නවතම පුවත්

  • අවශ්‍ය ප්‍රතිපාදන කඩිනමින් වෙන් කිරීමට පියවර …
  • විලාසිතාවක් ලෙස පරිසරය වෙනුවෙන් පෙනී නොසිටවගකීම ඉටුකරන්න එක්වන්න …

  ජනපති සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලයි ….

මෙරට සියලුම ගංඟා වසර අවසානයට පෙර පවිත්‍රකර සංරක්ෂණයට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පරිසර අමාත්‍යාංශයට උපදෙස් දෙයි.

“සුරකිමු ගංගා” වැඩසටහන යටතේ ගංගා පද්ධතිය පවිත්‍ර කිරීමට වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 2300කි. එම මුදල ප්‍රමාණවත් නොවන්නේනම් වසර අවසන්වීමට පෙර ව්‍යාපෘතිය නිම කරනු වස් අතිරේක මුදල් සම්පාදනය කරන බව ජනාධිපතිතුමා පැවසීය.

විලාසිතාවක් ලෙස පරිසරය වෙනුවෙන් පෙනී  නොසිට හැම කෙනෙක්ම තම වගකීම ඉටුකිරීමට එක්වන්නැයි ජනාධිපතිතුමා සමාජ මාධ්‍යවල පරිසරය ගැන කතා කරන සියලුදෙනාගෙන් ද ඉල්ලා සිටී.

පරිසර විනාශයක් පිළිබඳ නිර්මාණය කොළඹ සිට කෙරෙන සැලසුම්සහගත වැඩසටහනකි. දශකයකට පමණ පෙර කොළඹ සහ තදාසන්න නගර පැවති ආකාරය බොහෝ දෙනෙකුට අද අමතකය. කොළඹ කුණු කඳු ඉවත් කර, ගොඩකර තිබූ පහත් බිම් සේම තෙත් බිම් යළි සංවර්ධනය කර කොළඹ හරිත නගරයක් කළ බව ජනාධිපතිතුමා සිහිපත් කරයි. මේ ප්‍රගතිය  සිංගප්පූරුව ඇතුළු ලොව රටවල් රැසක අවධානයට යොමු වු බව රාජපක්ෂ මැතිතුමා පවසයි.

මෙරට ගංගා පද්ධතිය සංරක්ෂණය කිරීමේ  “සුරකිමු ගංගා” ජාතික වැඩසටහන ලෝක ජල දිනයට සමගාමීව අද (22) පෙරවරුවේ ඓතිහාසික කතරගම පූජා භූමියේ මැණික් ගඟ අසබඩදී ආරම්භ කරමින්  ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය.

ජනාධිපතිතුමා සමරු ඵලකය නිරාවරණය කරමින්  “සුරකිමු ගංගා” ව්‍යාපෘතියේ නිල ආරම්භය සනිටුහන් කළේය.

මැණික් ගඟේ පොලිතීන් සහ ප්ලාස්ටික් රඳවන ස්ථාපනය, කතරගම පූජා භූමියේ පොලිතීන් මල්මාලා වෙනුවට ස්වභාවික මල්මාලා භාවිතය  ප්‍රචලිත කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අමුද්‍රව්‍යවලින් නිෂ්පාදිත මල්මාලා හඳුන්වාදීම ද  වැඩසටහනේ සමාරම්භයට සමගාමීව සිදු කෙරිණ.

බහුකාර්ය කැබලි කරන යන්ත්‍රය මොණරාගල දිස්ත්‍රික් ලේකම්වරයාට ජනාධිපතිතුමා විසින් නිල වශයෙන් බාර දෙනු ලැබීය.

පරිසර අමාත්‍යාංශයේ ලේකම්  විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා “සොබාකෙත” සඟරාව සහ “මිහිමඩල” පුවත්පත ජනාධිපතිතුමාට පිළිගැන්වීය.

“සුරකිමු ගංගා වැඩසටහන භූගෝලීය තොරතුරු තාක්ෂණික මාර්ගගත පරිගණක යෙදවුම ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත්  දස වැදෑරුම් සංකල්පයෙහි අන්තර්ගත තිරසර පරිසර කළමනාකරණය සඳහා සැලසුම් කළ  වැඩසටහන් අතුරින් ප්‍රධාන වැඩසටහනක් ලෙස “සුරකිමු ගංගා” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. පරිසර සංරක්ෂණයේ ප්‍රධාන අංගයක් වන ජලයේ ගුණාත්මකභාවය සහතික කිරීමෙන් ජලසම්පත සුරැකීම අපේක්ෂාවයි. ගංගා සංරක්ෂණය මගින් ජනතාවට පිරිසිදු පානීය ජලය සම්පාදනය කිරීම, පරිසර හා ජෛව සම්පත් ආරක්ෂා කිරීම හා සංචාරක ප්‍රවර්ධනය වැඩසටහනේ සෙසු අරමුණු අතර වෙයි.

ශ්‍රී ලංකාවේ ගංගා 103ක් ආවරණය වන පරිදි “සුරකිමු ගංගා” වැඩසටහන සැලසුම් කර ඇත. මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාල මගින් සති දෙකක කාලයක් තුළ පරිගණක යෙදවුමක් භාවිතයෙන් කරන ලද මුලික සමික්ෂණයේ දී මේ ගංගා 103 ආශ්‍රීත ගැටලු සහිත ස්ථාන 10,410ක් පරික්ෂාවට ලක්කර තිබේ. ගං ඉවුරු ඛාදනය, අනවසරයෙන් ඉඩම් අල්ලා ගැනීම සහ අනවසර ඉදිකිරීම්, වැලි ගොඩ දැමීම, ගෘහස්ථ අප ජලය, මළ අපද්‍රව්‍ය  සහ කර්මාන්ත අප ජලය ගංගා වෙත  මුදා හැරීම සහ අපජල මඩිති මුදා හැරීම ඉන් ප්‍රධාන වේ.

පරිසර අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව “සුරකිමු ගංගා” වැඩසටහන ක්‍රියාවට නංවයි.

අද උත්සවයට සමගාමීව සෙසු පළාත් අටේ ද “සුරකිමු ගංගා” වැඩසටහන පළාත් ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

“පරම්පරාවෙන් පරම්පරාවට අප සමාජය පෝෂණය වූ ශ්‍රී ලංකාවේ ගංගාවන් 103 කින් සමන්විත ගංගා ද්‍රෝණි පද්ධතිය අප ලද වටිනාම දායාදයක්.  මධ්‍යම කඳුකරයත්, ඒ ආශ්‍රිත වනගහණයත් සහිතව ජල පෝෂක ප්‍රදේශ අපේ මේ ලස්සන දිවයින මුළුමනින්ම පාහේ ආවරණය කරනවා”  ඒ නිසා බොහෝ රටවල් සමග සැසඳීමේදී අප පාරිසරික මෙන්ම භූ විද්‍යාත්මක වශයෙනුත් ඉතා සුවිශේෂී රටක් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

අපගේ වායුගෝලය දූෂණය  වන්නේ සංවර්ධිත රටවල ක්‍රියාකාරකම් නිසා වුවත්, අවාසනාවකට එහි අහිතකර බලපෑම්වලට වැඩියෙන්ම ගොදුරු වන්නේ සංවර්ධනය වෙමින් පවතින අප වැනි ඝර්ම කලාපීය රටවල් ” බවද ජනාධිපතිතුමා පැවසීය. “අද විශාල වන විනාශයන් සිදු වන බව අපගේ විරුද්ධවාදීන් ලෝකයටම ඒත්තු ගන්වන්න උත්සාහ කරනවා. “ගම සමග පිළිසඳර” වැනි ග්‍රාමීය මට්ටමේ වැඩසටහන්වලට නිරතුරුවම යන මට, අහිංසක ගොවි ජනතාව අත්විඳින කම්කටොළු බොහෝ පැහැදිලිව දක්නට ලැබෙනවා.  ඔවුන් ජීවත්වීම සඳහා කරන්නේ ලොකු සටනක්.  එවැනි පුද්ගලයන්ට වගා කිරීමට ඉඩමක්  දීම විකෘති කර, වන විනාශයට තුඩු දෙන අයුරින් අප ක්‍රියාකරනවා යයි කීම විරුද්ධවාදීන් ගෙන යන අසත්‍ය, අමානුෂික ප්‍රචාරයක් බව සඳහන් කළ ජනාධිපතිතුමා  අවුරුදු ගණනකට පෙර කපා හෙලන ලද රූස්ස ගස්වල කඳන් පෙන්වමින්, ඒවා සමාජ ජාලා තුලින් ප්‍රචාරය කරමින් අපේ මේ කෘෂිකාර්මික ප්‍රතිපත්ති නිසා වන විනාශයක් සිදු වන බව හුවා දැක්වීම සැබෑ තත්ත්වය විකෘති කරීමකැයි  කියා සිටියේය.

අද ඇරඹුනු “සුරකිමු ගංගා” ජාතික පාරිසරික වැඩසටහන අනාගත පරපුර වෙත අප සියලු දෙනා විසින් දෙනු ලබන මහඟු දායාදයක් බව පැවසූ ජනාධිපතිතුමා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් මෙම කාර්යය සම්බන්ධීකරණය දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් තමා බලාපොරොත්තු වන බව සඳහන් කළේය.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ, පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති  එස්. අමරසිංහ  යන මහත්වරු ද සමාරම්භක උත්සවය ඇමතූහ.

මහා සංඝරත්නය,  ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී. හේමන්ත ජයසිංහ යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපතිතුමා කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක  පූජ්‍ය කොබවක ධම්මින්ද නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක ද නිරත විය.

කතරගම අභිනවාරාමාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය කපුගම සරණතිස්ස නායක හිමියන්  බැහැදැක උන්වහන්සේගේ ද සුව දුක් විමසීය.

ඊයේ(22) අලුයම අපවත්වී වඳාල ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක උත්තරීතර අග්ගමහාපණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ ආදාහන කටයුතු ජනාධිපතිතුමාගේ හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේද අග්‍රාමාත්‍ය කාර්යාලයේද උපදෙස් පරිදි පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව රාජ්‍ය අනුග්‍රහයෙන් 25 වන දින බ්‍රහස්පතින්දා ප.ව.4.00 ට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදු කිරීමට නියමිත බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් ප්‍රියංකර යසරත්න මහතා පැවසීය .

ඒ මහතා එසේ පැවසුවේ අපවත්වී වදාළ අග්ගමහාපණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ ආදාහන කටයුතු පිළිබඳ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්ය. එහිදී ඒ මහතා මෙසේද පැවසීය.

 

25 වන දින ප.ව.1.30 දක්වා ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමය විහාරස්ථානයේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති අතර ප.ව.1.30ට ආදාහන පෙරහර පිටත්වී නිදහස් චතුරශ්‍රයේදී සියලු ආගමික වතාවත් සිදුකරමින් ප.ව.4.00 ට ආදාහන කටයුතු සිදු කිරීමට නියමිත බවත් ඒ මහතා පැවසීය.

වී කි‍ලෝ 49,200,000ක ඉලක්කයක්

සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ යටතේ රට පුරා ඇති පුරන් කුඹුරු අක්කර 30,000ක් යළි වගා කිරීම ලබන 25 වෙනිදා පැවැත්වෙන පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික ක්‍රියාන්විතය යටතේ සිදු කරන බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් ඒ. එච්. එම්. එල්. අබේරත්න මහතා ‘දිනමිණ‘ට පැවැසීය.

පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික ක්‍රියාන්විතය රට පුරා ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු මේ වන විට සූදානම් බව කියා සිටි ඒ මහතා මේ ක්‍රියාන්විතය සියලු දිස්ත්‍රික්කවල ස්ථාපිත කර ඇති ගොවිජන සේවා මධ්‍යස්ථාන 562කම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙන බවත් කියා සිටියි.

 

අක්කර 30,000ක ප්‍රමාණයක් යළි වගා කිරීමට හැකි වුණොත් වී බුසල් 2,400,000ක් ලැබෙනවා. එම පමාණය වී කිලෝ 49,200,000ක් වී අස්වැන්නට අලුතින් එක් වෙනවා. එහි මූල්‍යමය අගය ගණනය කළහොත් වී කිලෝවකට රුපියල් 50ක අගයක් යොදා මිල ගණනය කළහොත් රුපියල් 2,460,000,000.00ක් අපේ ආර්ථිකයට එක් වෙනවා යැයිද ඒ මහතා කියා සිටියේය. සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 750ක් වැය කිරීමට රජයේ මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර අවසන් බව ද ඒ මහතා අවධාරණය කළේය.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කියා සිටියේය. ‘අපේ මේ වසර අවසාන වන ඉලක්කය වන්නේ කුඹුරු අක්කර 50,000ක් යළි අස්වැද්දීමයි. අවම වශයෙන් අක්කර 30,000ක් තමයි අපේ ඉලක්කය වන්නේ. ඒ යටතේ තෝරාගත් කුඹුරු ඉඩම් තෝරා ගැනීම මේ වනවිට සිදු කර අවසන්. වසර 5ක් ගොවිතැන් නොකළ කුඹුරු යායන් තමයි මේ යටතේ යළි වගා කිරීම් සිදු කරනු ලබන්නේ. සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 750ක් වැය කිරීමට රජයේ මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර අවසන්. මේ වසරේ මහකන්නය සැප්තැම්බර් මස සිට නොවැම්බර් දක්වා කාලය තුළ පුරන් කුඹුරු අස්වැද්දීම ආරම්භ කෙරෙනවා. අක්කරයකට වී බුසල් 80ක් ඒ අනුව ජාතික නිෂ්පාදනයට එක් වෙනවා.

  • යුදසමයේ රටට එරෙහි වූ මාධ්ය  කණ්ඩායමක් නැවත නැගිටලා …
  • මාස 60ක ධූර කාලයේ වගකීම් නොපිරිහෙළා ඉටු කරනවා …
  • ඊළග ජනාධිපතිවරයා ගැන කිසිවෙකු කලබල විය යුතු නැහැ ….
  • නීති පනවා ඇත්තේ ජනතා යහපතට ….
  • දිළිඳුතම ජනයාට තවත් රැකියා ලක්ෂයක් ….
  • ජනතා ඉල්ලීම අනුව වලපනේ හා පූඩලුඔය පූර්ණ සංවර්ධනයට ….
මාධ්ය නිදහස යනු මාධ්ය ආයතන හිමිකරුවන්ගේ නිදහස නිදහස නොවන බවත්, ඇතැම් මාධ්ය ආයතන හිමියනට රට පාලනය කිරීමට අවශ්යව ඇතත් එසේ කිරීමේ හැකියාවක් නැත.
 
තමා ජනාධිපතිවරයා ලෙස ජනමාධ්යයට කිසිදු බලපෑමක් කර නැති බව සඳහන් කරන ජනාධිපතිතුමා විවිධ කණ්ඩායම්වල සහ පුද්ගලයන්ගේ අවශ්යතාව මත වැරදි මාධ්ය භාවිතයක නිරත වෙමින් රටත්, ජනතාවත් නැවත අගාධයට ඇද දැමීමට උත්සහ කළහොත් එවැනි පිරිස්වලට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීමට පැකිලෙන්නේ නැති බව ද ජනාධිපතිතුමා පවසයි.
 
යුද සමයේ රටට එරෙහිව කටයුතු කළ මාධ්ය කණ්ඩායමක් මාධ්ය ආයතනවලට රිංගාගෙන දේශියත්වයට සහ ජාතික වැඩපිළිවෙළට පහර ගසමින් සිටින බව ද ජනාධිපතිතුමා පෙන්වා දෙයි.
 
අද (20) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්රික්කයේ වලපනේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, යෝඹුවැල්තැන්න ප්රදේශයේ පැවති “ගම සමග පිළිසඳර” 15 වැනි වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය.
 
මේ රටේ බහුතර ජනතාව එක්ව තමා ජනාධිපති ධූරයට පත් කරගත්තේ රට ගොඩනැගීමටයි. මාස 60ක් වූ ධූර කාලයෙන් ගතව ඇත්තේ මාස 16ක් පමණි. තව සැලකිය යුතු කාලයක් ඉදිරියට තිබේ. ඊළග ජනාධිපතිවරයා පිළිබඳ ඇතැම්හු කලබල වී සිටිති. කිසිවෙකු ඒ ගැන කලබල නොවිය යුතු අතර එය තීරණය කරන්නේ ජනතාවයි. ඉදිරි ධූර කාලය ජාතික ආර්ථිකය මෙන්ම ග්රාමීය ජනතාව නගාසිටුවීමට සුවිශාල වැඩකොටසක් ඉටු කරමින් ජනතා අපේක්ෂා මල්ඵල ගන්වන බව ජනාධිපතිතුමා පැවසීය.
 
නිලධාරීන්ගේ වගකීම ජනතාව ජීවත්කරවීමයි. කිසිවිටෙක ඔවුන්ට කරදර නොකළ යුතුයි. ජන ජීවිතය අඩාල කෙරෙන කිසිදු අකටයුත්තක් තමා රාජ්ය නිලධාරීන්ගේ අපේක්ෂා නොකරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
 
“මා කිසිවිටෙකත් පරිසරය විනාශ කර නැහැ. නාගරික සංවර්ධන අමාත්යාංශයේ ලේකම්වරයා ලෙස සිටින අවදියේ පටන් පරිසර සංරක්ෂණය වෙනුවෙන් ගෙනගියේ කිසිවෙකු නොකළ වැඩකොටසක්. නිදහස් චතුරශ්රයේ පවා එදා කුණු ගොඩවල් පිරී තිබුණා. ඒ තත්ත්වය නැති කොට කොළඹ නගරය හරිත උයනක් බවට පත් කලා. පරිසරය වෙනුවෙන් කිසිවක් නොකළ අය මට ඇගිල්ල දිගු කිරීම කණගාටුවට කරුණක්” ජනාධිපතිතුමා කීය.
 
පසුගිය රජයේ සිටි ජ්යෙෂ්ඨ අමාත්යවරයෙක් හන්තානේ අක්කර 30ක ඉඩමක් තම දියණියට තෑගි දී ඇත. පරිසරය ආරක්ෂා කළානම් අද ඔවුන්ට මාධ්ය ඉදිරියට පැමිණ හඩා වැටීමට සිදු නොවන බවද ජනාධිපතිතුමා කීය.
 
2015-2019 කාලය තුළ කුරුණෑගල දිස්ත්රික්කයේ කැලෑ අක්කර 77, පුත්තලම අක්කර 258, මොණරාගල අක්කර 100ක්, අනුරාධපුරයේ අක්කර 224ක් ඇතුළුව මයිලෑව, මාතලේ, ලග්ගල, රිදීගම, වැලිකන්න ඇතුළු දිස්ත්රික්ක ගණනාවක වන විනාශය සිදු කර තිබේ. එවැනි පිරිස් අද රජයට ඇගිල්ල දිගු කිරීම හාස්යයට කරුණක් යයි ද ජනාධිපතිතුමා පැවසීය.
 
දිළිදුකම තුරන් කර ග්රාමීය ජනතාව ආර්ථික වශයෙන් නගා සිටූවීම රජයේ ප්රමුඛ ප්රතිපත්තියකි. 75%ක් වන ග්රාමීය ජනතාවගෙන් 35% සෘජුවම කෘෂිකර්මාන්තයේ නියැලෙති.
 
කෘෂිකර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් අවශ්ය සියලු වැඩපිළිවෙළ ක්රියාවට නංවමින් ග්රාමීය ජනතාව දිළිදුබවින් මුදා ගැනීමේ වගකීම ඉටුකරන බවද රාජපක්ෂ මැතිතුමා පැවසීය.
 
සමාජයේ පහළම ආදායම් ස්ථරයට අයත් පවුල්වලින් තෝරාගත් ලක්ෂයකට රැකියා දීමේ වැඩසටහන ආරම්භ කෙරිණ. ඉන් රුකියා 35,000ක් දී දැනටමත් ප්රදානය කර තිබේ. රැකියා ලක්ෂයේ ප්රථම වැඩසටහන අවසන් වූ පසු තවත් ලක්ෂයකට රැකියා දෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
 
ඒ සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ දී නිවැරැදීම පුද්ගලයන් හඳුනා ගැනීම ග්රාමීය රාජ්ය නිලධාරින්ගේ මෙන්ම මහජන නියෝජිතයන්ගේ වගකීම බව ද ජනාධිපතිතුමා පැවසීය. පුහුණු ශ්රමිකයන් නැතිවීම රටේ සංවර්ධන ව්යාපෘතිවල ප්රමාදයට ඉවහල් වී තිබෙන බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
 
2020 සැප්තැම්බර් 25 වන දින බදුල්ල දිස්ත්රීක්කයෙන් “ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භ විය. මාතලේ, රත්නපුරය, අනුරාධපුරය, අම්පාර, පොළොන්නරුව, කළුතර, මොණරාගල, කෑගල්ල, මහනුවර, පුත්තලම, ත්රීකුණාමලය, කුරුණෑගල සහ ගාල්ල දිස්ත්රික්ක ආවරණය වන පරිදි පසුගිය වැඩසටහන් සංවිධාන කෙරිණ. මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්මානවල ජනතාව හමුවී, ඔවුන්ගේ ගැටළු විමසා ඒ මොහොතේම නිලධාරීන්ගේ අවධානයට යොමු කොට විසඳුම් දීම ජනාධිපතිතුමාගේ අරමුණයි.
 
විසඳීමට කල්ගතවන ගැටළු පසුව ආමන්ත්රණය කරනු පිණිස සටහන් කර ගනු ලැබේ. ගමේ ජනතාව අතරට පැමිණ ඔවුන්ගේ ප්රශ්න විමසා ඔවුන්ගේම යෝජනා තුළින් පිළියම් සෙවීම “ගම සමග පිළිසඳර” වැඩසටහනේ අපේක්ෂාවයි.
යොඹුවැල්තැන්න ග්රාම නිලධාරී වසම වලපනේ නගරයේ සිට කි.මි 13ක් දුරින් පිහිටා තිබේ. එය වලපනේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්රාම නිලධාරී වසම් අතරින් වඩාත්ම දුෂ්කර ගම්මානය වේ. ඌව වෙල්ලස්ස සටනට දායකත්වය දුන් ජනතාවක් ජීවත් වූ පෞරාණික ප්රදේශයක් වන යොඹුවැල්තැන්න කැප්පෙටිපොළ නිළමේතුමා යළි සිංහල හමුදාව සමග එක්වූ ප්රදේශය බව ජනප්රවාදයේ සඳහන් ය. ඖෂධීය ශාඛයක් වන යෝඹුවැල් බහුල නිසා ගමෙහි නම නිර්මාණය වූ බව කියවේ. පවුල් 139ක් වෙසෙන යෝඹුවැල්තැන්න ග්රාමයේ දැන් ජනගහණය 397කි. වී සහ එළවළු වගාව ජනතාවගේ ප්රධාන ජීවනෝපාය වේ.
 
“ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගීවීමට නිල්දණ්ඩාහින්න මහජන ක්රීඩාංගණයේ සිට යෝඹුවැල්තැන්නට යන මග දෙපස රැස්ව සිටී ජනයා විසින් ජනාධිපතිතුමා මහත් හරසින් පිළිගනු ලැබීය.
ජනතාවගේ ගැටළු පිළිබඳව එහිදී ජනාධිපතිතුමා කරුණු විමසූ අතර කලගන්වත්ත නවෝද්යා පාසලේ දරුවන් සමග ඡායාරූපයකට ද පෙනී සිටියේය.
 
දේශීයව සොසේජස් නිෂ්පාදනය කිරීමක් ජනාධිපතිතුමාට හදුන්වා දුන් ප්රදේශවාසියෙකු තමා එම අදහස ලබාගත්තේ වියත්මග සමුළුවකදී බව පවසමින් එහිදී ගත් ඡායාරූපයක් ජනාධිපතිතුමාට පෙන්වීය.
දීර්ඝ කාලයක් තිස්සේ වන සතුන්ගෙන් තම බෝගවලට සිදුවන හානියට පිළියමක් දෙන ලෙස ද මග දෙපස රැස්ව සිටී ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.
 
SLT මොබිටෙල් ආයතනය විද්යාපදීප ද්විතීයික පාසලට හා සිදුහත් මහා විද්යාලයට පරිත්යාග කළ අන්තර්ජාල සබඳතා සහිත ලැප්ටොප් පරිගණක හා ඩයලොග් ආයතනය තැන්නබෝධි ප්රාථමික විද්යාලයට පිරිනැමූ රූපවාහිනි යන්ත්රය හා සබඳතාව විදුහල්පතිවරුන්ට භාරදීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.
 
“ගම සමග පිළිසඳර” වැඩසටහන පැවැත්වෙන සෑම ප්රදේශයකම පාසල්වල පුස්තකාල පහසුකම් ප්රවර්ධනය රාජපක්ෂ මැතිතුමාගේ තවත් අරමුණකි. “නැණ බල සහිත ළමා පරපුරක්” තේමා කර ගනිමින් ඒ සඳහා වූ පොත් කට්ටල ජනාධිපතිතුමා අතින් පාසල් වෙත පිරිනැමිණ. එක් පාසලකට ලැබෙන විවිධ විෂයයනට අයත් පොත් සංඛ්යාව 500කි.
 
හිමිකමක් නැතිව මෙතෙක් රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටී පවුල් වෙත දීමනා පත්ර ප්රදානය පසුගියදා ආරම්භ කෙරිණ. අද ජනාධිපතිතුමා වලපනේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පවුල් 05ක් වෙත සංකේතාත්මකව දීමනා පත්ර ප්රදානය කළේය.
 
ප්රදේශයේ ජනතාව මුහුණ දෙන ප්රධානම ගැටළුව මාර්ග, අතුරුමාර්ගවල ඇති දුෂ්කරතාවයි. ඒ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ. ගල්වත්ත – යොඹුවැල්තැන්න මාර්ගය, තේරිපැහැ – මොලන්දෑව, ගලහ – දෙල්තොට සිට රිකිල්ලගස්කඩ මාර්ගය, යටිවැල්ල – මතුරට මාර්ගය, තෙරිපැහැ, නිල්දණ්ඩාහින්න ප්රධාන සහ අතුරු මාර්ග රැසක සංවර්ධන වැඩ කඩිනම් කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
ප්රදේශයේ ප්රධාන හා අතුරු මාර්ගවල පාලම් 15ක් ඉදිකිරීමට ද තීරණය විය. යෝඹුවැල්තැන්න, ලවැල්ලගොල්ල, මකුණගහපිටිය, හපුගහපිටිය, කලගන්වත්ත ඇතුළු ප්රදේශයේ සියලුම ප්රජා ජල ව්යාපෘති ජනතා අවශ්යතාවය අනුව සම්පූර්ණ කීරිමට ද තීරණය විය.
 
වලපනේ ජල පිරිපහදුව වැඩිදියුණු කිරීමට තීරණය කෙරිණ. දඩකැලේ, වැලිතුඩුව, පරගහලන්ද, කිරිවඩුන්න, මූකලන්, උඩකන්ද, ඇතුළු ප්රදේශයේ තවත් වැව් රැසක ප්රතිසංස්කරණ කඩිනම් කරන්නැයිද දැනුම් දුන්නේය.
ප්රදේශයේ විදුහල්වල ගුරු හිඟය සම්පූර්ණ කළයුතුය. කලගන්වත්ත නවෝද්යා ද්විතියක පාසල, අරුණෝදය හින්දු විදුහල, රන්කෙළඹූව මහා විදුහල, උඩමාදුර ශ්රී විද්යා ප්රදීප ද්විතික විද්යාලය ඇතුළු ප්රදේශයේ පාසල් රැසක යටිතල පහසුකම් සංවර්ධනයට ද තීරණය කෙරිණ.
 
මඩුල්ල ද්විතික පාසල ජාතික පාසලක් බවට උසස් කිරීමට තීරණය විය.
 
ග්රාමීය ක්රීඩාපිටි සංවර්ධන වැඩසටහන යටතේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයකට එකක් බැගින් ක්රී පිටි සංවර්ධනයට ද උපදෙස් දෙනු ලැබිණ.
 
විහාරස්ථානවල පවත්වාගෙන යන දහම්පාසල් 12ක යටිතල පහසුකම් සංවර්ධනයට ද මූල්ය ප්රතිපාදන වෙන් කෙරිණ. මධ්යම පළාතේ පිරිවෙන්වල භෞතික අවශ්යතා සම්පූර්ණ කර දෙන ලෙස භික්ෂූන් වහන්සේ කළ ඉල්ලීමට ජනාධිපතිතුමා එකඟතාව පළ කළේය.
 
ග්රාම නිලධාරී වසම් 13ක පවතින ඉඩම් ගැටළු “ගම සමග පිළිසඳර” වැඩසටනේදී හඳුනා ගැනිණ. එම සියලු ගැටළු නිරාකරණය කොට ඔප්පු ප්රදානයට වහාම පියවර ගන්නයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
වන අලි ගැටළුට විසඳුම් ලෙස ප්රදේශයේ ඉදිකර ඇති සියලු අලි වැට ප්රතිසංස්කරණ කිරීමට ද තීරණය කෙරිණ.
 
දිස්ත්රිකික්යේ ඇති ෆයිනස්, ටර්පන්ටයින් පරිසරයට හානියක් බව ජනතාව පෙන්වා දෙනු ලැබිණ. එම වගා ඉවත් කොට දේශීය වන වගා ප්රචලිත කරන ලෙස ජනාධිපතිතුමා පරිසර බලධාරීන්ට උපදෙස් දුන්නේය.
ලෝකයේ රසවත් කෝපි අතරින් හතරවන ස්ථානය කොප්රියා ඇරබිකා ලක්පැරකුම් ප්රබේදය බව නිලධාරීහූ පෙන්වා දුන්හ. ඒ සඳහා සුදුසුම පාරිසරික හා දේශගුණික විභවතාව නුවරඑළිය දිස්ත්රික්කය සතුය. එම කෝපි වගාව දිස්ත්රික්කය පුරා ප්රවර්ධනය කිරීමට වැඩි අවධානයක් යොමු කරන ලෙස ද ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.
 
වලපනේ, බගවංතලාව, නිල්දණ්ඩාහින්න, මතුරට, තෙරිපැහැ ප්රාදේශීය සහ ග්රාමීය රෝහල්වල යටිතල පහසුකම් සංවර්ධනයට කිරීමට ද තීරණය විය.
දිස්ත්රික්කයේ වෛද්ය, හෙද සහ සුළු සේවක හිඟය පියවීමට පියවර ගෙන්නා ලෙස ද බලධාරීන්ට උපදෙස් දෙනු ලැබිණ.
 
රිකිල්ලගස්කඩ, වලපනේ රෝහල්වල භික්ෂු වාට්ටු දෙකක් ස්ථාපනය කිරීමට ද තීරණය විය. ප්රදේශයේ සියලු වතු රෝහල්වල අඩු පාඩු සොයා බලා සම්පූර්ණ කරන්නයි ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
ප්රදේශයේ ආරක්ෂාව සහ හදිසි ආපදා තත්වයන්ට මුහුණදීමට හමුදා කඳවුරක් වලපනේ ප්රදේශයේ පිහිටුවට තීරණය කෙරිණ.
 
වලපනේ ප්රදේශයේ පොහොර මධ්යස්ථානයක අවශ්යතාවය ජනතාව පෙන්වා දුන්හ. දිස්ත්රික්කයේ පැවති භෝග එකතු කිරීමේ මධ්යස්ථාන පසුගිය රජය විසින් නොසළකා හැර තිබීම ජනතාවගේ විවේචනයට ලක් විය. භෝග එකතු කිරීමේ මධ්යස්ථාන දිස්ත්රික්කයේ සුදුසු තැන්වල ස්ථාපනය කරන ලෙස ජනාධිපතිතුමා බලාධාරීන්ට දැන්වීය.
 
ගොවිතැන් කළ නොහැකි පුරන් කුඹුරුවල කරුදු සහ කෝමාරිකා වගාවන් ප්රචලිත කිරීමට ද යෝජනා කෙරිණ.
 
දීර්ඝ කාලයක සිට ජනතා ඉල්ලීමක් වූ වලපනේ හා පූඩලුඔය නගර පූර්ණ සංවර්ධනයට ද තීරණ විය.
 
අමාත්ය සී.බී. රත්නායක, මධ්යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ, රාජ්ය අමාත්ය ජීවන් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන එස්.බී. දිසානායක, නිමල් පියතිස්ස, රමේෂ්වර මරුදපාණ්ඩි, ජනාධිපති ප්රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු සහ දිස්ත්රික්කයේ ජනතා නියෝජිතයෝ, අමාත්යාංශ ලේකම්වරු, රාජ්ය ආයතන හා ආරක්ෂක අංශ ප්රධානීහු ඇතුළු පිරිසක් යෝඹුවැල්තැන්න ග්රාමයේ පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්ව සිටියහ.
 
 

 

2021 වසරේ පළමු වසරට ඇතුළත් වූ කළුතර දිස්ත්‍රික්කයේ දරුවන් සඳහා පාසල් උපකරණ කට්ටල බෙදා දීමේ "සිසු දරු යාත්‍රා" ව්‍යාපෘතිය මගේ ප්‍රධානත්වයෙන් අද (18) අරලියගහ මන්දිරයේ දී ආරම්භ විය.

මව්බිමේ අනාගත පරපුරෙහි නැණ පහන් දැල්වීමේ අරමුණ පෙරදැරි කරගනිමින් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ සමාජ සත්කාරයක් ලෙස සිසු දරු යාත්‍රා වැඩසටහන ක්‍රියාවට නැංවෙයි.

පළමු අදියර යටතේ ළමුන් 106 දෙනෙකුටත් සමස්ත ව්‍යාපෘතිය යටතේ කළුතර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 20,000කටත් මෙම ව්‍යාපෘතිය යටතේ පාසල් උපකරණ කට්ටල ප්‍රදානය කිරීමට නියමිත ය.

එම උත්සව සභාව අමතා මම මෙසේ පැවසුවෙමි.

"කුඩා දරුවන් දිරිමත් කරන මෙම උත්සවයට සම්බන්ධ වෙන්න ලැබීම ගැන මම ඉතා ම සන්තෝෂ වෙනවා. අපි දරුවන් වෙනුවෙන් කැපවුණු ආණ්ඩුවක්. අපි රටේ අනාගතය භාර ගන්න හොඳ දරුවන් නිර්මාණය කළ යුතුයි. අධ්‍යාපනය වගේ ම ගුණධර්ම ලබා දීම ගැනත් අවධානය යොමු කළ යුතුයි.

එසේ නොවුණොත් අපේ දරුවන් සමාජයේ මොන තත්ත්වයකට පත්වෙනව ද කියන්න බැහැ. දරුවන් ගැන අවබෝධයෙන් කටයුතු කරන්න අවශ්‍යයි. පැය විසි හතර ම පොතපතට යොමු කරන්න එපා. දරුවන්ට සෙල්ලම් කරන්න නිදහස විඳින්නත් අවස්ථාවක් දෙන්න.

සෑම අංශයකින් ම දරුවන් ශක්තිමත් කරන්න. විශේෂයෙන් ක්‍රීඩාවකට දරුවන් හුරු කළ යුතුයි. ක්‍රීඩාවෙන් ජය පරාජය විඳ දරා ගැනීමට දරුවන් හුරු වෙනවා. එසේ නොවුණොත් සමාජයට ආවම ජය පරාජය දරාගන්න බැරුව විනාශවෙලා යනවා.

දරුවන් වෙනුවෙන් රෝහිත ඇමැතිතුමා ආරම්භ කළ මේ වැඩපිළිවෙළ දිවයින පුරා අනෙකුත් දිස්ත්‍රික්වලත් ක්‍රියාත්මක කරනවා නම් වටිනවා."

මෙම අවස්ථාවට අමාත්‍යවරු වන මහාචාර්ය ජී.එල්. පීරිස්, රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන සංජීව එදිරිමාන්න, මර්ජාන් ෆලිල්, හිටපු ඌව පළාත් අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා සභාපතිවරු, ජපාන නියෝජ්‍ය තානාපති කිතමුරා තොෂිනිරෝ, වරාය හා නාවික අමාත්‍යංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජනරාල් (විශ්‍රාමික) දයා රත්නායක මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු, දෙමාපියෝ සහ පාසල් දූ දරු පිරිසක් එක්ව සිටියහ.

කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතු පුරාණය හා රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මාහිමි” පර්යේෂණාත්මක ශාස්ත්‍රීය ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය අද (17) සවස බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ.

අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංස මහානායක හිමිපාණන්ගේ උපදේශකත්වයෙන් ඩබ්.ඒ. පද්මින් සමීර මහතා ග්‍රන්ථය සම්පාදනය කොට ඇත.

උත්සවයට පැමිණ රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මහානායක හිමිපාණන්ගේ ඡායාරූපයට පුෂ්පෝහාර දැක්වූ අතර
පූජ්‍ය වස්කඩුවේ මහින්දවංස හිමියෝ ග්‍රන්ථය පිළිගැන්වූහ.

වස්කඩුවේ ශ්‍රී සුභූති මහා විහාරයේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම මෙහිදී සිදු විය.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහා නායක සාහිත්‍යශූරී අතිපූජ්‍ය ගන්තුනේ අස්සජී හිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමි, අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ මහා නා හිමි, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය අතිපූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ඇතුළු මහා සංඝරත්නය, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන විදුර වික්‍රමනායක, පියල් නිශාන්ත, ජයන්ත සමරවීර සහ හිටපු කථානායක කරූ ජයසූරිය යන මහත්වරුන්, ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ , මියන්මාර තානාපති හෑන් තූ යන මහත්වරු ඇතුළු දෙස් විදෙස් ආරාධිතයෝ සහ සමස්ත අමරපුර නිකායාරක්ෂක දායක සභාවේ සභාපති අජිතා ද සොයිසා ඇතුළු දායක සභාවේ සාමාජිකයෝ මේ අවස්ථාවට එක්ව

 

අතීතයේ තිබූ සාමූහික හැඟීම වර්තමානයට ගෙන ආවොත් අපට නැවත වතාවක් ලෝක කුසලාන ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි බව මම අද (17) පෙරවරුවේ ප්‍රකාශ කළෙමි.

ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනා වසර 25ක් සපිරීම නිමිත්තෙන් ක්‍රිකට් විරුවන් ඇගයීම සඳහා අරලියගහ මන්දිරයේ දී පැවැති ලෝක කුසලාන විජයග්‍රහණයේ 25 වැනි ජාතික සැමරුමට එක්වෙමින් මේ බව අවධාරණය කළෙමි.

අග්‍රාමාත්‍ය කාර්යාලය, තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව මෙම ජාතික සැමරුම් උත්සවය සංවිධානය කර තිබිණි.

1996 ලෝක කුසලානය දිනාගත් අවස්ථාවේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය (ICC) ක්‍රිකට් ශූරයන්ට පිරිනැමූ පදක්කම් මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තබා තිබිණි. එම කුසලාන මා අතින් ක්‍රිකට් ශූරයන් වෙත ප්‍රදානය කිරීම මෙම ජාතික සැමරුම් උත්සවයේ විශේෂත්වයක් විය.

ලෝක කුසලාන විජයග්‍රහණයේ 25 වන සංවත්සර සැමරුම වෙනුවෙන් QR කේතය සහිත පළමු සැමරුම් මුුද්දරය හා විශේෂ සමරු කවරය තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පිරිනමන ලද අතර එතුමා විසින් මට සහ 1996 ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ නායක අර්ජුණ රණතුංග මහතාට එය පිළිගන්වනු ලැබීය.

එම විශේෂ උත්සව අවස්ථාව අමතා මා සිදුකළ සම්පූර්ණ කතාව මෙසේ ය.

"අද වෙනකොට ලෝක ක්‍රිකට් කුසලානය දිනාගෙන වසර 25ක් සම්පූර්ණ වෙනවා. ඒ ජයග්‍රහණය අද ඊයේ වගේ තවමත් අපිට මතකයි. දැන් අපේ ක්‍රිකට් පිට්ටනියේ සිද්ධ වෙන දේවල් නිසා අපේ මේ ජයග්‍රහණය ක්‍රිකට්ලෝලීන් නිතර නිතර මතක් කරන බව මම කියන්න ඕන.

මිත්‍රවරුනි,
අතීතය වැදගත් වෙන්නේ වර්තමානය හදාගන්න. මට මතකයි එදා පිට්ටනියේ සෙල්ලම් කළේ නිකම්ම ක්‍රිකට් ක්‍රීඩකයෝ නෙමෙයි. රට දිනවන්න ඕනෑ කියන හැඟීමෙන් යුතු තරුණ පිරිසක්. අපේ ජයග්‍රහණය එදා ආසියාවේ රටවලුත් සැලකුවේ තමන් ලබාගත්ත ජයග්‍රහණයක් හැටියට.

ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් දූපත්, එංගලන්තය ආදී රටවල් එදා අපේ රටේ පැවැත්වෙන ලෝක කුසලාන තරඟවලට සෙල්ලම් කරන්න බැහැ කිව්වා. ලංකාවේ ඒ වෙලාවේ තිබුණ ත්‍රස්තවාදය, එදා කොළඹ බෝම්බ පිපිරීම් වැනි කරුණු ලංකාවට නොඑන්න හේතු හැටියට කිව්වා. ඒක ඉදිරියට දාලා ලංකාව මඟ ඇරීම ගැන පුදුම වෙන්න දේකුත් නැහැ.

අපේ ගුවන්තොටුපළ වගේ ම අපේ වරායත් ලෝකයේ තියෙන අනාරක්ෂිතම ස්ථාන හැටියට කීප වතාවක් නම් කරලා තිබුණේ. එදා අපේ රටේ සංචාරය කරන අයට අනාරක්ෂිත ප්‍රදේශ පවා නම් කරලා තිබුණා. එබඳු තත්ත්වයක් යටතේ මම ඉහතින් සඳහන් කරපු රටවල් ලෝක කුසලානයට ලංකාවට එන්න බැහැයි කිව්වා.
මට මතකයි එදා අපේ හිටපු ක්‍රීඩා ඇමතිතුමා කිව්වා සංචාරක කණ්ඩායම් ලංකාවට එනවා නම් ඒගොල්ලෝ නතර වෙලා ඉන්න කාමරය ඉස්සරහා ක්‍රීඩා ඇමැති හැටියට මම නිදාගන්නම්, ඔබ ඇවිල්ලා ලංකාවේ ක්‍රිකට් ගහන්න කියලා. ප්‍රසිද්ධියේ මාධ්‍යට එහෙම කිව්වත් ලංකාවේ ක්‍රිකට් ගහන්න එන්න එම රටවල් කැමති වුණේ නැහැ.

ඒ වෙලාවේ ඉන්දියාව, පාකිස්ථානය ඇතුළු ආසියාතික රටවලට තේරුණා ලංකාව දිනනවට තියෙන අකමැත්ත මේ නොපැමිණීමට එක හේතුවක් කියලා. එතකොට ඉන්දියාව පකිස්ථානය ඇතුළු ආසියාතික රටවල් අපේ රටට තම සහෝදරත්වයේ දෑත දිගු කළා. ඒ අය ලංකාවට ඇවිල්ලා ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගවල යෙදිලා අපිට ධෛර්ය දුන්නා.

අපි ලෝක කුසලානය දිනූ තරඟය පැවැත්වුණේ පාකිස්ථානයේ. ඒ වෙලාවේ පාකිස්තානය අපිට දුන්න චියර් එක අනුව අපිට පේනවා ඒක ආසියාවේ ජයග්‍රහණයක් හැටියටයි ඒ අය සැලකුවේ කියල. එදා තමයි ලංකාවේ ජාතික ධජය ඔසවාගෙන වෙනත් රටවල්වල අය ජය කෙහෙලි නංවපු දවස.

මිත්‍රවරුනි,
ඒ විතරක් නොවෙයි මට මතකයි මුරලිදරන් වැනි දක්ෂ දඟ පන්දු යවන්නෙක් පිටියෙන් ඉවත් කරන්න ලොකු උත්සහයක් තිබුණා. ඉතා ම අසාධාරණ තීන්දු මේ ක්‍රීඩකයාට විරුද්ධව දුන්නා. නමුත් ඒ වෙලාවේ හිටපු නායකත්වය මුරලිදරන් රැකගන්න ලොකු සේවයක් කළා. මේවා නිසා අපේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කණ්ඩායම් හැඟීම ඉතාම ඉහළ ගියා. ඒ සිද්ධීන් අද ලෝකයේ විශිෂ්ටතම ක්‍රීඩකයෙක් වෙන්න මුරලිට බලපාපු බව මම විශ්වාස කරනවා.

මේ ලෝක කුසලාන තරගාවලිය ගැන අහපු එක කතාවක් මට මතක් වෙනවා. 1996 ලෝක කුසලාන තරඟාවලියේ ,ශ්‍රී ලංකා-ඉන්දියා අවසන් පූර්ව වටයේ තරඟය පැවැත්වුණේ ඉන්දියාවේ ක්‍රීඩාංගණයක. තරඟාවලියේ අවසන් භාගය කිට්ටු වෙන කොට ඉන්දියානු ක්‍රීඩා ලෝලීන් කලබල වෙලා ක්‍රීඩාපිටියට දිගට ම ගල්, බෝතල් එවන්න පටන් ගත්තා. ඒ දර්ශන එවලේ මුළු ලෝකය ම දැක්කා. ඒ වෙලාවේ ක්‍රීඩාපිටියේ හතරේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටියේ කණ්ඩායමේ උපනායක අරවින්ද ද සිල්වා. අපේ අතිරේක ක්‍රීඩකයෙක් හැටියට හිටපු උපුල් චන්දන ගිහිල්ලා හතරේ සීමාවේ හිටපු අරවින්දට කිව්වලු අරවින්ද ඇතුළට යන්න මම හතරේ සීමාවේ සෙල්ලම් කරන්නම්, ගල්-වැලි-බෝතල් වැදුණොත් අවසන් තරඟය සෙල්ලම් කරන්න ඔයාට බැරි වෙනවා.
එහෙම වුණොත් අපි අමාරුවේ වැටෙනවා කියලා. තමන්ගේ ජීවිතය කැපකරන්න තරම් රට ගැන විශාල හැඟීමක් ඒ වෙලාවේ කණ්ඩායමට තිබුණ බව මම කියන්න ඕන. ඒ නිසා මේක මනුෂ්‍යත්වයේ කථාවක්.

මිත්‍රවරුනි,
මට මතකයි ලෝක කුසලානය දිනාගෙන මේ කණ්ඩායම ලංකාවට ආව දවස. එදා තිබුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ජනාධිපති ධූරය දැරූ අපේ ආණ්ඩුවක්. අර්ජුන රණතුංගගේ පියා ඒ ආණ්ඩුවේ ඇමතිවරයෙක් හැටියටත් හිටියා. නමුත් අර්ජුන රණතුංග ලෝක කුසලානය අරගෙන ගියේ එල්.ටී.ටී.ඊ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයකින් අභාවප්‍රාප්ත වුණ ගාමිණි දිසානායක මහත්තයාගේ ගෙදරට.
එහෙම යන්න හේතු වුණේ ලෝක කුසලානය දිනාගන්න ගාමිණී දිසානායක මහතාගේ පාලන කාලයේ දාපු පදනමට ගෞරවයක් වශයෙන්. ඒ නිසා අද අපි මේ සමරන්නේ මනුෂ්‍යත්වයේ කථාවක්. ක්‍රිකට් පිටියේ මනුෂ්‍යත්වයේ කථාවට වසර 25ක් පිරෙන්නේ අද.

එදා ක්‍රිකට් ගහපු ප්‍රවීණයන්ගේ (ලෙජන්ඩ්ස්-LEGENDS) ක්‍රිකට් තරඟ මේ දිනවල පැවැත්වෙනවා. ඒ අය පිට පිට ජයග්‍රහණය කරන බවත් පේනවා. ඒ ජයග්‍රහණයේ රහස ක්‍රිකට් ක්‍රීඩාවේ පහසුකම්වත්, මුදල්වත් නෙමෙයි. අතීතයේ විනයානුකූලව ක්‍රීඩා කිරිමෙන් ලබාගත් පුහුණුව. අතීතයේ ක්‍රීඩකයින් තුළ තිබුණු සාමුහිකත්ව හැඟීම. ඒ සාමූහිකත්වය නිසා තමයි ඒ අය ලෙජන්ඩ්ස්ලා වෙලා තියෙන්නේ. ඒකෙන් තමයි අපිට ලෝක කුසලානය ගේන්න පුළුවන්කම ලැබුණේ.

මිත්‍රවරුනි,
අපිට අතීතය තියෙන්නේ වර්තමානය හොඳින් ගොඩනගා ගන්න. අද අපිට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනගා ගන්න හොඳ ම පාඩමකට තියෙන්නේ ඒ අතීතයයි. ඒ අතීතය වර්තමානයට ගෙනාවොත් අද අපි ඉන්න දුර්භාග්‍ය සම්පන්න තත්ත්වයෙන් මිදෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. අතීතයේ තිබුණ සාමූහික හැඟීම, මනුෂ්‍යත්වයේ කථාව වර්තමානයට ගෙනාවොත් අපිට නැවත වතාවක් ඒ වගේ ජයග්‍රහණයක් ලබන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. ඔබ සැමට තෙරුවන්සරණයි!"

මෙම අවස්ථාන තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඇමැතූ අතර හිටපු නායක අර්ජුන රණතුංග මහතා ද සිය අදහස් ප්‍රකාශ කළේ ය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, 1996 ක්‍රිකට් ලෝක ශූරතාව දිනා ගන්නා අවස්ථාවේ ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක, එවකට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය ජීවන් කුමාරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, ක්‍රිකට් සභාපති (1996) ආනා පුංචිහේවා, ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල, තැපල්පති රංජිත් ආරියරත්න, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරින්, ලෝක ශූර කණ්ඩායමේ සාමාජිකයෝ හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයෝ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මෙරට වාහන එකලස් කිරීමේ සහ අමතර උපාංග නිපදවීමේ කර්මාන්ත පිළිබඳ “සම්මත මෙහෙයුම් පටිපාටිය” එළි දැක්වීමේ උලෙළ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී ඊයේ (15) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතාගේ මඟපෙන්වීම යටතේ කර්මාන්ත අමාත්‍යාංශය විසින් සකස් කරන ලද මෙරට වාහන එකලස් කිරීමේ සහ වාහන අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටිය (sos) මෙහිදී එළි දැක්විණි.

වාහන නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය පමණක්් නොව මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ විප්ලවීය පරිවර්තනයකට ඉඩ කඩ සලසා දෙන මෙම අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව සැකසූ සම්මත මෙහෙයුම් පටිපාටිය එළිදැක්වීමෙන් අනතුරුව විදේශවලට ගලායන රුපියල් බිලියන 1820ක මුදලක් වාර්ෂිකව රට තුළ ඉතිරි කර ගත හැකිය.

මෙහි අරමුණ මෝටර රථ එකලස් කිරීම හා මෝටර් රථ අමතර කොටස් නිපදවීම තුළින් දේශීය හා අන්තර්ජාතික මෝටර් රථ වෙළෙඳපොළ ජය ගැනීමයි.

පසුව සම්මත මෙහෙයුම් පටිපාටියේ ප්‍රකාශනය අග්‍රාමාත්‍යවරයාට කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා විසින් පිළිගන්වනු ලැබිණි. මේ අවස්ථාවට කර්මාන්ත ඇමැති විමල් වීරවංශ, ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ, රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා ඇතුළු උසස් නිලධාරීහු සහ සම්භාවනීය අමුත්තෝ රැසක් එක්ව සිටියහ.

ඩොලර් බිලියන 5 යි දශම 1 ක් වු මේ වසරේ අපේක්ෂිත අපනයන ආදායම් ඉලක්කය සපුරාලීමට කැපවන බවට ඇගඑම් ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවේ සහතික වෙති.

ඒකාබද්ධ ඇගඑම් සංගම් සංසදයේ නියෝජිතයින් හා ජනාධිපතිතුමා අතර ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්චාවකදී ඔවුහු මේ බව පැවසූහ. සෞඛ්‍ය නිර්දේශ හේතුවෙන් ඇගඑම් ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට එල්ලවී ඇති අභියෝග පිළිබඳව එම ව්‍යාපාරිකයෝ පෙන්වා දුන්හ. රටේ පොදු සෞඛ්‍ය තත්ත්වයට බලපෑමක් නොවන අයුරින් ඇගඑම් ක්ෂේත්‍රයට අදාල යම් යම් සෞඛ්‍ය නිර්දේශ ලිහිල් කිරීමට ඇති හැකියාව සොයා බැලිමට ද යෝජනා කෙරිණි. ආයෝජකයන්ගේ වීසා කාලසීමාව දිර්ඝ කිරීම හා වීසා ලබාදිමේදි ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පිළිබඳව ද සාකච්ඡා වී තිබේ. එහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ දේශීය අගඑම් ක්ෂේත්‍රයේ නව පිඹිදිමක් ඇතිකිරීමෙන් විශාල විදේශ විනිමය ප්‍රමානයක් උපයාගත හැකි බවයි.

ගුණාත්මක හා සුරක්ෂිත රැකියා අවස්ථා උදාකිරීමෙන් ක්ෂේත්‍රයට තරුණ තරුණියන් ආකර්ශනය කරගත හැකි බව ද එතුමා එහිදී පෙන්වා දුන්නේය. ඇගඑම් ක්ෂේත්‍රය වර්තමානයේ මුහුණදී තිබෙන අභියෝග රජය හඳුනාගෙන ඇති බව පැවසු රාජපක්ෂ මැතිතුමා එහි ඵලදාව සහ ගුණාත්මක බව නැංවීමට පුර්ණ අනුග්‍රහය ලබාදීමට සුදානම් බව සඳහන් කලේය. ඒ සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙලක් ඔස්සේ ක්‍රියා කෙරේ.

  • එදත්, අදත් ජාතික ආරක්ෂාවට මුල් තැන ….
  • ජාතිකත්වයට හා දේශීයත්වයට විජාතික බලවේග විරුද්ධයි ….
  • පිට රට ගොවියා වෙනුවට අපේ ගොවියා පොහොසත් කළා ….
  • රටට අහිතකර විදේශ ගිවිසුම්වලින් ඉවත්ව නිදහස රැක ගත්තා ….

       ජනපති “ගම සමග පිළිසඳරේදී” කියයි.

විපක්ෂයක් හැටියට විවිධ චෝදනා නැගීමට පිළිවන. ඒවා සත්‍ය තොරතුරු මත පදනම් විය යුතුය. එහෙත් අභූත චෝදනා නඟමින් ජනතාව මුලා කිරීමට ගෙන යන ව්‍යාපාරයට ඉඩදිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

“විපක්ෂ මන්ත්‍රීවරයෙක් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පසුගියදා කළ ප්‍රකාශයක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. එය ජාතික ආරක්ෂාවට ඝෘජුව බලපාන ප්‍රකාශයක්. ඒ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව විමර්ශනය කළා. ප්‍රකාශය කළ මන්ත්‍රීවරයා මට අමතකවුණා, සිහිනැතිවුණා, දන්නේ නෑ  යනුවෙන් විවිධ උත්තර දුන්නා.  මෙවැනි පදනම් විරහිත චෝදනා නගමින් කිසිවිටෙකත් ජනතාව මුලා නොකළ යුතුයි” ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

මානව හිමිකම් කවුන්සිලය අපට විරුද්ධව ගෙනා යෝජනාවට පසුගිය රජය සම අනුග්‍රහය දැක්වීය. එකී ස්ථාවරය ප්‍රතික්ෂේප කළ වත්මන් රජය සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් විය. MCC ගිවිසුම ඇතුළු රටට අහිතකර ගිවිසුම් වලින් ක්‍රමානුකූලව ඉවත්ව ජනතාවට දුන් පොරොන්දු ඉටු කරනු ලැබීය. උද්ඝෝෂකයන්ට බැටන් පහර සහ කදුළු ගෑස් වෙනුවට විරෝධය පළ කිරිමට වෙනම ස්ථානයක් පවා වෙන් කෙරිණ. ජාතිකත්වයට, දේශීයත්වයට ප්‍රමුඛතාව දෙමින් කෘෂි ආර්ථිකයක් ගොඩනගමින් අපේ ගොවියා රැක ගැනීමට පියවර ගන්නා ලදී. මෙතෙක් කල් පිට රට ගොවීන් පොහොසත් කළ ආර්ථික පිළිවෙත වෙනස් කොට රට තුළ වගා කළ හැකි දේ වගා කරමින් අපේ ගොවියා පොහොසත් කිරීමට පරිසරය නිර්මාණය කෙරිණ. මෙවැනි පසුබිමක මානව හිමිකම් කවුන්සිලය ප්‍රථම වතාවට රජයට එරෙහිව වැඩිම චෝදනා ගණනක් සහිත වාර්තාවක් ඉදිරිපත් කර ඇති අයුරු තමා දැකගත්තේ මෙවර බව ජනාධිපතිතුමා සඳහන් කරයි.

අද (13) පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ, මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, ගලගොඩ නැගෙනහිර ග්‍රාමනිලධාරී වසමේ ජනපද කනිටු විදුහල් භූමියේ පැවති “ගම සමග පිළිසඳර” 14 වැනි වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය.

2020 සැප්තැම්බර් 25 වන දින බදුල්ල දිස්ත්‍රීක්කයෙන් “ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භ විය. මාතලේ, රත්නපුරය, අනුරාධපුරය, අම්පාර, පොළොන්නරුව, කළුතර, මොණරාගල, කෑගල්ල, මහනුවර, පුත්තලම, ත්‍රීකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පසුගිය වැඩසටහන් සංවිධාන කෙරිණ. මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්මානවල ජනතාව හමුවී, ඔවුන්ගේ ගැටළු විමසා ඒ මොහොතේම නිලධාරීන්ගේ අවධානයට යොමු කොට විසඳුම් දීම ජනාධිපතිතුමාගේ අරමුණයි.

විසඳීමට කල්ගතවන ගැටළු පසුව ආමන්ත්‍රණය කරනු පිණිස සටහන් කර ගනු ලැබේ. ගමේ ජනතාව අතරට පැමිණ ඔවුන්ගේ ප්‍රශ්න විමසා ඔවුන්ගේම යෝජනා තුළින් පිළියම් සෙවීම “ගම සමග පිළිසඳර” වැඩසටහනේ අපේක්ෂාවයි.

අම්බලන්ගොඩ නගරයේ සිට කි.මි 7ක දුරින් දකුණෙන් සහ නැගෙනහිරින් මාදම්පාවිල අභය භූමියටත්, බටහිරින් හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුලීගොඩ ග්‍රාමයටත් මායිම්ව ගලගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම පිහිටා තිබේ. ගලගොඩවත්ත සුනාමි ගම්මානය, ගලගොඩ ජනපදය සහ ගලගොඩ නව ජනපදය ග්‍රාමසේවා වසමට අයත්ය. පවුල් 1072කින් සමන්විත ගලගොඩ නැගෙනහිර ග්‍රාමයේ ජනගහණය 3711කි. ධීවර කර්මාන්තය, වී වගාව, කුරුඳු සහ කොහු කර්මාන්තය ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වේ.

“ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගීවීමට ගලගොඩ මගනැගුම පිටියට පැමිණි ජනාධිපතිතුමා එතැන් සිට ජනපද කණිටු විදුහල දක්වා මාර්ගය දෙපස රැස්ව සිටී ජනතාව සමග කථා බහ කරමින් ප්‍රදේශයේ තොරතුරු සහ ගැටළු විමසීය.

SLT මොබිටෙල් ආයතනය ජනපද කණිෂ්ඨ විද්‍යාලයේ ස්ථාපනය කළ අධිවේගී අන්තර්ජාල පහසුකම් සහිත සුහුරු පන්ති කාමරය විවෘත කිරීම, කුලීගොඩ සුමන විද්‍යාලයට හා කුමාර කාශ්‍යප විද්‍යාලයට අන්තර්ජාල සබඳතා සහිත ලැප්ටොප් පරිගණක හා ඩයලොග් ආයතනය පිරිනැමූ රූපවාහිනි යන්ත්‍රය හා සබඳතාව විදුහල්පතිවරුන්ට භාරදීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

“ගම සමග පිළිසඳර” ආරම්භ කරමින් ජනාධිපතිතුමා ප්‍රදේශයේ විහාරස්ථානවල පවතින අඩුපාඩු පිළිබඳව මහා සංඝරත්නයෙන් විමසීය.

මාදම්පාගම මහා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කිරීමට, අම්බලන්ගොඩ කුලරත්න මහා විද්‍යාලය, පැරෑලිය ශ්‍රී ජිනරතන විද්‍යාලය, ජනපද කණිෂ්ඨ විද්‍යාලය, වේරගොඩ විජයබා ද්විතියික පාසල, අකුරල කණිෂ්ඨ විද්‍යාලය, කුලීගොඩ සුමන විද්‍යාලය, කහව රතනසාර විද්‍යාලය ඇතුළු ප්‍රදේශයේ පාසල් රැසක ක්‍රීඩා පිටි සහ යටිතල පහසුකම් සංවර්ධනයට ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබීය.

ගලබොඩ සහ අවට ගම්මානවල ජනයාගේ ප්‍රධාන ජීවනෝපායක් වන ධීවර කර්මාන්තයට බලපාන ගැටළු කෙරෙහි විශේෂ අවධානය යොමු කළ ජනාධිපතිතුමා ඒ පිළිබඳව ගැමියන් සහ නිලධාරීන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.

පැරෑලිය, දොඩන්දූව, අම්බලන්ගොඩ, හික්කඩුව හා බලපිටිය ධීවර වරාය සංවර්ධනය කඩිනම් කරන්නැයි එතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මාදැල් ධීවර කර්මාන්තයේ නිරත ධීවරයන්ගේ ගැටළුවලට විසඳුම් දීමට විශේෂ අවධානය යොමු කෙරිණ.

සුනාමි ධීවර නිවාස ප්‍රතිසංස්කරණයට සහ ඉඩම් හිමිකම් පිළිබඳව දීර්ඝ කාලයක සිට පැවති ගැටළු කඩිනම් නිරාකරණයට  රාජපක්ෂ මැතිතුමා විසින් උපදෙස් දෙනු ලැබීය.

ප්‍රදේශයට ආවේණික කොහු ලනු, පැදුරු, කොහු සහ ඉදල් කර්මාන්තය ඇතුළු වෙනත් හස්ත කර්මාන්තකරුවන් මුහුණ පා සිටින ගැටළු විශේෂයෙන් විමර්ශනය කළ ජනාධිපතිතුමා ඔවුනට අවශ්‍ය පහසුකම් සහ වෙළෙඳපොළ සපයා දෙන ලෙස නිලධාරීන්ට දැන්වීය.

බලපිටිය, මාදුව පාලම, රත්තගම දේවිතිගොඩ පාලම ඉදිකිරීම ඇතුළු ප්‍රදේශයේ මාර්ග 21ක් සහ කෙටිදුර මාර්ග 49ක් කාපට් අතුරා සංවර්ධනයට තීරණය කෙරිණ.

බූස්ස, පිටිවැල්ල, කදුරූපේ ප්‍රදේශවල පුරන්ව ඇති කුඹුරු ජලාශ බවට පත්කර මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සවංර්ධනයට අනුමැතිය හිමි විය. අම්බලන්ගොඩ ප්‍රදේශයේ හඳුනාගෙන ඇති පුරන් කුඹුරු අක්කර 700ක පොල් වගා කිරීමට, අක්කරය බැගින් තරුණයන් 700ක් අතර බෙදා දෙන ලෙස  ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

සංචාරක, සෞඛ්‍ය, පානීය ජල, විදුලිය, කිරිගව පාලනය ඇතුළු ක්ෂේත්‍ර රැසක පවතින ගැටළු කෙරෙහි ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු විය.

හිමිකමක් නැතිව මෙතෙක් රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටී පවුල් වෙත දීමනා පත්‍ර ප්‍රදානය පසුගියදා ආරම්භ කෙරිණ. අද ජනාධිපතිතුමා හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පවුල් 05ක් වෙත සංකේතාත්මකව දීමනා පත්‍ර ප්‍රදානය කළේය.

“ගම සමග පිළිසඳර” වැඩසටහන පැවැත්වෙන සෑම ප්‍රදේශයකම පාසල්වල පුස්තකාල පහසුකම් ප්‍රවර්ධනය රාජපක්ෂ මැතිතුමාගේ තවත් අරමුණකි. “නැණ බල සහිත ළමා පරපුරක්” තේමා කර ගනිමින්  ඒ සඳහා වූ පොත් කට්ටල ජනාධිපතිතුමා අතින් පාසල් වෙත පිරිනැමිණ. එක් පාසලකට ලැබෙන විවිධ විෂයයනට අයත් පොත් සංඛ්‍යාව 500කි.

අමාත්‍ය රමේෂ් පතිරණ, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ, රාජ්‍ය අමාත්‍ය මොහාන් පී. ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සම්පත් අතුකෝරල, චන්දිම වීරක්කොඩි, ඉසුරු දොඩංගොඩ, ශාන් විජයලාල්ද සිල්වා, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහූ, දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන හා ආරක්ෂක අංශ ප්‍රධානීහු ඇතුළු පිරිසක් ගලගොඩ නැගෙනහිර ජනපද කනිටු විදුහලේ පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්ව සිටියහ.

 
 

ලොව පුරා හින්දු බැතිමතුන් සමඟ එක්වෙමින් මහා ශිව රාත්‍රී දිනය ඉමහත් භක්ත්‍යාදරයෙන් සමරන ශ්‍රී ලාංකේය හින්දු භක්තිකයන්ට ශුභාශිංසන පළ කරනුයේ ඉමහත් සතුටිනි. විවිධ ජන වර්ග සමඟ මිත්‍රශීලීව සහ එකමුතුව ජීවත්වීමේ දීර්ඝ සම්ප්‍රදායක් ශ්‍රී ලාංකේය හින්දු භක්තිකයින්ට ඇත. ඔවුහු සියලු දෙනා දැඩි අධ්‍යාත්මික හැඟීමකින් යුතුව ශිව රාත්‍රී දින උපවාසයේ යෙදී සිටිති. මහා ශිව රාත්‍රි දින උපවාසය ඔස්සේ අධ්‍යාත්මික විමුක්තිය උදාවනු ඇතැයි හින්දු භක්තිකයින්ගේ විශ්වාසයයි. හින්දු බැතිමතුන් මහා ශිව රාත්‍රී දිනයේ මෙසේ නිරාහාරව සිටීම සහ ශුද්ධ වූ චාරිත්‍ර පිළිපැදීම මඟින් අධ්‍යාත්මික ජීවිතය පොහොසත් කරයි. අද වැනි උතුම් දිනෙක දෙවියන්ගේ අධ්‍යාත්මික ශක්තිය තමන් කෙරෙහි ලැබෙනු ඇතැයි ද හින්දු විශ්වාසයක් පවතියි‍. එකිනෙකා අතර අනෝන්‍ය අවබෝධය සහ ප්‍රතිසන්ධානය තුළින් එක්සත්කම සඳහා වූ මෙම විශිෂ්ට ප්‍රයත්නයට ශිව දෙවියන්ගේ ආශීර්වාදය නිතැතින් හිමිවනු ඇති බව මාගේ විශ්වාසයයි. මහා ශිව රාත්‍රී දින දැල්වෙන පහන් ආලෝකයෙන් ශ්‍රී ලාංකේය හින්දු භක්තිකයින්ට සෞභාග්‍යමත් අනාගතයක් උදාවීම සඳහා වූ සියලු අපේක්ෂාවන් ඉටුවේවා! යැයි මාගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි. හින්දු භක්තික ඔබ සැමට මහා ශිව රාත්‍රී දිනය අර්ථවත් හා ප්‍රීතිමත් දිනයක් වේවා!

 
 
මහා ශිව රාත්‍රී දිනයට සමගාමීව හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සම්පූර්ණයෙන් සංස්කරණය කරන ලද වෙළුම් 12 කින් සමන්විත හින්දු විශ්වකෝෂය බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස මගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී එළිදැක්විණි.
 
හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව 1988 දී හින්දු විශ්වකෝෂය නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කළ අතර 2014 දී එහි වෙළුම් දොළහ සම්පූර්ණ කළේ ය.
 
මම එවකට පස් වන විධායක  ජනාධිපතිවරයා ලෙස හින්දු විශ්වකෝෂයේ වෙළුම් දොළහ සම්පූර්ණ කිරීමට අවැසි නායකත්වය දුන්නෙමි.
 
ඒ අනුව හින්දු විශ්වකෝෂයේ 12 වැනි වෙළුමේ සංස්කරණ ඇතුළත් නවතම මුද්‍රණය හින්දු පූජකතුමන්ලාට ප්‍රදානය කිරීම සඳහා මම එකතු වුණෙමි.
 
එහි දී මම අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ආචාර්ය සුරේන් රාඝවන්, අංගජන් රාමනාදන්, එම්. රාමේෂ්වරන් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහත්වරුන්ට ද සංකේතාත්මකව හින්දු විශ්වකෝෂයේ නව සංස්කරණය පිරිනැමුවෙමි.
 
ශ්‍රී ලංකාවේ හින්දු ආගමික කටයුතු විෂය භාර අමාත්‍යවරයා ලෙස මා ඉටුකරන සුවිශේෂී කාර්යයභාරය මෙහි දී හින්දු පූජකතුමන්ලාගේ ඇගයීමට ලක්විය.
 
මහා ශිව රාත්‍රී දිනය භක්තිමත්ව හා සෞඛ්‍යාරක්ෂිතව සැමරීම උදෙසා මාගේ උපදෙස් පරිදි තෝරාගත් හින්දු කෝවිල් 50කට රුපියල් 50 000ක බැගින් මූල්‍යාධාර ප්‍රදානය කිරීමේ සමාරම්භය ද මෙයට සමගාමීව පැවැත්විණි.
එහි දී කොළඹ ශ්‍රී කදිර්වේලායුධ ස්වාමි කෝවිලේ සභාපති කේ. රගුනාදන්, වරකපොළ ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේ භාරකරු බී.කෝමතී, හොරණ ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ සභාපති ආර්. කනේෂු මහත්ම මහත්මීන්ට මූල්‍යාධාර චෙක්පත් ප්‍රදානය කළෙමි.
 
මෙම අවස්ථාවට කොළඹ රාමක්‍රිෂ්ණා මිෂන් සභාපති ස්වාමි අග්‍රසරාත්මානන්ද මහරාජ්, සින්මයා මිෂන් සභාපති ස්වාමි ගුණාදීදානන්ද සරස්තී, අන්තර් ජාතික හින්දු ආගමික සංගමයේ ලේකම් හා ගරු අග්‍රාමාත්‍ය හින්දු කටයුතු සම්බන්ධීකාරක රාමචන්ද්‍ර කුරුක්කල් බාබු ෂර්මා, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ආචාර්ය සුරේන් රාඝවන්, අංගජන් රාමනාදන්, එම්. රාමේෂ්වරන් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂිකා ශාන්ති නාවුකරෂන්, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ. උමා මහේෂ්වරන්, ආචාර්ය ක. රගුබරන්, හින්දු සංස්කෘතික අරමුදලේ ගරු සාමාජික සී.ධනපාල මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
 
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ 
2021.03.09

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter