නවතම පුවත්

ලෝක බාලදක්ෂ දින සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදි ඊයේ පැවැත්විණි.

ලෝකයේ ළමයින් වෙනුවෙන් ඇති විශාලතම ස්වෙච්ඡා සංවිධානය බාලදක්ෂ ව්‍යාපාරයයි. රටවල් 172 ක කෝටි පහකට අධික ළමයි පිරිසක් එහි සාමාජිකත්වය දරති.

බාලදක්ෂයෙකුට ලැබිය හැකි ඉහළම සම්මානය ජනාධිපති බාලදක්ෂ පදක්කමයි. ජනාධිපති බාලදක්ෂ සහතික පත් ප්‍රදානය ද සිදුකෙරිණි. බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් ෆවල් සාමිවරයාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්විම හා සෑම දිස්ත්‍රික්කයකින්ම තෝරාගත් බාලදක්ෂයින්ට සම්මාන පිරිනැමිම ජනාධිපතිතුමා සිදු කළේය.

ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීිතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා ඇතුලු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ. පලාත් මට්ටමින්ද ඊයේ බාලදක්ෂ සැමරුම් වැඩසටහන් සංවිධාන කර තිබිණි.

ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ සහතිකපත් ප්රදානෝත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්රධානත්වයෙන් අද (22) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්විණි.
1979 අංක 45 දරන පාර්ලිමේන්තු පනත මඟින් ස්ථාපිත ජාතික වැවිලි කළමනාකරණ ආයතනය කුඩා වතු හිමියන් ඇතුළු වැවිලි ක්ෂේත්රයේ රැකියා නියුක්තිකයන්ගේ වෘත්තීය හැකියා ඉහළ නිපුණතාවකින් යුතුව පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් ක්රියාත්මක වේ.
සම්මන්ත්රණ, වැඩමුළු හා විභාග පැවැත්වීම සහ රාජ්ය හා පෞද්ගලික අංශයේ ආයතන සඳහා පර්යේෂණ හා උපදේශන සේවා සැපයීම ද ආයතනය මඟින් සිදු කෙරේ.
ශ්රී ලංකාවේ වැවිලි ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් කැප වූ වෘත්තිකයන් 10 දෙනෙකුට ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ ගෞරවනීය වෘත්තීයමය සාමාජිකත්වය, වැවිලි ක්ෂේත්රයට අදාළ වරලත් වෘත්තීය සාමාජිකත්වය 09 දෙනෙකුට, ආශ්රිත වෘත්තීය සාමාජිකත්වය 05 දෙනෙකුට ජනාධිපතිතුමා අතින් පිරිනැමිණ.
උසස් ඩිප්ලෝමාව 12 දෙනෙකුට, ඩිප්ලෝමාව 86 දෙනෙකුට සහ ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ පුහුණුව නිම කළ විද්යාර්ථයින් 224 දෙනෙකු වෙත සහතික පත් ප්රදානය ද මෙහිදී සිදු විය.
වැවිලි ක්ෂේත්රයේ ප්රගමනයට හතළිස් දෙවසරක් තුළ තාක්ෂණික දැනුම දෙමින් ජාතික වැවිලි කළමනාකරණ ආයතනය සිදු කළ සේවය ඇගයීමට ලක් කළ අමාත්ය රමේෂ් පතිරණ මහතා, නුදුරු අනාගතයේදී විශ්වවිද්යාලයක් ලෙස දැවැන්ත කාර්යභාරයකට මෙම ආයතනයට ඉඩ ප්රස්තාව හිමි වන බව සඳහන් කළේය. එය වැවිලි ක්ෂේත්රයට අදාළ මානව සම්පත මානව ප්රාග්ධනයක් ලෙස සංවර්ධනය කිරීමේ ගමන්මඟ විවර වීමක් බව අමාත්යවරයා පෙන්වා දුන්නේය.
පසුගිය දෙවසර තුළ ගුණාත්මක සහ ප්රමාණාත්මක ප්රතිඵල පෙන්වමින් සෙසු කර්මාන්තයන්ට සාපේක්ෂව වැවිලි ක්ෂේත්රය සුවිශේෂි ප්රගතියක් අත් කර ගත් බව රාජ්ය අමාත්ය කනක හේරත් මහතා පැවසීය. පසුගිය වසරේ මෙරට සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 12.5කි. ඉන් ඇමරිකානු ඩොලර් බිලියන 4ක් වැවිලි ක්ෂේත්රයෙන් හිමි ව තිබේ. 2021 වසර වැවිලි ක්ෂේත්රයේ ස්වර්ණමය කාලපරිච්ඡේදයක් ලෙස හැඳින්විය හැකි බව රාජ්ය අමාත්යවරයා සඳහන් කරනු ලැබී ය

 
රෝමයේ පිහිටි සංස්කෘතික දේපල සංරක්ෂණය හා ප්රතිසංස්කරණය සඳහා වූ අන්තර්ජාතික මධ්යස්ථානය (ICCROM) පිරිනමන ඉහළ ම සම්මානයෙන් පිදුම් ලැබූ ආචාර්ය ගාමිණී විජේසූරිය මහතාට උපහාර පිදීමේ උත්සවය ඊයේ (22) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
කීර්තිමත් වාස්තු විද්යාඥයෙක් හා පුරා විද්යාඥයෙක් වන ආචාර්ය ගාමිණී විජේසූරිය මහතා 20 වන සහ 21 වන සියවස්වල ලොව බිහි වූ උරුම කළමනාකරණය පිළිබඳ ජාත්යන්තර විශේෂඥයින් කිහිපදෙනා අතර සිටින විද්වතෙකි. ආචාර්ය ගාමිණී විජේසූරිය මහතා විසින් මෑතක දී රචිත අන්තර්ජාතික වශයෙන් ප්රකාශයට පත් වැදගත් ලේඛන ඇතුළත් ග්රන්ථ 05ක සිංහල පරිවර්තන කෘති ඒ මහතා විසින් මෙහිදී මා වෙත පිළිගන්වනු ලැබීය.
ලොව පුරා විවිධ අධ්යන ක්ෂේත්ර නියෝජනය කරමින් 1969 වසරේ සිට මේ දක්වා පිරිනමා ඇති ICCROM සම්මාන ගණන 50ක් පමණ වේ. ඉන් දකුණු ආසියාවට ම ලැබී ඇත්තේ සම්මාන තුනක් පමණක් වන අතර ශ්රී ලාංකිකයෙකු මෙම සම්මානයෙන් පිදුම් ලැබූවේ පළමු වතාවට ය.
කුරුණෑගල ඇස්සැද්දුම ග්රාමයේ උපන් ආචාර්ය ගාමිණි විජේසූරිය මහතා, නාගොල්ලාගොඩ මහා විද්යාලයෙන් සහ කොළඹ නාලන්දා විද්යාලයෙන් පාසල් අධ්යාපනය ලැබ මොරටුව විශ්වවිද්යාලයෙන් ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ විද්යාවේදී සහ විද්යාපති උපාධිය ලබමින් වරලත් වාස්තු විද්යාඥයෙක් ලෙස සිය වෘත්තීය ජීවිතයට මුල පුරා ඇත. එක්සත් රාජධානියේ යෝක් විශ්වවිද්යාලයෙන් පුරාවිද්යාව/උරුම කළමනාකරණය පිළිබඳ ශාස්ත්රපති උපාධිය ද, අමෙරිකා එක්සත් ජනපදයේ කානගී මෙලන් විශ්වවිද්යාලයෙන් ඉතිහාසය/සංරක්ෂණය පිළිබඳ තවත් ශාස්ත්රපති උපාධියක් ද හිමි කරගන්නා ආචාර්ය විජේසූරිය මහතා "පුරාණ ශ්රී ලංකාවේ භාවනාරාම" පිළිබඳ පර්යේෂණ නිබන්ධනය ඉදිරිපත් කරමින් සිය ආචාර්ය උපාධිය හිමි කරගෙන ඇත්තේ නෙදර්ලන්තයේ ලයිඩන් විශ්වවිද්යාලයෙනි.
ශ්රී ලංකා සංස්කෘතික ත්රිකෝණයේ ආරම්භක ව්යාපෘති කළමනාකරුවෙක් ලෙස පුරාවිද්යා ක්ෂේත්රයට එකතු වන විජේසූරිය මහතා නියෝජ්ය කොමසාරිස් (වාස්තුවිද්යා) හා අධ්යක්ෂ (වාස්තුවිද්යා සංරක්ෂණ) ලෙස වසර 18ක කාලයක් පුරාවිද්යා දෙපාර්තමේන්තුවෙි සේවය කරමින් ICCROM කාර්ය මණ්ඩලයට එක්ව ඇත්තේ එහි සේවයට එක් වන පළමු ආසියාතික වෘත්තිකයා ලෙසිනි.
පුරාවිද්යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග, මධ්යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය
පුරාවිද්යාඥ ගාමිණී රණසිංහ, ශ්රී ලංකා වාස්තු විද්යාඥයින්ගේ ආයතනයේ වාස්තු විද්යාඥ රසල් දන්දෙනිය, ශ්රී ලංකා ICOMOS ආයතනයේ නියෝජ්ය සභාපති ආචාර්ය බී.ඩී. නන්දදේව මහත්වරුන් වෙත ද මෙහි දී තිළිණ ප්රදානය කෙරිණි.
මෙම උපහාර පිදීමේ උත්සව අවස්ථාවට රාජ්ය අමාත්යවරු වන විදුර වික්රමනායක, ලොහාන් රත්වත්තේ, ඉතාලි තානාපතිනි රීටා ජුලියානා මැනෙල්ලා (Rita Giuliana Mannella), අග්රාමාත්ය ලේකම් අනුර දිසානායක, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, ජාතික උරුම, ප්රාසාංග කලා හා ග්රාමීය කලා ශිල්පී ප්රවර්ධන කටයුතු රාජ්ය අමාත්යාංශ ලේකම් නිශාන්ති ජයසිංහ, අග්රාමාත්ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, පුරාවිද්යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග, මධ්යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය පුරාවිද්යාඥ ගාමිණී රණසිංහ, ශ්රී ලංකා ICOMOS ආයතනයේ නියෝජ්ය සභාපති ආචාර්ය බී.ඩී. නන්දදේව, පුරාවිද්යා අධ්යන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ පුරාවිද්යාඥ ප්රසන්න බී. රත්නායක, ශ්රී ලංකා වාස්තු විද්යාඥයින්ගේ ආයතනයේ වාස්තු විද්යාඥ රසල් දන්දෙනිය යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.

මුතුරාජවෙළ තෙත්බිම සංරක්ෂණය සඳහා රජය විසින් ආරම්භ කර ඇති සංරක්ෂණ වැඩ පිළිවෙළට පරිසර අමාත්‍යාංශය විසින් මෙම වසර සඳහා රුපියල් මිලියන 100ක් ලබා දීමට තීරණය කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

හෙක්ටෙයාර් 6236කින් සමන්විත මුතුරාජවෙළ තෙත් බිම හෙක්ටෙයාර් 3168ක් මීගමුව කළපුව දක්වාත්, හෙක්ටෙයාර් 3068ක් වගුරුබිමකින් ද සමන්විතය. මුතුරාජවෙළ තෙත්බිම බොහෝ දෙනෙක් කොළඹ ජනතාවගේ පෙණහැල්ල ලෙස හදුන්වති. එයට හේතුව මෙම තෙත්බිම මගින් කොළඹ නගරයේ වායුදූෂණය අවම කිරීමට ලබා දෙන දායකත්වය මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ භූගත ජල ස්ථරය පෙරීමට ලක් කරන පෙරහණක් වශයෙන් ද කටයුතු කරන නිසාය.

දශක කිහිපයක් තිස්සේ නොයෙක් මානව ක්‍රියාකාරකම් හේතුවෙන් මුතුරාජවෙළ තෙත්බිම දූෂණයට හා විනාශයට ලක්විය. මේ සම්බන්ධව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මුතුරාජවෙළට ගොස් ඒ සම්බන්ධව පුද්ගලිකවම කරුණු සොයා බැලීය.එහිදී මුතුරාජවෙළ දූෂණයට ලක් කළ ඇතැම් කර්මාන්තශාලාවල පරිසර බලපත්‍ර පවා තහනම් කරනු ලැබීය. කෙසේ වුවද එහි ප්‍රතිපලයක් වශයෙන් මුතුරාජවෙළ පාරිසරික සංවේදී කලාපයක් ලෙස සංරක්ෂණය කිරීමට රජය තීරණය කළේය.

මෙම සංරක්ෂණ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කරනු ලබයි. මුතුරාජවෙළ සංරක්ෂණ කටයුතු සඳහා ඒකාබද්ධ කමිටුවක් පවා පත් කිරීමට රාජ්‍ය ගිණුම්කාරක සභාව විසින් පියවර ගත්තේය.

පරිසර අමාත්‍යාංශයට අයවැය මගින් ලබා දී ඇති රුපියල් මිලියන 2000න් රුපියල් මිලියන 100ක් මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණ කටයුතු වෙනුවෙන් 2022 වසර සඳහා ලබා දීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රේඩියෝ දඹාන ප්‍රජා ගුවන් විදුලිය අද සිය 12 වැනි සංවත්සරය සමරයි. සංස්ථාවේ වත්මන් සභාපති හඩ්සන් සමරසිංහ මහතාගේ සංකල්පයකට අනුව 2010 පෙබරවාරි 22 වැනිදා එම සේවය ආරම්භ කෙරිණි. ආදිවාසින්ගේ සම්ප්‍රදායට අනුව එහි ඉදිකළ නව ගුවන් විදුලි මැදිරිය 2016 පෙබරවාරි 11 වැනිදා විවෘත කෙරිණි. එෆ් එම් තරංග මාලා 97 යි දශම 6 ඔස්සේ දඹාන රේඩියෝ වැඩසටහන් ප්‍රචාරය කෙරේ. ආදිවාසී ජනතාවට තමන්ගේම භාෂාවෙන් ජනමාධ්‍යයක් පිහිටුවීමට ඇති අයිතිය සම්බන්ධයෙන් 2017 සැප්තැම්බර් 13 වැනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී සම්මත වු යෝජනාව ශ්‍රිී ලංකා ගුවන් විදුලි සංස්ථාව තහවුරු කිරීමක් ලෙස මෙම සේවය ආරම්භ කිරීම සැලකේ. ලක්ෂ 5 ක් පමණ වන ආදිවාසී ජනතාවගේ සන්නිවේදන අවශ්‍යතා ඉටු කිරීම දඹාන රේඩියෝවේ අරමුණයි.

පාර්ලිමේන්තුව අද රැස් වෙයි. නිෂ්පාදන ද්‍රව්‍ය තැරැව්කරුවන්ට බලපත්‍රදිමේ පනත යටතේ නියෝග සහ රබර් නැවත වගා කිරිමේ පනත යටතේ නියෝග විවාදයට ගෙන අද සම්මත කර ගැනීමට නියමිතයි.
අමාත්‍යංශයීය උපදේශක කාරක සභා ඇතුඵ කාරක සභා රැසක් මේ සතියේ රැස් වීමට නියමිතයි. ඒ අනුව බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශක කාරක සභාව , කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව හා වනජීවි හා වනසංරක්ෂණ කටයුතු පිළිබද අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව අද රැස් වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමක් ද අද සංවිධාන කර තිබේ.

ජාත්‍යන්තර භාෂා දින සැමරුම් උත්සවය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ නිදහස් චතුරශ්‍රයේදි පැවැත්විණි. එම අවස්ථාවට එක්වෙමින් ඇමති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ වාර්ගික සහජීවනය සදහා එම ජනවර්ග වලට අයත් භාෂාවන් පිළිබඳ මනා දැනිම රුකුලක් වන බවයි . එම උත්සවයේදි මව- මව් භාෂාව- මාතෘ භූමිය යන මැයෙන් පැවති තරගයේ ජයග්‍රාහකයින්ට සහතික පත් ප්‍රදානය ද සිදු කෙරිණි.

ජාතික සමගිය ගොඩ නැගීමේදී දේශපාලඥයාට වඩා වැඩි කාර්ය භාර්යයක් මාධ්‍යවේදියාට සහ කලාකරුවාට ඉටු කළහැකි බවත් එය ඉතිහාසය විසින් මේ වනවිට සනාථ කර ඇති බවත් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය .
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පෙබරවාරි 18 වෙනිදා යාපනය දිස්ත්‍රික් ප්‍රකාශන කාර්යාංශය විවෘත කිරීමෙන් අනතුරුව යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ වාර්තාකරුවන් සමඟ පැවති හමුවේ දී.
ආර්ථිකය පිළිබඳ හෝ අධ්‍යාපනය පිළිබඳ හෝ කුමන ආකාරයේ ගැටළුවක් මතු වුවද මෙරට ජාතික සමඟිය වැදගත්ම අංගය විය යුතු බව එම අවස්ථාවට පැමිණ සිටි ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හා වාර්තාකරුවන් අමතමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය .
වැඩිදුරටත් අදහස් දැක් වූ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ...
" ජාතික සමගිය ගොඩ නැගීමේදී දේශපාලඥයාට වඩා වැඩි කාර්ය භාර්යයක් මාධ්‍යවේදියාට සහ කලාකරුවාට කළ හැකියි . එය ඉතිහාසය විසින් ඔප්පු කරලා තියෙනවා . ප්‍රජාතන්ත්‍රවදී සීමාවන් තුළ විවේචන තියෙන්න පුළුවන් . උද්ඝෝෂණ තියෙන්න පුළුවන් , තර්ක විතර්ක විසංවාද තියෙන්න පුළුවන් . ඒවා ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණ විදිහට හදුන්වන්න පුළුවන්, එය කවදාවත් අපි අතර මිත්‍රත්වයට බාධාවක් කරගන්න එපා . විසංවාදය රටක ඉදිරි ගමනට අවශ්‍යයි . හැබැයි විසංවාදය අවසානයේ එකඟත්වයකට පැමිණිය යුතුයි .
සිංහල භාෂාව මව් භාෂාව කරගත් මාධ්‍යවේදියා දැනගත යුතුයි සහෝදර දෙමළ භාෂාව භාවිත කරන මාධ්‍යවේදියා කොහොමද කල්පනා කරන්නේ කියලා . ඒ සඳහා මාධ්‍යවේදී හුවමාරු වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා . ඒ වගේම ඉතා දියුණු මාධ්‍ය භාවිතයක් තියෙන තැනක් තමයි යාපනය කියන්නේ .ඒ ඇයි කියල දන්නවද , මේ ප්‍රදේශයේ විතරක් ප්‍රාදේශීය මුද්‍රිත මාධ්‍ය පහක් තියෙනවා . මේවගේ තැනක් ලංකාවේ වෙන කොහෙවත් නැහැ . ඒ වගේම භාෂණයේ නිදහස අපි ආරක්ෂා කළ යුතුයි . දැඩි නීති රීති මඟින් මාධ්‍ය පාලනය කරන්න පුළුවන් කියල මම කවදාවත් විශ්වාස කරන්නේ නැහැ . ඒකට ස්වයං නියාමනයක් අවශ්‍යයි . එය ඇති විය යුත්තේ අපි තුළමයි . "
ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය භාවය වැඩි දියුණු කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති ඇසි දිසි රක්ෂණාවරණය , ශ්‍රී ලංකාවේ ප්‍රථම වරලත් ජනමාධ්‍යවේදී ආයතනය පිහිටුවීම මෙන්ම ජනමාධ්‍යවේදීන් ඇගයීමේ ජනාධිපති සම්මාන උළෙල සම්බන්ධයෙන් ද ආමාත්‍යවරයා පැහැදිලි කළේය .
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා , පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපති යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් , පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේෂ් රාඝවන් , උතුරු පළාත් ප්‍රධාන ලේකම් එස් . එම් . සමන් බන්දුලසේන , රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක , යාපනය දිස්ත්‍රික් ලේකම් මහේෂන් යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම මාධ්‍යවේදී හමුවට සහභාගී වූහ .

අධ්‍යාපනයේ අනාගතය අන්තර්ජාලය පදනම් කර ගනිමින් ගොඩනැඟෙන බවත් ඒ සඳහා මෙරට සියලු පාසල් අන්තර්ජාල පහසුකම් මෙන්ම ඊට අවශ්‍ය මෙවලම් වලින් සන්නද්ධ කිරීමට ගත හැකි සෑම පියවරක්ම ආණ්ඩුව විසින් මේ වන විටත් රැගෙන ඇති බවත් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
යාපනය දිස්ත්‍රික්කයේ ඩෙල්ෆ්ට් සෛවප්‍රගාස විද්‍යාලයට අත්‍යවශ්‍යව තිබූ අන්තර්ජාල පහසුකම් ලැප්ටොප් පරිගණකයක් සහ උපාංග පරිත්‍යාග කිරීමේ උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය .
ගුරුවරුන් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම පාසලේ ළමුන් 68 දෙනෙකු අධ්‍යාපනය ලබන අතර ඔවුන්ගේ ඉදිරි අධ්‍යයන කටයුතු සඳහා මෙම පරිගණකය සහ උපාංග පරිත්‍යාග කෙරිණි.
මෙරට අධ්‍යාපන විෂමතාවය තුරන් කිරීම සඳහා සැවොම එක්වී කටයුතු කළ යුතු බව පැමිණ සිටි පිරිස අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේය .
ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ,
" ශ්‍රී ලංකාවේ ප්‍රාථමික ගුරුවරුන්ගෙන් 25%ක් සිටින්නේ නුපුහුණු ගුරුවරු . උතුරු පළාතේ පමණක් ප්‍රාථමික නුපුහුණු ගුරුවරුන් 53% ක් සිටිනවා . මේ විෂමතාවය තේරුම් ගැනීමට මීට වඩා උදාහරණ අවශ්‍ය නැහැ . මම අධ්‍යාපන ඇමති වෙලා ඉන්න කාලේ උතුරු පළාතේ අධ්‍යාපනය ගෙන සොයා බැලුවා . උතුරු පළාතටම තියෙන්නේ ජාතික පාසල් 22ක් බව එවිටයි දැනගත්තේ .ජනාධිපතිතුමාගේ පාසල් දහසක් ජාතික පාසල් බවට පත් කිරීමේ වැඩසටහනින් උතුරු පළාතේ ජාතික පාසල් සංඛ්‍යාව 76 දක්වා ඉහළ යනවා ,
ශ්‍රී ලංකාවේ පාසල් 10142ක් තියෙනවා , අන්තර්ජාල , තාක්ෂණික පහසුකම් හැම පාසලකටම ලබාදීම තමයි රජයේ අරමුණ වෙන්නේ . ඉදිරියේදී දූපුතුන්ගේ අධ්‍යාපනය රැදෙන්නේ අන්තර්ජාලය මතයි , ඒ නිසා එකට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් "
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභාපති , සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති , යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් , යාපනය දිස්ත්‍රික් ලේකම් මහේෂන් , අතිරේක දිස්ත්‍රික් ලේකම් එස් . ප්‍රදීපන් , රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක , සෛවප්‍රගාස විද්‍යාලයේ විදුහල්පතිනී අගිලාන් දේශ්වරී යන මහත්ම මහත්මීන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ .

ජනමාධ්‍ය ‍අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ ශ්‍රී ලංකා වෘත්තීය සන්නිවේදකයන්ගේ සංගමය අතර හමුවක් පසුගියදා ජනමාධ්‍ය අමාත්‍යංශ ‍ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .

මෙහීදී වෘත්තීය මට්ටමින් සන්නිවේදකයින් මෙන්ම මාධ්‍යවේදීන් බිහි කිරීම සඳහා විධිමත් අධ්‍යාපනයක් සමඟ පුහුණුවක් ලබා දීමේ වැදගත්කම හා අවශ්‍යතාවය කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණි.

ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා විසින් යෝජනා කරන ලදුව  කැබිනට් අනුමැතිය හිමි වූ , මෙරට ප්‍රථම වරට ආරම්භ කිරීමට නියමිත  ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනයේ ක්‍රියාකාරී ව්‍යූහය පිළිබඳව අමාත්‍යවරයා විසින් මෙහිදී සවිස්තරාත්මකව පැහැදිලි කරන ලදි. 

සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ව්‍යාජ තොරතුරු  නිසා ජනතාව අතර ඇතිවන අනවබෝධය තුරන් කිරීමට ශක්තිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු ආකාරය මෙන්ම එය ජනතාවගේ තොරතුරු දැනගැනීමේ මෙන්ම අදහස් ප්‍රකාශනයට ඇති අයිතියද සුරකෙමින් ක්‍රියාවට නංවන්නේ කෙසේද යන්න පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණි .

මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් අනුෂ පැල්පිට මහතා සහ ශ්‍රී ලංකා වෘත්තීය සන්නිවේදකයන් ගේ සංගමයේ සාමාජිකයින් සහභාගී වූහ.

චීනය සැබැවින්ම ශ්‍රී ලංකාවේ අවංක සුහද මිතුරෙකු බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා කියයි. එම මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යාම වත්මන් රජයේ අරමුණයි. චීනයේ වත්මන් ජනාධීපතිවරයා ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සදහා දක්වන දායකත්වය අගමැතිවරයා කෘතවේදීව සිහිපත් කරයි. ශ්‍රී ලංකා චීන රාජ්‍යතාන්ත්‍රික් සබඳතා ආරම්භවී වසර 65 ක් සපිරීම නිමිත්තෙන් කොළඹ ඊයේ පැවැති උත්සවයේදී අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඒ පිළිබඳව කරුණු දැක්වුහ

 

අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ක්‍රියාත්මක  "ඔබට ගෙයක් , සැමට හෙටක් " වැඩසටහනින් අදත්  මාතර දිස්ත්‍රික්කයේ  පවුල් තුනක් වෙත නිවාස ප්‍රදානය කිරීම ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අතින්  සිදුවිය .

ඒ අනුව ගංගොඩගම , උඩුපීල්ලේගොඩ හා  කිරින්ද මල්වතුගොඩ යන ග්‍රාම නිලධාරි වසම් වල පදිංචි අඩු ආදායම්ලාභී පවුල් තුනක්  වෙනුවෙන් ඉදිකරන ලද නිවාස අමාත්‍යවරයා විසින්  ප්‍රදානය කරන ලදී .

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter