ගනිමින්  ඒ සඳහා වූ පොත් කට්ටල ජනාධිපතිතුමා අතින් පාසල් වෙත පිරිනැමිණ. එක් පාසලකට ලැබෙන විවිධ විෂයයනට අයත් පොත් සංඛ්‍යාව 500කි.

හිමිකමක් නැතිව මෙතෙක් රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටී පවුල් වෙත දීමනා පත්‍ර ප්‍රදානය පසුගියදා ආරම්භ කෙරිණ. අද ජනාධිපතිතුමා පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පවුල් 05ක් වෙත සංකේතාත්මකව දීමනා පත්‍ර ප්‍රදානය කළේය.

ගංවතුරෙන් විනාශ වූ පහුරුතොට, ජම්බුගස්දොල, මෙඩේරිපිටිය සහ වෙලංගාවිට ඇතුළු  පාලම් කඩිනමින් සංවර්ධනයට “ගම සමග පිළිසඳර” සංවාදයේ දී තීරණය කෙරිණ.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් අනවසර ඉඩම් පරිහරණය නිරාකරණයට සහ වැවිලි සමාගම් යටතේ ඇති විශාල ඉඩම් ඒකාබද්ධ පරීක්ෂණයකින් අනතුරව මැනීම් කිරීමට ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබීය.

පිටබැද්දර ඇතුළු තදාසන්න ප්‍රදේශවල සියලුම ඉඩම් ගැටළු විසඳීම සඳහා “ඉඩම් දිනයක්” පැවැත්වීමට තීරණය කෙරිණ.

ප්‍රදේශයේ මාර්ගවල ඇති අනාරක්ෂිත බෑවුම් හඳුනාගෙන ආරක්ෂිත වැට ඉදිකිරීමේ වගකීම මාර්ග සංවර්ධන අධිකාරියට පවරන ලදී.

දෑරංගල, පොඩිදහයකන්ද බස්නැවතුම්පොළ අසළ සිට ඉදිරියට මාර්ගය, බානගල නැගෙනහිර මාහේන ඇල්ල මාර්ගය, බානගල නැගෙනහිර නාගහහේන 517 මාර්ගය ඇතුළු මාර්ග කි.මි 120ක් පමණ ඉදිරි මාස කිහිපය තුළ සංවර්ධනය කර නිම කිරීමට රාජපක්ෂ මැතිතුමා විසින් උපදෙස් දෙනු ලැබීය.

ගොවීහූ කුරුඳු අස්වනු අලෙවියේ දී තමන් මුහුණපාන ගැටළු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළහ. A ශ්‍රේණියේ කුරුඳු B ශ්‍රේණිය සේ සලකා මිලදී ගැනීමෙන් වන අසාධාරණය නතර කිරීමට නිසි ක්‍රමවේදයක් සහ අධීක්ෂණ වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. කුරුඳු ගොවි සමිති සතු තවාන් සඳහා උසස් ප්‍රමිතියෙන් යුත් කුරුඳු පැළ බෙදාදීමට වැවිලි අමාත්‍යාංශයට නියම කෙරිණ.

ප්‍රදේශයේ කුඩා තේ වතු වගාව වසර 35කට අධික ඉතිහාසයක් සහිතය. නැවත තේ වගා කර අස්වනු නෙළීමට වසර 02කට වැඩි කාලයක් ගත වේ. එසේ ආදායම අහිමිවන දෙවසර සඳහා වාර්ෂික දීමනාවක් හෝ ප්‍රදානය කර තේ නැවත වගාව කඩිනම් කිරීමේ  අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

තලපෙකුඹුර කණිෂ්ඨ විද්‍යාලය, දෑරංගල මහා විද්‍යාලය, සියඹලාගොඩ බටහිර කණිෂ්ඨ විද්‍යාලය, කලුබෝවිටියාව මහ විද්‍යාලය ඇතුළු පාසල්වල ගුරු හිඟය තුරන් කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය සහ අලපලාදෙනිය ද්විතීයික පාසලට ගුවන් පාලමක් ඉදිකිරීම සඳහා පියවර ගන්නැයි ජනාධිපතිතුමා අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

ග්‍රාම සේවා නිලධාරී වසම් 60ක් ආවරණය කෙරෙන පරිදි මොරවක පානීය ජල ව්‍යාපෘතියක් සහ කුඩා ප්‍රජා ජල ඒකක රැසක් ස්ථානය කිරීමට උපදෙස් දෙනු ලැබිණ.

දෑරංගල සෞඛ්‍ය මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කර යටිතල පහසුකම් සංවර්ධනයට හා ප්‍රදේශයේ සෞඛ්‍ය මධ්‍යස්ථානවල පවතින සේවක පුරප්පාඩු පියවීම ඇතුළු ජනතා ගැටළු රැසකට කඩිනම් විසඳුම් දීමට ද ජනාධිපතිතුමා නිලධාරීනට නියම කළේය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිපුන රණවක, වීරසුමන වීරසිංහ, කරුණා කොඩිතුවක්කු, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු, දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන හා ආරක්ෂක අංශ ප්‍රධානීහූ ඇතුළු පිරිසක් දෑරංගල මහා විද්‍යාල භූමියේ පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්ව සිටියහ

  • වරාය නගර සහ හම්බන්තොට වරාය ව්‍යාපෘති කඩිනම් කෙරේ …
  • අන්තර්ජාතික වේදිකාවලදී ශ්‍රී ලංකාවට දිගටම සහය …
  • චීනයේ චාරිකාවක් සඳහා ජනපතිට යළි ඇරයුම් …

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ චීන ජනාධිපති ෂී ජිං පින් මැතිතුමා අද (29) සවස දුරකථන සංවාදයක නිරත වෙමින් සෑම ක්ෂේත්‍රයකම අන්‍යෝන්‍ය  ප්‍රතිලාභ සහිත ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමක් කොට වර්ධනය කිරීමට එකඟත්වය පළ කළහ.

ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට දිගටම උදව් කරන බවත්, බහුපාර්ශ්වික වේදිකාවලදී මුහුණපෑමට සිදුවන අයුක්තිසහගත බලපෑම් හමුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ස්ථීර සාර ලෙස පෙනී සිටින බවත් චීන ජනාධිපතිතුමා කියා සිටියේය.

ජනාධිපති කාර්යාලයේ සිට චීන නායකයා ඇමතූ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා නොබෝදා අවසන් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 46 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට දුන් මහඟු සහයෝගය පිළිබඳව ෂී ජිං පින් ජනාධිපතිතුමාට සහ චීන රජයට සිය හෘදයාංගම කෘතඥතාව පළ කළේය. කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා හය ලක්ෂයක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීම ගැන ද ජනාධිපතිතුමාගේ ස්තූතිය පුද කෙරිණ.

ළඟදී උදාවන සිංහල දෙමළ අලුත් අවුරුද්දට සුබ පැතුම් පුද කරමින් කථා බහට එක් වූ චීන නායකයා කොවිඩ් 19 ප්‍රබල අභියෝගයක් වූවා සේම චීන ශ්‍රී ලංකා සබඳතා නව අවධියකට ඔසවා තැබීමට එය ඉවහල් විණැයි සඳහන් කළේය.

“කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය  ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට දායකවීමට විශාල විභවතාවක් ඇති ව්‍යාපෘති දෙකක්. ඒවා කඩිනමින් නිම වනු දැකීම අපේ අපේක්ෂාව. වරාය නගරය, විදේශ ආයෝජන ඉඩ ප්‍රස්ථා විශාල ලෙස පුළුල් කිරීමට සමත්. එය රැකියා විරහිතභාවයටත් විසඳුමක්” චීන ජනාධිපතිතුමා කීය.

හම්බන්තොට වරාය සහ සෙසු යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සතුටුදායක ලෙස ඉදිරියට යමින් තිබෙන බව සඳහන් කළ රාජපක්ෂ මැතිතුමා ව්‍යාපෘතියේ ඉතිරි වැඩ කඩිනමින් සම්පූර්ණ කරන්නැයි චීන රජයෙන් ඉල්ලා සිටියේය.

සිය ධූර කාලයේ ඉතිරි සිව් වසර ඇතුළත ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය සහ සමෘද්ධිය උදෙසා කළයුතු දේ කිරීම සිය අපේක්ෂාව බව කී රාජපක්ෂ මැතිතුමා . “දිළිඳුකම තුරන් කිරීම අපේ ප්‍රධාන පරමාර්ථයක්. ඒ සඳහා අපට චීනය ආදර්ශයට ගන්න පිළිවන්” යයි පැවසීය.

ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව පිටුදැකීම සඳහා උදව් කිරීමට කැමැත්ත පළ කළ චීන නායකයා ගත වූ වසර කිහිපය තුළ තම රටේ අනූ ලක්ෂයක් දෙනා දිළිඳුකමින් ඉවතට ගැනීමට හැකි විණැයි කීය.

තමා 2014 දී ශ්‍රී ලංකාවේ කළ චාරිකාව සිහිපත් කළ ෂී ජිං පින් මැතිතුමා, රාජපක්ෂ ජනාධිපතිතුමා චාරිකාවක් සඳහා හැකි ඉක්මණින් චීනයට එනු දැකීමට තමා මහත් කැමැත්තෙන් පසුවන බව සඳහන් කළේය.

සැලසුම් කළ පරිදි චීනයේ චාරිකා කිරීමට කොවිඩ් වසංගතය නිසා නොහැකි වූ බව කී රාජපක්ෂ ජනාධිපතිතුමා දෙපාර්ශ්වයටම පහසු අවස්ථාවක චීනයට පැමිණීමට අපේක්ෂා කරන බව පැවසීය.

චීන – ශ්‍රී ලංකා සබඳතාවන්හි උපාය මාර්ගික ප්‍රවේශය දෘශ්‍ය ප්‍රතිඵල ලැබෙන අයුරින් තවත් දියුණු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ චීන ජනාධිපතිතුමා දෙරටේ ජනතාව අතර සබඳතා වර්ධනය කළයුතු බව ද පෙන්වා දුන්නේය.

චීන මහජන බැංකුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට පිරිනැමුණු හුවමාරු මූල්‍ය පහසුකම අගය කළ රාජපක්ෂ මැතිතුමා එය ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කිරීමට නිසැකවම ඉවහල් වනු ඇතැයි කීය.

ශ්‍රී ලංකා චීන මිත්‍රත්වයේ සංකේතයක් ලෙස හම්බන්තොට තාක්ෂණික විශ්ව විද්‍යාලයක් ස්ථාපනයට චීනයේ අඛණ්ඩ සහයෝගය අපේක්ෂා කළ රාජපක්ෂ මැතිතුමා චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරය වෙනුවෙන් සිය සුභාශීංසන පුද කළේය.

  • ජනතා ගැටලු විසඳමින් රට පෙරට ගෙන යාමට පදනම දැමුවා …
  • හිටපුආණ්ඩුවේ ප්රමබලයන් අද කථා කරන්නේ කිසිදා බලයේ නොසිටි අයුරින් …
  • පාස්කු ප්‍රහාරය, MCC ගිවිසුම, නැගෙනහිර පර්යන්තය ඔවුන් ඇති කළ ප්‍රශ්න දැන් අපිට විරුද්ධව උද්ඝෝෂණ කරනවා …
  • සතුරු බලවේග ගෙන යන අසත්‍ය ප්‍රචාරයට රැවටුණොත් සිදුවන හානිය නිවැරදි කරන්න බැහැ ….

 ජනපති “ගම සමග පිළිසඳරේදී කියයි.

“ජිනීවා බලපෑමට අපි නොබියව මුහුණ දෙනවා. ඊට යට නොවි ඉන්න පිළිවන්. අපි නිදහස් රටක්. ඉන්දීය සාගරයේ බල අරගලයට අපි ගොදුරක් වන්නේ නැහැ” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

දීර්ඝ කාලයක සිට ජනතාව මුහුණ පා සිටින ගැටලුනිවැරදිව හඳුනාගෙන විසඳුම් දෙමින් රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය මූලික පදනම සකස් කර ඇතැයි එතුමා ප්‍රකාශ කරයි. ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් සම්පාදනයට රජය බැඳි සිටී. එය රජයේ වගේම නිලධාරීන්ගේ ද වගකීමයි. රටට වඩාත් ඵලදායක අයුරින් ආර්ථිකය ශක්තිමත් කරන අතර, ග්‍රාමීය ජනතාවගේ ගැටලු නිරාකරණයට ප්‍රමුඛත්වය දෙනු ලැබේ.

එදා කොළඹ හරිත නගරයක් ලෙස සංවර්ධනය කෙරිණ. 2030 වන විට බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක්  පූනර්ජනනීය මූලාශ්‍ර ඇසුරෙන් උත්පාදනයට සැලසුම් කර තිබේ. සූර්ය බල පද්ධති 7000කට අධික සංඛ්‍යාවකින් ප්‍රධාන විදුලිබල පද්ධතියට විදුලිය සපයා ගැනීමට පියවර ගෙන ඇත. සෑම වසරකදීම රසායනික පොහොර භාවිතය 25%කින් අඩු කරනු ලැබේ.  මේ සියල්ල පරිසර සංරක්ෂණය සේම ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කොටගත් ව්‍යාපෘතීන්ය.

මේ ප්‍රගතිය ඉවසිය නොහැකි දේශීය, විදේශීය බලවේග සහ ඔවුන්ට සහය දෙන මාෆියා කණ්ඩායම් බොරු නිර්මාණය කොට ජනතාව මුලා කරමින් සිටින බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.  කරන දේ නිවැරදිව නොදැක වැරදි මතවලට රැවටුණහොත් පසුගිය වසර පහ තුළ උද්ගත වූ හානිය නැවත ඇතිවිය හැකිය. එසේ වුවහොත් සිදු වන හානිය නිවැරදි කිරීම පහසු නොවනු ඇතැයි ජනාධිපතිතුමා කියා සිටී.

අද (27) පෙරවරුවේ මාතර දිස්ත්‍රික්කයේ, පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත්, කිරිවැල්කැලේ උතුර 03 පියවර ග්‍රාමසේවා වසමේ දෑරංගල මහා විද්‍යාල භූමියේ පැවති “ගම සමග පිළිසඳර” 16 වැනි වැඩසටහන ආරම්භයේ දී රැස්ව සිටී පිරිස අමතා ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය.

පැවති රජයේ අනුවණ ක්‍රියාපිළිවෙත හේතුවෙන් ජාතික ආරක්ෂාව බිඳ වැටිණ. පාස්කු ඉරිදා ප්‍රහාරය එහි ප්‍රතිඵලයකි.  අභූත චෝදනා නගමින් රණවිරුවන් සිරගත කෙරිණ. ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය දක්වා රටේ ස්වෛරීත්වය බිඳ දමනු ලැබීය. හීලෑ අලි ඇතුන් පිළිබඳ ප්‍රශ්න ඇති කර සංස්කෘතිය, ආගම හා බැඳුණු උරුමය විනාශ කිරීමට උත්සාහ කෙරිණ .

MCC ගිවිසුම, නැගෙනහිර පර්යන්තය වැනි ගිවිසුම්වලට එළැඹ රට දැවැන්ත අර්බුදයකට ඇද දමනු ලැබීය.අද ඒවාට විසඳුම් දෙමින් සිටින බව ජනාධිපතිතුමා පැවසීය.

සියලු ප්‍රශ්න ඇති කළ සහ ඒවාට සහය දුන් පිරිස් වත්මන් රජයට එරෙහිව උද්ඝෝෂණය කරන බව පෙන්වා දෙන ජනාධිපතිතුමා හිටපු ආණ්ඩුවේ ප්‍රබලයන් අද කතා කරන්නේ සහ හැසිරෙන්නේ කිසිදිනක බලයේ නොසිටි අය මෙන් බව සඳහන් කළේය. පදනම් විරහිත චෝදනා ගැන කතා කිරීම තමාගේ ප්‍රතිපත්තිය නොවූවත්, සත්‍යය පහදා දෙනු පිණිස ඔවුනට උත්තරදීමට සිදුව ඇතැයි ජනාධිපතිතුමා කීය.

2020 සැප්තැම්බර් 25 වන දින බදුල්ල දිස්ත්‍රික්කයෙන් “ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භ විය. මාතලේ, රත්නපුරය, අනුරාධපුරය, අම්පාර, පොළොන්නරුව, කළුතර, මොණරාගල, කෑගල්ල, මහනුවර, පුත්තලම, ත්‍රීකුණාමලය, කුරුණෑගල, ගාල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පසුගිය වැඩසටහන් සංවිධාන කෙරිණ. මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්මානවල ජනතාව හමුවී, ඔවුන්ගේ ගැටළු විමසා ඒ මොහොතේම නිලධාරීන්ගේ අවධානයට යොමු කොට විසඳුම් දීම ජනාධිපතිතුමාගේ අරමුණයි. විසඳීමට කල්ගතවන ගැටළු පසුව ආමන්ත්‍රණය කරනු පිණිස සටහන් කර ගනු ලැබේ. ගමේ ජනතාව අතරට පැමිණ ඔවුන්ගේ ප්‍රශ්න විමසා ඔවුන්ගේම යෝජනා තුළින් පිළියම් සෙවීම “ගම සමග පිළිසඳර” වැඩසටහනේ අපේක්ෂාවයි.

පිටබැද්දර නගරයේ සිට කි.මි 12ක් දුරින් කිරිවැල්කැලේ උතුර 03 වන පියවර ග්‍රාම නිලධාරී වසම පිහිටා තිබේ. 1958 දී ස්ථාපනය කළ උස්බිම් ජනපද ව්‍යාපාරය යටතේ ජනතාව පදිංචි කරවීමෙන්  කිරිවැල්කැලේ ග්‍රාමයක් බවට පත් විය. පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් දුෂ්කරතම ගම්මානය මෙයයි.  පවුල් 622ක් වෙසෙන ග්‍රාමසේවා වසමේ ජනගහණය 2990කි. මාතර දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු හිමියන්ගෙන් වැඩිම පිරිස මෙහි ජිවත් වෙති.  ප්‍රධාන ආදායම් මාර්ගය තේ වගාව වන අතර කුරුඳු, රබර්, ගම්මිරිස්, පොල් වැනි අතුරු භෝග වගාවන් ද සිදු කෙරේ.

“ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගීවීමට පිටබැද්දර, දෙහිගස්පෙ  ඩඩ්ලි සේනානායක මහා විද්‍යාල භූමියට පැමිණි ජනාධිපතිතුමා එතැන් සිට දෑරංගල මහා විද්‍යාලය දක්වා යන අතර,මාර්ගය දෙපස රැස්ව සිටී ජනතාව සහ දෑරංගල කණිෂ්ඨ විද්‍යාලය අසල රැස්ව සිටී සිසු දරු දැරියන් සහ දෙමාපියන් සමග කථා බහ කරමින් ප්‍රදේශයේ තොරතුරු සහ ගැටළු විමසීය.

SLT මොබිටෙල්ආයතනය දෑරංගල මහා විද්‍යාලයේ ස්ථාපනය කළ අධිවේගී අන්තර්ජාල පහසුකම් සහිත සුහුරු පන්ති කාමරය විවෘත කිරීම, බානගල සීලරතන කණිෂ්ඨ විද්‍යාලයට අන්තර්ජාල සබඳතා සහිත ලැප්ටොප් පරිගණක හා ඩයලොග් ආයතනය  පිරිනැමූ රූපවාහිනී යන්ත්‍රය හා සබඳතාව විදුහල්පතිවරුන්ට භාරදීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

“ගම සමග පිළිසඳර” වැඩසටහන පැවැත්වෙන සෑම ප්‍රදේශයකම පාසල්වල පුස්තකාල පහසුකම් ප්‍රවර්ධනය රාජපක්ෂ මැතිතුමාගේ තවත් අරමුණකි. “නැණ බල සහිත ළමා පරපුරක්” තේමා කර ගනිමින්  ඒ සඳහා වූ පොත් කට්ටල ජනාධිපතිතුමා අතින් පාසල් වෙත පිරිනැමිණ. එක් පාසලකට ලැබෙන විවිධ විෂයයනට අයත් පොත් සංඛ්‍යාව 500කි.

හිමිකමක් නැතිව මෙතෙක් රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටී පවුල් වෙත දීමනා පත්‍ර ප්‍රදානය පසුගියදා ආරම්භ කෙරිණ. අද ජනාධිපතිතුමා පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පවුල් 05ක් වෙත සංකේතාත්මකව දීමනා පත්‍ර ප්‍රදානය කළේය.

ගංවතුරෙන් විනාශ වූ පහුරුතොට, ජම්බුගස්දොල, මෙඩේරිපිටිය සහ වෙලංගාවිට ඇතුළු  පාලම් කඩිනමින් සංවර්ධනයට “ගම සමග පිළිසඳර” සංවාදයේ දී තීරණය කෙරිණ.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් අනවසර ඉඩම් පරිහරණය නිරාකරණයට සහ වැවිලි සමාගම් යටතේ ඇති විශාල ඉඩම් ඒකාබද්ධ පරීක්ෂණයකින් අනතුරව මැනීම් කිරීමට ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබීය.

පිටබැද්දර ඇතුළු තදාසන්න ප්‍රදේශවල සියලුම ඉඩම් ගැටළු විසඳීම සඳහා “ඉඩම් දිනයක්” පැවැත්වීමට තීරණය කෙරිණ.

ප්‍රදේශයේ මාර්ගවල ඇති අනාරක්ෂිත බෑවුම් හඳුනාගෙන ආරක්ෂිත වැට ඉදිකිරීමේ වගකීම මාර්ග සංවර්ධන අධිකාරියට පවරන ලදී.

දෑරංගල, පොඩිදහයකන්ද බස්නැවතුම්පොළ අසළ සිට ඉදිරියට මාර්ගය, බානගල නැගෙනහිර මාහේන ඇල්ල මාර්ගය, බානගල නැගෙනහිර නාගහහේන 517 මාර්ගය ඇතුළු මාර්ග කි.මි 120ක් පමණ ඉදිරි මාස කිහිපය තුළ සංවර්ධනය කර නිම කිරීමට රාජපක්ෂ මැතිතුමා විසින් උපදෙස් දෙනු ලැබීය.

ගොවීහූ කුරුඳු අස්වනු අලෙවියේ දී තමන් මුහුණපාන ගැටළු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළහ. A ශ්‍රේණියේ කුරුඳු B ශ්‍රේණිය සේ සලකා මිලදී ගැනීමෙන් වන අසාධාරණය නතර කිරීමට නිසි ක්‍රමවේදයක් සහ අධීක්ෂණ වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. කුරුඳු ගොවි සමිති සතු තවාන් සඳහා උසස් ප්‍රමිතියෙන් යුත් කුරුඳු පැළ බෙදාදීමට වැවිලි අමාත්‍යාංශයට නියම කෙරිණ.

ප්‍රදේශයේ කුඩා තේ වතු වගාව වසර 35කට අධික ඉතිහාසයක් සහිතය. නැවත තේ වගා කර අස්වනු නෙළීමට වසර 02කට වැඩි කාලයක් ගත වේ. එසේ ආදායම අහිමිවන දෙවසර සඳහා වාර්ෂික දීමනාවක් හෝ ප්‍රදානය කර තේ නැවත වගාව කඩිනම් කිරීමේ  අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

තලපෙකුඹුර කණිෂ්ඨ විද්‍යාලය, දෑරංගල මහා විද්‍යාලය, සියඹලාගොඩ බටහිර කණිෂ්ඨ විද්‍යාලය, කලුබෝවිටියාව මහ විද්‍යාලය ඇතුළු පාසල්වල ගුරු හිඟය තුරන් කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය සහ අලපලාදෙනිය ද්විතීයික පාසලට ගුවන් පාලමක් ඉදිකිරීම සඳහා පියවර ගන්නැයි ජනාධිපතිතුමා අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

ග්‍රාම සේවා නිලධාරී වසම් 60ක් ආවරණය කෙරෙන පරිදි මොරවක පානීය ජල ව්‍යාපෘතියක් සහ කුඩා ප්‍රජා ජල ඒකක රැසක් ස්ථානය කිරීමට උපදෙස් දෙනු ලැබිණ.

දෑරංගල සෞඛ්‍ය මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කර යටිතල පහසුකම් සංවර්ධනයට හා ප්‍රදේශයේ සෞඛ්‍ය මධ්‍යස්ථානවල පවතින සේවක පුරප්පාඩු පියවීම ඇතුළු ජනතා ගැටළු රැසකට කඩිනම් විසඳුම් දීමට ද ජනාධිපතිතුමා නිලධාරීනට නියම කළේය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිපුන රණවක, වීරසුමන වීරසිංහ, කරුණා කොඩිතුවක්කු, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු, දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන හා ආරක්ෂක අංශ ප්‍රධානීහූ ඇතුළු පිරිසක් දෑරංගල මහා විද්‍යාල භූමියේ පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්ව සිටියහ.

 
 

ලෝවැසි සැමට සෙත්පතා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් වාර්ෂිකව පවත්වනු ලබන සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනය ජනමාධ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ හා අමාත්‍යාංශ ලේකම් ජගත් පී. විජේවීර මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා (24) රාත්‍රී 8.00 සිට 25 වැනි දින පහන්වනතුරු ජනමාධ්‍ය අමාත්‍යාංශ ඇසිදිසි මැඳුරේදී පැවැත්විණි. එදින මහා සංඝරත්නය වෙනුවෙන් පිරිනමන දානමය පුණ්‍යකර්මයෙන් පසුව පින්කමේ කටයුතු නිමාවිය.

සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනය කිරුළපන සිරි ඇලන් මැතිනියාරාමාධිපති යෝගීයානේ සෝභිත තිස්ස අමරපුර මූලවංශික නිකායේ අනුනායක ස්වාමීන් වහන්සේ සහ උඩුවේ ධම්මාලෝක නායක හිමියන් ප්‍රමුඛ මහාසංඝරත්නය විසින් සිදුකරන ලදී. සෞඛ්‍ය ආරක්ෂක උපදෙස්වලට අනුව ඇසිදිසි ක්‍රිකට් ක්‍රීඩා සමාජය හා කාර්ය මණ්ඩලය ඒකාබද්ධව මේ පින්කම සංවිධාන කෙරිණි.

විද්‍යා හා තාක්ෂණ විද්‍යා ක්ෂේත්‍රයේ දකුණු – දකුණු සහයෝගීතාව ප්‍රවර්ධනයට අප්‍රිකානුආසියානු සහ යුරෝපා මහද්වීපික හා ලතින් ඇමරිකානු රටවල් පුරා විසිරුණු සාමාජික රටවල් 47 ක නියෝජනයෙන් පැවැත්වෙන විද්‍යාව හා තාක්ෂණය සඳහා වන නොබැඳි ජාතීන්ගේ හා සංවර්ධනය වෙමින් පවතින සෙසු රටවල 15 වැනි පාලක සභාව ඇමතීමට ලැබීම සැබවින්ම සතුටකි.

නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ විද්‍යා හා තාක්ෂණ මධ්‍යස්ථානය ස්ථාපනය කළ දා පටන් සාමාජික රටවල් රැසකට ප්‍රතිලාභ අත් වී ඇති බව මම විශ්වාස කරමිමා දන්නා පරිදි මේ මධ්‍යස්ථානය සාමාජික රටවල් අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සහ විද්‍යාභිවර්ධනය සඳහා ජාතික හා කලාපීය විද්‍යා හා තාක්ෂණ මධ්‍යස්ථාන සමග සම්බන්ධතා ඇති කිරීම ඇතුළු විවිධ මැදිහත්වීම් තුලින් මේ දක්වා ප්‍රගතියක් අත් කර ගෙන ඇත.

දේශාන්ත විද්‍යා හා තාක්ෂණ ප්‍රජාවට අර්ථවත් දායකත්වයක් දෙමින් 1989 සිට මේ අන්තර් – ආණ්ඩු ආයතනික යාන්ත්‍රණය අඛණ්ඩව හා තිරසාරව මෙහෙයවීම පිළිබඳව ඉන්දියාවේ නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ විද්‍යා හා තාක්ෂණ මධ්‍යස්ථානයට සුභ පැතීමට මම මෙය අවස්ථාවක් කර ගතිමි.

විද්‍යාව හා තාක්ෂණය පාදක කරගත් සැලසුම්කරණය යනු ලෝකය ගොඩ නැංවීමට හා පරිවර්තනය කිරීමට භාවිත වූවකිනිසැකවම තාක්ෂණය මේ ගතික ලෝකයේ උද්ගත වන්නා වූ බොහෝ අභියෝගයන්ට පිළිතුරු සපයයිවර්තමාන කොවිඩ් – 19 වසංගතය හමුවේ ප්‍රමාණවත් සායනික අත්හදා බැලීම් සමග වාර්තාගත කාලයක් තුල විවිධ වර්ගයේ එන්නත් නිපදවීම මානව ජීවිතයෙහි විද්‍යාවට හා තාක්ෂණයට ඉටු කළ හැකි වැදගත් භූමිකාව පෙන්නුම් කිරීම සඳහා සැපයිය හැකි ජීවමාන උදාහරණයකි.

ඉහළ ප්‍රාග්ධන ආයෝජන අවශ්‍යතාව නිසා නව තාක්ෂණ ක්‍රම හඳුන්වා දීමේ දී අපි බරපතල අභියෝගයනට මුහුණ දෙන බව කවුරුත් දන්නා කරුණකිඒ හා සමානවසංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩි තරගකාරීත්වයකට මුහුණ දීමට සිදුව ඇත. එහි ප්‍රතිඵලයක් ලෙසඅපගේ නවෝත්පාදන ද සැලකිය යුතු ප්‍රගතියක් අත් කර ගැනීමට අසමත් වෙයි. එබැවින් ගෝලීය ආර්ථිකය තුල අපේ වෙළෙඳ පංගුව වැඩි කර ගැනීමට හැකි වන පරිදි සෑම අංශයකම නව තාක්ෂණ ක්‍රම හඳුන්වාදීම සඳහා අපේ රජය මගේ අධීක්ෂණය යටතේ වෙනම තාක්ෂණ අමාත්‍යාංශයක් පිහිටුවා ඇත.

මෙබඳු මධ්‍යස්ථානයක් තුලින් තාක්ෂණ දැනුම හුවමාරු කර ගැනීම නව තාක්ෂණ හඳුන්වාදීමේදී කළ යුතු ප්‍රාග්ධන ආයෝජනය අවම කිරීම සඳහා උපාය මාර්ගික ප්‍රවේශයක් වනු ඇතතොරතුරු හා සන්නිවේදන තාක්ෂණයකෘෂි කර්මාන්තයවැවිලි හා ධීවර වැනි ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍රයන්හී විද්‍යාත්මක ප්‍රවේශයක් සහ තාක්ෂණික දියුණුව හඳුන්වා දීමට ශ්‍රී ලංකාව දැන් ක්‍රියා කරමින් සිටීමේ ක්ෂේත්‍රවල අපේ යහභාවිත සෙසු සාමාජික රටවල් සමඟ සහයෝගයෙන් බෙදා හදා ගැනීමට අපි ඉතා කැමැත්තෙමු.  

එසේ වුවදතාක්ෂණය පදනම් කරගත් ආර්ථිකයක් සහිත රටක් බවට පත්වීමට නම්ප්‍රාදේශීය මෙන්ම ස්වදේශීය තාක්ෂණය නවීන තාක්ෂණය සමඟ ඒකාබද්ධ වීම ඉතා වැදගත්යපරිසර හිතකාමී දේශීය සහ සාම්ප්‍රදායික තාක්ෂණය පිළිබඳව ආඩම්බරවිය හැකි ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතුව පවතීවසංගත පරිසරයක ගැටළු නිරාකරණය ඇතුළු කේෂ්ත්‍ර කිහිපයක නව කාර්මික ප්‍රවේශයන් සහිත වැඩසටහන් හඳුන්වාදීම සාමාජික රටවල් අතර සහයෝගීතාව මට්ටම තවදුරටත් ඉහළ නංවනු ඇත.

COVID – 19 වසංගතය උද්ගත කළ අහිතකර බලපෑම් මඟහරවා ගැනීම සඳහා මේ වන විට මුළු ලෝකයම උපාය මාර්ග හා සැලසුම් සම්පාදනය කරමින් සිටීශ්‍රී ලංකාව ද ඉන් වෙනස් නොවේ. වාසනාවකට මෙන්වසංගත රෝග පාලනය සඳහා ශ්‍රී ලංකාවට ශක්තිමත් සෞඛ්‍ය පද්ධතියක් ඇති අතර මෑතකාලීන වසංගත තත්වය විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන අංශයන්ට විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ක්ෂණික අවශ්‍යතා සපුරලාදීමේ දී පර්යේෂකයන්ටවිද්‍යාඥයින්ට සහ නව නිපැයුම්කරුවන්ට ඔවුන්ගේ විභවතාවන් විදහා දැක්වීමට වැඩි අවස්ථාවක් තිබෙන බව අපි නිරීක්ෂණය කළෙමු.

මෙම සන්දර්භය තුළ සාමාජික රටවල පොදු අවශ්‍යතා හඳුනාගැනීමට සහ සැමට ප්‍රයෝජනවත්වන සහයෝගී යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමට NAM S&T මධ්‍යස්ථානයට විශාල කාර්යභාරයක් ඉටුකළ හැකියසාමාජික රටවල වර්තමාන අවශ්‍යතාවන්ට අනුකූලව නව චින්තනයට ඉඩ සැලසීමට හැකි අයුරින් NAM S&T මධ්‍යස්ථානය සිය විෂයය පථය පුළුල් කළයුතු බව මම  යෝජනා කරමි.

වසංගත තත්ත්වය නිසා විශේෂයෙන් දේශගුණික විපර්යාස පිළිබඳ අපගේ අවධානය වෙනස් වී ඇති හෙයින් වසංගත වාතාවරණය තුළ තිරසර සංවර්ධන අරමුණු කරා ළඟා වීමට අපට හැකි උපරිමයෙන් සහයෝගයෙන් කටයුතු කළ හැකි ආකාරය සලකා බැලීමට අවස්ථාව උදාකරගන්නා මෙන් සියලු නියෝජිතයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට මම කැමැත්තෙමි.

අවසාන වශයෙන් NAM S&T මධ්‍යස්ථානය පිහිටුවනු ලැබූ අරමුණු අවබෝධ කර ගැනීම අපේ සාමූහික වගකීම වන අතරමෙම අන්තර් රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම අපේ වගකීම බැවින් අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන සෑම අංශයකම සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවට මම ඔබට සහතික වෙමි.

15 වන පාලක සභා හමුව සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි පතමි.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter